2012/01/21

අද කාටුන් - 01- ලබ්බට තියපු අත පුහුලට නොතියද්ද?

එදා කිව්ව අලුත් වැඩේ ඔන්න කිව්ව විදිහටම අද පටන් ගත්තා.

මේ අනුව අද ඉඳලා හැම සෙනසුරාදාම අපේ සහෝදර බ්ලොග් කරුවෙක් අතින් ලියැවුනු ලිපියකට පොඩි පහේ කාටුන් එකක් යනවා මේ විදිහට.

වැඩි විස්තර එදා මම කිව්ව හින්දා ආයෙත් මෙතෙන්ට ඒවා ඕනේ නැ.

ඇත්තටම මේවා කාටුන්ද කියලා සමහරෙක්ට හිතෙන්න පුලුවන්. කාටුන් කියන්නෙ වෙනස්ම කලාවක් නොවැ. මටත් එහෙන් මෙහෙන් බලි කුරුට්ටක් ඇඳ ගන්ඩ පුලුවන් උනාට, ලොව පතල කාටුන් ශිල්පියො එක්ක ගද්දි අපි ලොවෙත් නෑ.

ඒක සලකලා කාටුන් කලාව ගැන හුඟක් දේවල් දන්න, ඒකට ආසා කරන කෙනෙක්ව මම මගේ උපදේශකයා කරගෙන තියෙන්නෙ. (පොරට නං තාම නිල වශයෙන් කිව්වෙත් නෑ) ඒ හින්දා බය නැතිව දිගටම එන්ඩ.

තව එකක්. ඕගොල්ල බ්ලොග් කියවගෙන යද්දි සිත්තරේකට හොඳයි කියලා හිතුනු රසවත් ලියමනක් තිබුනොත් ඒ ගැන මට ඔත්තුවක් දෙන්ඩත් අමතක කරන්න එපා.

අද කාටුන් එක

හාහා පුරා කියලා නමෝවිත්තියෙන් අද කාටුන් එක වෙන් වන්නෙ නවම් මාවතට. පහුගිය දවසක එතන තිබුනා රසබර කවි පංතියක්. මේ තියෙන්නෙ ඒක කියවද්දි මට හිතුන දේ.....!


ලොකු කරලා බලන්ඩ පින්තුරේ උඩ ක්ලික් කරන්ඩලා.

අනිත් දවස් වලට මේ වගේ විස්තර නෑ. කෙලින්ම කාටුන් එක විතරයි.

අදට කතාව ඉවරයි. දැං ඕගොල්ල කතා කරන වේලාව.

.....................................
-මීට විදෙස් සිත්තරා

61 ක් කියන්නේ !:

  1. ඉතිං බං කාටුන් එක විතරක් දැම්මහම අපි කොහොමෙයි දන්නෙ ඒක ඇන්දෙ කුමක් අරබයා, කුමන අවස්ථාවේ, කා වෙනුවෙන්ද කියලා..!!??

    ReplyDelete
    Replies
    1. කෙලිම්ම කාටුන් එක කිව්වට පොඩි වංගු දෙක තුනක් තියෙනවා. මම කිව්වෙ මේ වගේ වෙන වෙන කතා දාන්නැයි කියලා...(උපදේශකයො ගැන, කාටුන් කලාව කියන්නෙ අහවල් එකක්ද වගේ කතන්දර එදාට නෑ)

      :)

      Delete
  2. චා.... චොයි චොයි...... (මේ අර රතු පාටට පෙන්නෙ අමුඩ ලෙන්සුවද ඈ?)

    ReplyDelete
    Replies
    1. විනාඩි 5-10ක් බලං ඉදලත් මම දැක්කෙ දැන්නෙ....

      මේගොල්ලන්ට පේන දේ.... වල්....

      Delete
  3. හෙහ් හෙහ්. මරු පින්තූරෙ. අර නවමාද ඉන්නෙ. හපොයි. අන්න බත රොස් වෙනවා. අපිටත් පින්තූරයක් ඇඳලා දෙන්ටකෝ බුද්ධියෝ..

    ReplyDelete
    Replies
    1. අනිවා ඉතිං ඕගොල්ලන්ගෙ ඒවයේ සිත්තර තමයි මෙව්වයෙ වැටෙන්නෙ.... ළගදීම ඒකත් වෙයි බලාගෙන ඉන්ඩකො...

      Delete
  4. එළ කාටූන් එක..අමුඩ ලේන්සුව වෙන්ටෑ අර රතු පාටට එල්ලෙන්නේ....

    ReplyDelete
  5. කොහොමද නවම් අයියෑ පැණි පාට !!
    නෑනත් ඊට දෙවෙනි නෑ.

    ReplyDelete
  6. පස්ටයි පස්ටයි.. බත සරි කොරයි වගේ තමා නෑනත් එක්කලා :D

    ReplyDelete
  7. අපොයි! නවම් අයියාගේ තට්ටෙත් පැදිලා... නෑනාත් එක්ක බත් උයලම වෙන්න ඇති නේ? :D

    ReplyDelete
  8. අඩේ.. පස්ට මොඩ(ර්)න් නෑනෙක්නෙ බොල නවම්ට ඉන්නෙ!!!

    ReplyDelete
  9. පට්ට පට පට... නවම් අයිය පුහුලට අත තියනව කියන එක ඉර හඳ වගේ විස්වාසෙන් කියන්න පුළුවන් මේක දැක්කහම.. හිරමනේ උඩ නගින්න හදන්නෙ නවම් අයිය කොටයිද?..

    ReplyDelete
  10. නියමයි බුද්ධියෝ..

    ReplyDelete
  11. නවම්ගෙ පටි රෝල්. බත සර කරන්නත් ඉස්සර අර පෙණ දාලා තියෙන්නෙ. හැබෑටම මචං අර නවමාගේ සරම යටින් තියෙන්නෙ රතුපාට එක අර වෙනද තියෙන එකමද? මම ඇහැව්වෙ අමුඩෙමද කියලා. නෑනා නම් ඉතිං කෑල්ලට ඇඳලා තියෙන්නෙ. එළ

    ReplyDelete
  12. හරිම ලස්සනයි. කොහොමද මෙහෙම හැකියාවක් අගයන්නේ? ඔබ විශිෂ්ටයි. වෙන කියන්න දෙයක් නැහැ.

    නවම්,
    හාමිනේයි ඔබයි දෙන්නම මේ රූපෙ ඉල්ලලා රාමුකර ගන්න.

    ReplyDelete
    Replies
    1. ඔය ඉතිං වෙදන හදන්න මයෙ බත් කූපන් කාඩ් එකට කෙළවන්න. මායි නෑනයි ගෙදර උන්දැ නැති අල්ලපනල්ලෙ කුස්සියෙ මුකුළු කරන පින්තූරෙ රාමුකරල බිත්තියෙ එල්ලුවොත් හොඳට තියෙයි. බාගවෙලාවට ඊට එහාපැත්තෙ ඇනේ මාව එල්ලිලා ඉන්නත් බැරි නෑ.

      Delete
    2. කාල වරෙන්කෝ ඒකත් එහෙමෙයි. හෙක්.... හෙක්... ඔන්න ඊලඟ කාටුන් එක. නවම් බිතියේ ඇනේ එල්ලිලා ඉන්න හැටි.

      Delete
    3. ඔය පිංතූරෙ චූටි මැණිකෙ දැක්කොත් නවමට බිත්තියට තමයි ඇන ගහන්න වෙන්නෙ

      Delete
  13. නවමා ඇඟිලි දෙකෙන් මොකද්ද අර කරන්නේ..? වයින් කරනවද..? :D

    ReplyDelete
  14. මට කියන්නනං තියෙන්නේ එකම එක දෙයයි..උඹ නවම්ව දැකලා නැහැ කියලයි... එහෙම දැකලා තිබුනනං මෙච්චර මහන්සි වෙන්නේ නැහැ ඌව අඳින්න... අනික ඔය හැටි අමාරුත් නැහැ නවම්ව අඳින්න..දෙකෙ පංතියේ දරුවෙකුට කිව්ව උනත් ඇඳලා දෙයි සුටුස් ගාලා...මහ දෙයක්යෑ.. කෙලින් අතට ඉරක් ගැහැව්වා අතපය වලට ඉිරි ටිකක් ගහලා ඔළුව තියෙන තැනට පොඩි බින්දුවක් දැම්මනං ඇති.. ඒකත් හීනි පැන්සලකින්...

    පලි...
    නවම් මේ පැත්තේ ආවොත් කියහං අද මං බ්ලොග් බලන්නේතියා නෙට් පැත්තේවත් එන්නේ නැහැ කිව්වයි කියලා...

    ReplyDelete
    Replies
    1. අඩා කුණු මාරයා.. ගාල්ලෙ කොල්ලන්ට අනම් මනම් පාට් දාලා අහු වෙන්ඩෙපා ඇ.. ! දන්නවානෙ මේ ගාල්ලෙ උං හරී..:D

      Delete
    2. ආ වල් නැති කිරි සුදු හාවා මලේ..ඉතිං ඉතිං දැක්ක කල් නේද..?

      මෙන්න මෙහෙම දෙයක් තියෙනවනේ මලේ..එක එක පැතිවල මිනිස්සු ගැන කියනකොට ඒ ඒ පළාතට ආවේණීක ලක්ෂණ තියෙනවා.. උදාහරණයක් විදියට අපේ සිද්ඬාලේප මුදලාලිගේ තාත්තා වෙච්ච හෙන්ද්‍රික් සිල්වා හෙට්ටිගොඩ මහත්තයා තමුන්ගේ ජෝතිෂ්‍ය ග්‍රන්තයක මෙහෙම කියනවා...

      "දකුණු පළාතේ මිනිසෙකුගේ හැටි කොහොමදැයි ප්‍රශ්න කෙනෙකු කලහොත් ලැබෙන පිළීතුර මෙසේය...-නිර්භීත,කථාවෙහි බුහුටි,ඉගෙනීමෙහි දක්ෂ,වෙළඳාම් ආදී ව්‍යාපාරයන්හී යෙදී දේශදේශාන්තරයෙහි පවා සංචාරයට රුචි ධෛර්යමත් ශක්ති සම්පන්න දේහයකින් යුත් ආගමික ලබ්ධීයෙන් බැඳීඇති වහා යමක් අවබෝධ කරගැනීමෙහි සමත්ඕනෑම භයානක දේකට නොපසුබටව ඉදිරියට යන අයුක්තියේදී වහා කිපෙන දීප්තිමත් මනුෂ්‍යයෙක් යනුයි"

      හරිනේ තව ඕකේ තියෙනවා ඉස්සරහට ආයේ ඕන උනොත් ඒ ටිකත් දාන්නං දැනට මේ කතාවට ඒ ඇති..

      ඉතිං ෂුදු මල්ලියේ උඹලා දෙන්නම එක පළාතේ උනාට අපි කොහොමද ඔය වගේ එකම හැටියේ කියලා හදුන ගන්නේ.. පොඩ්ඩක් දෙන්නා එක තැනක තිබ්බොත් කොහොමද කියන්නේ එක පළාතේ හින්දා දෙන්නම එක වගේ කියලා...

      ඔන්න අවුරුද්දක් දෙකක් නවම් කොළුවට බොගේ පිගානේ කන්ට දීලවත් එක්ක ආවනං සමහර විට පොඩ්ඩක් විතර එක පළාතේ අයියලා කියලා පේන්ට තිබුනා...

      අන්න එහෙමවත් තිබුනනං මටත් තිබුනා නවම්ට මොනවා හරි කියද්දී පොඩ්ඩක් කල්පනා කරන්ට ආ මේ ගාල්ලේ කොල්ලෙක්නේ..අර බනියා වගේ නැතෑ කියලවත්..:D:D:D

      Delete
    3. මාරයා මලේ,
      මොනවා නැතත් හෙන්ද්‍රික් සිල්වා හෙට්ටිගොඩ මහත්තයා ඇත්තම කියලා තියනවා. එහෙනම් හරි දැන් වලි නැහැ. අපි එහෙමයි.

      Delete
    4. හප්පච්චියේ.. මේ යකා මයෙ අමුඩෙත් ගැලෙව්ව නෙද සබාව මැද්දෙම. ඉතිං කෑවත් හිත්දෙයිද මං අහන්නෙ..

      Delete
    5. මාරයියේ.......... ඇයි අර ඇස් ගෙඩි දෙක ඉස්සරහා තියෙන කම්බි රවුං දෙක‍............. :)

      Delete
  15. කියල වැඩක් නෑ බුද්ධි අයියේ.... ඒ හිංදා කියල වැඩක් නෑ...!!

    ReplyDelete
  16. නවම් කැමති නෑනට
    නැනා කැමති කාටද ?

    ReplyDelete
  17. අර නවම්ගෙ අතේ තියෙන්නෙ මොකක්ඩ ? ටොයිලට් හෝදන බ්‍රශ් එකක් නේද ? ඊයා..!

    ReplyDelete
    Replies
    1. උඹට කියන්නෙ බනිය මල්ලියේ එවෙලෙ මං උන්නෙ කකුස්සිය හෝද හෝද, එකපාරටම මේකි බෙරිහන්දෙන්න තියාගත්තනෙව කුස්සියෙ ඉඳං. දුවල ඇවිල්ල බැලින්නං මේ දිමියෙක් කාල. ඔය මං ඌ අහක්කරන්න හදනගමං

      Delete
  18. හික්ස් නවමගේ ආකාරේ,,මරු මරු

    ReplyDelete
  19. මරේ මරු .. අද තමයි ඔන්න නවම් අයියව හරියට නෙත් පුරා දැකගත්තේ ..

    ReplyDelete
  20. අඩේ බුද්ධියා... මීට වඩා නරකද ‍තෝ මාව කෑවනං. දැං බලහං මං කොහොමෙයි රෙද්දක් ඇඳං පාරක බැහැල යන්නෙ. ඊටත් බලාපංකො මගෙ කැත තට්ටෙත් පෑදිලා. උඹෙ සිත්තර හැකියාවනං හරිම දුරුවලයි බං. චිහ් ! ඊටත් අර අහවල් දෙයක්ද බං කැහැපොට ගහපු සරංකෙටිය අස්සෙන් එල්ලෙන්නෙ, අඳෝමැයි බං.

    ප.ලි :

    උඩිං මං බොරුවට කෑහහුවට මං මනාපයි බං. කවුද හිතුවෙ මගෙ වචන ටිකකට උඹෙ ණිර්මාණාත්මක මෙව්වා එක මෙච්චරටම අවදිවෙයිය කියල. නෑනා නං ආයෙ නෑ ඉටිකිරිස් විදියට ඇඳල තියනව. වේලපහ දන්නවනං සෘංගාර මාත්‍රාව ඩිංගිත්තක් වැඩි කොරන්න තිබුන, එහෙම හැබැයි එහෙම උනානං උඹෙ හැඟීම් ඉහවහා ගොහිල්ල අඳින සිත්තරේට කො‍ටු දාන්න වෙයිද මංදා... මක්කා උනත් තැංකූ බං.

    ReplyDelete
  21. .
    ඉඳහිටනේ යන්නෙ අක්කන්ඩිත් ගමට
    අම්මා අප්පච්චි බලන්නටනේ සොඳට
    හොර ගල් අහුලමින් ඉඳලා යනකම් යසට
    එන්නට එපා මටනම් ඉන්නට බැහැ ගඳට

    ReplyDelete
  22. අඩේ මට නවම්ගේ කවි පංතිය වැටහුනේ නැහැනේ. හෙට අනිද්දා දිහාට ආයේත් කියවලා බලන්ට වෙනවා. හැබැයි මේ චිත්තරේ නං වැටහුනා........ නෑනත් එක්ක බත සරි කරන හැටි...... හද්දෙයියනේ මෙහෙම එව්වා කරන්ට හොඳද ඈ....... වෙලාවට මේ දවස් වල බුද්ධිලැයේ දිහා උයන්නේ කාලාහ මාරා කියලා පිරිමි කෝකියෙක්නේ...... ඒක නිසා අවුලක් නැහැ වගේ.... :D

    ReplyDelete
  23. චිත්තරේ මරු බුද්ධි... අර නෑනව නියම තාලෙට ඇඳල තියෙනව...

    ReplyDelete
  24. අයිස් අප්පා..... එලම කිරි.... නවම් අය්යාව නම් දැකලා නැ... මේ කථාව කියවලාත් නැ,.. ඒත් වෙලා තියන දේ හොදහැටි තේරුම් ගත්තා.. නියමයි බුද්දි අය්යේ....

    @නවම් අය්යා: දැන් නම් ඉතින් චිත්ත තමා අදින්න වෙන්නේ.... පටි රෝල් ඇ

    ReplyDelete
  25. නවම්ගේ නෑන පොඩ්ඩනම් එළ කිරි ටිකට ඇඳලා තියෙනවා..
    නවම් ලොක්කගේ හැටි දැක්කට පස්සෙ මට අර පිලේ පැදුර බ්ලොග් එක ලියන උන්නැහේ ව තමයි මතක් උනේ...
    නවම් කියන්නේ උන්නැහේගේ නෑ කෙනෙක්ද...:))

    ReplyDelete
  26. කතාව මේ ගමන් ම කියවන්න ඕන!කාටූන් එක නම් මරේ මරු!

    ReplyDelete
  27. නෑ කමට නෑනා...
    නැති කමට ඇන්නා...

    ReplyDelete
  28. අඩේ බුද්ධි අයියේ පට්ට කාටුම ඈ .. :D
    @ නවම් දිමියටත් කන්න වෙන තැනක් තිබ්බෙම නැති හැටි.ලොල්

    ReplyDelete
  29. නවමගෙ කාඩ් එක රෙද්ද පල්ලෙං එල්ලෙනව :D

    ReplyDelete
  30. මටත් නවම් ගෙ කවි ටික තේරුනේ නෑ හැබැයි මේ සිත්තරේ නං තේරුණා! :D

    ReplyDelete
  31. වැඩේ නැගලම යන්නෙ! දැනුයි කවියට නියම අර්ථය ලැබුනෙ.

    henryblogwalker the Dude

    ReplyDelete
  32. හික්zz... නියමයි ..නවම් ගේ කවියට ඔබින කාර්ටූන් එක..

    ReplyDelete
  33. බුද්දිගේ සිත්තරේ කවදත් ලස්සන නේද...
    දැන් දැන් අමුතු වැඩ බුද්දිත් කරනවාද...
    සයිබර් යාය පැත්තට එන්නත් බයද...
    ලබ්බට තැබූ අත පුහුලට නොතියයිද...

    ReplyDelete
  34. ශෝයි පින්තූරෙ අප්පා..මල් හතයි ඈ...

    ReplyDelete
  35. හික් හික් හෆොයි නවම් අයියාට වෙච්චි දේ...

    ReplyDelete
  36. පලවෙනි ටිකට් එක නවම් අයියට ඇදිලා....:ඩී දැන් ඉතින් කස්ටියට පරෙස්සම් වෙන්න වෙයි.

    ReplyDelete
  37. මරේ මරු.... ඔහොම යං.. තව ඉස්සරහට මොන මොනව එලියට එයිද දන්නේ නෑ ...

    ReplyDelete
  38. මං හිතන් හිටියේ නවම් කියන්නේ කොල්ලෙක් කියලා

    ReplyDelete
  39. නවම් මලේ . . එල්ලෙන්න වැලක් හොයා ගන් . . ..

    ReplyDelete
  40. පින්තූරේ නම් පස්ට සිරා බුද්දියෝ . . .. උපරිමයි . . . .
    ඇඟ කිලිපොලා යන සටන් වලට සැරසීම, ත්‍රාසජනක පෙම් ජවනිකා, උද්වේගකර කොමල සිනා, ආදිය බලන් හිටියා වගේ ඇඳලා තිබේ . . .

    ReplyDelete
  41. කාලයකින් බ්ලොග් තිය කිසිම දෙයක ගැවසුනේ නේ නෑ... කොහෙද මේ නීවාඩුයි අරවයි මේවයි පස්සේ දුවලා වෙහෙස නිවාගෙන ගෙදර ඇවිත් මම මේ දවස් වල හැල්මේ දුවනවා ආපහු අර පරණ ට්‍රැක් එකේම...
    සිත්තම ගැන කියන්න දෙයක් නෑ බුද්දි. මට හිතෙන්නේ ඔයාගේ හැකියාවන් එක්ක ඔයා ඉන්න ඕනේ තැන නෙමෙයි ඉන්නේ. ඇත්තෙන්ම මම ඔයාගැන දන්නේ නෑ. ඒත් එහෙම හිතුනා.
    මේ වගේ සුපිරි කොලිටීස් තියෙන තවත් එක්කෙනයි මම දන්නේ මෙහෙම අඳින. ඒ හරේ. කාටේසියන්
    සුභක් ම වේවා...

    ReplyDelete
  42. කියලා වැඩක් නැහැ තොරණෙ විස්තරේ......

    ReplyDelete
  43. පළමුවෙන් ම මම බුද්ධිට ආඥා කර සිටිනවා වහා ම ග්‍රැෆික් ටැබ්ලට් එකක් අර ගන්ට ය කියල. "වැකොම් බැම්බූ පෙන්" එකක් මහ ගානකුත් නෙමෙයිනෙ රු. 10,000ක් විතර වෙයි. ඒකටත් ලොකු ඩිස්කවුන්ට් එකකුත් අරං ම දෙන්නංකෝ..!!
    දෙවනු ව සිත්තරේ අගය කරමි..
    තෙවනු ව, කොමෙන්ටු කියවා ලද මානසික සුවය වෙන්ුවෙන් සියල්ලන්ට ම ස්තූති කර සිටිමි. ඒ අවස්ථාව උදා කර දුන් බුද්ධිට ද ඒ ආහ්ලාදය ම විඳින්නට ලැබේවා කියා පතමි..!!

    ReplyDelete
  44. සියලු දෙනාටම ස්තුතියි. හාහා පුරා කියලා පටන් ගත්තු වැඩේට දුන්නු සහයෝගෙට.

    කමෙන්ට් ගැන ඉතිං අමුතුවෙන් කියන්න ඕනේ නැනේ... කමෙන්ට් වැඩිවෙන තරමට කික් එක වැඩියි. ඒ කික් එකෙන් තමා ඉදිරිවැඩ කරන්න හොඳ කික් එකක් ලැබෙන්නෙ.

    විශේෂයෙන් කියන්න තියෙන්නෙ නවම්ගෙ අඹුඩ ලේන්සුව හැමෝගෙම වගේ නෙත ගැටිලා තියෙනවා. ඒක මම හිතපු දෙයක්. ඒ කියන්නෙ සිත්තරෙ හොඳට බලලා තියෙනවා කියලා ඒකෙන් තේරෙනවා.

    ඉදිරියේදීත් මේ වැඩේට ෆුල් මෙව්වා එක දෙයි කියලා හිතනවා.

    සතියෙ දින වල වැටෙන පෝස්ට් එකකින් නැවත හමුවෙමු.

    එදාට මම හැමෝටම වෙන වෙනම උත්තර බඳිනවා.

    ReplyDelete
  45. ෂෘහ් සුපිරිම සුපිරි ආයේ කියන්න දෙයක් නෑ අයියේ විශිෂ්ඨයි චිත්‍ර කතාවකුත් පලවෙන තුරු මග බලාගෙන සිටිමි....ජය වේවා

    ReplyDelete
  46. මම ආසම අර අතේ ඇඟිලි ටික කිඹුලා වගේ හදන් ඉන්න එකට. හිකිස්ය.. හොඳටම හිකිස්ය

    ReplyDelete
  47. ස්තුතියි ස්තුතියි - පරක්කු වූ කස්ටියටත්. ඹබා මාමාත් පරක්කු වෙලා ඇවිල්ලා තියෙන්නෙ

    ReplyDelete

ඔබේ පංගුව...

...................................................................

Related Posts Plugin for WordPress, Blogger...