2012/01/24

මචං, උඔල ආවේ පෝස්ට් එකක් කියවන්නද බං? - මචං, ඒව මුකුත් අද නං නෑ අනේ සොරි මචං......!

මචං, උඔල ආවේ පෝස්ට් එකක් කියවන්නද බං

මචං, සිත්තරයක් බලලා යන්ඩ එහෙම නේ මචං
මචං, ඒව මුකුත් අද නං නෑ අනේ සොරි මචං
මචං, අවනඩුවක් කියන්නෙ අද අහගල්ලා බං!

මචං, අක්කලා, අයියාලා, නංගිලා, මල්ලිලා මදිනං
මචං, දරුවො එක්ක පවුලෙ සැමට පේලියට සිටං
මචං, කියවන්නට ආ සැම මේ ලෙස පිළිගනිමිං
මචං, ආපු සැමට "ගුඩ්මෝනිං" ඔක්කොටම කලිං!

මචං, මෙහෙම දෙයක් මේ ලෝකේ තියෙනවාලු බං
මචං, සිංදු කියන්නට, නළුකම, සිත්තර බැරිනං
මචං, කඳු නගින්න, කාර් රේස් වලට වගේ බං
මචං, පෙර පිං අනුවලු ඒවා පිහිටන්නෙ බං


මචං, එහෙම බලනකොට මේ මොන කෙංගෙඩියද බං
මචං, සිංදු සිත්තරේ බැරිනං බ්ලොග් පෝස්ට් වලිං
මචං, නළුකම බෑ කිව්වට ඔය තැං තැං ඔල නං
මචං, රඟපාලා ජාමේ උනත් බේරගත්තා මං

මචං, කිව්වට අහපං මං මේ කියන්නෙ "ට්රූ" බං
මචං, පාරේ පොලෝසියෙන් නැතුව වාහන අඩුනං
මචං, නෝමල් පාරෙ දෙසීය කිට්ටු කරලා දැං
මචං, වාහනයත් ගෙනියනවා ගේමක් නෑ බං

මචං, ඒ කාලේ ඉස්කෝලෙ එළ කොල්ලෙකි මං
මචං, ඉදලා හිටලා ඉස්කෝලෙ කට් කෙරුවටනං
මචං, චිත්‍ර, පරිසරේ, විද්‍යා, සංගීතෙ ගණං
මචං, ඉගෙන ගත්තා ඒ වගේම ලකුණුත් හොඳනං!

මචං, පොර ටෝකක් නෙමේ මචං මේක සිරා බං
මචං, ඒ කාලේ මං එළකිරි ක්‍රීඩකයෙකි බං
මචං, ඕල් අයිලන්ඩ් කප් ගැහුවේ එක පිට එක මං
මචං, මතක් වෙද්දි මයිල් ටිකත් කෙලින් වෙනවා දැං

මචං, හිතන්ඩෙපා නයෙක් කියලා මේ සත්තයි බං
මචං, මුතුඇටයේ හමුදාවේ හිටිය එකෙක් මං
මචං, රට වෙනුවෙන් ඕනදෙයක් වුනදෙන් සිතමිං
මචං, ඉදිරියට ගියේ වෙඩිල්ල පයිසෙට සිතමිං

මචං, ඒ කාලේ හොඳට වේට්ස් කරපු එකා මං
මචං, මේ කාලෙත් යමක් කමක් කර ගත්තැකි බං
මචං, මොනා කලත් එකම දෙයක් මක්කරලත් බං
මචං, කරන්න බෑ කියපල්ලකො ඒ ඇයි මට බං?

මචං, කවි පංතියකට දවසක් කමෙන්ට් කලේ මං
මචං, ඒ ගද්‍යයෙන් තමා ඉතිං පද්‍ය බැහැනෙ බං
මචං, අනිත් එව්වො කමෙන්ට් කලේ පදවැල් හතරෙං
මචං, කවි බ්ලොග් වල කමෙන්ට් කරලා ලැජ්ජා උනා මං

මචං, සිත්තරයක් පෝස්ට් එකක් දාන එකා මං
මචං, ඉදලා හිටලා පොටෝවකුත් ඇල්ලියැහැකි බං
මචං, ඒවා මොනා කලත් මචං ඉටිකිරිස් ලෙසිං
මචං, ලියන්න බෑ රස කවි වැල් මක්කරලත් නං!

මචං, හතර පදේ ගලපන්නට හෙන ගේමක් මං
මචං, දෙන හැටි දැක්කොත් උඔලා එකත් එකට නං
මචං, "බුද්ධියා පව් අර බලපං" කියලා සිතමිං
මචං, උඔලා දුක්වෙනව ශුවර් බොරුනං බලපං

මචං, බ්ලොග්කාරියො කවි ලියනව අම්බානක දැං
මචං, කොල්ලොත් දැං එකා දෙන්නා කවියට බරනං
මචං, මමත් යමක් කරන්නෙපැයි මේක කොරන කං
මචං, ඒකයි මට මෙව්වා උනේ අම්මපල්ලා බං

මචං, ගඟක් ගලා යනවා වගේ අදහස් එනකං
මචං, පල්ලමේදී බයික් එකත් ඔටෝ යනවනං
මචං, වැල මදුලක් බහින ලෙසින් උගුරෙන් පල්ලං
මචං, කවියට අදහස් එන්නෑ ඒ මක්කෙයි බං?

මචං, උඔලා ඇවිල්ලා මාගේ මිත්තරයොනෙ බං
මචං, කෙල්ලො කොල්ලො කියලා ඒකේ වෙනසක් නැත්තං
මචං, යන්න එපා අද ලිස්සල නොදැක්ක විලසිං
මචං, උත්තරයක් දීලා යමං පිං දෙන්නං මං!!!

...............
- මීට
ඔබට ලැදි හිතවතා
ඔන්ලයින් යාලුවා
පැන්ස දෙකේ හංසයා
යුරො දෙකේ වීරයා

99 ක් කියන්නේ !:

  1. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. වචනයක් වැරදිලා
      කමෙන්ට් එක නැතිවෙලා
      හැක් හැක්

      Delete
  2. මචං,මේ මොන හුන්නස්ගිරියක්ද බං

    ReplyDelete
    Replies
    1. මේ වැනීමක් නෙ තියෙන්නෙ.... දැං ජනප්‍රිය ක්‍රමේ ඕකයි

      Delete
  3. දියලණු ලිහා අමුඩය රෙදි වැලේ වනා
    හොඳ පටි ජොකෙක් ඇඳ කුට්ටම රකිනු නියා
    පින්සල බිමතියා කයිපද කරේ තියා
    මඩුවට බහී කවි කවි කෙ‍ටුමට මෙන්න මෙයා

    ReplyDelete
    Replies
    1. හුටා ! අන්තිම පදේ කවි කවි කියල ඩබල් වෙලා, අනේ එකක් අහක් කරපං, නැත්තං අජූවයි

      Delete
    2. බොලා කමෙන්ට් කරන්ඩ හදිස්සි වෙලා.... ඒකයි ඒක පෙනිලා නැත්තෙ. හැම වැඩේම මෙහෙමද? ටොපිය තියෙන්නෙ හපලා කන්ඩ නෙමේයි සූප්පන්ඩ කියලා අහල නැද්ද ඒ කාලේ

      Delete
  4. මචං, කිව්වේ කවුද බැහැයි කියා කවි ලියන්න බන්
    මචං, එළිසම නැති කවි අතරේ එළිබහිනා උන්
    මචං, ලියා තිබේ නිසි ලෙස පද හරිම රසයි බන්
    මචං, අරින්නේපා නාන් නැතුව දිගටම ලියපන්

    ReplyDelete
    Replies
    1. එහෙමයි එහෙමයි දේශප්‍රේමියා :D

      Delete
  5. මචං, මරු කවි ටික බං.

    ReplyDelete
    Replies
    1. දන්නවනේ ප්‍රසා... කොල්ලගෙ හැටි

      Delete
  6. කවි ලියන්න බෑ කියලා
    කිව්වට විලාප ගහලා
    ඔය තියෙන්නෙ කවි ලියලා
    කතරට මල් වැහි වැටිලා..

    ReplyDelete
    Replies
    1. සිඟිති කවිය ලක්ෂණයි
      ඒකෙන් මට කික් එකයි
      උන්ගෙ කරේ බොත්තමයි
      බලන්න හරි ලශ්ශණයි :D

      Delete
    2. ඈ බං එතකොට අර අඹ රඹුටන් ගස් වලට මොකද වෙන්නෙ

      Delete
  7. මචං, එළ මචං..මගෙත් කවි සංකල්පනා සක්තිය බොහෝම අඩුයි සහෝ....

    ReplyDelete
    Replies
    1. පිහිටන්ඩ ඕනෙලු.... පිහිටලා නැති උන් සතත අබ්‍යාස කරන්ඩ ඕනෙලු. වෙලාව තිබුනොත් කරලා බලන්ඩකො... මටත් ඕක ලියන්ඩ හෙන වෙලාවක් ගියා.... ඒත් කවිකම කියන්නෙ මේක නෙමේ.... සිටි සිටි ගාලා පදවැල් වෑහෙනවා නියම කවියන්ගෙන් :D

      Delete
  8. ෂල ලලලා අද අපිලට නිවාඩුනේ බං
    නොතියා අලාම් එකත් එලිය වැටෙන කං
    නිදාගෙන සන්තෝසෙන් නැගිටපු හැටියෙං
    කියෙව්ව උඹේ බ්ලොග් පෝස්ටෙක කට ඇරගෙන මං

    මොන මගුලක්ද යකෝ මේ කියන්නෙ බං
    මට නං මෙලෝ දෙයක් තේරුන්නෑ ඕං
    යම් දේකට උඹ මට බනිනවා වත්ද බං
    දැම්මවත්ද මොනවත් උඹේ ඩ්‍රිංක් එකට උං?

    මේ මෑතකදි ඉඳලා කවි කියලා හිතන ඒවා ලියන
    කයියට L බෝඩ් ධාරී,

    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. මුන ‍හොදගෙන, දත් මැදලා තේ කෝප්පෙ බීබී කියවහං. මුල ටික තියෙන්නෙ වැනිල්ලක්... ඉතුරු ටික තේරෙන්නැලු... මෙච්චර කාරණා කරණාා දන්න එකා

      Delete
  9. මේක නම් මාරම පෝස්ට් එකක්. හොදයි බලමු නැවත වරක් කියවලා. බලත්දි සිත්තර කමටම ගැලපෙන කවිකාරකමත් සාරයිනෙ.

    ReplyDelete
    Replies
    1. හික්... හික්... වෙදමහත්තයා මට විහිලු කරනවා

      Delete
  10. මචං, කැමති ම නං මචං කෑල්ල හලලා කියවපං

    බුද්ධි මොකද හැබෑටම වුනේ? රබානකුත් අරං කිව්වා නං අගේ කියලා නිමක් නැහැ නේ. ලස්සන කවි පංතිය

    ReplyDelete
    Replies
    1. මං හිතාගෙන ඉන්නෙ රාගම ස්ටේසමේ මේක කියන්ඩ කියලා ච යන්න වෙනුවට ඥ යන්න දාලා

      Delete
  11. //මචං, හිතන්ඩෙපා නයෙක් කියලා මේ සත්තයි බං//
    මේක දැකල නම් හිනා ගියා..

    වෙනස් වැඩක්..ඔහොම යං..

    ReplyDelete
    Replies
    1. රූ..... මේ චක්කර නංගිගෙ අක්කා නෙමේ එතකොට නේ... මේ කව්ද කොහෙද ඉන්නෙ ඔයා... තාම අලුත්නෙ ඒකයි ඇහැව්වෙ :P

      Delete
  12. සිත්තරා...
    කවි කරා ..
    සිත් පුරා ..
    සිනහ ලා ...

    මල්ලි , මුලින් comment එක delete කළා අකුරු මාරුවක් තිබුණ නිසා ..

    ReplyDelete
    Replies
    1. ආ.... මේතියෙන්නෙ හරියට ලියලා... ඉෂ්ථුතියි අයියණ්ඩි කමෙන්ට් එකට

      Delete
  13. පෝස්ට් නැතත් චිත්තරයක් ඇති කියලා මං
    තකහනියක් දුවන් ආවෙ හිනැහෙන්න උදෙන්
    මොන යකාද ගැහුවෙ මූට කියලා සිතමින්
    මම යනවා මචං, මෙමට කවි නම් අරහං

    ReplyDelete
    Replies
    1. හරි හරි සෙනසුරාදා වරෙන් සිත්තර බලන්ඩ

      Delete
  14. හතර පදේ ගැට ගහන්න අමාරු නෑ මචං
    හැමදාමත් මේ වගෙ කවි තව ලියපං මචං
    මාත්තරා එළිසම ටික හදාගනින් මචං
    මාස හයෙන් උඹ කවියෙක් වෙනව ෂුවර් මචං

    ReplyDelete
  15. මචං කෑල්ල දැම්මෙ අහවල් එකකටද????

    ReplyDelete
    Replies
    1. ඹව්! :P

      මොකෝ බුද්ධි අඹ බව්........ :D

      Delete
    2. ඉන්දික මැනි තැන්ක්ස්.... රන්දිල් වැරදි බටන් එක පැගිලා තියෙන්නෙ

      Delete
  16. මෙකෙත් පොඩි ගතියක් තියනවා

    ReplyDelete
  17. බුද්ධියා පව්! හික්.

    ReplyDelete
    Replies
    1. අන්න නියමෙට තේරුං ගත්තු මිනිස්සු

      Delete
  18. මචං, බුද්දි අයියෙ උඹ වගේම පොරක් තමා මං
    මචං, කවි ලිවෝත් අල වගේලු හැඩයක් නැ බං
    මචං, මක් කරම්ද අපි ලබාඋපං හැටියනේමේ බං
    මචං, මඩක් ගහං ආතල් එකෙ ලියං ඉදිමු බං !!

    පවු බං හාවා :D

    ReplyDelete
    Replies
    1. බුද්ධි පවු . . .
      හාව පවූවූවූවූ . . . .!!!

      Delete
    2. බනියා ඉතරයි ඇත්ත කතා කරන්නෙ....

      ඕන මැන්ටල් ටත් මට හිතෙන්නෙ කවි බෑ. නැත්තං මෙහෙම ලිස්සලා යයි යෑ

      Delete
  19. එළිසමය එළිවැට ඕව ගලපලා නියමෙට ලියල තියෙන්නේ...
    හැබැයි මොකක් ගැනද කියල මම ටිකක් හොල්මන්... :D

    ReplyDelete
    Replies
    1. ඇයි අනේ මාව වනා ගත්තට පස්සෙ ප්‍රස්නාර්ථයක් දාලාම තියෙන්නෙ... අනේ මන්දා දැං හැදෙන ගැල්ලමයි.....

      Delete
  20. අනේ අයියේ.. කවි ලියන්න නම් මටත් බෑ.. ඒත් ඔය අයියා බෑ කියුවට ලස්සනට ලියල තියෙන්නෙ. මරු නේ.. මෙහෙම කවියක් මගේ ජීවිතේටම කියවල නෑ..

    ReplyDelete
    Replies
    1. මෙහෙම කවියක් මගේ ජීවිතේටම කියවල නෑ..///
      අර හෝටලේකට ගිහිං මෙහෙම කෑමක් මම කවදාවත් කාලා නෑ කිව්ව කතාව මතක් උනා මේක කියෝලා.... කවි ලියන්ඩ මටත් බෑ... ඔක ලියන්න දුන්නු ගේම දන්නෙ මමයි ලැපයි විතරයි හි...හි..

      Delete
  21. මචං මටත් කයි බෑ බන්
    මචං ඒ උනාට උබේ වැඩේ හරි බන්
    මචං උබ හිමාලයත් නැග්ගද බන්
    මචං ඇත්තටම උබ හරි වැඩ කාරයෙක් නේ බන්

    ReplyDelete
    Replies
    1. හෙක්...... අන්න එහෙම තමා ඉන්ට ඕනෙ.. ගමේ එකෙක් වැඩක් කලාම උපරිම බැකප් එක දෙන්ට ඕනැ....!

      Delete
  22. මචං දැන්නම් වෙලාවක් නෑ මොකවත් කියන්න
    මචං යන්නම් අපුර වැඩ සටහන් කරන්න
    මචං එන්නම් පුළුවන් වුනොත් මගදින් බලන්න
    මචං දෙන්නම් එතනදිම බොගේ බඩ පිරෙන්න

    ReplyDelete
    Replies
    1. හෙන ලොකු ටෝක් දීගෙන පාරට බැස්සත්
      මඟදි කැලැන්ඩරයක් දෙන්නං කිව්වත්
      කෝල් එකක් දී හමුවෙන්නම් කිව්වත්
      අන්තිමේ පොලු තිබ්බනේ මේ ගොයියත්

      Delete
    2. ඔය කරලා තියෙන්නෙ

      Delete
  23. .
    කවියට සිත ගිහින් වාගේ ඒපාර
    සරළයි සුන්දරයි ඔබගේ කවිසාර
    බුද්ධි ඔයා හරි හපනෙකි හැඩකාර
    කව්දෝ කැපුවෙ සරසවියට යන පාර

    ReplyDelete
    Replies
    1. කැපුවේ බැකෝවෙන් සරසවි යන පාර
      බුද්ධියා ගොහින් නොවැ ඇතිරුවෙ එහි තාර
      එන හැටි හොඳ නැතෝ මූ දැන් කවි කාර
      දෙන්නට යන්නෙ පද හතරෙන් මඩ පාර

      Delete
  24. මචං,මේ මොන හුන්නස්ගිරියක්ද බං ?
    මචං මචං මචං මචං මචං මචං මචං මචං මචං මචං මචං

    ReplyDelete
    Replies
    1. මේකේ වර්ෂන් දෙකයි ඩාක්..... මචං දාලා දිගට කිව්වැකි කොමාව ගාවින් කඩලා. තැන්නං ක්ලැසික් විදිහට කැමති අයට මචං නැතුව ඒ කියෙව්වැකි :D

      Delete
  25. තව කවි පන්ති දෙක තුනක් ලියන්ඩෝ! කවි ඇන්ජිම ලස්සනට ටියුන් වෙලා එයි.

    ReplyDelete
    Replies
    1. බලමු බලමු මේක ලියන්න දත කාපු හැටි මමනෙ දන්නෙ ...:D

      Delete
  26. උඹ එලිසමේද මොකද්ද කියන එක දාල තියෙන්නේ මුලටද?
    බලාගෙන බුද්ධියො , 'යවහන් ' දෝස එහෙම තිබ්බොත් වස් වදිනවලු.

    ReplyDelete
    Replies
    1. මං හිතුවා ඔබා මාමා එන්නැති වෙයිකියලා ඔයා කවියට එච්චර පන්නනං නෑ නේද?

      Delete
    2. උඹේ පෝස්ට් එකක් කියවල මොනා හරි කුරුටු ගාල නොගිය දවසක් තියෙනවද?

      Delete
    3. //'පන්නනං'//
      අනුන්ගෙ ඇහේ ඇනෙන ඒවා හොයන බොටත් අකුරු වැරදෙනව වගේ.

      Delete
    4. ඉතිං ගුරුන්ට අකුරු වරදිනවනෙ ඒකනෙ...:P

      Delete
  27. මචං, හිනාවෙලා හක්ක පැනලා මල කෙලියයි බං

    ReplyDelete
    Replies
    1. මචං, ස්තුතියි හක්ක පැනලා කියෙව්වාට බං

      Delete
  28. ඔය තියෙන්න ලෙසටම..

    ReplyDelete
    Replies
    1. එසේම වේවා.....ස්තුතියි :D

      Delete
  29. වෙනද වගේ මාරු වෙලා යන්න ගිහිං මං
    උත්තරයක් දීලා යන්න කිව්ව නිසාවෙං
    ‍ගොතන්න ගත්තෙමි කවියක් අමාරුවෙන් දැං
    මෙ සිව් පදේ කොටන්න මට පැයක් ගියා බං

    ReplyDelete
    Replies
    1. කවියෙන් දුන්නම හොරු අහුවෙනවා හෙහ් හෙහ්....

      Delete
  30. මං පස්සෙ දාන්න හිතන් හිටපු කතන්දරයක් හෙටම දාන්න හිතුන මේක කියවලා!

    ReplyDelete
    Replies
    1. කෝ ඉතිං රමණි නෝනගේ සිනී කිරිල්ල ගැනද මතක් උනේ

      Delete
    2. ඒක මිසක්,
      මම හිතුවේ මේක කියලා.

      http://kathandara.blogspot.com/2012/01/blog-post.html

      Delete
  31. මචං, අදමයි දැක්කේ මෙහෙම එකක්
    මචං, හිතුවේ අදත් ච්ත්‍ර කතාවක් කියලා
    මචං, මම වෙන මොනවා කියලා කියන්නද
    මචං, උපරිමයි මේක..

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්... එළ කවි වැල.... ස්තුතියි ස්තුතියි අංකුර කවියට දෙන සහ‍යෝගෙට....:D

      Delete
  32. සිහියෙන් ඇවිල්ල බැළුවා මෙලෝ දානයක් තේරුනේ නෑ....! ඒ පාර ගිහින් ෂොට් දෙකක් දාගෙන ඉන්න වෙලාවක බැළුවා....! මචං කෑල්ල පොදු ගුණාකාරෙකට දාල කියෙව්ව නිසා ඉතුරු ටික කියවන්න පුළුවන් උනා....!

    ReplyDelete
    Replies
    1. ඒත් තේරුන්නැනේ..... :P

      Delete
  33. හිකිස්‌ නියමයිනේ.. ඔය තියෙන්නේ දැන් මේකේ කවි කතන්දර සිත්තර ඔක්කොම බලන්න පුළුවන්නේ... ඕල් ඉන් වන්... :)

    ReplyDelete
    Replies
    1. හරියට සුපර් මාකෙට් එක වගේ තියෙයි නේ....:D

      Delete
  34. මචං මොකද්ද බං මේ ලියලා තියෙන්නේ !!!

    ReplyDelete
    Replies
    1. ප්‍රස්නාර්ථයක් තියෙන්නෙ ඒ ටිකවත් ආයි කියවන්ඩ බලන්ඩ........ :P

      Delete
  35. ඈ මචං අයියේ.....
    මේ මොකක් ගැනද හැබෑට ලිව්වේ....

    ReplyDelete
    Replies
    1. මේච්චර ඇසු පිරු තැන් ඇති පූස් තඩියට තේරෙන්නැ කිව්වම

      Delete
  36. කයි පහ පහ ලියපං බං . . . .

    ReplyDelete
    Replies
    1. ඕනේ, මාරයා ලියලා තියෙන්නෙ එහෙමද බලපන්

      Delete
  37. ඔක්කොම කියෙවුවා.. ඒත් තේරෙන් නෑනෙ.. :D

    ReplyDelete
    Replies
    1. ප්‍රස්නාර්ථයක් තියෙන්නෙ ඒ ටිකවත් ආයි කියවන්ඩ බලන්ඩ........ :P

      Delete
  38. මචං, කයිය පද බැඳගෙන
    මචං, කයි පද කරට අරගෙන
    මචං, කයිය පහ පහ ලිය
    මචං, කයියේ පණ යන හැටිත් බලපිය..

    ReplyDelete
  39. අලේ මන්දල්ලෑ පිස්සු වගේ අප්පා මොකක්ද ඔයා කියන්න හදන්නේ ඈ

    ReplyDelete
    Replies
    1. ආයි කියවනඩ බලන්ඩ..........:P

      Delete
  40. මචං, ගගක් ගලන්නේ ගගට ඕනෙ විදියටයි
    මචං, ඔටෝම යන්නේ පල්ලම් තිබුනු විදියටයි
    මචං, මදුල ගිලෙන්නේ හිතල ගිල්ලොත් විතරයි
    මචං, අදහස් එන්නේ කවියක් ලිව්වොත් විතරයි

    මචං, පුන්චි ඔවදනක් දෙන්නම් මිතුරෙක් විලසින්
    මචං, හිච්චි කොලේකුත් අරගෙන පැන්සලක් ගනින්
    මචං, හිතට නැගෙන සිතුවිලි හෙමි හෙමිහිට ගලපන්
    මචං, රකිමින් එළිසමයත් සිව්පදයක් ලියපන් !!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඔවදනට.... එහෙමත් කරලා බලන්නම්කෝ....


      ඒත් මෙතෙන පොඩි වැරැද්දක් තියෙනවා නේද?

      මිතුරෙක් විලසින් නෙමේ මිතුරියක් ලෙසින් කියලා නේද එන්ඩ ඕනැ......හැක් හැක් හැ.... :P

      Delete
  41. මචං, මට මේක තේරුනෙත් නෑ
    මචං, මම හරියට කියෙව්වෙත් නෑ
    මචං, එවුනට මම ඔන්න comment කලා

    ReplyDelete
  42. ඔය තියෙන්නෙ එල කිරිස් වගේ... අපිට නං ඉතින් කයියෙන් උත්තර බඳින්න බෑ ඕං... බුද්ධි කලා රිටක්නේ... කතා, සිත්තර, දැං කවි... නියමයි... ඔහොම්ම යං...

    ReplyDelete
  43. සහන්, ආශි, අසිත, පරක්කු උනාම මිස් වෙනවා...දැනුයි දැක්කෙ... ස්තුතියි මසංලා

    ReplyDelete
  44. කවිනම් මට විකාරයක්...

    ReplyDelete

ඔබේ පංගුව...

...................................................................

Related Posts Plugin for WordPress, Blogger...