2012/02/04

අද කාටූන් - 04 - ජාතික වීරයා?

අද නිදහස් දවස නිසා කාටුන් එකත් වෙනස් එකක්. අද මේ පිටුව වෙන්වෙන්නෙ වීරයෙකුට.


ඒ දීකිරිකෑවගේ සරදියෙල් හෙවත් උතුවන්කන්දේ සූර සරදියෙල්!

සූර සරදියෙල් ජාතික වීරයෙක්ද නැත්ද?

එහෙම උනත් නූනත් සරදියෙල් මගේ වීරයෙක් උනේ කාලෙකට කලින්. ඒකට මූලික හේතුව වුනේ සරදියෙල් සමහර වීරයෝ මහ ඉහලින් ගරු කරපු දේවල් පයිසෙකෙට මායිම් නොකරපු සාමාන්‍ය මිනිහෙක් හින්දා. හැබැයි වීරයන් බිහිවෙද්දි පාවාදෙන්නොත් ඒ එක්කම බිහිවෙනවා. ඒක තව දුරටත් තහවුරු
කරලා සූර සරදියෙල් සුද්දන්ගෙ අත්අඩංගුවට පත් උනේ තමන්ගෙම සගයෙකුගෙ පාවා දීමක් නිසා.

පාවාදීම අපේ ලේවල තියෙන දෙයක් ද, පොදුවේ හැම මනුස්සයෙක් ගාවම තියෙන ගුණාංගයක්ද මන්දා?

සමහර රටවල වීරයෝ හිඟකම නිසා ඒ ගොල්ලන්ගෙ චිත්‍රාගාර වීරයෝ මවන කම්හල් වෙලා. ඒත් මෙච්චර වීරයෝ ඉන්න රටේ ඒ අය ගැන අපේ හිතට වදින නිර්මාණයක් බිහි නොවෙන තරම්!

ඒවට හේතුත් ඕනැ තරම් තියෙන එකේ පුලුවන් විදිහට මටත් හිතුනා මගේ හිතේ මැවුනු වීරයා ප්‍රතිනිර්මාණය කරන්න. මේ තියෙන්නෙ ඒක. ඇත්ත සූර සරදියෙල් දැකලා තියෙන අයට මේකෙ පොඩි වෙනසක් දකින්න පුලුවන් වෙයි. ඒත් මම හිතන්නෙ පුද්ගලයෙක් වීරයෙක් බවට පත්වෙද්දි ඒ වෙනස තිබුනොත් හොඳයි කියලා.

නිදහස් රටක ජය සක් බෙර හඬ මැද්දේ...
විරුවෝ එමට සැමරෙයි රට සිව් පැත්තෙ...
කීවත් නැතත් නුඹේ නාමය ඒ අස්සේ...
විරුවෙකි නුඹත් මිතුරේ උතුවන්කන්දේ...

ඔය තියෙන්නෙ මගේ හිතේ සූර සරදියෙල් වෙනුවෙන් තිබුනු හැඟීම. ඒත් ඒක හතර පදේකට පෙරලගන්න දත කාපු හැටි දන්නෙ මම විතරයි. මගේ කවි හැකියාව ගැන ඕගොල්ල දැනටම දන්නවානෙ. අන්තිමේ මම ඊයේ දවාලේ තීරණය කලා කාටහරි කියලා මේකට හතර පදයක් ලියවා ගන්න. ඒකට මම දෙන්නෙක් තේරුවා. එක්කෙනෙක් මගේ ඔලුවෙ තිබුනු දේ දැක්කා වගේ ලියලා තිබුනෙ ඔය විදිහට. ඒ තමා අකුරු බ්ලොග් එක කරන බීටල් මාමා.

ඒ හින්දා බීටල් මාමට මගේ බලවත් ප්‍රණාමය!

තව කෙනෙක් ඉන්නවා. ඒ තමා මේවා අඳින්න ග්‍රැෆික් අහවල් එක අරං දුන්නු බ්ලොග් ලියන ලොකු අයියා. එයා හින්දා තමා මේක ඇඳුනේ. නැත්තං මං කවදාවත් කොලේකුයි, පාට ටිකකුයි අරං කරයි ද මේ වගේ වැඩක්. අනික මේ අහවල් එක හින්දා කොච්චර වැරදුනත්, කොළ ඉවරවෙන්නෙත් නෑ, පාට ඉවර වෙන්නෙත් නෑ, මක්කෙ ගෙවෙන්නෙත් නෑ.

ඒ හින්දා ඒ අයියටත් මගේ බලවත් ප්‍රණාමය!!

මෙන්න එහෙනම් සිතුවම.



ඔන්න ඔහොමලු උනේ.

සරදියෙල් ගැන ඔබේ අදහස කියලා යනවනං කවි පද පුලුවන් අය එහෙම කියන්න කියලත්, අනිත් අය මනරම් වාක්‍යකින් ඒක කියලා යන්න කියලත් ඉල්ලන්නෙ, මේ වැඩේ තව පියවරක් ඉස්සරහ දවසකදී කරන්න හිතාගෙන ඉන්න හින්දා.

ආපු සියලු දෙනාට ස්තුතියි!

තවත් සිතුවමකින් නැවත හමුවෙමු !

..............
- මීට විදෙස් සිත්තරා.



115 ක් කියන්නේ !:

  1. මලේ හරිම ලස්සනයි. මට හරි ආසයි උඹ මේ කාටුන් අඳින හැටි බලාගෙන ඉන්න. නිර්මාණයක් කරද්දි ඒ දේට කැප වෙන මිනිස්සුන්ගෙ හිත් හරිම ආදරණීයයි. තමන්ගෙ නිර්මාණ වලින් සතුටු වෙන මිනිස්සු තව මිනිහෙකුට උගුලක් අටවල සතුටු වෙන්නෙ නෑ. අපිට උඹල වෙනුවෙන් අකුරක් ලියන්න වෙලාවක් නැතුව බ්ලොග් එක කියවල විතරක් යන කාලයක මේ වගේ නිර්මාණ වලට කාලය කැප කරන එකට උඹට නැවතත් ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. දයියා අයියා, මම අදින විදිහ බලාගෙන ඉන්න වෙන්නෙ විඩියෝ එකකින් තමා. ඒත් වීඩියෝ එකක් නැ... හැබැයි මේක අඳින්න පටන් ගත්තු වෙලේ ඉඳං තියාගත්තු ස්ක්‍රීන් ෂොට් පහහයක් තියෙනවා මම ක්ලිප් එකක් හදලා දාන්නම් ඊලග දවසේ.... අගය කිරීම ගැන නං අවංකව සතුටු වෙනවා. නැවත නැවත අඳින්න උත්තේජනයක් වෙන්නෙ මේ වගේ අවංක දිරි ගැන්වීම් නේ....

      Delete
  2. ඇත්තටම පුදුම ලස්සනයි මේක..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි බනියා... මම මේක ප්‍රින්ට් කරලා ගහන්ඩ යන්නෙ බිත්තියෙ......:D

      Delete
  3. තමන්ගැන මිස අනුන්ගැන කොයිකිසිම විටෙකදි නොම සිතූ
    එවුන් මැද මේ පුතුත් විරුවෙකි රටක නිවහල් බව පැතූ
    සුපර් ස්ටාර් දනිත් මුත් නොම දනිති විරුවන් ගැන තතූ
    තවත් ස්ටාර් කෙනෙක් දැයි මේ අසාවිද දිනයක මතූ

    එළස් බුද්ධියො..

    ReplyDelete
    Replies
    1. බූරා නියම කවිය. උඔලවත් හදන්ඩලාකො වීරයෙක් දෙන්නෙක් ගැන කතාවක් දෙකක්....

      අපි මොනාද බං පොඩි උන්ට පෙන්නන්නෙ... මේ කවිද? මේ සිත්තරද? නැත්තං අපි බලපු රොබින්හුඩ්මද?

      Delete
    2. ඉතිං බං අපි මේ කතාවල් මුලින්ම දැනගත්තෙ TV බලලාවත්, පොත් පත්තර බලලාවත් නෙවෙයි නේ.. පුංචි කාලෙ නින්ද යනකං අම්මා තාත්තා කියලා දුන්නු කතා අහලා නේ.. රොබින්හුඩ් බැලීම වැරැදි නෑ, හැබැයි තමන්ගෙ ඉතිහාසයත් දැනන් ඉන්න ඕන.. අද කාලෙ ඉන්න තරුණ අම්මලා තාත්තලා කීයෙන් කීදෙනාද තමන්ගෙ රටේ ඉතිහාසය හරියට දන්නෙ..?? සමහරු ආඩම්බරෙන් කියන්නෙ "අනේ මගෙ ඉතිහාස දැනුම බිංදුවයි නෙ" කියලා.. ඉතිං එහෙවු තත්ත්වයක් තියෙන රටක සරදියෙල්, දුටුගැමුණු නෙවෙයි කොයි කවුරු ගැන ෆිල්ම් ගැහුවත් අන්තිමට උන්දැලාත් අර මං උඩින් කිවුව වගේ ස්ටාර් ගානට වැටිලා තමා නවතින්නෙ..

      Delete
    3. ෂර්වුඩයේ රොබින් හෙවත් කෙහෙල්කොටුවේ චූටි මහත්තයා හැටියට මම කියන්නෙ නෑ ඒවා බලන්න එපා කියලා.

      අනිත් ටික හරි...:P

      (උඔටත් තවි කතා වගේම සංවාදශීලි ලෙස කතා කරන්ඩත් එළටමැ පුලුවන්නේ :P)

      Delete
    4. මට මතක් උනේ එම් එස් ගෙ "රට රටවල ක්‍රිකට ගහන කැප්ටන් කීපර් දන්නව" සින්දුව!

      Delete
    5. මොකද්ද ඒකෙන් කියවෙන්නෙ..... මම අහලා නෑ නේ!

      Delete
    6. ළඟදීම එනවා.....පප්පර පපර පාඃ....

      Delete
  4. කියල වැඩක් නෑ බුද්ධියො එලම තමයි.

    ReplyDelete
    Replies
    1. ප්‍රසා ආවෙ නැත්තං කෑවත් නොකෑවා වාගෙයි :D

      Delete
  5. සිරා අයියේ
    උපරිමයි

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මළන්ඩ....

      Delete
  6. .
    දුගියන්ගේ දේ වුවද හැකිනම් සූරාගෙන කන්න
    මිනිසුන් ඉන්න යුගයකලු අපි ඉන්නේ මෙන්න
    උතුවන් කන්දෙ සිට දුගියන්හට අත හිත දුන්න
    මොහුනම් වීරයෙකි මගෙ හද පතුලෙහි ඉන්න

    ReplyDelete
    Replies
    1. ඔබට බොහොම ස්තූතියි මේ අවස්ථාවේ මෙතුමාව මතක් කිරීම ගැන. උදේ ඉදන් ගුවන් විදුලියට කන් දුන්නා . මේ වනතුරු මොහුගේ නමනම් සඳහන් උනේ නැ .

      Delete
    2. ස්තුතියි ගිම්හානි කවියට. අපිට ඉතිං පිලිතුරු කවි ලියන්ට ටිකක් වෙලා යනවා. දන්නවනේ..:P

      දෙවෙනි කාරණාවනම් මටත් මතක් උනා. මුණු පොතේ දාලා තිබුනා වීරයෝ ලිස්ට් එකක නම්. එතනත් සරදියෙල් හිටියේ නෑ

      Delete
  7. ඇත්තෙන්ම , කතාව වගේම කාටූනයත් හරිම ලස්සනයි , විශේෂයෙන්ම ඔබේ චිත්‍රණ හැකියාව නම් උපරිමයි , සිතුවමින් , වදනින් අපේ සිත සනහන “කෙසෙල් කොටුවේ චූටි මහත්තයාට “ මගේ ගෞරවය සහ සතුට පුදකරමි .

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මහේෂ් අයියා. ඔබලාගෙ අගය කිරිමෙන් තමා මේ විනෝදාංශය දිගට කරගෙන යන්න ජවය ලැබෙන්නෙ... ස්තුතියි.

      Delete
  8. මැක්සා අයියේ...

    ReplyDelete
  9. කාටුන් එක නම් හරිම ලස්සනයි

    ReplyDelete
    Replies
    1. මාලුවා, අකීකරු හිත, ස්තුතියි ඇවිත් ගියාට.

      Delete
  10. ලාංකික රොබින් හුඩ්

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඔබ්සවර් මහත්මයා. ඔබගේ පැමිණීම මට මහත් ගෞරවයක්.

      Delete
    2. අයියා . . . රොබින්හුඩ් ට සමාන් කරන්න එපා සරදියෙල්ව . . . රොබින් හුඩ් කියන්නෙ කතන්දරයක චරිතයක් විතරයි. ඒත් සරදියෙල් අපි අතරම ඉපදිලා, අපේ නිදහස වෙනුවෙං අපි අතරෙම අකාලෙ මැරිච්ච, හැබෑවටම ජීවත් වෙච්චි චරිතයක්

      Delete
  11. :)

    පාවාදීම පටන් ගත්තේ වීභීෂනගෙන්ය කියලයි කට්ටිය කියන්නේ ඒත් අපි ඌට දෙවියෙක් කියල වඳිනවා(දෙවියන්ට වඳින අය ) ,එතනින් එහාට ආවොත් කුවේණි තමන්ගෙ වරිගයා ඉන්දියාවෙන් පිටුවහල් කරපු එකෙකුට පාවාදෙනවා , ඌත් ඒ බලු වැඩේම කරනවා , සිංහල නායකයො තමන්ගේ දෙමල රජ්ජුරුවන්ව පාවලා දෙනවා සුද්දන්ට , සිංහලයින් කොටි හමුදාවේ සල්ලි වලට රට පාවලා දුන්න වෙලාවලුත් තියනවා . වාර්ථ නොතිබුනාට (මම නොදන්නවා වුනාට ) චෝල පාණ්ඩ්‍ය ආක්‍රමණ වලදිත් පාවා දීපු උන් ඉන්න ඇති .

    අපේ රටේ වීරයෝ ඕනි තරම් , ඒ වගේම අපේ ඉතිහාසය ඇතුලේ අලුත් වීර චරිත නිර්මාණය කරන්න , ෆැන්ටසි කථා හදන්න අවස්ථා ඕනි තරම් . ඒත් අපේ සිනමාව ඒවා ප්‍රතිරූපනය කරන්න තරම් ශක්තිමත් මදි , ප්‍රේක්ෂක සංඛ්‍යාවත් චූටියි නේ

    උදා - අබා චිත්‍රපටියේ හැටියට අබා කුමාරයගේ මමා වරුන් 9 දෙනාටම තියන ලොකුම ප්‍රශ්නය තමයි කුමාරයව මරන එක . ඒත් හෙන සද්ද දාලා රජ මාලිගාවේ ගේට්ටුවෙන් එලියට එන්නේ අශ්වාරෝහකයො කීප දෙනයි (මට මතක විදිහට මාමා වරුන්ගේ ටෝටල් එකටත් අඩු සංඛ්‍යාවක් ) . ඒ අශ්වයින් ගානෙන් වැඩේ ශේප් කරගන්නත් තිබුනා , රූප රාමු පෙලගැස්වීම සහ සංස්කරණයෙන් .වයිඩ් ශොට් එකක මාලිගාවේ ගේට්ටුවම පෙන්නුවාම ඒකෙන් හතර පස් දෙනෙක් එනකොට විලි ලැජ්ජයි !

    ReplyDelete
    Replies
    1. ඒත් අපේ සිනමාව ඒවා ප්‍රතිරූපනය කරන්න තරම් ශක්තිමත් මදි , ප්‍රේක්ෂක සංඛ්‍යාවත් චූටියි නේ// මේ හේතු දෙක වෙනස් කරන්න අමාරුයි මං හිතන්නෙ.... ඒ කියන්නෙ අපේ පොඩි උන්ටත් අපේ වීරයෝ දකින්න තියෙන චාන්ස් අඩුයි වගේ..

      Delete
  12. මට හිතුනේ මේකයි.

    අපේ අය සරදියෙල් ගැන ටෙලිවිෂන් සීරීස් එකක් කළා නං බුද්ධි අද තමන්ගේ අන්වර්ථ නමට දාගන්නේ ෂර්වුඩයේ රොබින් කියලා නෙමේ නේද?

    ඒකෙත් හැටි...!!!

    ඒක නෙමේ, කවි හදන්න උගන්වන්න සයිබර් ටියුෂන් පන්තියක් දාන්නයි ඉන්නේ මං, ඩිමාන්ඩ් එකක් තියෙයි නේද?

    ReplyDelete
    Replies
    1. සරදියෙල් ගැන ටෙලි නාට්‍යයක් කාලෙකට කලින් ස්වාධීන රූපවාහිනියේ ගියා වගේ මතකයි. ආදරණීය වස්සානය චිත්‍රපටියේ ප්‍රධාන නලුවා [මට නම මතක නැහැ] තමයි සරදියෙල් විදිහට හිටියේ

      Delete
    2. අපි ඉඳල හමාරයි, කයි ලියනව මදිවට තව පංතියකුත් දාන්න....

      Delete
    3. රොෂන් රවින්ද්‍ර නේද සරදියෙල්ට හිටියෙ. බලල නම් නෑ. එහෙන් මෙහෙන් දැකපුව තමයි.

      Delete
    4. අන්න හරි නම රොෂාන් රවීන්ද්‍ර තමා

      Delete
    5. කතන්දර,
      ලගදීනම් සරදියෙල් ගැන ටිවී සිරීස් එකක් ගියා. අපි පොඩි කාලේ ගියෙ ඉතිං රොබින් හුඩ්නෙ.... මම කියන්නෙ අපේ අය ගැන ටීවී සිරීස් ගියත් ඒවා අපේ හිත් හොරා ගන්ඩ සමත් උනේ නෑ.... හේතුව නං අන්න බුවා කියලා තියෙනවා.

      අනිත කවි පන්තියක් දානවනං අපිත් එනවා. ගුරු මුෂ්ටි නැතුව කියාදෙනවනං... ඔන්න කරනවනං සිසනල් බිස්නස් එකක්.
      ...........

      හසිත, ආදරණීය වස්සානෙ මතකයි එතකොට නලුවගේ නම මතක නෑ....හෙහ් හෙහ්..
      ............

      ඔබා මාමා,
      මං හිතාගෙන හිටියේ පරණ මිනිස්සු කවියට බොහොම ලැදි අයයි කියලා. කෝ මේ මනුස්සයට කවි පෙන්නන්ඩ බෑනේ.
      .......

      අංජන,
      වෙලාවට අංජන හිටියෙ.. නැත්තං හසිතයා තාම නම හොයනවා

      Delete
    6. මම ඒ නාට්‍ය ඉවර වෙනකං බැලුවා.. මම්මලේ ට හිටියෙ ජගත් චම්පික මම්මලේ අක්කා ඉන්දිකා උපමාලි..ඒ චරිතෙට සම්මානත් ලැබුණා මහිතෙ.

      Delete
  13. එලම තමයි අයියේ.........

    ReplyDelete
    Replies
    1. ස්තුතියි පිසාච මල්ලි

      Delete
  14. වෙනද වගේම අදත් විදෙස් සිත්තරාගේ හැකියාව උපරිමයෙන්ම පෙන්නලා තියෙනවා
    මගෙත් සිත් ගත් ජාතික වීරයෙක් තමයි උතුවන් කන්දේ සුර සරදියෙල්
    ඔහු ලංකාවේ අවසාන රජුගේ පරිවාර බිසවකගේ පුතෙක් බව මම මේ මෑතකදී කියවපු ලිපියක තියෙනවා දැක්කා
    ඒ කියන්නේ ඔහුගේ තියෙන්නෙත් රාජ ලේ.

    ReplyDelete
    Replies
    1. ලොකු පුතා ස්තුතියි අගය කිරීම ගැන.

      රාජ ලේ ගැන නං මං විශ්වාස කරන්නැ. රාජ ලේ තියෙන අයට නිකං ලේවල අගය අඩුයි.... අහලා නැද්ද “සොර සතුරන්ගෙන් වගේම රජවරුන්ට ගත නොහැකි දේ.... නම් ආදි වශයෙන් බොහෝ තැන් වල සඳහන් වෙනවා.:D:D

      Delete
  15. හෙණරාජ තෙල් සුරයක දාලා සරදියෙල්ගේ කකුල පලලා ඇඟ ඇතුළට දාලා තිබුණු නිසා සරදියෙල්ට වෙඩි තිබ්බට වදින්නේ නැතිලු.

    මේක දැනගත්ත සරදියෙල්වයි මම්මලේ මරික්කාර්වයි පාවා දීපු සරදියෙල්ගේම ගෝලයෙක් වුණු සිරිමල් මේක සුද්දන්ට කිව්වලු. පස්සේ රත්තරනින් උණ්ඩයක් හදලා සරදියෙල්ට වෙඩි තිබ්බාට පස්සේලු හෙණරාජ තෛලයේ බල බිඳිලා සරදියෙලට තුවාල වුණේ............

    ඒ වගේම සරදියෙල් ගාව ක්‍රීම් එකකුත් තිබ්බාලු ඒක ගාගත්තම පේන්නේ නැහැලු

    ReplyDelete
    Replies
    1. ඔය හෙනරාජ තෛලය සරදියෙල්ට දීලා තියෙන්නේ අපේ ගමේ පන්සලේ හාමුදුරුවෝ. සරදියෙල් පොඩි කාලේ අකුරු ඉගෙනගෙන තියෙන්නෙත් අපේ පන්සලෙන්ම තමයි!!

      Delete
    2. හසිත, හිතුමතේ,
      ඔය ගැන මමත් අහලා තිබුනා....ගමේ හාමුදුරුවො කෙනෙක් කිව්වෙ කොයි ගමේ ද? සරදියෙල් මුල් කාලේ ඉඳලා තියෙන්නෙ අපේ අල්ලපු වැටේ කියලයි විස්තර හොයද්දි මම දැක්කෙ...

      Delete
    3. පන්සලේ නම ඉලුක්ගොඩ ශ්‍රී සෛලමස්ථාකාරාමය... තියෙන්නේ උතුවන්කන්ද කිට්ටුවම තමයි.

      Delete
    4. පන්සලේ නම ඉලුක්ගොඩ ශ්‍රී සෛලමස්ථාකාරාමය... තියෙන්නේ උතුවන්කන්ද කිට්ටුවම තමයි.

      Delete
    5. සරදියෙල් පොඩි කාලේ ඉදලා තියෙන්නෙ අපේ පැත්තෙ, විකිය කියන හැටියට

      Early life

      Born March 25, 1832 to a tobacco merchant from Haldanduwana, Dankotuwa.....

      ඒකයි මම ඇහැව්වෙ.... උතුනන් කන්ද පේනවද කොලඔ නුවර පාරට

      Delete
    6. පොඩිම කාලේ නෙවෙයි.. අකුරු ඉගෙන ගන්න වයසෙදියි එහේ ඉදල තියෙන්නේ. අපේ පන්සලට අවොත් වැඩි විස්තර හොයල දෙන්නම්. උතුවන්කන්ද තියෙන්නේ කොළඹ පැත්තේ ඉදන් යනකොට කෑගල්ල, මොලගොඩ (මැටි බඩු තියෙන්නේ) පහු කලාම කන්දක් හම්බෙනවා. ඒ කන්ද නැගල ඉවර වෙද්දී වගේ තමයි උතුවන්කන්ද තියෙන්නේ. වම් පැත්තෙන් පේනවා උසට ගල් කුලක් වගේ, ඒකට අපේ පැත්තේ අය කියන්නේ සරදියෙල් ගල කියල. දැන් ඒ පැත්තේ සරදියෙල් ගම්මානෙකුත් හදනවලු. බුද්ධි ඓය ආවොත් එක්කරගෙන යන්නම්.

      Delete
    7. ඔය ගල අයිටීඑන් එකේ ගිය ටෙලි නාට්‍යයේ හොදට පෙන්නුවා. අද අපි නුවර යද්දි ඔය වලන් කඩ ගාව ඉදන් බලාගෙන ගියේ. හිතුමතේ හමුවෙන්න වෙලාව තිබුනේ නෑ. වෙන දවසක හමුවෙලා විස්තර හොයාගමුකො... ස්තුතියි විස්තරේට :D

      Delete
  16. කෙහෙල්කොටුවේ චූටි මහත්තයා හෙවත් උතුවන්කන්දේ සරදියෙල් කියලා කියමු නේද බුද්ධි අයියට

    ReplyDelete
    Replies
    1. මම ගැමියාගේ යෝජනාව ඉස්තිර කොරමි.
      henryblogwalker the Dude

      Delete
    2. ගැමියා, ඩුඩී,
      ඒ කාලේ අපි රොබින් හුඩ් කරද්දි හුඩ් එක දාලා එහෙං මෙහෙං කෑලි එල්ලං හිටියේ රොබින් හුඩ් වගේ..... එහෙමනේ ඉතිං වීරයො.... හැබැයි සරදියෙල් ගෙ කතාව ගියානං අපිට වෙන්නෙ සරං කැල්ලක් ගහගෙන කැලේ දුවන්නයි.... හොහ් හොහ්.....

      Delete
  17. බුද්ධි,

    ධනපතියන් කොල්ල කා ඒ මුදල් දූප්තුන් අතර බෙදා දුන් සූර සරදියෙල් මගේත් වීරයෙකි. මේ වීර දිනයේ ඔහු සැමරීමෙන්, හා අපහට මතක් කර දීමෙන් ඔබ කර ඇත්තේ මහඟු සේවයකි. අපේ ස්තූතිය ඔබට, විදෙස් සිත්තරාට හා කෙහෙල්වත්තේ පුංචි සරදියෙල්හට.:D

    ReplyDelete
    Replies
    1. ධනපතියන් කොල්ල කා ඒ මුදල් දූප්තුන් අතර බෙදා දුන් සූර සරදියෙල් මගේත් වීරයෙකි.//

      ධනපතියන්ගෙන් කොල්ලකෑම නං එච්චර හරි නෑ. උදාහරණයක් විදිහට තමන්ගෙ මහන්සියෙන් ඉහලට ගිය මනුස්සයෙක්ගෙන් කොල්ලකනවා කියන්නෙ එතන වැරදියි. නැතත් කාගෙං කොල්ලකෑවත් වැරදියි තමයි. මෙතන හැබැයි වෙනසක් තියෙනවා. සරදියෙල් වැඩිපුර කොල්ලකෑවේ සුද්දන්ගෙ ගබඩාවල් සහ උන් අපෙන් බදු විදිහට ගත් මුදල්. හැබැයි ඒවා විතරක් නෙමේ. සරදියෙලුත් සාමාන්‍ය මනුස්සයෙක් නිසා ඔහුගෙ සමහර තීරණ වැරදියි කියලත් මම පිළිගන්නවා. ඒත් සරදියෙල් කියන්නෙ නිකංම නිකං හොරෙක් කියලනං මම පිළිගන්න කැමති නෑ.

      සිත්තරේ සහ ලිපිය අගය කිරීම ගැන මහා දානපති කුමාරිහාමි නැන්දට මගේ ස්තුතිය.

      Delete
  18. Replies
    1. ස්තුතියි බිම්සර මල්ලි

      Delete
  19. සරදියෙල් ගැන පොතක් කියවල තියෙනව 9 පංතියෙදි විතර. සරදියෙල් මගෙත් වීරයෙක්.

    ReplyDelete
    Replies
    1. ඔන්න දැං සිත්තාර්කුත් තියෙනවා බලන්ඩ...

      Delete
  20. අපි ලඟදි නුවර යද්දී උතුවන් කන්ද ලස්සනට පේන තැනක කඩේකින් තේ බිව්වා . කඩේ නම Roybin වගේ තමයි මතක . එතන නම් සරදියෙල් ඉන්න චිත්රයකුත් බිත්තියේ ඇඳලා තිබුන . අපේ ළමයි හරිම ආස වුනා සරදියෙල්ගේ කතාවට .මේක නම් ලකුණු 10/10 ම දෙන්න ඕන පෝස්ට් එකක් බුද්ධි .

    ReplyDelete
    Replies
    1. ලකුණු 10/10 දුන්නට ස්තුතියි බින්දි අක්කා. බලමු අපිත් හෙට අනිද්දා දිහැ නුවර පැත්තෙ යන්ඩ ඉන්න.... එය කොයි හරියෙද කිව්වොත් පොටෝ එකක් දෙකක් ගහගන්න පුලුවන් වෙයි. කොලඔ නුවර පාරෙද

      Delete
  21. තව සරදියල්ල 10 ක් හිටියනම්.

    ReplyDelete
    Replies
    1. දැං නං සරදියෙල්ලා හිටියොත් නිකංම්ම අහුවෙයි. කොල් එකක් දුන්නු ගමන් ඉමි නම්බරේ හොයාගෙන නිකංම්ම අල්ල ගනී....

      Delete
    2. ඔව් නේද එක්කෝ ඕනේ නැහැ..ඉන්න විරයෝවත් රක ගන්න බැරි එකේ..

      Delete
  22. සරදියෙල් කියන්නේ මටත් හැබෑම වීරයෙක්.. බලු සුද්දට උන ගැනෙන්ඩ දීපු කොල්ලෙක් තමයි සරදියෙල්..

    ඔබේ උත්සහය ප්‍රශංසනීයයි.. ඕවා ගැන මීට දශක දෙක තුනකට කලින් අපේ මිනිස්සු හිතුවනම්.. ඔය බැට් මෑන්ලා, සුපර් මෑන්ලා.. පොරවල් වෙන්නේ නැහැ..

    ReplyDelete
    Replies
    1. මීට කාලයකට කලින් හිටපු අයත් ඉන්ඩ ඇති.... ඒත් අර බුවා කියනව වගේ අපේ අතේ සල්ලි පනං නෑනේ ලස්සනට මේවා හදලා කරලා ගන්ඩ.....

      සිත්තරේ ගැන කිව්වට බොහොම ස්තුතියි Senna :D

      Delete
  23. අවිවාදයෙන්ම සරදියෙල් වීරයෙක් . . . ඒත් අදටත් සරදියෙල්ව සලකන්නෙ හොරෙක් හැටියට. අපි හැමෝම දන්න සහ පිලිගන්න දෙයක් තමයි සරදයෙල්ට අපේ ඉතිහාස කතාවෙ නිසිතැන ලැබිල නෑ කියල.
    මොකක් හෝ අවාසනාවකට තාමත් අපේ පොලීසියෙ ඉතිහාසෙ සඳහන් වෙන්නෙ පොලිස් මෙහෙයුමකදී මියගිය පලවෙනි නිලධාරියා විදියට සරදියෙල් කියන "හොරාගෙන්" වෙඩිවැදී මියගිය පොලිස් නිලධාරියෙක්(මගේ මතකය නිවැරදි නම්).
    තමංගෙ කියල වීරයො නැති රටවලිං බිහිවෙච්චි මාවල් වීරයො අදහන අපේ පොඩි එවුංට සරදියෙල්ලා, පුරංඅප්පුලා ගැන මීට වඩා දේවල් කියලදෙන්න ඹ්නෙ.
    අමතක උනාටත් වඩා ඉතිහාසයෙං මකල දැම්ම අපේම එකෙකුට, අපේම වීරයෙකුට තනි මිනිහෙක් විදියට කරන්න පුලුවං උපරිම ගෟරවකිරීම කරපු උඹට මගේ ආචාරය මචං

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඹ්නයා...!

      Delete
  24. සරදියෙල් වීරයෙක් නම්... මර්වින් සිල්වත් වීරයෙක්..

    ReplyDelete
    Replies
    1. වෙන්න පුලුවන්....

      Delete
    2. මර්වින් "සූර වීරයෙක්"

      Delete
  25. ලස්සනයි උබේ නිර්මානය,,ඒත් ඉතිහාසය වෙනස් කරන්න අමාරුයි බන්,සරදියෙල් හොරෙක් විදිහටනේ අපේ ඉතිහාසයේ ලිය වුනේ,ලංකාවේ පොලිස් ඉතිහාසයේ පලවෙනි පොලිස් නිලධාරියා මිය ගියේ සරදියෙල්ගේ වෙඩි පහරින්,සාබත් කියන මැලේ පොලිස් භටයා...මොනා කරන්නද අපිට මේ ඉතිහාසයට ඔලුව නමන්න වෙනවා

    ReplyDelete
    Replies
    1. නිර්මාණය අගය කලාට ස්තුතියි.

      මම නං ඉතිහාසය වැරදියි කියලා දැන ගත්තොත් කව්රුත් කියන පලියට ඔලුව නමන්නැ.... රට වටේ කිය කිය යන්නැ මේක වැරදියි මේක වැරදියි කියලා.... එහෙම නොකලා කියලා ඔලුව නමන්නෙත් නෑ......ඔලුව නමනවා කියන්නෙ ඒක පිළිගත්තා කියන එක නෙමේද?

      Delete
  26. එළකිරි. පින්තූරෙ විතරයි බැලුවෙ. කථාව කියවලා කමෙන්ට් කරන්නම්. දැයට කිරුළ වැඩ

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්..... හෙනට වැඩ ඇති නේද? රයිට් සහෝදරයෙක් වගේ ඇති එතෙන්ට වෙලා....

      Delete
  27. ඔබතුමාගේ ඊ මේල් ලිපිනය සයිබර්ලිපි@ජීමේල් .කොම් ද?

    ReplyDelete
  28. පර සුද්දාගේ කියු කෙරුම් තඹ පයිසයකට නොතකා...
    දුගී උන්ගේ කුස පුරවපු හතර කෝරලේ විරුවා.....
    එළඹුන නිදහස් දවසේ සයිබර් යායේ විරුවා....
    ඇඳපු නුඹට හිස නමලා මෙන්න ගරුත්වය දුන්නා....

    ටාසන්ලා, රොබින්හුඩ්ලා අරුන් මෙවුන් කොච්චර ආවත් අපේ හිතේ නොමැකෙන් චරිතයක් වෙච්ච සරදියෙල්...

    ස්තූතියි බුද්දි මතකය අලුත් කරලා දුන්නට...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අභීත කමෙන්ටුවට.....

      Delete
  29. සිත්තරේ නම් මරු බන්...කවියත් නියමයි. චූටි මහත්තයා වගේ තමුන්ටම අනන්‍ය වූ හැකියාවකින් බ්ලොග්කරණයෙ යෙදෙන බ්ලොග්කරුවන් සයිබර් අවකාශයටම වාසනාවක්.

    ReplyDelete
    Replies
    1. හිහ්....හී.....ස්තුතියි ස්තුතියි....අනේ මන්දා ලැජ්ජත් හිතෙනවා.

      Delete
  30. මේකනම මාරම ලස්සනයි අයියේ..

    ඇත්ත සරදියෙල් කියන්නේ දුප්පත් මිනිහා ගැන හිතපු තවත් දුප්පත් මිනිහෙක්..

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත.... සරදියෙලුත් ගමක දුප්පත් කොල්ලෙක් තමයි.

      Delete
  31. කොළඹ නුවර පාරේ තමයි . උතුවන් කන්ද හොඳටම පේන හරියේ . හැබැයි කොයිහරියේද කියන්න මට හරියටම තේරුමක් නැහැ . කොළඹ ඉඳන් යද්දී වම් අත පැත්තේ .

    ReplyDelete
    Replies
    1. හරි හරි බින්දි,

      අක්කණ්ඩි ස්තුතියි ආයෙත් මේ පැත්තෙ ආවට. මම කිරිබත්ගොඩ ඔරලෝසු කනුව ගාව ඉඳලම වම් පැත්ත බලාගෙන යන්නම්කෝ.....:D

      Delete
    2. වම් පැත්ත බලාගෙන ගිහිල්ලා හප්පපං වාහනේ ලයිට් කණුවක වත්..

      Delete
    3. බුරා, වම් පැත්ත බලාගෙන ගියාට මගේ හිත තියෙන්නෙ දකුණු පැත්තෙ..... ඉස්කෝලෙ ගිය කාලේ තිබුනු පුරුද්ද තාම එහෙමමයි.... එ හින්දා බය වෙන්ඩ දෙයක් නෑ.
      ......

      (අර නෙට් පෝස්ට් එකට පිලිතුරු කවියක් දැම්මා හෙනට දත කාලා දැක්කෙ නැද්ද ඒක)

      Delete
    4. දැක්කා බං, ඒ වුනාට ඒකට ආයෙමත් පිළිතුරු කවියක් ලියලා උඹට වද දෙන්න හිතුන් නෑ.. :)

      ඒක නෙවෙයි, මේ සිරාවටමයි කියන්නෙ, උඹේ කවි හැකියාව ටික ටික වර්දනේ වෙනවා.. ඒකයි මං කිවුවෙ සතතාභ්‍යාසය තමා වැදගත් කියලා.. ඔහොම යං, බැරි බැරි ගානෙ හරි තව දිගටම ලියපං..

      Delete
    5. එහෙමයි ගුරුතුමනී!:P

      Delete
  32. සිත්තරේ මාර ලස්සනයි බුද්ධි අයියා . කියලා වැඩක් නෑ පන පිහිටුවලා වගේ ඇඳලා තියනවා . සරදියෙල්ව සිත්තරයක් කරලා පරණ සිදුවීමක් අපිට ආපහු මතක් කර දුන්නට ස්තූතියි !

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සඳරුවා. ඒක නෙමේ අර මුණුපොතේ මම දාපු කමෙන්ට් එකට උත්තර දැම්මෙ නෑ නේද ? හොර ගෙඩියා....!

      Delete
  33. චිත්තරේ නම් හරිම අපූරුයි..සරදියෙල්ට මූණු පොතේ පිටුවක් තිබුනා නම් මේ වගේ පෙනේවි..

    ReplyDelete
    Replies
    1. මුණුපොතේ පිටුවක් සරදියෙල්ට තිබුනනං, සුද්දෝ එකෙක්ගෙවත් රික්වෙස්ට් සරදියෙල් ඇක්සැප්ට් කරන එකක් නෑ.....හොහ් හෝහ්....

      Delete
  34. සරදියෙල්ගේ මූණ උඹේ මූණ වගේ උනේ කොහොමද බං.....? පොර බොලාගේ පැත්තෙන් නෑයෝ වෙනවද ?

    මොනව උනත් සිරා සිත්තම.....! ජාත්‍යාලේ ඔද තෙද බැඳ දැම්මා.....!

    ReplyDelete
    Replies
    1. මගේ මූණ කණ්නාඩියෙන් බලාගෙන නෙව ඇන්දේ ඒකයි.

      සිත්තරෙ ගැන මෙව්වා කලාට ස්තුතියි.

      ඒක නෙමේ ඇයි පරක්කු උනේ බලන්ඩ එන්ඩ මේක. නිදහස් දවසේ උඔලට නිවාඩු දුන්නෙ නැද්ද? :P

      Delete
  35. ලංකාවෙ නිදහසට මෙහේ නිවාඩු දෙන්න නම් අර කිව්වැහේ ආශ්චර්යයක්ම වෙන්න ඕනෙ. ඒ උනාට කොහොමත් සෙනසුරාදා අපිට නිවාඩු ඔෆිස් එකේ. ඒත් එදාට ගෙදර වැඩ.....! ළමයින්ගේ වැඩ, කඩේ යන වැඩ....! බේබි සිටින් වැඩ.... එදාට ඉන්ටර්නෙට් එකට ඉබ්බෙක් දාල තියෙන්නෙ හාමිනේ...!

    ReplyDelete
  36. ---විශේෂ නිවේදනයක්---

    සරදියෙල්ව ඇඳලා මුලින්ම මැරියන්ට පෙන්වූ වෙලාවේ, “සරදියෙල්ගෙ බෙල්ලෙ හිරට හිටින සේ සුරයක් ගැට ගැසුවොත් කොහොමදැ?“යි යෝජනාවෙන් එය ඇඳි බවත්, එයින් පින්තුරය වඩාත් තාත්විකව පෙනෙන්නට ගත් බව මා පිළිගන්නා බවත්, ඒ පිළිබද සියලු ගෞරවයන් මැරියන්ට හිමි විය යුතු බවත්, ඒ පිළිබඳ කලින් දැනුවත් කරන්නට නොහැකි වූයේ හිතාමතා නොව බලවත් අතපසුවීමකින් බවත් මම මේ මොහොතේ ඉතා ඕනැකමින් ප්‍රකාශ කර සිටිමි.
    -මීට යුරෝ දෙකේ වීරයා.

    ReplyDelete
    Replies
    1. චූ ගිය කළිසම මාරුකරගත්තද?

      Delete
    2. නෑ..... මෙහෙම්ම ඉඳලා තව ටිකකින් නා ගන්නම කියලා බැලුවේ....

      Delete
    3. ඈ සුරේ පස්සෙද ඇන්දේ..? යකෝ සුරේ නැතුව සරදියෙල්ගෙන් වැඩක් ඇතෑ... උඹව උල තියන්න එපැයි... ඇති මැරියන් අතක් පයක් නොකඩා ඔහොම ඉතුරු කලා...

      Delete
    4. බුහ්හහ්හා..... බීටලේ හොඳම ටික අමතක වෙන හින්දනේ මම නොමිලේ සේවය කරන පුද්ගලික ලේකම් කෙනෙක් ගත්තෙ..... ලේකම්ල කවද්දි බොස්ලගෙ අතවල් පයවල් කැඩුවේ....

      Delete
  37. බලන්නකො වැඩේ හැටි......මරන තර්ජන එන තරමක් එන්නෙ වීරයන්ටමනෙ...:D

    ReplyDelete
    Replies
    1. තර්ජනයක් නෙමෙයි, පොඩි අවවාදයක් කියලා තමා කිව්වෙ නං...

      Delete
    2. ආ.. ෆර්ස්ට් වෝර්නින්ග් එක.. යෙලෝ කාර්ඩ් එක දෙපාරක් පෙන්නලානෙ රෙඩ් කාර්ඩ් එක දෙන්නෙ.. :)

      Delete
    3. තව වීරයෝ දෙතුන් දෙනෙක් ඇන්දනම් රෙඩ් කාඩ් එක නිකම්ම ලැබෙයි...

      Delete
  38. අනේ මං දන්නෑ . . . මට උඹේ සරදියෙල්ගෙ මූන පේන්නෙම සඳරුවාගෙ ඩයල් එක වගේ . . . .

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්..... සදරුවත් ඉතිං වීරයෙක් වගේ පොරක්නෙ..... වීරයන්ගෙ ඩයල් කෝමත් එකකට එකක් සමාන ඇති එහෙනං.....:D

      Delete
  39. සරදියල් නමට සුද්දේ තවමත් බයලු
    කෑගලු පැත්තෙ යනවිට වෙව්ලනවාලු
    සිරිලක හිටපු අප හැමගෙම විරුයාළු
    කල්ගිය බවට සමා වෙයන් මගෙ යාළු

    ReplyDelete
    Replies
    1. ඉන්ද්‍රජිත්, අදයි ඉන්දරේගෙ බ්ලොග් එක දැක්කෙ...... වීරයෝ ගැන එහෙත් විස්තර තියෙන පාටයි... කවියට ස්තුතියි.. දිගටම මේ පැත්තෙ ඇවිල්ලා යන්ඩකෝ.....:D

      Delete
  40. හිටියත් බොහෝ විරුවන් අප ඉතිහාසේ
    කෙරුවත් පුදුම වැඩ ‍රැකුමට අප දේසේ
    නොදනිත් මෙකල පොඩි උන් ඒ ඉතිහාසේ
    මිතුරනි කිමද කොහි සිදුවුණි ඒ දෝසේ ...

    ReplyDelete
  41. දැන් සෙනසුරාදට ලඟයි. දැන් අඳින්න පටන් අරන් ඇති නේ?

    henryblogwalker the Dude

    ReplyDelete
  42. සම්මානී, ඩූඩ්, තුතියැ

    ReplyDelete
  43. මෙව්වා එකෙ පැරන සීකීම් මහින්ද ලුක් එකක් තියෙනවා.. :3

    ReplyDelete
  44. ස්තුතියි සුලැගිල්ල

    ReplyDelete

ඔබේ පංගුව...

...................................................................

Related Posts Plugin for WordPress, Blogger...