2012/05/14

අද කාටුන් - 14 - සියලුම අනාගත බ්ලොග්කරුවන්ට "ඔබා මාමා" අහිමිව ගිය වග...!

අපට වඩාත් සතුට ගෙනෙන්නො - අවසානයේ දුක ද ඒ තරම්ම ගෙනෙති !

ඔබා මාමා අප අතරින් වෙන් ව ගිය පුවත මා ඊයේ උදේ දැනගත් මොහොතේ සිට මේ දක්වා ගත කාලය ඉතාමත් අඳුරු මතකයක් ඉතිරි කර ඇත. ඊයේ දිනයේ නිවාඩු දිනයක් වුවද මට ආදරණීය ඔබා මාමා වෙනුවෙන් බ්ලොග් අවකාශයේ දී කල යුත්තෙ කුමක් දැයි තීරණය කර ගැනීම තබා සහෝදර බ්ලොග් කරුවන් ඒ පිළිබඳ දැක්වූ අදහස් වලටද ප්‍රතිචාර දැක්වීම ද ඉතා වෙහෙසකාරී එකක් විය.

එහෙත් මා වෙනුවෙන් හා අප කළ පොදු වැඩ වල දී ඔහු මට ශක්තියක් වූ බවත් ඒවා සියල්ල හෙලි නොකරන මෙන් එකල ඔහු ඉල්ලා සිටි බවත් මතක් කල යුතුයි.

ඔබා මාමා ඇසුරු කිරීමට අප වාසනාවන්ත වූවද, මෙතැන් සිට සිංහල බ්ලොග් අවකාශයට පැමිණෙන සියල්ලන්ට ඒ වාසනාව අහිමි වී ඇති බව මට පසක් විය. මේ ඒ පිළිබද මට දැනුනු දෙයි.

මේ සිතුවම ආදරණීය ඔබා මාමට උපහාරයක් වේවා!


............................
- මීට ඔබා මාමා කියන පරිදි කෙහෙල් කොටුවේ චූටි එකා

61 ක් කියන්නේ !:

  1. ලියලා තියන දේවල් දැක්කාම දුක තව, තවත් වැඩිවෙනවා. මුකුත් කියාගන්ට බැරි තරමට තාමත් හරි දුකයි.කවදා හෝ දුක තුනී වෙයි. ඒත් ඔහු පිලිබඳ මතකය ජීවිතේ තියනා තුරාවට තුනී වෙන එකක් නෑ.

    ඒ සොඳුරු මිනිසාට අමා මහ නිවන් සුව පතනවා.:(

    ReplyDelete
    Replies
    1. පොකු,
      කවදා හෝ දුක තුනී වෙයි. ඒත් ඔහු පිලිබඳ මතකය ජීවිතේ තියනා තුරාවට තුනී වෙන එකක් නෑ.//

      ඒක තමා ඇත්ත. අපි මොන දේ කලත් දැන් ඔබා මාමට ඒක පේන්නෙ නෑ.

      නමුත් අනාගතයේ බ්ලොග් අවකාශයට එන සිංහල බ්ලොග්කරුවන්ට ඔබා මාමා කියලා අපි කොන්දේසි විරහිතව ආදරය කල කෙනෙක් සිටි බව කියන්නයි මම මේ උත්සහය ගත්තෙ....!

      ඇත්තම කියනවා නම් වෙනත් වැඩක නිරත වෙලා ඉන්න වෙලාවක මේ සංසිද්ධිය සිහිවෙද්දි එක පාරටම "ඔබා මාමා අපි අතර නෑ" කියන දේ හිතා ගන්න අමාරුයි.

      ඇත්ත කතාව නම් මගේ හැම පෝස්ට් එකටම ඔබා මාමා එනතුරු මම බලාගෙන හිටියා. දවසක් පෝස්ට් එකකට ආවෙ නැති තැන මම ඒ ගැන මේල් එකකින් ඇහැව්වා.

      "උඔගේ පෝස්ට් එකක් කියවලා මුකුත් නොලියා ගිය දවසක් තියෙනවද මම" ඔබා මාමා කිව්වෙ එහෙම. ඒ දවස් වල ඔබා මාමට වැඩ අධික වෙලා එන්න බැරි වෙලා තිබුනා. පොකුත් දන්නවා ඇති ඔබා මාමා කියෙව්වෙ නැතත් "පස්සෙ එන්නං" කියලා හරි ලියලා යනවා.

      Delete
    2. කවදාවත් ඇහැටවත් දැකලා නැති, හැබැහින් තියා සයිබරය ඔස්සේවත් වචනයක් කතාකරලා නැති, බ්ලොග් ලෝකෙ අකුරු අතරින් විතරක් දැනඅදුනාගත්ත මේ මං වගේ අයගෙ පවා ආදරේ දිනාගන්න තරමට, ඔබා වාසනාවන්තයි මචං.. ඒක ලේසියෙන් කෙනෙකුට ලබන්න බැරි වාසනාවක්, ඒකට පිං කරලා තියෙන්න ඕන.. මට හොදටෝම විශ්වාසයි නිවන් දක්වා ජාති දක්වා උපදින හැම භවයකම ඒ වගේ ආදරයක් තමන්ගෙ මිතුරන්ගෙන් ලබන්න තරං ඔබා පිං කරලා තියෙන බවට..

      අපේ වාසනාවටයි අපට ඒ මනුස්සයාව (බොහොම ටික කාලයකට හරි) ආශ්‍රය කරන්න ලැබුනේ.. ඉතිං අපිත් උත්සාහ කරමු තව තවත් පිං කරන්න මතු භවයේදිත් ඔබා වගේ සුන්දර මිත්‍රයො අපට ලැබෙන්න කියලා..

      Delete
    3. කියන්න අමතක වුනා මචං, මාත් ෆොටෝ එක ඩවුන්ලෝඩ් කරගත්තා අවසරේකින් තොරවම.. පස්සෙ කාලෙක මේ සුන්දර මනුස්සයාගෙ මුහුණ දැකලා, පරණ මතක අලුත් කරගෙන, සතුටක් ලබන්න පුළුවන් වෙන්න..

      Delete
    4. තමන් අනුමත නොකරන දෙයක් නම් ''පෝස්ට් එකයි කමෙන්ටුයි සේරම කියෙව්වෙමි '' කියල හිතත් නොරිදවා යන්න ඔහු සමත් වුනා .

      Delete
    5. බුරා කියල තියෙන දේ නං සහිතික ඇත්ත.

      Delete
    6. බුරා මතකද නිදහස් සිතිවිලි වල උඔලගේ අප්‍රබන්ස කමෙන්ට් කියෝලා ඔබා මාමා දාලා තිබුනු කමෙන්ටුව....

      "මුන්ගෙ මේ කෙහෙම්මල් භාසාවක් හින්ද මීට පස්සෙ කොමෙන්ට් දාන්න වෙන්නෙ හස්ත මුද්‍රාවෙන්...''

      මේවා කියවද්දි "පොර" ඊලග පෝස්ට් එකේ ඉදලා අපිත් එක්ක එකතු වෙන්නෙ නෑ කියලා කොහොමද හිතන්නෙ...

      Delete
  2. ඔබා මාමාට නිවන් සුව ලැබේවා

    ReplyDelete
    Replies
    1. මල් සරා ගයාන්,

      සසර අවසන නිවන ම වේවා!

      Delete
  3. කියල වැඩක් නෑ බුද්ධියො ‍ඔබා මාම නැතිඋනා කියල කොහොම විස්වාස කරන්නද.

    හිතවත් ඔබා මාමාට නිවන් සැප ලැබේවා ...!

    ReplyDelete
    Replies
    1. මුණුපොතේ අපි කොච්චර ඔබා මාමට මඩ වැහුවද ප්‍රසන්නයා. කවදාවත් ඔබා මාමා ට ඒවා වැදුනේ නෑ.

      අර ඔබී නැන්දා මෙහේ ඇවිල්ලා, "ඔබා කුස්සියට රජ වෙයි" කියන පෝස්ටුවට මම මඩක් විදිහට ඇන්ද කාටුන් එක මතකද? අපි කට්ටිය ඒකට කොච්චර මඩ කමෙන්ට් දැම්මද? අන්තිමේ ඔබා මාමා මොනවද කිව්වෙ "උඔලා තාම මඩ ගහනවද, මම මේක මගේ පෝස්ට් එකටත් දාගෙන ඉවරයි" කියලා. හිතාගන්න බෑ.

      Delete
  4. ඔබා මාමා ඇසුරු කල අවසන් බ්ලොග් රචකය්න පිරිස අපි වීමත් එක්තරා වාසනාවක්... ඒත් මම හැමතැනම කිව්වා වගේ, මැයි කියන්නේ බ්ලොග් රචකයින්ට අපල මාසයක්... ගිය අවුරුද්දේ ඉලං, මේ අවුරුද්දේ ඔබා මාමා...!!!

    කාටුන් වලින් සංවේදීම කාටුනය මේක තමා මම බලපු... සොඳුරු නිරීක්ෂකයාණෙනි, ඔබට සුභ ගමන් !!!

    ReplyDelete
    Replies
    1. ඔබා මාමා තමා කමෙන්ට් වලින් සංවාද කරන ක්‍රමය ඇති කලේ.. හෙහ්... අපි බ්ලොග් පෝස්ට් එකකට කිසිසේත් අදාල නැති කාරණා අල්ලගෙන ඔබා මාමාත් එක්ක පැටලුනා.....

      Delete
  5. මේක තමයි ඇත්ත බුද්ධි.. ඔබ ඒක අපූරුවට අවබෝධකරගන තියනවා. ඒ අතින් අපි වාසනාවන්තයි.

    සොඳුරු නිරික්ෂකයාණනී ඔබට සුබ රාත්‍රියක් !!!

    ReplyDelete
    Replies
    1. අද කාටුන් - 14 - සඳහා මම පෙළ ගස්වලා තිබුනේ වෙන කාටුන් එකක්. ඒ කුරුන්ද වෙනුවෙන්.

      පෙළගැස්වීමේ පහසුකම එක්කම ඒක අවලංගු කිරීමේ බොත්තමකුත් බ්ලොගර් විසින් දීලා තියෙන එක කොච්චර දෙයක්ද? හරියට අපේ ජීවිතේ වගේ!

      Delete
    2. ඒ ගැන ස්තූතියි බුද්ධි.. ඒත් දැන් මොන කාටුන්ද කියලා හිතෙනවා.. මට ලියන්ඩවත් හිතෙන්නෑ...ලිය ලිය හිටපු එකත් නතර කරලා දැම්මා..

      නිවන් දක්නා ජාති දක්වා ඔහු අප අතරම ඉපදේවා !!!

      Delete
  6. ඔබා මාමා ලිවූ දේවල් බ්ලොගර්ස්ල මකන එකක් නැද්ද . කාලයක් නොලිය ඉන්නකොට මොකද ඒකට වෙන්නේ . මේ සටහන තැබුවාට ස්තුතියි බුද්ධි . ඔබා මාම වගේ කෙනෙක් ආයේ ලැබෙන්නේ නැහැ . යුග කීපයක් එක කල රන් පාලමක් වැනි මිනිසෙක්

    ReplyDelete
    Replies
    1. බින්දි අක්කා,
      ඉලංදාරියාගේ බ්ලොග් එක ඔහුගේ අන්තිම සටහන සමඟ තවමත් ඒ විදිහට ම තියෙනවා. ඔබා මාමගේ බ්ලොග් එකත් තියේවී. ඒත් ඒ කොළ පැහැති පසුබිම දකින එක තමා අමාරු. අපි සතුට සොයා පිය නගපු ඒ සයිබර් බිම අද පාලුවට ගිහින්.

      අපට වඩාත් සතුට ගෙනෙන්නො - අවසානයේ දුක ද ඒ තරම්ම ගෙනෙති.

      Delete
    2. "අපට වඩාත් සතුට ගෙනෙන්නො - අවසානයේ දුක ද ඒ තරම්ම ගෙනෙති."

      හරියටම හරි.

      Delete
    3. කියල වැඩක් නැහැ. අපේ ගෙදර ආපුවෙලේ අගේට හිටියා. අක්කට මයික් එක දෙන්නෙම නැහැනොවැ. අක්ක අහගෙන ඉන්නකොට අපිතමා කතාකලේ. මතක් වෙනකොටත් දුකයි. ඔබී අක්ක බණ දන්න කෙනා. අපිට වඩා මනසින් දියුණු කෙනෙක්.

      Delete
  7. ඔව් අපි වාසනාවන්ත වුනා. ඔබාමාමා ඉන්න කාලෙ බ්ලොග් ලෝකෙට පය ගහන්න.
    සංසාරේ කොතැනකදි හෝ ඒ සොදුරු මිනිසා අපිට ආයෙම මුණ ගැහෙයි.

    ReplyDelete
    Replies
    1. අඩුම ගානේ අපි එහෙම ප්‍රාර්ථනා කරමු!

      Delete
  8. බුද්ධි අයියේ... මේක ඉස්සුවට කමක් නැද්ද?? ප්‍රසිද්ධ කරන්නෙ නෑ කොහේවත්.. කොම් එකේ තියාගන්න විතරයි.. මතක් වෙන්න, යාලුවොන්ට පෙන්නන්න... මමත් අනාගත බ්ලොග් කරුවො වගේම කරුමයක් කරල මටත් කතා කරන්න වාසනාව නැතුව ගියා.. ගැමි අයිය නම් 4ටෝ එකකුත් ගහගෙන ඇවිල්ල මට පෙන්නුව.. වෙන එක 4ටෝ එකක්වත් පෙන්නුවෙ නෑ... ඔබා මාමයි එයයි ඉන්න එක විතරයි පෙන්නුවෙ... එච්චර තැනක් තිබුණා අපි අතරෙ ඔබා මාමට.. මමත් ලබන අවුරුද්දෙ හරි කතා කරන්න පුලුවන් වෙයි කියල හිතුවා.. ඒත් දැන් හීනයක් විතරයි.. ඔබා මාම නිවන් දකින්න කියල හිතනවද, ආපහු අපි අතරෙම ඉපදෙන්න කියනවද කියල හිතාගන්න නම් මට බෑ.. ඒ දෙකෙන් ඔබා මාම කැමතිම දේ උන දෙන්.. මම දන්නව ඔබා මාම කැමති ආපහු අපි එක්ක ඉන්න කියලා..

    ReplyDelete
    Replies
    1. බුද්ධි අයියේ... මේක ඉස්සුවට කමක් නැද්ද??// කමක් නෑ.
      .....
      ඔබා මාම නිවන් දකින්න කියල හිතනවද, ආපහු අපි අතරෙම ඉපදෙන්න කියනවද කියල හිතාගන්න නම් මට බෑ..// අපි පතන්න ඕන නිර්වානයමයි. මොකද අපි නිර්වානය පැතුවාය කියලා ඔබා මාමා ඊලග භවයෙ දී නිර්වාණයට ලං වෙන්නෙ නෑ. තවත් බොහෝ කාලයක් භව ගමනේ යෙදෙනවා.

      අපි නිර්වාණය ප්‍රාර්ථනා කිරීමෙන් ඒක ඔබා මාමා වෙනුවෙන් කළ දෙයක් වෙනවා. අපි අපි අතරම ඉපදේවා කීමෙන් අපේ සිත සනසා ගැනීම වෙනුවෙන් කළ දෙයක් වෙනවා.

      ගැටලුව ඒක නෙමේ. ඔබා මාමා මේ යන භව ගමනේ දී අප අතර ම බෝහෝ භවයන් හී ඉපදෙන්න පුලුවන්. හැබැයි ඒ ඉපදුනත් අපි මේ ඇසුරු කල ඔබා මාමා නෙවෙයි ඒ. ඒ ඔබා මාමා මේ විශ්වයට ආය කවදාවත් එන්නෙ නෑ. එකයි ලෝක ස්වාභාවය.

      Delete
    2. ඔව් මේ ඔබා මාමාම නැවත කිසි දිනක අපට හමුනොවන බවනම් පැහැදිලියි.

      මමත් පින්තූරේ උස්සන්නම්.. බ්ලොග් එකේ දාන්ඩ.

      Delete
    3. ඔව්.. ඒ කතාව ඇත්තටම ඇත්ත.. මට තේරුණා.. අපේ ඔබා මාමා පුලුවන් තරම් ඉක්මනට නිර්වාණ සම්පත්තිය පත්වේවා! කියල මමත් ප්‍රාර්ථනා කරනවා එහෙනම්..

      Delete
  9. ඔබා මමේ නිවන් දකින්නට පෙර එකම එක වතාවක්වත් ආපහු අපේ අතරට පැමිනෙන්න

    ReplyDelete
  10. අදහාගත නොහී මොහොතක නික්මගිය සොඳුරු මිනිසානෙනි...ආදරණීය ඔබා මාමේ ඔබට නිවන්සුව අත්වේවා.............

    ReplyDelete
  11. ඔබා මාමේ ඔබට මොක් සුව

    ReplyDelete
  12. මිනිස්සු ඉපදෙන්නේ මැරෙන්න තමයි කියල හිත හදා ගන්න පුළුවන් .. ඔබා මාමත් තවත් එක් මිනිහෙක් වුනා නම් . . . ඔබ නැති අඩුව හුගාක් දැනෙයි අපිට

    ReplyDelete
  13. ඇත්තටම ඔව් මටත් ඔබා මාමාගේ ඇසුර ලබන්න වාසනාව නැතුව ගියා.ඔහු බ්ලොග් අවකාශයේ සොඳුරු මිනිසෙක් වගේම මහා දැවැන්තයෙක් බව මට පසක් වුනේ සයිබර් බක්මහ උළෙල පින්තූර බලනකොට.ඊට පස්සෙ තමා මම හිතුවේ ඔබා මාමාගේ බ්ලොග් එක කියවන්න ඕනෙ කියලා.මේ වෙනකොට මම ඒකේ ලිපි බොහොමයක් කියවලා ඉවරයි.සේරම කියවලා කමෙන්ට් එකක් දානවා කියලා හිතුවා. ඒත් මම පරක්කුයි.ඔව් ඇත්තටම මම පරක්කුයි. මගේ බ්ලොග් එකේ කවදාවත් ඔබා මාමාගේ කමෙන්ට් එකක් වැටෙන්නෙ නෑ.ඉතින් මට වගේම තවත් ආධුනික බොලොග් කරුවන් සිය දහස් ගනනකට ඒ වාසනාව අහිමිව ගියා.

    ඔබා මාමේ ඔබට අජරාමර නිවන් සුව!

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ඔබා මාමා සොදුරු මිනිසෙක්. අපි ගරු කරන බ්ලොග් කාරයෝ ඔන තරම් ඉන්නවා මේ බ්ලොග් ලෝකේ.

      ඒත් ඔබා මාමා අපේ මාමා කෙනෙක් වගේ. ජීවිතේ පලවෙනි වතාවට ඔබා මාම දැක්ක කොල්ලෝ කෙල්ලොත් ඔබා මාමාගේ ඇගේ එල්ලිලා හිටියේ අපි ගරු කරනවටත් වඩා ඔබා මාමාට තියෙන ආදරේ හන්දා.....

      Delete
  14. මම තවමත් බ්ලොග් ලෝකයට ආගන්තුකයි..ඒත් ඒ ලෝකයට පිය නගපු පලවෙනි දවසෙ ඉඳන් මගේ මුළු හදවතින්ම මම ඒකට බැඳුනා..මම ඔබා මාමා කියන චරිතය පුද්ගලිකව හඳුනන්නෙ නෑ..ඒත් සහෘද බ්ලොග්කරුවන්ගේ ආදර ගෞරවයට මෙතරම් බඳුන් වෙන්නනම් ඔබ අනිවාර්යයෙන්ම බ්ලොග් අවකාශයේ මහා වළාවක්ව රජයන්න ඇතී..යළි වඩින්න අප අතරටම...බ්ලොග් ලෝකයේ අනාගතයට ඔබ නැති අඩුව තදින්ම දැනෙනු ඇත.....

    ReplyDelete
  15. හුඟක් අයගෙ ඔබා මාමා, ටික දෙනෙකුට ඔබා අයියා, කිහිප දෙනෙකුට නිකම්ම ඔබා වුන ඔබ සිංහල බ්ලොග් අවකාශයේ තරුණ, වැඩිහිටි සියළු දෙනාගෙම ආදරණීයයෙක්, සමීපතමයෙක් වුණේ ඉතාමත් කෙටි කාලයකින්. එතරම් කෙටි කාලයකින් හැමෝගෙම ආදරය, ගෞරවය දිනාගත් කිසිවෙක් මේ සයිබර් අවකාශයතුළ කිසිදාක පහළ නොවූවා සේම කිසි දිනෙක පහළ නොවේවි. එයයි ඔබ තුළ තිබූ සුවිශේෂත්වය. ඔබවැනි සහෘදයෙක්, ලෙන්ගතු වැඩිහිටියෙක් මේ තරම් හදිසියෙන් එක් වරම නික්ම යාම අපි කොහොම ද දරාගන්නෙ, විශ්වාස කරන්නෙ. වෙනදාට නිදහසක් ලද සැනින් බ්ලොග් අවකාශයට එන්නෙ කොයිතරම් නම් සතුටකින් ද? ඒත් අද දරා ගන්න බැරි පාළුවකින් සිත වෙළිල ගිහින්. මේ හැමදෙයක්ම නැවත Undo කරන්න පුළුවන්නම්, ඒත් සැබෑ ජීවිතේට මොන Undo ද? ඔබ අපට නොකියම අපෙන් සමුඅරන්. ඒත් ඔබට සමුදීමට නොහැකිව අද අපි හැමෝම ලත වෙනව. නොකියාම නික්ම ගිය සහෘදයාණනි! ඔබට සුබ ගමන්.

    සදාදරණීය සනත් අංකල්, ඔබට අමාමහ නිවන්සුව අත්වේවා !!!

    ReplyDelete
  16. හිත කියන්නේම මෙික බොරුවක් කියලා..... ඔබා මාමා අපි අතරේ ඉදපු සුන්දරම මනුස්සයෙක්. ඒත් ඒ සුන්දර මිනිසාණන් සමග සයිබර් අවකාශයේදි හෝ එක මොහොතක් හරි ගත කල කාලය මහමෙරක් තරමට වටිනවා...!!!

    ReplyDelete
  17. ඊයේ උදේ මම කොමෙන්ට් කියවන්න සයිබර් යායට ආවම දැකපුදේ ගනන් ගත්තේ නැහැ විහිළුවක් කියලා හිතුවා.ඊට පසු වෙනත් බ්ලොග් එකක් කියවන විට එහි මාරයගේ..... බ්ලොග් එකෙ පොස්ටුව පිලිබද සටහන දුටුවා ඒත් එවෙලේ මම කියවපු බ්ලොග් එකේ ඊයේ දිනයේම ඔබා අයියා කොමෙන්ට් කරලත් තිබුනා. එම බ්ලොග් එක කියවීම නතර කරලා මාරයාගේ......... බ්ලොග් එකට ගියාම තමයි ඔබා අයියා මියගිය බව දැනගත්තේ.
    මම වැනි බ්ලොග් කියවන අය වෙත වුවත් ඔහු දැක් වූ ප්‍රතිචාර ඉතාම ලෙන්ගතුයි.ඒ ලෙන්ගතුකම අව්‍යාජ එකක් බව අපට දැනුනා ඒ නිසාම ඔබා අයියා අපේ සමීපතම හිතවතෙකු ලෙස දැනුනා.
    ඒත්.....අනාගත බ්ලොග් කියවන්නන්ට හා ලියන අයට එවැනි සොදුරු හිතවතෙක් හමුවන්නේ නැහැ.ඒ නිසා ඒ සුන්දර මිනිසා පිලිබද සොදුරු මතකයන් බ්ලොග් අවකාශයේ රදවා ගැනීම හා අනාගතයට රැගෙන යාම සහොදර බ්ලොග් කරුවන්ගෙන් අප බලාපොරොත්තු වෙනවා.....
    කිසිදින මුන නොගැසුන වචනයක් හො කතා නොකල එනමුත් අපේ සිත සසල කළ සොදුරු හිතවතාට නිවන් සුව!

    ReplyDelete
  18. "ඔබා මාමා ඇසුරු කිරීමට අප වාසනාවන්ත වූවද, මෙතැන් සිට සිංහල බ්ලොග් අවකාශයට පැමිණෙන සියල්ලන්ට ඒ වාසනාව අහිමි වී ඇති බව මට පසක් විය."

    ඒ කතාවනම් සම්පූර්ණ ඇත්ත අයියේ..

    ReplyDelete
  19. බුද්ධි , ඉලන්දාරියා එතකොට අපේ ඔබා මාමා ලියපු සටහන් සංරක්ශණය කරන්ඩ ක්‍රමයක් තියන්වද ? එහෙම දෙයක් කරන්ඩ බැරිද ? හදිසියෙන් හරි ඔය බ්ලොග් වල අවුලක් උනොත් ඒ වටින මතකයන් සදාකාලයටම නැති වෙයි.........
    ඔබා මාමා ගියත් ඔහුගේ මතකය බ්ලොග් පිටු හරහා සෑහෙන කාලයක් රැදිලා තියේවි .........
    හැබැයි ඒකත් ජීවිතය වගේම අනිත්‍යයි.........!
    දෑසින් නුදුටු ඒ සොදුරු හිතවතාට නිවන් සුව පතමි .

    ReplyDelete
    Replies
    1. ඒක ගැන නං මමත් දන්නෙ නෑ. මම ඒ කාලේ අවුරුදු පහ හයකට කලින් බ්ලොග ගැන ඉගෙන ගන්න නිකමට හදාපු බ්ලොග් එහේමත් තාම තියෙනවා අවුලක් නැතුව හැබැයි.

      Delete
  20. ඔබට නිවන් සුව ඔබා මාෙම්...!

    ReplyDelete
  21. ඔබා මාමට සුභ ගමන්!

    ReplyDelete
  22. කවදාවත්ම දැකලා නැති වුණත්...කතා කරලා නැති වුණත්....බ්ලොග් වලින්ම හඳුනා ගත්තත්....අපිට ළංවෙලා හිටපු කෙනෙක් දාලා ගියා වගේ..

    ඔබා මාමට නිවන් සුව ලැබේවා!!!

    ReplyDelete
  23. සැන්දෑව එළඹීමත් එක්කම විවේකයක් ගන්නට ඉඩ සැලසිලා......
    රාත්‍රිය උදාවුණත් නැවතත් පසු දින හිරු පායාවි.
    අලුත් දවසක් උදාවේවි.....
    එතෙක් ඔබට සුභ රාත්‍රියක් ඔබා මාමේ....................

    ReplyDelete
  24. බුද්ධි, ඔය අනික් අය‍ට අවසර දීල තිබුන නිසා මමත් අවසර නොගෙන ම පින්තුරය බාගත කරා. Hope you dont mind...
    ඒ සොඳුරු මිනිසා පිලිබඳ මතකයෙන් බිඳක් මගේ ලැපයේත් සුරක්ෂිතව තියේවි..
    Thusitha Dhammika aka Marumoos...

    ReplyDelete
  25. මේ සිදුවීම අහපු වෙලේ ඉඳන් නැගුණු කඳුල තාමත් වියැකිලා නෑ.මට හිතාගන්නවත් බැරි තරම් නිහතමානී මනුස්සයෙක් ඒක මම දැනගත්තේ අවුරුදු උත්සවේදි කතා බහ කලාම.ඒ හිනාව කවදාවත් අමතක වෙන්නේ නෑ....

    මම ඔබා මාමගේ බ්ලොග් එකට යන්න කලින් මාරයා අයියගේ ඔයාගේ සඳරු අයියගේ බ්ලොග් කියව කියව කොමෙන්ට් කර කර හිටියේ.අහම්බෙන් ඔබා මාමගේ බ්ලොග් එකට කොමෙන්ට් කරලා ඇවිත් බලද්දි ඔබා මාමත් හැරුණු තැපෑලෙන් මගේ බ්ලොග් එකට කොමෙන්ටුවක් දාලා තිබුනා.මම හිතුවේ නෑ ඒ තරම් ජනප්‍රිය කාර්යබහුල පුද්ගලයෙක් මගේ බ්ලොග් එකට ඇවිත් ෆලෝ කරයි කියලා.දිගටම එයි කියලා.මොන වැඩේ තිබ්බත් කියවන්න අකමැති කවි දැම්මත් මොකාක් හරි කොමෙන්ට් එකක් දාලා යනවමයිනේ...ඒත් ආයේ ඔබා මාමා නේන එක ගැන සෑහෙන්න දුකයි....

    ඔබා මාමේ සමහර විට ඔයා කොහේ හරි ඉඳන් බ්ලොග් දිහා බලාගෙන ඉන්නවත් ඇති...ඕනයා අයියා ඔබා මාමට කීයක් ජාති නම් කියන්න ඇත්ද ඒවා කොහොම ඉවසුවද කියලත් හිතෙනවා...මේ තරම් මනුස්සකමක් අපිව දාලා ගිය ඉක්මන...
    මමත් මේ පොටෝව ගන්නම් බුද්ධි අයියේ

    ආදරණීය ඔබා මාමේ ඔබට නිවන් සුව!

    ReplyDelete
  26. සදාකාලික තාරුණ්‍යය... ඒක තමයි හරිම වචනේ... ආයේ වෙන මොනවත් ඕනේ නෑ...

    ReplyDelete
    Replies
    1. සදාකාලික තාරුණ්‍යය...

      එහෙම ජීවත් වෙන්නෙ වාසනාවන්තයො......

      බීටා උඹ මෙහෙම කිවුවා මතකද....

      //සමහර මිනිස්සු කොච්චර සතුටින් ඉන්නවද කිව්වොත් ඒගොල්ලෝ යන යන තැන් වල වැඩි සතුට ඔහේ ඉතිරිලා වටේටම ගලාගෙන යනවා.//

      ඔබා මාමත් එහෙම කෙනෙක් කියලයි හම්බ උන අවස්තා දෙක ගැන කල්පනා කරාම හිතෙන්නෙ........

      Delete
  27. ඔබට නිවන් සුව ඔබා මාමේ...

    ReplyDelete
  28. හිතට දැනෙන දේ අකුරු කරගන්න බැරුව ඉන්නකොට, බුද්ධි ඒ දේ හරියටම කරල තියෙනව. ඒ වගේ කෙනෙක් ආයෙ නම් නො ඒවි :(

    ReplyDelete
  29. ආදරනීය ඔබා මාමාට නිවන් සුව අත් වේවා !!!

    ReplyDelete
  30. මේ පුංචි ලෝකයේ සාබිතුයි මායි ඉක්මනටම හම්බවෙන්න ගොඩක් ඉඩ තියනවා..ඔබා අවසන් වරට මා එක්ක යතුරු පුවරුව හරහා දොඩමලු උනේ ඒ විදිහට!සුභ ගමන් ඔබා මාමේ!

    ReplyDelete
  31. සිංහලබ්ලොග් ලෝකයේ ඔබාමාමාසදාඅමරණීයයි.
    ඔබතුමාට නිවනට මගපෑදේවා,,,

    ReplyDelete
  32. ආදරනීය ඔබා මාමේ ඔබට නිවන් සුව අත් වේවා කියලා කියලා කිවුවත්.... ආයේ අපි අතරම ඉපදෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.... ;(

    ReplyDelete
  33. රූපය දිරයි නාමය නොදිරයි..
    "ඔබා" සදාතනිකව අප හදවත් තුල ලැගුම් ගනු ඇති...

    ReplyDelete
  34. කවදාවත් දැකලවත් නැතුව, වචනයක්වත් කතා කරන්නේවත් නැතුව සයිබරයේ ලියපු වචන කීපයක් හරහා පමණක් අපේ හිත් තුලට රිංගන්න පුළුවන් උනේ ඔබා මාම සුන්දර මනුස්සයෙක් නිසා.
    ඔහුට නිවන් සුව ලැබේවා...!!

    (මමත් ෆොටෝ එක බාගත කර ගත්තා)

    ReplyDelete
  35. අදයි දඅක්කෙ. ලියන්න බෑ ගොඩක් දේවල් ඔබා මාමාට නිවන් සුව.

    ReplyDelete
  36. මෙව්ව කියවනකොට දුක වැඩියි....ඔබා ඔබට නිවන්සුව !!!

    ReplyDelete
  37. එතුමාට නිවන් සුව පතමි...

    ReplyDelete
  38. ඔබා මාමාට නිවන් සුව !

    ReplyDelete

ඔබේ පංගුව...

...................................................................

Related Posts Plugin for WordPress, Blogger...