2012/06/23

අද කාටුන් - 19 - මහවෙදනා දැක්වෙන ඉපැරණි ලෙන් සිතුවමක් | අතීතයේ දී නවීන තාක්ෂණය භාවිතා කළ බවට මෙන්න සාක්ෂි.....!

පසුගිය දා නිධානයක් කැණීමට ගොස් සිටි පිරිසකට මෙහි පැවතුනා යැයි කියවෙන, බොහෝ පිරිසක් අදටත් මිත්‍යාවකැයි සැක කරන "ලංකාවේ ‍ආශ්චර්යමත් යුගය" පිළිබඳ ‍බොහෝ තොරතුරු ඇතුලත් වූ බිතු සිතුවම් අඳින ලද ලෙන් සමූහයක් හමු වී ඇත.

ඝන වනාන්තරයට හසු වී පුරාවිද්‍යාඥයින්ගෙන් හා ඉතිහාසඥයින්ගෙන් මෙතෙක් කල් සැගව තිබූ මෙම ලෙන් සමූහය පසුගිය දා හමු වීමත් සමග ම මෙහි පැවතුනා යැයි සැක කල ආශ්චර්යමත් යුගය ගැන වඩා වැදගත් තොරතුරු රාශියක් ආනාවරණය කරගැනීමට හැකි ව ඇත.

මෙම සිතුවම් අතරින් ඉතා විශිෂ්ඨතම සිතුවම වන්නේ පහතින් දක්වා ඇති සිතුවමයි. 

මෙයින් දැක්වෙන්නෙ ආශ්චර්මත් යුගයේ ලංකාවේ පිහිටි වෙද ගෙදරකි. වෙද මහතා හා එම මහත්මිය කතා බහ කරන ආකාරයක් සිතුවමින් දැක්වේ. සිතුවම ඉතා සුපරික්ෂාකාරීව විමර්ෂණය කර බලන්නෙකුට වර්තමානයටත් වඩා එකල නවීන පරිගණක තාක්ෂණය භාවිතයට ගන්නා ආකාරයත්,  ඒවා පණ ගැන්වීමට විදුලි බලය තිබු බවත් සිතිය හැකි සාධක සිතුවමෙන් දක්නට ලැබෙයි. ඊට අමතරව ඔවුන් දෙදෙනාගේ දෙබස් පරික්ෂාකාරී ලෙස විමර්ෂණය කිරීමේ දී එදිනෙදා ජීවිතයට නවීන තාක්ෂණය කෙතරම් දුරට සමීප වී ඇති ද යන්න මොනවට පැහැදිලි වේ.

නමුත් ඇතැම් විද්වතුන් පවසන්නෙ සිතුවම් ශිල්පියා විසින් කාටත් නෙපෙනෙන සේ සිතුවම හරහා නයෙන් ඇර ඇති බවයි.

කෙසේ වෙතත් "වෙදගෙදර මහවෙදනා බ්ලොග් ලිපියෙන් සෙන්චරිය ගැසූ වගයි" යනුවෙන් මෙම සිතුවම නම්කර තිබීමෙන් එකල ද බ්ලොග් ලිවීම ප්‍රචලිතව පැවතී ඇති බවත්, මේ වෙදනා නම් තැනැත්තා ද බ්ලොග් කරණයට අගනා ලිපි එක් කරමින් සිටි පුද්ගලයෙකු බවත්, මේ සිතුවම අතිදක්ෂ විදෙස් සිත්තරෙකු විසින් නවීන සිත්තර ඇඳීමේ උපකරණයක් භාවිත කර, මහ වෙදනාගේ සිය වැනි ලිපිය මුදා හැරීම සමරණු වස් ඇඳි එකක් බවත් සිතිය හැකි යැයි පුරාවිද්‍යාඥයෝ පවසති.

බැලු බැල්මට සිතුවම කුඩාවට පෙනුනද, සිතුවම වඩා හොදින් විශ්ලේෂණය කිරීමට සහ වෙදනාගේ හා හාමිනේ ගේ දෙබස් කියවීමට අවශ්‍ය පුද්ගලයින්ට, ඒ මත ඩබල් ක්ලික් කර සිතුවම විශාලනය කර වැඩිදුර තොරතුරු සොයාගත හැකි බව ඔවුන් වැඩි දුරටත් පවසා සිටීයි.

මේ සිතුවම ගැන ඔබගේ අදහස් දැක්වීමට ද දැන් අප අවස්ථාව සලසා ඇත.


මෙවැනි ම වු විමර්ශණයකින් නැවත හමුවෙමු
..............................................
- විදෙස් සිත්තරා.

සැලකිය යුතුයි - මෙහි ඇතැම් කරුණු නිරවද්‍ය වේ.

107 ක් කියන්නේ !:

  1. විදෙස් සිත්තරෙක් මේක ඇන්දනං, උඹ මක්කටැයි 'බුද්ධි ප්‍රසාද්' කියලා උඹෙ අස්සන ගහලා තියෙන්නෙ..!!?? බුද්ධිමය ‍දේපල මංකොල්ලකෑමක් වගෙයි පේන්නෙ..

    ReplyDelete
    Replies
    1. යකෝ නඩු දාන්න එපායැ.

      Delete
    2. බඩු මාට්ටුයි. වංචාව හෙළි වේ. බුද්ධියාගේ නිරුවත පෙනේ.

      Delete
    3. බුරා,

      ඒ වොටර් මාක් එක බන්..... සයිබර් යායට සිත්තරයක් වැටෙද්දි ඒ අත්සම ඉබේ වැටෙන්ඩයි සෙට් කරලා තියෙන්නෙ...... උඔ ඒකටනේ ඔය රැවටිලා තියෙන්නෙ...
      ..................

      ප්‍රසන්න,
      බූරාට නේද?
      ..........

      ඉෂාර,
      නිරුවත පේන්තැතුව ඉන්ඩ ගියාට බෑ බං.... දැනටම දෙතුන් දෙනෙක් නිරුවත දැකලා තියෙන්නෙ මගේ හිතේ......

      Delete
    4. බලාගන !! ලොක් වෙයි !! :-)

      Delete
  2. අද පින්තූරේ මම දැකපු විදෙස් සිත්තරාගේ ලස්සනම සිත්තරේ කීවොත් වැරදි නෑ. අනෙක්වත් ලස්සන උනාට, මේ සිත්තරේ ඇති පැරණි ගතිය හරිම අපූරුයි. පොඩ්ඩිටත් හිතෙනවා ඒ වෙද ගෙදර පදිංචියට යන්ට.:)

    මහ වෙදනාගේ සීයට ඔන්න අපෙනුත් සුබ පැතුම්.

    ඇයි විදෙස් සිත්තරෝ සීගිරි කාලේ ඇඳුම්වලින් ඔය ජෝඩුව සැරසුවේ නැත්තේ? :D

    ReplyDelete
    Replies
    1. මෙයා මගුලක් කතා කරනවා මේක මහනුවර යුගයේ චිත්‍රයක් මෙව්වා සීගිරියේ ඇඳුම් වලින් සැරසුවනම් මේ දෙන්නටම බෙල්ලේ ගලක් ගැටගහගෙන බෝගම්බර වැවට පනින්න වෙන්නේ....

      හැබැයි මාත් දැකපු ලස්සනම චිත්‍රය මේක...

      Delete
    2. කෝ අර වප් කුමරුන්ගෙන් සිත්තර වරම් ලබපු චිත්‍රය? Please add a link here.

      Delete
    3. කුමාරිහාමි, ගැමියා,
      වැනුවට ස්තුතියි.

      ඇයි විදෙස් සිත්තරෝ සීගිරි කාලේ ඇඳුම්වලින් ඔය ජෝඩුව සැරසුවේ නැත්තේ? :D// ඇත්තම කියනවානම් ඒවගේ අඳින එක හෙන අමාරුයි. ආයෙත් ඇත්තම කියනවානම් සීගිරි සිත්තරවල ඇඳුම් නැතුව පෙනුනට ඔරිමජිනල් සිත්තරේ ඇදුම් තිබුනා කියලයි මම ඉගෙනගෙන තියෙන්නෙ..... ඒක පහුකාලිනව විකෘති කලාලු.

      අනික, මට කියලා පොඩ්ඩි වෙද හාමිනේට සිරිගි ඇඳුම් අන්දවලා වෙදනා‍ට කියලා හොඳවයින් දෙකක් ඉල්ලා දෙන්ඩද කල්පනාව...
      ...........

      කතන්දර,
      වැප් කුමරුන්ගේ සිත්තර වරම් ගත්තු සිත්තරේ කොහේ හරි තිබුනා ඔන්ලයින් තැනක. දැන් මතක නෑ.. මමත් ගොඩක් සැරයක් හෙව්වා.... අනිවා ඒක මම මෙතෙන්ට ලින්ක් කරන්නම් හොයලා.. ඒකේ තියනවානේ පොරකගේ නියත විවරණයකුත්...

      Delete
    4. චීයා මේ පොඩි කෙල්ලගෙ වල්කම...

      …පින්තූරෙ නම් මල් හතයි...

      Delete
    5. @කතන්දර,

      කෝ අර වප් කුමරුන්ගෙන් සිත්තර වරම් ලබපු චිත්‍රය? Please add a link here./// ඔන්න අදයි හම්බඋනේ,

      http://2.bp.blogspot.com/_JIEzJKfbch8/TCn96TGJzKI/AAAAAAAAA1E/AHmWkeEyRJU/s1600/01+Mahanuwara+Ugaya.jpg

      Delete
  3. e kale puduma thakshanayakne thibila thiyenne.balamu maha vedana mokada kiyanne kiyala.

    ReplyDelete
    Replies
    1. අවතාර්, අනේද කියන්නෙ පුදුම දියුණුවක්නෙ තිබිලා තියෙන්නෙ....

      අන්න වෙදනා අදහස් දක්වලා තියෙන්නෙ.......

      Delete
  4. මම එකද

    තරහා ගිහිල්ලද වෙද මහත්තයට
    අර හාමීනේට නරක වචනයක් කියලා බනින්නේ
    දුරබණුව කියන්නේ ඒ කාලයේ කූනුහබ්බයක්ද

    ReplyDelete
    Replies
    1. අටං,
      මම එකද? මොනවා අහනවද මම දන්නැ පරක්කු වෙලා ඇවිල්ලා....

      දුරබණනය කියන්නෙ කුණුහරපයක් නෙමේ, කුණුහරප කියන්ඩ පුලුවන් එකක් හෙහ් හෙ...

      Delete
  5. අගනා සොයාගනීමකි....!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි, ඉන්ද්‍රජිත්.

      Delete
  6. නුවර යුගයේ සිත්තමක් වගෙයි.

    ReplyDelete
    Replies
    1. ඒ වගෙයි...... ස්තුතියි බිංදුමතී අක්කා.

      Delete
  7. ඇත්තටම මේක තමයි චූටි මහත්තයා ආශ්චර්ය කියන්නෙ. ඒ කාලෙත් අපේ වෙද උත්තමයො දුරකතන උන්නාසෙලා කොම්පියුටර් උන්නාන්සෙලාගෙන් වැඩගත්තෙ. මේ එළිදරව්වට ඔහේ මහමෙවුනාවෙ දෙයියෙක් වෙලා උපදිනවා.
    අද්භූතයි. ආශ්චර්යයි.... සාදු සාදු..සාආආආආආ

    ReplyDelete
    Replies
    1. ඇඩෙනවා නේද හසන්..... සොරි සොරි ලකීවික්‍රමසිංහ!!!

      ස්තුතියි :):):)

      Delete
  8. මේ කියන්නෙ තව අවුරුදු 100 කට විතර පස්සෙ හම්බෙන් සිතුවමක් ගැන වෙන්ටෑ..

    සිත්තරේ මරු.. බුද්ධිඝෝෂක කතා වස්තුවෙත් මේ වගේ සිත්තරයක් තිබුනා මට මතකයි,,

    වෙද මහතාගේ සෙන්චරියට සුබ පැතුම් !!

    වෙන්ඩ බැරි වුනත්, අදත් මම එකද මංද ?

    ReplyDelete
    Replies
    1. අන්න හරි මේ මල්ලි ඔන්න හරියට තේරුම් ගත්තා!! සොරි අයියා.

      බුද්ධිඝෝෂ කතාවස්තුවේ වගේම ඊට කලිනුත් මම එකක් ඇන්දා... ඒක අස්ථාන ගත වෙලා නොවැ.....

      ස්තුතියි මේ පැත්තෙ ආවට... අදත් එක නේන්නම්... හැබැයි ලංකාවෙ න් පිට ඉදලා කමෙන්ට් කරන අයගේ හෙහ් හෙ....

      Delete
    2. අයියා ?.. ඒ කියන්නෙ උඹ මට වඩා බාලයි ඈ.. තැන්කු මල්ලී.

      කොහෙද ඒත් නෑනේ. ඔය තව ඉන්නෙ රටින් පිට ඉන්න ඈයෝ..

      Delete
  9. හාමිනේ වැඳගෙනද ඉන්නෙ?

    ReplyDelete
    Replies
    1. ඔව්.... :)

      ස්තුතියි ආවට මුලින්මද මන්දා කෙහෙල්කොටුවට ආවේ...!

      Delete
  10. පළවෙනි කමෙන්ට් එක එකතු කරන්න ලැබීම ගැන සතුටුයි. මට දැන ගන්නට ලැබුන පරිදි මෙම ඉපරනි බිතු සිතුවම මෑතකදී කැලෑවට රිංගන ලද විදෙස් සිත්තරෙකු එහි මැකී ගිය කොටසෙහි තිබූ බෙහෙත් බූලිය, පන්හිඳ හා තල්පත් වෙනුවට තමා මහ ලොකුවට සලකන පරිඝණකයක් ඇඳ පිලිසකර කර ඇති බවයි.

    ReplyDelete
    Replies
    1. සුදීක,
      ස්තුතියි. පළවෙනි කමෙන්ට් කිව්වෙ.....!

      ඇත්තටම බෙහෙත් බූලිය කියලා එකක් තියෙනවද? මම හිතුවේ බූලිය කියන්නෙ සිංහල වචනයක් නෙමේය කියලා.

      කාලයක් මමත් පරිගණකය මහ ලොකුවට සැලකුවා නං තමා.. හෙහ් හේ...

      Delete
  11. මළ හත් ඉලව්වයි. ඔය තියන්නේ තාප්පෙටම .....ලා හොදයි, ලස්සනයි. මගේ බ්ලොගියේ එල්ලා ගැනීමට අවසර පතමි.

    ReplyDelete
    Replies
    1. එල්ලා ගැනීමට මෙන්න අවසර!

      Delete
    2. තිබ්බ නේද ලබ්බට තිබ්බ අත පුහුලටත්.. අන්න පාර කිවුව මහා වේදනාත් ඉල්ලන් කාලා. අහෝ සැපයි අහෝ සැපයි...

      Delete
    3. වෙද මහත්තයා ඇත්තටමද දන්නැ බිත්තියෙ එල්ලවා කිව්වෙ..... මං එහෙම උනොත් යාලුවන්ටත් කියන්ඩයි ඉන්නෙ....මගේ චිත්‍රයක් ටීවී එකට එන වෙද මහත්තයෙක් බිත්තියෙ එල්ල ගන්නවයි කිව්වා කියලා. හෙහ් හේ.. ඒ කතාව ඇත්ත නං ඊට කලින් මාව පොඩ්ඩක් දැනුවත් කරන්න හොදේ!

      Delete
  12. ෂෝක් චිත්තරේ වගේම ෂෝක් නයා.
    මටත් පේන්නෙ මේ චිත්තරේ හොයාගන්නකොට මේකෙ මොකක් හරි මැකිල තිබිල පස්සෙ ඒක අනුමානයෙන් උපකල්පනය කොට ඇඳල වගෙයි. :D

    ReplyDelete
  13. හප්පා . . . ඒක කාලේ කොයි තරම් නම් දියුනුවක් තියෙන්න ඇද්ද . . . .. හෙ හෙ එහ . . අහ් පින්තූරේ නම් සුපිරි . . වෙද මහත්තය සීයක් ලියලද? මම හිතුවේ නම් ඊට වඩා ගොඩාක් වැඩි වෙන්න ඕන කියලා . . .

    ReplyDelete
    Replies
    1. ප්‍රසා, අපි උපකල්පනේ මත පිහිටලා කරුණු කාරණා තියන්නෑ නෙව. ඔකේ වැරැද්දකට තියෙන්නෙ වෙදනාගෙ උඩු රැවුල ඉතරයි. ඒක මම හිතලා දැම්මෙ... සිත්තරේ ගතිය වැඩි වෙන්ඩ.....:P
      ..................

      දුකා,
      පින්තූරෙ වැනීම ගැන තුති. වෙද මහත්තයාව මම අදුනගත්තෙත් මාස ගානකට කලින්...... පස්සෙ පරණ ලියුම් කියෙව්වා කියන්නෙ.... දැං හරි! සීය තමා!

      Delete
  14. අති විශිෂ්ටයි. වෙද මහත්තය ඕක රාමු කරලා තියා ගන්නවා සිකුරුයි.

    ReplyDelete
  15. අති විශිෂ්ටයි. වෙද මහත්තය ඕක රාමු කරලා තියා ගන්නවා සිකුරුයි.

    ReplyDelete
    Replies
    1. ඉඳුනිල්, එහෙම උනොත් කාටද ආඩම්බර නේද?

      Delete
  16. හප්පා ඒ කාලේ නෙව අපිට ඉන්න තිබුනේ . බිද්ධි ඇඳපු කාටුන් වලින් මම කැමතිම කාටුන් එක මේක

    ReplyDelete
    Replies
    1. සඳරු,
      බිද්ධි ඇඳපු කාටුන් වලින් මම කැමතිම කාටුන් එක මේක//

      එතකොට මම ඇදපු ඒවලින් කැමතිම එක මොකද්ද? :P

      Delete
    2. අයියේ උඹ ඇඳපු එක සිත්තමකටවත් මම කැමති නෑ මම කැමති විදෙස් සිත්තරා අඳින සිත්තම් වලට ..

      ඉස්පිල්ලක් වැරදුනාට සමාව .අයියන්ඩි

      Delete
  17. උපරිමයි බුද්ධි අයියේ ආයෙ කියන්න කිසිම දෙයක් නෑ මේකනම් ඉපැරණි චිත්‍රයක් වගේම තමා සුපිරිම සුපිරි... ප්ලග් එක ගහලා තියෙන තැනත් මරු...

    මේක තමා මම ගොඩක්ම ආස චිත්‍රය මාර ලස්සනයි.... හැකියාව අති විශිෂ්ටයි මෙහෙමත් අඳින්න පුළුවන් කියලා දන්නේ අදනේ....

    ReplyDelete
    Replies
    1. ගැමියා, ප්ලග් එක ගහපු එක ගැන කීපදෙනෙකුට හිත ගිහිල්ලා. සිත් ඒක තව ආලවට්ටං දාලා අඳින්න තිබුනෙ.....

      ස්තුතියි වනපු වැනිල්ලට......

      වෙද මහත්තයට විස් කොරන්න ගියාද? හෙහ් හේ....

      Delete
  18. හුටා.. ඒ කාලේ වැඩ වෑර්ලස් වගේ.. විදෙස් සිත්තරා මේක හොයාගත්තේ ගල් ගුහාවක වහලේ එල්ලලා තිබිලයි?

    ReplyDelete
    Replies
    1. ක්සැන්ඩර්,
      හ්ම් වැර්ලස් තමා. මොකෝ වයර්ලයින් කියන තරම් ස්පීඩ් නෑ නොවැ.....

      මේක හොයාගත්තේ ගල් ගුහාවක වහලේ එල්ලලා තිබිලයි?// ඇයි අපේ සොයාගැනීම් වලට මෙහෙම මෙව්වා කරන්නෙ. ග්‍රැහැම්බෙල්ලා, ගුග්ලිමෝලා ඒ කාලේ නැතිවෙච්ච පිහියක් දරගොඩක තිබිලා හොයා ගත්තත් පේටන්ට් දුන්නලු. ඕගොල්ල ඒ අතින් අපි ගැන සලකනවා මදි ඈ....!:P

      Delete
  19. සිත්තරේනම් ලස්සනේ බැරුවා . සෝලියස් මැන්දිස් මහත්මයාගේ ගෝලයෙක් වත්ද ?

    අපි කලින්ම ගිහින් සුභ පතලා ඉන්නේ . මම ඉතින් මහවෙදනගේ සුවච කිකරු ගෝලයෙක්නේ :D

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ගිම්හානී,
      සෝලියස් මැන්දිස් මහත්තයා ගැන කිව්ව හින්දා මට දෙයක් මතක් උනා. සෝලියස් මැන්දිස් මහත්තයා අපේ පැත්තෙ. මම ඒ ලෙවල් කරන කාලේ ගියා ඒ ගොල්ලන්ගේ මහ ගෙදර දවසක් යාලුවෙක් එක්ක.

      සොලියස් මැන්දිස් මහත්තයා චිත්‍ර අඳින්ඩ ගත්තු සමහර උපකරණත් දැක්කා. පාට කලවම් කරන්න ගත්තු සමහරක් දේවල් ලිඳ ලඟ ඕහේ දාලා තිබුනා. සමහර දේවල් රෙදි හෝදන්න අරගෙන වගේ තේරුනේ.

      දන්නවද සෝලියස් මැන්දිස් මහත්මයා කැලණි විහාරේ සිත්තර ඇඳලා ඒ වෙනුවට ලබා ගත්තු මුදල් වලින් නියම වැඩක් කලා. එයා ඇස් පේන්නැති අයට ඉගෙන ගන්න "සිවිරාජ විද්‍යාලය" කියලා ආයතනයක් හැදුවා ඒ සල්ලි වලින්. ඒකත් පිහිටලා තියෙන්නෙ අපේ පැත්තෙමයි.

      වෙද මහත්තයගේ සුවච කීකරු ගෝලයෙක් කිව්වෙ ඔයා වෙදකම ඉගෙන ගන්නවද? නැතිනං පරියේෂන අංසෙද?

      Delete
    2. ගිනි-පිග් අං‍සෙ.. වෙද මහත්තයා හදන බේත් ජාති ටැස් කොරන්න ගිම්හානිටලු දෙන්නෙ.. :P

      Delete
  20. වෙදනා ගේ අමුඩයේ කොන පේන්න තිබුණා නම් හොඳයි නේද?

    "හතර දෙනෙක් සෙන්පතියෝ" කාලේ වෙන්නැති මේ සිතුවම් ඇඳෙන්න ඇත්තේ?

    ReplyDelete
    Replies
    1. කතන්දර,
      වෙදනා ගේ අමුඩයේ කොන පේන්න තිබුණා නම් හොඳයි නේද?// හෙහ් හේ.. අමුඩ කොහෙද අනේ, මේක වෙන්නෙ ආශ්චර්යමත් යුගයේ දී නේ. එතකොට කට්ටියගේ අමුඩ ගැලවිලා හුඟක් කල්...... :D
      ...........

      "හතර දෙනෙක් සෙන්පතියෝ" කාලේ වෙන්නැති මේ සිතුවම් ඇඳෙන්න ඇත්තේ?// මේක නං තේරෙන්නෙ නෑ.

      Delete
  21. හෙහ් හෙහ් ..... චිත්තරේ ලස්සනයි. උඹ ඉන්න තිබුණෙ මහනුවර යුගයෙ.(කම්පීතරෙත් එක්ක). SARA-SERASILI කියල මොකක් හරි එකක් ගැන ඔය විදෙස් සිත්තරා අහල තිබ්බයින් වැඩේ ලේසි වෙල. නැත්නම් ඉතින් පන දාගෙන කට්ට කන්න එපාය. කිව්වම මොකද මමත් ඕක පාවිච්චි කරනව බං.

    ReplyDelete
    Replies
    1. ඩීඩීටී,
      උඹ ඉන්න තිබුණෙ මහනුවර යුගයෙ.// ඒකනං ඇත්ත බං. එහෙනං රජකෙනෙක් ලව්වා ගුහාවක් හොයාගෙන, සිත්තරයක් දෙකක් ඇඳලා මිනිහගේ හිත දිනාගෙන සිත්තර ඇකඩමියක් දාගෙන පාඩුවෙ ඉන්ඩ තිබ්බා.

      SARA-SERASILI// මේ ගැන නං මොනවා කතා කරනවද, හදපු කෙනාට අනේක වාරයක් පින්දෙන්න ඕන... කාලා තියෙන කට්ටෙ හැටියට!

      ස්තුතියි ඩීඩීටී!

      Delete
  22. මේ චිත්තරේ මරුය....

    අර ලියල තියෙන ටික ආදායම් බදු එකෙන් දැක්කොත් වෙදමාම කණ්ඨමාරීව එවනවා බුද්දි අය්යලගෙ ගෙදර

    ReplyDelete
    Replies
    1. මී ගොඩයා,
      මිස් කණ්ඨමාරීව අපේ අහ එවලා මං කරන්නද බං ආදායං බදු නිළදාරියගේ ගෙදර යවන්නැතුව හෙහ් හේ....

      ස්තුතියි ඈ.

      Delete
    2. එයා මිස් කියල කොහොමෙයි හරියටම දැනගත්තේ

      Delete
    3. මී ගොඩයා, මිස් කියන්නෙ ගෞරවාර්ථයෙන්නේ.... කියන්ට බෑනේ.... ලස්සන කොල්ලන්ට කේස් දානවලු නේද? උඔත් පරිස්සමින් හිටාං

      Delete
  23. හරීම ලස්සනයි මෙදා පාර චිත්‍රය....චූටි මහත්තයාගේ කාටූන් කලාවේ නව මුහුණුවරක්...

    ReplyDelete
    Replies
    1. දම්මි, ස්තතුයි වැනීම ගැන.

      නව මුහුණුවරක් කිව්වෙ වෙද මාමාගෙද? වෙන්ඩ පුලුවනි, මම වෙද මාමට නැති රැවුලක් වැඩිපුර ඇඳලා තමා තියෙන්නෙ :P

      Delete
  24. අපූරුයි ..!

    මගේ ආසම කෑල්ල ලී කණුවේ ඇති ප්ලග් සොකට් එකයි... :D

    ReplyDelete
    Replies
    1. බීටලේ,
      ස්තුතියි.

      සික් කීප දෙනෙක් ඒකට ආසා වෙලා නොවැ. දන්නවනම් මේන් ස්විච් එක ඇතුලුව මුලු ස්විච් බෝඩ් එකට අඳිනවා.....

      Delete
  25. මම හිතන් හිටියේ වෙදනා ගාව තියෙන්න ඇත්තේ උකුල් පරිගණකයක් කියා. අර ඩොන්ගල් අහන්නෙ ඒ කාලේ ඒඩිඑස්එල් තිබුණෙ නැද්ද.
    චිත්තරේ ලක්ෂන යැ.
    වෙදමහතාටත් සුභ පැතුම්

    ReplyDelete
    Replies
    1. මම හිතන් හිටියේ වෙදනා ගාව තියෙන්න ඇත්තේ උකුල් පරිගණකයක් කියා.// වෙදනා ගාව උකුල් මෙව්වා එකකුත් තියෙනවා. ඒක යුස් කරන්නෙ මහරගම , කිරිබත්ගොඩට වගේ එලියට පහලියට යන වෙලාවට.... මේ ගෙදර නොවැ.

      මං හිතන හැටියට ඒකාලේ වයර්ලයින් කොනෙක්ෂන් නෑතුව ඇති.. ඔය කියන්නෙ අදිවේගී www ඒක නැති එකමයි කාරිය....!

      සිත්තරේ වැනුම ගැන ස්තුතියිය.!!

      Delete
  26. බුද්ධිගේ මේ චිත්‍ර ලංකාවේ පැරණි බිතු සිතුවම් කලාව අපුරුවට එළිදැක්වීමක්.. අපේ ගෙදර සියලුදෙනාගේ පොදු මතය නම් මේ හැකියාව බොහොම අසමාන බවයි.. ජයසිරි සේමගේ මගහත්තයගේ චිත්‍ර මතක්වෙනවා.

    ReplyDelete
    Replies
    1. සරත් අයියා,
      ගෙදර අයටත් පෙන්නුවද? ඇඩෙනවා.... අගය කිරීම ගැන අනේක වාරයක් ස්තුතියි.

      කාටුන් වෙබ් අඩවි, සිත්තර ගැන වගේම හාස්‍යයොත්පාදක කාටුන් තියෙන වෙබ් අඩවි වල සිත්තර දැක්කම අපි 1කෙත් නෑ දශම ගණන් වල තාම.

      ඒත් මේවා බලලා සරත් අයියලා වගේ කමෙන්ට් වලින් දිරිමත් කරන අය වගේම රසවත් කමෙන්ට් සපයන රසිකයෝ හින්දා මමත් වින්දයක් ලබනවා. ඒකටත් ස්තුතියි.

      ආ....මේ අවස්ථාවේදී මේකට අත හිත දුන්නු අයවත් මතක් වෙනවා. ඒ ගොල්ලන්ටත් ස්තුතියි.:P

      Delete
  27. ඇත්තටම අද චිත්‍රය නම් මරු හැකියාව අගය කරනවා
    …...................
    මම ආතම්මගෙ පෙට්ටගම ලියන ලොකුජෝන්

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ජෝන් මහත්මයා. :D

      Delete
  28. මේකනම් මාර ලස්සනයි අයියේ.. අපරාදේ අද මේක ලොක්කට පෙන්නන්න තිබ්බේ.. ලංකාවේ ආවෙණික චිත්‍ර සමප්‍රදාය කියලා ලොකු ටෝක් එකක් දිලා පෙන්නන්න තිබුනා.. සදුදට ඒක කරන්න ඕන.. :)

    සිරාවටම මේක ගති අයියේ... :)

    ReplyDelete
    Replies
    1. දිනේශ්,
      මතක ඇතුව පෙන්නහං..... ලොක්කට කියහං ලංකාවේ ඉන්නෙ එසේ මෙසේ බුලට් නෙමේ කියලා. කොපි කෙරියැහැකි කියපන් එළටම.

      ස්තුතියි!

      Delete
  29. චිත්‍රය අපූරුයි...කොම්පීටරේ flat screen එකක් වගේ...:-)

    ReplyDelete
  30. චිත්‍රය ලස්සනයි නුවරයුගයෙ වගේ.,අර කම්පුටර් එකට විදුලිය ගත්ත හැටි නියමයි..!

    ReplyDelete
  31. අපුරුම චිත්‍රේ...

    ReplyDelete
    Replies
    1. කැන්ඩියන්, වීපොකුර, නිම්ෂා,

      ස්තුතියි වැනීම සම්බන්ධයෙන්...... සිත්තරේ නුවර යුගයේ තමා. ඒ කාලේ කොම්පිටර් වලට ප්ලැට් ස්ක්‍රින් එන්ඩ ගත්තුම කාලෙ වෙන්ඩැති. අනික කොම්පීටරේට විදුලිය ගත්තු හැටි! ඒක සැහෙන දෙනෙක්ගෙ අවධානෙට ලක්වෙලානේ......!!!!!

      Delete
  32. ඒ ආස්චර්යමත් කාලෙ තිබිල තියෙන්නෙ වෑර්ලස් තාස්සනේ. ඒක තමයි කැණීම් වලිං එක වයර් පොටක්වත් හොයාගන්න බැරිවෙලා තියෙන්නෙ... :)

    ReplyDelete
    Replies
    1. පරිකල්පන,
      පස්ට! නමටම කැපෙන කමෙන්ටුව.... ස්තුතියි

      Delete
  33. අන්න විදෙස් සිත්තරා එළකිරි චිත්‍රයක් ඇඳලා. කොහෙන්ද බං අර ෆොන්ට් එක?
    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. ඩූඩ්,
      ස්තුතියි ස්තුතියි! ෆොන්ට් එක ගැන විස්තර බලාපොරාත්තු වන්න....!

      Delete
  34. පින්තූරෙ නං පංකාදු 5යි...

    සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  35. අඩේ විදෙස් සිත්තරා පට්ට වැඩ්ඩේක් නේ :ඩ්
    සිරාවටම චිත්තරේ පට්ට..

    ReplyDelete
    Replies
    1. රජතුමා, පුබුදු,
      ටැංකෝ අගය කිරිම ගැන.

      Delete
  36. ඇයි හත්ඉලව්ව්වේ ! වෙදනා හයිබ්‍රිඩ් ගන්න සල්ලි වලින් ඔය මඩුවට බිත්ති ටිකක් බඳින්න තිබුණනේ...

    හරි හරි... තේරුණා... බිත්ති බැඳලා නැත්තේ සිත්තරාට හොරෙන් මේ දෙන්නව බලන් ඉඳලා සිත්තර ඇඳලා බ්ලොගේ දාන්න ලේසි වෙන්න වෙන්ටෑ... බලන්න ඒකෙත් හැටි නේද ???

    ReplyDelete
    Replies
    1. චතුරංග,
      ඇඩෙනවා නේද? මේ ඇවිල්ලා ඉස්තරම් ම ගෙයක්. බිත්ති හදලා තියෙන්නෙ වීදුරු වලින්ද නැත්තං කැමරාවට බිත්ති විනිවිද ගිහින් ගන්ඩ පුලුවන් එකක්ද කියලා මම නං කියන්නැ. පොත පත ඇසුරින් ඒක හොයා ගන්න එකයි තියෙන්නෙ...

      Delete
  37. වෙද ගෙදර කණුවලින් විදුලි බලය උත්පාදනය වෙනවා වගේ :D

    ReplyDelete
  38. :D :D හැබෑනේන්නම් අතීතයේත් අද කාලේ තිබ්බ ඒවා තිබිලානේ හික්ස්.

    ReplyDelete
  39. හෙල තාක්ෂණ බල මහිමය !!!

    ReplyDelete
  40. හසිත,
    ඇයි බං කනු වල කොහිද විදුලිය. ඔය ප්ලග් කරන මෙව්වා එකනේ. උඔ කියන්නෙ මට කඩ ඉරි වලින් වයරින් එකත් අඳින්න කියලද....:P
    .............

    නිශාන්,
    හරියට බැලුවොත් එදා තිබුනු දේවල් වලින් වැඩිහරිය අද නෑ.
    ..............

    මධුරංග,
    මේ මොනවා කතා කරනවද මල්ලි!

    ReplyDelete
  41. සියලු දෙනාටම පිළිතුරු දී ඇතැයි සිතමි! නැති කෙනෙක් ඉන්නවානම් අත උස්සන්ඩ බලන්ඩ.!

    ReplyDelete
  42. අප්පා......... නියමයි. ඒකාලේ මාර දියුණුයිනේ.....

    සිත්තරේ නම් ලස්සනයි කියලා කියන්ට ඕනයැ.........

    ReplyDelete
    Replies
    1. ස්ටූටියි.... හාවෙක් වෙලත් අනේ මන්දා අන්තිමයා හැමදාම....!

      මේ කාලෙත් ඉබ්බෝයි එක වෙන්නෙ.... බොරුනං බලන්ඩ උඩට ගිහින් හෙහ් හේ.....

      Delete
  43. විදෙස් සිත්තරාගෙ සිත්තරේ නම් ටොප්..වෙදනා මහත්තයා පට්ට නයෙක්නෙ ඇරලා තියෙන්නෙ..මට නම් ලැජ්ජාවෙ බෑ..ඔහොම නයි අරින මහත්තුරුත් ඉන්නවැයි ?

    ReplyDelete
    Replies
    1. මම දන්න, බුරුසු රැවුලක් තියන පරන ලියන්නෙක් හිටියා, මිනිහත් කට ඇරියොත් ඉතින් නයෙක් තමයි.

      Delete
    2. වෙනී,
      මහත්තුරු නොවෙන්නං වැඩිපුර නයි අරින්නෙ... මහත්තොරු හින්දා අපිට නයා හොයා ගන්න බෑ. අපි ඔහොම හිතනවා කියලා දන්න මහත්තොරු නොවෙන අයත් ඒක පිට දාලා නයි අරිනවා. ඒ හින්දා ඒක හොයා ගන්නත් බෑ. කොටින්ම කියවානම් ලෝකේ ගොඩ නැගී ඇත්තෙ නයි මතය... මොකද කියන්නෙ....!
      ............

      ඔය බුරුසු රැවුලා ගැන විදෙස් සිත්තරා අවධියෙන්..... දැන් නං හොඳටම නිදිමතයිලු... එච්චරට පොර ගැන අවධියෙන් ඉදලා...!

      Delete
  44. චිත්‍රය නම් අනර්ගයි මල්ලී

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මහේෂ් අයියා.....

      Delete
  45. Replies
    1. සුදු මහත්තයා,
      ස්තුතියි ඈ...

      Delete
  46. මේ වගේ සිත්තර ගැන අදහස් දැක්වීමට මගේ දැනීම මදි බැවින් පුරා විද්‍යාඥයෙකුට යැවීමට අදහස් කරගෙන සිටිම්..

    අයියෝ අදත් මම පරක්කුයිනේ..

    ReplyDelete
    Replies
    1. රූ,
      ඇයි හැමදාම රූ පරක්කු වෙනවද? වෙනදට කලින් එනවා ‍නේ... ස්ටූටියි.

      Delete
  47. ප්ලග් පොයින්ට් එක තමයි ඕයි මරු . . . මොනිටරේ ඇල් සී ඩී ද???

    ReplyDelete
    Replies
    1. ඹ්නමැන්ටල්,
      ප්ලග් එකට සෑහෙන දෙනෙකුට හිත ගිහිල්ලා. ඊලග බාර සුවිච් බෝඩ් එකම අඳිනවා කියලා හිතාගෙන ඉන්නෙ...

      Delete
  48. @බුද්ධි,

    පහුගිය ටිකේ පොඩි කරදර ටිකක් වෙච්ච නිසා මේ පැත්තෙ එන්න බැරිවුනා. පහුවෙල‍යි මේක දැක්කෙ.
    ඇත්තටම මචන් මේක එලකිරි නිර්මාණයක්නෙ.
    මම වෙනම උඹව හම්බවෙලා මේවා අඳින හැටි ගැන දැනගන්නම්කො.

    ReplyDelete
    Replies
    1. @ තරු,
      කරදර ඉක්මනින් එක විදිහක් කරගන්න ලැබේවා.....!!! හමුවෙලා කතා කරමු, මුහුදු හුලං පාරක් වැදී වැදී......

      වැදගත්ම දේ මිනිස්සුන්ට කරදර ඉවරයක් වෙන්නෙ නෑ.. විෂේෂයෙන්ම පිරිමි ගහණය අඩු තැන් වලදී...:P

      Delete
  49. මේ සෙන්චරිය ගැන කියවල, තව ඩිංගෙන් මාව මෝචරියට ම යනව...!!!!
    සිත්රේ ගැන හෙලුවෙන් වනන්න තරම් මගේ හෙලු වදන් කොස්ස පුහුදුන් ව නැති එක ගැන කමනු මැනැව...!!!

    ReplyDelete
    Replies
    1. බන්දරේ සර්,
      මේ මොනවා කියනවද සර්, මෙහි පැමිණීම ම වැනීමකි!!! ස්තුතියි!

      Delete

ඔබේ පංගුව...

...................................................................

Related Posts Plugin for WordPress, Blogger...