2010/02/19

ගුවන් හමුදාවෙ ප්ලේන් යන්නෙ තෙල් වලින් ද තටු වලින් ද? | තවත් පුංචි රස කතාවක් හොදේ

ඔන්න ගුවන් හමුදාවෙ ඉන්න කාලෙ චෙවිව තවත් රසබර කතාවක් අරං මම ආයෙ ආවා. ඉස්සෙලා දවසෙ දාපු පෝස්ටි වලටනං මට බඩ කට පිරෙන්න කොමෙන්ටි තිබිබා. ආස්...සාවෙ බෑ. සින්ඩියෙ මුල ඉදල හක්කලං ගහපු සද්දන්තයො​ වගේ ම අපිත් එක්කම සිංහල බිලොග් කොස්ගෙඩියෙ මදුලක් වෙචිච අයත් මට එදා කොමෙන්ටි දීලා තිබුනා. ඉතිං මම කොමෙන්ටි දිහා බල බල සමාධි සුවයෙන්ඉන්න කොට තමයි මට මෙ සිද්දිය මතක් උනේ.

මෙක උනේ අපි ගුවන් හමුදාවෙ මුලික පුහුණුවක් ඉවර කරලා ආයෙත් කොළඹ ඈවිත් ක්‍රීඩා පුහුණුවීමි කරන අතර තුරදි. ගුවන් හමුදා පුහුණුවෙදී අපට ගුවන් යානා ගැන, අවිඅආයුධ ගැන න්‍යායික පුහුණුවක් ලබා දුන්නා.

කොළඹ ඉන්න කාලේ අපි පුහුණුවීමි කලේ නිදහස් චතුරස්රය ඉස්සර පිහිටි ටොරින්ටන් ක්‍රීඩාංගණයේ.
ඉතිං පුරුදු විදියට මම හවස ප්‍රැක්ටිස් කරලා මගේ සෙටි එකේ අනිත්ගොබිලෝ ටික එනකං නිදහස් චතුරස්රයේ බැමිමක් උඩට වෙලා ඉදං හිටියා.

සිද්දිය උනේ මං ඔතන ඉන්න කොටයි. හුලං පාරක සිහිල් සුවය විද ගනිමින්, මාරයාට බයේ බල්ලොත් අරං චතුරස්රය වටෙ යන කටිටිය දිහා කොචිචර බලං හිටියත් එපා වෙන්නැ. හරියට තොරණක් දිහා බලං ඉන්නව වගේ.
ඔන්න ඔය ​වෙලාවෙ තමා හරියටම සිද්දියට මුල පිරුවෙ

''මචං'' කියද්දි මම බැලුවා. කතාකරලා තියෙන්නෙ මගේ හොද යාලුවෙක්. ඈලෙක්ස් කියලා.
''අමමට.........ඈලානේ කොහොමද බං''
ඔහෙ ඉන්නවා මචං. ඒක නෙමෙ බං මං උඹෙං අහන්නමයි හිටියෙ, මචං ඔය උඹලගේ ප්ලේන් උඩ යන්නෙ තෙල් වලින්ද බං?
''පිස්සුද යකෝ''
''බොරු නොකියා ඉදහං. එහෙනං අර රත්නායකයා කියන්නෙ තෙල්වලිං කියලා.''
''පිස්සුද බං. ප්ලේන් එක උඩ අහසේ තියෙන්නෙ තටු වලින්.....''
''න්නැ........................සිරාවට. අනේ බොරු නොකියා ඉදහං. ඈත්ත කියපංකො බං?
මෙ යකාගෙන් බෙරුමක් නැහැනෙ. තොරණ් බැලිල්ල පැත්තකින් තියලා කෝස් එකේදි අපිට කියලා දුන්නු දැණුමෙන් ටිකක් මූට පොවන්න මං තීරණය කලා. කරේ දාං හිටපු බෑග් එකයි, වතුර බෝතලෙයි බිමිං තිබිබා.

''මෙහෙමයි මචං ඈලා. අහසේ ප්ලෙන් එක රැදිලා තියෙන්නෙ හුලං හින්දා. හුලං අතරෙ තටු දෙක රැදිලා තියෙන හින්දයි ප්ලේන් එක උඩ තියෙන්නෙ. ප්ලේන් එක බිම ඉදං රොද වලිං යද්දි තටු දෙක පාත් කරනවා. එතකොට ප්ලේන් එක උඩට යනවා. තටු බැලන්ස් නං ප්ලේන් එක කෙලිං යනවා. තටු උස්සපු ගමන් ප්ලේන් එක කඩාගෙන පහලට එනවා.'' මම හිටගෙන මගේ අත් දෙකෙන් ඩිමෝ එකක් පෙන්නන ගමන් ඈලාට කියලා දුන්නා.
ඈලා ජපං හයිකු කවියක් ලතින් බාසාවෙන් අහනවා වගේ මගේ මූණ දිහා බලං ඉන්නවා. තත්පර 3 න් විතර ගල් වෙලා හිටපු ඈලා,
'' පලයං පච කෙලින්නැතුව. එහෙනං හෙලිකොප්ටර් යන්නේ ඔය අපූරුවට. තටු නැතුව!''
''යකෝ'' මට ඉන්නෙ කුරුදුවත්තේ බව අමතක උනා.
''හෙලිකොප්ටරේටත් සිද්ධාන්තෙ ඒක තමයි!, ඔය හෙලිකොප්ටරේ රූමිපෙත්තේ තමයි ඉතුරු ඔක්කොම කැලි එල්ලිලා තියෙන්නෙ. රූමිපෙත්තත් අර වගේමයි. කැරකෙන රුමිපෙත්ත පාත් කරද්දි උඩ​ට යනවා. උස්සද්දි පහලට එනවා. රූමි පෙත්ත ගැලවුනොත් ඉතිං සොරි තමා හුටස් ගාලා හෙලිකොප්ටරෙ බිම'' මං ඈලාව බය කලා.

''සිරාවටද බං. පලයං බං යන්ඩ. උඔලගෙන් නොදන්න දෙයත් අහනවට වැඩිය හොදයි.............'' ඈලා සද්දෙ දාලා රත්නායකයා එක්ක යන්න ගියා.
'' නෙද්දකිං විතරක් මුන්ට යමක් කියලා දෙනවට වැඩිය හොදයි මෙ තඩි පුං කලසෙ කට උලා ගත්තනං'' මම හිතුවා. මම උංව අමතක කරලා මගේ කස්ටිය එනකං තොරණ් බැලිල්ල පටං ගත්තා.

ආ ඔය එන්නේ කටිටිය.....
''යමං එහෙනං'' චමියා කිවිවා. (චමියා - මතකයිනෙ බුවා කවිද කියලා?)

මමත් පාඩුවෙ කස්ටිය එක්ක නිදහස් මාවතේපාවුනා.

ඒ අස්සේ ඈලා රත්නායකයා එක්ක බර කතාවක,
අපි එතනිං යද්දි රත්නායකයා '' මෙ මචං..... මෙ ඈලා කියන්නෙ ප්ලෙන් යන්නේ තටු වලිං කිවිවා කියලා. මූ ලබන බදාදා මැලේසියා යන්ඩ ඉන්නෙ මීටි එකකට. මූ දැං ප්ලේන් එකේ යන්න බයේ. දැංමම උණ වගේලු'' රතා හිනා උනා.

මෙ මොන හෙනගෙඩියක්ද යකෝ. මූ රට යන්න බැහැ කිවිවොත් ඒකේ පාපෙත් මටනෙ.
''ඒ ඈලා..... මං විහිලුවක් බං කලේ. ප්ලේන් යන්නෙ තෙල් වලින් තමා.''
''ඒකනෙ බං කියන්නෙ. උඹලත් මාර බඩුතමයි''
''නෙදකිං මෝඩයා'' කියලා මම හිතුවට '' ගනන් ගන්ඩ එපා මචං කියලා මම කිවිවා''
ටික දුරක් එන කොට චමියා අහනවා,
'' මොකද්ද මචං කේස් එක?''
''නෑ බං. මෙ ඈලා අහනවා අහසෙ ප්ලේන් යන්නේ තෙල් වලින්ද තටු වලින්ද කියලා?''
'' තෙල්වලින්නේ!!!!!! උඹ මොනවද කිවිවෙ'' චමියත් කියපි.

මොනවා යකෝ මෙ මී හරකත් ඒකම කියනවා. මූ මමත් එක්ක එකට කෝස් එක කෙරුවට මොකද මුගෙ ඔලුවෙ තිබිබි මැටි නං හේදිලා ගිහිල්ලා නැද්ද කොහෙද? මෙ මී හරකත් එහෙම කියන එකේ ඈලා මොනවා කිවිවම මොකද?!

''යකො මිනිහෙටිට හරි යද්දි ඉරිසියා කන්ඩ එපා බං. උ ඔය ඉස්සෙල්ලාම ප්ලේන් එකක යන්න යනවාමද කොහෙද? තෝ උව හොදටම බය කෙරුවා නේද කැ.....(බීප් බීප්)...යා. මං බලාගෙන උඔ අත් වන වනා උට මොනවද කියනවා.'' චමියා දිගමට බුරනවා.

'' ​මෙ චමියා, මාත් එක්ක පොඩි ගමනක් යන්ඩ වරෙන්කො....''
''කොහෙද බං?''
'' අර නිදහස් චතුරස්රෙ ගාවට ටිකක්''
''ඈයි?''
'' අර එතන තියෙන තඩි පුංකලසේ කට ටිකක් උලා ගන්ඩ''
''??!!''
..............................................................

ඔය ඉහලින් තියෙන්නෙ මම ඈලාට පාඩම කියලා දෙන එක විදෙස් කාටුන් ශිල්පියෙක් දැක්ක විදිහ. (හිකිස්.)
දැං ඉතිං කොමෙන්ටි කික් එකක් දෙනවානේ නේ....









31 ක් කියන්නේ !:

  1. හ්ම්ම්ම් අපිටනම් ඉස්කෝලෙ කියල දීල තියෙන විදියට ප්ලේන් උඩ යවන්නෙ බ්'නූලී.. හෙලිකොප්ටරේ උඩ යවන්නෙ නිව්ටන් කියලා... ඉතින් ත‍ටුයි, තෙලුයි අහවල් එකකටද?...ලොල්...

    ReplyDelete
  2. ප්ලෙන් යන්නෙ තෙල් වලින් නේන්නන්....
    හි හී හී

    ReplyDelete
  3. ඔය යන විදිහකට යන්න දුන්න්නනම් ඉවරයිනේ.. :D

    ReplyDelete
  4. sajithdilshanට, අනෙ මගෙ කට.

    ReplyDelete
  5. මධු මම දන්නවා, ඔයා ඈලාගෙ නංගි කෙනෙක් නේ.. වෙලාවකම හිතෙනවා පංහිද කියන කතාවම ඈලාට කිවිවං ඉවරයි කියලා.

    ReplyDelete
  6. @sajithdilshan
    මල්ලි හෙලිකොප්ටරේ උඩ යවන්නෙ නිව්ටන් නෙමෙයි කොල්ලෝ එත් බර්නූලිම තමා
    ඔයාට ඔවා තේරෙයි ඉස්සරහට මතක තියාගන්නකෝ ගුවන්යානා හා හෙලිකොප්ටර් යන දෙකම උඞ යන්නේ බර්නූලි කියලා


    @ බුද්ධි
    නියමයි මචන් එල

    ReplyDelete
  7. චතුවා.තැන්ක් යූ මචං.

    ReplyDelete
  8. කාටූන් මරු. කතාවත් ජොලි. හැබැයි පොඩ්ඩක් විතර දිග වැඩියි. මුළු කතාව සේරම කියන්නම අවශ්‍ය නෑ. ටිකක් කියවන්නා ගේ සිතුවිලි සඳහාත් ඉතුරු කරන්න.

    කතන්දරකාරයා

    ReplyDelete
  9. කතන්දරයාරයාට මගේ ප්‍රණාම​ය! උපදෙස් ඉහලිං පිළිපදිමි. කතන්දර ලියන්න මම තාම අලුත්. ඔබ තුමාගේ අදහස් ඉදිරියෙදිත් බලාපොරොත්තු වෙමි.

    ReplyDelete
  10. niyamai ban. . . cartoon eklath ela . . ubama neda ekath ande .. . . siraa machan siraa. . . uba maara wada karaayayekne . . .

    ReplyDelete
  11. දුකා උඹ මට අහුඋනොත් නං...... තැන්කූ තැන්කූ!! මම එචිචර වැඩ කාරයෙක් නෙමෙ ද කොහෙද? අපේ සින්ඩියෙ අනිත් එවුන් දිහා බලද්දි.. මැෂිමෙ පාට ඉවරවෙනවා කියලායෑ.. ඉතිං අදිනව දානවා...කොමන්ටි එකට හාටි එකටත් කික්ලු!

    ReplyDelete
  12. @චතුරංග රූපසිංහ... ඒක වෙන්නෙ කොහොමද? හෙලිකොප්ටරය උඩ නගින්නෙ නිව්ටන්ගේ 3 වන නියමය නිසා නේද?

    ReplyDelete
  13. හෙලිකොට්ටෙ යනු මොකැයි?

    ReplyDelete
  14. අනේ ලමයිනේ ඔය කියන ඒක දෙයක්වත් මට තේරුනේ නැහ.ඒවුනත් ඒක දෙයක් දන්නව අපේ ගේ සෙලවෙන්න තරමි ශබිදයක් අැහෙනව.වයසක මගේ කන් දෙකත් බිරිවෙලා .ඊට පස්සෙ අපේ ගේ උඩින් ප්ලෙන් ඒක යනව. තටුවලින් ද තෙල්වලින් ද කියලහිතන්න ෙවලාවක් තිබුනෙ නැහ.දැන් නමි ඒලියට අැවිත් බලන්න ඔින .

    ReplyDelete
  15. @සහන් මෙ මොනවා කියනවද!
    @Anonymous නිර්වස්තරයක් ඈදං ඉන්නවට​නෙ නෙ
    @මල්නායක බලලම කියන්න එහෙනං

    ReplyDelete
  16. aathal..
    yako ubata inne patta yaluwone bang!

    ReplyDelete
  17. මම හිතුවෙත් හෙලිකොප්පරේ උඩ යන්නේ නිව්ටන් අංකල්ට පිං සිද්ධ වෙන්ට කියලා :s

    ReplyDelete
  18. මුචලින්දයෝ,උඔත් ආවා ​එහෙනං නේ.... උං ගැන නං කතා කරනවට වැඩිය හොදයි රේල් පාරක බාවනා පාරක් දාන එක. දිව දොටිට(මගෙ නෙමෙ මු​චලින්දයගේ)

    ReplyDelete
  19. ඉශාන්, ප්ලේන් යන්නේ තෙල් වලින්නේ. ඔය චමියත් කියන්නෙ.

    ReplyDelete
  20. මටනං ඉතින් ක්‍රමෙ කිවුවහැකි ඒත් ඉතින් දන්නවනේ...
    ඔක හුගාක් දිග කථාවක්.

    ReplyDelete
  21. piksu hedena maxxa kathawa hehe

    ReplyDelete
  22. කාටූන් හැකියාව ගැන නම් ආයේ කතා කරන්නම දෙයක් නැහැ..
    නියමයි
    :)

    ReplyDelete
  23. මචං උඹේ biog එක පට්ට බං. මම මේ මුල ඉඳංම කියවනවා. ඔක්කොම කියවන්න ඕන. :-)

    ReplyDelete
  24. sorry for not commenting on every story as i'm so busy with reading them all.but i think the helicopter flies because of the pilot unless it's not an auto pilot thing.hiks.

    ReplyDelete
  25. කාංචන මිලාන්. තෑන්ක්ස්

    ReplyDelete
  26. අහ්.. එහෙනම් මෙහෙමයි විදෙස් සිත්තරා කරලියට වැඩියෙ.... දැන්නෙ තේරෙන්නෙ.

    සිත්තර වල මාර දියුණුවක්නෙ ලබලා තියෙන්නෙ.

    ReplyDelete
  27. සෙන්නා,

    මීට කලින් කිබා පොෂිෂන් එක ඇන්දා. ඉරි වලින්. ඒක තමා මුල්ම කාටුන් එක. මේ දවස් වල මම කායුන් ඇන්දේ මවුස් එකෙන්.

    පස්සෙ බ්ලොග් කාරයෙක් මට ග්‍රැෆික් ටැබ්ලට් එකක් තෑගි දුන්නවා නෙව. එතනින් තමා වැඩේ නැගලා ගියේ. ඒක තෑගි දුන්න බ්ලොග් කාරයත් මෙතන කමෙන්ට් කරලා තියෙනවා..... ස්තුතියි පරණ ලියුම් කියවනවට!:D

    ReplyDelete
    Replies
    1. අඩේ එහෙමද ? මම හිතුවේ අතින් අඳිනවා ඇති කියලා.. ඔය මොන ටැබ්ලට් තිබුනත් හැකියාව නැත්නම් බෑ..

      :-) කිබා පොසිෂන් එක මම දැක්කා.. හිකිස්ය.

      මොකට ස්තූතියි කරනවැයි, මේවා මාර ගතිනෙ. නරකද එකතු කරලා පොතක් එහෙම ගැහුවොත්.. ලෙසටම තියෙයි.. උණු කැවුම් වගේ විකිණෙයි. අනිවා..

      Delete
  28. පොත් ගැහිල්ල ගැන මගේත් කාලයක් බුර බුරා ආබු ආවේගයක් තිබුනා නේ. විශේෂයෙන් දාන පෝස්ට් වලට කමෙන්ට් වැඩි දවස් වලට. මම දවසක් ඔය ගැන පොත් අච්චු ගහපු බ්ලොග් කාරයෙක්ගෙන් ඇහැව්වා. බෑලු බැල්මට සෑහෙනන්න කැපවෙන්න වෙනවා. කාලයත් නෑ.

    සමහරු කිව්වෙ චුමි මහත්තයගේ කතා පොතක් ගහන්න කියලා. ඒකට මම සුදුස්සෙක් නෙමෙයි වගේ කියලයි හිතෙන්නෙ. කෝමත් මම සිත්තර ඇදලා මගේ කතා ගහලා අදුරන පොඩි උන්ට හරි බෙදලා දෙන්න පොඩි අදහසක් තියෙනවා.

    එයින් එකක් උඔටත් ඕනිනං දැම්ම තියා හොදවෑන් පොඩි එකෙක් හදාගන්න එකයි. මොකද මම මේක කරන කාලේ වෙද්දි දැන් ඉන්න උඔගේ පොඩි එකා ලොකු වෙලා ඉන්ඩ ඉඩ තියේ....! :D

    ReplyDelete
    Replies
    1. මමත් කියන්නේ චූටි මහත්තයගේ කතාමාලවක් දාලා පොතක් ගැහුවොත් නැගලා යයි.

      තව එකක්.. බැරිද චිත්‍ර කතාවක් අදින්න.. ඒක බ්ලොග් ලෝකෙට අලුත්ම වැඩක් මයෙ හිතේ.. මම සයිබර් යායට දාපු මුල්ම කමෙන්ට් එකෙනුත් ඔය ගැන කිව්වා මට මතක හැටියට.

      ඉල්ලිම සළකා බලන්නම්.. :-)

      Delete

ඔබේ පංගුව...

...................................................................

Related Posts Plugin for WordPress, Blogger...