2012/04/01

සිංහල බ්ලොග් කරුවෙක්ද? මෙන්න කියවන විට සිංහල ලියවෙන සුපිරි මෘදුකාංගය උණු උණුවේ.....!

සාමාන්‍යයෙන් මම ඉරිදට පෝස්ට් දා‍න්නෙ නෑ. විශේෂයෙන් තාක්ෂණික ලිපි ‍කොහොමත් මම දාන්නෙ නෑ. මොකද මම ඒ ගැන දන්නෙ නැති හින්දා.


ඒත් සිංහලෙන් බ්ලොග් ලියන අයට විශේෂ වැදගත් කමක් තියෙන දෙයක් ගැන කියන්න හින්දයි මම‍ මේ ලිපිය දාන්නෙ.

මේ කියන්න යන්නෙ බ්ලොග් කරුවන්ට සුබ ආරංචියක්!!!

මෙච්චර කල් ඕගොල්ල ඇඟිලි ගෙවෙනකල් සිංහලෙන් ටයිප් කරපු කාලේ අදින් ඉවරයි. මේ කියන්නෙ ඒ ගැන විස්තරේ. 

මීට අවුරුදු දෙකකට විතර කලින් අපේ මලයා කෙනෙක් ගියා Malaysian Institute of Information Technology එකට වැඩිදුර ඉගෙන ගන්න. මිනිහට ලැබුනේ ශිෂ්‍යත්වයක්. පොඩිම කාලේ කෙහෙල්කොටුවේ ගමේ ඉපදිලා, මූලික අධ්‍යාපනය කෙහෙල්කොටුවේ ඉස්කෝලෙන් ලබාගෙන පොර පහේ ශිෂ්‍යත්වේ පාස් උනා. ඒ නිසා අපිට පුලුවන් උනා පොරව අපි ගිය ඉස්කෝලෙට ඇතුලත් කරලා වැඩිදුර උගන්වන්න අපේ ගෙදර නවත්වගෙන. 

මෙන්න ඩයල් එක
පොරගේ තාත්තත් ගැජමැටික් පැත්තට බර කෙනෙක් හින්දා ‍පොරටත් ඒ අංශෙට බර මදර් බෝඩ් එකක් පිහිටලා තිබුනා. කොල්ලා මුලින්ම හැදුවේ මායා බන්ධන කතාවේ එන අශ්කගෙ බල ඇඳුම. ඒකෙන් ගිනි බෝල විදින්ඩ බැරි උනාට අත් දෙක එකට ලං කලාම ගිනි පුලිගු පැන්නා. දවසක් ගිනිපෙට්ටියෙන් නව නිර්මාණයක් කරන්ඩ ගිහිං කොල්ලා එයාගෙ තාත්තාගේ බැටරි කඩේට ගිනි තිබ්බා. ඒ ගැන පස්සෙ කතා කරමුකෝ. කොහොම හරි පොඩිම කාලේට ඒ මදෑ! 

ඊලගට පොර හැදුවේ අකුණක් කොහොමද ඇති වෙන්නෙ කියන එක පෙන්නුම් කරන අටමගලයක්. ලෑලි කෑල්ලක් උඩ ස්පෝක් කම්බි දෙකක් හිටෝලා මොකද්ද මන්දා කරද්දි එක පාර මෙහා කණුවෙන් එහා කණුවට "චිටිස්" ගාලා අකුණක් වදිනවා. පොර කණු දෙක මැදින් තේ හදන හැන්ද මට අල්ලගන්ඩ කියලා අකුණක් ගැස්සුවා මගේ අතටත්. මගේ අතම හිරි වැටිලා ගියා. ඒවා කලෙත් පොර හයේ දි හරි හතේ දි හරි. 

දවසක් තිබුනා අපේ ඉස්කෝලෙ පොලක්. පොර ඒකට හදාගෙන ගියා ඇන්කර් පෙට්ටියෙන් රේඩියෝ එකක්. ජාති ජාති වයර් අස්සට දාලා සතියක් විතර ඔට්ටු වෙලා. මිනිහා ඒක පෙන්නලා හොඳ ගානක් කපා ගත්තා. එතකොට මම ඒ ලේවල්. කොල්ලා මහන්සි නොබලා මටත් හදලා දුන්නා නියම ජිල්මාට් එකක්. ඒකට රුපියල් 5/- ක් මෙහෙන් දාපුවාම එහෙන් හැක්ස් ටොපියක් වැටෙනවා. ඒක මම ප්‍රාතමික අංශෙ පැත්තෙ ගිහිං අටවාගත්තා. එදා පොඩි උන් පොරකෑවා සල්ලි මෙහෙන් දාලා එහෙන් ටොපිය ගන්ඩ.  උන්ට වටිනාකම අවුලක් නෑ. ටොපිය වැටුන නම් ඇති.

කොහොමහරි මිනිහා එහෙ ගියාට පස්සෙ කෘතගුණ සැළකීමක් හැටියට මගෙන් ඇහැව්වා මොනාද කෙරෙන්න ඕනෙ කියලා. අන්න ඒ අවස්ථාවෙදී තමා පින්වතුනි මම මං ගැන විතරක් හිතන්නෙ නැතුව සියලු සිංහල බ්ලොග් කරුවො ගැන ම හිතලා මිනිහට මේ විදිහේ යෝජනවාක් ගෙනාවේ.

"මේකයි මල්ලී, මට පුලුවන්නම් හදලා දෙන්නකෝ සිංහලෙන් කියවද්දි, ඒක ටයිප් වෙන ගැජට් එකක්".

ඕක කිව්වම මිනිහා ඔලුවේ අත ගහගත්තා. ඉංග්‍රිසි බාසාව වෙනුවෙන් නම් ඕන තරම් ඔය වගේ දේවල් තිබුනට මම දන්න තරමින් ඔය වගේ සිංහල ටයිප් වෙන ගැජමැටික් එකක් තාම නෑ.

ඒ උනාට මිනිහට පුලුවන් යැයි මගේ කීමක් අහක දාන්ඩ. මම ඇවිල්ලා පොරව ඇහේ මූණෙ තියාගෙන අදාගත්තු අයියණ්ඩි වෙච්චි! 

අන්න ඔහොමයි සිංහලෙන් කියවද්දි, සිංහල යුනිකෝඩ් අකුරු ටයිප් වෙන මෘදුකාංගයේ ඉතිහාස කතාව.

කොහොම හරි මිනිහා හැදුව සොෆ්ට්වෙයා එකට නම දාලා තියෙන්නෙ Big Mad Pill කියලා. නම නම් ටිකක් අවුල් තමයි. නම වැටෙන්නෙ ඉතිං හදන මිනිහගේ කැමැත්තටනේ.

දැං අපි බලමු Big Mad Pill මෘදුකාංගයේ පහසුකම් ‍මොනවද කියලා.

Big Mad Pill ‍ගේ මූලිකම හැකියාව තමා අපි මයික්‍රෆෝනයක් ආධාරයෙක් යමක් සිංහලෙන් කියද්දි ඒක සැනින් එසැණින් සිංහල යුනිකෝඩ් අකුරු වලට පෙරලන එක. මේකෙ තියෙන තවත් සුවිශේෂි හැකියාවක් තමයි අපේ ශබ්ධ ද්වනිය තේරුම් අරගෙන වාක්‍යයේ අවසානයට එන්න ඕන විරාම ලක්ෂණය ස්වයංක්‍රීවය යෙදීම. තවත් පහසුකමක් වෙන්නෙ Delete  හරි Backspace හරි කියලා Shift යතුර ඔබාගෙන සිටින තාක් ආපස්සට හරි ඉස්සරහට හරි ලියපු දේවල් මැකීගෙන යන එක.

Big mad pill මෘදුකාංගයේ ස්ක්‍රීන් ෂොට් එකක්
ඔය ඔක්කොම දේවල් පැත්තකින් තියමුකො. 

Big Mad Pill අද කාලෙට ගැලපෙන ප්‍රධානම හේතුව ඒක නෙමේ. මෙය ක්‍රියාත්මක කරන්න ස්ටූඩියෝවක් ඇතුලේ වගේ නිහඬ බවක්වත්, හොඳ තත්වයේ මයික්‍රෆෝන හරි කම්පියුටර් හරි ඕන වෙන්නෙ නෑ. 

අපි හිතමු ඕගොල්ලෝ වාහනයේ තනියෙම ගමනක් යමින් ඉන්නවා කියලා. නැත්තම් දුම්රියක තනියෙන් යනවා කියලා. අන්න එතකොට ඕගොල්ලන්ට පහලවෙනවා නේද බ්ලොග් ලියන්න සිතුවිලි. ගැල්ලමයිට තමයි මේක වැඩිපුර වෙන්නෙ. අන්න එතකොටම ඕගොල්ලන්ට කරන්න තියෙන්නෙ ඕගොල්ලන්ගෙ ජංගම දුරකතනයේ රෙකෝඩින් පහසුකම ක්‍රියාත්මක කරලා ඕගොල්ලන්ට හිතෙන දේ කියන්න. පස්සෙ ඒ ඔක්කොම mp3 හඬක් විදිහට සේව් කරලා Big Mad Pill හරහා නැවත වාදනය කරන්න. ඕගොල්ලන් පුදුම කරන ගමන් ඕගොල්ලන්ගෙ හඬ අකුරු බවට පෙරලෙයි බලාගෙන ඉද්දිම.

ඇත්තම කියනවනම් හොඳම දේ ඒක නෙමේ. මේකයි. මේ අලුත්ම අලුත් සොෆ්ට්වෙයා එක අපි ඕගොල්ලන්ට දෙන්නෙ සම්පූර්ණයෙන් නොමිලේ. එහෙම තමයි අපි! 

හැබැයි අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීමක් හැටියට මම මේක මුලින්ම දෙන්නෙ සයිබර් යායේ රසිකයන්ට විතරයි. ඔබත් සයිබර් යාය ලුහුබඳින්නෙක් හරි නිතර දෙවේලේ යන එන කෙනෙක් නම් ඔබට මෙය නොමිලේ හිමිවෙනවා. අද උනත් ඒකට පරක්කු නෑ.

අද දවසේ ඔබගේ වටිනා අදහස් සටහන් කර ගියායින් පසුව සඳුදා උදෑසන 8 වෙන කො‍ට ඔබට මෙම මෘදුකාංගය බාගත කරගැනීමේ යොමුව ලැබෙයි. මතක ඇතුව Subscribe by Email උ‍ඩ ක්ලික් කරලා යන්ඩ.

සඳුදා සිට කීබෝඩ් වලට නිවාඩු දෙමු. Big Mad Pill රජ කරවමු! 

................................
- මීට යූරෝ දෙකේ වීරයා.

ප/ලි -  මේ තොරතුර දැනගත්තු වෙලාවෙ ඉඳලා හදවතේ බුර බුරා නැගුණු ආවේගය නිසයි අද ලියමන හදිස්සියෙ දැම්මෙ. ඒක හින්දා ඊයේ ඇඳපු මාතලන් ගොයියගේ සිත්තරේ යට යනවා. ඕන්නං ඒකත් බලලා යන එකයි තියෙන්නෙ. මේ තියෙන්නෙ ෆාර.

ප/ප/ලි -
අප්‍රියෙල ‍02 වෙනිදා උදේ 11.00 ට ඇතුලත් කරන ලදී.

මෙතනින් ගිහිල්ලා Download ලින්ක් එක ගන්න. >>>

104 ක් කියන්නේ !:

  1. ෂා මරුනෙ... අද අප්‍රේල් පළවෙනිද හින්ද මට ඕක එපා චූටි මහත්තය...

    ReplyDelete
  2. හානේ...අද මම එක!!!! අඩේ අප්පා .. මේක මරු භාණ්ඩේ නේ!!! මට නම් කියාපු බඩුව.....!!! මටත් එකක් දෙනවා නේද චූටි මහත්තයෝ...????
    නොමිලේ දෙන එක ගැන නම් කියලා ඉඅවර කරන්ඩත් බෑ....නැත්තම් දෙය්යනේ අර 7500 ඇතුලට කෝමද මේකත් දාගන්නේ...
    අලුත් නිර්මාණෙට උණුසුම් සුභ පැතුම් මගෙන්!!!!

    ReplyDelete
    Replies
    1. මෙයාගෙ බර්ත්ඩේ එකනෙ අද! :D

      Delete
    2. අය්යෝ එක නෙවේ දෙක නේ...:((( මදැයි..කමක් නෑ.... දැන් ඉතිං චූටි මහත්තයට මේක හදන්ඩම වෙනවා කෝම හරි.... පේනවනේ ඉල්ලුම... අප්‍රියෙල් එකය කියල විහිලුවක් කලේ බොලව් කියල නම් හරි යන්නෑ ඔන්න...:පී දැන් ඉතිං ඔක්කොම වැඩ පැත්තක දාලා මේ වැඩේ කොරන්ඩ වෙයි.. මං මේ බාගන්න කියල බලාන ඉන්නේ...

      (මේ පොස්ට් එක විහිලුවට දැම්මත් මේ වගේ දෙයක් කරන්ඩ පුලුවන් ශෝක් නේද? මේහ් ප්‍රවීන් උන්නැහේ... නරකද මේ වගේ වැඩකට ට්‍රයි කොරල බැලුවොත්....බයි ද වේ අද නම් නෙවේ මගෙ බ්ර්ත්ඩේ එක...බාග විට ඔහේගේ වෙන්ඩැති...:පී)

      Delete
    3. ප්‍රවීන්ලගෙ ගෙවල් පැත්තෙම නේද ඔයත්. මම ඔයාගෙ පළවෙනි කමෙන්ට් එකෙන් ගෙස් කලේ

      Delete
  3. හරේ.. මම දෙක...

    ReplyDelete
  4. අද අප්‍රියෙල් පලවෙනිදා නොවුනා නං මාත් ඕක ඩවුන්ලෝඩ් කරගන්නවා බං :D

    ReplyDelete
  5. සුබ උපන්දිනයක් වේවා :-)

    ReplyDelete
  6. හරි වටිනා කියන සොයා ගැනීමක්.. මේ වගේ අය වැඩි දුර අද්‍යාපනයට රට යවන්ඩ ඔනි.. ගිය පාර google එකෙනුත් මේ වගේ නීර්මාණයක් කලා..

    පා:ලි
    many happy returns of the day ;-)

    ReplyDelete
    Replies
    1. මේ පාර් ගුගලා කෙලියා :) මූට අහුවුනේ නැතත් ගූගලාට අහු වුනා :D

      Delete
  7. පට්ටයි නේ... මටත් ඕනේ....:)

    ReplyDelete
  8. අද පළවෙනිදා හින්දා මටනම් ඕක ගන්න මොකක්ද වගේ අෆ්ෆා....

    ReplyDelete
  9. මෙච්චර වටින දෙයක් උඹේ උපන්දිනේටම දෙන්න හිටපු එකනෙ වැඩේ. අප්‍රේල් පළවෙනිදා කිසිම සුභ කටයුත්තකට හොඳ නෑලු. උඹත් කොච්චර බිසි වුනත් මේ වගෙ වැඩට උදෙන්ම නැගිටලා නිදි මරාගෙන වෙන කැපවීම නම් අගෙයි. කතාව ගොඩ නගලා තියෙන අපූරුව.

    henryblogwalker the Dude

    ReplyDelete
  10. හැපි බර්ත් ඩේ බුද්ධි අයියා.... :D

    ReplyDelete
  11. වෙන දවසක නං ගන්නවා..අද එපා....

    ReplyDelete
  12. ස්තූතියි. ඒත් මට නම් එපා. එහේ, මෙහේ යනකොට කතා කරන්ට කට්ටිය ගොඩයි.

    අනෙක අද අප්‍රේල් 1 දා. :D

    ReplyDelete
  13. මදෑ චූටි මහත්තයා අදම ඕක දෙන්න හිටියා...

    ගොඩක් කට්ටිය අප්‍රියෙල් 1 කියලා රැවටිලා බාගන්නෙ නෑ වගෙයි...

    මේක බා නොගන්න වුන් තමයි අද මෝඩයො වෙන්නෙ...

    ReplyDelete
  14. අද නම් අහුවෙන්නේ නෑ..! හොද අදහසක්..!

    ReplyDelete
    Replies
    1. මේ අපේ මල් කැකුලු අඩවියේ ඇඩ්මින් තුමා නේද? ප්‍රීති ප්‍රීති.... සයිබර් යාය පැත්තෙත් එනවා නේද ඔබ තුමා!

      Delete
  15. මටත් අද එපා අයියා...
    වෙන දවසක බලමු :ඩී

    ReplyDelete
  16. ශා නියම උපන්දින තෑග්ගක්නෙ.

    ReplyDelete
  17. අම්මපා උදේම නැගිටල මූනු පොතට ගියාම ගොඩක් කස්ටිය ඒව මේව දාල තිබුන අද පලවෙනිදා කියල.. ඒත් මේක කියවද්දී ඒක අමතක උනානේ.. හොඳ වෙලාවට අර සාතන් හාදයා ඒක පලවෙනි කොමෙන්ට් එකෙන්ම ආයෙ මතක් කරල තිබුනෙ, නැත්තම් මාත් හොඳ කොමෙන්ට් එකක් දාල යන්ඩ හිටියෙ..

    මොනා උනත් එළ අයිඩියා එකක්..! :D

    ReplyDelete
  18. adamai awe mokaunath chinthanenan niyamai... athathk unoth onna matath one..

    ReplyDelete
  19. හිකිස්... අපි අහුවෙයි ඔව්වට!

    ReplyDelete
  20. මාර භාණ්ඩයක්නේ අයියා.. මේන්න මේවගේ සොෆ්ට්වෙයා එකක් තනයි මමත් හොයහොයා හිටියේ... හැබැයි මේවගේ සොෆ්ට වෙයා එකක් ඇත්තටම හදලානම් ගොඩේ ගෝඩ... (අද අපිව අන්දනවා නෙවෙයිනේ අයියා...)

    ReplyDelete
  21. This comment has been removed by the author.

    ReplyDelete
  22. අර කොලුවාගේ ෆොටෝ එකත් පබ්ලිෂ් කොරලානේ.

    ReplyDelete
  23. අඩෝ චූටිමහත්තයා පචයා..... පුංචි එවුං රවට්ටන්නැතුව හිටිං

    ReplyDelete
  24. මටත් බාගන්න විදිහ කියන්ඩෝ . .
    .
    .
    .
    .
    .
    .
    .
    .

    .
    .
    .
    .
    (මම ආසයි රැවටෙන්න . . .චූටි මහත්තය පවුනේ)

    ReplyDelete
  25. අනේ යකෝ චූටි මහත්තයෝ...... අරූගේ පොටෝ කෑල්ලකුත් දාලා....

    ReplyDelete
  26. මේ අවුරුද්දෙ අප්රේිල් 1 හොඳම බොරුව සම්මානය!

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නේ...... ඒ සම්මානෙනං ගන්නවා අනිවා

      Delete
    2. ට්‍රැෆික් ඇනෝ සාදරයෙන් පිළිගනිමි!

      Delete
  27. ස්ක්‍රීන් ශොට් එකනම් ඇත්ත වගේ තියෙනවා... මට රැවටෙන්නමයි හිතෙන්නේ...

    අර මැලේසියාවේ ඉන්න අයින්ස්ටයින් මලයගේ පොටෝ එකේ බිත්තියේ The Future Today කියලා ගහලා තියෙන එක තමයි දිරවන්නේ නැත්තේ... ඒකේ හෙන පුරුදු ගතියක් තියෙනවා... ඒ හින්දා මටත් සොෆ්ට්වෙයාර් එක එපා...

    ReplyDelete
  28. සුබ උපන් දිනයක් වේවා !!!

    ReplyDelete
  29. හැමෝම එපා කියන එකේ ඔන්න ඔහෙ මට දියන් බං. මම සඳුදා ඉඳන් ඕකෙන් වැඩ කරන කොට අනික් උන්ට තරු යයි.
    අනික මචං උඹ මේ කරන උදව් වලට හොඳ තැනක් බලල අරින්නම වෙනවා. නැත්තම් අපි කළ ගුණ නොසැලකුව වෙනවානෙ.

    ReplyDelete
  30. ....අද අප්‍රියෙල් 01 නොවුනනම්....මෙන්න මේ පින්තූරේ මට ජංජාලෙන් හම්බවුනේ නැත්නම් http://static.rbytes.net/fullsize_screenshots/s/p/speech-chinese.jpg
    ....ඇත්තටම මම මේ විටිනා කියන සොෆ්ට්වෙයාර් එක අනිවාර්යයෙන්ම බාගන්නවා..
    ..... කොහොම වුනත් උදේ පාන්දරම කට්ටියගේ දැනුම දියුනු කරන්න ගත්ත උත්සාහයනම් අගය කරන්න වටිනව...

    ReplyDelete
  31. අඩේ අපරාදෙ අද අප්‍රේල් 1 උනේ....

    ReplyDelete
  32. මට ඕනා යකෝ ඔය වගේ කොල්ලන්ව අපි අගය කරන්න ඕනා අප්‍රියෙල් 1 උනත්,,,හා හා යූරෝ 2 වීරයා ඕක මට දියන්

    ReplyDelete
  33. අඩෝ ඇගේ ලේ වතුර වෙලා හිටියේ..අපරාදේ මෙහෙම එකක් ඇත්තටම තිබුණ නම් මරු

    ReplyDelete
  34. කාටවත් ඒපාලු........පලෙවනිද උනත් කමක් නෑ ඔය ලහුටම මට දීපන් ෙකෙහල් ෙකාටුෙව්.......

    ReplyDelete
  35. මොනව උනත් ඔය වගේ අදහස් එන මොලේ දාන්න ඕනෙ ඇලේ....!

    සිංහල බ්ලොග් කෙරුවාවේ ආතල් එක තියෙන්නෙ මම නම් හිතන විදිහට ඇඟිලි උළුක් වෙනකන් ටයිප් කරන එකේ තමයි. ඒක නිසා ඔය පික්සු බෙහෙත් පෙත්ත මට නම් එපා....

    හැබැයි මට ඕනෙ විදිහට ඕක කස්ටමයිෂ් පාරක් දාල දුන්නොත් ඉල්ලන ගාණක් දෙනවා.....


    ඒක වෙන්න ඕනෙ මෙහෙමයි.....


    1) සින්දුවක පද පෙල දැම්මහම ඒකට තනුව ඉබේ වැටෙන්න ඕනෙ
    2) ඊට පස්සෙ සින්දුවක තාලෙ මයික් එකෙන් විසිල් පාරක් ගහපු ගමන් ඒකෙ පද පෙල වැටෙන්න ඕනෙ
    3) හින්දි සින්දුවක් දැම්මහම එකේ සින්හල පද පෙළයි, තනුවයි වෙන වෙනම වැටෙන්න ඕනෙ....

    මොකද කියන්නෙ.....?

    ReplyDelete
    Replies
    1. ඔබතුමා මේ අංශයේ කෙස් පැහිලා තට්ටේ පෑදුණ කෙනෙක් හැටියට ඒවගේ ජිංජිබිරිස් එකක්වත් හැදුවනම් නේද හොඳ

      Delete
    2. "හින්දි සින්දුවක් දැම්මහම එකේ සින්හල පද පෙළයි, තනුවයි වෙන වෙනම වැටෙන්න ඕනෙ...."

      ඒකනං නියමයි...... ජෝතිපාල කියපු සිංදුවක් දැම්මම ඒකෙ හින්දි සිංදුව හොයන්න ක්‍රමයක් තිබුනනං කියල මටක් හිතුන වාර අනන්තයි..

      Delete
  36. පිස්සු හැදෙයි.....!
    ඒ කොහොම වෙතත් හැපී උපන්දිනයක් වේවා හොඳේ......!
    අර කෙහෙල් කොටුවේ චූටි මහත්තයගේ කතා ආයෙ දාන එකනම් මරු.... මම කියවන්න ආසම කතා ඒව තමයි.....
    එහෙම වෙනවනයි රැවටෙන් උනත් අපි රෙඩී.....

    ReplyDelete
  37. එපා හොදේ! මේ දවස්වල කටින් පිටවෙන ඒවා මේකෙ දැම්මොත් මාව බ්ලොගර් එකෙන් එලවනවා. ඒ නිසා චූටි මහත්තයගේ පිල් එක එපා. අප්‍රේල් පළවෙනිදා වුනත් හොඳ වැඩක් මෙහෙම දෙන්න හිතපු එකත්.

    ReplyDelete
  38. හොද වෙලාවට උඩින් කමෙන්ට් කරපු කට්ටිය මේ අද දවසේ විශේෂ ලිපියක් කියලා මතක් කරලා තියෙන්නේ.. කොහොම උනත් එහෙම එකක් එනවනම් මරු..

    ReplyDelete
  39. සොෆ්ට්වෙයා එකනම් ඩවුන්ලෝඩ් කරගත්තා. ඒත් අර කලින් රෙකෝඩ් කරපු ඕඩියෝ එක ඉම්පෝර්ට් කරගන්න විදිහක් නෑ නේ.. එක්ස්පොර්ට් කියලා බටන් එකක් විතරයි තියෙන්නේ.. ඒක ක්ලික් කරාම එරර් එකක් එනවා

    ReplyDelete
  40. කමෙන්ට් ටික කියවනකම් මමත් නැට්ටේ ඉඳන් ගාගෙන හිටියේ. හපොයි. මං තියා ගත්ත බලාපොරොත්තු අහස උසට .

    ReplyDelete
  41. thank you චූටි මහත්තයා . ඔන්න හෙට වැරදිලා චූටි මහත්තයත් එක්ක තරහාවෙලා එයාට බලියක් හෙම කරනවානම් මගෙ ලින්කුවෙන් ගිහින් කරන හැටි දැන්ම බලා ගන්න
    බළියක් ලාබෙට ලේසියට කරන හැටි

    ReplyDelete
  42. අර මායාබන්ධන් ඇඳුම හදපු එකයි අකුණු පෙන්නපු කතාවයි ඔක්කොමත් බොරු ද නැත්නම් රටින් ආපු සොෆ්ට්වෙයාර් එක විතර ද බොරු? කොහොම උණත් මම නම් රැවටුණා මුල ටිකේ දී

    ReplyDelete
  43. @දුමී ............මොකක්ද දුමී අපේ කොල්ලන්ගෙ රස්සාව නැති කරන යෝජනා ගේන්නෙ? ඔන්න මම නඩු දානවා නොකිව්වයි කියන්නෙපා ඕං

    ReplyDelete
  44. ෂිඃ අද ඉරිද විතරක් නෙමේනෙ.. කෑවා ලණුව.. සිරාවටම රැවටුනු බව නොකිව්වොත් ඒක යුරෝ දෙකේ වීරයගෙ නිර්මාණාත්මක හැකියාවට කරන අගෞරවයක්.

    කමක් නෑ මටත් එකක් එවන්ඩෝ...

    ReplyDelete
    Replies
    1. බ්ලොග් රීඩර් එකේ මේ ලිපිය කියවල මාත් ආවෙ සොෆ්ට්වෙයාර් එක ගන්න..මටත් මෝඩයගෙ දවස කියල අමතක වුනානෙ..

      Delete
    2. සඳුද වෙනකල් කමෙන්ට්ස් ටික පබ්ලිශ් නොකර හිටියනම් කීප දෙනෙක්ම මේකට අහු වෙනවා..අපරාදෙ..මුල්ම වතාවට මම අද බ්ලොග් එකට ඇවිත් තියෙන්නෙ උපන්දිනේ සමරන්න වගේ..

      Delete
    3. සිරාවටම, කමෙන්ට්ස් පබ්ලිශ් කරේ අපරාදෙ. එහෙම උනානම් බලන්ඩ තිබුනා රැවටුන අයගෙ ඔරිජිනල් කමෙන්ට්ස්.. මමත් කමෙන්ට්ස් දැක්කම තමයි රැවටුනා කියලා දැනගත්තෙ..

      ලැජ්ජා හතයි...

      Delete
    4. ඇත්තටම කමෙන්ට්ස් පබ්ලිෂ් නොකර හිටියා නම් මරු. එහෙම නම් මමත් අහු වෙනවා.

      Delete
  45. මිනිහා ඩයලොග් එකෙත් වැඩ කරල තියනව වගේ මැලේසියා වෙදිද දන්නේ නෑ.

    ReplyDelete
  46. කුණුහබ්බ කිව්වම ඒවා ලියවෙන්නේ නෑලූ... අනේ තොගේ...

    ReplyDelete
  47. කමෙන්ට් බැලුවේ නැතිනම් මම මේක බාගන්න බලා ඉන්නවා බොලේ

    ReplyDelete
  48. බොරුව පවර්ෆුල් මදි.

    ReplyDelete
  49. ඔන්න මමත් අහු වුනා මම ඉතින් මෝඩයනේ

    ReplyDelete
  50. මටනම් පෙන්නේ අනිත් අයව අන්දන්න ගිහින් චූටි මහත්තයා නා ගත්තා වගේ

    ReplyDelete
  51. මිට කලින් ටිකක් දන්න කෙනෙක් හදපු එකක් තියෙනවා.ඒක හැබැයි ගොඩාක් ප්‍රසිද්ද නැහැ.පොඩි පොඩි වැරදි තියෙනවා ඒත් අලුත් එඩිට් එකේ එහෙම නැහැ.

    ReplyDelete
  52. හෙට ඉඳන් යුරෝ දෙකේ වීරයා පෝස්ට් දාන්නෙ ඔය ගැජමැටික් එකෙන්ද?
    කොහොම වුනත් අපි ඊළඟ පොස්ටුවෙන්ම බලමුකෝ ගැජමැටික් එකේ වැඩ කිඩ..;)

    ReplyDelete
  53. සාතන් අයියෙ ඔයා නම් දෙයියෙක්.........

    ReplyDelete
  54. ම්හ්... හරිගියේ නෑ නේද වැඩේ..... පුද්න කොටම කාපි යකා කියලා සාතන් වැඩේ කාලනේ.... :D

    ReplyDelete
  55. චූටිමහත්තයාගේ වර්ල්ඩ් ක්ලාස් අදහස් වලට සම්මාන දහයක් දෙන්න වටිනවා... චූටි මහත්තය හිතන්නෙත් නිකන් ගූගල් කස්ටිය හිතන විදියට :) ඒගොල්ලෝ අද ගෙනාවෙත් මීට සමාන දෙයක්

    Google Tap

    ReplyDelete
  56. සාතන් ගොයියා කියන්නේ යකෙක්ම තමයි...
    ඌ නිසා කී දෙනෙක් ගොඩ ගියාද.... :)

    ReplyDelete
  57. මම දෙවනිදා වෙනකම්ම බලං හිටිය මේක කියවන්න එන්න

    ReplyDelete
  58. යකෝ ඕක කරන්න බැරි දෙයක් නෙමේ.. බලමු ඉස්සරහට.

    ReplyDelete
    Replies
    1. ඕය වගෙ දෙයක් ලංකාවෙ ගොලු තරුනයෙක් කලා කියල රූපවාහිනි නිව්ස් වලට ගියා කියල දවසක් මට කිවුව මගෙ යාලුවෙක්. ඊට පස්සෙ බ්ලොග් එකකත් මම දැක්ක වගේ මතකයි.

      Delete
  59. අසාධාරණයි....

    මම සෙනසුරාදා නිවාඩු නිසාත්....
    ගෙදර කොම්පීතරය කැඩිලා නිසාත්...
    මම මේක දැක්කෙ දැන්...


    මම බොගක් නොලිවිවට....
    අපිත් ආසයි අලුත් තාක්ෂනේ අත් විදින්න.....

    මේ රටේ අපි වගේ දුප්පත් මිනිස්සුන්ට ඉපදුනු තැන ඉදලා අසාධාරණේ....

    ඇයි මෙහෙම කරන්නෙ...?????

    (බුද්ධි මහත්ත‍යෝ මේ ඔබේ අවධානය පිණිසයි...)

    ReplyDelete
  60. තව පොඩ්ඩෙන් කනවානේ ටොපිය..

    ReplyDelete
  61. This comment has been removed by the author.

    ReplyDelete
  62. හයියෝ සල්ලි මම දෙවෙනි පාරටත් රැවටුනානෙ....
    උඩින් දාපු කමෙන්ට් එකත් මැකුවා......

    ReplyDelete
  63. ele ele niyamai mekanam velavagodak ituru karaganna puluvan

    ReplyDelete
  64. අනේ.... මූව දිවියාම කාපිය

    ReplyDelete
  65. සොෆ්ට්වෙයා එක ගැන දැන ගන්න ආ සියලු දෙනාට.
    ________________________________

    ඇත්තටම ඕගොල්ල ගැන හරිම සතුටුයි මට. අර සාතන් මාමා මුලින්ම වැඩේ මෙව්වා නොකරන්න ඕගොල්ලන්ගේ අවංක අදහස් තව තවත් මට බලාගන්න තිබුනා. කමක් නෑ...සාතන් මාමා අද හවස් ජාමේ එහා පෝස්ට් එකෙන් ඇනගෙන තියෙන්නෙ...

    කොහොම නමුත් ආපු සියලු දෙනාට ස්තුතියි. ඕගොල්ලන්ගෙ මේ අදහස් තමයි අපිව දිරිමත් කරන්නෙ මේවගේ වැඩ තව ඉදිරියට කරන්න. දිගටම අපත් සමග රැදි ඉන්ඩලා... අද වෙන වෙනම උත්තර දාන්ඩ වෙන්නෙ නෑ.....අනිත් දවසෙ ඉදං පුද්ගලිකව ඕගොල්ලන්ගෙ ගැටලු සලකා බලනවා....!
    - මිට යුරෝ දෙකේ විරයා

    ReplyDelete
  66. මේ පැත්තට ආවේ අදමයි.. සැහෙන්න ලොකු තෑග්ගක් ලැබුනා නේ.. දිගට ම එන්න උත්සහ කරනවා..

    ReplyDelete
  67. ඔයා ඇත්තමනම් කියන්නේ මරෙ මරැ..

    ReplyDelete
  68. මම නම් මෙයාව දන්නවා වගේ...මේ පින්තුරෙ ඉන්න කෙනාව...

    ReplyDelete
  69. අන්තිම තුන්දෙනා සොෆ්ට්වෙයා එක ගත්තද?

    ReplyDelete
  70. ‍මේ ව‍ගේ දක්ෂ අය අප‍පේ රටට සම්පතන්
    මට මෙල ලබා‍දෙන‍මෙන කාරැණිකව ඉල්ලා සිටිමි


    gnamal56@gmail.com

    ReplyDelete
    Replies
    1. 334kb ka rar file ekkak download wenawa eka install karanna be please mata hellp karanna

      Delete
  71. ane mata meka heta denawada
    oyata godak pin

    ReplyDelete
  72. වැඩේ මාරු. බ්ලොග් ලියන්ඩ වටිනා භාණ්ඩයක්! කොහොමද මේක ගන්නේ..? rar එකේ png image 1ක් නේ තියෙන්නේ. හෆොයි..
    මට මෙය මේල් කල හැකිද?

    janaka300@yahoo.com

    ReplyDelete
  73. ජනක / ගුණවර්ධන මහත්මයා, ස්තුතියි!!!!

    ReplyDelete
  74. ධර්මදානය සඳහා මේ තොරතුරැ හිතවතුන් අතර බෙදා ගන්න ෴
    යමෙක් මේ සසරේ ඇති අනතුර හඳුනා නොගනීද... එවන් අයහට නොපමාව එම විපත දැන හඳුනා ඉන් මිදීමට උපකාරය පිණිස .......
    http://dahamvila.blogspot.com/

    ReplyDelete
  75. මේක ඩවුන්ලෝඩ් වෙන්නෑනෙ

    ReplyDelete
  76. මේක ඩවුන්ලෝඩ් වෙන්නෑනෙ

    ReplyDelete
  77. ෂා මාරයිනේ.......

    ReplyDelete

ඔබේ පංගුව...

...................................................................

Related Posts Plugin for WordPress, Blogger...