2010/03/04

සින්ඩියේ කට්ටියක් සයිබර් යායට ගිය කතාව !

ඔන්න සයිබර් යායෙන් මං ආපහු ආවා. අදට සයිබර් යාය සින්ඩිටය​ට ඈවිත් හරියටම මාසයක්. ඔය තියෙන්නෙ සයිබර් යායෙ රස කතා කියෝලා කොමෙන්ට් දාපු කට්ටියක් සෙට් වෙච්ච වෙලාවක්, ප්‍රවීණ චිත්‍ර ශිල්පියෙක් චිත්‍රයට නගපු ආකාරය!

දැං ඉතිං මවුස් එකේ රෝදෙ කරකෝ කරකෝ චිත්‍රෙ හොයන්නෙ නැතුව මේ ටිකත් කියෝගන හිමිං සීරුවෙ යන්ඩ. එතකොට චිත්‍රෙ හම්බවෙයි.

මම සින්ඩියට ආවේ 2010 -02-04 වෙනිදා. හැබැයි ''පුදපු ගමක් කාපි යකා'' කියන්නා වගේ එදා මගේ බ්ලොග් එකේ කොමෙන්ට් දාන්න බැරි කේස් එකක් ඈවිල්ල තිබුණා. ඒක නිසා හැමොටම සින්ඩියේ හිටපු අයගෙන් ලැබෙන සුබ පැතුම් කොමෙන්ට් එකක්වත් මට ලැබුනේ නෑ.

ඒත් ඉතිං ඊට පස්සේ දාපු ​පොස්ට් වලට නං බඩ කට පුරා කොමෙන්ට් තිබ්බා. මට ලැබුණු පළමු කොමෙන්ට් එක දාලා තිබුනෙ Gavels. එදා ඉදං අද වෙනකං දවස් 30ට කොමෙන්ට් 120 කට වැඩිය ලබා දුන්නු අයට මගේ හදපිරි ප්‍රණාමය පුද කරනවා!

මේ සංසාර ගමනේ මගේ පෝස්ට් එකක් පළමු වතාව​ට share කරලා මාධව හබරකඩ ලොකු පුන්‍ය කර්මයක් කරගෙන තිබුණා. අදට ෂෙයාස් 30 පැනලා තියෙනවා.

මගේ චිත්‍ර දැකලා ඒවා අගය කරපු දුකා, උඔටයි මේ ​මගේ ප්‍රණාමය! ඔන්න පිළිගනිං.

රටවල් 12 කිං විසිටස්ලා 1286 යි. බ්ලොග් එකේ පිරිවරට 31ක් එකතු වෙලා ඉන්නවා. ඉතිං මේ ඔක්කොම එක්ක බලද්දි මට මාර කික්.

ඈත්තම කියනවනං සයිබර් අඩවියේ අතරමං වෙලා මගේ බ්ලොග් එකේ එකම රසිකයා මං වෙලා ඉද්දි මටම එපා වෙලා තිබුනේ. මේ ඔක්කොම වෙනස් උනේ මම සින්ඩ්යට ආපු නිසා. ඒකට මම සින්ඩ්යේ මහත්වරුන්ට ගොඩාක් ස්තුතිවන්ත ​වෙනවා!

ඊට අමතරව සින්ඩ්යෙන් මට හොද සයිබර් යාලුවො සෙට් එකකුත් හම්බ වෙලා තියෙනවා. සමහරු මමත් එක්ක කතාබහ කරන්න පුද්ගලික ඊ-ලිපිනයන් පවා ලබා දිලා තිබුණා. මං අදින විත්‍ර අගය කරලා තිබුණා. නිවැරදිව ටයිප් කරන හැටි කියලා දීලා තිබුණා. ඉතිං ඒ වගේ දේවල් නිසා මං මේ දවස් වල මාර තෘප්තියකින් කාලය ගත කරතවා.

මගේ පෝස්ට් වලට කොමෙන්ට් කරපු, දිගමට ලියන්ඩ කියලා මාව අගයපු සියලු දේනාටත් සින්ඩියට ඈවිත් මාසයක් සම්පූර්ණ වෙන මේ වෙලාවෙ මං ආයෙත් ස්තුතිවන්ත වෙනවා!

''මොන මගුලකට ද බං උඹ ඹච්චර රෑ වෙනකං කොම්පියුටරේ ලග නිදිමරන්නේ?'' මගේ හිත මගෙන්ම අහනවා.

''එහෙම තමයි බං! ඔය ඉන්දරෙත් කියලා තියෙන්නෙ, කොච්චර කරත් මේ බ්ලොග් කෙරුවාව එපා වෙන්නෙ නැති හැටි ! කියලා'' මම හිතට කිව්වා.

අන්තිම ටික.....

ඔය චිත්‍රෙ දිහා බලල සමහරු තරහවෙයිද දන්නෑ. මම මුලිං හිතං හිටියේ මාසයක් සමිපූර්ණ වෙන දවසේ මගේ බ්ලොග් එකට ආපු ඔක්කොමල්ලවම කාටුන් කරලා දාන්න. ගැනල බලපුවාම 100ත් පැනලා. ඉතිං මට තියෙන වැඩත් එක්ක 100ක් අදින්ට ගියොත් වෙන වැඩක් කරන්න වෙන්නෙ නැහැ. අනික මගේ මැෂිමෙ තීන්තත් ඉවරවෙයි. (බබා) ඒක නිසා අහඹු ලෙස තෝරගත්තු 9 දෙනෙක්ව මට පුලුවං හැටියට කාටුං කලා. ඒ කවුද කියලා අදුරගත්තොත් ඔය අංක පිළිවෙලෙට ලියලා දාන්න.

හරිය​ට 9 දෙනාවම අදුරගත්තොත් වටිනා තෑගි. (සභාවේ සිනා!) මේ කස්ටිය තොරන්න සින්ඩියේ ඔක්කොමට සහභාගි වෙන්ඩත් පුලුවං හොදේ! පේනවා පොඩි වැඩිනං චිත්‍රෙ උඩ ඩබල් ක්ලික් කරලා ඒක ලොකු කරගන්ඩ පුලුවං කියලා අමුතුවෙං කියන්ඩ ඕනෙ නැහැනෙ නේ?

එහෙනං ඉදිරියේ දී තවත් රසකතාවකින් සෙට් වෙමු. එතෙක් ඔබ​ට සාමය සතුට පිරි සුබ කික් එකක් වේවා!









47 ක් කියන්නේ !:

  1. ඔන්න සහෝදරයාට මුලින්ම මම සුභ පතනවා.. මැක්සා කථා ටිකක් මමත් කියෙවුවා. දිගටම ලියන්න... කාටුන් එකේ ඉන්න හැමෝම දන්නේ නෑ. මම කියන අය හරිද බලන්නකෝ....
    1. පිස්සා
    2. බිගුවා
    6. කතන්දර කාරයා
    7. මුචලින්ද

    ReplyDelete
  2. ඔන්න මට දැනිච්ච විදියට

    3.දුකා
    4.වැප්
    8.නොදරුවා ද?, (ළමයා) කියපු කට්ටිය නම් හරි වගෙයි. කාටුන් එක නම් උපරිමයි!

    ReplyDelete
  3. බ්ලොග් කියවන්න නම් නිතරම බැරි වෙන නිසා ගොඩක් හොඳ ඒවා මග ඇරෙනවා. අහම්බෙන් හරි දකින ඒවා කියවනවා. බ්ලොග් එකත් නියමයි. කාටුන් චිත්‍ර නම් ගොඩක් හොඳයි. සුභ පැතුම්

    ReplyDelete
  4. ela ela . . maxa . . .!! jaya wewaa . . .

    ReplyDelete
  5. මචන් උඹ මොකෙන්ද මේ චිත්‍ර අඳින්නේ?

    ReplyDelete
  6. This comment has been removed by the author.

    ReplyDelete
  7. No 01- මම
    02- බිඟුවා

    අනිත් අය මට එච්චරම ශුවර් නෑ.
    මධූෂ හරිද කියලාත් හිතෙනවා.

    අයියෝ කියන්නකෝ ඉක්මනට උත්තරේ....

    ReplyDelete
  8. 9 නම් කවුද කියලා හිතාගන්න බෑ 5නම් මම හිතන්නේ සසික වෙන්න ඔනේ. මොනවා උනත් මෙන්න මගෙනුත් සුබ පැතුම්... මම උඹේ බ්ලොග් එකට දාන 1වෙනි Comment එක මේක උනාට මමත් මුල ඉඳලම සයිබර් යායෙ රසිකයෙක්. දිගටම ලියපන් මචන් අපිත් ඉන්නවා කියවන්න.

    ReplyDelete
  9. 1 pissa 2-biguwa 3-duka 4- wap 5- sasika
    6- kathandara karaya 7-muchalinda 8- lamaya
    9-dodan
    harigiyoth monada apita denne loku baddakda

    ReplyDelete
  10. ළමයාට, උඔට උඹව අදුරගන්න බැරිද? 8 උඔ
    .......................................
    ගීතිකාට, ඔයා 8න් ගොඩ.අනිත් අයව අදුරන්නෙ නැද්ද?
    .......................................
    නුවනුත් කියපු ඒවලිං ගොඩ.
    .......................................
    sereneworldට සුබ පැතුවට ස්තුතියි! වෙලාවක අයෙ ඈවිල්ල යන්ඩ.
    .......................................
    දුකා, උඔත් හිටියද කොහෙද නේ?
    .......................................
    (ම)ට, චිත්‍ර අදින්නෙ මවුස් එකෙන්. කේස් එක ටිකක් අමාරුයි.
    .......................................
    madusha නං ගොඩද මන්දා?
    .......................................
    පිස්සො මං ඉස්සෙල්ලම ඈන්දේ උඹව
    .......................................
    රන්දිල්, ඔයා මට ටයිප් කරන්න කියලා දීලි තිබ්බා.ඒකටත් ස්තුතියි!දිගටම එන්ඩ මේ පැත්තෙ.
    .......................................
    ගයන්තට ස්තුතියි. ඔයත් දිගටම එන්ඩ හොදේ!
    .....................................
    නිශාචරයෝ, ඔන්න උඔ බොරුවක් කිව්වා. මට කොමෙන්ට් දාපු උං කට පාඩං. උඔ මගේ පෝස්ට් එකකට මීට කලිං කොමෙන්ට් කරල තියෙනවා.
    මෙන්න මේකෙ http://cyberyaya.blogspot.com/2010/02/blog-post_15.html

    ReplyDelete
  11. සකියො,හරි ගියොත් බඩ්ඩක් දෙනවා. කිව්වොත් කිව්වම තමයි! හීක්...හික්...

    ReplyDelete
  12. කික් හික්.. මම හිතුවා, උඹ මාව තමා ඉස්සෙල්ලාම අදින්න ඇත්තේ කියලා.. ඩෙනිම් කලිසමක් අන්දවලා, තැනින් තැන පැචස් දැම්මා නම් මම, ඔය වගේම තමා..

    මල්ලී අර පෙන් එකක් ගන්නකෝ.. ඒකින් ලේසියි අදින්න.. අර කඩදාසියේ ඇන්දාමත් කෙලින්ම කම්පියුටරේ ඇදෙන්නේ.. ඒකක් එච්චර ගනන් නම් නෑ..
    ලේසියි නේ ඒක.

    ReplyDelete
  13. ආ උඔ මොඩන් පිස්සෙක් නේ ඩෙනිම් අදින හිහ් හිහ්....
    කවුද දන්නේ හිතේ ඈදිච්ච එක​ කො​ලේ ඈන්දා! බලමු බලමු වැඩේ නැගල ගියොත් ගමු නේද පෑනක්?

    ReplyDelete
  14. මරු චිත්‍රය....කෝ මේ ඉන්නවා කියන බිගුවා...මම තාම හොයනවා ;)

    ReplyDelete
  15. නියමයි මචන්. මරු කාටූන් චිත්‍රය.

    ReplyDelete
  16. අලේ මාවත් ඇදලා..... එළ එළ.... තැන්කූ.. නියම චිත්‍රය (මම ඉන්න නිසාම නෙවෙයි)

    ReplyDelete
  17. හුටා... ඇත්ත නේන්නම් :D මට ඒක මතක තිබුනේ නෑ නොවැ...

    ReplyDelete
  18. පිස්සු හැදෙනවා. කොහෙද, try එකක් දෙන්න කලිං ගොනා වගේ comments කියෙව්වනෙ

    ReplyDelete
  19. හුටා මාත් සිටී!
    පට්ටයි!

    ReplyDelete
  20. ලස්සන වැඩක්. නියමයි නියමයි

    ReplyDelete
  21. Pissanam siraa (THUMBS UP)
    Keep writting Bro...

    ReplyDelete
  22. This comment has been removed by the author.

    ReplyDelete
  23. änthräXට, ආ.... දැං ඉතිං නිකං ඉදපං උඔට තෑගි නෑ.
    ...................................
    Chandika @ ..::E-KiCkS::.. තැන්ක්ස්ස්ස්ස්ස්ස්ස්ස්..
    .........................
    මුචලින්දයෝ, උඔ දැන්ද යකෝ දැක්කෙ..
    .......................................
    sameerausaයෝ දිගමට එන්ඩ හොදේ
    .....................................
    Xiao_Shu මේ කව්ද මේ හිහ්... හිහ්...

    ReplyDelete
  24. ගොඩාක් පරක්කුයි...
    අනේ මොනා කරන්නද...
    මම මේ මැතවරණ (වඩා රසට උයන අය සෙවීමේ) වැඩක් සෙට් උනානේ.

    මම අංක 2. නියමයි. ගොඩාක් අය මාව හොයාගෙනනේ.
    වෙලාවට දෙබරෙක් හරි බමරෙක් හරි සයිබරයේ නොහිටියේ.

    ලස්සන අදහස මචං.
    කියලා වැඩක් නෑ... පට්ටම

    /බිඟුවා...!

    ReplyDelete
  25. pls Add here as well.

    http://blog.inetlanka.com/

    ReplyDelete
  26. මම ගීතිකා නෙවෙයි ගීතික. නියමෙට ඇදලා තියෙනවා. මොකක්ද සොෆ්ට්වෙයා එක ?

    ReplyDelete
  27. අයියෝ මන් දැක්කේ දැන් ... තරඟය ඉවරියි ... කස්ටිය කියන විදිහට මාත් ඉන්නවා ... සතුටේ බැහැ ...

    පරක්කු උනාට සමා ....

    මේ දවස් ටිකේම හරියට ලිපියක් කියවන්න බැරි උනා ... දන්නවා ඇතිනේ කරන දේ ... එක හින්දා තව පොඩියෙන් මග හැරෙනවා ....

    ReplyDelete
  28. ඔහ් .. දැන්නෙ දැක්කෙ..

    ReplyDelete
  29. ගීතිකට, ඔන්න JR ට කොරන්ඩ බැරි උන වැඩෙත් මං කලා. ගීතිකව ගීතිකා කොලා :). මොන සොෆ්ට්වෙයාද බං. ෆොටෝෂොප් වලිං අදින්නේ. උඔ ඈඩෝබි කාරයන්ට එහෙම කියන්ඩ එපා මං ෆොටෝෂොප්වලිං චිත්‍ර අදිනවා කියලා හරිද?.
    .......................................
    Anonymousට ඉස්තුතියි!
    .......................................
    වැප් මොකද්ද උඔලගේ අලුත් වැඩේ සින්ඩි​යද? මමත් රෙජිස්ටර් උනා හැබැයි තාම මම නැද්ද කො​හෛද? www.cyberyaya.blogspot.com
    ....................
    අයි ෆොන් යාලු දැන්ද ආවේ.:)

    ReplyDelete
  30. උඹ චිත්‍ර අඳින්න Photoshop වෙනුවට Illustrator පාවිච්චි කලා නම් මීට වඩා වැඩ දාලා තව හොඳ නිර්මාණ කරන්න පුලුවන් වෙයි. Try කරලා බලපන්.

    ReplyDelete
  31. Nice...mama num anduranne Bingu(2) witharai. Mokada maath thawama meekata aluth...

    Meka harima interesting. Onna mageth palaweni satahana thabuwa

    ReplyDelete
  32. නිෂාචරයෝ උඔ කියන කතිව ඈත්ත. ඒත් ps වල වැඩ කරන ගමන් අදින එක ලේසියි. මේකටම වෙනම වෙලාවක් නැහැ. psවල ඉන්න ගමංම තමා අදින්නෙ.
    .......................................
    කතන්දරකාරයාට මගේ ප්‍රණාමය මේ පැත්තෙ ආවට!
    ...................................
    හිපෝ, තැන්ක්යූ මචං. දිගටම ලියන්න මගෙන් සුබ පැතුම්!

    ReplyDelete
  33. No prob Buddhi.. machung newei.. Michaline.. :P mama hippicchiye :Pand thanks for visiting my blog...

    ReplyDelete
  34. me hellow oya correct answer eka kiyanne nette
    gift eka denna wena nisada me halo....ewa
    hariyanne ne harida

    ReplyDelete
  35. සකියෝ ඔයා පාර වරද්ද ගත්තා. මුලින්ම හරි උත්තරෙ දීලා තිබු​නෙ මධූශා. ඒක ඔයා ගෙඩි පිටිං කොපි කරලා දැම්මා. මම මධූශට තෑග්ග දෙන්න එයාව හොයද්දි එයා උත්තරෙත් ගලොගෙන යන්ඩ ගිහිං. ඉතිං මං මොනවා කරන්නද?

    ReplyDelete
  36. මෙන්න බොල මාත් ඉන්නවා...මරු පිඹුරා නිසා මාත් ගොඩ..එල මචං අද තමයි දැක්කේ...සොරි වෙන්න ඔනේ මේ පැත්තේ එන්න පරක්කු උනාට...

    ReplyDelete
  37. මම අදයි මේක බැළුවෙ. මාත් ඉන්නව වගේ නම වෙනියට. මම දොඩන් නම වෙනස් කලානෙ පොඩි කේස් එකක් හින්දා. මම දැන් කුම්භකර්ණයා. ගැලපෙනවනෙ නම. ඊයෙ රෑ 8ට නිදාගෙන අද උදේ 7ට නැගිට්ටෙ. කොහොමද නින්ද?

    ReplyDelete
  38. කුම්භකරණ, ස්තුතියි මේ පැත්තෙ ආවට

    ReplyDelete
  39. ඒ දවස්වල් සින්ඩිය හරි බලවත් වගේ නේද ? දැන් සින්ඩි වලින් බ්ලොග් කියවන් උන් ඉන්නවද ? මමනම් මලාට සින්ඩි වලට යන්නෑ.. අඩු ගානේ මගේ පෝස්ට් එකක් ඒවයෙ පබ්ලිශ් වෙලාද කියලවත් බලන්ඩ. ඇත්තටම දැන් සින්ඩි වලට ගිහින් බ්ලොග් කියවන උන් ඉන්නවද ?

    සයිබර් යායේ අනුක්‍රමික නැගීම මේ පොස්ට් වලින් හොඳින් වටහා ගන්ඩ පුලුවන්.

    ReplyDelete

ඔබේ පංගුව...

...................................................................

Related Posts Plugin for WordPress, Blogger...