2010/09/04

ඌරන්​ට මොන ​සවුක්යද? | මගේ FB සොවුක්ය පාඨමාලාව

කතන්දර කියවන්න ආපු සේරමලාව ආදරයෙන් පිළිගනිමි. අද ඉදං ටික දිනයක් යනකල් බුද්ධි අය්යා කාගෙදෝ වෙඩිමක පොටෝ ඈල්ලීමට රට ගොස්ය. රට කියන්නෙ උඩරට පැත්තේය. ඒක නිසා මේ දවස් ටිකේ පෝස්ට් දැමීම මට බාර කර ඈත. මං ඈවිල්ලා ඒයාගේ මල්ලි කෙනෙක් වේ.

මම ඈවිල්ලා බුද්දි අය්යා කියන දේ අකුරට පිළිපදින මල්ලි කෙනෙකි.

ඒකට හොඳම උදාහරණයක් මේ පහලින් දක්වා ඈත.

එක දවසක් මම අපේ නේබර් කෙනෙක් වන ''සංජුවා'' සමඟ වැට අයිනෙ ''එරොප්ලෙන්'' ටෙනිස් බෝලයක් අරභයා කොක්කක් දමාගෙන සිටියෙමි.

සංජුවා මට බනියි! මම සංජුවාට බනියි!!

මෙසේ ගේම නැගලා මට අවාසි අතට වලිය පෙරලීගෙන එද්දි බුද්ධි අය්යා එතැන්ට ආවේය. ඒ වෙලාවෙ හැටියට මිනිහා මට දෙයියෙක් වගේය. මම බුද්ධි අය්යා දෙස අසරණ ලුක් එකක් දැම්මෙමි.

බුද්ධි අය්යා,
'' අරින්ඩ එපා මල්ලි එකට එක කියන්ඩ. එකට එක කියන්ඩ කිවේය. මිනිහා කී දෙයක් කරොත් අනිවා ගොඩ යන නිසා මම අය්යා කී ලෙසම කලෙමි.

මම සංජුවා බල්ලෙක් වගේ බුරනං සිට,

''එකට එක! එකට එක!! එකට එක !!!''කීවෙමි.

එවිට බුද්ධි අය්යා මගේ එදිරිවාදියා සංජුවත් සමඟ එකතු වී කොක්හඬ ලා මට සිනා විය.

ඊට පස්සෙ වෙච්ච දේවල් කියන්න අම්මපා මට වචන නැතිය. ඒක නිසා නිකං ඉඳිමි.

ආ... කතාවෙන් කතාවෙන් බුද්ධි අය්යා මට පැවරූ රාජකාරීය අමතක වී යාමට ගියේය.

බුද්දි අය්යා යන විට පොඩි රාජකාරියක් පවරා ගියේය. එය වනාහී බුද්ධි අය්යගේ ඊලග කතන්දරේට පෙරවදනක් ලිවීමය.

ඊට පෙර සියලු දෙනා විනාඩියක නිස්සබ්දතාවක් දැක්විය යුතුය. ''අද මම මේ කතන්දරේ කියෙව්වායින් පසු අලුත්ම අලුත් පුද්ගලයෙක් වෙමි'' ඒ නිස්සබ්දතාවයේ දී සිතන්න කියා මම යෝජනා කරමි.

හරි ඔන්න දැන් නිස්සබ්දතාවය පටන් ගත්තේය. ......................................................... දැන් ඉවරය (පසුබිමින් පුටු සද්ද ඈසේ)

විසේසයෙන් මේ කතන්දරේ, ඔපිස් පුටුවෙම ඉඳලා අලියෙක්ගෙ වගේ බඩ දාලා බඩ ඔඩොක්කුවෙ තියං ඉන්න කට්ටියටයි, පුටුව මේසේට ලං කලාම බඩ මේසෙට හිර වෙන කට්ටියට, ඔපිස් එකට ගොඩවෙද්දි, කලිංම බඩ ඔපිස් යන කට්ටියටයි, නැත්තං උදේට වැඩට එන්න කලිසම ඈන්දම සර්ට් එක අඳින්නත් කලින් බඩ බැගී වෙලා එල්ලෙන කට්ටියටයි, නැත්තං අවුරුද්දෙං අවුරුද්ද ඉණ ලොකු වෙලා මේ අවුරුද්දෙ ඈන්ද කලිසම ඊලග අවුරුද්දෙ බලු රාලට දොය්යන්න දාන්න වෙන කට්ටියටයි, එහෙමත් නැත්තං කාලෙකින් දැක්ක යාලුවාගෙන් ''ඕයි තමුසෙ නිකං දැං බත් බරියෙක් වගේ වෙලා'' කියලා කෝචෝක් ටෝක් අහන්න වෙන කට්ටියටයි, හෙමත් නැත්තං ඔපිසියෙ ලිෆ්ට් එකට පිටුපාලා පඩිපෙලෙන් නැග්ගම ''මාරයා'' බෙල්ල මිරිකං ඉන්නවා වගේ හුස්ම හිරවෙනවා වගේ දැනෙන අය්යාලා මාමලා ඈරුණම,

මොන රෙද්ද ගැලපෙනවද කියලා බලන්න කොයි ඈඳුම ෆිටෝන් කලත් ඈගට සෙට් වෙන්නැති අයටයි, එහෙමත් නැත්තං පාටියකට යන්න පාටිෆොරොක් එකක් ඈන්දම නිකං මූදු වෙරලෙ වගේ ඈගේ රැලි මතුවෙන කට්ටියටයි, ඒමත් නැත්තං අර අය්යලා, මාමලා වගේ ටිකෙන් ටික මිටෙන් මිට ඈගපත පත පිම්බෙන, අක්කලායි නැන්දලායි ඈරුණම,

ඈග බස්සගන්න ටීවී එකේ පෙන්නන එක්සයිස් මැසින් අරං ඈඟ අඩු නොවෙච්ච පාර, ඒ මැසිම පූසලාට නිදා ගන්න හරි, වැස්ස දවස්වලට රෙදි වෙලෙන්න උපකරණයක් කරගෙන හරි ඉන්න අයටයි ඈග නිකං අවුල යාගෙන එනවා වගේ හිතෙන කට්ටියට විසේසයෙන් වැදගත් වෙයි. (කුදු ​රම්බෝ වාක්‍ය ඉවර කර ගන්න වින්ද දුක බොල. තාම අලුත්නෙ ඒකයි!)

ඕන්න දැං මම පෙරවදන ලියමි.

බුද්ධි අය්යා ලියන්න යන ඊලග කතන්දරේට මාර්තුකාව ''ඌරන්ට මොන සවුක්යද'' යනුවෙන් දැමීමට මම අදහස් කරමි. මේ ලියුම ලියන්න මීට වඩා ගැලෙපෙන මාර්තුකාවක් සොයාගන්ට අමාරු විය. මේ මාර්තුකාවෙන් කියන්නෙ ඌරලාට සවුක්කයක් ඕනේ නැ කියලාය. ඒ කියන්නේ මිනිස්සු වන අපිට සවුක්ය ඕනෑය. තරහ වෙන්න එපාය. මං නං කියන්නෙ ''තමන්ගෙ සරීර සවුක්ය ගැන නොහිතන අය්යලා, අක්කලා, නැන්දලා, මාමලා ඈඳුං ඈඳං පාරේ යන ඌරලා කියලාය. මොකද සරීර සොවුක්ය පිරුහුණ තැන මානසික සොවුක්යත් පිරිහෙයි. මානසික සොවුක්ය පිරිහුනු තැන ඔක්කොම සුම්මාය. ඒ කියන්නෙ ලෙඩ හැදෙනවාය. හම්බුකොරන සේසත දොස්තර මහත්තයලට දෙන්න මදිය. වයසට යන්නත් කලින්ම අවුරුදු 35 දී විතරම සරීරය අබලන් 1210 ලොරියක් ගානට වැටෙනවාය. ඒ හෙතුවෙන් මිනිස්සු වන අපි කව්රුත් හොඳ සරීර සොවුක්යකින් සිටීම වැදගත්ය.

ඈගපත ලස්සන විට ඈදුමක් ඈන්දත් හැඩනේද?

මූණත් තහඩුවයි කොන්ඩෙයි ලස්සන නැන්දලා, අක්කලාගේ විතරක් නෙමේ, කොන්ඩෙ ජෙල් ඔලින් උස්සලා ටයි දාන අය්යාලා, මාමලාගේ සමහරකගෙයි ඈගවල් ගන්න දෙයක් නැති බව මම දැක ඈත්තෙමි.

මම හිතන්නෙ මේ කතන්දරේ මෙ අබුද්දස්ස කාලේ මෙ මිහිපිට ජීවත් වන කාටත් වැදගත්ය. මෙයා කොම්පියුටර් කාරයාය, මෙයා පොටෝකාරයාය, මෙයා කතන්දරකාරයාය, මෙයා මාලු කාරයාය, මෙයා සැලුන් කාරයාය, මෙයා ඩයිවර් කාරයාය කියා කාටත් සමාවත් නැත. ඈඟ ගැන හිතුවෙ නැත්තං කාටත් එක දේය.

ඒක හින්දද කොහෙද ලෝක සවුක්ය සංවිධානෙන් සවුක්ය කියන්නෙ මොකද්දැයි පැහැදිලි කර ඈත. මේ තියෙන්නෙ ඒකය.

''සෞඛ්‍යය යනු හුදෙක් ලෙඩ රෝගවලින් හා දුබලතාවන්ගෙන් තොරවීම පමණක් නොව කායික මානසික සමාජීයය හා අධාත්මික යහ පැවැත්මේ පූර්ණත්වයයි''

කොමද සෙල්ලම! ලේසි නැනේද?


තමන්ගේ සරීර සොවුක්ය දැනටමත් අබිලික්දැයි බලා ගැනීමට බුද්ධි අය්යගේ කා​මරේ බිත්තියේන් උස්සපු මේ චාට් එක වැදගත් වෙයි කියා සිතමි.


මේකේ හැටියට උසට බර සැට් වෙන්නැති අයගේ සවුක්ය දැනටමත් අබිලික් වී තිබෙන්නට පුලුවන්ය.



හැබැයි බය වෙන්න එපාය.

බුද්දි අය්යා ආපු හැටියෙ කට්ටියටම හරියට කෑමබීම ගන්න හැටි, වැඩි ඈඟවල් අඩුකරන, අඩු ඈගවල් වැඩි කරන මන්තරේ කියලා දෙයි! උප්පතියෙන්ම දෙය්යෝ දුන්නු ලස්සන ඈග වසාගෙන තියෙන තෙල් තට්ටුව ඉවත් කරලා ආයෙත් ඉස්කෝලෙ ගිය කාලේ තිබ්බ ලස්සන සරීර කුඩුව මතුකරගන්න හැටි කියලා දෙන ක්‍රම සහ විධි අය්යා ලඟ ඈත.

හැබැයි පුතෝ කැප වෙන්න ඕනැය. කැපවීමක් නොමැති පුද්ලයා වෙත වාසනාවක්වත්, දෙය්යන්ගේ ආසිරිවාදයත් එන්නෙ නැති බව ටිකිරි මං අමුතුවෙන් කියන්න ඕනා යැයි නොසිතමි.

පැය 24න් පුංචි විනාඩි ගානක්වත් තමන්ගෙ ඈග ගැන නොහිතන එකා තමන් ගැන ලැජ්ජා විය යුතු යැයි පුරාණ පඬිවරු පවා කියා ඈත. අනික තමන්ගෙ ඈඟ ගැන තමන් බලාගන් නැතුව සක්කරයාගේ පුතා වයිමා බලන්ඩයැ?

එහෙම පුංචි කැපකිරීමක් කරන්න පුලුවං අයට ''රෙඩි වෙලා ඉන්න'' කියලා කියන්න කියලා, බුද්ධි අය්යා මට කියා ගියේය.

බුද්ධි අය්යා කියන්නෙ ඒයාගේ සයිබර් යාලුවො ඔක්කොලාම, කෙල්ලො කොල්ලො වගේ යහපත් සවුක්යකින් ඉන්නවා දැකීම ඒයාගෙ එකම අරමුණ කියලයි!

තව එකක්ය.

යහපත් සොවුක්යකින් ඉන්න රස කෑම බීම ඔක්කොම අයින් අරලා ජිම්නේසියම් වල වරු ගණං හිර වෙලා දුක් විදින්න ඕන්නැය. එහෙම ඈගවල් අඩු කරගන්න ඕන්නං කාට හරි පීහියෙං ඈනලා හිරේ ගියාම ඉවරය. එතකොට ඉබේම කෙට්ටු වේ.

දැං පෙරවදන ඉවර කරමි. ඈග අඩුකරන FB මෙහෙයුමට කට්ටියම ලෑස්ති වී සිටින්නය. FB යනු ෆැට් බර්නින් යන්නයි!

ඒ කියන්නෙ යහපත් අනාගතයන් උදෙසා අද සිටම තෙල් පුච්චමු යන්නයි!


මේ තියෙන්නේ අය්යා එයාගේ කතන්දරේ දාන්න හදාපු පොමෝශන් බැනර් කෑල්ලකි.


අය්යා කියන අන්දමට අය්යාගේ මේ පෝස්ට් එකට කවදාවත් නොවූ වීරු ප්‍රමාණයේ කොමෙන්ට් ගාණක් ලැබෙන්න නියමිතය. ඒ මොකද මේ කතන්දරේ මොන කතන්දරේටත් වඩා තමන්ගේ සරීර සොවුක්යට ගුණ හින්දාය. අය්යා කියන්නෙ කව්රුත් පාහේ කොමෙන්ට් කර අය්යා උද්යෝගිමත් කර තම තමන්ගේ සරීර සොවුක්ය ගැන ඉගෙන ගනීවී කියලාය.

මං නං ඒයාට කිව්වෙ මේක තියෙන කොමෙන්ට් ටිකත් නැති වෙන මගුලක් කියාය.

දැං දැං මේ ලියුම ටයිප් කරීම නිසා මගේ වැලමිට සන්ධියේ සිට ඈඟිලි බිත්තරේ දක්වා කැක්කුම් කරයි. ඒක නිසා ඉවර කරමි. ඹ්න්නං ඊලග කොටසත් බුද්දි අය්යාගෙන් අවසර ගෙන මම්ම ලියන්නංය. මං හොඳ නං ඔය කොමෙන්ට් දාන අස්සෙ ඒ ඉල්ලිමත් බුද්ධි අය්යගෙන් ඉල්ලන්නය.

තවත් රසබර සොවුක්ය කතන්රයක් සහ FB මෙහෙයුමත් සමඟ අනිත් දවසේ හමුවෙමු.

මීට,
බුද්ධි අය්යගේ මල්ලි,
ටිකිරි
ආ...මේ ඉන්නෙ මංය.









38 ක් කියන්නේ !:

  1. මට නම් ඔය පාඨමාලා අනවශ්‍යයි .......... මං වී සේප්නේ :D

    ReplyDelete
  2. උදේ පාන්දර හරි සෝක් පාඩම නොවැ,, බුද්ධි අය්යාට කියන්නය, අනිත් ටිකද කියන්ටය කියා

    ReplyDelete
  3. එළ කථාව.ඉක්මනට ඔය පාඨමාලාව පටන් ගත්තොත් හොඳයි.ලියලා තියන විදියත් topම තමා.ඔන්න පාඨමාලාව හදාරන අය අතරෙ මමත් ඉන්නවා.

    ReplyDelete
  4. මාත් ලියා පදිංචි උනාය කියන්න. අපට ආයෙ බුද්ධි එපාය. අපි මීට පස්සේ කියවන්නේ ටිකිරි ලියන ඒවාය. ඒවා ඉතා හොඳය. කියවන්න ආස හිතේය.
    අනේ බං......

    ReplyDelete
  5. මමත් කියන්නේ බුද්ධි එපා... ටිකිරි ඕනෑ කියලාය.

    ReplyDelete
  6. මාවත් දා ගනිං බං ඔය පන්ති වලට...

    එකත් කොරලා බලමුකෝ...

    පොඩිකාලේ පිතූරයක් අමුනලා ෂේප් වෙන්න හැදුවෙ ටිකිරිගෙ බඩ බැගී වෙලාද කොහෙද.. වරෙං අපිත් එක්ක පන්ති යන්න... පොඩි කාලේ නම් අපිත් හිටියා නිකං සරුංගලයක් වගේ... සරීර කූඩුවයි, ඇඳුමයි විතරයි නෙව.

    ReplyDelete
  7. හැබෑය ..ටිකිරිම ලියන එක හොඳයි වගේය.
    මේ බර මාරු උනානම් මට පන්ති එන්නට ඕනෑ වෙන්නේ නැතිය.;-(

    ReplyDelete
  8. දයාබර ටිකිරි මළේ . . මේ දුකා මාමාත් පුටුව උඩටම වී වැඩ කරන කෙනක් නිසා තව ටික දිනකින් බඩ ගෙඩිය ඔඩොක්කුවේ තියාගෙන ඉන්න වෙන පාටක් පේන්න තියේය . . . දැනටම ත් අර කෙහෙතගේ අපලේ හැදිලා වාගේ අත පයට වඩා බඩ ගෙඩිය ලොකු වෙලාය . . . ඒක නිසා අමතක නොකර බුද්ධි අයියගේ ටියුසොන් පන්තියට මේ මාවත් එකතු කොර ගන්ටය කියලා කියන්නය . . .

    ReplyDelete
  9. පාඨමාලාවට ඇතුල්වීම සඳහා අයදුම්පත බා ගන්නේ කොහෙන් ද ?


    බුද්ධි එපා....
    ටිකිරි හොඳා....

    ReplyDelete
  10. චූටි මහත්තය උදවුවටත් ‍කෙනෙක් අරන් වගේ........... ;)

    අනිත් ටිකත් ඉක්මනට කියමුකෝ ටිකිරියේ බලන්න.......

    ReplyDelete
  11. අමතක උනා.....

    අයදුම්පත කාටදෑ දෙන්‍ ‍නේ ටිකි‍රෝ???????

    ReplyDelete
  12. අනේ ටිකිරි මලේ පිස්සෙක් කියා නොසිතා මාවත් පන්තියට ගනු ඇතයි සිතමි. ඉස්සර නම් අපිත් ස්ලිම් ඇන්ඩ් සෙක්සි විදියට සිටියේය. දැන් නම් ෆැට් කියන මල උලව්ව එහෙන් මෙහෙන් එලියට පැමිනෙමින් සිටින අතර තව කල් ගියහොත් හැඩයක් දකින්නටවත් බැරි විය හැකි බැවින් මාවත් එක් කර ගන්නා ලෙස ඉල්ලමි.

    ReplyDelete
  13. "දැං දැං මේ ලියුම ටයිප් කරීම නිසා මගේ වැලමිට සන්ධියේ සිට ඈඟිලි බිත්තරේ දක්වා කැක්කුම් කරයි."

    මට නම් හිතෙන්නේ, මේක ලියාපු කෙනාටත් සෑහෙන්න සෞඛ්‍ය ගැටලු තියෙන හැඩයි..
    හික් හික්...!!
    :D

    ReplyDelete
  14. මටත් එපා......... මාත් ඩබල් V සේප් නේ....
    මේ මොකාද ඔය ටිකිරා මේ ඩිංග ටයිප් කරල බිත්තරේ රිදෙනව කියන්නෙ මුගෙ තෙල් ඔක්කොම පිච්චිලද කොහෙද
    ..... මේ බුද්දියෝ මේක ලියන්න දෙනවනං අතපය පන තියෙන එකෙකුට දීහං............

    ReplyDelete
  15. බුද්ධි අයියගෙ පාඩමට නං මාත් එනෝ ඒත් බොහොම ආමාරුවෙන් තියාගෙන ඉන්න බරත් අඩු වෙයිද මන්දා. උස 5'4"ට බර 47-48ක් විතර. මන්දපෝෂණය වෙලා තියෙන්නෙ කැන්ටිමෙන් කාලා.

    ටිකිරා එපා...........
    බුද්ධි හොඳා.............

    අර මානසික අසහනකාරයාගෙ කොමෙන්ටුව මකලා දාපං ටිකිරෝ. නැත්තං බුද්ධි අයියට ඇප නැතිවෙයි.

    ReplyDelete
  16. මමත් ඔය පාඨමාලාවට එනවා...ටිකිරටත් බ්ලොග් එකක් ලිව්වනම් නැගලා යයි....

    ReplyDelete
  17. සා.. කොහොමද ටිකිරි මොලේ.. ටිකිරිගේ ෆිගර් එක නම් ‍ෂේප්. මේ ඒක නෙමෙයි ටිකිරි.. අර චාර්ට් එකේ අඩි හයට වඩා උස අක්කලාගේ බරක් නැතෙයි?

    ReplyDelete
  18. ටිකිරෝ බුද්දි අයියගෙන් අහල ඇඟ බස්සන කරම වගේම බර වැඩි කරන කරමත් කියල දෙනවනම් මාවත් ඔය පාඨමාලාවට බඳව ගනින්.

    Ano අයින් නොකර මොඩරේට් දාපියෝ.

    ReplyDelete
  19. ටිකිරෝ, බොලත් යසයි, බොලෑ අයියත් යසයි. එහූවැයිං උඹලා දෙන්නාම නිවුස් එකේ කියන වැස්ස වගේ කඩින් කඩ ලියනවා මං නම් මනාපයි ඕන්න...

    හැබැයි, උඹෙන් අහන්නට දෙයක් තිබේ... හැම අක්කියෙක්ම 72න් මැරනවාදෝ බං.? අනේ තරහ නැතුව බුද්ධි අයියාගෙන් අහපල්ලාකෝ එකත්... :)

    ReplyDelete
  20. මට නම් වෙන රම්බෝ කෙනෙක් මතක් උනේ. ආයිත් බුද්ධි නම් එපා මල්ලි මැතිතුමා හොදයි.

    ReplyDelete
  21. මටත් එපා....මොකද මං "සිම්පල් අයි (i)" සේප්නෙ..

    ඕව කරන්න ගිහින් මේ තියන තෙල් කාලත් නැතිකරගන්න බෑ..

    ReplyDelete
  22. මලය උඹට වඩා එළනේ බං..... මේක මලයටම බාර දීලා උඹ FB වැඩේ කරහං. මේ.. තාම අර 300 ඉවර නැත්තං මාවත් දාගනින්. මාස 6ට මාත් out of shape වෙලා.

    ReplyDelete
  23. ඔය බුද්ධියා මහ කපටියා. අපිව හැමදාම රවට්ටනවා. කතා කීයක්නම් පොරොන්දු වුණාද? තවම එකක්වත් නෑ. අපිට ටිකිරා ඕනෙ

    ReplyDelete
  24. කතාව මරු.
    මගේ නම් බර හරි. ඕං ටිකිරාට පිංසිද්ද වෙන්න ඒකත් චෙක්කොර ගත්තා. ඇත්තටම ඔය මුහුදේ රැලි වාගේ කතාවනම් දැන් දැන් මටත් පොදු වී ගෙන එනවා.FB එකට මාත් එක පයින්.
    කියන්න ඕනි මමනම් මේ ඉසව්වට අලුත්.කමක් නෑනේ?

    ReplyDelete
  25. කමෙන්ට් කර රෙජිස්ටර් උනු සියල්ලන්මට ස්තුතිය!

    ලගදීම දිනෙක ඈඟ අඩු වැඩි කර ගැනීමේ පාඨමාලාව ඈතුලත් මැගසීනය ගෙදරටම එනු ඈත.

    ReplyDelete
  26. මරු....මරු... අයියගේම මල්ලි වගේ.මටනම් ඔය පාඨමාලාව ඔනවෙන එකක් නැහැ.නැද්ද මහත් කරගන්න විදියක්.

    හැබැයි මලයෝ අයියා කිව්වා වගේ එකට එකම කියපන්.එතකොට උබට හොද අනාගතයක් උදාවෙනවා සිකුරුයි.

    ReplyDelete
  27. පැන්ඩො කොහොමත් ඉතින් ටිකක් තර බාරුයි තමයි,... එත් ඉතින් මට ටිකක් ස්ලිම් පැන්ඩෙක් වෙන්න හිතුනා... හැබැයි හුගක් බැ.. එතකොට කට්ට්යට අර හුරතල් බෝලයක් වගෙ කොලු පැටිය නැතිවෙයි..මගෙ නමත් දා ගන්න හොදේ..

    ReplyDelete
  28. ටිකිරිගේ මොලේ නම් මරු..හෑබෑයි මොකෝ ටිකිරෝ මේ ඈල ගහලා ඉන්නේ??

    ReplyDelete
  29. අනේ මාවත් ගනියෝ.....!

    ReplyDelete
  30. ආපු ඔක්කොටොම මැගසීන් එක හම්බුනා නේද!

    ReplyDelete
  31. ඌරන්ට මොන සවුක්යද

    ReplyDelete
  32. අන්තිමටම තියෙන පොටෝව දැක්කහම හා හා හරි හාව මතක් වෙනව

    ReplyDelete
  33. අනේ මන්දා කවුද හරි කියලා... උස අඩි 5 අඟල් 9ක් තියෙන බර කිලෝ 82 ග්රෑම් 200 වෙන මේ අක්කාගේ බර වැඩි නැති බවත් ඒත් පනින කට්ටට ළඟ උනත් පැන නැති බවත් මේ රටේ මිනුම් පිළිබඳ දෙපාර්තමේන්තුවෙන් සොයා බලා දැනගතිමි..

    ඒත් මේ ගනන හිලව්?

    ReplyDelete
  34. බඩ තමා පුරස්නෙ.. බලමු ඊලඟ එකෙන්වත් ඒකට පිළිතුරක් හම්බෙයිද කියලා...

    ඔය ෆෝටෝ කෑල්ල කුලියට දෙනවද ? මීට කලිනුත් ඕක දාලාතිබුනා වෙන එකෙක්ගෙ නමින්. දැන් බුද්ධි ගෙ මල්ලිලු.. අනේ මංදා..

    ReplyDelete

ඔබේ පංගුව...

...................................................................

Related Posts Plugin for WordPress, Blogger...