" ඒ බල්ලා පුදුම ගතිගුණ තියෙන බල්ලෙක් ඈ........." කියාගෙන ස්වාමියා අතට ගත්තු හැලපෙ ඔතලා තිබුනු කැන්ද කොලේ ගලවන්න ගත්තා.
එදා අපි කතා වෙමින් උන්නෙ ලෝකෙ හිටපු ශ්‍රේෂ්ඨතම බල්ලො ගැන. හැලප කමින් ඉන්න ස්වාමියා උපතින් ම සතුන් ගැන ඇල්ම තියෙන කෙනෙක්. එයා කුරුල්ලන්ටත් හෙන ආදරෙයි. ලස්සන කුරුල්ලෙක් ඉන්නවා කිව්වොත් ලෝකෙ ගැට්ටට ම හරි යනවා ඌව හොයාගෙන. මේ ස්වාමියාගේ බිරිඳත්, අපිත් එක්කම කතාවට අගුල්පත් තියමින් ලඟ ලඟම හිටියා. අපි කියන මේ ස්වාමියාගේ බිරිඳ බ්ලොග් ලියන්නියක්. එයා හරිම ස්වාධීන අදහස් තියෙන කෙනෙක්. යමක් කියන්ඩ තියෙනව නං ඒක කියනවා ආය මහ ඒජන්තට හරි. ඒ වගේමයි පතිභක්තියත්.
අපේ මිතුදම ආරම්භ වුනේ මගේ බ්ලොග් එකේ එතුමියගේ කමෙන්ට් වැටුනට පස්සෙ. මීට අවුරුදු තුනකට කලින් අගෝස්තු පොත් ප්‍රදර්ශනේ දවසේ, ඒ කාලේ නැවුම් බ්ලොග්කරුවෝ ටික දෙනෙක් BMICH එකේ දී මුණ ගැහුනා. එතනට මෙතුමියයි, එතුමියගේ ස්වාමියයි, ඒ කියන්නෙ මේ හැලප කමින් කතාකරන එක්කෙනයි, ඒ ගොල්ලන්ගේ බිනරමලියි ඇවිල්ලා හිටියා. එතනදී වෙච්ච කතාවෙනුයි අපි දැනගත්තෙ මේ ඇවිල්ලා මැරියන්ලගේ අල්ලපු වැටේ අයයි කියලා.
ඒ කිව්වෙ මේ ස්වාමියයි, අපේ මැරියන්ලගේ අක්කලයි ඒකාලේ දන්න අයලු. පොඩි කාලේ සෙල්ලම් කරද්දි මේ ස්වාමියලා කරක් නොගහපු තැනක් නැලූ. බලාගෙන යද්දි මැරියන්ලයි, මේගොල්ලයි එක ගමේ දෙපැත්තෙ.
ඔහොම අපේ මිතුදම මෙව්වා වුනාට පස්සෙ අපි ඒ ගොල්ලන්ගෙ ගෙදර යනවා, ඒ ගොල්ල අපේ ගෙදර එනවා. ඇයි ඉතින් දන්න කියන අයනෙ දැන්. ඔන්න එකෝමත් එක දවසක ඒ ගොල්ලන් අපේ ගෙදර ඇවිල්ලා හැලප කකා ඉද්දි තමා අර බලු කතාව ඇදිලා ආවේ.
මැරියන්ලගේ මහගෙදර ලග තියෙන අසල්වැසි ගෙදරක ඉන්නවා හුරුබුහුටි බැල්ලි පැටියෙක්. ඌ කවදාවත් මාව දැකලා නැති වුනත් මම එහෙ ගිය මුල්ම දවසෙම මෙයා ඇවිල්ලා ඇඟේ දැවටෙන්න ගත්තා. මම මාස ගාණකින් එහෙ ගියත් එයා කොහොම හරි ඒ බව දැනගෙන මාව හොයාගෙන මැරියන්ලගේ දිහා එනවා. ඉතින් ලොකේ හිටපු ශ්‍රෙෂ්ඨ බල්ලො ගැන කතාවෙද්දි මේ බැල්ලි පැටියාගේ කතාව ඇදිලා එන එක අහන්න දෙයක් නෑනේ.
ඒ ගොල්ල තීරණය කලේ සංසාර ගමනේ පරණ මතකයක් හන්දා බැල්ලි පැටියා මාව හොයාගෙන එනවා ඇති කියලා. ඒකට මම එකඟ වුනත්, ඇමරිකන් ජනාධිපති තුමා වගේ මම පපුවට අත තියලා ඉතාම වගකීමෙන් කිව්වා "එහෙමමත් නෙමේ අනේ, හදවතේ කරුණාව තියෙනව නං ඕනෙම කෙනෙක්ට, ඕනෙම සතෙක්ට ඒ බව දැනෙනවා කියලා".
ඕක කිව්ව හැටියේ තමා අර ස්වාමියා කේක් කෑල්ලත් එක්ක කාපු කෙසෙල් ගෙඩියේ පොත්ත පැත්තකින් තියලා, හැලපේ අතට අරං පුටුවෙ හරි බරි ගැහිලා මෙහෙම කිව්වෙ.
"ඔයා දන්න තරම තමා. එහෙනං අපේ ගෙදර හිටපු බල්ලා කාටක්කත් කීකරු නෑනේ මට විතර. ඔය හදවතේ කරුණාව තියෙන කාටවත් ඌව නමා ගන්න බැරි වුනා, නේද අනේ......."
"ඒක තමා....." අපේ ජනප්‍රිය බ්ලොග්කාරිය අගුල්පත් තිබ්බා. ඒකෙන් උද්දාමයට පත් වෙච්ච පාර තමා ස්වාමියා,
" ඒ බල්ලා පුදුම ගතිගුණ තියෙන බල්ලෙක් ඈ........" කියාගෙන කතාව පටන් ගත්තෙ.
ඒ කතාව පුරාම කියවුනේ ඒ බල්ලගේ තිබුනු පුදුම හිතෙන ගතිගුණ ගැන. මේ කතාව අතරතුර අපි අහපු හරස් ප්‍රශ්ණ, හූමිටි තැබිලි වගේ මුඛ්‍ය තේමාවට අදාල නැති ඔක්කොම කෑලි කපලා දැම්මොත් මෙහෙමයි කතාව එන්නෙ.
අපේ කතා නායකයා සත්තුන්ට ආදරේ හින්දම බල්ලෙක් හදන්න අරගෙන තියෙනවා. ඒ බල්ල වැඩියෙන්ම කීකරුත් එයාටමලු. ඉතින් පොර වැඩට ගිය අතරතුර දී මොකක් හරි දඩයමක් කලොත් එයා වැඩට ගිහිල්ලා එනකල් ම දඩයම කකුල් දෙක ගාව තියාගෙන ඉන්නවලු. මෙයා ඇවිදින් බල්ලව පැසසුවට පස්සෙලු දඩයම පැත්තකට දාන්නෙ. ඕනෙම ජාතියෙ අමුත්තෙකුට කිසිම හේතුවක් හන්දා සාලේ පැත්ත පලාතෙ සිමෙන්ති පාගන්න දෙන්නෑලු, එයාගේ අවසරයකින් තොරව. එහෙම ආවත් බල්ලා හොඳට ඇහැ ගහගෙනලු ඉන්නෙ මෙයාට අමුත්තා අනතුරක් කරයිදෝ කියලා. දවසක් යාලුවෙක් ඇවිල්ලා විහිලුවට කෑගහලා ගහන්ඩ ගිය හැටියේ බල්ලා පැනලා යාලුවගේ කකුලෙන් කෑල්ලක් කඩා ගත්තලු බඩගිනි වුනාම පස්සෙ කන්ඩ කියලා. ඔය වගේ වීර ක්‍රියා ගොඩකින් එයාගේ ජීවිත කතාව පිරීගෙන එද්දි තමා දවසක් හරි වැඩක් වෙලා තියෙන්නෙ.
ඒ වෙන මුකුත් නෙමේලු. මෙයා වැඩට ගිය අතරතුර දවාලක එයාගේ තාත්තා මොකද්දෝ අපබ්‍රන්ස වැඩක් කරන්න ගිහින්, බල්ලා තාත්තගේ අතෙනුත් කෑල්ලක් කඩා ගෙනලු බඩගිනි වුනාම කන්නයි කියලා. හැබැයි ඒක බල්ලට වුනු අත්වැරැද්දක්ලු. මොකද මෙයාට වගේ ම බල්ලා ලෙංගතු සීමිත පිරිසෙන් තවත් එක්කෙනෙක්ලු තාත්තත්. ඒකට තාත්තට වගේ ම බල්ලටත් හරිම අප්සෙට් ලු. ඒත් අකමැත්තෙන් හරි බල්ලව කූඩුවට දාන්න කට්ටිය එකඟ වුනාලු. තාත්තාත් බේත් දාගෙන ඇවිල්ලා "මේ බලන්ඩ ඔයා මට කරපු දේ" කියලා බල්ලට අත පෙන්නුවලු. බල්ලට ඒකට තවත් අප්සෙට් වුනාලු. බල්ලා කන්නෙ නැතුව අතඇරියලු. එයා කරපු වැඩේ ගැන එයා හොඳටම පසුතැවිලි වෙන බව දිගටම පෙන්නන්න ගත්තලු. පස්සෙ මෙයා කූඩුවෙන් වත් එලියට ආවේ නෑලු. අන්තිමේ මෙයා හොඳටම ලෙඩ වුනාලු. කෑම කෑමත් අත්ඇරලම දැම්මලු. ටික දවසක් ඔහොම ගතවුනාලු. දවසක් උදේක බලද්දි අර අප්සෙට් එකෙන්ම මෙයා නැති වෙලාලු!
ඔන්න ඔය විදිහට එක හුස්මට කතාව කියලා දමාපු අපේ කතානායක තැන බොහොම උදාර ලීලාවෙන් අපි දිහා බැලුවා. ඇයි ඉතින් එයාට ඉදලා තියෙන්නෙ කොච්චර උදාර ගතිගුණ තියෙන බල්ලෙක් ද?
පස්සෙ එයා අර හැලප කෑල්ලෙ අන්තිම කෑල්ලත් කටේ දමා ගත්තා. අපි ඔක්කෝමලා තත්පර ගණනාවක් නිහඬව මේ ගැන කල්පනා කලා. ඇත්තටම තමන් කරපු දෙයක් ගැන මෙච්චර පසුතැවුනු බල්ලෙක් ගැන අපි ඇහැව්වමයි.
හැබැයි ඔය සිතුවිල්ල එච්චර කාලයක් අල්ලලා හිටියේ නෑ. ඒ වෙන මුකුත් හින්දා නෙමේ. එයාගේ බිරිඳ, ඒ කියන්නෙ ස්වාධීන අදහස් තියෙන, නියම පතිභක්තියක් තියෙන අපේ බ්ලොග්කාරිය, එයාගේ ස්වාමියාට අමතක වෙලා තිබුනු මේ බලු කතාවේ වැදගත් කොටසක් මතක් කරලා දීපු හින්දා. ඒක වුනේ මෙන්න මෙහෙම.
ඕගොල්ලන්ට වඩා හොඳට කතාව පැහැදිලි වෙන්න මම ඒ ටික ආයිමත් කියන්නම්.
‘කොහොමහරි අන්තිමේදී මෙයා කූඩුවෙන් වත් එලියට ආවේ නෑ. එයා හොඳටම ලෙඩ වුනා. කෑම කෑමත් අත්ඇරලම දැම්මා. ටික දවසක් ඔහොම ගතවුනා. දවසක් උදේක බලද්දි අර අප්සෙට් එකෙන්ම මෙයා නැති වෙලා." ස්වාමියා කිව්වා.
එතකොටම අපේ බ්ලොග්කාරී නේද, ‘‘නැ නේද ඒයි. ඌ මැරුනේ ඒ අප්සෙට් එකටද? මම හිතුවෙ අර බල්ලොත් එක්ක මරාගෙන පිටගැස්මට ඇවිල්ලා තිබුනු තුවාලේ හන්දයි කියලා.“ කිව්වා.
කතාව ඉවරයි. මේ කතාව පුංචි උනත් ගන්න තියෙන ආදර්ශ එමටයි. බොහෝ දෙනාගේ පහන් සංවේගය උදෙසා මම මේ කතාව ලියන්න හිතුවෙත් ඒකයි. හැබැයි ඒ ආදර්ශ ඔක්කොම එකට හිරවෙලා පැටලිලා තියෙන්නෙ.
ඕගොල්ලන්ට පුලුවන් නම් ඕක ලිහලා කරලා ගන්ඩ තියෙන ආදර්ශක් ගන්ඩලා.
................................................
කලකට පස්සේ - වෙලකට බැස්සේ
- මීට යුරෝ දෙකේ වීරයා.
ප/ලි -
ඇත්තම කියනවා නම් මමත් ඔය කතාවෙන් කෑල්ලක් කපලා දැම්මා. අච්චර ලස්සනට කතාව කියලා අවසාන වුනාම අපේ බ්ලොග්කාරී කිව්වනේ, ‘‘නැ නේද ඒයි. ඌ මැරුනේ ඒ අප්සෙට් එකටද? මම හිතුවෙ අර බල්ලොත් එක්ක මරාගෙන පිටගැස්මට ඇවිල්ලා තිබුනු තුවාලේ හන්දයි කියලා.“කියලා. ඒ වෙලාවේ අපේ කතානායක තැන මොනවද දන්නව ද කිව්වෙ, “ඹව් තුවාලෙකුත් නං තිබුනා තමා“ කියලා. ඒක කියපු ස්වරෙවත්, ඒ අවස්ථාවේ මිනිහා පත් වෙච්ච ඉරණම ගැනවත් නියම තතු මට වචනෙට පෙරලගන්න තේරෙන්නෙ නෑ. අනිත් අතට කාටද කියන්න පුලුවන් පිරිමි අපට ජිවිතේ කවදාක හරි ඔයවගේ අවස්ථාවකට මුණ දෙන්න ලැබෙන්නෙ නෑ මයි කියලා. ඒක නිසා ඒ කෑල්ලත් කතාවට ඇතුලත් කරනවට වඩා හොඳ නැද්ද මේ විදිහට කතාව ඉවර කරලා මගේ බ්ලොග් රසිකයින්ට හිතන්ඩ යමක් ඉතුරු කරන එක තමන්ගේ අනාගතේ ගැන.
ප/ප/ලි -
ගිය සතියෙ දවසක සාදයකට නැවත අපි ඒ ගොල්ලන්ගේ ගෙදර ගියා. ඒ වෙලාවේ තමා කාලයේ වැලි තලාවෙන් වැසී යමින් තිබුනු මේ කතාව මට මතක් වුනේ. හැබැයි ඊට කලින් දවසක අපි හම්බුනු වෙලාවෙයි සමස්ත බ්ලොග් පාඨකයන්ගේ මතු යහපත තකා උක්ත කතාව දාන්න මම නිසි අවසර අරගත්තෙ.
කඩ(නො)වුන පොරොන්දුව........
2 years ago
ඔහොම හොද ගතිගුණ තියන බල්ලො ගැන මම ලිපු ලිපියේ ඔයා මට පෙන්නලා දීපු වැරද්ද මම හැදුවා
ReplyDeleteමොනවද බන් මේ බලු කතා.... කියන දෙයක් කෙලින් කිපන් කෝ...
ReplyDeleteකාලෙකින් !
ReplyDeleteහොඳ බලු කතාවක්. අත්තම්මා නිතර කියන කතාවක් මතක් උනා
ReplyDeleteIf you lie down with dogs, you will get up with fleas…
ඒ වගේම තමා හොඳ යාලුවෝ ගැන කියන කතාව...
A true friend never gets in your way unless you happen to be going down.
මට පේන ආදර්ශ ඉතින් මේවා තමයි. :D
හොද සිත්තරයක් බලා ගන්න ඇවිත් අන්තිමට බලු කතාවකුත් අහගත්තා. කමක් නැහැ ඒකත් නරකම නැහැ.
ReplyDeleteදුක කියන්නේ බල්ලො තරම් හොද, මිනිස්සු අඩු එක නොවැ.
වෙද මහත්තයෝ රට රාජ්ජඔල කරක් ගහලා එද්දි අපට මොනාද ගෙනාවේ..... පුහුල් දෝසි හරි, බුන්දි මල්ලක් හරි තිබුනත් හොඳටම ඇති....:)
Deleteකලු ලේබලේ ගහපු ජොනියා ඇවිදිය එවුව උනත් කමක් නෑ අප්පා !
Deleteඒ භල්ලා මැරෙන්න ඇත්තෙ මිනිස් විසට වෙන්න ඇති...පව්..ඒකට තාම ඉන්ජැක්ශන් එකක් වත් හොයන් නෑනෙ...
ReplyDeleteඒ උදාරතර බල්ලට උපහාර පිණිස මැරිච්ච බල්ලගෙ දතක් ඒ නෝනාගෙ හෑන්ඩ් බෑග් එකේ දැන් නිතරම තියනවා නේද?
ReplyDeleteවාසනාවන්ත සැමියාගේ ශ්‍රේෂ්ඨ බල්ලාගේ කතා වස්තුව...
ReplyDeleteඑවන් බිරිඳක් ලද හෙතෙම නිවුණා නෙවෙදෑ..?
(මට මැවිලා පේනවා රැවුල් ගස් අස්සෙන් ගිලපු හැලපේ හිරවෙලා බලං ඉන්න මෑන් කෙනෙක්ව..)
අප්පේ කා ගැනද මේ කියන්නෙ.....
ReplyDeleteමොනවා වුනත් පව් ඒ අයියා. :D
දැන් ඇහෙන්නෙම බලු කතා. මොකෝ බල්ලෙක් ගෙ පින්තුරයක් නැත්තෙ?
ReplyDeleteමේ පහු ගිය ටිකේ නැති වෙලා හිටපු ලමයමද මේ කතාව ලිව්වෙ?
පින්තූරයක් දැම්මනෙ කලින් පෝස්ට් එකේ:)
Deleteඈහ්.. ඒ බල්ලෙක්ගෙ පින්තූරයක්ද ??? මම හිතුවෙ බුද්ධිගෙ එකක් කියලා.. මම ෆොටෝ කොපි ටිකක් ගහලා හතර අතේ බෙදලත් දැම්මා..
Deleteඅයියෝ භල්ලෙක් හින්ද කොල්ලෙක්ට විච්ච දේ.
ReplyDeleteසෙන්නා මේ පැත්තෙ ඇවිත් නෑ වගේ අකුරු වැරදි හදන්න..!!
ReplyDeleteඇත්තටම කියනවා නම් මේ කතාව දෙතුන් සැරයක් කියවපු නිසා මටත් ගන්න තියන ආදර්ශ ටික ටැපලිලා ගියා..
එක්කො පස්සෙ ඇවිත් අරන් යනවා ටැපලිලි ඇරුනාම..හික්ස්..
කොලු - බලු කතාවක්... :D
ReplyDeleteහයියො (අ)වාසනාවන්තයෙක් ගෙ බලු කතා වස්තුව.
ReplyDeleteවැඩිය මුකුත් කියන්න බෑ
මේ දවස්වල එතුමියට පොල්ලක් තියල ඉන්නෙ.
දැක්කොත් වසල හමාරයි..:D
කලකට පස්සේ
ReplyDeleteආහ්හ් කලකට පස්සේ වෙලකට බැහැල තියෙන්නෙ... පුරුෂ පක්ශයට කියල ටයිටලේ දාපු නිසා අපි නං කතන්දරේ කියෙව්වෙ නෑ ඔන්න...
ReplyDeleteබලු කතාව ටියුබ් ලයිට්
ReplyDeleteඔන්න ඔහෙ තේරුන හරිය මදැයි කියලා තේරුම් ගන්න යන්නේ නෑ
මේ බල්ලා සිංහල බල්ලෙක්ද?
ReplyDeleteඅනේ මන්ද ? මට චිත්‍රයක් නැතුව බුද්ධි ළමයගෙ කතාව පැහැදිලි මදි .
ReplyDeleteමොකක්ද මේකෙන් ගන්ඩ තියන ආදුරුසය කියලා මම දහ අතේ කල්පනා කළා.. කරලා කරලම දැන් මොලෙත් අවුල් වෙලා..
ReplyDelete// පස්සෙ එයා අර හැලප කෑල්ලෙ අන්තිම කෑල්ලත් කටේ දමා ගත්තා. අපි ඔක්කෝමලා තත්පර ගණනාවක් නිහඬව මේ ගැන කල්පනා කලා.//
හැලප කෑල්ල ගැනද කල්පනා කළේ.. ?
බුද්ධි අයියේ මොකක්ද මේ භලු කතාව.
ReplyDeleteඅර කව්ද ඇහැව්වා වගේ මැරිච්ච උදාරතර භල්ලගේ දතක් අර නෝනාගේ බෑග් එකේ තියෙයි ????
අදාල අය කමෙන්ට් කරලා නෑ... :D
ReplyDeleteඅදාල අය උදේම කියවලා ඉන්නෙ..... ඉන්සමාම්උල්හක් නං හවස කියවයි මම හිතන්නෙ....:)
Deleteසැහේන බල්ලෝ පිරිසක් ස්වාමියාට කීකරුයි ඒ නිසාම නොවැ මිනිසාගේ හොදම මිතුරා වෙලා තියෙන්නේ.
ReplyDeleteබොලොග් කාරිණී සුවාදීනයි කියලා ඒ කතාව එතනට ඇඩ් කල එක ටිකක් අවුල් වගේ
මම මුලින් හිතුවේ ඒ ස්වාමියා බල්ලා වෙනුවෙන් හැලප කෑල්ලක් ඉතුරු කරලා බල්ලෙක්ට දායි කියලා.බල්ලා මැරුණු සීන් එක හැටියට මට හිතෙන්නේ අර අංකල්ව හපාකෑම නිසා ඒ අන්කල්ගේ විස බල්ලට ඇතුල් වෙලා බල්ලා මැරෙන්න ඇතියි කියලා.
ReplyDeleteබලු වලිගෙ උණ පුරුකෙ දැම්මත් ඇද අරින්න බැහැ කියල නොදැනද අර බ්ලොග් කාරිණිය තමන්ගෙ වල්ලභයා ඉදිරියෙ ඔය වගේ කතාවක් කීවෙ...
ReplyDeleteමේ කතාවෙන් ගන්න පුළුවන් ආදර්ශය තමයි... තමුන්ගෙ ආත්ම ගෞරවය ආරක්ෂා කරගන්ඩ ඕනෙ නං නිකමටවත් වැරදිලාවත් බුද්ධියලෑ දිහා යන්ඩ එපා.. ගියත් කටේ කෙළ බිඳක් හලන්ඩ එපා..
ReplyDeleteමේ කියන්නෙ අර සූර්ය දිව්‍ය රාජයගෙ ලෑන්ඩ් ලේඩි ගැනනේ! :)
ReplyDeleteකාලෙකින් ඇවිත් හොද කතාවක් ලියලා තියෙන්නේ.. චිත්‍රෙකුත් තිබ්බනම් නේ වටින්නේ..
ReplyDeleteබල්ලෝ කවුරුත් හොඳයි.. උන් ළඟ තියෙන්නේ බලු ගති විතරයි.. මනුස්සයෝ වගේ නෙවෙයි..මනුස්සයෝ ළඟ හැම තිරිසනාගෙන්ම ලැබුණු අවලම් ගති තියනවා. මාත් මනුස්සයෙක්..
ReplyDeleteකාලෙකට පස්සෙ ඇවිත් බලු කතාවක්නෙ ලියල තියෙන්නෙ :D
ReplyDeleteඑයාගේ ලෝකේ ඉන්න බල්ලෙක් ගැනද මේ ලියල තියෙන්නේ.....
ReplyDeleteඅනේ මන්දා මේ ගෑනු ළමයි! :P
ReplyDeleteබල්ලා යනු මගේත් ප්‍රියතම සත්වයෙකි
මං නං.. ඔය බල්ලංව බල්ලෙකුට මායිං කොරන්නෙ නෑ නෙව..
ReplyDeleteඅපූරු ලියුම..
අන්න පති භක්තිය . බලන්න සැමියාව මුසාවාදයෙන් වලකන එක බිරිඳකගේ වගකීම .
ReplyDeleteඒ ගමන චිත්‍ර වෙනුවට කථා වලින් වැඩේ පටන් අරගෙන වගේය. පව් මහත්තය. ඇත්තටම දැන් ඔයා බල්ලා මහත්තයද නැත්තං බල්ලමද?
ReplyDeleteමට නිකං කොයිල් කොයිල් වගේ මේ බලු කතා සෙට් එකටම. කතාව හරිය කියමු කෝ. කෝ මේකේ චිත්‍රෙ?
ReplyDeleteආදර්ශ නම් ගොඩක් තියෙනවා වගේ. හුඟක් ඒවා ඇප්ලයි කොරන්න වෙන්නේ පවුලක් පන්සලක් වුණු දාට :D
ReplyDeleteකාර්යබහුල නිසා පිලිතුරු ලබා දීම හෙටට කල් දානවා! :)
ReplyDeleteබොහොම දෙනෙක් මගෙන් ඇහැව්වා, ඇයි මේ ගැන නීතිමය වශයෙන් ක්‍රියා මාර්ගයක් ගන්නේ නැත්තේ කියලා. ඒ වගේම ඒ අය කිව්වා, මේ ගැන අදහසක් මෙතැන දක්වන්න, නැත්නම් මගේ ප්‍රතිරූපයට බලවත් හානියක් වෙනවාය කියලා.
ReplyDeleteඉතිං මං හිතුවා මගේ පැත්තෙන් කෙරෙන කාර්යයන් ගැන පොඩි දැනුවත් කිරීමක් කරන්න.
ගන්න පුළුවන් ඉහළම ක්‍රියා මාර්ගය අරං තියෙන්නේ. මීට වඩා කියන්න පුළුවන් කමක් නැහැ. හේතුව අරං තියෙන ක්‍රියා මාර්ගය නීතිමය නිසා.
ඃආ ඔයා ගැනද මේ කියලා තියෙන්නෙ..? දැන් එතකොට ඔය නීතිමය ක්‍රියාමාර්ගය හින්දා චූටි මහත්තයා හිරේද ? මොකද හෙටට කල් දාපු එකා තාම නෑ.. අනිච්චේ දුක්ඛේ !!!
Deleteඅඩේ මම මේ බලු කතාවට උත්තර දීලා නැත්තේ ඇයි. මට හිතාගන්න බෑ. අවුරුද්දක් පරණ වෙලත් මේ කතාවේ කාලීන බව නං එහෙම්ම ම තියෙනවා. (කව්රු හරි හොඳ ගත් කතුවරයෙක් ලියපු ලියමනක් වගේ.....) ස්තුතියි ප්‍රතිචාර දැක්වු සියලු දෙනාට....
ReplyDeleteමේකට මොනව කියන්නද මන්දා?
ReplyDeleteඑක්කො බුහ්ඃ බුහ්ඃ බුහ්ඃ කියමු. ඒ ඇති
ආ වැරධුණානෙ
ReplyDeleteභළ්ළෙක්ඝෙ ඛඨාව්ඛ්නම් කියන්නෙ ඕනෙ
භුහ්ඃ භුහ්ඃ භුහ්ඃ ඛියල
මේ ඉන්නෙ කස්ටිය..
ReplyDelete