2011/06/01

ස්ලිම් ඇන්ඩ් සෙක්සි කෙල්ලොත් එක්ක | මගේ යාලුවෝ 2

ඡන්ද ප්‍රථිපල වල හැටියට අද කතාව වෙන්වෙන්න ඕන ෂැවොලියට. ඊලඟට සපා. ඊලඟට ජෙට්ලි. සමහරු කැමති උනේ හොඳ ළමයා ගැන දැනගන්න.

ඔය ජෙට්ලි කියද්දි මට මතක් උනා අපිට මුනගැහෙච්ච ස්ලිම් ඇන්ඩ් සෙක්සි කෙල්ලො වගයක් ගැන කතාවක්.

ඔය කොල්ලො ගැන කතා කරනවා වගේද අනේ ඒක. බොරුනං කියෝලා බලන්ඩකො.

ඊට කලින්, මතකද මම කිව්වා අපේ පුතා ගැන.

මිනිහා කොළඔ ආපු දවසෙ ඉදලා කලේ " මචං අර මොකද්ද බං? අර ඇයි බං හැමදාම අතන පෝලිම? මේ මේකද බං වල්ට්‍රේඩ්සෙන්ටර් එක? හිරු එක මේකෙලු නේද තියෙන්නෙ නේ බං" කිය කිය තැනක් නොතැනක් නැතිව අපේ පුතෙක් වගේ කෙරෝලක් නැතිව ප්‍රශ්ණ අහන එකයි.

ජෙට්ලිලා, සූරිලා වගේ වැදගත් තාලෙට පාරේ යන්න කැමති උන් පුතාව කොහෙ ගියත් හලලා යන්න බැලුවේ තැනක් නොතැනක් නැතුව ඔය විදිහට ප්‍රශ්ණ අහන හින්දා. ඔය හේතුව හින්දා අපි ඒකමතික තිරණයක් ගත්තා මිනිහට "පුතා" කියලා නම දාන්න. වැඩිකාලයක් යන්න කලින්ම හැමදේටම හොම්බ දාන හින්දා මිනිහට අමතර නමක් හැටියට "බලුහොම්බා" කියලා කියන්නත් තීරණය කලා.

හැබැයි පුතා යෑ ඒවට සැලුනෙ.

මිනිහා අපෙන් උත්තර ගන්න බැරිනං බස් එකේ එහා සීට් එකේ යන කෙනාගෙන් හරි, පයින් යනවනං සිකුරුටි මහත්තයෙක් හරි අල්ලගන්නවා වෙලාවේ හැටියට.

කොටින්ම මිනිහට ඕනැ උනේ කොළඔ ගැන වැඩියෙන්ම දන්න මිනිහා වෙන්න. පස්සෙ ඒකට මිනිස්සු වැඩියෙන්ම අඳුරන මනුස්සයා වෙන්න ඕන කියන කාරණාවත් එක්කහු උනා. ඔය ඔක්කොම කලේ අපිට පාඩමක් උගන්නන්න.

ඒකෙන් මේකෙන් උනේ කොල් එකක් ගන්න පෝලිමේ හිටියත්, බස් එකේ ගියත්, ග්‍රවුන්ඩ් එකට ගියත්, මිනිහට නුපුරුදු මූණක් දැක්කොත්,

"ආනේ ඔයාව මං දැකලා තියෙනවා කොහෙදි හරි.... ආ... ඔයා අහවලා නේද, ගම කොහෙද කිව්වෙ... ආනේ මගෙත් යාලුවෙක් ඉන්නවා එහේ...... අර පන්සල් හන්දියෙන් වමට තියෙන පාරනේ.... එහෙමද ඔයා අහවලා දන්නවද.... එතකොට අහවලාත් දන්නවා ඇති...එයාගෙං අහන්ඩකෝ මං ගැන...... ඔයා කොහෙද වැඩ කරනවා කිව්වෙ..... ඒ කියන්නෙ ළඟදිද කොළඹ ආවේ....එහෙමද..... මං නං මෙහෙ ඇවිල්ලා හුඟක් කල්....." කියලා ඒ ගොල්ලංව ඉන්ටවිව් කරන්න තියාගන්නවා.

ඒ වෙලාවට අපි ලඟපාතක හිටියොත් කරන්නෙ "බල්ලා දුහ්....දුහ්...." කියලා පුතා එක්ක කතා කරන අනිත් මනුස්සයට තේරෙන්නැති වෙන්න හිමීට කියන එක. එතකොට පුතා බලනවා බැලිල්ලක් කොහොමද දන්නවද?

ඒ කාලේ අපි උදේ ප්‍රැක්ටිස් කලේ පන්නිපිටියේ ධර්මපාලෙ. අපේ "රොඩ්ඩා සර්" එන්නෙ එහෙට. පුතයි ජෙට්ලියයි, තව දුර දුවන ටික දෙනෙකුයි ටොරින්ටන් වල "සිරිපාල" සර් එක්ක, සමහරු සුගතදාසෙ.

කව්රු කොහෙ ප්‍රැක්ටිස් කලත් හවසට ඔක්කොමලා වගේ රේස් කෝස් එකට "සෙට් වෙනවා". විනාඩි විස්සක් විතර පොඩි ජොගිං පාරක් දාලා එතන වෙන වයිවාරන්න දේවල් බලං ඉදලා හයහමාරට විතර ආයෙ එනවා.

ඔහොම ඉදලා එද්දි තමා අපිට අර ස්ලිම් ඇන්ඩ් සෙක්සි ගෑල්ළමයි මුණගැහුනෙ.

එදත් අපි පුරුදු විදිහට රේස් කෝස් එකේ මෙහා ගේට්ටුව ගාව ඉඳලා බස් එකක් එනකං ඉදලා ගොඩ උනා.

බස් එක අද්දන්න යද්දිම වගේ "හොව් හෝව්..... හිකි හිකි" ගාගෙන අර ගෑල්ළමයි කට්ටියත් එතන තිබ්බ අනිත් ගේට්ටුවෙන් මතු උනා. ඒ කියන්නෙ පාරෙන් එහා පැත්තෙ රෝයල් එක පැත්තෙන්. උන්ගෙ අත්වල තිබ්බ ආම්පන්න වලිනුයි, තෙත කොන්ඩා වලිනුයි මට තේරුනා මේ ගොල්ලං ටික පීනන්ඩ පුරුදු වෙලා යන ගැල්ලමයි වෙන්ඩැති කියලා.

දැං අපිත් බස් එකේ, ඒ ගොල්ලත් බස් එකේ. අපිත් හිටගෙන,  ඒ ගොල්ලත් හිටගෙන. අපිත් ප්‍රැක්ටිස් කරලා යනවා.  ඒ ගොල්ලත් ප්‍රැක්ටිස් කරලා යනවා. නියමෙට කැපෙනවා. තකට තක.

දැං අපේ ජෙට්ලිලාට එහෙම ඉන්න බෑ. ඉරට්ටක් වගේ ඉන්න "පුතා"ත් දැං කරන්ට් වයර් එකක් පෑගිලා වගේ. ඇයි දෙයියා... එක කෝලමයි බස් එක අස්සෙ.

මං නං දැන ගත්තා ඊලගට මොකද වෙන්නෙ කියලා. වෙන්නෙ හැමදාම වෙන දේ. ජෙට්ලියා හෙන වැදගත් තාලෙට එක ළමයෙකුට කිට්ටු කරලා එයාව "නමාගන්න"යි යන්නෙ. අනිත් උනුත් දැං ඊතල හොයනවා විඳින්න.

පුතා හිටියෙ අර ගැල්ලමයට මෙහා පැත්තෙ. ඊට මෙහාපැත්තෙ මං. පිලිවෙලට කිව්වොත් මම, පුතා, අර ගැල්ලමයා, ජෙට්ලි. අනිත් උනුත් වටේට හිටියා. තැං තැං වල.

ඔන්න මම හිතපු හැටියටම ජෙට්ලි වැඩේට බහින්න ගියා. එක පාරටම පොර මොකද්ද මතක් වෙලා ආපහු පුතා දිහා බැලුවා.

“මේ ගොඩයො, තෝ මෙතන ඉන්නවං නං වැදගත් විදිහට හිටු? තෝ මැදට පැනලා මෙතන මුලු රටටම ඇහෙන්ඩ අපිව චා කෙරුවොත්, අම්මපා මචං තොගෙ බෙල්ල මිරිකන එක මිරිකනවමයි” දත්මිටි කාගෙන මිනිහා පුතා පැත්තට ඇදිලා හිමිට කියලා, "මේ මචං මූව ටිකක් බලහං" කියලා මට බාර දුන්න.

පස්සෙ ජෙටා උගුර පාදගෙන එහෙම වැඩේට බැස්සා.

"ඕගොල්ල කොහෙද?" ඒ අපේ ජෙටා.

"මී..... එස්කියුස් මී. ඌගොල්ලං මේ බස් එකේ යන හැමෝගෙම විස්තර ගන්නවද?" ඒ අර ගෑල්ලමයා. බොරුවට ගැස්සිලා වගේ බැලුවා.

"හිකි හිකි හිකි........." ඒ උන්ගෙ අනිත් ටිකයි, අපේ ටිකකකුයි, මමයි.

"නැනැ නංගි..... ඕගොල්ලං වැදගත් පාටට ඉන්න හින්දයි ඇහැව්වෙ......."

"ආ....... එහෙම එන්න, අපි අහවල් ගර්ල්ස්කූල් එකේ......"

"හිකි හිකි හිකි........." ඒ උන්ගෙ අනිත් ටිකයි, අපේ ටිකකකුයි, මමයි.

"ඕගොල්ල හැමදාම ස්වීමිං එනවද?"

"ඔව්! ඇයි ඕගොල්ලත් සුවීමිං වලට එන්නද?"

"හිකි හිකි හිකි........." ඒ උන්ගෙ අනිත් ටිකයි, අපේ ටිකකකුයි, මමයි.

ඔය කතාව ඔහොම යද්දි අපේ පුතාට නං ඉන්න බෑ. මොකද මිනිහටනේ ඉන්ටවිව් කරලා හොඳට පුරුදු. අනික මේ වගේ වෙලාවක, මේවගේ කට්ටියක් ඉන්ටවිව් කරන්න ආය කවදා ලැබෙයි කියලා ද!

ඒත් මම බස් එකේ කාටත් හොරා මාපොට ඇඟිල්ලෙනුයි, දඹර ඇගිල්ලෙ ඉස්සර ඉඳං දෙවෙනි පුරුකයි උපයෝගී කරගෙන මේ අසීරු මොහොත ඉවර වෙනකං පුතාගෙ ඉනේ මස් කෑල්ලක් අඔරෝගෙන හිටියෙ. ඒ ජෙටාට දෙන සහයෝගයක් හැටියට. වැඩිය දැඟලුවොත් හරි, කට අරින්න ගියොත් හරි මට තියෙන්නෙ මස් කෑල්ල මෙහාපැත්තට අඔරන්නයි.

"අපෝ අපි එහෙම එනවා යෑ ඕගොල්ල එක්ක ස්වීම් කරන්න..... අපි වැදගත් ළමයිනෙ... නේද මචං"

"එහෙමද........." අර ගැල්ලමයා පැත්තට හිනා උනා.

"හිකි හිකි හිකි........." ඒ උන්ගෙ අනිත් ටිකයි, අපේ ටිකකකුයි, මමයි.

" ඔව්.... ඔව්..... අපි කැන්ඩි වල වැදගත් මිනිස්සු තමා..... නේද මචං"

අන්න ජෙටා කෙප්පයක් කෙලියා. හැබැයි ඒ උත්තරෙන් මෙච්චර වෙලා කතාව කෙරීගෙන ආපු විදිහ වෙනස් උනා. අර ගැල්ලමයා පළවෙනි පාර ජෙටාගෙන් ප්‍රශ්නයක් ඇහැව්වා.

"ඔයා කැන්ඩි වලද? මොකද්ද ඔයාගෙ සර්නේම් එක?"

අන්න ඒ වෙලාවෙනං පුතාට කොහොමත් ඉන්න බැරි උනා. මිනිහා මගේ ඇඟිලි වලින් බේරිලා පැන්න ගමන් ජෙටාට කලින් මෙහෙම කිව්වා.

සර්නේම් එකද? සිරිපාල සර්. මගෙයි මුගෙයි, සොරි! මගෙයි මෙයාගෙයි දෙන්නගේ කෝච් එයා. ඇයි නංගිලා එයාව අඳුරනවද?

ඒ පාර නං උන්ගෙ අනිත් ටිකයි, අපේ ටිකකකුයි, මමයි එක්ක අමතරව අර ගැල්ලමයයි, තව වටේ පිටේ හොරෙං මේ කතාව අහං හිටපු කට්ටියකුයි කැකිරි පලන්න ගත්තා.
...................................

40 ක් කියන්නේ !:

  1. හයියෝ..... පුතා වැඩේ චොර කරලා. එතකොට ඔයා උගෙ ඉනෙන් මස් කෑල්ලම කඩා ගත්තද.

    ReplyDelete
  2. "හිකි හිකි හිකි........." ඒ උන්ගෙ අනිත් ටිකයි, අපේ ටිකකකුයි, මමයි.

    අරූට මක්ක වුනේ?

    ReplyDelete
  3. අපොයි පුතා... උගේ බෙල්ල ඉතුරු වුනාද එදා?...

    ReplyDelete
  4. තීන්ත ඉවර වෙන්න ආයේ චන්ද පෝස්ටර් වත් ඇන්දද?
    බෑ බෑ මට සිත්තරයක් ඔනේමය්. අනිත් එක ඔයාගේ පෝස්ට් වල "« Older Post " ලින්ක් හරියට වැඩ කරන්නෙ නැත්තෙ ඇය්?

    ReplyDelete
  5. "හිකි හිකි හිකි........." ඒ අපේ අනිත් ටිකයි, මමයි.
    ඊට පස්සෙ පුතාට මොනවද උනේ....

    ReplyDelete
  6. හොඳවැඩේ මේ වගේ .....පුතාලත් එක්ක ගමන් යනවට.

    ReplyDelete
  7. ඇයි චමින්ද ට සිරිපාල කිව්වේ?

    ReplyDelete
  8. හෆොයි........ ඉතින් කට්ටිය එතනින් ලිස්සල ගිහින් ඊළඟ හෝල්ට් එකෙන් බැස්සද.....????

    හිකි හිකි හිකි...... කියන්න අනිත් කට්ටිය නෑ. මම විතරයි. හිහ්.......

    ReplyDelete
  9. ඌ පුතෙක් යැ තාත්තෙක්නෙ! නැත්තං ඔච්චර පණ්ඩිත දේවල් කියයියැ :D

    ReplyDelete
  10. "හිකි හිකි හිකි........." ඒ උන්ගෙ අනිත් ටිකයි, අපේ ටිකකකුයි, මමයි.

    ඒක තමයි හොඳම කෑල්ල. (කෑල්ල කිව්වෙ කොටස කොටස)

    ඉතින් ඇත්තටම පුතාට මොකද උනේ.

    ReplyDelete
  11. එදායින් පස්සේ ඉදලත්..මිනිහට තාම කියන්නේ -පුතා- කියලා විතර ද...........

    ReplyDelete
  12. කැන්ඩි වලනේ බං....පිරිසිදු උඩරට සිංහල විතරනේ හුරු...අහන්න දෙයක් නෑ ඔය උත්තරේ හරියටහ හරි....

    ReplyDelete
  13. පුතා එහෙනම් පස්සේ විශේෂණ පදත් එක්කම අහගන්න ඇති නේද . . ?

    ReplyDelete
  14. හෆොයි! පුතා වැඩේ දෙල් කරල නේද? කෙල්ල නැවීගෙන එනකොටනෙ අරූ විනාස කරල තියෙන්නෙ. අර නිල් අහස අහපු ප්‍රශ්නෙ මටත් තියනවා.

    "හිකි හිකි හිකි........." ඒ උන්ගෙ අනිත් ටිකයි, අපේ ටිකකකුයි, මමයි.

    ඒ කෑල්ල ලොවෙත් නෑ.

    ReplyDelete
  15. හිකි හිකි හිකි....
    මේ මම විතරයි

    ReplyDelete
  16. පිණි,
    මස් කෑල්ල කඩා ගත්තනං එකක්. ආපු වෙලවේ ඉදං ජෙටාගේ කුණුකතා අහන්නයි උනේ මට.
    ........................

    ගෝල්ඩ් ෆිෂ්,
    අරු කිව්වෙ කව්ද? හරියට ඇහැව්වොත් කිව්වැකි. කොටින්ම අපිහිටපු තැන කඩේ ජම්බෝපීනට් ඉක්මනට ඉවර උනා ඔය සිද්දියෙන් පස්සෙ.
    .....................

    සාතන්,
    නැතුව. බොහොම අමාරුවෙන් පුතා බේරාගත්තෙ. ආපු වෙලාවේ ඉදං හෙන වලි.
    ..........................
    ශමාධි,

    කෝලං නොකර කතාව කියවන්න. සිත්තර ඇද ඇද ඉන්න ගියාම පෝස්ට් වැටෙන්න කල් යනවා. දැං හිට්ස් ගානත් තද සැරේට බැහැලා........ මං ලොකුවෙලා ඩිජිටල් පෑනක් අරං සුරුස් ගාලා සිත්තර ඇදලා දාන්නං. නොදා ඉන්නෙම නැ. බලන්ඩකෝ...
    පරණ පෝස්ට් වැඩ කරන්නැති එක ගැන මං විද්වත් කමිටුවට දාලා බලන්නං
    ..........................

    ප්‍රසන්න,
    පුතාට තව නං කැල්ලක් එකතු උනා.
    .......................

    නවම්,
    හිටපංකෝ උඔලගේ ගමේ එකා ගැන ඊ ලගට
    ...........................

    කතන්දර,
    මොකක් කියනවද කියලා මට තේරෙන්නැත්තෙ ඇයි?

    ReplyDelete
  17. හා පැටික්කි,
    ඉස්සරහින් බැස්සද ඇහැව්වා. කෝලං කතා කරන්ඩ එපා අපේ උන් එහෙම බහියි යැ....
    ....................

    සසී
    ඒකනේ,
    සර් නේම් එකවත් දන්නැති .....ගෙ පුතා.
    ..................
    ඉෂාර,
    පුතාට නියම වැඩ ගොඩක් උනා. පුලුවන් උනොත් කියන්නම්.
    ....................

    නිල් අහස
    නැනැ... ඔයා හිතපු විදිහ හරි. පස්සෙ අපි කිව්වෙ “තෝ පුතා නෙමේ අහවල් එකීගෙ පුතා” කියලා තමා

    ReplyDelete
  18. ශාන්,
    අන්න වෙනස තේරුනා.
    .......................

    දුකා, කසුන්,
    නැතුව නැතුව “තෝ පුතා නෙමේ අහවල් එකීගෙ පුතා” කියලා තමා අපි ඊට පස්සෙ කිව්වෙ.

    හිහි කෑල්ල මට නිකං මතක් වෙච්ච එකක්.

    “ගැල්ලමයා නැමීගෙන එද්දි බාල්දියක් වැටුනම දැනෙන වේදනාව උඔලා දන්නවද?”
    .................

    කලු පුසා,
    කෝ උබේ අනිත් එව්වො ටික.

    ReplyDelete
  19. හෙහ්...හෙහ්...හෙහ්...හිනාවෙලා තව පොඩ්ඩෙන් ඉලයක් දෙකක් ඇදෙනව. අරහෙන් දුමිය, මෙහෙන් කෙහෙල් කොටුවේ පොඩි එකා. මං මේව කියෝන තැන මොකෙක් වත් නැති හින්ද හොඳා. නැත්තන් තනියෙම හිනා වෙනකොට මේ පැත්තෙ ඉන්න එවුන් හිතය් "මූට පිස්සු" කියල, උන්ට මේව තේරුං කොරල දෙන්නයැ .

    ReplyDelete
  20. පවු ඕයි අපි . . . . . හිනස්සනව කියල මෙහෙමත් හිනස්සනවද ?????

    ReplyDelete
  21. ඔබ්සවර් අයියා,
    දුමියගේ එකට ගියාම මටත් ඔය සන්තෑසියමයි අයියණ්ඩි. ගණං ගන්ට එපා. මේවා පිටඋන්ට තේරුං කරන්න පුලුවන් දේවල් නෙමෙයිනේ...:D
    .................

    ඕනේ,
    එතකොට අපි පව් නැද්ද "මහා ටෙඔ ටෙඔ ජාතකේ" මතකද උඔ​ට! දැං මොකද කියන්නෙ...

    ReplyDelete
  22. නාම විශේෂණ සමග ක්‍රියා විශේෂණ සහිත පුතෙක් බිහිවෙන්න ඇති ඊට පස්සේ නේද?

    ReplyDelete
  23. නියමයි මචං කතාව... තාම හිනා...

    ReplyDelete
  24. රන්දිල්,නවියා,
    අර උඩින් කිව්වා වගේ තමා. විශේෂණ පද ගොඩයි. ස්තුතියි කමෙන්ටුවට

    ReplyDelete
  25. හිකි හිකි හිකි :)

    ReplyDelete
  26. ෂෝක් චුටි පුතෙක්නේ . ලිය තියෙන විදිහ තමයි ඊට වඩා ෂෝක් . ඒ පුතා මේක දැක්කොත් තාත්ත ඉවරයි

    ReplyDelete
  27. පුතා ඌට හරි යන නමක් වගේ

    ReplyDelete
  28. බුද්ධියෝ, මටත් අපේ ඉස්කෝලේ හිටපු සර්නේම් කෙනෙක්ව මතක් උනා මේ කතාවෙන්. අපිට ඒ.ලෙවල් වලට පියෝ මැත්ස් කරපු ඒ සර්නේම්ගෙ නමත් සිරිපාල.

    ඒක නෙමෙයි අර උඹ පුතාගේ බඩෙන් අල්ලගෙන හිටියැයි කිව්වෙ, ඒකට මොකෑ උනේ....?

    ReplyDelete
  29. හසී,
    ස්තුතියි හසී.
    ............

    Bindi,
    ලියපු විදිහ ගැනන අගය කරපු එකය ස්තුතියි හොදේ....

    ...........

    ඩිලාන්,
    ඒකනෙ පුතා කිව්වෙ....

    .............

    ReplyDelete
  30. දුමී,
    අන්න ඒකනෙ කියන්නෙ දුමියා. සර්නේම් කියන්නෙ මොකද්ද කියා පුතා තමා හරියට දන්නෙ.

    මස් කෑල්ල ගැන නං කතා කරලා වැඩක් නැ. අපි රෑ කන්ඩ යනකං ජෙටා වැඩිපුර බැන්නෙ මට. "මු මං මෝඩයනේ.... උඔ මොලේ තියන එකා වෙලත් උඔට බැරි උනානේ මේකව නවත්තගන්න කියලා"

    ReplyDelete
  31. පොස්ට් ටික නම සුපිරි...ආයෙත් එනවමයි

    ReplyDelete
  32. This comment has been removed by the author.

    ReplyDelete
  33. ලකී, ඔය දාලා තියෙන්නෙ......

    මේල් චෙක් කරනන්වත් වෙලා නෑ. එහා ගෙදර එකා බඳිනවයි කියලා උදව්වට යන්න වෙලා.....

    ඔන්න දැම්මා දෙකම එහෙනං

    ReplyDelete
  34. කෙහෙල් කොටුවේ චූටි එකෝ,
    දැන් කාලෙ හරි ඊළඟ යාලුවෙක් ගැන කියන්න. එහා ගෙදර එකාගෙ වෙඩිම ඉවර වෙනකන් ඉන්න වෙය්ද ?

    ReplyDelete
  35. පංකාදුයි... හොඳට හිනා ගියා...

    ReplyDelete
  36. පුතා නාගෙන ඇවිත් තියෙන්නේ. අපරාදේ මස් කෑල්ල අඹරගෙන ඉන්නේ නැතිව පුතාගෙ කටට ෆයිල් ක්ලිප් එකක් ගහන්න තිබ්බා.

    ReplyDelete
  37. චතුරංග, මධුරංග,
    ස්තුතියි කමෙන්ටුවට.

    ඔබ්සවර් අයියා,
    කෝලං නැතුව එහා පෝස්ට් එකට එන්ඩ. අලුත් එකක් දාලා තියෙන්නෙ

    ReplyDelete
  38. ලේ පිරිපහදු කම්හල.... සයිබර් යාය !! හික් හික්

    ReplyDelete
  39. හිනාවුණා මැරෙන්න.. මට නිකං මැවිලා පෙනුණා සීන් එක..පුතයා තමයි පුතයා..

    ReplyDelete
  40. හිකිස්..අන්න පොරවල්.. ලත් තැනම ලොප් නේද ?

    ReplyDelete

ඔබේ පංගුව...

...................................................................

Related Posts Plugin for WordPress, Blogger...