2011/07/28

ගම් බිත්තරේ පාං බිත්තරේ සහ කින්ඩ බිත්තරේ

ගිය හය වෙනිදායින් පස්සෙ එක දිගට ගලාගෙන යන විදිහට දාන්න හිතාගෙන හිටපු යාලුවොන්ගෙ කතා එකපාරට නැවතුනා. ඔබා මාමා ප්‍රසිද්ධියෙම "ඒ මොකෝ" කියලා අහලා තිබ්බට තව ගොඩ දෙනෙක් අහලා තිබුනෙ ඊ මේල් වලින්.

"ඌගුල්ලන්ට කියන්න මෙයා මේල් එක ඕපන් කරන්න බැ එච්චරට මේල් "අනේ චුටි මහත්තයා මොකද කතා නැත්තෙ, අනේ චුටි මහත්තයා මොකද කතා නැත්තෙ" කියලා අහපු මේල් එක දාහක් විතර..., ලෝඩ් වෙන්ඩම පැය ගානක් යනවා අනේ......"

වෙන මොකවත් නෙමේ. මෙච්චර නිල් කැටේට ලියාගෙන ආපු කතා එකපාරට නැවතුනේ බිත්තර ගෙඩියක් හින්දා කියලා කිව්වොත් හා ඌගුල්ලං පිළිගන්නවද? නැනේ.....එහෙනං මේ පුංචි පෝස්ට් එක කියවන්ඩකො.

දන්නවනෙ සයිබර් යාය කරගෙන යන්නෙ හතර දෙනෙක් එක්කහු වෙලායි කියලා.

ඒ,

01. කෙහෙල්කොටුවේ චූටි මහත්තයා.
02. මම.
03. විදෙස් චිත්‍ර ශිල්පියා.
04. ටිකිරි.

01. කෙහෙල්කොටුවේ චූටි මහත්තයා කියන්න දන්නෙ, 1988 න් විතර පස්සෙ වෙච්ච කතා. ඒ කාලේ එයා ජීවත් වෙච්ච ගමේ ගොඩේ විස්තරයි, යාලුවන්ගෙ විස්තරයි තමා සයිබර් යායෙ එයා ලියන්නෙ. සයිබර් යාය කියලා බ්ලොග් එකක් තියෙනවා කියලා වැඩිපුර දෙනෙක් දැනගත්තෙත් ඒ කතා වලින් මං හිතන්නෙ.

02. මම නං වැඩි දෙයක් ලියන්නැ. මැදින් පැන පැන කුරුලු හමුදාවෙ විස්තරයි, ‘මගේ කතා‘ කියලා කැටගරියක් හදාගෛන එදිනෙදා වෙන දේවල් වල විශේෂ දෙයක් තිබුනොතින් ලියලා දානවා ඇරෙන්න.

03. විදෙස් චිත්‍ර ශිල්පියා හින්දා තමා සයිබර් යායට පොඩි වෙනස් කමක් ලැබුනෙ. පොර එදා දවසට අදාල කතාව කියෝලා පටස් ගාලා මවුස් එකෙන් බලිකුරුට්ටක් ඇදලා ලියමනට පොඩි ගතියක් අරං දෙනවා. ඔය විදෙස් චිත්‍ර ශිල්පියා මේ වෙද්දි සෑහෙන චිත්‍ර ගණනක් ඇදලා තියෙනවා. සයිබර් යායටයි, මගේ යාලුවොන්ටයි.

04. ටිකිරි තමා සයිබර් යායට ගත්තු අන්තිම එක්කෙනා. ලියන්නෙ අමුතු ඒවා. ගොඩක් ඒවා මගෙන්ම හොරා ගත්තුවා. මෙයා කෙහෙල්කො‍ටුවෙ චූටිමහත්තයගේ වයසෙ උනාට ජීවත්වෙන්නෙ වර්තමාන කාලෙ. ඒ කාලෙ වගේ නෙමෙයි කොම්පියු‍ටර්, සයිබර් ගේම්ස්, තීම් පාක් වල නාඩගම්, ඇනිමේෂන් ෆිල්ම් වගේ දේවල් වලට‍ තමා මෙයාගෙ හිත.

“රොබින් හුඩ්“ වෙනුවට “ස්පයිඩ මෑන්“, “හා හා හරි හාවා“ වෙනුවට “සොනික්“, “ගලිවර්ගේ සුවිසැරිය“ වෙනුවට “ස්කූබි ඩූ“ තමා එයාගේ මිත්‍රයො.

අනික තමා මිනිහගෙ කෑම බීම. පොරගෙ කෑමක් ම තමා මේ පෝස්ට් පරක්කුවටත් හේතුව.

මිනිහා ටික දවසක ඉදං බිත්තර කන්ඩ පුදුම ආසයි. මටත් මොකෝ. බිත්තරයක් ඕන්නං රු 12/- ක් වෙයි වැඩිම උනොත්. යෝගට් එකක් අරං දෙනවට වඩා ඒක ලාබයිනේ.

මමත් වැඩර් වගේ මිනිහත් එක්ක කඩේ ගිය වෙලාවක මොන බිත්තරයක්ද ඕන කියලා ඇහැව්වා.

මිනිහා කියපි කින්ඩ බිත්තරයක් කියලා.

"මොන බිත්තරයක්!" මං මෙච්චර කාලෙකට දැනං හිටියෙ ගම් බිත්තරයි, පාං බිත්තරයි විතරයි.

කින්ඩ බිත්තරේ ගාන දැක්කම මගේ ඔලුවෙන් කොම්බු පැන්නා.

ගම් බිත්තර 1ක් - රු. 12.00/-
පාං බිත්තර 1ක් - රු. 11.50/-
කින්ඩ බිත්තර -1ක් - රු. 100.00/-

කොහොමද වැඩේ! මේ තියෙන්නෙ කින්ඩ බිත්තර


මෙහෙම ගියොත් ටිකිරි ලව්වා පෝස්ට් ලියා ගත්තා වගේ නෙමේ. මගේ හැඹිලියටයි හොද නැත්තෙ. ඒක හින්දා වහාම අගෝස්තුවෙ ශිෂ්‍යත්වෙ ඉවර වෙනකං කියලා මං මිනිහව ඒ ගොල්ලංගෙ මහ ගෙදර පිටත් කලා. ඒක හින්දා ටිකිරිගෙ පෝස්ට් නැති උනා.

චුටිමහත්තයා ලියපු කතාවක් ගේන්න නං වර්ෂ 1988 ට යන්න එපැයි. මේ දවස් වල වැඩ වැඩි කමටයි, ඔය කින්ඩ බිත්තරේ ගැන හිතන්නයි ගිහිල්ලා මගේ අතීතයට යන ටයිම් මැසිමෙත් ටයිම් ඇනේ ගැලවිලා මං හිතන්නෙ. නැත්තං චුටි මහත්තයගේ කතාවක් හරි දාන්ඩ තිබ්බා ඔය අල්ලපනල්ලෙ.

“මගේ කතා“
කියන කැටගරියට දාන්න නං විශේෂ දෙයක් සිද්ධ උන්නැ පහුගිය ටිකේ. ගිය සෙනසුරදා ඡන්දෙ තිබ්බා. හැමදාම වගේ කතිරෙ ගැහුවත් නොගැහැව්වත් අපි පරාදයිනෙ. ආය ඕකෙ විශේෂ කරලා ලියන්න දෙයක් තියෙන එකක් යැ.

ඉතිං කතා නැතුව විදෙස් සිත්තරාටත් වැඩක් නැතිව ගියා.

ඔන්න ඕකයි සයිබර් යායේ පෝස්ට් එක පාර නැවතුනේ. නැතුව අර තට්ටරාල කියනවා වගේ රයිටර්ස් බ්ලොක් වගේ ඔලුවේ අමාරුවක් එහෙමනං මට හැදුන්නැ හොදේ...!

අනික මේක කියෝලා මේවනං පට්ටපල් බොරු කියලා හිතෙන මොලේ අමාරු කාරයෙ ඉන්නවනං වහාම හරිස්චන්ද්‍ර දොස්තර මහත්තයා ගාවට ගිහිං ඔලුවේ අමාරුවට බේතක් ගත්තට මට කමක් නෑ. ඕන්නං ටැලිපෝන් නම්බරේ තියෙනවා මා ගාව.

ඒ මොනා උනත් ඌගුල්ලං තමා අනේ මගේ සක්තිය. ඒක හින්දා තරහා නොවී කොමෙන්ට් එකක් දාන්න හොදේ....!

ප/ලි-
මං කතා නොලිව්වට මොකද තව කොච්චර කට්ටිය කොච්චර දේවල් ලියලා තිබුනද නේද?

විශේෂ දේකට තියෙන්නෙ ඕනයා ෆිල්ම් එකක් ගැන ලියන්න ගිහිං හැමදාව වගේ අනාගෙන තිබ්බ එක තමා. දන්න සිංහලෙන් නොලියා ඉංගිරිස් වලින් ලියන්න ගිහිං එක තැනක බල්ලා කියලා ලියලා, ඒක ඔබා මාමා පෙන්නලා දීලා තිබුනා.

ප/ප/ලි-
අනිත් දවසේ මම කියන්න යන්නෙ කුරුලු හමුදාවේ හිටපු අති විශේෂ සුපිරි සෙබලු 50 දෙනා ගැන. එයින් දෙන්නෙක් FBI එකේ වැඩකලා කියලා ඕගොල්ල කවදාවත් අහලා තිබුනද?

34 ක් කියන්නේ !:

  1. ආ බොට මතක් වුනාද උඹට බ්ලොග් එකක් කියාලා දෙයක් තියෙනවා කියලා.. :)

    ReplyDelete
  2. හිතාදර බුද්ධි මහතානෙනි . . . .
    කාරනා තුනක් සම්භන්දයෙනි,
    1. ඔය විදෙස් සිත්තරා මහාම මහා පොලු කාරයෙකි. ඌට මා බාරදුන් වැඩක් තාම කරදුන්නේ නැත. මා විසින් ගෙවන ලද ඇඩ්වාන්ස් එකටද පොල්ල ය.

    2. මාගේ ඥාතී සොහොයුරෙකුගේ වයස අවුරුදු 3ක් වන දියනිය දිනක් වෙලඳ සැලකදී ඔය කින්ඩ බිත්තර ඉල්ලා මහ හඬින් ඇඩුවේ . . . . "ඩ" යන්න වෙනුවට "බ" යන්න යොදා ගනිමිනි. ඥාතී සොහොයුරාගේ බිරින්දෑ තවමත් ඒ කඩයට නොයයි.

    3. මටම ඇරපිය . . . . යකෝ මේක මහ බ්‍රහ්ම කෙලියක් නෙ . . . .!!!

    දැනට එපමනයි. වැඩිදුර විස්තර සඳහා නිවාඩු පාඩුවේ සැටල් වෙමු.
    ඔබට සහ ඔබ පවුලේ සියලු දෙනාට රත්නත්තරේ පිටයි.
    මීට,
    ඩබ්ලිවු. ඇම්. පී. ඕ. මැන්ටල්

    ReplyDelete
  3. මේ බ්ලොගේට ඉස්සෙල්ලම දාන කොමෙන්ටුව. දැන් නිකං යලට මහට වගේ පෝස්ට් දාන්නෙ.බලමු ඉස්සරහට.

    ReplyDelete
  4. බුද්ධි අයියේ..

    උඹල අර "අන්නියන් | Anniyan" කියන, ජනප්‍රිය නළු වික්‍රම් රඟපාන දෙමළ චිත්‍රපටිය බලලා තියෙනවා ද ?
    බලලා නැත්තං හොයාගෙන හරි බලන්න හොඳේ..

    මොකද ඒකේ කියවෙන්නෙත් ඔය ලෙඩේ ගැන ම තමා...
    ඔව්.. ඔව්... ඕකට සිංහලෙන් කියන්නේ "Multiple Personality Disorder" කියලලු හොඳේ...
    ඒ හන්දා ඉක්මනටම ගිහින් ප්‍රතිකාර ගනින් හොඳේ...

    ReplyDelete
  5. ඕක තමා කියන්නෙ පොඩ්ඩක් රටේ ලෝකෙ වෙන දේවල් ගැන සිහියෙං ඉදිං කියල. හෙට අනිද්ද වෙන‍කොට තව මොන මොන බිත්තර එයිද දන්නෑ.

    ReplyDelete
  6. හෆොයි ඔය බිත්තරේ ගැනනම් මතක කරන්න එපා.. අක්කගේ පොඩි එකා මම පන්ති පන්ති යනකොට දුවගෙන ඇවිත් හසී පුංචි මට එනකොට කින්ඩ ජෝයි ගෙන්න කියනවා.... :(

    ReplyDelete
  7. ඕනයාගෙ කේන්දරේ බලවගන්ට වෙයි වගේ. යන යන තැන මඩ අප්පා.

    ReplyDelete
  8. ඇත්තටම විශිෂ්ඨ ලිපියක් වෙයි..මෙවන් දේ ලියන අය දැන් දැන් දුර්ලභය..
    චූටි මහත්තයා කෙහෙල් කොටුවේ සිට බ්ලොග් කියවන අයට මරු ආතල් එකක් දෙයි..
    තවත් අකරතැබ්බ වේවායි මා පතමි...

    ReplyDelete
  9. අර ටැලිපෝන් නොම්බරේ කියාපං බලන්ට...

    ReplyDelete
  10. අඩේ අලුත් බිත්තරයක්..."කින්ඩ කිත්තර"... හික්ස්

    ReplyDelete
  11. මෙහෙ පොඩි එකෙක් ඉන්නව ඌ ඕකෙ චොක්ලට් එක නෙමෙයි මැද තෑග්ග ගන්නම බිත්තර ගිලින.

    ඕනයත් අර දන්න ලිඳ ලඟ ෆිල්ම් එක බල බල ඒ ගැන යමක් කිව්වනම් මොකද, නැත්ද මං කියන්නෙ?

    ReplyDelete
  12. කින්ඩ බිත්තරයක් ඇන්න දෙන්න බැර්යැ උඹ ලියනව නම්...

    ReplyDelete
  13. කොහෙද බං ඔය කින්ඩි බිත්තර තියෙන්නෙ ? ඔය බිත්තරේ දාන්නේ කුරුල්ලෙක්ද නැතිනම් ක්ෂීරපායි සතෙක්ද ?

    අර විදෙස් චිත්‍ර ශිල්පියට මම පහුගිය දොහේ ලංකාවෙ ඉන්න කාලේ රුපියල් 50ක මනි ඕඩර් එකක් යැව්වා. ඒක වැඩ කරලා වගෙයි.

    ReplyDelete
  14. ම්ම්... මං දාලා ගිය කොමෙන්ටුව නිසි බලධාරියා විසින් කපා හැරල වගේ...

    ReplyDelete
  15. සමීර,
    මම කැපුවේ නැ කමෙන්ට් එක. මේ දවස් වල මාසෙ අන්තිම හින්දා කනෙක්ෂන් එක ස්ලෝ. ඒක බ්ලොග් එකට ගිහිල්ලා නැ. මගදි කනෙක්ෂන් එක නැතිවෙන්න ඇති. මම කමෙන්ට් පබ්ලිෂ් කරලා මකලත් එක්ක තිබුනෙ ඒ කමෙන්ට් එක. දැං කිව්වමයි බ්ලොගර් වල තියෙන මොඩරේෂන් පිටුවට ගිහිං ආය පබ්ලිෂ් කලේ.

    අපි කපනවද එහෙමත් කමෙන්ට්. එන්නෙත් දෙක තුනයි ඒවත් කපලා හරියයිද!

    ReplyDelete
  16. අර ටෙලි ෆොන් නොම්මරේ කොහොමද හරියට ම දන්නෙ ? හැබෑට එතුමට කලින් කතා කොලාද ?

    ReplyDelete
  17. හප්පච්චියේ..ඔය බිත්තරේ ගැන නම් ටිකක් හොයලා බලන්න වෙයි..එක සැරයක් කෑවොත් ආයේ කුඩු ගැහුවා වගේ තමයි..ඒකමයි ඉල්ලන්නෙ..රු. 12 ටත් බිත්තරයක් අරගන කන්න බැරි අහිංසකයො ඉන්න අපේ රටේ රු 100 බිත්තරයක් හිට් වෙන එකනෙ පුදුමේ.

    ReplyDelete
  18. කින්ඩ බිත්තර. ඔව්වායේ මෙලෝ රහක් නෑනොවැ. මට කාපු පලවෙනි දවසෙම එපා උනා.

    මොනවා උනත් අයියට අර අයගෙන් කාවමහරි සේවයට වහාම යොදවන්ඩ වෙයි කට්ටිය ලිප්ටන් වට රවුමට යන්ට කලින්. හික්ස්.....

    ReplyDelete
  19. මොනවද බං කින්ඩ බිත්තර කියන්නෙ? ලංකාවෙ දැං හරි අමුතු අමුතු ජාතියෙ ඒවා තියෙනවනෙ..

    ReplyDelete
  20. මටත් මාර ආසාවක් තිබ්බා කින්ඩ බිත්තරයක් කන්න. ඒත් ගාන අහපු වෙලේම ඒ ආසාව ගියා ගියාමයි මම තාමත් ඔය කින්ඩ බිත්තරයක් කාලා නෑ.
    ඇයි දෙයියනේ ඔය බිත්තර 2ක් ගන්න සල්ලි වලින් මට පුළුවංනොවැ පාං බිත්තර 2ක් දාපු බිත්තර කොත්තුවක් කන්ට.

    ReplyDelete
  21. කොහොම හරි කමක් නැ...කින්ඩ බිත්තරේට වරද පටලවල හරි ..ආයේ පෝස්ට් එකක් දැම්ම එකත් ලොකු දෙයක් නොවැ.

    ReplyDelete
  22. ඔය කින්ඩ බිත්තර වල සෙල්ලම් බඩ්ඩක් තියනවා...අලේ මතක් වෙනකොටත් ආසාවේ බෑ. ඒත් ගාන සැර නිසා කාලා තියෙන්නේ එකම එක පාරයි.

    ReplyDelete
  23. මොන අහවල් එක්කදැ ඔය කින්ඩ බිත්තරේ කියන්නේ? ඒකේ මැද සාරු නැද්ද?

    නැත්තං බිත්​තරෙ තම්බලමද තියෙන්නේ?

    ReplyDelete
  24. හික් හික්!! මමත් කාලා බලන්න ඕනෙ කින්ඩ බිත්තරයක්. ඇත්තට උඹට ඔය කොම්පැනියෙන් කීයක් දුන්නද කින්ඩ බිත්තර ප්‍රොමෝට් කරනවට?

    ReplyDelete
  25. ඔය බිත්තරේ මැද සෙල්ලම් බඩුව ගන්න තමා ඔය,,ටිකිරි කොලුවට කියන්න මම එකක් ගේන්නම් කියලා එද්දී

    ReplyDelete
  26. හී හී..... කින්ඩ බිත්තර... ගාන ඈහුවා විතරයි... මාත් ... හිකිස්..... සීනිබෝල කීයක් කතෑකිද? හි හි

    ReplyDelete
  27. දැන් තමයි මටත් වැඩේ තේරුනෙ..

    චූටි මහත්තයා බහු ජාතික සමාගමක ඩොලර් වලට අහුවෙලා ..මෙතන රට බිත්තර විකුණනවා..

    ReplyDelete
  28. ඔය කින්ඩ බිත්තරේ ඇතුලෙ තියෙනවා නේද චූටි, චූටි සෙල්ලම් බඩු...පිටින් පේන තරම් චොකලට් ඇත්තෙත් නෑ, කෑවට පස්සෙ තමයි තේරෙන්නෙ

    ReplyDelete
  29. ඕනය කිව්ව වගේ ඔය සිත්තරානම් මහ බොරු කාරයෙක්..මයෙත් පිච්චෑර් එකක් ඇඳල දෙනව කියල තවම නෑ.. :/

    අනිකනම් ඔයා ගැනමම වැඩිය දන්නෙ නෑ.. ඒත් අර ටිකිරනම් එළ කිරි බුවා! ඔයා නිකං එකාට කෝචොක් දාන්නෙ නැතුව ඉල්ලන දෙයක් අරන්න දුන්නනම් හොඳයි හොඳද :/

    අනිකා තමයි චූටි මහත්තයා.. ඔය අං කූරා ගැනනම් මතක් කරන්න එපා! :/

    ReplyDelete
  30. බොලේ....මේ kinder බිත්තරේ ල0කාවටත් ඇවිත්ද?...මේ kinder කියල කියන්නෙ ජර්මන් වචනයක් තේරුම ළමයි කියන එක..බිත්තරයක් කීවට ඒක චොක්ලට් වලින් හදපු බෝලයක් ඒක ඇතුලේ පොඩි සෙල්ලම් බඩුවක් තියෙනවා.

    ReplyDelete
  31. පොඩි එකා ඇවිල්ල ඉන්නව කියල දැක්කෙ අදනෙ. පහු ගිය ටිකේ චෙක් කොරල බලන්නත් බැරි වුනා ඉන්නවද තාම පන පිටිං කියල.
    මාළු කාරයත් තාම හැංගිලා ඉඳගෙන කොමෙන්ට් විසි කොරනවා පේනවා, ඕකව තාම පිටුවහල් කොරල නැද්ද? එහෙමත් නැත්තන් කරෝල වාඩියෙ කාගෙ හරි ඉන්ටනෙට් කනෙක්ෂන් එක්කම කොම්පීටරයක් අහු වෙලාද?

    ReplyDelete
  32. අම්මෝ කින්ඩ බිත්තර වල ගනන් !!!!

    ReplyDelete
  33. හතර දෙනෙක් ආහ්... මටත් ඔන්න නව නව අදහස් පහල වෙනවා.. ගන්ඩ ඕනා අලුත් එකෙක්ව.. හැබැයි බිත්තර කන්නැති එකෙක්ව තමා බලලා ගන්ඩ ඕනා.

    ReplyDelete

ඔබේ පංගුව...

...................................................................

Related Posts Plugin for WordPress, Blogger...