2011/08/29

සිත්තර ප්‍රථිපල ආවා.....| පාඩම් රැසක් ඉතිරි කරමින් සයිබර් යාය සිත්තර තරගය නිමාවිය

සයිබර් යායේ පවත්වපු සිත්තර තරගය ඊයේ හවස හරියට හතරට අවසන් උනේ අපිට කවදාවත් අමතක නොවන කාටවත් මකන්න බැරි මතක ගණනාවක් වගේම පාඩම් ගණනාවකුත් ඉතුරු කරගෙනයි.

මේ වගේ සිත්තර තරගයක් කවදාහරි තියන්න මම කාලෙක ඉඳලයි බලාගෙන හිටියේ. ඒ සිත්තර අඳින්න කොච්චර ලේසිද, වගේම කොච්චර අමාරුද කියලා කාටත් දැනගන්නත් එක්කලා.

ඒ ඔක්කොම දේවල් වලට පාර කැපුනේ එදා මම දාපු නෙක්ටෝ ලියමනෙන්!

කොහොමහරි එදා අපි සිත්තර තරගෙ තිබ්බා.

මේ තියෙන්නෙ ඒ සිත්තර තරගෙ නිල ඡන්ද ප්‍රතිඵල.

1. පුසා මාමා (ඡන්ද 114)

2. පොඩ්ඩි නැන්දා (ඡන්ද 101)

3. හා පැටික්කී නැන්දා (ඡන්ද 67)

4. කතන්දර මාමා (ඡන්ද 52)

5. උන්නැහේ මාමා (ඡන්ද 50)

6. හර්ෂණ මාමා (ඡන්ද 44)

7. නීතා නැන්දා (ඡන්ද 37)

8. ගිතික මාමා (ඡන්ද 28)

9. මකර අධිරාජ්‍යයා මාමා (ඡන්ද 13)

මේ අනුව පොඩ්ඩි නැන්දත් එක්කලා තියුණු තරගෙකින් පස්සෙ පුසා මාමා විසින් මේ සිත්තර තරගෙ ජයග්‍රහණය අයිතිකරගත්තා.

ඒ අනුව පූසා මාමට කෙහෙල්කොටුවේ චුටි මහත්තයා අභියෝගතා කුසලානය සමග වටිනා ත්‍යාගයක් හිමිවෙනවා.

පූසා මාමට අපෙන් උණුසුම් සුබ පැතුම්!

ඊලගට තිබුනේ ඒ සිත්තර සඳහා හොඳම විචාරය දෙන කෙනාව තෝරගන්න එක. කුදු රම්බෝ! ඒක නම් හරිම අමාරු වැඩක් උනා. විචාර වල හොඳකම කියන්නෙ මේ වෙනකම් වත් මේකයි හොද එක කියලා මට තෝරගන්න බැරි උන එකයි. ඒත් මම පුලුවන් තරම් ඉක්මනට එකත් කියන්නම්කො.

මේ සිත්තර තරගය අපිට ඉතුරු කරපු පාඩම්

මේ සිත්තර තරගෙන් අපිට කොච්චර පාඩම් ගානක් ඉගෙන ගන්න තිබුනද කියලා මුල ඉදලා සයිබර් යාය ඡන්ද පොලේ හිටපු අයට මම අමුතුවෙන් කියන්න ඕන්නැ. ඒත් මම ඇවිල්ලා සයිබර් යායේ ම්හ්හ්......හ්මු හින්දා ඒ ගැන නිළ වශයෙන් දෙයක් කියන එක මගේ යුතුකම.

මේ සිත්තර තරගෙ දිහා මුල ඉදලා බලාගෙන හිටපු කෙනෙකුට තරගකරුවන්ගේ නොපසුබසින උත්සහය, කල්‍යාන මිතුරු ඇසුරේ අගය, වගේම වැඩවසම් සමාජ ක්‍රමයේ විවිධ සෙවනැලිද පැහැදිලිව දැක්කා කියලා හිතෙනවා.

හැබැයි කතන්දර මාමයි, උන්නැහේ මාමයි, හර්ෂන මාමයි නම් කිසිම ප්‍රචාරක වැඩසටහනක් කරා කියලා කොතනින් වත් හොයා ගන්න බැරි උනත් ඒ ගොල්ල අනිත් අයත් එක්ක කරට කර හිටියෙ පිලිවෙලට ඡන්ද 52, 50, 44 ක් විදිහට ලකුනු අරගන්න ගමන්.

ගීතික මාමත් වෙන දේ බලගෙන හිටියා කියලයි මට හිතුනේ. හැබැයි නීතා නැන්දානම් හොරාට හොරාට ඡන්ද ප්‍රචාරක වැඩ කලා කියලා හිතන්න අපිට සාක්ෂි තියෙනවා. මේ තියෙන්නෙ ඒ වගේ එකක්. මෙයාගෙ හිත නීතා නැන්දා වෙනස් කරලා.

මං හිතුවා ඉතිං නිකං තියෙන මගෙ ඡන්දෙත් දීලා දාන්ට.. ඕක වෙන කවුරුහරි දැම්මොත් හෙම..

1. නීතා

2. නීතා
3. නීතා

(ඔන්න මං ප්‍රසිද්ධ ප්‍රකාශයක් නිකුත් කරනවා, මේ ඡන්දය දැමීම වෙනුවෙන් මට කිසිම ආකාරයේ බලපෑමක් -ඊමේල් මාර්ගයෙන් හෝ වෙනයම් මාර්ගයකින් හෝ- සිදුනොවූ බවට) :D

එ කොහොම උනත් මකරා මාමා කොච්චර හොඳ කෙනෙක් උනත් අන්තිමයා උනා. අපි කාටත් හිතා ගන්න බැරි මෙච්චර කා අතරත් ජනප්‍රිය මකරා මාමා අන්තිම තැනට ආපු එකයි. ඒ ගැන කාට හරි අදහසක් තියෙනවද?

ඡන්ද තරගෙ පලවෙනි දවසෙන් පස්සෙ ඒක තුන් දෙනෙක්ගෙ තරගයක් උනා. ඒ පොඩ්ඩි නැන්දා, හා පැටික්කි නැන්දා හා පුසා මාමා අතර.

පළවෙනි දවස ඉවර වෙද්දි පොඩ්ඩි නැන්දා ඡන්ද 55 ක් අරගෙන පලමු තැනත් හා පැටික්කි නැන්දා ඡන්ද 19 ක් අරගෙන 7 වැනි තැනත් පූසා මාමා ඡන්ද 6 ක් අරගෙන අන්තිමයත් වෙලා හිටියෙ.

ඒ උනාට පුස මාමායි, හා පැටික්කි නැන්දයි නෙමෙයි උත්සහය අතඇරලා තිබුනෙ. ඒ දෙන්නා දෙවෙනි දවසෙ ඉදලම වාගේ තමන්ගේ ඡන්ද සටන එක එක විදිහට පටන් අරන් තිබුනා.

හා පැටික්කි නැන්දගෙ ඡන්ද සටන ගැන මෙතනින් අදහසක් ගන්ඩ පුලුවන්ද කියලා බලන්ඩ.

හොදම සිත්තරය ලෙස මගේ තේරීම හා පැටික්කීගේ සිත්තරේ.... සැලකිය යුතුයි: සියලු ප්‍රසිද්ධ ජාල කටයුතු වලින් තාවකාලිකව ඈත්ව සිටින මා හට නිදහසේ ඡන්දය ප්‍රකාශ කිරීම පිළිබඳ හා නංගීගෙන් කිසිදු ආකාරයක අනියම් බලපෑමක් දුරකථන මාර්ගයෙන් sms මාර්ගයෙන් ඊ මාර්ගයෙන් චැට් මාර්ගයෙන් හෝ වෙනත් කිසියම් මාධ්‍යයක් ඔස්සේ කිසිදු බලපෑමක් නොවූ බව තරයේ අවධාරණය කරමි. පලි:- කෝ හාවිගේ සිත්තරේ කීවෙනියටද තියෙන්නේ මට ඒක හොයාගන්න බෑනේ.

ඕගොල්ල හිතන්නෙ පොඩ්ඩි නැන්දා ඡන්දෙ දාලා නිකං ඉන්ඩ ඇති කියලද. හිහ්.... එහෙනං ඕගොල්ලන්ට වැරදිලා. පොඩ්ඩි නැන්දා ඡන්ද ප්‍රචාරක වැඩේ කරගෙන ගියෙ වෙනම තාලෙකට. කොටින්ම තාල තුනකට.

ඒ ගැන හිතාගත්තැකි මේවා කියෝපුවාම. මේ පොඩ්ඩි නැන්දට ආපු මනාප තුනක්.

01. අනේ චූටි මහත්තයා කොලුවෝ මගේ මනාප ටික ඔක්කොම දාපන් පුතේ පොඩ්ඩී කෙලීට. ඒකී හොඳ එකී. චිත්තරෙත් ඉතින් පංකාදුයි නොවැ.

02. කලින් චන්දය ලකුණු කොරාට, මනාප ලකුණු කොරාන්ට අමතක වී ඇත. මගේ මනාප 3 ම පොඩ්ඩි නැන්දාටය. සැ.යු : මේ චන්ද මනාප, කිසිම බලපෑමකට, තර්ජනයකට, බියගැන්වීමකට, ඩප්පියකට යටත් නොවී ලකුණු කල ඒවා බව කියන්ට ඕනෑය. මොකද අපිත් ජීවත් වෙන්ඩ ආසය!

03. ඉහත හේතු නිසා එකෙකුටවත් ඡන්දයක් නොදෙමියි සිතුනද "ඔයා මනාපෙ දැම්මද? " කියල අහපු විදියට මගේ සියළු ප්‍රථිපත්ති, විවෙචන අමතක වී පැණි දෙකණින් බේරෙන්නට වීම නිසා ( නොවේ ) කුමාරිහාමිට මනාප දෙකක් හා තව එකක් දෙමි.

ඒ විතරක් නෙමේ අපේ පොඩ්ඩි නැන්දා වලව්වෙ ආවතේව කං කරගෙන ඉන්න රවි මුත්තට එක එක දේවල් කියලා උසිගන්නලා කෙහෙල්කොටුවට එවලත් තිබුනා.

එක වෙලාවකට මුත්තා ඇවිල්ලා,

අපක්සපාතව චන්දය,
ගනන් කරපු බුද්ධි ලමය,
මේ තුතිමල් ඔබට පුදමි,
යුක්තිය ඉටු උන හන්දා,

කියලා ගිහිං ආයෙ ඇවිල්ලා නැත්තම්,

අඩෝ බුද්දි, උඹ දැනගං,
දිනුවෙ නැතොත් එහෙම පොඩ්ඩි,
පෙති ගහනව කෙහෙල් කොටුව,
අනෙ අම්මප මේ ඇත්තයි,

කියලා කියාවියැ!

කොහොමද වැඩේ!

හැබැයි ඕගොල්ලන් ට හිතාගන්න පුලුවන් වෙයිද මන්දා ලකුනු 6ක් අරගෙන අන්තිම තැන හිටපු අපේ පූසා මාමා ඉරිදා හවස හතර වෙද්දි ඡන්ද 114 ගත්තෙ කොහොමද කියන එක.

කොම්පියුටර් මැසිම දිහා බලාගෙන ඉද්දි මට අන්තිමට මේක පෙනුනෙ පුසා මාමගෙයි, පොඩ්ඩි නැන්දගෙයි රේස් එකක් විදිහට.

ඡන්ද ප්‍රස්ථාරේ උඩින්ම හිටපු පොඩ්ඩි නැන්දා ටික ටික ඉහලට යද්දි, පුසා මාමා හොරෙක් පස්සෙ පන්නන බල්ලෙක් වගේ ඒ පස්සෙ පැන්නුවේ හරි ම ඉක්මනට. අන්තිම පැයේ දී පුසාමාමා බුලත් වැල නගින්නැහේ උඩට උඩට ආපු විදිහ බලාගෙන ඉද්දි මට පුදුමත් හිතුනා.

මං හිතන්නෙ පුසා මාමා ලග තිබුනු ප්‍රධාන තුරුම්පුව එයාගේ කල්‍යාන මිත්‍ර පුසෝ ටික වෙන්ඩ ඕනැ.

මම පළවෙනි තැනට තෝරන්නේ පූසගේ චිත්‍රේ, මම පළවෙනි තැනට තෝරන්නේ පූසගේ චිත්‍රේ කියලා ඉස්පිල්ලක් පාපිල්ලන් වෙනස් නැති ඡන්ද කීයක් ආවා කියලද ඕගොල්ල හිතන්නෙ. ආය කතා දෙයක් නැ ඔක්කොම ගෙඩිය පිටින් ම තනි මනාප.

අනිත් ප්‍රධානම කාරනාව පූසා මාමගෙ දුරදක්නා නුවන වෙන්ඩ ඕනැ. පුසා මාමා සිත්තර තරගෙට හිටපු කව්රුත් නොකරපු අලුත්ම ප්‍රචාරක උපක්‍රමයක් පාවිච්චි කලා. ඒ මේ දිනවල හුගක් ජනප්‍රිය වෙලා තියෙන බස්රේඩියෝ එකෙන් තමන්ගෙ අවසන් ඡන්ද සටන දියත් කරපු එක. බස්රේඩියෝ එකෙන් පූසමාමගෙ දැන්වීම ප්‍රචාරය උනා විතරයි, මෙන්න “සිටි සිටි“ ගාලා ඡන්ද එන්න ගත්තා.

මේ තියෙන්නෙ පුසා මාමාගෙ තියුණු ජයග්‍රහණයට හේතුවුන, ඊයේ දවසෙ බස්රේඩියොවේ ප්‍රචාරය වෙච්ච ප්‍රචාරක පටය.


තේරෙනවනේ අලුත් විදිහට හිතන අයට, අලුත් පාරවල් හෙයාගන්න අමාරුවෙන්නැ හුඟක් වෙලාවට.

කොහොම හරි අන්තිමට පුසා මාමා දිනුවා! හිප් හිප් හුරේ........!

දැන් මම මේ කතාව ඉවර කරන්න යන්නෙ.

තරගෙ ජයග්‍රහනය කරපු අපේ පුසමාමට ලැබෙන තැග්ග මේකයි. පුසමාමට පුලුවන් පුසාමාමා චුටි මහත්තයාගෙ වයසෙ ගත කරපු කාලෙ ගැන ලස්සන ලියමනක් ලියලා සිත්තරෙකුත් එක්ක අපිට එවන්න. අපි ඒක සයිබර් යායෙ පලකරනවා. පස්සෙ හැමදාටම බලන්න දකුණු පැත්තෙ විශේෂ ලින්ක් එකක් එක්කලා තියෙනවා.

කාලෙක ඉදන් හිතේ තිබුනු මේ වගේ සිත්තර තරගයක් සංවිධානය කරන බලාපොරොත්තුව සාර්ථකය විදිහටත්, හරිම විනෝදකාමී විදිහටත්, උද්යෝගීමත් විදිහටත් කරගෙන යන්න මම වගේ පුංචි ළමයෙකුට ඕගොල්ල දුන්නු උදව්ව මම කවදාවත් අමතක කරයි කියලා හිතන්න එපා! මේ තරගෙ පටන් ගත්තු වෙලාවේ ඉදලා අන්තිම වෙනකම් එකම විදිහට සයිබර් යාය එක්ක හිටිය ඕගොල්ල ඔක්කොටම ගොඩක් ස්තුතියි.

මිට පස්සෙ සයිබර් අවකාශයේ මොන විදිහෙ තරග තිබුනත් අපි පවත්වපු මේ තරගෙ, ඕගොල්ලන්ගෙයි මගෙයි හිත්වල ඇදපු සිත්තරෙ නම් කාටවත් කවදාවත් මකන්න බැරි වෙයි කියලායි මම හිතන්නෙ.

ඉතිං ඕගොල්ල මොකද හිතන්නෙ......?

...........................

-මීට කෙහෙල්කොටුවේ චුටි මහත්තයා

51 ක් කියන්නේ !:

  1. පූසා මාමාට උණුසුම් සුබපැතුම්..... ස්තූතියි චූටි මහත්මයා.. මේ චිත්‍ර තරගෙයට ඉදිරිපත් වීමෙන් මම පාඩම් ගොඩක් ඉගෙනගත්තා...ඒවයින් එකක් දෙකක්

    01. චිත්‍ර අදින්න මෙලෝ හැකියාවක් නැති මටත් පොටෝ ෂොප් වලින් ජාම බේරගන්න පුලුවන් කියල දැනගන්න පුලුවන් උනා...(මගෙ ලග පොටෝ ෂොප් තියෙනව කියල ඇඩොබි කට්ටියට කියන්න එපා...)
    02. ඉදිරියටත් මොන මොනවා හරි කරන්න හොද පෙලඹවීමක් ලැබුනා...

    මගේ යෝජනාව..
    නෙක්ටෝ කතාවට චිත්‍ර එකක් දෙකක් හරි දාන්න.. කට්ට්ය ච්ත්‍ර ඇදපු විදිය චූටි මහත්තයාගේ ඇසින් බලන්නත් කැමැත්තක් තිනෙවා..මගේ යෝජනාවට කැමති අය පහලින් කමෙන්ට් එකක් විදියට ඡන්දෙ ප්‍රකාශ කරන්න....

    ReplyDelete
  2. ජයවේවා පූසා ..

    පුසා අපිට අපි පුසාට ...



    බුද්ධි උබ කරපු වැඩේ ගැන කියන්න වචන නැහැ .... එලම තමයි

    ReplyDelete
  3. පූසාට මගේ උනුසුම් සුබ පැතුම්. ඊයේ රෑම චැට් මගින් පූසාට මගේ සුබ පැතුම් පිරි නැමුවා නේද පූස් මල්ලි???:D:D:D

    දැන් ඉතින් ස්තූති කතාව. ඔක්කොටම කලින් තරඟය සංවිධානය කරපු කෙහෙල් කොටුවේ චූටි මහත්තයට මගේ විශේෂ ස්තූතිය. චූටි කාලේ ඉස්කෝලේ ගියාට පස්සේ මේ වගේ විනෝදයක් ලැබුවමයි. ඒක මම කලිනුත් කියලා ඇති.

    ඒ වගේම මට සහාය දීපු වලව්වේ හැමෝටම ස්තූති කරන්ට ඕනි. විශේෂයෙන්ම මාව අත නොඇර හෙවනැල්ලක් මෙන් තනියම මා වෙනුවෙන් සටන් කරපු වලව්වේ කවිකාරට. අනේ පව් අන්තිමට එයා විරිදුත් කීවා. අනෙක් අය නම් වශයෙන් කියන්ට අවශ්‍ය නෑ කියලා මම හිතනවා. වැඩ රාජකාරි නොතිබුනානම් සමහරු මීට වඩා ඉදිරිපත්වනබව මම හොඳින්ම දන්නවා. ඒ හැමෝටම මාගේ ආදරය...:D:D:D

    වලව්වට නිතර යන, එන අය අතුරින් මෙන්න මේ මේ අයගේ චන්ද මට ලැබෙයි කියලා මම කීයටවත් හිතුවේ නෑ. එකක් අභීතගේ. අනෙක ඉන්දික උපශාන්තගේ... අනෙක් එක මුහුදු කොල්ලකාරයගේ. චූටි මහත්තයා ඔය කියන වැඩවසම් ක්‍රමය තාමත් තියනවද යන්න මම දන්නේ නෑ. ඒත් සිංහායගේ (ඉන්දික ) කමෙන්ට් එකෙන් ඔයාලට තේරෙන්ට ඕනි බලපෑමක් කලාද නැද්ද යන එක. පැණි බේරෙන හිනාවක් දාලා 'අනේ ඔයා කමෙන්ට් කලේ නැද්ද?' කියලා ඇහුවා විතරයි. පොඩ්ඩි වලව්වේ හැමෝටම බෙදන්නේ ආදරේ. එයාටත් කල්‍යාන මිත්‍රයන්ගේ හොඳ හැටි තේරෙනවා. කල්‍යන මිත්‍රයෝ රාශියක් එයා වටේ ඉන්න එක ගැනත් එයා ගොඩාක් සතුටු වෙනවා.

    ReplyDelete
  4. මේ තරඟයේ එක් අවස්තාවකදි මෙන්න මෙහෙම සිද්දියක් උනා. 'පූසා මල්ලිට ජන්ද වැඩවලට වෑන් එකක් එවන්නද? ' කියලා විහිලුවට අහපු ප්‍රශ්නෙට එයා මෙන්න මේ වගේ උත්තරයක් එවලා තිබුනා.
    'අක්කලා වගේ ප්‍රබුද්ධ අය එක්ක අපි කොහොමද හැප්පෙන්නේ???' ඒ උත්තරෙන් මගේ පපුව ඇත්තටම පිච්චිලා ගියා. ඒ හඬ පූස් මල්ලිගේ නෙමෙයි. ලංකාව පුරා ඉන්න තරුනයන්ගේ කටහඬ. ඒ වෙලාවේ නම් තරඟයෙන් ඉවත් වෙන්ට තරම් හිත් උනා. මගේ පස්සේ දාපු කමෙන්ට්වලින් මේ බව පැහැදිලි වෙනවා ඇති කියලා හිතෙනවා.

    පූස් මල්ලි දිනුවේ එයාගේ හොඳ කල්පනා ශක්තිය හා නොපසුබට උත්සාහය හන්දා. එයා විතරයි මුලින්ම කීවේ එයාගේ මනාප තුනම එයාටබව, අපි හැමෝම ඒවා බෙදා ගනිද්දි. අනෙක් එක එයාගේ ප්‍රචාරක කටයුතු. පූස් මල්ලි නම් ඇත්තටම දේශපාලනේට හොඳයි වගේ. ඒ වගේ නොපසුබස්නා උත්සාහයක් ජීවිතේ අනෙක් හැම කටයුත්තෙදිම පූස් මල්ලි පාවිච්චි කරයි කියලා මම බලාපොරොත්තුවෙනවා.

    ඉතින් තරෙඟෙට එකතුනු, ජන්දේ දුන්නු, නොදුන්නු හැමෝටම ජය. දැන් ඉතින් ඇත්තම කියන්නම්. ලස්සනම චිත්‍රේ 'උන්නැහැගේ'. මේ තරඟෙන් ඉගෙන ගත්ත අනික් පාඩම තමයි දින්නට ඕනේ වැඩේ දක්ෂකම නෙමේ කියන එක අර අභීත සඳහන් කලා වගේ.
    හපොයි දිග කතාවක් කලා. ප්‍රචාරක කටයුතු නොතිබ්බ හන්දා ඊයේ රෑ හොඳට නිදාගත්තා.

    ඔන්න චූටි මහත්තයෝ පහුගිය දවස්වල මගේ ඔලුවේ හිටියේ ඔයාමයි. ඉත් අද ඉඳන් මම ඔයා ගැන හිතන්නේ නෑ. ඔයාගේ මාමාට කියන්ට ඔය කරදහිවල අඳින චිත්‍රවලට වඩා හිතේ ඇඳෙන චිත්‍ර හරිම බලවත් කියලා. සමහර චිත්‍ර මකන කෑලිවලින් මැකුවට මැකෙන්නෙත් නෑ.

    ඔයාලා හැමෝටම සුබ දවසක්!!!

    පැනි ඕන කට්ටිය වලව්වට එන්ට. අද එහේ පැනි දන්සැලක්....:D:D:

    ReplyDelete
  5. කමෙන්ට් නොකලට අපිත් පැත්තකට වෙලා සීන් එක බලාගෙන හිටියෙ. මම දැකපු හොඳම චිත්‍ර තරඟෙ.:P එළ එළ.

    ReplyDelete
  6. කියලා වැඩක් නැහැ බුද්ධියා..මාත් ආසාවෙන් බලං හිටිය තරඟයක් මේකනං..

    ඒත් මට කේන්ති ගියා උඹ ඉක්මනටම මේක අහවර කොරපු එක ගැනනං..(කොටින්ම අපිට පූසටයි හාවිටයි තල්ලුවක් දී ගන්නත් වෙලා නැතිව ගියා...:D)

    ආ අනිත් ප්‍රධාන කාරණාව.. මේ ජන්ද ගණනය කිරීම් වල සෑහෙන පරස්පර තාවයක් තියෙන වග පේනවා...මොකද මාත් සුවාධීන (එහෙමම නැති උනත්) චන්ද නිරීක්ෂකයෙක් හැටියට මේ හැම දේම හොඳට බලං හිටියේ..කොටින්ම අවසාන ප්‍රතිපලය මං දෙතුන් පාරක්ම විශ්ලේෂණය කොරලා..අරවා කොරලා මෙව්වා කොරලා ගානට හදලා තිබුනේ..ඒ ප්‍රතිඵලේට වඩා මේ ප්‍රතිඵලයේ වෙනස්කං තියෙනවා...

    ඒ හින්දා මං මේකට විරුද්ධව ජන්ද පෙත්සමක් දාන්ට බලාපොරොත්තු වෙනවා..මැතිවරණ කොමසාරිස් හැටියට උඹට විරුද්ධව...

    මෙන්න මගේ ප්‍රතිඵල ලේඛනය...

    1. පුසා මාමා (ඡන්ද 117)
    1*21=105
    2*3=9
    3*3=3

    2. පොඩ්ඩි නැන්දා (ඡන්ද 93)
    1*17=85
    2*2=6
    3*2=2

    3. හා පැටික්කී නැන්දා (ඡන්ද 67)
    1*12=60
    2*2=6
    3*1=1

    4. උන්නැහේ මාමා (ඡන්ද 55)
    1*9=45
    2*2=6
    3*4=4

    5. කතන්දර මාමා (ඡන්ද 52)
    1*9=45
    2*2=6
    3*1=1

    6. හර්ෂණ මාමා (ඡන්ද 44)
    1*6=30
    2*4=12
    3*2=2

    7.ගිතික මාමා (ඡන්ද 33)
    1*3=15
    2*4=12
    3*6=6

    8. නීතා නැන්දා (ඡන්ද 29)
    1*1=5
    2*8=24
    3*-=0

    9. මකර අධිරාජ්‍යයා මාමා (ඡන්ද 12)
    1*1=5
    2*1=3
    3*4=4

    ඔන්න පැහැදිලිවම... හිතන්ට එපා බොරු කොරලා බේරෙන්ට..ජනතාව අවධියෙන්..ඔන්න බොට නොපෙනුන පැත්තක්..සහ තවත් පාඩමක්..:D

    (එකම එක චෑන්ස් එකක් දෙන්නං ඕනනං ආයේමත් දත කට පූට්ටු කොරගෙන චන්ද ටික ගැනහං..)

    ReplyDelete
  7. ආ කතාවෙන් කතාවෙන් අමතක උනා..ජය ගත්ත ජය නොගත්ත සෑම දෙනාටම මුළු හදවතින්ම සුභ පතනවා..ඒ වගේම මේ වගේ තරඟයක් මාසෙකට වතාවක්වත් තියහං බුද්ධියෝ..හරි වටිනවා..
    (හැබැයි මතකනේ අපි අවදියෙන්..:D:D:D)

    ReplyDelete
  8. පුසා මාමට උණුසුම් සුභ පැතුම්!!
    ඒ වගේම දෙවනි සහ තෙවන තැනට තේරී පත්වුන අපේ පොඩ්ඩි නැන්දට සහ හා පැටික්කි කෙලී ට ත් මගෙන් සුභ පැතුම්. :DDD

    ප.ලි
    සැලෙන්නේ එපා හාවි.පුන්චි කමට තුන්වෙනියට ආව එකත් මදැයි :* :*

    ReplyDelete
  9. මා හොඳම චිත්‍රය ලෙස තේරූ "පූසාගේ චිත්‍රය" 1වැනි තැනටත්, ජනප්‍රියම චිත්‍රය ලෙස තේරූ "පොඩ්ඩිගෙ චිත්‍රය" 2වැනි තැනටත් තේරීම පිලිබඳව බලවත් සතුට ප්‍රකාශ කරමි.
    එමෙන්ම සයිබර් ලෝකයේ ඒකාකාරීත්වය බිඳ, නැවුම් අත්දැකීමක් එක් කල කෙසෙල් කොටුවෙ චූටි මහත්තයාට අපගේ ආචාරය.

    ගීතික දිල්'රුක් ගේ යෝජනාවත් එළ....
    අර විදෙස් සිත්තරාගෙ සහයත් අරගෙන දාන්නකො එල චිත්‍ර ටිකක්.

    ReplyDelete
  10. 01.කොම්පියුටර් ජිල්මාට් එකක් නිසා පූසා මාමා ජයගෙන ඇත.
    02.මකර අධිරාජ්‍යයා මාමා ගේ ඡන්ද 13 පිරිසිදු ඡන්ද ‍වන නිසා දුක් වීමට අවශ්‍යතාවයක් නොමැත.
    03.කොමසාරිස්තුමාගේ ඡන්දයත් බලපෑම් වලට යටත්වී ඇත.
    04.ඡන්දය දිනයේ ප්‍රචාරක කටයුතු සිදු කිරීම නීති විරෝධීය.
    05.මේ දක්වා කෙහෙල්කොටුවේ චුටි මහත්තයා කිසිදු කොමෙන්ටුවක් නොදැමීමෙන් පෙනීයන්නේ ඔහු දැඩි ආතතියකට ලක්ව ඇති බවයි.

    ReplyDelete
  11. පූසා මාමාට ජයවේවා.සිත්තර ටික අපිටත් පෙන්නුවානම් හොදයි නේද?

    ReplyDelete
  12. පළවෙනි තැන දිනපු පූස මාමටත්, මේ තරගෙට චිත්‍ර ඉදිරිපත් කරපු හැමෝටමත්, තරගය පවත්වපු චූටිමහත්තයටත් මගේ සුබ පැතුම්.

    ඇත්තටම චූටි මහත්තයට ජන්ද කොමා කමින් ඉවත්වෙන්න එහෙම හිතුනෙ නැද්ද.

    ReplyDelete
  13. පුසාට ජයවේවා ..දෙවෙනි තැනට පත් පොඩ්ඩි සහ තුන් වෙනියා වුන හා පැටික්කිටත් සුබ පැතුම් .

    ReplyDelete
  14. මාරයා මාමා,
    තරග ප්‍රථිපල ගැලපෙන්නැති හේතුව මේකයි. සමහරක් හැම සිත්තරේම වනලා මම කැමති මේකටයි කිව්වම ඒකට විතරයි ඡන්දෙ වැටෙන්නෙ.

    පුසා මාමට 5ක වෙනසක් ඇවිල්ලා තියෙන්නෙ එක ඡන්දයක් වෙලාවත් එක්ක පැටලුනු හින්දා...‍
    ...........

    රාප්,
    අනේද කියන්නෙ. අද නැගිට්ටෙත් පරක්කු වෙලා. පස්සෙ.... එක්කො ඕන්නැ.

    ReplyDelete
  15. ඇත්තටම අර Tharu කියන විදියට මේ තරඟය හරහා ලොකු වෙනසක්නං බ්ලොග් අවකාශයට ආව කියන එක කියන්නම ඕන දෙයක් තමා...

    පහුගිය දවස්වල තිබුන නිකං ඇල් මැරුන ගතියට බෝම්බ ගැහැවුවා වගේ උනේ මේ තරගේ හින්දයි...

    කොටින්ම කියවනවා මිස කොමෙන්ට් එකක් දාන්නවත් හිතෙන්නේ නැතිව හිටිය දවස් ටිකක් මේ ගත උන දවස් ටික මටනං.. ඒ ගතිය නැති කරලා ටිකක් මොනවා හරි ලියලා දැකලා සංතෝස වෙලා යන්න බුද්ධියා කරපු වැඩේනං මල් මසුරං...

    ReplyDelete
  16. පූසා මාමාට ජයවේවා... :)

    ReplyDelete
  17. අඩේ බුද්ධි..මගේ මීට‍රෙත් එහෙම තමා මං ඇජස් කොරලා තිබුනේ..ඒ විතරක් නෙවෙයි 4ට පස්සේ ඒවා මං ගැන්නෙත් නැහැ..(එහෙම ගැන්නනං හාවි චන්ද 1000ක් විතර ගන්නවා)

    අනික් කිහිප දෙනෙක් වෙලාව ඉක්ම යන්න කලින් තම තමන්ගේ චන්ද වෙනස් කල ඒවත් සාධාරණව බාර ගත්තා. සමහර වෙලාවට එතනදී වෙනසක් උනාද දන්නේ නැහැ..ඒත් පොඩි පොඩි වෙනස්කං කිහිපයක් තියෙනවා..(මං මේක ලේසියෙන් අරින්නේ නැහැ..උඹට ආතතිය හැදෙනකල්ම..)

    කෝ මේ උන්නැහේවත් නැහැනේ මේ ප්‍රතිඵලේ පිළිගන්න බැහැ කියලා ප්‍රකාශයක් නිකුත් කරන්න..එහෙම උනානං මං මේකට මෙයිට වඩා බරපතල වැඩ පිළිවෙලක් අනුගමනය කරනවා.. කවුරු හරි ත්‍රිපුද්ගල කමිටුවක් පත් කරන කල්ම..

    ReplyDelete
  18. පළමුවෙන්ම චිත්‍ර තරඟයේ 1 පූසා
    2 පොඩ්ඩි
    3 හා පැටික්කි යන තිදෙනාට මගේ උණුසුම් සුභපැතුම්.

    ඒ වගේම මේ තරඟය පැවත්වු කෙහෙල් කොටුවේ චූටි මහත්තයාට ස්තූතිවන්ත වෙනවා මේ වගේ තරඟයක අපට ඉදිරිපත් වෙන්න ලැබුනේ ඔහු නිසා. අනිත් එක්කෙනා තමා පොඩ්ඩි මට බේරුමක් උනේ නැහැ චිත්‍රයක් අඳිතුරුම .එයා උනන්දු නොකලා නම් මම මේ තරඟෙට ඉදිපත් වෙන්නෙ නැහැනේ .ඒ නිසා පොඩ්ඩිටත් ස්තූතියි.
    මම නම් මේවාගේ තරඟයකට ගියාමයි. බුද්ධි ඔයා කොහොම කිව්වත් මට අර මනාප තුනම ලැබේවි ඉ කියලා කීයටවත් හිතුවෙ නැහැ.ඒ නිසා වටිනා මනාප ටික මට විතරක් දුන්න බුරතීනෝ මහතාට මගේ ස්තූතිය .අනිත් අයටත් අයටත් මම ස්තූති කරනවා .

    ඒ වගේම ඉන්දික දිසානායක මහතාවගේ දක්ෂ චිත්‍ර ශිල්පියෙක්ගේ මනාපයත් මට ලැබුණනේඒ ගැනත් මට ගොඩක් සතුටුවෙනවා.මට මම වලව්වට තමා ගොඩක් වෙලාවට එන්නෙ. ඒ නිසා යාලුවො අඩු උනත් මම වෙනුවෙන් වටිනා චන්දය පාවිච්චි කරලා චිත්‍ර තරඟෙ අන්තිමය නොකර මාව බේර ගත්තට හැම දෙනාටම ගොඩාක් පින් .( ස්තූතියි කියන වචනෙට වඩා මේ වචනය හොඳයි කියලා හිතුවා ) මනාප දුන්න හැමදෙනාගෙම නම් සඳහන් නොකලට අමනාප වෙන්න එපා.ඒ හැමදෙනාවම මම හැමදාම ආදරෙන් සිහිපත් කරනවා.

    චූටි මහත්තයා ගීතික කියනවා වගේ චිත්‍ර ගැන ඔයාගෙ අදහස් ඉදිරිපත් කරනවා නම් මාත් සතුටු වෙනවා.

    ReplyDelete
  19. අප්පේ සතුටට ලියන්න දේවල් මතක් වෙන්නෙත් නෑ... අනික දැන් පොඩි හදිසි ගමනක් යන්ටත් තියේ.
    කොහොම උනත් සුභ පතපු හැමෝටම ස්තූතියි.....

    පොඩ්ඩි අක්කා:
    හි හී අක්කා ඊයේ රෑම මට සුභ පැතුවා තමා. මටනම් එවෙලෙත් ඒ හැටි විස්වාසයක් තිබ්බේ නෑ මම දිනාවියි කියලා. අර වෑන් එකක් එවන්නද ඇහුව වෙලේ මම කිව්වේ "අක්කලා වගේ ප්‍රබල ප්‍රතිවාදීන් එක්ක හැපෙන්ට පුළුවනැ අපිට!" කියලා හි හී (පුළුවන්ද බලන්නත් එක්ක මේ පොඩි ට්‍රයි එකක් තමයි දැම්මේ).
    අප්පේ ඒක ගැන අක්කා ඔච්චර දුරට හිතයි කියලා මම හීනෙකින්වත් හිතුවේ නෑ....

    හැමෝටම:
    මගේ මේ ඡන්ද ව්‍යාපාරෙට බොහෝ අය උදව් උනා. ඒ ගැන ස්තූති කරන්න, මේ තරඟේ ගැන කියන්න....තව දේවල් කියන්න දැන් වෙලාවක් නෑ මම ඒකට හවස් වෙලා එන්නම් :)
    (හාවිටනම් ඊයේ මාත් එක්ක හොඳටම තරා ගොගින්ද මන්දා හිටියේ. හාවට කියලා මඟදී මගේ බෙල්ලවත් මිරිකවයිද දන්නෑ :D)

    දැනට කෙටියෙන් කියලා යන්නම්. මට ඡන්දේ දීපු හැමෝටම ස්තූතියි. ඒ වගේම අවාඅන මොහොතේ මට බොහෝ උදව් කළ එක්කෙනෙක් ඉන්නවා. එයා මට එයාගේ යාළුවන්ට කියලා මනාප බොහෝ ගානක් හොයලා දුන්නා. එයාට විශේෂයෙන් ස්තූතිවන්ත වෙනවා.
    ඒවගේම මට සුභ පතපු ගැමෝටමත් ස්තූතියි. මේ තරඟේ සංවිධානය කරපු බුද්ධි අයියටත් ස්තූතියි..

    වැඩි විස්තර කියන්න හවස එන්නම්!

    ReplyDelete
  20. මාව කළ්‍යාන මිත්‍රයෙක්ගෙ ගොඩට දාල කියලද එතකොට ඔය කුමාරිහාමි කියල තීන්නෙ! එහෙනං බුද්ධි මලේ උඹට නෙක්ටො ගංවතුරක් පැමිණේවා උපදින උපදින ආත්මයක් ගානෙ.

    කොහොම උන්ත අළුත් තාලෙ වෙනස් වැඩක් දුන්න උඹට ඔන්න මගේ "හැට්ස් ඕෆ්"

    ReplyDelete
  21. පූසා මාමා බුකියේ ඔක්කන්ටම මැසේජ් යවලා කොහොමහරි දින්නා....
    ඔන්න මගෙනුත් පූසා මාමට සුබ පැතුම්.
    ඒ වගේම පොඩ්ඩි අක්කටත් මගෙ සුබ පැතුම් !!!

    ReplyDelete
  22. පූසා ඇතුලු සියලුම සිත්තරකරුවන්ට, කාරියන්ට මගෙත් සුභපැතුම්. මටනං මේ දවස්වල ටිකක් බිසී නිසා වැඩිය මේ තරඟෙ ෆලෝ කරන්න බැරිවුණා. ඒත් ඊළඟ එකටනං මමත් චිත්‍රයක් අඳිනවා. නියම වැඩක් චූටි මහත්තයා

    ReplyDelete
  23. පූසට උණුසුම් සුභ පැතුම්,,අපේ ජන්ද ව්යාපාරය නැගලම ගියා,,මම පොඩ්ඩිටත් සුභ පතනවා තියුණු තරගයක් දීලා,,අපිව දිරි ගැන්නුවට,,,,

    ReplyDelete
  24. ඔයින් ගියා මදැයි. මාගේ පළමු සහ අවසාන සයිබර් චිත්‍රය එහෙනම් තුනත් උනා.

    ඉස්තූති කතාවක් හැම අපේක්ෂකයම කරපු නිසා මාත් කොරඤ්ඤං.

    සභාවෙන් අවසරයි.

    ප්‍රථමයෙන්ම සුදු පූට හඳපිරි සතුටත් එක්ක සුභ ප්‍රාර්ථනා කරනවා...!!!! අර සයිබර් යායෙන් පලවන කතාවත් ඉක්මනටම ලියන්න කියලා කියනවා.

    මුලින්ම ඉතින් මේ තර‍ඟෙ පවත්වපු බුද්ධි අයියට හැමෝම කරා වගේම ස්තූති වන්ත වෙනවා. මොකද උන්නැහේ මාමා ඇරෙන්න මෙතන චිත්‍ර ඇඳපු කවුරුවත් ආ මකරා මාමත් ඇර අනිත් හැමෝම මෙහෙම කොම්පීතර චිත්‍ර ඇඳලා ප්‍රසිද්ධියේ පලකරලා තියනවා අහලත් නැ දැකලත්. නැ. ඉතින් එහෙම නිකමට හරි උද්යෝගයක් ඇති කරලා ගත්තු එකට ඉස්තූතියි......

    ඊට පස්සේ මගේ හාවා. ඔය කොම්පීත‍ර චිත්‍ර අදින කෑලි බෑලි මං ළඟ නැහැ. ඔය ඇන්දෙත් සුදු හාවා මට කාලෙකට කලින් දීපු මොකක්ද වෙයාර් එකකින් තමා. ඒවත් ලබා දීලා ඒත් එක්කම චිත්‍රේ ඇන්දට පස්සේ ඒක සභාසම්මත කරලා යවන්නත් කියලා තව මනාප තුනමත් දීපු මගේ ආදර සුදු හාවටත් බොහොම ස්තූතියි.

    පවුලේ අය වගේ ඉන්න පබලු අක්කණ්ඩිටත්, කාංචන අයියණ්ඩිටත්, අපේ පොඩ්ඩා හසිත මලයටත් ගොඩාක් ස්තූතියි.

    ඇත්තටම ඔයින් හරි බේරුනේ අපේ පොඩ්ඩා නිසා. මං ඔය තුන්දෙනාට විතරයි පුද්ගලිකව චන්දේ දාන්න කිව්වේ. ඉතිරි එදා සාමාන්‍ය ප්‍රථිඵල නිකුත් කරාට පසු වැටුන හැම චන්දයක්ම අපේ ‍පොඩ්ඩාගේ මහන්සිය තමා. එයා තමා කට්ටියව අතට කතිරේ ගහපු කොලෙත් දීලම චන්ද පොලට එවලා තිබුනේ. ඒ ගැන බොහෝම ස්තූතියි. ඒ වගේම ඉතින් අයියා යථා කාලෙදි අර චොකෝ එක අරන් දේවි.

    ඊළඟට චන්දේ දීපු හැමෝටමත් ස්තූතියි. මල්ලිගේ බල කිරීමට හරි මේ පැත්තේ ඇවිත් චන්දේ දාලා ගිය එක ගැන.

    අනික් එක ඉතින් මේ වැඩේ සාර්ථක කරගන්න මේ පැත්තේ ඇවිල්ලා මඩ ගහලා කැම්පේන් කරලා වලි දාලා ඔක්කොම කරලා ගිය ඔය හැමෝටමත් බොහොමත් ස්තූතියි.

    එහෙනම් හැමෝටම බෝම ස්තූතියි කිව්වා......

    මැ කො තුමාගේ වැරදි ගණන් හිලව් පෙන්නලා දීපු නිල නොවන මැ කො මාරයියටත් ස්තූතියි. අනේ හැබෑට කම්මැලි නැති හැටි.

    අනික් එක මාරයා අයියායි සුදු පූයි මං තරහින් කියලා හිතලා. අප්පච්චියේ කිසිම තරහක් නැහැ. මං ඊයේ ආයෙමත් කොණ්දේ අමාරුව ඇවිල්ලා එවෙලෙම වගේ ඇඳට ගියා. ඊට පස්සේ අද උදේ පෝස්ට් 2ම දාලා පන්ති ගියා. දවල් ඇවිල්ලා කාලා බීලා ඉඳගත්තම මාරයියා කතාකරලා තමා මට ඔය කතාව ඇහුවේ. කා එක්කවත් තරහක් වෙන්න තරම් තාමනම් මට පිස්සු නැතුවත් මට පිස්සුයි කියලා හිතුවේ ඇයිද මංදා මාරයියා.

    අනික සුදු පූ මා එක්ක තරහා නැතුව ඇති කියලා හිතනවා තැන් දෙක තුනකදි මං විහිලුවට තඩි පූසා කිව්වට. ඔව්වා ඒ දවස් දෙක තුනට කියපුවා විතරයි. මං අමතන සුපුරුදු ආමණ්ත්‍රණය සුදු පූ කියලානේ. ඒ ගැන මඤ්ඤං ගතියක් එහෙම හිතුනනම් සමාවෙන්න කියලත් කියනවා.

    අන්තිමට විදෙස් චිත්‍ර සිල්පියා චන්දේ දැකපු හැටි ගැන ලිපියක් චිත්තර එක්කම ලියන්න කියලත් ඉල්ලනවා.

    ආ චූටි මහත්තයෝ. ඔය ලිපියේ තියන කමෙන්ට් එක අපේ අයියණ්ඩිගෙනේ. එයා ඉතින් මට නොදා කාට දාන්නද. පවුලේ උදවිය පිට අයට චන්ද දාන්නෑනේ... නේද..... හික්ස්......

    අන්තිමටම කියන්නේ ඉතිං හරි විදියට තේරුවොත් මං තෝරන්නේ කියපු විදියම තමා.

    1)උන්නැහේ මාමා
    2) හර්ඝණ මාමා
    3) ගීතික මාමා.


    ඔය තරඟ නැතත් මං අඳින බලිකුරුටු බලලා ඒ ගැන කතා කරන මගෙ සුදු හාවට ආයෙමත් ගොඩාඩාඩාරියක් ඉස්තූතියි. ඇල් යූ ඇස් ඇම්*------ :D

    යන්න කලින් ආයෙමත් පාරක් කෙහෙල් කොටුවට චූටි මහත්තයට. ටිකිරිට බුද්ධි අයියට විදෙස් සිත්තරාට හැමෝටම බොහොම ස්තූතියි.

    මගේ කතාව මින් අවසානයි. පූසාගේ නෙට්ටෝ බෝතලය කඩා රසවත් බීම වීදුරුවක් පානය කර යනමෙන් සැමගෙන් ඉල්ලා සිටිමි.......

    ටංටරා......ං..... අපි ගියා.....

    ReplyDelete
  25. ආ මතක බැරි උනා...... හැබෑටම මට ඔය තුනේ ගුණාකාර වලින් බේරුමක් නැති හැටි.

    ReplyDelete
  26. මේක තනිකර අසාධාරණ චන්දයක්...කෝ එහෙනං ඕනය එවපු චිත්‍රය?

    මට පේන්නෙ ඕනය වත් උස්සල වගේ....නැත්තන් මොකෝ උගෙන් "මීක්" ගැන සද්දයක් නැත්තෙ?

    ReplyDelete
  27. අඩෝ පූසා දැන් අර දෙනවයි කිව්වා ඒවා දීහන් අපිට.... :D

    ReplyDelete
  28. පහුගිය දවස්වල පූශෙක් බශ් වලයි ජීමේල් වලයි බුකියෙයි අනේ මගේ චිත්‍රෙට මනාපයක් දෙන්නකෝ කියලා ඇවිද්දෙ මේ සුදු පූ වෙන්න කොහෙත්ම බෑ. (ජීවිත ආසාව අතෑරලාද මන්දා මම දැන් මේ කොමෙන්ටු දාන්නෙ) ශූරලා මරයි ද දන්නෙ නෑ හික් හික් පූශා මාමාට පොඩ්ඩි නැන්දාට සහ හා පැටික්කී නැන්දාට මාගෙ උනුසුම් සුභ පැතුම්!!!!!

    ReplyDelete
  29. අම්මේ..මමත් මොනව හරි ලියන්න කියල හිතුවා...මම බුද්ධියට මේල්ස් යැව්වා 100 ක් විතර මගේ කමෙන්ටුව නැතුව....පැය 2ක් තිස්සෙ ටයිප් කරපු මගේ කමෙන්ටුව කොහොම හරි වැටුනනෙ ... හික් හික් හික් ...

    මොනවා නැතත් අපේ පූස දක්සයා..... වැඩ කාරය.අපි පූසට පූස අපිට ...

    ReplyDelete
  30. මේ මම සිත්තර තරගෙකට සහභාගි වෙච්ච මුල්ම වතාව. නියම රියැලිටි තරගයක් විදියටම වැඩේ සිද්ද උනා. හොඳට හිනා වුණා. වෙනදා කතා කියවලා හිනා වෙනව වගේම. ඉස්සරහටත් අලුත් අදහස් එක්ක එක එක කාලෙට බ්ලොග් අවකාශය වෙනස් වෙනවනං නියමයි.

    ජය!!!

    (කතන්දර මාමගේ චිත්‍රෙට කට්ටියගෙ comments කියවගෙන යනකොට මට ඇත්තටම හිතුනනෙ ඒක මාර සම්භාව්‍ය නිර්මාණයක් කියල... චාමි මාමගෙ ග්‍රීස් යකාගෙ කතාවෙ කියපු එක ඇත්ත තමයි!)

    ReplyDelete
  31. ප්‍රසිද්ධ ප්‍රකාශය
    මේ ඡන්ද ප්‍රතිඵල අපි තරයේ ප්‍රතික්ෂේප කරනව. අසාධාරණ ඡන්දයක්. චන්ද දායකයන්ට අනිසි බලපෑම් කරලා සර්ව ජන ඡන්ද බලය බලහත්කාරයෙන් පැහැරගෙන තිබෙන බව ඡන්ද නිරීක්ෂකයන් දැනටමත් ප්‍රකාශ කරල තියෙනව. මේ ගැන ජාත්‍යන්තරය දැනුවත් කිරීමට අපි විශේෂ වැඩපිළිවෙලක් සකස් කරගෙන යනව. ඒ වගේම ශ්‍රේෂ්ටාධිකරණයේ නඩු පැවරීමට ඇති හැකියාව අපි මේ දිනවල සොයා බලමින් ඉන්නේ. මහ ජනතාවට අපි කියන්නෙ, මේ සටන අපි නොනවත්වා ඉදිරියට ගෙන යන බවයි.

    හොර රහසින්
    පූසා මාමට අපේ උණුසුම් සුභ පැතුම්!

    ReplyDelete
  32. This comment has been removed by the author.

    ReplyDelete
  33. ගීතික මාමේ,

    මගේ යෝජනාව..
    නෙක්ටෝ කතාවට චිත්‍ර එකක් දෙකක් හරි දාන්න.. කට්ට්ය ච්ත්‍ර ඇදපු විදිය චූටි මහත්තයාගේ ඇසින් බලන්නත් කැමැත්තක් තිනෙවා..
    ............
    ගීතික මාමේ, ඕගොල්ලන් හිතාගෙන හිටියෙ අපි රියැලිටි සිත්තර තරගයක් තියලා සිත්තර ඇඳලා එවනකං නිකං බලාගෙන හිටියා කියලද? එහෙනං ඔයාට වැරදිලා. සිත්තර තරගෙට සිත්තර එවපු හැමෝගෙම ගෙවල් ගානේ අපේ මාධ්‍ය කණ්ඩායම ගියා. කව්රු මොන කතා කිව්වත් හැමෝම සිත්තර ඇඳ ඇඳා හිටපු හැටි ඒ ගොල්ල කරපු කියපුවා අපිව ඒගොල්ලන් පිලිගත්තු හැටි ගැන වාර්තාවක් අපි ලග තියෙනවා. විශේෂ ම දේ වගේම ලස්සනම දේ තමා ඒ ගොල්ලන් හරිම කැපවීමේන් සිත්තර අඳින වෙලාවේ ගත්තු පොටෝ එකක් අපිට ගන්න පුලුවන් වෙච්ච එක. ඒවා අපි ඉදිරියේ දී කාටත් බලා ගන්න බ්ලොග් එකේ දාන්නයි හිතාගෙන ඉන්නෙ......

    ReplyDelete
  34. සුළග නැන්දා ද මමාද,
    මට දෙන්න පුලුවන් හොඳම තෑග්ග තමා ඒ හිකිස්!
    ...............

    වැප් මුත්තේ,
    ස්තුතියි වැප් මුත්තෙ. (වැප්ලා මුත්තලා ඕනැවට ගියාට කමෙන්ට් කරන අය නෙමේ. ඒ හින්දා මේ ඇත්තටම වෙන්ඩැ කියන්ඩ ඇත්තෙ.)
    .........

    පොඩි කුමාරිහාමි නැන්දගෙ දෙවෙනි කමෙන්ටුවට
    01. මනාප 3ක් දෙන ක්‍රමයක් තිබුනෙ නෑ. ඒක හින්දා කො‍හොමත් එකතු උනේ 5යි.

    02. වැදගත්ම පාඩම අභිතගෙ මාමගෙ තමා. දක්ෂයා ‍දිනන්නැති එකේ විපාක අපි දැන් ගෙවමිනුයි ඉන්නෙ.

    03. හිතේ ඇඳෙන සිත්තර බලවත්. හැබැයි පරිස්සමට! ඒවා මකන වලින් මකන්න බෑ කදාවත්. ඒ හින්දා ඒ අඳින සිත්තරෙ දකින දකින වාරයක් පාසා නැන්දට සන්තෝස හිතෙන එකක්ම තියාගන්න. මගදි මකන්න උනොත් හරි අමාරු වෙයි. සමහර විට ඒක හෝදලා දාන්න පුලුවන් වෙන්නෙ කඳුලු වලට විතරක් වෙන්නත් පුලුවන්. ඒක හින්දා හිතේ ඇඳගන්න සිත්තර ගැන හරි පරිස්සම් වෙන්න හොදේ.....
    ...........

    කසුන්,
    ස්තුතියි! ස්වාධීන නිරීක්ෂකයන්ගෙ රාජකාරියද ඔයා කලේ......

    ReplyDelete
  35. මාර මාමා,

    01. ස්තුතියි මාරමාමා.
    02.දෙන්නට තල්ලු දෙන්න දවස් 3 ක් දීලනෙ තිබුනෙත ‍කෝ ඕගොල්ලන් බස් එකේ අහරෙ මෙහෙ ප්‍රචාරය කරන්න තියාගත්තෙ අන්තිම දවසෙ විතරනෙ. තව දවසක් ඇද්දනම් කමෙන්ට් හොයන්න වෙන්නෙ මේසෙ යට යුපීඑස් එක දිහැ! අනිත වලව්වෙ රවී මුත්තා මක් කරයිද මේක තවත් ඇද්දනම්!
    03. ජනතාව අවදියෙන් කියලා හොඳටම විශ්වාස ද?
    ...........

    පබලු නැන්දා,
    කාලෙකට පස්සෙ ඇවිත් ඡන්දෙ දාලා යන්න.
    ...........

    තරු නැන්දා,
    ස්තුතියි. ගීතිකට දුන්දු උත්තරෙත් කියවන්න.
    .........

    රාජ්,
    ආතතියක් නැද්ද අප්පා මේ වෙච්ච වැඩේට.

    ...........

    ජ්‍යතිශ්‍ය මාමා,‍
    පසුගිය පෝස්ටයේ සිත්තර ඔක්කොම දක්නට ඇත.
    .........

    ප්‍රසන්න මාමේ,
    ස්තුතියි! කොමා කමේ බරපතල් කම තේරෙන්නෙ දැන්. හොඳ වෙලාවට සුපිරි පරිගණයක් තියෙනවා මා ගාව හැමදාටම තියාගන්න ගත්තු.
    ............

    බින්දි නැන්දෙ,
    හැමදාම එන නැන්දටත් ස්තුතියි. බින්දිට සිත්තර අඳින්න පුලුවන් කියලා ඔත්තුවක් ලැබුනා. ඒත් ඇන්දෙ නැති එකට කණගාටුව.
    ..........

    මාර මාමාගේ,
    ඒ කමෙන්ටුව නං මටත් මල් මසුරන්.
    ...........

    පොඩි මැන් මේ කොහෙන්ද කඩා පාත්උනේ
    ..........

    මාරමාමා,

    අනික් කිහිප දෙනෙක් වෙලාව ඉක්ම යන්න කලින් තම තමන්ගේ චන්ද වෙනස් කල ඒවත් සාධාරණව බාර ගත්තා.----------------
    මෙහෙම වෙනස් කරන කරන ගානට ඒවා බාරගන්නෙ මොන රටේ ද මාමේ....!:D
    ..............

    නීතා නැන්දා,
    මට ස්තුතියි කිව්ව එකට ස්තුතියි! දැන් ඔයත් හෙන ජනප්‍රියයි නේ! ගිතික කිව්ව එක අපි අකුරට කරන්න ලෑස්තිවෙලාමයි හිටියේ. ලැස්ති පිට ඉන්න නැන්දත් ඉන්නවා ඒව්වයෙ....

    ReplyDelete
  36. පුසා මාමා,
    දිනුවට සුබ පැතුම්! තෑග්ග ගන්නවනම් සති දෙකක් තුනක් ඇතුලේ ඒක කරන්න.
    හිප් හිප් හුරේ....!
    ............

    ඉන්දික මාමා,
    අගය කිරීම ගැන ස්තුතියි! ඕගොල්ලන් සයිබර් යායට පුරුදු අයනේ.......කොහොමහරි දැං අලුත් යාලුවො ටිකකුත් හමුඋනා නේද?
    .............

    මධුරංග,
    පුසා සයිබර් යුද්දයක සැරසිලා හිටියෙ. දැක්කනෙ ඇඩ් එක.
    ...........

    ගඩොල් මාමා,
    ස්තුතියි.
    ..........

    ඩිලන් මාමා,
    ඒක තමා. පුසා මාමා දින්නෙ අන්තිම පැය බාගේ විතර.
    .............

    හා පැටික්කී නැන්දා,
    ස්තුතියි අපි ට කරපු ස්තුතියට.
    ............

    ඔබාමාමා,
    ඕනයව අරහෙන් උස්සලා ඇඳක බැඳලලු.

    ................

    අනුරාධ මාමා,
    පුසට ඡන්දෙ දැම්මද මං දැක්කෙත් නෑ.
    .............

    සංජු කාලෙකට පස්සෙ සයිබර් යායෙ.
    ........

    අන්තිමයා මාමා,
    හපොයි ඒක දාන්න කාපු කට්ට. ඒක මගේ අතින් එක උඩ දෙපාර කොපි වෙලා. පැටලිලා. අන්තිමේ ආතතිය හැදෙන්න ගිහිං බේරුනේ... හිකි හිකි....
    ..............

    පැතුම් මාමා,
    සයිබර් යායට ආවට මීට කලින් කමෙන්ට් කරලා නෑ නේද?
    ........

    පොත් ගුල්ලා මාමා,
    අන්න අදකාලෙට හරි යන අය..... දෙපැත්තම ශේප්.
    ..............

    ReplyDelete
  37. චන්ද පෙත්සම් අංක 1
    ----------------

    ස්වාමීනි; කෙහෙල් කොටුවේ චූටි මහත්මයා, තම ලෝකාණ්ඩ මාමා සමග එකතු වී කරන ලද යතෝක්ථ දිනයන්හි කූටප්‍රාප්තියට පත්වූ සයිබර් ඉතිහාසයේ මෙතෙක් පැවති දූෂිතම විගණනය සම්බන්ධයෙන් මාගේ කරුණු දැක්වීමේ සම්පිණ්ඩණයක් පහත වේ; ඒවා සලකා බලා ඉහත විගණනය අහෝසි කරණ ලෙසත් නැවත විගණනයක් කරන ලෙසත් යුක්තිය ඉටුකරන ලෙසත් ඔබෙන් යටහත් පහත්ව ඉල්ලා සිටිමි.

    1. චිත්‍ර මනාපයෙන් තේරීම; සට්ට්ඹියන්ගේ දූෂිත ක්‍රියා හරහා මනාප දිනක් ඇතුලත ඉහල යාම..

    2. ලෝකාණ්ඩ මාමා ගේ ඉඟි අනුව මනාප දිශානතිය වෙනස්වීම: ප්‍රථිඵල වලට සල්ලන් ගත් ඔට්ටුකරුවන්ගේ ගොදුරක් බවට ලෝකාණ්ඩ මාමා පත්ව ඇත - ඇමුණුම බලන්න.

    3. කොම්පියුටර් චිත්‍ර / අතින් අඳින චිත්‍ර ලෙස වර්ග නොකිරීමෙන් නව නිර්මාණ කරුවන්ගේ නිර්මාණ කුසල තාව මොට කිරීම.

    4. ළමා මනස කුඩා කලම මනාප පොරයට හුරු කිරීම.

    5. ගනණනය කිරීමේ වූ මහාත්ම දෝෂ - සාක්කී මාරයා

    ඉහත කී කරුණු සම්බන්ධයෙන් දීර්ඝ කරුණු දැක්වීමට වෙන කවුරු හරි සූදානමෙන් සිටී. එමනිසා වහාම උක්ත විගණනය අහෝසි කර දමන ලෙස ඉල්ලා සිටිමි.

    ReplyDelete
  38. හපොයි පෙරහැර ගිහිල්ල චන්ද කොමසාරිස් එයාගෙ ඉස්තූතියත් කොරල අහවර වගේ....ඒත් මමත් වචන දෙක තුනක් කියන්ට එපාය.....

    මුලිම්ම චූටි මහත්තයට මගේ ඉස්තූතිය මෙ වගෙ මහා සිත්තර තරඟයක් සංවිදානය කිරීම ගැන.....අපොයි ලොකු දෙයක් අතක් පයක් නොකැඩි ඔයිං ගිය එක.........හෙහ්, හෙහ්,

    ඊළඟට තරඟෙට ඉදිරිපත් වෙච්ච සිත්තරු/සිත්තරියන් හැමෝටම ඉස්තූතියි,

    ඊළඟට චූටි මහත්තෙය මගෙ විරිදුවක් ගැන කියාල තියනව.....හෙහ්, හෙහ්, ගනං ගන්ට එපා බොල.....ඔව්ව ඔය ජොලියට කියන එව්ව නෙව,

    ඊළඟට ජයග්‍රහනය කොරපු පූසට මගේ සුබ පැතුම්,

    හරි දැන් ඉස්තුති අනම්මනම් අහවරයි, ඊළඟට මේ ටිකත් කියන්ට ඕන,

    මේ තරඟෙ පවත්වන පිළිවෙල ගැන ඉස්තිර පොරතිපත්තියක් තිබ්බෙ නැහැය කියල නම් නොකියම බෑ.

    1. මනාප තුනම එක සිත්තරේකට දෙන්ඩ පුලුවන්ද බැරිද කියල චූටි මහත්තය කොයිම වෙලාවක වත් පැහැදිලි ප්‍රකාසයක් කලේ නෑ. දැන් අන්තිමට කියනව එහෙම බැරිලු.

    2. තමන් කලින් දුන්නු මනාපෙ අවලංගු කරල ආයෙ දෙන්ඩ පුලුවන්ද කියල මම සුද්ද සිංහලෙං ඇහුවම එහෙම බෑ කිව්වෙ නෑ. ඒ කරල අන්තිමට කිව්ව එහෙම වෙනස් කරපුව සැලකුවෙ නෑ කියල.

    මට හිතෙන්නෙම චූටි මහත්තයට දැඩි බලපෑම් ඇවිල්ල තියනව.......ඒක තමයි හේතුව,

    හරි, මොනව උනත් මේ චූටි මහත්තයගෙ පලවෙනි සිත්තරවරණය නෙ, ඒ නිසා ඔය පොඩි පොඩි අඩුපාඩුකම් අත ඇරල දාමු.......හෙහ්, හෙහ්,

    කෙහෙල්කොටුවෙ ඊළඟට තියන්ට අදහස් කරන තරඟෙදි මෙ අඩුපාඩුකම් මඟ හරවා ගන්නවා ඇතැයි බලාපොරොත්තු වෙමින් මම මෙතකින් නවතිමි.

    ReplyDelete
  39. රවි මුත්තේ,
    01. සිත්තර තරගයක් කලාට ස්තුති කලාට ස්තුතියි!
    02. විරිදු අහන්ඩ අපි කැමතියි. ඔහොම නෙමෙයි කොහොම කිව්වත් අපි ඒවා කියවන්නේ කට කනේ තියාන. එතකොට ඒකත් හරි!
    03. පූසටත් හිප් හිප් හුරේ!!!
    04. මේ තරගෙට ස්තිර ප්‍රතිපත්තියක් තිබුනා.
    දැං යන්නෙ අනු අංක වලින්. අනු අංක

    01. මනාපේ කියන්නෙ කැමැත්ත. දැං රවී මුත්තා අහලා තියෙන්නෙ එතකොට මනාප 3ක් දෙන්ඩ බැරිද කියලා. එක්කෙනෙකුට තුන් පාරක් කැමතියි කියන්නෙ මොන රටේද මුත්තෙ. කැමතිනං කැමතියි.ඒක කියන්නෙ එක පාරනෙ.

    02. එකපාරක් කැමතියි කියලා ආයෙ වෙනස් කරන්ඩ දෙන්නෙ මොන ලෝකෙද අප්පා. මං කිව්වෙ එහෙම කලොත් කම්පුටරේට කවද්දි අහුවෙයි කියලා.

    03. මට දැඩි බලපෑම් ආවේ ගෙදරින් විතරයි! මැසිම ගාවම ඉදගෙන ඉන්නවා කියලා.

    මේකෙ තරගෙ නීති සරළයි. කැමැත්ත වැඩි විදිහට 1/2/3 විදිහ කියන්ඩ. එච්චරයි.

    මුත්තේ ඕවා අමතක කරලා දාන්ඩ.... මේක කියවන්ඩ...
    ඕගොල්ලන් හිතාගෙන හිටියෙ අපි රියැලිටි සිත්තර තරගයක් තියලා සිත්තර ඇඳලා එවනකං නිකං බලාගෙන හිටියා කියලද? එහෙනං ඔයාට වැරදිලා. සිත්තර තරගෙට සිත්තර එවපු හැමෝගෙම ගෙවල් ගානේ අපේ මාධ්‍ය කණ්ඩායම ගියා. කව්රු මොන කතා කිව්වත් හැමෝම සිත්තර ඇඳ ඇඳා හිටපු හැටි, ඒ ගොල්ල කරපු කියපුවා, අපිව ඒගොල්ලන් පිලිගත්තු හැටි ගැන වාර්තාවක් අපි ලග තියෙනවා. විශේෂ ම දේ වගේම ලස්සනම දේ තමා ඒ ගොල්ලන් හරිම කැපවීමේන් සිත්තර අඳින වෙලාවේ ගත්තු පොටෝ එකක් අපිට ගන්න පුලුවන් වෙච්ච එක. ඒවා අපි ඉදිරියේ දී කාටත් බලා ගන්න සයිබර් යායෙ දාන්නයි හිතාගෙන ඉන්නෙ...... ඉතිං පැත්තකින් හිටපු අපේ රවී මුත්තත් ඔය ‍කාගෙ හරි පොටෝ කෑල්ලක ඉන්ට බැරි නැ. පරිස්සමින් ඉන්ටෝන. පොටෝ එක පල වෙනකං හවස් අතේ නානවා එහෙම නෙමේ.......

    ReplyDelete
  40. තිස්ස මුත්තෙ,

    මා මෙහි කියනා දේ සත්‍ය හා නිවැරදි බවටත්, මාගේ ජීවිතාන්තය දක්වා ආදරයෙන් රැක බලා ගන්නා බවටත්, මේ මාගේ නීත්‍යාකූල.....හෝ හෝ.... වැරදුනා වැරදුනා! නඩුව පරදීද දන්නැ!

    මෙන්න උත්තර,

    01.මනාප දිනක් ඇතුලත ඉහල ගියේ, අපේක්ෂකයන්ගේ මනාප පොරය නිසාය. අන්තිමේදී මේක ‍දෙන්නෙක්ගෙ රේස් එකක් විය.

    02.අමුණපු එක වැටිලාය.

    03.හික් හික්.... අතින් අඳිනවද මැසිමේද කියා වෙනසක් නැත. බැරි එකාට ‍කොහොමත් බෑය.

    04.මෙහෙ ඉන්නවනං ඒවාට හුරු විය යුතුය. නැත්තං රට යා යුතුය. අනාගතේ මූණ දෙන්න තියෙන ඒවට දැම්ම ලැස්ති පිට හිටිය යුතුය.

    05.මනාප ගණන් කිරීමට යොදා ගැනීමට අදහස් කළ කොම්පියුටර් සඳහා ටෙන්ඩර් කැදවීමේ දී නියමිත ක්‍රියා පටිපාටිය අනුගමනය නොකල මාරයාගේ ටෙන්ඩර් පත කුනු කූඩයට යාම නීසා, මාරයා අහවල් විදිහේ කමෙන්ට් දැමීමට පෙළඹී ඇත.

    කොහොමහරි ඌරන් කැකුණ තලද්දි හබං කුකුල්ලුන්ට රජ මගුල් විය. ඒ දවස් වල සයිබර් යායේද ට්‍රැෆික් හොඳටම වැඩිවිය. දැන්නං නෝමල්ය. සංසාරේ හැටි ඔහොම තමාය.

    ReplyDelete
  41. / 01. මනාපේ කියන්නෙ කැමැත්ත. දැං රවී මුත්තා අහලා තියෙන්නෙ එතකොට මනාප 3ක් දෙන්ඩ බැරිද කියලා. එක්කෙනෙකුට තුන් පාරක් කැමතියි කියන්නෙ මොන රටේද මුත්තෙ. කැමතිනං කැමතියි.ඒක කියන්නෙ එක පාරනෙ. /

    ඔන්න ඕකනෙව කියන්නෙ......චූටි මහත්තය මොන ලෝකෙද ඉන්නෙ?.....මේ සිරි ලංකාවෙ බොල....... මේ සිරි ලංකාවෙ මනාප තුනම එක්කෙනාටම දෙන්ට නීත්‍යානුකූලවම පුලුවන්ය කියල උඹ දන්නෙම නැත්ද හැබෑටම?

    අනික මෙතන එහෙම බැහැයි කියමු....ඒකෙ අවුලක් නෑ.....චූටි මහත්තයගෙ කැමත්ත නෙව.....ඒත් කවුරු හරි මගෙ මනාප තුනම අහවල් සිත්තරේටයි කිව්වම "එහෙම බෑ, දෙන්ඩ පුලුවන් එක මනාපයයි" කියල කෙලින්ම කිව්වනම් තමයි චූටි මහත්තයො වැඩේ ලස්සන........කියන්ඩ කනගාටුයි ඔහේ එහෙම කොයිම වෙලාවකවත් කිව්වෙ නම් නෑ......අන්තිම මොහොත වෙන කල්ම....

    / 02. එකපාරක් කැමතියි කියලා ආයෙ වෙනස් කරන්ඩ දෙන්නෙ මොන ලෝකෙද අප්පා. මං කිව්වෙ එහෙම කලොත් කම්පුටරේට කවද්දි අහුවෙයි කියලා. /

    මෙන්න මගේ ඉල්ලීම

    / මේ...... බැරිද මම දුන්නු මනාපෙ කටු ගාල ආයෙත් පාරක් චන්දෙ දාන්ට? /

    මෙන්න අපේ චූටි මහත්තයගෙ පිළිතුර

    / කමන්නැ ඕන්නං ඡන්දෙ දාලා යන්ඩ. /

    දැන් මට කියන්ට මේ පිළිතුරෙන් අපිට හිතාගන්ට පුලුවන් මොකක්ද?.....ප්‍රශ්නයක් නෑ චන්දෙ වෙනස් කරන්ට පුළුවන් කියන එක නෙවෙයි නම් වෙන අහවල් එකක්ද?

    මනාපෙ වෙනස් කරන්ට දෙන්නෙ නැත්නම් චූටි මහත්තයො මෙන්න මෙහෙම කිව්ව නම් කොච්චර නම් අපූරුද?......මෙහෙම පුරස්නයක් එන්නෙත් නෑ නෙව....

    " හපොයි බෑ....රවි මුත්තෙ එක පාරක් දාපු චන්දෙ ආයෙ වෙනස් කොරන්ට නම් බෑ."

    ReplyDelete
  42. තරඟය ජයග්‍රහණය කරපු පූවා මාමාට මගේත් උණුසුම් සුබපැතුම්. මගේ මනාපයක්වත් මට දාගෙන නොතිබියදී මට මනාපයක් ප්‍රකාශ කළ 5 දෙනාටත් විශේෂ ස්තූතිය.

    පූසාට මගෙනුත් තෑග්ගක්.
    මේ ඉන්නෙ ජයග්‍රහණයෙන් උදම් වෙච්ච පූෂා

    https://lh5.googleusercontent.com/-BXyI9Xx7huk/Tlo9C2xXhXI/AAAAAAAABiA/-fpa0F9ioU4/w252/10150267779252932.jpeg

    ReplyDelete
  43. හප්පා මට ආතතිය වගේ දැං

    ReplyDelete
  44. වැඩෙ නම් එළ කිරි ආයි පාරක්කරන්න බලාපොරොත්තුවක් නැද්ද තරගය ගැන පුර්ව ප්‍රචාරය මදියි නැත්නම් තව තරග කරුවන් ප්‍රමානයක් සම්බන්ද කර ගන්න තිබුනා

    ReplyDelete
  45. ඔව් හප්පා...මමත් පූසගෙන් දැන ගත්තෙ පස්සෙ.කෝකටත් කියලා තරගෙට කොමෙන්ටුවක් හරි දාන්න ඉතිරි වෙලා තිබ්බා... මොනව උනත් කස්ටිය බැහැල වැඩ කලා. විසේසයෙන් අපේ පුසිකැට්ස් මට ඉන්න දුන්නෙම නැතුව ඇති.

    ReplyDelete
  46. රවි මුත්තෙ,
    හරි වැරැද්දක් තියෙනවනම් හදාගෙන ඉස්සරහට පුලුවන් උනොත් තව මොනා හරි කරමු!
    ..........

    සියලු දෙනාට,
    තරග ප්‍රථිපල ගැනත්,තව මේ වගේ දෙයක් කරනවනම් තවත් හොදින් තරන්න උපදෙස් දුන් සියල්ලන්ට තුති!

    මේ සිත්තර තරගයත්, සයිබර් යායේ ඉදිරි වැඩ කටයුතුත් ගැන කතාකරන විශේෂ මාධ්‍ය සාකච්ඡාව සදුදා උදේ 8ට පැවැත්තෙනවා. එදාට වසර දෙකක් පමණ සයිබර් යායට සිතුවමින් සහයෝගය දුන් විදෙස් සිත්තරා ප්‍රථම වතාවට මාධ්‍ය හමුවට පැමිණෙනවා. ඔහුව දැක බලා ගන්නත් ඔබට ඔහුගෙන් දැනගන්න යමකුත් තිබේනම් සඳුදා උදේ8ට සයිබර් යායට ගොඩවන්න

    ReplyDelete
  47. අලුත් කොල්ලා,
    ස්තුතියි

    ReplyDelete
  48. කොම්පීතර ජිල්මාට් එහෙම නෑ නේද.. හිකිස්ය..

    ReplyDelete

ඔබේ පංගුව...

...................................................................

Related Posts Plugin for WordPress, Blogger...