2011/09/05

පළමු වරට සයිබර් යායේ විදෙස් චිත්‍රශිල්පියා මාධ්‍ය හමුවට පැමිණෙයි. | ඡායාරූප සමඟ

පසුගිය දා පැවති සයිබර් යාය චිත්‍ර තරගය වැඩි ප්‍රෙක්ෂක සහභාගීත්වයෙන් සාර්ථක ලෙස නිමා උනා. චිත්‍ර තරගය සංවිධාන කටයුතු සම්පූර්ණයෙන්ම සයිබර් යාය කාර්ය මණ්ඩලය විසින් සිදුකරනු ලැබුවා.

තරගය අවසාන වීමෙන් පසු එහි සාර්ථකත්වය හා ඔවුන්ගේ ඉදිරි වැඩකටයුතු පිළිබද මාධ්‍ය දැනුවත් කිරීමට ඔවුන් පවත්වන මාධ්‍ය හමුව මේ වන විට ආරම්භ වී තිබෙනවා.

මෙහි ඇති විශේෂතම සිදුවීම වන්නෙ වසර දෙකකට ආසන්න කාලයක් සයිබර් යාය හා එක්ව කටයුතු කල, කිසිම අවස්ථාවක ප්‍රසිද්ධ ජන මාධ්‍යයක් ඉදිරියට නොපැමිණි විදෙස් චිත්‍ර ශිල්පියාත් මෙම මාධ්‍ය හමුව නියෝජනය කිරීමයි.

මේ අවස්ථාවේදී ඔහු පසුගිය දා පැවති සිත්තර තරගය ගැනත් තමා ගැනත් විශේෂ ප්‍රකාශ කිහිපයක් කරමින් ඉන්නවා. අපි දැන් ඒ දෙසට යොමු වෙමු.

.................................

“මුලින්ම මම ඔබ සැමට ස්තුති කරනවා මේ ස්ථානයට පැමිණීම ගැන. ඇත්තටම අපි කතා කලොත් පසුගිය දා පැවති සිතුවම් තරගය ගැන අපි හිතුවටත් වඩා උද්යෝගිමත් ලෙස ඒක කරන්න හැකි උනා. අපි හරිම සතුටු වෙනවා ඒ ගැන!

අපි එදා කිව්ව වගේ චිත්‍ර අඳින්න කොච්චර ලේසිද, ඒ වගේම කොච්චර අමාරුද කියන එක ඒත්තු ගන්වන්නයි අපි එවැනි දෙයක් කලේ. ඇත්තම කිව්වොත් මම තමා ඒ අදහස මුලින්ම යෝජනා කලේ. කොහොමහරි ඒ වැඩේ අපි හිතපු විදිහටම සාර්ථක උනා. ඔවුන්ගේ සිතුවම් මොන මට්ටමේ තිබුනත්, ඔවුන් චිත්‍රයක් අදින්න යොමුවෙන්නෙ තමාගේ කැමැත්ත තිබුනොත් පමණයි. ඇත්තටම චිත්‍රෙ මොකද්ද, මේක සාර්ථක නිර්මාණයක්ද කියන එකට වඩා අපි ගොඩක් සතුටු උනේ කොලයක් පැන්සලක් හොයාගෙන කෙනෙක් මමත් අඳිනවා කියලා හිත හදාගෙන චිත්‍රයක් ඇඳලා අපිට එවපු එක ගැනයි. ඇත්තටම සිතුවම් එවීමෙන් හා ඒවාට විචාර දැක්වීමෙන් ඡන්දය ප්‍රකාශ කිරීමෙන් ‍ඒ වැඩකටයුතු ඉතාම සාර්ථකවත්, විනෝදකාමී හා උද්වේගශීලි ලෙසත් කරගෙන යාමට උදව් වුනු සයිබර් යායේ සියලුම පාඨකයන්ට ස්තුති කරන්න මම මෙය අවස්ථාවක් කරගන්නවා.”

“චිත්‍ර ඇඳීම වැඩිදියුණු කරගන්න ඔබට දෙන්න පුලුවන් උපදේශය මොකද්ද?”

“සරළයි!, සින්දු කියන්න ඕන අය නිතර ඒ දේ පුහුණු වෙනවා වගේ විවේක වෙලාවක් ලැබුනු හැටියෙ අඳින්න. යන එන තැන කොල ටිකක් පෑනක්, පැන්සලක් අරගෙන යන්න. වෙලාවක් ලැබුනු හැටියෙ නිකං ඉන්නැතුව අඳින්න.”

“උදාහරණයක් කියන්න පුලුවන්ද?”

“අපොයි.... හොඳම උදාහරෙනෙ බලන්න.... මේ තියෙන්නෙ සයිබර් යායේ මම ඇඳපු පළමු චිත්‍රය! ඒකත් එක්ක මේක දැන් බලන්න.....”(විදෙස් චිත්‍ර ශිල්පියා එසේ පවසමින් ඔහු ලඟ ඇති සිතුවමක් කාටත් පෙනෙන සේ ඉහලට ඔසවා පෙන්වයි. ඒ සමගම “සට සට” යන නාද නැගෙන සේ ඒම සිතුවම ඡායාරූපය හසුගරගන්නා හඬ සිව් දෙසින් නික්මෙයි.)

ඔබටත් පැහැදිව එම අවස්ථාවක දැකබලා ගැනීමට අවශ්‍ය නම් පින්තූරය මත රයිට් ක්ලික් කර Open Link in New Tab මත ක්ලික් කර වෙනත් ටැබ් එකක මෙය විවෘත කර ගන්න.)

“ඇත්තටම මේ සිතුවම අපි ‍මීට පෙර සයිබර් යායේ දැකලා නැති එකක් වගේ....?

“ඔව්.....ඇත්තෙන්ම... මේක විතරක් නෙමෙයි. තවත් මෙවැනි සිතුවම් කිහිපයක් අප ලඟ තිබෙනවා. මේ සිතුවම් අපි කලේ පහුගිය සිතුවම් තරගය අතරතුරදී........ අපි නියම රියැලිටි සිත්තර තරගයක් පවත්වන ආකාරයට මෙය පවත්වන්න ඕනෙ කියලා තීරණය කරපු නිසා..... ඔවුන් සිතුවම් අඳින කාලයෙදී අපි ඔවුන් සොයාගෙන ඔවුන්ගෙ නිවෙස් වලට ගියා. මේ, ඒ අවස්ථාවේ ගත් ඡායාරූප උපකාරයෙන් සිතුවමට නගන ලද ඒවා. සිතුවම් තරගයට සිතුවම් එවූ සියලුම දෙනා, ඒවා අඳින අවස්ථාවේ දී ගත් මෙවැනි රසවත් සිතුවම් අපි ලඟ තියෙනවා. මේ එක්කම මට තව දෙයක් කියනන තියෙනවා. ඒක තමා මම මවුස් එක ආධාරයෙන් ඇදපු අන්තිම සිතුවම් කිහිපයත් මෙය බව.....”

එතකොට අපිට මුලින්ම දැක බලාගන්න ලැබෙන්නෙ කාගෙ පින්තුරෙද කියන්න පුලුවන්ද?

“ඔව්.....මුලින්ම ඒ වාසනාව හිමිකරගන්නෙ තරගකාරියක්. ඔබට පුලුවන් එදා තරග කරපු නීතා, පොඩ්ඩි, හා පැටික්කි කියන අයගෙන් කැමති කෙනෙක් පළමු වැනියා හැටියට යෝජනා කරන්න. වැඩි කැමැත්ත තියෙන්නෙ කාටද, අපි එයාගෙ සිතුවම බදාදා උදේම සයිබර් යායේ පල කරනවා.”

“එතකොට‍ අනිත් අයගෙ සිතුවම් අපිට කවදාද දැක බලාගන්න ලැ‍බෙන්නෙ.......?”

“ඒ ගැන අපි ලබන බදාදා දැනුවත් කරනවා..........”

“ඔබ කීවා මෙම සිතුවම් ඔබ මවුස් එක ආධාරයෙන් ඇදපු අන්තිම සිතුවම් කිහිපය බව.....ඇයි එහෙම කියන්නෙ ?”

“ඔව්. ඇත්තටම ඒ ප්‍රශ්ණය යොමු කරපු එක ගැන මට හරි සතුටුයි. තවත් ටික දිනකින් මවුස් එක ආධාරයෙන් සයිබර් යායට සිතුවම් ඇඳීමේ පිළිබද මගේ ගිවිසුම් කාලය නිමා වෙනවා. ඊට පෙර, කාලයක් මතක හිටින දෙයක් කිරීම තමා මගේ අරමුණ උනේ........."

“ඒ කියන්නෙ........නැවත ඔබ සයිබර් යායට සිතුවම් අදින්නැද්ද?“

“සමාවෙන්ඩ.....මහත්මයා....“ (අයෙක් මයික්‍රෆෝනය වෙත පැමිණෙයි)

“අපි දැන් සුලු විවේකයක් ගන්නවා......දැං සයිබර් යායෙන් ඔබට සුලු තේ පැන් සංග්‍රහයක් ලැස්ති කරලා තියෙනවා.......ඒ අතරතුර අපි අවස්ථාව දිය යුතුයි මේ මොහොතේ සයිබර් යාය බ්ලොග් අඩවිය හා සම්බන්ධ වෙලා ඉන්න අයට..............

ඔව් ඔබට පුලුවන් මේ වෙලාවෙදි විදෙස් චිත්‍ර ශිල්පියාගෙන් ඔහු ගැන හෝ ඔහු ඇදි සිතුවම් ගැන හෝ ගැටලු හෝ යෝජනා තියෙනවා නම් යොමු කරන්න. අනිත් කාරණාව මේ ඔහු සහභාගිවන අවසන් මාධ්‍ය හමුව වෙන්නත් පුලුවන්. ඒක නිසා ඔබට ඔහුගෙන් දැනගන්න තිබෙන හුගක් දේවල් අහන්න අවස්ථාව ලැබෙන්නෙ අද විතරක් වෙන්නත් පුලුවන්. ඉතින් දැන්ම කතා කරන්න.....

අනිත් එක නීතා, පොඩ්ඩි, හා පැටික්කි අතරින් ඕගොල්ල වැඩිපුරම කැමති එක්කෙනා යෝජනා කරන්නත් අමතක කරන්න එපා.........

(මෙසේ පැවසූ සයිබර් යාය කාර්ය මණ්ඩලයේ අයෙක් බ්ලොග් අඩවිය හරහා සම්බන්ධවන පාඨකයන්ගේ ගැටලු හා මනාප ලබා ගැනීමට පරිගණක තිරය වෙත තම අවධානය යොමු කලේය.)

35 ක් කියන්නේ !:

  1. ඒ කියන්නෙ බුද්ධියා පෙන් එකක් ගෙන්හල...යේ ඒ කියන්නෙ තවත් පට්ට ච්ත්‍ර සහ කතා..මූ දැන් කතාවත් අත් අකුරින්ම ලියයි ද දන්නෙ නැ ?
    ඒතකොට නම් කෙහෙල් කොටුවෙ යන කාලෙ ඉස්කොලෙන් කට්ටි පැනල ඩබල් රූල් පොතේ හරියට අකුරු ලියපු නැති එකෙ අඩුව පෙනෙයි ද අපිට ?

    ReplyDelete
  2. අම්මෝ අමෝරාගෙන ඉන්න මයික් ගොඩ දැක්කම බයත් හිතෙනවා.

    ReplyDelete
  3. අදමයි මෙහෙම ප්‍රෙස් කන්ෆරන්ස් එකකින් ව්දෙස් සිත්තරාව දැක්කේ.
    ඒකත් වටිනවා.

    ReplyDelete
  4. මම පැන්ඩාගේ කොමෙන්ට් එක කියවීමෙන් පසුව මේ "පෙන්" එක කියන උපකරණය කුමක්දැය් සොයනවා. මේ ගැන ඔය ගැජට් බැජට් ගැන දන්න කෙනෙක් ගෙන් අහල බලල ආයෙත් එන්නං.

    ReplyDelete
  5. පොඩ්ඩිට නම් ඉතින් පොඩ්ඩිගේ පින්තූරේ ඇඳලා තියන හැටි හැකි ඉක්මනින් බලාගන්ට තිබුනොත් හොඳයි. අපට ඉතින් ඒකට ඊලඟ පෝස්ට් එක වෙනකල් බලා ඉන්ට වෙයිද? ඊට පස්සේ ඔය සිත්තරා අල්ලගන්ට තමයි බලා ඉන්නේ....:D:D:D

    ReplyDelete
  6. හිහ්... නියමයි අයියේ... පට්ට....

    ReplyDelete
  7. ඇයි මේ මාධ්‍යවේදියො හැම කෙනාම කොණ්ඩෙ ටින්ට් කරගෙන ඉන්නෙ.

    ReplyDelete
  8. මගේ කැමැත්ත හා පැටික්කිටයි ඔන්න...:D

    ReplyDelete
  9. මම නං කැමති ඔය ගෑනු ළමයි තුන් දෙනාම සිත්තරේ ඇඳපු හැටි බලන්න. චන්දයක් ඕනම කියනවා නං හාවෙක් ච්ත්‍ර අඳින එක දුර්ලභ දෙයක් නිසා මනාපෙ හා පැටික්කිට දෙන්න. විදෙස් ශිල්පියාගෙ අළුත් සිත්තරත් බලන්න ආසයි,

    ReplyDelete
  10. හැහ්...... විදෙස් සිත්තරා කැන්තාවන්ට ප්‍රමුඛස්ථානය දෙන එක වැරදි. මං නම් කැමති ලබා ගත් ඉස්ථාන අනුවම ඔය සිත්තර ඉදිරිපත් කරනවනම්.

    අනික දැන් ඔය සිත්තරා ලොක් මහත්තැන් කෙනෙක් වෙලාය සිත්තර ඇදිල්ල මවුස් එකෙන් නොකරන්නේ? අළුත් ගැජමැටික් එකකින් කරන්න වෙන්නැ හදන්නේ පැන්ඩා අයියා කීවා වගේ......?

    ReplyDelete
  11. පොඩ්ඩිගෙ චිත්තර නරියා සහ පොඩ්ඩි කෙල්ල කතාවෙ තියෙනවනෙ මෙන්න මෙතන.

    http://status-chanaka.blogspot.com/2011/08/blog-post_30.html

    කං කොට හාවුන්වත් දැකල තිබේනෙ. ඒක නිසා මගේ මනාපය නීතා නැන්දාට.

    ReplyDelete
  12. පොඩ්ඩිගේ පින්තූරේ. ආයමත් ජන්දේ විමසනවද?

    ReplyDelete
  13. බොහොම ස්තූතියි මකර පැටියො ඔයාට, මාත් කැමතියි නීතා නැන්දා චිත්‍ර අඳින විදිහ ඉස්සර වෙලාම පෙන්නනවනම්.

    ReplyDelete
  14. This comment has been removed by the author.

    ReplyDelete
  15. මමනම් ඉතින් තුන් දෙනාටම මනාපයි ඉතින් කොහොමද එක්කෙනෙක් යෝජනා කොරන්නේ.....

    ReplyDelete
  16. අපේ පොඩි කුමාරිහාමිගෙ ලස්සන මූනු පොඩ්ඩ ඇත්තටම දානවනම් ඒක මුලින්ම දාන්න.
    නැත්නම් ඉතින් 1වෙනි ස්ථානයේ සිට පහලට පිලිවෙලින් දාන්න.
    ආහ්. එකක් අමතක වුනා , නීතාගෙ hair gelගාපු ෆොටෝ එකක්ම දාන්න.

    ReplyDelete
  17. කෝ කෝ කවදද සිත්තර දාන්නේ...
    එහෙනම් පොඩ්ඩිගේ සිත්තරේ මුලින්ම දාන්නකෝ බලන්න.
    හප්පා විදෙස් සිත්තරා නම් යන්තම් දැක ගත්තා...:D

    ReplyDelete
  18. තව නැද්ද චන්ද තියල ඇති උනේ?

    අපෙ හිටපු චන්ද කොමසාරිස් වගේම තමයි නේද?........වැඩේ අතාරින්නෙම නෑ නේද?

    ඔන්න මගෙ චන්දෙ එදා වගේම පොඩ්ඩිට...........

    ReplyDelete
  19. @Oba
    //මම පැන්ඩාගේ කොමෙන්ට් එක කියවීමෙන් පසුව මේ "පෙන්" එක ...//

    http://en.wikipedia.org/wiki/Graphics_tablet

    මගේ මනාපෙ පොඩ්ඩිටයි

    ඒත් අගේ නොකර තුන් දෙනාගෙම පිංතූර දැම්ම නං තමා සාධාරණ.

    ReplyDelete
  20. චූටි මහත්තයො, ඔහේගෙ වැඩෙන් වෙන්නෙ අපිව අමාරුවෙ වැටෙන එකයි. පොඩ්ඩියි , නීතයි දෙන්නම අපේ යාළුවො. අර ලී බෝනික්කට නං අඹ සරණයි :)))

    ReplyDelete
  21. පොඩ්ඩි අක්කාගෙ පිංතූරය දානවට මනාපය පල කරමි :D

    ReplyDelete
  22. හා,හා ගිය සැරේ පූසට සහයෝගය දෙන්න ගිහින් පොඩ්ඩි මාත් එක්ක තරහා වෙලා,,,වළවුවෙන් කාලා වළවුවටම එරෙහි උනා කියලා,,මගේ මනාපයත් මේකේදී නම්
    1 පොඩ්ඩිට තමා

    ReplyDelete
  23. කොහොමත් මේ චන්දෙදිවත් කොම්පිතර ජිල්මාට් නොවේවා!!!

    ReplyDelete
  24. ඔක්කොම සිත්තර ටික එක පාරට දැම්මනං නේ හොඳ. නැත්තන් ඉතින් මේක මෙගා ටෙලි නාට්ටියක් වගේ වෙනව. එකක් දානවනං ඉතින් කලින් දුන්න වචනෙ වෙනස් කරන්ට බෑනෙ. පොඩ්ඩි ගේ පින්තුරෙ දාන්ට.

    ReplyDelete
  25. media conference සිත්තරේ මරේ මරු!

    ReplyDelete
  26. මාත් ආසයි පොඩ්ඩි ගෙයි නිතගෙයි මුණ බලාගන්න . හාවෝයි පුසොයි නම් දැකල තියෙනවා . හාවී ඕක අඳින්නේ ඉස්සරහ කකුලකින්ද .

    ReplyDelete
  27. විදේශීය චිත්‍ර ශිල්පියා කිව්වාම මම හිතුවා අර ඉස්සර ටීවී ඇඩ් එකක ඉන්න විජාතික රොබට් මෝල්ඩ් වගේ සුදු මහත්තැන් කෙනෙක් කියලා...

    බැලින්නම් මේ පන්ක් ටයිප් ඩයල් එකක්නේ...

    ReplyDelete
  28. බුද්ධි අයියට බැරිද විදෙස් සිත්තරාට කියලා අපිට චිත්‍ර අඳින workshop එකක් දාලා දෙන්න?

    බදාදා උදේ චිත්‍රෙ පලකරනවා නං දැන් ඒකට සියළු කටයුතු සූදානම් කරලා ඇත්තෙ. ඒ නිසා ඡන්දෙ දාලා වැඩක් වෙන එකක් නෑ.

    ReplyDelete
  29. @සිරා,

    මොකොද බොල බෝනික්කට අබ සරණ වෙන්නෙ.. ඌ මේ යස අගේට ඉන්නෙ‍.. :)

    ReplyDelete
  30. හපෝයි..මෙගා නම් එපෝ....චූටි මහත්තයට වෙලාව තියන හැටියක් බලලා ඔය සේරම එකපාර විදෙස් සිත්තරා නිකුත් කරපු ගමන් දාන්න..
    කොහොමත් චූටි මහත්තයා පොරොන්දු ඉෂ්ඨ කරන්න දක්ෂයානෙ....--:)
    මෙතන තියෙන්නෙ සාක්කිත් එක්ක.....

    ReplyDelete
  31. මරු සිත්තරේ. හැබෑටම මවුසෙට වැඩිය ටැබ්ලට් එක හරිම පහසුයි. මාත් අවුරුදු පහක විතර ඉඳල ග්‍රැ‍ෆික් ටැබ්ලට් පාවිච්චි කරන ඒත් සිත්තර අඳින්න නම් නෙමෙයි.

    සිත්තරා ගුටි කන පොටක් පාදාගෙන වගේ

    ReplyDelete
  32. මම අද මුලින්ම ඇවිල්ලනෙ.. ශැහ්! සිත්තරෝ මොන "බම්බුවෙං" හරි චිත්‍ර ඇඳහං බං.
    [අනික මට කමන්නෑ උයා ඉස්සල්ල කාගෙ ඇඳත්].

    ReplyDelete
  33. බුද්ධි මට බැරි උනා ෙකාෙමන්ට් දාන්න. කතා ටික නම් දිගටම බැලූවා. චිත්‍ර තරෙඟත් නියමයි. අර විෙදස් චිත්‍ර ශිල් පියා වැඩකාරෙයක් බව ෙප්නවා. නියමයි.

    ReplyDelete
  34. සිත්තරෙ දාන්න ඡන්ද තියෙන වැඩේ අතඇරලා දැම්මා. ඒක වැඩි දෙනාගෙ කැමැත්ත බව පේනවා. දැන් ඉදිරියෙදි සුපුරුදු ලිපි යන අතරතුර ඒ සිත්තර වැටෙයි.

    වෙන වෙනම කමෙන්ට් දාන්න මේ දවස් වල වෙලාව පොඩ්ඩක් මදි! කමෙන්ට් ගැන ඉතිං කතාබස් අහපු අය දන්නවා ඇතිනෙ.....

    ඉදිරියෙ දී පොඩි වෙනස් කොමකුත් වෙයි! සියලු දෙනාට ස්තුතියි.

    ReplyDelete
  35. පොර කරලියට බැස්සෙ අර ප්ලේන් දුවන්නෙ කොහොමද කියන කතාවෙන් නේද ?

    ReplyDelete

ඔබේ පංගුව...

...................................................................

Related Posts Plugin for WordPress, Blogger...