2011/12/16

ගෙට්ටුගෙදර් | ඕං මමත් කැපවීමෙන් වැඩක් කොලා....!

පහුගිය ටිකේ මට හරියකට ලියමනක් දාන්නත්, ලියමනක් කියවගන්නත් වෙලාවක් නැති වෙලා තිබුනේ. මේ තියෙන්නෙ ඒකට හේතුව. අපේ Star Kids පොඩි අයගේ පුංචි ඉස්කෝලේ වාර්ෂික හමුව මේ පාරත් අපි සංවිධානය කලා. ගිය පාර අපි මේක කලේ අපේ පුංචි ඉස්කෝලෙමයි. හැබැයි මෙදා පාර පොඩි වෙනසකටත් එක්කලා අපි උත්සවේ තිබ්බේ අපේ පැත්තෙම තියෙන ග්රෑන්ඩ් හොලිඩේ රිසෝට් එකේ.

වෙනම තැනක තියන්න ලෑස්ති කරගත්ත හින්දා වැඩ වැඩි උනා. හැම දෙයක්ම එතෙන්ට උස්සං යන්න එපැයි.

කොහොමහරි බ්ලොග් ලියමනක් නොලියා ඔන්න මමත් කැපවීමෙන් වැඩක් කලා.

කැමති අයට බලන්න පින්තූරු ටිකකුත් දැම්මා.

බලලා යන්න.


මේ තියෙන්නෙ දොරටුව ගාව ලියලා අද අහවල් අයගේ අහවල් උත්සවේ තියෙනවා කියලා.


පටන් ගන්නකං ඉන්ඩ බැරිව ලත වෙන අය.


ආපු ගමන් වෙල් කම් ඩ්‍රින්ක්.


ආං නත්තල් සීයාත් එනවා.


ඔව් ඔව්.... මම තමා.


ඇත්තට කව්ද මේ නත්තල් සීයා.


සෙල්ලම් පටන් ගත්තා.


මහන්සියට කෑම.


අල බහින කල් හිටියට මොකද තැම්බෙන කල්නෙ ඉන්ට බැරි.


අපි වැඩිය කැමති කෝන් එකේ අයිස් කිරිං කන්න. මේක අපේ අදහසක්.


නත්තල් සීයා තෑගිත් දුන්නා.


ගවලෙනක් ව‍ගේම, තෑගී බෝග වටවෙච්ච නත්තල් ගහකුත්.


සෙට් එකෙන් කට්ටියක්.



මෙන්න අපේ මතක සටහන පොඩි අයට.


හොඳම කට්ටියට.


ආපු එකේ නාලම යන්ද?

ඔන්න ඔහොමලු උනේ....!

..........................

ඊලඟ දවසේ ඉදලා අයිමත් කතා දානවා. මුලින්ම දාන්නෙ කෙහෙල් කොටුවේ චූටි මහත්තයා ලොකු වෙලා හේන් ගොවියෙක් වෙන්න ගිය කතාව. එදාට සිත්තර දෙක තුනකුත් වැටෙයි.

ප/ලි-

නොකිව්වට මොකද බෞද්ධ අය හැටියට වෙසක් එකට දුන්නා වගේ, මෙදා නත්තලට අපි නත්තල් දන්සැලක් දෙන්නයි හිතාගෙන ඉන්නෙ. හැබැයි ඉදිච්ච ආහාර නෙමේ මෙදා පාර දෙන්නෙ, වියලි ආහාර පැක් එකක්. ඕගොල්ලන්ටත් ඕන්නං සම්බන්ධ උනැකී. හැබැයි සල්ලි බාර ගන්නැ. බඩු ගෙනැල්ලා දෙන්ඩ ඕනේ :D

ඔන්න මම ඒක වෙලාසනම කිව්වෙ ආය ලියමනක් එහෙම දාන්ට පරක්කු උනොත් අපිව අමතක වෙලා යාවී දෝහොයි කියලා ආපු බය හින්දා කියලා නං කව්රුත් හිතන්ඩ එපා!

අසා සිටි ඔබ සැමට ස්තුතියි.

.............
-මීට යුරෝ දෙකේ වීරයා.

29 ක් කියන්නේ !:

  1. නියම වැඩක් කරලා තියෙන්නෙ. නියමෙටම වැඩෙත් ගිහි තියෙනවා.ඔය තැන මොකක්ද අයියා?අපිත් ගෙට්ටුවක් තියන්න තැනක් හොයනවා.

    ReplyDelete
  2. නිසූපා,
    මේක තියෙන්නෙ අපේ ගම්පලාතෙනෙ. ඕගොල්ලන්ට දුර වැඩියි මං හිතන්නෙ...

    ReplyDelete
  3. වෙලාවට සල්ලි බාර ගන්නෙ නැත්තෙ. අපි ශේප්.....

    ඕනය නං සඳහන් කළා ඉස්කෝලෙ විස්තර....අනේ මන්ද ඌ කියන ඒව ඇත්ත කියල හිතංනත් අමාරුයි....

    ReplyDelete
  4. සීයලා වෙන්න මුලින් තාත්තලා විය යුතුයි!

    ReplyDelete
  5. ලස්සන වැඩක් අයියේ.

    ReplyDelete
  6. සෝක් නෙ බං . . . පොඩ්ඩො ටික හෙන ආතල් එකක් ගන්න ඇති

    ReplyDelete
  7. බුන්ට සීයා,
    ඕනයා ඉදලා හිටලා ඇත්තත් කියනවා. නැත්තෙමත් නෑ.

    බූන්ට සීයට ඕනෙම නං සල්ලි ගන්නෙත් නැති එකේ, දන්සැලට ආධාරයක් විදිහට කැකුලු හාල් මිටියක් (කිලෝ 50ක්) DHL කරන්ඩකෝ....

    ඔය තියෙන්නෙ ක්‍රම ඕනෙ හැටියේ.....

    ............

    කතන්දර,
    පොඩ්ඩක් ඉන්ඩකො ඉවසලා. හැබැයි ඒ කාලේ වගේ පොර සීයලා වෙන්ඩ නං කවදාවත් ම බැරි වෙයි.

    .............

    ස්තුතියි, කසුන්

    ..........

    ඕනේ,
    අනේද කියන්නෙ. අපිට තිබ්බෙ නෑ මෙහෙම කාලයක්. අපි මල් විස්කෝතු කෑවා වතුර බිව්වා ආවා.

    ඒක නෙමේ බුන්ටෙට මොනාද උඔ අර කිව්වයි කියන්නෙ.

    ReplyDelete
  8. හොඳ වැඩක් ... අම්මෝ අර කෑම පිඟන් ටික දැක්කාම කටට ආපු කෙල ගොඩ...:D

    හොඳ වෙලාවට පොඩි අය කාලා ඉවර කරලා තිබුනේ.

    ReplyDelete
  9. අහන්ට බැරි උනා. කවුද නත්තල් සීයා....???

    ReplyDelete
  10. පො,
    නැනැ නත්තල් සීයා මං නෙමේ. මං පොටෝ අල්ලන්ට ඉන්ඩෙපැයි.....!

    ReplyDelete
  11. නියම වැඩක් අයියේ...

    ReplyDelete
  12. එක වරක් සන්තෝසයි... දෙක වරක් සන්තෝසයි... :)

    ReplyDelete
  13. DPL දන්නව 'දීපන් පු# ලොක්කට' කියන එකනෙ.

    DHL ඒ මොකද්ද?

    ReplyDelete
  14. අපෙත් ලඟදිම ගෙට්ටුවක් තියෙයි....!

    ReplyDelete
  15. සෝක් වැඩක් !!!
    ඇයි අර පොඩි ඈයොන්ට බූට් දීලා තියෙන්නේ.

    ReplyDelete
  16. හසී, දිනේෂ, බීටලේ, ස්තුතියි.
    ...........
    ඔබා,
    DHL කියන්නෙ දොස්තර හොද හිත. එල් ලොප් වෙනවා ඔතනදි
    ..............
    ප්‍රසන්න,
    බලාගෙන බූට් හම්බුවෙයි මේ වගේ.
    ............
    මධුරංග,
    බුට් දුන්නම කවදාවත් අමතක වෙන්නැනේ ඒකයි

    ReplyDelete
  17. ෂහ් ලස්සන වැඩක් පොඩ්ඩෝ සන්තෝෂ වෙන්න ඇති. අර පො.කු. කිව්වා වගේ කෙළ නම් ඉණුවා කෑම දැකලා. මේ...නත්තල් තාත්තා නෙමේ නෙ වෙන්නෙ?. මේ ඒක නෙමේ කෝ අර පන්තියෙ ටීචර්? පේන්න නෑනෙ. එයත් ෆොටෝ ඇල්ලුවද?

    ReplyDelete
  18. පුංචි උන්ට නම් මේ දවස අමතක වෙන එකක් නෑ

    ReplyDelete
  19. යුරෝ දෙකේ වීරය උනාට නියම වැඩක්නෙ කරල තියෙන්නෙ.
    අර බූට් එක ගානෙද දුන්නෙ. :D

    ReplyDelete
  20. ඉෂාර, ටීචර් ඉන්නවා. එක පොටෝවක.
    ...........

    පිණි,
    ඕව්. ගියපාර කලේ ක්ලාස්රූම් එකේනෙ. මේතන ඊට වඩා වෙනස් හින්දා එහෙම වෙයි.
    .........
    ප්‍රසන්න,
    බූට් එක්ක කවදාවත් අමතක වෙන්නැනේ ඒකයි එහෙම කලේ

    ReplyDelete
  21. චෝයි පොඩ්ඩො ටික !

    ReplyDelete
  22. වෙනී,
    අනේද කියන්නෙ

    ReplyDelete
  23. පොඩ්ඩො ටික පූල් එකේ ඉන්න ෆොටෝවක් හොයාගන්න බැරිවුණාද බං..

    ReplyDelete
  24. පැණි දොඩම්,
    ඒ වෙලාවෙ මොන පොටෝද උන්ව ආං බාං කරන්ඩ එකතු වෙන්ඩ උනානෙ....

    ReplyDelete
  25. අඩේ . . මම බුන්ටට කිවුවෙ උඹලෑ පොඩි ඉස්කෝලෙ ගැන පොඩි විස්තරයක් . . . හරියටම බැලුවොත් උඹ මට කියාපුව ඒ විදියටම කියලෑති . . මගෙ විදියට පේලි දෙක තුනක් උඩ පහල මාරු කලා එච්චරයි . . . .

    ReplyDelete
  26. අප්පා... අගේ ඇති වැඩක්නෙ බොලන්... තෑගි නොදුන්නත් ඔය දුන්න සතුටම ඇති මල්ලියේ...

    ReplyDelete
  27. අයියේ මොනවා උනත් බූට් එක මාර හැඩයි අප්පා..... හිත ඇදී................ලා යනවා...........

    ReplyDelete
  28. ඉටිකිරිස්ය.. ඔය තිබිලා තියෙන්නෙ එලටම..

    ReplyDelete

ඔබේ පංගුව...

...................................................................

Related Posts Plugin for WordPress, Blogger...