2012/01/19

අපි ගැණු ළමයිට ආදරය කරන්නන් වෙමු  | කොල්ලනේ, අපිට බනින කෙල්ලෝ කවරහුද?

එදිනෙදා කෙරීගෙන යන විදිහ වෙනස් කරලා, යුගයේ අවශ්‍යතාවයක් කියලා සලකලා අද පෝස්ට් එක ආදරේට වෙන් කරනවා. එක එක ප්‍රශ්ණ, එක එක කාලෙට, එක එක කට්ටියට එනවා. ඒවා විසඳන්න එක එක යුග පුරුෂයොත් එනවා.


ආදරේදී එකිනෙකා ගැන වැඩිපුර හොයා බලන්නෙ ගැණු ළමයි ද?, පිරිමි ළමයි ද? ඔන්න මේ කාලෙ තියෙන දැවෙන ප්‍රශ්ණය.

මේ දවස් වල අවංක ආදරේ ගැන, පිරිමි ළමයිගෙ ගති ගුණ ගැන, ගැල්ලමයිගෙ ගති ගුණ ගැන, එක එක තැන් වල එක එක කතා. සමහර ගැල්ලමයි කියන්නෙ පිරිමි ළමයි ආදරය කරන්න පටන් ගත්තු කාලේ හිටියට වඩා කල් යද්දි වෙනස් වෙනවා කියලා. ඒක ඇත්තද?

ඹ්නම මතයක් සමාජයට ගෙනියන්න ක්‍රම කිහිපයක් තියෙනවා. අලුත්ම ක්‍රමය තමා සමීක්ෂණ වාර්තා. සමීක්ෂණ වලින් පුලුවන්ලුනෙ සමාජ මතය දැන ගන්න. හැබැයි ඕනෙම නං අපේ මතය සමාජ මතය කියලා පෙන්නන එකත් ඒ හැටි කජ්ජක් නෙමේ සමීක්ෂණ හරහා.

කොහොමහරි මමත් අද වැඩ අල්ලන්නේ සමීක්ෂණයකින්. මුලින්ම ඒකට භාජනේ කොරන්නෙ පිරිමි ළමයෙක්.

මම - "මල්ලි මොකද්ද ඔයාගෙ නම කිව්වෙ?"

මල්ලි - "මම නම කිව්වෙ නෑනෙ අයියා තාම."

මම - "ආ... ඔව්නෙ....මල්ලිගෙ නම ‍මොකද්ද?"

මල්ලි - "මම අහවලා."

මම - "ආ... ඔව්....අහවල් මල්ලි කියන්ඩ බලන්ඩ ආදරේදී එකිනෙකා ගැන වැඩිපුර හොයා බලන්නෙ ගැණු ළමයි ද?, පිරිමි ළමයි ද?"

අහවල් මල්ලි - "අයියා කොටින්ම කියනවනං අයියා...... ගැණු ළමයි ඇවිල්ලා මල් වගේ තමා. අපි ගල්. හැබැයි මෙහෙමයි, ඒ ගොල්ල උදේට පිපිලා සුවඳ දිලා හවසට පරවෙලා යනවා. ඊට පස්සෙ දුක. අපි එහෙමද? අපි ගල් වාගේ. අයියා ගලේ කෙටු අකුරුක් කවදාවත් මැකෙන්නැ අයියා...... ගල කැඩුවත් අයියා ඒ ගල් කෑලි වල හරි කොටපු අකුර බලාගත්තැකි....නැද්ද, ඉතිං එහෙව් හදවතක් තියෙන අපේ හොයාබැලිලි ගැන තව මොන කතාද අයියා?" (මිනිහා ඒ ටික කියපු හැඟීම් බර විලාශය මට අල්ලගන්ඩ ඒ වෙලාවේ විඩියෝ කැමරාවක් තිබ්බෙ නෑ.)

ඉතිං මං පොඩි අදහසක් ගැල්ලමයි ගැන එතනින් ගත්තා.

සාධාරණ සමීක්ෂණයක් කරනව නං දෙපාර්ශවයෙන්ම අදහස් ගන්ඩ ඕනැ. මේ විපක්ෂයේ අදහස්.

මම - "නංගි මොකද්ද ඔයාගෙ නම කිව්වෙ?"

නංගි - "මම නම කිව්වෙ නෑනෙ අයියා තාම."

මම - "ආ... ඔව්නෙ....නංගිගෙ නම ‍මොකද්ද එතකොට?"

නංගි - "මම අහවලී....."

මම - "ආ... ඔව්....අහවල් නංගි කියන්ඩ බලන්ඩ ආදරේදී එකිනෙකා ගැන වැඩිපුර හොයා බලන්නෙ ගැණු ළමයි ද?, පිරිමි ළමයි ද?"

අහවල් නංගි - "ම්...මෙහෙමයි අයියා.... මම ඒක කෙලින්ම කියනවට වඩා පොඩි උදාහරණෙකින් කියන්නං."

මම - "ඒ කියන්නෙ නංගි වහෙං ඔරෝද?"

අහවල් නංගි - "කැමති නමක් අයියා. දැං බලන්ඩ ගැණු ළමයි හරියට රෑට පායන හඳ වගේ. කොල්ලො ඉර වගේ."

මම - “ඒ කිව්වෙ නංගි මට පැහැදිලි නෑ?“

අහවල් නංගි - "ඔව් අයියා ඕගොල්ලන්ට පැහැදිලි වෙන්ඩ ටිකක් වෙලා යනවා තමා. ඒ හැටි! ඒ හින්දා මම්ම කියන්නං. මෙහෙමයි අයියා, කලුවර රෑකට හඳ පැව්වම කොච්චර ලස්සනද? හඳ එලිය කොච්චර සෞම්‍යද? හඳ ගැන කියන්ඩ ගියොත් අයියා මේ කතාව ඉවර කරන්ඩ වෙන්නැ. "

මම - "ඒක නං ඇත්ත. ඔයා ඔප්පු කරලා කියන්ඩ යන්නෙ ගැණු ළමයිනුත් හඳ වගේ, අගේ කියලා නිම කරන්ඩ බෑ, ඒහෙම බැලුවම ගැල්ලමයි කියන්නෙ පිරිමි ළමයිට, රෑක‍‍ට හඳවගේ කියලනෙ....."

අහවල් නංගි - "අන්න හරි අයියා. පරක්කු වෙලා හරි අයියට තේරුනා. මම කියන්නෙ ගැණු ළමයි හඳ ව‍ගේ කියලා. අයියා කියන්නා වගේ කලුවර රෑකට පායපු. පිරිමි ඉතිං ඉර වගේ... වැඩකට නෑ...."

මම - "මක් කිව්වා නංගි. ඉර වැඩකට නෑ කියන්නෙ කොහොමද?"

අහවල් නංගි - "මේකනෙ අයියා. අපි රෑ කලුවරට එලිය හරි වෙනවා. ඉර ඉතිං එහෙම දෙයක්වත් කරනවැයි... ඉර පායන්නෙ දවල්ට. දවල්ට ඉතිං කොහොමත් එලියයිනෙ......"

මම - "හැබැයි මොනා නැතත් ඒක නං නල්ලම‍ලේ පැහැදිලි කිරීමක් නංගි. ස්තුතියි නංගි."

අහවල් නංගි - "වෙල්කම් අයියා!"

දැක්කනේ සාධාරණ සමීක්ෂණ වල හැටි. ඒ ගොල්ලන්ගෙන් ඇහැව්වොත් එහෙම කියනවා. මේ ගොල්ලන්ගෙන් ඇහැව්වොත් මෙහෙම කියනවා. හැබැයි හැමෝම එහෙම නෑ.

අනික රාමලා සීතලා, රාධලා කිෂ්ණලා, සාලිය මාලලා ආදර ලොකේ වීරයෝ තමා. හැබැයි ඒ ගොල්ලන්ගේ කිල්ලෝට වලත් හුණු තිබ්බයි කියන එක අපිට අමතක වෙලා තියෙන්නෙ. අනික ඕන කැලි දාලා, ඕන්නැති කැලි කැපුවම වීරයා නිකම්ම හැදිලා. ආදර ලෝකයෙ වීරයොත් හැදිලා තියෙන්නෙ එහෙම නෙමේද?

ඒ හින්දා ගැල්ලමයිටයි මේ කියන්නෙ,
"ඒ කාලෙ හිටපු රාමා නං එහෙම නෑ, ඕගොල්ල තමයි එහෙම" කිය කියා අපිට ඇඟිල්ල දික් කරන්ඩ එපා. අපි ඕගොල්ලන්ට හැමදාම ආදරේයි. ඕගොල්ලන්ට ආදරේ කරන්නැතුව අපි කාට ආදරේ කරන්ඩැයි. අනික අපි ගැන එහෙම හිතන්ඩ එපා, පව්!

එහෙනං ඉඳල හිටලා හරි ඕගොල්ලන්ට අපි ගැන වැරදි මෙව්වා එකක් ආවොත් මොකද කරන්නෙ. මං කියන්නම් ඒකට නියම බේත. මේ තියෙන්නෙ ඒක. කිසි කතාවක් නෑ අහන්ඩ මේ සින්දුව. එතකොට ඕගොල්ලන්ට තේරෙයි, ඕගොල්ල නැති උනාම අපිට දැනෙන පාලුව කොහොමද කියලා. අපි තනිපංගලමෙ ඉද්දි කොච්චරවත් හිතන්නෙ ඕගොල්ල ගැන නේද කියලා. බැරි වෙලා හරි ඕගොල්ල අපිට නැති උනොත්....හපොයි හිතන්ඩත් බයයි.

දැං ඔක්කොම අමතක කරලා මේ සින්දුව අහලා බලන්ඩ. හැබැයි අහද්දි, “අනේ මං කොච්චර වැරදියට ද එයා ගැන හිතලා තියෙන්නෙ“ කියලා ඇහැට කඳුලු ආවොත් කාරිය පිහදගන්ඩ ලේන්සුවක් ලං කරගන්න එක නුවණට හුරුයි.

ඔබ නමටයි මා පාරමී පුරණා....

Pipunu Malaka by යූරෝ දෙකේ වීරයා :D

ලස්සනයි නේද? හරියට පිරිමි ළමයිගෙ හිත් වගෙ. ඉතිං ඔයත් මේ සිංදුව ඔයාගෙ අයි පෝඩ් එකේ, ෆෝන් එකේ, නැත්තං කට පාඩමේ හරි තියාගෙන ඉඳලා අවස්ථාව ආවම රස විඳින්න. අහවල් හැඟිම වතුර දැම්මා වගේ නිවිලා යයි. රාමලා, කිෂ්ණලා, සාලියලා වගේ අය අදත් ඉන්නවා නේද කියලා හිතෙන්ඩ ගනියි!

අදට කතාව ඉවරයි. මතකනේ පණිවිඩේ. එහෙනං ආයි දවසක හමුවෙමු.

.......................
- මීට ආදරණීය යුරො දෙකේ වීරයා.

ප/ලි -

අවවාදයයි
මේ ටික කොල්ලන්ට පමණයි.
මම ඒ ගොල්ලන්ට සමීක්ෂණ වාර්තාව ගැන කියන්න ගියේ නෑ. දැං හොඳවයින් වාර්තාවක් තව ටිකකින් බලාගන්ඩ පුලුවන් වෙයි. ඇරත් "අවවාදයයි - කොල්ලන්ට පමණයි" කිව්ව ගමන් ඒ කොටස වැඩිපුරම කියවන්නෙ කෙල්ලො! හරියට මේ දැං වෙනවා වගේ, නේද කෙල්ලෙනේ...... (ආ............. දැං මොනිටරේට පනාව දැම්මට වැඩක් නෑ. අපි දන්නවා බොලාලා මේ ටිකත් කියෝපු වග!)

ඉතිං සමීක්ෂණයෙ ප්‍රථිපල ආයි අමුතුවෙන් කියන්ඩ ඕනැද?

______________________

ප/ප/ලි-

මේ සිංදුව ගැන විස්තර
ගේය පද - විපුල ධර්මප්‍රිය ජයසේකර.
සංගීතය හා ගායනය - ශාලිත අබේවික්‍රම.

113 ක් කියන්නේ !:

  1. සෑහෙන කාලෙකට පස්සෙ අහපු සින්දුවක් තමයි මේ .. ඇත්ත තමයි මේ ගෑල්ලමයි අපි ගැන වැරදියටමයි හිතා ඉන්නෙ.. පුරා විද්‍යා සමීක්ශණයක් කරමුද මේ රාමා, සාලිය, ජාලිය, රෝමියෝ ලාගේ කිල්ලෝට වල තිබ්බ හුණු හොයන්න.. පිරිමි සංහතියටම ප්‍රයෝජනවත් ඒක නම් !!!

    ReplyDelete
    Replies
    1. කරනවනං වෙනී අන්න වැඩ. මටනං ශුවර් රාමා ලඟයි, සාලිය ලඟයිනං හුණු තියෙන්ඩම ඇති.මොකෝ දෙන්නම ආසියාතිකයොනෙ. හැබැයි රෝමියෝ බුලත් කෑවා කියලා ඉතිහාස පොතෙ තිබුනාද කියලා මට මතක නෑ. ඇත්තට රෝමියොගේ කිල්ලෝටෙ හුණු තිබ්බෙ නැද්ද දන්නැ නේද?

      Delete
    2. හුණු තියෙන්න ඌට සේරටම කලින් කිල්ලෝටයක් තියෙන්න එපැයි. ඊටත් කිල්ලෝටයක් මොටෝ බුලත්පයියක් නැතුව

      Delete
    3. නවම්,
      බුලත්පයියක් නැති උනාට පොරට හොඳවයින් චුයිංගම්පයියක් නං තියෙන්ඩ ඇති. හැබැයි පොර රජ ඩයල් එකක් නේද, ඔය දෙකම නැතත් සුවර් එකට බර කූරපයියක් නං තියෙන්ඩම ඇති, ඕවා හොයන්ඩ දැං කල් පැනලා වැඩී...... නේද නවම්!

      Delete
  2. කෙල්ල කීව කතාවෙත් වරදක් නෑනේද ? ඉර වැඩක් නැ..
    බලන්න ඉරට යානයක්වත් යවතැහැකිද පරීක්ශණ කරන්න ? බැනේ.. ඉතිං ඉරෙන් වැඩක් නැ.. අන්න ඒකට හඳ ?
    ඔනි ඔනි තරම් පරීක්ශණ, කැණීම් ජාති කරතැහැකි.. වලවල් හිටියත් අවුලක් නැ ඔනි තරම් ආවාට තියෙන නිසා :D

    ReplyDelete
    Replies
    1. බනී,
      ඔය ඔක්කොම කියලා හ‍‍ඳගෙ අඩුපාඩු කිව්වත් ඒ ගොල්ලල කියයි,

      ආවාට තිබුනත් නිසසල සඳ මත එය හරි ප්‍රියංකරයි කියලා... එතකොට මොකො කරන්නෙ?

      Delete
  3. මාර සමීක්ෂනයක්නේ පවත්වලා තියෙන්නේ. හී හී....තව කීපදෙනෙක් තෝරා ගත්තානම්, තව හොඳ, දේවල් ටිකක් අහගන්ට තිබුනානේ. අපරාදේ...

    කමෙන්ට් එක ලියන්නේ ලස්සන සිංදුවට සවන් දෙනගමින්, ටිෂූ පෙට්ටියක්ම ඉවර උනා කඳුලු පිහලා...

    හරි පිළිගත්තා පිරිමි ලමයි, ගෑනු ළමයින්ට හරිම ආදරේ. අපිත් එයාලට හරිම ආදරේ.

    නියම පෝස්ට් එක...:D

    ReplyDelete
    Replies
    1. පොකු,
      එහෙනං එච්චරයි. ටිෂු පෙට්ටියක් අපතේ ගිහිං හරි අන්තිමේ කාරණාකාරණා තේරුම් ගත්ත එකම මදැයි.

      දැං මං කිව්ව විදිහට සිංදුව මොකේට හරි කවා ගත්තද, ඕන වෙලාවට ප්‍රයෝජනයට ගන්ඩ.

      Delete
  4. ඔය සමීක්ෂනේදි අහවල් මල්ලි ගෑල්ලමයි ගැන විස්තර කරන ආකාරය පින්තූරෙකින් දැම්මනං නරක් වෙලා තියෙය්.

    ReplyDelete
    Replies
    1. ඒක තමයි මාත් බැලුවෙ....
      අද නිකන් පාලුයි වගේ.....

      Delete
    2. බොලා දෙන්නට සිත්තර බලන්ඩ ඕන්නං සෙනසුරාදා උදේ එන එකයි මේ පැත්තෙ.... එදාටනෙ අර කිව්ව වැඩේ වෙන්නෙ..

      Delete
  5. ඇත්ත තමයි බන් ගැල්ලමයි හද වගේමලු. හදේ ආවාට කියල ජාතියක් තිනවාලු. ඉරේ එහෙම ඒවා නැලු.

    ReplyDelete
    Replies
    1. ඔක්කොම කතා ඇත්තලු. මේක කිව්වම එගොල්ල කියයිලු, ආවාට තිබුනත් නිසසල සඳ මත එය හරි ප්‍රියංකරයි කියලා.... එහෙම කිව්වම මක්කැයි කියන්නෙ කියයලු අහන්නෙ...

      Delete
  6. ලිපිය කියැව්වා........ සිංදුව අහලා එන්නම්කෝ ආයේ කථා කරන්න.

    ReplyDelete
    Replies
    1. බොලේ සිංදුව මෙච්චර දිගද?

      Delete
  7. අපිත් ගැල්ලමයින්ට අලී ආදලෙයි....

    ReplyDelete
    Replies
    1. ඒ බව නං කියන ස්වරෙම්ම තේරෙනවා.... පැණි බේබේබේරෙනවා වචන වල ජීව්ගෙ....

      Delete
  8. අර නංගි හදගැන කියන හැටි චිත්තරයක් දැම්මනං නරක්වෙලා තියේ.

    ReplyDelete
    Replies
    1. බොටත් කියන්ඩ තියෙන්නෙ අර ටිකමයි. සිත්තර බලන්ඩ ඕන්නං සෙනසුරාදා උදේම එනඑකයි කෙහෙල් කොටුවට. මේ සෙනසුරාදානෙ අර වැඩේ පටන් ගන්නෙ....

      Delete
  9. මේ සමීක්ෂණය ඉතාම සමබරයි. ඒක සමාජයේ නිවැරදි පැතිකඩක් නිරූපණය කරනවා. අර බනිය කියපු දේත් හරි. හඳ ගැන විතරයි පරීක්ෂනයක් හරි කරන්න පුළුවන්.

    ඇත්තටම දවල්ට ඉර පායන එක මහ බොරු වැඩක් කියලා මටත් සෑහෙන කාලයක ඉඳන් තේරිලා තියෙන්නෙ. මේක නවත්වන්න ක්‍රමයක් නැද්ද බන්. අපරාදේ සම්පත් නාස්සතිය. (මට හිතුණා අර හදවතක් එහෙම දාගෙන දවසක් නටන කොට මොකාට හරි එන්න හදන්නෙ කියලා)

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ඉෂාර මහත්තය වගේ අය රටට සම්පතක්. ඉතිං ඒ අයගෙන් අපි වගේ අයට ලැ‍‍බෙන අගය කිරී‍ම අපිට කොහොම දැනෙනවද කියලා අමුතුවෙන් කියන්න ඕන්නැ. ඇත්තටම මම හිතාගත්තා මීට පස්සෙ කරන හැම වැඩේම සමීක්ෂණ මට්ටමෙන් කරන්න.

      ඇත්තටම දවල්ට ඉර පායන එකේ වැරද්දක් තියෙනවා තමා. ඒ ගැනත් මම ඉදිරියේදී සමීක්ෂණයක් කරනවා. ඒ ගැන කහටක් තියාගන්න එපා.

      Delete
  10. අයි බං මට මේක කියොපුවාම උඹ ගෑල්ලමයින්ට කනට ගැහැවුවා වගේ හැගීමක් දැනෙන්නේ..? අනේ මංදා මටනං නිකං මෙව්වයි මෙව්වයි වගේ..දැන්නවනේ ඉතිං මංනං ඔය ගෑල්ලමයින්ට මල්වලට වගේ සලකන්නේ කියලා...

    සින්දුව ගැනනං කියන්න වදන් නැහැ..කොහොමත් මං ආසම ගායකයෙක් ශාලිත කියන්නේ...

    ReplyDelete
    Replies
    1. මාරයා, දැනෙන දේ විශ්වාස කරපං....ඔය ගැන මට මෙතන කියන්ඩ බෑනේ :D:D:D:D:D

      ඕ අපි හැමෝම ගැල්ලමයිට සලකන්ඩ ඕන මල් වලට වගේ තමා. ගල් වලට වගේ සැලකුවොත් තැලෙන්ඩ තියෙන ඉඩකඩ වැඩිනෙ.

      සිංදුව ගැන නං කවර කතාද!

      Delete
    2. ගල් වලට උනත් ගානට සලකපුවාම තැලෙන්නෙ නෑ

      Delete
  11. ම්ම්ම්... ලස්සන සින්දුවක් වගේ ම ඇත්ත කතාවක්! ඵල ඵල !

    ReplyDelete
    Replies
    1. ස්තුතියි යාලුවේ.... ඇත්ත කියන්ඩයි බිම ඉඳගන්ඩයි මොකටද බය වෙන්නෙ නේද? (හැබැයි බිම ඉඳගත්දි හොඳට බලලා ඉඳගන්ඩෝන. නැත්තං කූඹි කනවා)

      Delete
  12. තව මේ වගේ කීප‍දෙනෙක් හිටිය නම් මේ සමීක්ෂනේ ඔය ලොකු ලොකු තැං වලට යවලා ජනමතයක් ඇති කරන්න පුළුවන් වෙයි. සින්දුව නම් හරිම ලස්සනයි...

    ReplyDelete
    Replies
    1. රූ,
      මේවා ඉතිං එහෙම ආවට ගියාට කරන්ඩ පුලුවන් වැඩ නෙමේ. ඉහලට ගෙනියන එක හරි සිරුමාරුවට කරන්ඩෝන... අර ඕගොල්ලන්ගෙ නංගිගෙ චක්කර පාඩම වගේ තමා. ගැස්සුනොත් වියරයි.

      Delete
    2. හපොයි බුද්ධිට පොඩ්ඩක් ටැපලිලා වගේ..ඒ මම නෙවි..මියුරුගෙ නංගි තමයි මීටරේ දාලා චක්කරේ කටපාඩම් කලේ..හික්ස්..
      එක්කො කමක් නෑ..මේ පෝස්ටුවත් බලන්නකෝ..
      http://ru-sirini.blogspot.com/2011/11/blog-post.html

      Delete
  13. ලස්සන සිංදුව. ඇත්තමයිනේ, දවල්ට ඉරපායලා අහවල් දේකටද දවල්ට කොහොමත් එලියනේ. හිනාවෙලා පනගියා. හෙක්... හෙක්...

    ReplyDelete
    Replies
    1. ඒකනෙ වෙද මහත්තයො, මේවට උත්තර හොයන්ඩ නං හොඳවයින් ගෝක්ෂුර ගුලියක් දෙකක් ගහලා ඉන්ට වෙයි මයෙ හිතේ

      Delete
  14. බුද්ධියා මෙදා පාර ලොවෙත් නැති කෑමක් කන්න යන්නෙ ගෑල්ලමයින්ගෙන්..?? මැරියන්ටවත් බේරගන්න පුළුවන් වෙයිද මන්දා..!! :)

    ReplyDelete
    Replies
    1. සික් විතරක්! බොලාලා ගැන විස්වාසෙ තියලා වැඩක් පටන් ගත්තට අපිට ගහලා මදි.....

      Delete
    2. උඹ මේ බණ කතා කොරනවා.. ඇයි යකෝ මම පණ බේරගෙන ඉන්ට එපායැ සේරටම කලින්..!!

      Delete
  15. සමික්ශනේ කෙසේ වෙතත් සින්දුව ට නම් ගොඩා ආ ආ ක් ආසයි... :D

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නෙ සමීක්ෂණේ හොඳ නැද්ද අයියෝ...!

      Delete
  16. අපි දන්නෙ නෑ ඕව.. ඊළඟ පෝස්ට් එකේ ‍යූරෝ දෙකේ වීරය යූරෝ වීරය වෙලා ඉඳියිද දන්නෙ නෑ...

    හැබෑටම ඇ‍යි මේකෙ චිත්‍ර කෑල්ලක් නැත්තෙ?..

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නෙ සමීක්ෂනෙන් පස්සෙ දෙක හැලෙයි ද? හපොයි.

      සිත්ත‍ර දාන්නෙ සෙනසුරාදා. සිත්තර බලන්ඩ ඕන්නං එදා උදේම එකඑකයි ඇත්තෙ කෙහෙල්කොටුව පැත්තට

      Delete
  17. ඉරෙන් මොකද්ද ඇති වැඩේ. හඳනෙ ලස්සන. හෙහ් හෙහ්

    ReplyDelete
    Replies
    1. ඒකනෙ කියන්නෙ. ඉරත් පැව්වනං ඉවරයි රෑ‍ටම. ඇත්තට රෑට ඉර පෙනෙයිද තියෙන කලුවරට

      Delete
  18. ඔව් ඔව් ගෑල්ලමයින්නම් හඳ වගේම තමයි. මොකද සෑම මාසයකටම වරක් චක්‍රයක් නිමා කරනවලුනේ. :D

    ReplyDelete
    Replies
    1. ඉර ඒ අතින් හොඳයි නේද මසං. නිශ්චලව ඉන්නවනේ මොනා නැතත්

      Delete
  19. හික්ස්

    රමා සීතා බ්ලා බ්ලා...........................
    අපොයි මුන් ටික කවුරු හොය ගත්තද මන්දා...:D:D:D:D


    සිංදුව නම් මම කැමතිම සිංදු සැට් එකෙන් එකක්

    ReplyDelete
    Replies
    1. සැට් එක පරිස්සමට.... සිරෙන්ඩ ඉඩ තියෙ...එහෙම උනොත් සිංදු කැඩි කැඩි ඇහෙන්ඩ ගනී :p

      Delete
  20. අනේ දන්නවනම් මේ සමීක්ෂණයට මාත් එනවනේ . පිරිමි ලමයිගෙ හොඳ කියල තියනව මදි වගේ .

    ReplyDelete
    Replies
    1. ඒකනෙ ගිම්හානී,

      ඔයාට තිබුනේ අපේ අගේ කියලා හතර පදයක් ගැටගහන්ඩ අපරාදේ....

      Delete
    2. අපොයි ඔය ගිම්හානි අක්ක නම් හොඳකට නෙමෙයි ලෙස්ති වෙන්නේ.

      Delete
  21. අර ගෑල්ළමය කියල තියෙන්නේ සහතික ඇත්ත නේන්නම්...

    ReplyDelete
    Replies
    1. ගැණු ළමයි කියන දේවල් ඔක්කොම සහතික ඇත්ත තමා. හැබැයි සහතික හොදේ.

      Delete
  22. මේ වගේ වැදගත් පරීක්ශන කරලා මේවා එලියට දෙන්න ඕනාමයි,,බලන්න කොච්චට වැදගත්ද කියලා

    ReplyDelete
    Replies
    1. ඒකනෙ. වැදගත් මිනිස්සුන්ට විතරයි, වැදගත් දේවල් පේන්නෙ

      Delete
  23. ඇත්තටම ගැල්ලමයි අපිගැන හිතන් යින්නෙ එහෙමද???

    අද මම දෙකෙන් එකක් බේරගන්නම්කො උන්දැ එක්ක....

    ReplyDelete
    Replies
    1. අසේල... හොව් හෝව්, කලබලවෙන්ඩ එපා. එහෙම හිතනවනං උන්දැ ඉස්සරහා සිංදුව කියන්ඩ... ඔක්කොම දෝස නිවාරණයි.

      Delete
  24. අඩේ මාවත් නිකන් මෙව්වා වෙලා ගියා ..... කොල්ලො ගල් වගේ තමා හැබැයි ඔය ගල් අතරෙ කලු ගල් වගේම දියමන්තිත් තියනවා කියලා ගැල්ලමයි මතක තියා ගත්තොත් හොදයි ............ ඇයි වැලි ගල් එව්වා යි නං නම කොටන්ඩ යන්ඩ එපා මකලා ආයේ ලීව හැකි...........

    ReplyDelete
    Replies
    1. මට කියන්ඩ දෙයක් ඉතුරු කරලා නෑ. සමීර ඔය කියලා තියෙන්නෙ නිල් කැටේටම

      Delete
  25. දැන් බලන්න පිරිමි ළමයි කොච්චර නම් ගෑල්ළමයිගෙන් ආදරය ඉල්ලනවද....? ඒත් ඒ ගොල්ලෝ බෑ කියනවනේ....! ඒකෙන්ම තේරෙන්නෙ නැද්ද ගෑල්ළමයිද පිරිමි ළමයිද වැඩිය ආදරේ කියලා...!

    පිපුණු මලක - මගේ ප්‍රියතම සින්දුවක්. ඒකෙ තියෙන ළයාන්විත බව හරිම සුවිශේෂියි. විශේශයෙන්ම බූට් එකක් කාල ඉන්න වෙලාවක මේක ඇහුවොත් සොරි තමයි...!

    (මේ තියෙන්නෙ මේකෙ දෙවනි රෙකෝඩින් එක. මේකෙ පළැවෙනි රෙකෝඩින් එක මීට වඩා ලස්සනයි. )

    ReplyDelete
    Replies
    1. ඔය තියෙන්නෙ දුමියා උදාහරණ. ගැල්ලමයි මේවා දැක්කනං ඒ ගොල්ලන්ට ඇ‍ඩෙයි. අපි ගැන හිතිලා.

      පිපුණු මලක විතරක් නෙමේ ශාලිත මහත්තයගේ සිංදු ඔක්කොම කොර! මේක තමා මා ළඟ තියෙන්නෙ. ඇරත් වෙනසකට එක්ක මේ දවස් වල මම අහන්නෙ අලුත් එක :D

      Delete
    2. දුමියා දන්නවනං කියහංකො බං ශාලිතගෙ ඔරිමජිනල් රෙකෝර්ඩින් ටික හොයාගන්න තැනක්.. මා ගාවත් තියෙන්නෙ ඔක්කොම අර ඔක්ටපෑඩ් නාවපු වර්ශන්ස් ටික..

      Delete
    3. බුරා, ඔක්ටපෑඩ් කියද්දි මතක් උනේ උඔ දන්නවද කටින් ඔක්ටපෑඩ් ගහන්ඩ.....

      Delete
    4. කටින් විසිල් ගහන්න විතරයි බං දන්නෙ.. ආ ඩ්‍රම් ගහන්නත් පුළුවන්..

      Delete
  26. ඇත්තටම කියනවනම් මට ඇල්ලුවෙ සිංදුව

    ReplyDelete
    Replies
    1. ශික්....අපරාදේ මම ටයිප් කරපු ටික

      Delete
  27. කතාවනම් සම්පූර්ණ ඇත්ත.. කොච්චර හොද කලත් වැඩක් නෑ..

    ReplyDelete
    Replies
    1. ඒ උනාට අතඅරින්ඩ එපා..... ට්‍රයි ඇන්ඩ් ට්‍රයි වන්ඩේ යූ කැන් ෆ්ලයි.... මේ සිංදුව දීලවත් ට්‍රයි එකක් දීලා බලන්ඩකො.. දිනේශ්

      Delete
  28. මල්ලි බබාලයි නංගි බබාලයි දෙගොල්ලොම ශෝයි

    ReplyDelete
    Replies
    1. චානක පුතා, නියම උත්තරේ දුන්නා.... කෝ ගමන්ඩ මෙයාට අප්පුඩියක් හැමෝ...ම එකතු වෙලා........

      Delete
  29. සහතික ඇත්ත මම නම් දකින්නේ ගැහැණු ලමයි තමයි ආත්මාර්ථකාමිත්වයේ උල්පත....සමීක්ෂණයට ජයවේවා අයියේ

    ReplyDelete
    Replies
    1. ගැමියා, එහෙම අයත් ඉන්නවා තමා. මම නැයි කියන්නෑ. හැබැයි කාලෙකදී ආත්මාර්ථකාමිත්වයේ උල්පත ම ආදරයේ උල්පත වෙනවා. ඒකට ඉතිං අපිව ඕනෙම වෙනවා... නැද්ද මං අහන්නෙ.

      Delete
  30. ඕක මෙහෙමයි එක එක පුද්ගලයන් එක්ක බැලුවම විවිධාකාරයි නානාප්‍රකාරයි විපිරියාසයි. ඒ ගැන හරියටම කියනවනම්...!!

    ReplyDelete
    Replies
    1. සහන් උඔගේ ඔලුවටත් හරි පුදුම අදහස්නෙ එන්නෙ නේද? මොනා නැතත් උත්තරෙනං පංකාදු පහයි.

      Delete
  31. වැඩක් නැහැ බං, මුංට කොච්චර ආදරෙයි කිව්වත් පිලිගන්නෙ නැහැනේ...
    ඇඬෙනවා....

    ReplyDelete
  32. මේක කොල්ලන්ට කෙල්ලන්ට ලියපු එකක්නෙ, ඒ වුනාට කියවල නං බැලුව. කියන්ඩ දෙයක් තාම හිතට ආවෙ නැහැ.

    ReplyDelete
  33. ඔන්න ඕකනෙ ඔබා මාමේ කියන්නෙ, ඕගොල්ලං පොඩ්ඩ ඇත්නං මානසිකව ඇඳවැටිලා කකුල් කඩා ගන්නවා කියලා. ඔයා ඇවිල්ලා සදාකාලික තරුණයා නෙව. ඉතිං ඔයා ඇවිදිං කියෝලා හැරිලා බලලා යන්නැතුව පොඩි ආශ්වාදජනක කමෙන්ට් එකක් දාලා යන්ඩෙපැයි.

    අම්මපල්ලා ආයි මේ වගේ කතාවක් කිව්වොත් මම මේ පෝස්ට් එකම ඩිලීට් කරලා දානවා. ඔබාගෙ හිත රිද්දලා ලියන බ්ලොග් මොකටද?

    කෝ මේ Subscribe by email උඩ ක්ලික් කරලා ගිය තරුණ, තරුණියො.... ඔබාට කියන්ඩකො එයා තාම තරුණයි කියලා, මේ වගේ පෝස්ට් දැකලා මානසිකව මෙව්වා වෙන්ඩ එපායි කියලා...

    ReplyDelete
    Replies
    1. поддак намила хитија нан поди аатхал екак дена тхибба хе.... ..хе ..

      Delete
    2. ඔබා අයියා ඒ පාර රුසියන් බාසාවෙනුත් කතා කරනවා.. ආන්න බලාන්ට පිංවතුනි ප්‍රතිභාව.. :)

      Delete
  34. ගෑල් ළමයා කියලා තියෙන්නේ ඇත්ත. ඇයි හත්දෙයියනේ හඳ උනත් බැබලි බැබලි ඉන්නේ ඉරෙන් එන එළියෙන්නේ..

    ReplyDelete
    Replies
    1. අන්න ඒකනෙ කියන්නෙ... මේ ගොල්ල ඉන්නෙ යථාර්ථයෙ නෙමෙයි. මායාවක. නැද්ද මං අහන්නෙ :D

      Delete
  35. මොනාද මේ කතා පුතා.. ඔබා අයියා ඉතිං වයස 70වේ තරුණයා නේ.. බලාන්ටකෝ පර්ෆෝමන්සස් එහෙම, ගන්නෙම සිල්ඩෙන‍ෆිල්, අහන්නෙම ලොකු කරලා දෙන්ට.. දැන් ඉතිං ඔය ළමායි කියනව නෙවෙයි 'ඔබා අයියගෙ නාකි විසේ' කියලා එහෙම.. :)

    ReplyDelete
  36. ගෑල්ලමයි කපටියි නරිච්චියෝ වගේ, පිරිමි ළමයි අහිංසකයි මුව පොව්වෝ වගේ!

    (ඉහත අදහස සමස්‍ථය ගැන නොවේ බහුතරය ගැනයි :D)

    ReplyDelete
    Replies
    1. වරහන් අස්සෙ තියෙන වඩන වල බර බොල....

      Delete
  37. මේ ප්‍රතිචාරය මම එක පාරකුත් දාලා බහිරවයා ගිලපු එකක්.

    මෙන්න තව ඉන්ටව්යු එකක්.

    කාලය: බැඳපු අලුත.
    අවස්ථාව: එක්කෙනෙකුට උණ:
    දෙබස හෝ එක්බස: "දැන් ඔයාට කොහොමද රත්තරං. (විනාඩි දෙකෙන් දෙකට පිටි අල්ලෙන් උෂ්ණත්වය පරීක්ෂා කර බලයි) අපි යමු ඩොක්ට ලඟට. නැගිටින්නකො. අනේ නැගිටින්නකො. මම අයියටත් කෝල් එකක් දුන්නා."


    කාලය: ටික කලකට පසු.
    අවස්ථාව: එක්කෙනෙකුට උණ:
    දෙබස හෝ එක්බස: "මනුස්සයො උණ නං ගිහිල්ල බේත් ටිකක් ගන්නවකො . නිදා ඉඳලා හරියනවයැ. මට බය අර පොඩි එකාට කොහොම හරි ජර්ම් එක දුන්නොත් පන්තිත් පාඩු වෙනවා මේ විභාගෙ කට ලඟ තියෙද්දි."

    ප.ලි. මේක මේ පාරත් බහිරවයා ගිල්ලොත් ඒ බහිරවයා යුරෝ දෙකේ වීරයා බව සිතා ගනිමි.

    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. අපොයි ඇත්තටම එහෙම වෙයිද ඩුඩියො.... හිතත්දිත් කෑගහලා අඩන්ඩයි හිතෙන්නෙ

      Delete
  38. ඔන්න චූටි මහත්තය මෙදා පාර නං කන්නයි යන්නේ... කෝ මේ ගෑනු ළමයි...

    ලස්සන සින්දුව හැබැයි... මාත් ආසම සිංදුවක්...

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත. කන්න නං ඉතිං ගැල්ලමයෙක් ඉන්නම එපැයි.....

      සිංදුව - ඒකනෙ කියන්නෙ ඕකට ඕගොල්ල කැමති නැත්තං ඉතිං වැඩක් නෑ.. කෝමද මගෙ තේරීම !

      Delete
  39. අපෝ මේකට කමෙන්ට් කරන්න බෑ...

    ReplyDelete
    Replies
    1. කමෙන්ට් නොකලට කමන්නැ... ඔය ගත්තු සිංදුව ඇහෙන්ට දාහං.... ඒ ඇති

      Delete
  40. ඕවා මේ කෙල්ලන්ට පැහැදිලි කොරන්න යනවට වැඩිය හොඳයි බං කට ගලක උලා ගන්නව.. අපි මේ මල් වගේ පිරිමි ළමයි.ඔය පූස් තඩියත් කියල තියෙන්නේ

    ReplyDelete
    Replies
    1. එක පාරක් හරි කියලා බලන්ඩෙපැයි... නැත්තං මේ ගොල්ල එන්නෙම මෙව්වා එකටනෙ.... බැරිම උනොත් කලු ගලක් හොයා ගමු :D

      Delete
  41. අනේ මේ මොනවා කියනවද පිරිමි ළමයි තමයි ''ගැණු ළමයින්ට'' වැඩිය ආදරේ . එක ගෑනු ළමයෙක්ට කියලම නැහැ සේරම ගෑනු ළමයින්ට ආදරේ වෙන්න තරම් එයාලගේ හදවත ලොකුයි මෙයා ....ද
    සින්දුව නම් සුපිරි . අපේ පුහුණු ආයතනයේ බැචෙක් ආව දා ඉඳල ඔය සින්දුව කියල කියල ලස්සන කෙල්ලෙක් යාලු කර ගත්තා . අපි කිව්වේ කෙල්ල කැමති වුනේ මේ කොල්ල සින්දු කියන එක නවත්වන්න ඕන හන්ද කියලයි පස්සේ කතාව ගියේ

    ReplyDelete
    Replies
    1. එහෙම කමා අපි. ඹ්ගොල්ල වගේ නෙමේ. හැමෝන්ටම සලකන්නෙ එකම විදිහට. ඒකට කියන්නෙ මානව දයාව හරිද!

      අනික සිංදුව - ඕන්න ඔයාගෙ කතාවෙන්ම තේරෙනවා බින්දි අක්කා මගේ තේරිම කොහොමද කියලා. එක පාරක් කිව්වොත් සියලු රෝග නිවාරණයි

      Delete
  42. දැන් නම් කෙල්ලෝ තේරුම ගනීවි සහෝ. බොහොම පැහැදිලිව කියලා තියනවා නේ. කෝකටත් පොඩ්ඩක් පරෙස්සමින් මේ දවස් වල.:)

    ReplyDelete
    Replies
    1. මේ මොනා කියනවද කස්සා. මගේ නෑනේ ඔය ඇද කේස්. කියන්ඩ තියෙන දේ කිව්වා. දැං ඉතිං මම තමුන්ගෙ ආරස්සාව තමුන්ම හොයා ගන්න ම්ටටමේ ඉන්නෙ.....:P

      Delete
  43. පොඩ්ඩක් හිතන්න වෙනවා කමෙන්ට් කරන්න කලින්.

    ReplyDelete
    Replies
    1. කව්රුත් මෙයාට ඩිස්ටොබ් කරනවා එහෙම නෙමේ :D

      Delete
  44. ගෑනු ළමයි පැත්තකටම දාමුකෝ . . . පට්ට සිංදුව මචෝ

    ReplyDelete
    Replies
    1. පැත්තකට දාන්ඩ බෑනේ... ඔය සිංදුව අහද්දි ගැල්ලමය ඔඩොක්කුවට එනවා :D

      Delete
  45. ගෑනු ළමයි මල් වගේ කිව්වම මට මතක් උනේ වෙන මල් ජාතියක්!!!

    චුටි මහත්තයො, සයිබර් ලිපි වැඩ කොරන්නෙ නැතෙයි?

    ReplyDelete
    Replies
    1. වෙන මල් කිව්වෙ - හිරිමල් ද :D

      Delete
  46. අපිට එයාල නැතිව බෑ. එයාලට අපිව නැතිව බෑ.....
    බොරු කියන්නේ මොකටද, මට නම් එහෙමයි. සිංදුව නම් එල.....

    ReplyDelete
  47. මට තියෙනව බොහොම චූටි පුරස්නයක් මේ බුද්ධි මහතතයගෙන් අහන්න... මෙම් සමීක්ෂණය කලේ සසම්භාවිවද? නියැඳිය ‍තෝරගෙන ඇත්තේ සරල සසම්භාවි ක්‍රම වේදයකින්ද? නියැඳියට අඩංගු වී ඇත්තේ දෙදෙනෙක් බවද පෙනී යයි... මෙකී නොකී සියලු කරුණු සලකා බැලීමේදී මතු කියවෙන සමීක්ෂණයේ නිගමන පිළිගත නොහැකි මට්ටමක පවතින බව පෙනී යයි... වහාම ක්‍රියාත්මක වන පරිදි මෙම නිගමන අහෝසි කරන මෙන් දැනුම් දෙමි!! රිදුණු සිත් ඇත්තෝ වෙත් නම් සමාව ඉල්ලීමද යෙහෙකි!

    ReplyDelete
  48. දැන්නෙ කියෙව්වෙ.. මෙක .. සමික්ෂනය ඉතාම සර්ථකයි.
    අපි ගැහැනු ලමයින්ටත් ආදරෙයි.. එගොල්ලගෙ යහලුවන්ටත් ආදරෙයි... එක මෙ ගැහැණු ලමයින්ට තෙරුම්ගන්න තරම් ශක්තියක් නැහැ බුද්ධි අයියා.. අපි කොල්ලො කොහොමත් එල පොරවල්...

    ReplyDelete
  49. හික්ස්..මරු කතාව.....
    ගැල්ලමයින්ගේ හිත් ගැන නම් කතා කොරල වැඩක් නෑ අප්පා...

    ReplyDelete
  50. Habatama galulamayinge mokadda 'handa' wage?

    ReplyDelete
  51. ඕව්වා ගැන හොයන්න ගන්නවා කියන්නේ කොටි වල්ගේ අල්ල ගත්ත වගේ තමා...රවුමට රවුම කිව්වම නෑ මේ කොටුවක් කියලා කියන ජාතියක් නේ ගෑනු කියන්නේ..එයාලට ඔන දේ විතරයි එයාල පිලිගන්නේ!කොච්චර ඇත්ත උනත්..කොච්චර බොරු උනත්!

    ReplyDelete
  52. ගැල්ලමයි ගැන ගවේශනය පරිස්සමින් කරන්ඩ ඕනා කියලා උඹම නේද කිව්වෙ. මම නම් ඒක අකුරටම පිළිපදිනවා.. :-)

    ReplyDelete
  53. අරෝ මේව මොකටද අයිය. කෙල්ලෙක් උනත් ඇත්ත පිළිගන්න එපාය. කතන්දරේනම් ඇත්ත. අර කෙල්ලනම් මර කතාවනේ කියල තියෙන්නෙ. ඉර පැව්වේ නැත්නම් කොයින්ද එළියක්. නේද? රට හදට එලිය දෙන්නෙත් ඉරනේ. ඒ හන්ද අපි ගැන හොයල අපිව ආදරෙන් බලාගන්න ආදරවන්තය ගැන මීට වඩා සදාරනව හිතන්න ඕනෙ.එතකොට තමි අපිට උනත් එයාලගෙ හුගක් හම්බෙන්නෙ................

    ReplyDelete
  54. අරෝ මේව මොකටද අයිය. කෙල්ලෙක් උනත් ඇත්ත පිළිගන්න එපාය. කතන්දරේනම් ඇත්ත. අර කෙල්ලනම් මර කතාවනේ කියල තියෙන්නෙ. ඉර පැව්වේ නැත්නම් කොයින්ද එළියක්. නේද? රට හදට එලිය දෙන්නෙත් ඉරනේ. ඒ හන්ද අපි ගැන හොයල අපිව ආදරෙන් බලාගන්න ආදරවන්තය ගැන මීට වඩා සදාරනව හිතන්න ඕනෙ.එතකොට තමි අපිට උනත් එයාලගෙ හුගක් හම්බෙන්නෙ................

    ReplyDelete
  55. ප්‍රතිචාර දරන්වු සියල්ලන්ට තුති!

    ReplyDelete

ඔබේ පංගුව...

...................................................................

Related Posts Plugin for WordPress, Blogger...