2012/02/27

අද කාටූන් - 07 - උපශාන්ත මයා නිවාඩු අනුමත කරගෙන හැරෙන තැපෑලෙන් ගෙදර එයි !

සරළ, ප්‍රබුද්ධ, පීචං වෙනසක් නැතිව “රස“ රස විඳන, හිතට වැදුන දේ අගයන, විරුද්ධ දේට සෘජුවම එරෙහි වෙන, මහ පොලොව උඩ නිරුවත් දෙපයින් ඉන්න, දශක හතරකට ආසන්න ජීවිතේ අහපු, දැකපු, විඳපු කතා ලියන්නෙක් තමා අද කාටුන් එකට නිමිත්ත සපයලා තියෙන්නෙ.

විවාහයේ දහවෙනි සංවත්සරය පසුගිය දා සමරපු උන්නැහේ තමයි, සැහැල්ලුව බ්ලොග් එක ලියන ඉන්දික උපශාන්ත. මුල් කාලයේ ඉඳලම සයිබර් යායට පැමිණිලා “කෙහෙල්කොටුවේ චූටි මහත්තයා“ දිරිමත් කරපු ඉන්දික උපශාන්තට සයිබර් යායෙන් උණුසුම් සුබ පැතුම්!

මේ මොන කතා කිව්වත් මිනිහා හෙන වසයි ද කොහෙද? ප්‍රොෆයිල් පින්තූරෙටත් දාගෙන ඉන්නෙත් සිංහයෙක්ව. එයාගෙ සංවත්සරෙයි කියලා දැනගෙන මම තෑග්ගක් දෙන්ඩ යනකොට මිනිහා කිව්ව දෙයින් මාවත් නිකං මෙව්වා වෙලා ගියා. මේ තියෙන්නෙ ඒ ටික.

  1. බුද්ධි Feb 25, 2012 01:58 AM
  2. ඇනිසවරි කතාව ඇත්ත එහෙනං....? ඔන්න එහෙනං මගේ ගානෙ සවුදා උදේම තෑග්ගක් හෙහ්....හේ.........

  3. ඉන්දික උපශාන්ත Feb 25, 2012 02:11 AM
  4. උඹ කොටියගෙන් බේරුනාට මෙදා පාර පුතේ සිංහයගෙන් කනව!
ඔන්න බලන්ඩ යාලුවනේ සුබ පතලා තෑග්ගක් දෙන්ඩ ගියාම, ඒ ගොල්ලං අපිට කතා කරන විදිහ. එහෙම කතා කෙරුවයි කියලා අපි යැයි සැලෙන්නෙ. මේ තියෙන්නෙ ඒක.

උපශාන්ත දෙන්නා දෙමහල්ලො තමන්ගෙ කොල්ලො දෙන්නා ඉස්කෝලෙ ගියාට පස්සෙ නිවි හැනහිල්ලෙ විවාහ සංවත්සරය සමරන්න කතා කරගත්තලු. පහුවදා උදේම නිවාඩුවක් දාලා පොර හැරෙන තැපෑලෙන් ගෙදර ආවේ වෙලාව ටිකක් වැඩිපුර ඉතිරි කර ගන්නලු. මේ ඊට පස්සෙ ටික...


ඔන්න ඔහොමලු උනේ.
එහෙනම් ලබන සෙනසුරාදා නැවත හමුවෙමු.
අතරතුර කතන්දරත් වැටෙනවා.

...............................
- මීට විදෙස් සිත්තරා.

75 ක් කියන්නේ !:

  1. කෝ අර නෝන මහත්තයා පින්තූරෙට වැටිලා නැත්තේ මොකෝ? ලැජ්ජාවේ හැංගිලාද? එයා සිංහයෙක් උනාට මාර හැන්ඩියෙක්නේ.:))

    අපිත් සිංහයෝ හන්දා අපි ඉතින් කොහොමටත් සිංහයන්ට බය නෑනේ...:D

    ReplyDelete
    Replies
    1. කුමාරිහාමි තමයි මේ විනාසෙට වග කියන්න ඕන! වැඩේ සාටර් කොල්ල තව මෙතන "හැන්ඩිය" කියල බටර් ගාන්නත් එනව. ඔහෙලගෙ මේ කතා ඇහුනොත් එහෙම උන්දැට, ඊළඟ සංවත්සරෙත් හබක්!

      Delete
  2. ඔය දීලා තියෙන්නේ තෑග්ගක් ..

    ReplyDelete
    Replies
    1. මුං දුන්නොත් ඉතින් මෙහෙම එකක්ම තමා...!

      Delete
  3. Replies
    1. අනේ බොස්. ඔය හි යන්න්නයි තිත් දෙකයි ගහන හැටි කියනවද සිංග්‍රීසි යුනිකෝඩ් එකෙන්. මේ සිරාවටමයි අහන්නෙ.
      henryblogwalker the Dude

      Delete
    2. නොකිව්වට මොකද මම දන්නෙත් නෑ....

      Delete
    3. @DUDE,
      ඔයා යූස් කරන්නෙ විජේසේකර කීබෝඩ් එක නං හිඃ - හි යන්න පුරුදු විදියට ගහල ඃ එක ගන්න දකුනු පැත්තෙ alt එක ඔබාගෙන x ඔබන්න.

      ඔයා යූස් කරන්නෙ සිංග්‍රීසි කන්වර්ටරේනං ඒකෙ ඩබල් බින්දු ගහන්න බෑ

      Delete
    4. ඔයා පාවිච්චි කරන්නෙ මේකනං, බින්දු දෙකට \h ගහන්න එක බින්දුවට \n

      Delete
  4. අනෙ පවු දතකට මැදගෙන අවුරුද්දක් බලාන උන්නා.

    ReplyDelete
    Replies
    1. දතට වඩා මැදපුව තිබ්බ, ඒකයි හිතට අමාරු..!

      Delete
    2. චීයා අනේ.... මේ උත්තරේ මට ඩිලීට් කරන්ඩයි තිබ්බෙ....

      Delete
  5. හොඳ වැඩේ සිංහයාට.... දැන් සමරපන්කෝ ලමයි ඉස්සරහා ඇනිවසරිය.....

    ReplyDelete
    Replies
    1. අනේ පල පල යන්න...උඹ මේ නම වස් වැදිලා ගෙදර උන්දැට බයේ ඇඳ යට හැංගෙන එකා...

      Delete
  6. කෝ බුද්ධියො මෙතන උපශාන්ත මහත්තයගෙ නෝන දාල නෑනෙ. කාගෙන් බේරුනත් කොල්ලො දෙන්නනං අමාරු කාරයෝ වගෙයි.

    ReplyDelete
    Replies
    1. "කෝ බුද්ධියො මෙතන උපශාන්ත මහත්තයගෙ නෝන දාල නෑනෙ." මොකාටද මෙයා මේ එන්න හදන්නෙ?

      Delete
    2. ඔරිමජිනල් එකේ නෝනා ඉන්නවා. ඒත් මේ මනුස්සය “හිතා“ ගන්න කෑලි වලට නෝනා පලි නැති හංදා මං එයා අයින් කොලා....

      Delete
  7. .
    අදහස් දෙන්න කිසි විට නැත බිය වන්නේ
    …මොහුනම් සිංහයෙකි එය මා හොඳ හැටි දන්නේ
    …පැතුමක් මෙලෙස කවියෙන් මා ගෙන එන්නේ
    …දරුවන් නැතිව මොනවද අනේ සමරන්නේ

    ReplyDelete
    Replies
    1. දරුවා නැතුව සමරල නේනනං ඔය දෙන්නෙක්ම ඉන්නෙ දැං

      Delete
    2. අපෝ බං ඕනයෝ... කැත කතා කියන්ඩෙපා...

      Delete
    3. ගිම්හානියො වෙලාවටයි නෝනා මගෙ මෙහි නො එන්නෙ
      ආවෝතින් අහන දේට මොනවද බං මම කියන්නෙ
      ඔහෙගෙ සිංහ සෙය්යා දැං කොහොමැයි මේකලත් දන්නෙ
      කිව්වෝතින් කීමට කවියකුත් කියා දියහන්නේ

      Delete
    4. ඕනෙ,

      දෙක තුන කොරගන්න බැරුව මදෑ....

      විදුරංග,

      කොරන්ට හොඳයි බොලා හැමෝටම..

      Delete
    5. ""දරුවා නැතුව සමරල නේනනං ඔය දෙන්නෙක්ම ඉන්නෙ දැං"

      ඕනය අයිය දැම්මොත් යෝකර් එකක්මනේ...:D

      Delete
  8. පෙනේද කොල්ලො දෙන්නගෙ තියෙන කයිරාටික මැර පෙනුම!! ඕක තමයි තීන්ත වේලෙන්නත් දවස් දෙකක් ගියේ. හැබෑට කෝ මේ සිංහ ධේනුව?

    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. දැං පවුල් පුරස්න ඇතිවෙන තැනට වැඩේ සිද්ධවෙලා තීන්නෙ බලං යනකොට. හැම එකාම කියන්නෙ මං මාර හැන්ඩි ඩයල් උනාට පොඩි උං දෙන්න කෛරාටික මැරෑටි ඩයල් දෙකක් කියලනෙ බං!

      Delete
  9. "ඉන්දික උපශාන්ත" වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සහෘදයෙකි..!!!
    දිනක මුණගැසීමට ආසාවෙන් සිටිමි..

    [අම්මප මහත්තයෙකුටවත් ඉන්ඩ දෙන්නැති කාටූං කාරයො..!!!]

    ReplyDelete
    Replies
    1. තිසා,

      එවන් ඇගයීමක් ඔබවන් අයෙකුගෙන් ලබන්නට මා කොතරම් වාසනාවන්තද!

      අනිවාර්යයෙන්ම අපි "ඒ පුංචී...රටේ" "දවසක හමුවෙමු" ස්තූතියි මෙතනත්, එතනත් කල සුභ පැතුම්වලට.

      ( ඵල ඇති රුකටනෙ ගල් ගහන්නෙ :D )

      Delete
    2. //ඵල ඇති රුකටනෙ//
      ඕකටම නේද පලං ඇති රුකටම . . . කියලත් කියන්නෙ ??

      Delete
  10. ඔය කරලා තියෙන්නෙ වැඩේ. හැබැයි ඉතින් පවු ඒ මහත්තයාගේ අවුරුද්දක ප්‍රාර්ථනා වතුරේ. කොල්ලො දෙන්නා නම් නසරානි බව පේනවා. තාත්තා වගේ නැතෑ.
    ඇත්තටම බුද්ධි උඹ වගේ කාටූන් මාධ්‍යෙව්දියෙකුට තවම මරණ තර්ජන නැද්ද? නැත්තං කියපන්.

    ReplyDelete
    Replies
    1. බයවෙන්න එපා මචං...මම සුදු වන් ටීම් එකට ගානක් දීල තීන්නෙ. ලබන අඟහරුවාද මූ නාල මැරියන් බලන්න යනකල් කීව්ව ඉන්නෙ.

      Delete
  11. හයියෝ සිංබාහුලාගේ තරම තමා. සිංහයා කැලේ.

    ReplyDelete
    Replies
    1. සිංහය කෑලේ ගුහාවෙ දාල සුප්පයි, සීවලීයි උස්සං පැනපු පරම්පරාවෙනෙ, ඒකයි.

      Delete
  12. මුලින්ම සිංහයාට සුභ පැතුම්..
    ඊළගට සිත්තරේ නම් ටොපේ ටොප්...

    තුන්වෙනුව ආදර්ශය......

    මෙවැනි විශේෂ දවස් වලට පොඩි එවුන් ඉස්කෝලෙ යැවීමට පෙර "ඇන්දවීම" දෙමව්පියන්ගෙ වගකීමකි.

    ReplyDelete
  13. ඔය දීල තියෙන්නේ අගේ ඇති තෑග්ගක්... හික් හික්

    ReplyDelete
  14. ඉන්දික අයියට මගෙනුත් සුභ පැතුම්.. අපරාදේ අද ඇනිවසරි එක සමරන්න ගත්ත නිවාඩුව..

    කාටුන් එක නියමයි බුද්ධි අයියේ..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මලේ! මේ මන්ද බුද්ධිය මගෙං හරි ආදරෙන් විස්තර අරං මේ ගෙම දුන්නෙ. ඒකයි මට කනගාටු...

      Delete
  15. හයියෝ ඇනිවසරිය.....

    ReplyDelete
  16. කඩල ගොට්ටක් ගෙනල්ල ඉස්තෝප්පුවෙ හැලුව නං හරිනෙ

    ReplyDelete
    Replies
    1. ඔය තියෙන්නෙ මනරම් අදහසක්.

      Delete
    2. අම්ම කඩල ඇට දෙක දෙක අහුලල කියයි නේද ???

      Delete
    3. ඔබා මාම ඒ කාලෙ දාපු සෙල්ලං දැං බෑ. මුං දෙන්න බිම වැටිච්ච කන්නෙ නෑනෙ!

      Delete
  17. //කාටුන් පින්තූරයක් පළ කිරීම නිසා දක්ෂ සිත්තරෙකු සිංහයකුගේ ප්‍රහාරයකට ලක්වී ඇත. සිත්තරාගේ තත්වය අසාධ්‍ය බව රෝහල් ආරංචි මාර්ග පවසයි. සිංහයන්ගේ ගුහා ඇතුලට මින් පස් කිසි දිනෙක නොයන බව සිත්තරා අප ආරංචිකරු සමඟ පවසා ඇත.//
    ඔන්න ඔහොමලු ප/ලි කෑල්ල.

    ReplyDelete
    Replies
    1. කූඩුව අස්සෙ ගියානං තව කොහෙද! මේක මේ කූඩුවෙ ජනේලෙං එබිලනොවැ මෙච්චර හරියක් කොලේ!

      Delete
  18. බුදු අම්මේ මං දැක්ක හොදම කාටුන් එක මේක.

    ReplyDelete
    Replies
    1. බොලාටත් ඉතිං මේ වගේ මඩ තමයි අගේ කොරන්න පුළුහං..!

      Delete
  19. හං හං හා... මේක නං ලොකුම ලොකු මඩක්... විදෙස් සිත්තරා තාම යහතින් ඉන්නව නේද???

    පත්තරේක මඩ කොලමක් කළොත් නරකද?? සෑහෙන්න ජනප්‍රිය වෙන්න පුළුවන් වේවි..

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් ඉන්නව. ,මොකද මේකට වෙඩි වදින්නෙත් නෑ, ඇඟේ තීන කුණු වල වැදිල ස්ලිප් වෙනව. ඒකනෙ කොටින්ටත් මූ මරාගන්න බැරිඋනේ.

      Delete
  20. හි හි සුපිරියි අයියේ සඳරු අයිය කාපු සීන් එක ඇන්ඳට පස්සේ අයියා ඇඳපු හොඳම උපහාසාත්මක සිත්තරේ තමමා මේ....

    පොඩි එවුන් දෙන්නට පාරට වෙලා පාරේ යන මිනිස්සු ගනන් කරන්න කිව්වනම් වැඩේ ලේසියෙන්ම ගොඩදාගන්න තිබුනා කියලා හිතෙනවා...

    එල එල අයියේ කවදහරි අපිටත් මේ කතාව ආදර්ශයක් වෙන්නේ නැතැයි....ඔය වගේ දවසකට පොඩි එව්වොන්ව හොඳ ට්‍රිප් එකක් යවන්න ඕනේ හි හි

    ReplyDelete
    Replies
    1. //පොඩි එවුන් දෙන්නට පාරට වෙලා පාරේ යන මිනිස්සු ගනන් කරන්න කිව්වනම් වැඩේ ලේසියෙන්ම ගොඩදාගන්න තිබුනා කියලා හිතෙනවා...//

      තාත්තෙ තාත්තෙ . . අදනං උඹට එකයි පනහට **** වෙන්නෙ නෑ . . අන්න පෙරහැරක් එනව . . !

      Delete
    2. උංව ගෙදර තියල මිං පස්සෙ අපි ට්‍රිප් යනව. නැත්තං ඕනය කිව්ව වගේ බර ගානකට තමා කෙලවෙන්නෙ.

      Delete
    3. ඇඬෙනවා මල කෙලියයි ඕනයා අයියා ඇන්ඩම තමා

      Delete
  21. එලම කාටුන් පාර .. දැං ඉතින් සමරන්නයි තියෙන්නේ .

    ReplyDelete
    Replies
    1. සම අයින් කොල්ල තමයි ඉතින් දැං සමරන්න වෙලා තීන්නෙ!

      Delete
  22. සිංහයා පොඩ්ඩන්ට ටොපියක්වත් දීලා ශේප් වෙන්න තිබුනා නේ,,,මේ සැරේ සිත්තරේ බලන්න පරක්කු උනා

    ReplyDelete
    Replies
    1. අපේ උං ඉල්ලන්නෙ අර මැදට බ්‍රැන්ඩි දාපු ජාතියෙ එව්වනෙ මලේ. එව්ව කොහෙද මේ අරාබියෙ!

      Delete
  23. පොඩි එවුං නං නියමම නසරාණි ඩුවල් දෙකක් වගේ.. ඉතිං මුං දෙන්නම ඉදිද්දි ඇනවසරිය සැමරුවනං අහවරයි නෙ.. අනාගතේටත් වැදගත් වෙයි මයෙ හිතේ... :D

    බුද්ධියෝ.. සිත්තරේ නං පට්ට පට පට ඈ... මරු.. ඇම්බැට්ටයො දෙන්නගෙ ලුක් එක නං සිරා..

    ReplyDelete
    Replies
    1. දැං එතකොට උං දෙන්න එහෙනං මං වගේ සිරා අහිංසක ඩයල් දෙකක් නෙමෙයි එහෙනං ඈ!

      Delete
    2. ගේ වටේට කටු කම්බි ඇදපං මචං . . .

      Delete
  24. ඒ විදිහට සමරන්න මූ අවුරුද්දක් බලන් ඉඳලද? හුටා

    ReplyDelete
  25. සර් ජෝන් කොතලාවලගෙ කාර්ටූන් එකක් ඇඳල පත්තරේට දැම්මට ගුණදාස ලියනගේටයි, ඇඳපු චිත්‍ර ශිල්පියටයි කඳවල වලව්වට ගෙනල්ල බිත්තර ආප්ප කන්න දුන්නලු ඒ කාලෙ. රෙජීමෙ කාටුන් ඇඳපු ප්‍රගීත් එක්නැලිගොඩ මිසින් උනාලු මේ කාලෙ.

    මොනා උනත් කාර්ටුන් එකක් අඳින්නෙ ලොකු ලොකු නායකයො, නළු නිළියො වගේ ප්‍රසිද්ධ පොරවල් වල නිසා මාත් එහෙනං දැං එහෙම පොරක් ගානට අප්ග්‍රෙඩ් කොරාපු එකටත්, මගේ, සොරි සොරි අපේ විවාහ සංවත්සරේට මුළු ජීවිත කාලෙටම අමතක නොවෙන තෑග්ගක් දීපු බුද්ධි මලයටත්, එය වඩා රසවත් සහ සුන්දර කරන්න කමෙන්ට් දාපු හැමෝටමත් බොහොම ස්තූතියි. මේ පෝස්ට් එක ගැලවෙනකල් වැටෙන ඔක්කොම කමෙන්ට් එක්කම අරන් ප්‍රින්ට් කරල ෆ්‍රේම් කරල තියාගන්න අදහස් කරන් ඉන්නව, මොකද කෙනෙකුට මේ වගේ අවස්ථාවක් ආයි කවදාවත් නොලැබෙන්න පුළුවන් හින්ද.

    මාත් මගේ හාමිනෙත්, චුට්ටොත් අපේ මේ කාටූනෙ ඉතාම ආසවෙන් රසවින්ද බවත් මතක්කරනව.

    ඔබ සැමට ස්තූතියි, මගේ ස්තූතියි කතාව නිමි. ( බොලාගෙ කොමෙන්ට් ඒ උනාට නිමන්න එපාල ප්ලීස්...)

    ReplyDelete
    Replies
    1. ඔන්න සුභම සුභ ඇනිවසරියක් වේවා.. සියලු සිතුම් පැතුම් ඉටු වේවා..

      Delete
  26. කෝ මේ උප-සාන්ත..!!??

    ReplyDelete
  27. දැන් කොහොමද දන් වලඳන්නේ !

    ReplyDelete
  28. ඔය දීල තියෙන්නේ තෑග්ගක්......!

    ගනන් ගන්න එපා ඉන්දික අයියේ. බෙටර් ලක් නෙක්ස්ට් ටයිම්. තව අවුරුද්දයි නේ, ඉවසලා ඉන්න.

    ReplyDelete
  29. කියන්න ඕනෙ කැත කතා ටික උඩහිං කීවනෙ . . . ඉන්දික මචෝ . . . සංවස්සරේට සුභ පැතුම් ඈ . . .

    ReplyDelete
  30. ඈ බන් සි0හයො, උඹ ඔය විදියට සමරන්න ගියොත් නම් 15 වෙනි එකට කාටුන් අඳින්න බුද්ධියාට ටිකක අමාරු වෙය්. මොකෝ කොල්ලො 4දෙනෙක් වත් අඳින්න වෙය්නෙ හෙහ් හෙහ් හෙහ්....

    හැබැය් කාටුන් එක නම් එළකිරි, බුද්ධියා රජ බඩුවක්.

    ReplyDelete
  31. ඔක් තමයි පවුල් ජීවිතේ ඇත්ත !! හෆොයි කීපාරක් මට වෙලා තියේද ? සති ගානක් කොහේ හරි ගිහින් ඉඳලා ගෙදර ආ දාට පොඩ්ඩයි පොඩ්ඩියි " අද මන් තාත්තී ළඟ නිදාගන්නේ.. " නා ඔයා නෙවෙයි මම.. තාත්තී ළඟ නිදාගන්නේ. " අන්තිමට දෙන්න දෙපැත්තෙන් මම මැද අම්ම වෙන දිහාක. "තාත්තී කතන්දරයක්... හයියෝ .. මුන් දෙන්නම නිදාගන්නේ කීයටද ? හෑවූ ..ආනුමුත් යනවා.. හාමිනේ දොයි.. අන්තිමට අපි ඔක්කොම දොයි..

    ReplyDelete
  32. හෙහ් හෙහ් සුභපැතුම් සිංහයෝ..

    මං කිව්වෙ ඇනිවසරියට මිසක් වෙච්ච විනැම්බෑසියට නෙමෙයි හරිය..

    ReplyDelete
  33. අහෝ දුකකි ඉරකි තිතකි...

    සිංහයාට සහ දේනුවට හැපි අනිවසරි කිව්වා !!

    ReplyDelete
  34. හැපි ඇනිවසරියක් වේවා මචං.... ඔය අත්‍යාවශ්‍ය රාජකාරි විශේෂ දවස් වලට තියගන්න නරකයි... මොනවා හරි තොවිලයක් කඩා පාත් වෙලා ඒවා චා වීමේ ලොකු සම්භාවිතාවක් තියනවා... දා ගනින් නිකං ඇනිවසරියට දවස් දෙකකට කලින් දවස වගේ දවසක් ඕවට...

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් මචෝ.. හෙහ් හෙහ් ඒ කතාවනං හරියට හරි :)

      Delete

ඔබේ පංගුව...

...................................................................

Related Posts Plugin for WordPress, Blogger...