2012/02/22

කවදා නමුත් ඇත්ත හෙළිවෙනවා ! යුරෝ දෙකේ ඔවදන ! හෙහ්....හෙහ්......

කවදා නමුත් ඇත්ත හෙලිවෙනවා!

මම කියමන ඇත්තම ඇත්තයි කියලා දැන ගත්තෙ කුරුලු හමුදාවේ සේවය කරන කාලේ. ඔය වෙද්දි කුරුලු හමුදාවට ඝෘෂිවරයෙක් ඇවිල්ලත් කාලයක් ගිහිල්ලා. ඒ කියන්නෙ අපි කිඹා ගැහිල්ලෙනුත් කෙල පැමිණිලා හිටිය කියන එකනෙ.

අපේ නිවස්නයත් බැලු බැල්මට හොස්ටල් එකක් වගේ. හෝල් එකේ ඩබල් ඇදං පොලිම් දෙකයි. ඩබල් ඇඳවල් දෙකේ දෙන්නට‍ ලොකර් දෙක ගානේ, ඇඳවල් දෙකක් මැදින් ලොකර් ස්ථාන ගත කරලා තියෙන්නෙ. ඒකේ අපේ සියලු සබ්බ සකල මනාවම දලා, ඉබි යතුරු දාලා, නිතරම ලොක් කරලා, යතුර සාක්කුවෙ දාගෙනයි ඉන්නෙ.

හැබැයි අපි ලඟ තිබුනු හැම ‍ලොකර් එකකම පොඩි ටෙක්නිකල් එරර් එකක් තිබුනා. ඒක තමා ලොකර් එක කොහොම ලොක් කලත්, ඕනැ උනොත් ලොක් එක අරින්නෙ නැතුව, බඩු එලියට ගන්න පුලුවන්කම. ඒ, ලොකර් එකේ ලී පියන උඩින් හරි යටින් හරි ඇදලා. මේ ගැන හොඳටම අද්දැකීම් ඇත්තෙ අපේ මාරයට. ආවොත් කියයි වැඩි විස්තර.

ඔය හේතුව හින්දමයි " කවදා නමුත් ඇත්ත හෙළිවෙනවා!" කියන කතාව ඇත්තම ඇත්ත කියලා ප්‍රත්‍යක්ෂ කර ගන්නත් අපිට පුලුවන් උනේ.

මතකද අපේ යාලුවෙක් හිටියා ෆර්ඩි කියලා, ගෙදර පොඩියට සත්තු වත්තක් කරන. පොර හෙන පච පප්පා වගේම ඇරමන්ට් වලට නම් දරාපු මනුස්සයා කියලා මම ඒ කාලේ කිව්වනෙ. පොර ඊට අමතරව පුරුද්දක් හැටියට කලේ පඩි ගත්තම තමන්ට ඕනැ කරන සබන්, ටූත් පේස්ට් වගේ අත්‍යවශ්‍ය ද්‍රවය මිල දී ගැනීම අතපසු කරලා ඒ සල්ලි වලින් වෙන වෙන දේවල් කරපු එක.

අන්තිමේ ඉස්සෙල්ලා මාසෙ ගත්තු ඔය කියන බඩු ඉවර වේගෙන එද්දි, මිනිහා කරන්නෙ උදේ පාන්දර පහමාරට විතර නැගිටලා කාගෙ හරි ලොකර් එකකට අර ක්‍රමේට අත දාලා ටූත් පේස්ට් ටිකක් අරගෙන, බාත් රෑම් එකට රිංගන එක. හිතුනොත් සබන් පෙට්ටියත් ඒකෙන්ම ගන්නවා. අපිනං ඔය කිරිං ටිකක්, සුවඳ විලවුන් ටිකක්, අලුත් පහේ ටී ෂර්ට් එකක්, කිරි පිටි හරි සීනි හරි ඩිංගක්, කොටුවට යන්න මාරු කාසි ටිකක් ඇරුනම අනුන්ගෙ ලොකර් වලට අත දාලා කිසිම දෙයක් ගන්නැ ඔය විදිහට ෆර්ඩියා වගේ.

මේ කියන කතාව වෙන දවස් වල ඔය වැඩේට කෙලින්ම අහු උනේ පොරගේම ගමේ කොල්ලෙක් වෙන රෙජියා. ඔය වගේ කේස් එකක් හින්දා රෙජියයි, ෆර්ඩියි දවසක් කොක්කක් දා ගත්තා. ඒ උනාට ෆර්ඩියා දුර දිග කල්පනා කරලා, පොරගෙ සත්තු වත්තෙන් පොහොර වැටිච්ච ඌරු පැටියෙක් රෙජියගේ අම්මට තෑගී දීලා වැඩේ ගොඩ දාගෙන තිබුනා සතියක් යන්ඩ කලින්.

කොහොමහරි ටූත් පේස්ට් මංකොල්ලය ජයටම නැගලා යද්දි, රෙජියට මේ ගැන ඇක්ෂන් එකක් ගන්න බැරි උනේ, ෆර්ඩි‍යා ඌරු පැටියෙක් දීලා අම්මා ලව්වා පොරව හිර කරලා තිබුන හිංදා. මොකක් හරි අලුගුත්තේරු වැඩක් කරලා රෙජියට අහුවෙලා වැඩේ වර්චස් වේගෙන එද්දි, ෆර්ඩියා කරන්නෙ කඳවුරු ඇතුලේ මීයා වගේ ඉඳලා එලියට ගිය ගමන් ඌරු පැටියගෙ සුව දුක් අහන්න, රෙජියගේ අම්මව කන්ටැක් කරන එක.

කාලයක් තිස්සෙ මේක කිසි විසඳුමක් නැතිව ඇඳිලා යන එකේ රෙජියා මේකට ප්ලැන් එකක් ගහලා තිබුනා. දවසක් දා රෑක අපි නිදා ගන්න ලයිට් ඕෆ් කරපු වෙලාවේ පොර ගහලා තිබුනු එළකිරි ප්ලෑන් එක ක්‍රියාත්මක කලා මුලු ලෝකෙටම හොරෙන් මහ කලුවරේ.

හැබැයි රෙජියගේ වෙලාවේ පොඩි අවුලක් තිබුනා කියන්නෙ, වෙලාවටම ඊට මෙහා පැත්තෙ ඇදේ ඇලවෙලා හිටපු මම ඒක දැක්කා. මමත් බොරුවට නිදි වගේ ඇට් කොරලා සිද්දිය සහසුද්දෙන් බලාගන්ඩ හිතුවට, තනියම දිරවගන්ඩ බැරි වෙයිදෝ කියලා හිතුන හින්දා කාටත් ඇහෙන්නැති වෙන්න උඩ ඇඳට පයිං ඇන්නෙ ඒකෙ ඉන්න ෂැවොලියටත් මේ රහස එලි කරන්න හිතාගෙන.

ඒ එක්කම වගේ උඩ ඇදෙන් අතක් මට පෙනුනා හස්ත මුද්‍රාවෙන් "ෆිට් තමා" කියලා හදාගත්තු. ඒ කියන්නෙ දැනටම රහස දෙන්නෙක් දන්නවා. ඊට පස්සෙ වෙන්න ඕන දේවල් අපි කතා කරගත්තෙ නැතත් අද්දැකීමෙන් දන්නවා අපේ වගකීම මොකද්ද කියලා. ඒක හින්දා මම ෆෝන් එක අරගෙන හරියට පහට එලාම් තියලා නිදාගත්තෙ පහුවෙනිදා උදේ ක්‍රිඩා පුහුණුවීම් නැතත්, වැදගත් රාජකාරියක් තියෙන හින්දා උදේම නැගිටින්න හිතාගෙන.

ඒ දෛවෝපගත උදෑසන එලාම් සද්දෙන් මම අවදිවෙලා රෑ වගේම ඇන්න උඩ ඇදට. පස්සෙ අපි දෙන්නා හිමිදිරි උදේම ඇස් අඳුරට හුරු කර ගන්න ගමන් බලාගෙන හිටියෙ ඊලඟට මොකද වෙන්නෙ කියලා.

ඔන්න ටික වෙලාවකින් ෆර්ඩියා ආවා රෙජියගේ ලොකර් එක ගාවට. රෙජියා නිදියි කියලා සැක හැරගත්තු ෆර්ඩියා වටපිට බලලා ලොකර් එකේ පියන ඇදලා ගත්තා ටූත් පේස්ට් පෙට්ටිය. පෙට්ටියෙන් ටූත් පේස්ට් එක එලියට අරං තමන්ගෙ බුරුසුවට දා ගත්තු ෆර්ඩියා ටුත් පේස්ට් පෙට්ටියට ආයිම ටුත්පේස්ට් ටියුබ් එක දාලා, ඒක ලෝකර් එකට රිංගවලා අඳුරෙම බාත්රූම් එක පැත්තට ගැටුවා.

ඊට පස්සෙ, රෙජියා ඇරුනම මේ ලෝකෙන්ම ඒ රහස දන්න අපි දෙන්නත් ඇදෙන් පැනලා බොරුවට බුරුසු දෙකත් අරං ෆර්ඩියා පස්සෙ පැන්නුවෙ, මාපොට ඇඟිල්ල ප්‍රධාන අවශේෂ ඇඟිලි විතරක් ආධාර කොරගෙන, තියෙන නිෂ්ශබ්දතාවයට පොඩි හරි මෙව්වා එක්ක වෙන්නෙ නැති වෙන්ඩ.

මුලු ලෝකෙටම හොරෙන් රෙජියාගෙ ටූත් පේස්ට් එක මංකොල්ලකාලා වීරයා වගේ බාත්රූම් එකට ඇදෙන ෆර්ඩියට ඊ ලගට වෙන්න යන‍දේ අපිට මැවිලා පෙනෙද්දි, අපේ බඩවල් ‍කොරවෙලා ඇස්වලින් කඳුලු පයින්න ආවා. ඒ හිනාව හිරකරගෙන ඉඳලා වැඩිකමට. මට වැඩියෙම හුස්ම හිරවෙන්ඩ ආවේ ෂැ‍වොලියා දිහා බලද්දි. මිනිහා එලියට පනින්න හදන හිනාව කට ඇරලා කට අස්සටම ඔබන්න හදනවා අතින් කටට ගගහ.

කොහොමහරි අපේ පර්ඩියා කන්නාඩිය ඉස්සරට ගිහිල්ලා, මුණ දෙපැත්ත හරෝ හරෝ බැලුවෙ හරියට සකිවිති රජකෙනෙක්, තමන්ගෙ කරණවෑමියාට රැවුල පෙන්නවා වගේ හරි උජාරුවට. පස්සෙ මිනිහා කණ්නාඩියට විරිත්තලා බුරුසුව තියාගත්තා ඉස්සරහා දත් වහල්ලෙ. තියලා ඇරියා දකුණු ඇන්දෙ දත් දිගේ අස්සට. ආයිමත් මිනිහා දත් බුරුසුව දිහා හොඳට බලලා ඇරියා අනිත් පැත්තටත්. ඔහොම දෙපාරක් විතර කරලා මිනිහා බුරුසුව විදුලි වේගෙන් කටින් එලියට අරං ආයිමත් සැරයක් ඒක දිහා පුදුමෙන් වගේ බැලුවා.

ඊට පස්සෙ තමා නියම ජවුසම පටන් ගත්තෙ.

ෆර්ඩියා එකපාරටම අතේ තිබ්බ බුරුසුව පැත්තකට විසික්කරලා, අත් දෙකෙන්ම කට වහගගෙන ඇඹරෙන්ඩ ගත්තා. පස්සෙ "හෝ....හෝ......" ගගා පිඔ පිඔ සින්ක් එකෙන් කට හේදුවා . මුලු ලෝකෙම සුව නින්දෙ ඉන්න වෙලාවේ, කොහේදෝ මන්දා කඳවුරක බාත්රූම් එකක් අස්සෙ අහස පොලොව නුහුලන අපරාධයක් වෙලා. අනේ අපේ දුප්පත් ෆර්ඩියා. මිනිහට උදව්වට කව්රුත් නෑ වගේ.

රෙජියා ලියපු තිර නාටකයට, ෆර්ඩියා රඟපානවා. ඒක ටිකට් නැතුව බලපු අපිට මේ වෙද්දි බ‍ඩේ කොරේ හොඳටම වැඩිවෙලා තිබුනෙ. ඒ හින්දා අපි දෙන්නා එතනින් එලියට පැනලා, බිලට් එකෙනුත් එලියට ගිහිල්ලා ඇති වෙනකල් හිනා උනා හද්දා කලුවරේ. හිනාව අඩු වේගෙන එද්දි, අපි දෙන්නා කලේ ෆර්ඩිය මූහුණ දුන්නු ජවනිකා තනියෙම මතක් කරගෙන ඔටෝ චූන් උන එකයි. අන්තිමේ පාං කියාගන්න බැරි ගානට හකු රිදෙන්න ගත්තට පස්සෙ අපි තීරණය කලා ආපහු බාත්රූම් එකේ අලුත් තත්වෙ බලන්න.

අපි එතෙන්ට යද්දි, අපේ ෆර්ඩියා නේද? අනේ පව්! මිනිහාගේ තොල් දෙක ඒ වෙද්දි අප්‍රිකාවේ මීනී කන කාපිරියෙක්ගෙ ව‍ගේ ඉදිමිලා බරියං වෙලා ගිහිල්ලා. ඇස්වලින් කඳුලු ගලනවා. මිනිහාට කරන්න දෙයක් නැති තැන, ඔලුවට අත් දෙක තියාගෙන, කණ්නාඩිය දිහා බලාගෙන මේ පැටලිච්ච නූල් බෝලෙ කොනක් හොයනවා.

ඒ හිංදම අපි ෆර්ඩියා ගාවට ගියේ පුදුම හිතිලා වගේ මුණු හදාගෙන. ඊට පස්සෙ කලින් තීරනේ කරගෙන හිටිය හැටියට, රෙජියගෙ කතාවෙ දෙවෙනි එපිසෝඩ් එක අපි දෙන්නා ලිව්වා. ඒ මෙන්න මෙහෙමයි.

"අම්මච්චියා.......ෆර්ඩියා, අපි දෙන්නා දුවගෙන ආවේ උඔට විස්තරේ කියන්ඩ. කොහෙද අපි එද්දි පරක්කු වැඩිනෙ... නැද්ද ශැවොලියා...."

"ඒකනෙ.... ඒකනෙ....."

"උඔ දන්නවද? රෙජියා ඊයේ මහ කැත වැඩක් කලා. අපි ඔක්කොමලා නිදා ගන්න ගියාට පස්සෙ පොර ටූත් පේස්ට් පෙට්ටියට වින්ටජිනෝ ටියුබ් එක දාලයි නිදා ගත්තෙ....."

"නෑ.......................!!!"

"නෑ...... නෙමේ...... උඔ බොරුනං ගිහිල්ලා අහපං උගෙන්ම.... හැබැයි අපි කිව්වා කියලා එහෙම කියන්ඩ එපා.... අන්න පොර උඔට පෝරියල් එක සෙට් කරලා තාම සැපට නිදි....."

එහෙම කියන්ඩත් පොර “මම ඕකට.........“ කියාගෙන බිලට් එක පැත්තට දිව්වා. ඒ නිකන් ම නෙමේ! ටොයිලට් එකකට රිංගලා ඒකෙන් බාල්දියක් පුරොලා වතුර අරං, බාත්රූම් එක මුල්ලෙ තිබුනු හාපික් එකෙනුයි, ඩෙටෝල් බෝතලෙනුයි ඩිංග ඩිංගත් වතුරට හලාගෙන.

දැක්කා නේද?

ආන්න ඒකයි කියන්නෙ "කවදා නමුත් ඇත්ත හෙලි වෙනවා" යි කියලා!!!

.....................
-මීට යුරො දෙකේ වීරයා.

ස්තුතිය!

මේ කතාව මතක්නේ ලකි සිරි හඳමාමා නිසාය.
ඒ නිසා ලකිසිරි හඳමාමාට මගේ බලවත් ස්තුතියි!

70 ක් කියන්නේ !:

  1. මාර ඇත්තක් තමා එලිවෙලා තියෙන්නේ!!! ඉතින් රෙජියාට අර බාල්දිය වැදුනද? :D

    ReplyDelete
  2. මං හිතුව සුවර් එකටම වින්ටජිනෝ පාරක් දෙන්ටැති කියලා.. උඹෙ කතාව මට අපේ ඉස්කෝලෙ හොස්ටල් කාලෙ මතක් කොලා බං.. අපෙ අප්පේ එහෙමත් කාලයක්..

    ReplyDelete
  3. හුහ්..හුහ්...ෆර්ඩියාට හොඳම වැඩේ...

    ReplyDelete
  4. Replies
    1. පොකු,
      මොනා වෙන්ඩැති කියලද හිතන්නෙ..
      ..........

      බුරා,
      ඒ කියන්නෙ වින්ඩර්ජිනො වලින් මුලින්ම දත් මැදලා තියෙන්නෙ අපේ ෆර්ඩියා නෙමෙයි කියන එකද?
      ........

      හරී,
      අපිටත් ඒකමනෙ හිතුනේ....

      ........

      Amila,
      Thanx!

      Delete
  5. දැන් කෝ මෙකේ තුන්වෙනි එපිසෝඩ් එක.
    රෙජියට වතුර ගැසීම සහ තොරතුරු හෙළිකල යුරෝ දෙකේ වීරයා ගුටි කෑම.

    ReplyDelete
  6. මටත් අපේ හොස්ටල් කාලේ මතක් වුනා. ඔය අගුල් දාපු ලොකර් වලින් බඩු උස්සන එක හැමෝම කරනවා වගෙ. මමත් බ්ලොග් පෝස්ට් එකක් ඩ්‍රාෆ්ට් එකේ දාලා තියෙන්නෙ ඔය වගෙම හොස්ටල් කතා ගැන.

    ඒක නෙවෙයි චූටි මහත්තයා, අන්න මමත් අමරුවෙන් ග්‍රැ‍ෆික් ටැබ්ලට් අහවල් එකෙන් ඇඳපු පළවෙනි නිර්මාණය දැම්මා. හක්ක පනිනවානෙ ඒකෙන් අඳින්න ගියාම තාම පුරුදු නැති නිසා.
    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. ප්‍රසා,
      වීරයෝ කවදද ගුටි කෑවේ. අනික ගුටි කෑවත් කවදද කීවේ.

      ............
      ජේත්තුකාරයා,
      ඇන්ද සිත්තරේ හොයාගන්ඩ බෑ... ඩුඩි බ්ලොග් එකේ බැලුවා නෑනේ..... කෝ අපට ලින්ක් එක දෙන්ඩකො.... අර කතාවත් දාන්ඩ බලන්ඩ. අපේ යාලුවොයි ඩුඩිගෙ යාලුවොයි එක වගේද බලන්ඩ... අර ලින්ක් එක පුලුවන්නම් දැන්ම එවන්ට

      Delete
    2. ඇයි චූටි මහත්තයො මගෙ සිංහල බ්ලොග් එකේ "මට හිතෙන හැටි" ඒකෙ තියෙන රයිස් ඇන්ඩ් කරි කියන අලුත්ම පෝස්ට් එකේ තියෙන්නෙ අර දිලිසි දිලිසි දෙවෙනියට. ලින්ක් එක
      http://matahithenahatty.wordpress.com/2012/02/22/%e0%b6%bb%e0%b6%ba%e0%b7%92%e0%b7%83%e0%b7%8a-%e0%b6%87%e0%b6%b1%e0%b7%8a-%e0%b6%9a%e0%b6%bb%e0%b7%92-%e0%b6%9a%e0%b6%b8%e0%b7%94-%e0%b6%b1%e0%b7%9a%e0%b6%af-%e0%b6%b8%e0%b6%a0%e0%b6%82%e0%b6%bd/

      චූටි මහත්තය බලපු ඉංග්ලිෂ් එකෙත් තියෙනවා මම පැන්සලෙන් කොලේක ඇඳපු එකක්. හැබැයි දැන් ටික ටික පුරුදුවේගන එන්නෙ ටැබ්ලට් එකට.

      henryblogwalker the Dude

      Delete
  7. අඩේ හොද වැඩේ ෆර්ඩියට...ඒත් රෙජීටත් රිටන් එක හම්බ වෙන්න ඇති නේද???

    ReplyDelete
  8. හක් හක්... පව් යකෝ....

    ReplyDelete
  9. හොස්ටල් වලනම් ඔය වගේ වැඩ අනන්තවත් වෙනවා

    ReplyDelete
  10. කතාව නම් එලට තිබුනා..... චිත්‍රයක් තිබ්බා නම් සීන් එක ගැන තවත් නියමයි.

    ReplyDelete
    Replies
    1. නිසුපා,
      අන්න බලන්ඩ වැරදිකාරයෝ නිවැරදි කාරයන්ට දඩුවම් දෙන කාලේ මේ....

      ...........
      අභීත,
      ආ.... උඔලා තාප්පෙන් පනිද්දි හොඳයි.

      ...........
      අකීකරු,
      මේයා නං ඒවා ගැන හොඳට දන්නවා වගේ....:P

      .....
      හර්ෂන,
      ඇයි සිත්තරේ දැක්කෙ නැද්ද? මෙදා පාර මං සිත්තරෙ ඇන්දෙ හිතේ....

      Delete
  11. අපේ හොස්ටල් එකෙත් සිද්ධියක් වුණා. ඒකෙ ඔය වගේවත් සුවද කුඩු නෑ. ඒත් එකෙක් අර කොළපාට ජෙල් එකක් තියාන ගර්ල්ස් හොස්ටල් යන වෙලාවට ගාගෙන යනවා. මේක බලාන ඉන්න බැරි වුණ උගෙ ගමේම එකෙක් ෆාම් එකෙන් අළුත් ගොම ටිකක් ගෙනත් අරකට කළවම් කරලා තිබ්බා. අරූ මේක ගාගෙන ගියා. හවස බඩු මාට්ටුයි. මොකද ඕක අපි කවුරුවත්ම කියන්න ගියේ නෑනෙ. එහෙම හොඳ නෑනෙ. මෙන් රෑ හෙන ගිණි කෙළියයි. වතුර බාල්දි ආයුධ වලින් සටන ඇරඹුනා. දන්නවනෙ ඉතින්. අහිංසක අපිත් ඒකට සෙට් වුණා.

    ඔන් මටත් පරණ කථාවක් මතක් වුණා. විදෙස් සිත්තරා මේක දැකලා නැද්ද?

    ReplyDelete
    Replies
    1. මොකද්ද කිව්වෙ.. "අහිංසක අපි" අනේ......., එතකොට අර කූඩුවෙ හිටියෙ කව්ද?

      Delete
  12. හපොයි.....ඔයින් ගියා ඇති...:D

    ReplyDelete
  13. උඹලා දෙන්නා වගේ අවංක සාම දූතයෝ දෙන්නෙක් හිටිය හින්දම හොඳයි...

    ReplyDelete
  14. /*අපිනං ඔය කිරිං ටිකක්, සුවඳ විලවුන් ටිකක්, අලුත් පහේ ටී ෂර්ට් එකක්, කිරි පිටි හරි සීනි හරි ඩිංගක්, කොටුවට යන්න මාරු කාසි ටිකක් ඇරුනම අනුන්ගෙ ලොකර් වලට අත දාලා කිසිම දෙයක් ගන්නැ ඔය විදිහට ෆර්ඩියා වගේ.*/
    යකෝ බලාගෙන යද්දි ෆර්ඩියා හොඳයිනෙ මුන්ට වැඩිය

    ReplyDelete
  15. ඌරු පැටියෙක් දුන්න කිව්වම මම හිතුව ඌ කෑම මේසෙට තියන්න දුන්න කියල. :D :D

    ReplyDelete
    Replies
    1. ලකී,
      අල්ලපු වැටේ වෙච්චා ආයිබෝං...!
      ......

      මාරයා,
      හෙහ් හේ....
      .........

      පිණිබිඳු,
      ඉතිං පිනිබිදු අපි ෆර්ඩියා වගේ ගන්නැනේ.....:P
      .........

      මුහුදු,
      කෑම මෙසවල ඌරු පැටැව් තියෙනවද? කූඩුවට දුන්නෙ......

      Delete
  16. ඕකනේ කියන්නෙ. උඹලට හොඳ පුරුදු ඇත්තෙම නෑ කියලා. දවසට දෙවරක් දත් මදින්න ඕනෙනේ... උදේට විතරක්ද දත් මදින්නෙ ? රෑටත් දත් මදින පුරුද්ද තිබුනනං වින්ටජිනෝ ගාගන්න වෙන්නෙ නෑනේ....!

    ඔන්න බොලේ මටත් ඔය දත් බේත් ගැන කතාවක් මතක් උනා.....!

    ReplyDelete
  17. හොඳ වෙලාවට වින්ටජිනෝ............. යූ හූ හරි හාර්කෝබොන්ඩ් හරි වුනා නං එහෙම..................

    ReplyDelete
  18. හැක්... හැක්
    උඹල දෙන්න ඊට පස්සේ ඇඟේ පතේ රිදෙන තැන් වලට ගෑවේ ඒ වින්ටර්ජිනෝ එකමද....:)

    ReplyDelete
    Replies
    1. බොල රෑටත් දත් මදිනවා..... රෙජියා විසින් අර වැඩේ කලේ රෑ වැඩ මුරය අවසන් වෙන කනිසමට...................:D ඒ කියන්නෙ ලයිට් නිම්මට පස්සෙ

      Delete
    2. රන්දිල්,
      සුපර් ග්ලු උනානං කොහොමද ගතිය...
      .....

      ලොකුපුතා,
      බොලා අපි ගැන හිතාන ඉන්න හැටි තමා ඔය.....

      Delete
  19. හරි හොඳ වැඩක් කරලා තියෙන්නේ එක ෆිල්ම් එකක් බලලා නිකන් ඉන්නේ නැතුව ෆිල්ම් දෙකක්ම බලන්න සෙට් කරගෙන තියෙන්නේ ෂෝක් එකට.... ඉතින් මගෝඩි වැඩේ කරපු එකාව නෑව්වද ඊට පස්සේ මොකද වුනේ දෙන්නම එක්කහු වෙලා අයියලා දෙන්නට නෙළුවේ එහෙම නැද්ද අඩු ගානේ ඒ දෙන්නවත් නෙලාගත්තේ නැද්ද ඈ....

    පහුගිය සිත්තරේ බලන්න එන්න බැරිවුනානේ අද ඒකත් බැලුවා කියන්න වචන නෑ සුපිරියි උපරිමයි උත්කෘෂ්ටයි අනර්ඝයි.... ඕං ආයේ මතක් කොරන්නම් අවුරුදු තෑග්ගක් විදියට හරි පොඩි චිත්‍ර කතා පෙලක් දාමුකෝ

    ReplyDelete
    Replies
    1. ගැමියා,
      දාමු දාමු සිත්තර දාන්න බැරියැ වෙලාව තිබුනොත්....... මම උපරිම ට්‍රයි කරන්නම්. ස්තුතියි මේ පැත්තෙ නිතර දෙ‍වේලෙ ඇවිල්ලා යනවට

      Delete
  20. හිහ්.... මරු පනිෂ්මන්ට් එක... යකෝ හොරකම් කලා මදිවට අයිතිකාරයට ගන්හන්ඩත් යන එක තමා කාල ඉන්ඩ බැරි..

    ReplyDelete
  21. හපොයි මෙහෙමත් යාළුවෝ කියන්න තමා තියෙන්නෙ..සුවර් එකටම අර කිව්වත් වගේ දෙපැත්ත අවුළුවලා ගුටි කන්න ඇති නැතිවෙන්න..කොහෙද ඉතින් අපිට ඒ ගුටි කාපු හරිය කියන්නෑනෙ..

    ReplyDelete
  22. අපේ අම්මගෙ මල ගෙදරදි අපේ මාමගෙ දුවට ට්‍රයි කරපු මගෙ යාලුවෙකුට ඒකි උදේම දත් මදින්න දීල තිබුන වින්ටජිනෝ එක . . . හොඳම සීන් එක කියන්නෙ ඌ දත් මැදල ටූත් පේස්ට් කෙල ගිලින ජාතියෙ එකෙක් . . .
    ඊට පස්සෙ ඌ නෙමේ නංගි දිහෑ ඇහැක් ඇරල බැලුවෙ

    ReplyDelete
    Replies
    1. Senna,
      අනේ කාලෙ වනේ වාසේ කියන්නෙ ඒකනෙ....:P
      ......

      රූ,
      ඒකනෙ... වීරයෙක් ගුටි කන කෑලි කතාවල දාන්නෙ කව්ද රූ.. අර දෙමල ගැල්ලමයිගෙන් ඕගොල්ල ගුටිකාපුවත් ඔයා දාලා නෑනේ..හෙහ් හේ....
      .........

      ඕන මැන්ටල්,
      උඔගෙ යාලුවොත් උඔ වගේම වෙච්ච එකේ.... සහෝරියො එහෙම නොවී හිටීයියැ......

      Delete
    2. @බුද්ධි,
      ෂ්..ෂ්..කට කට..හරි ඉතින් අපි දැන් යාාාළුවොනෙ..:)

      Delete
    3. රූ, හෙහ්.... බලාගෙන යද්දි අපි කව්රුත් එකයි වගේ.... එහෙනං ඔන්න මමත් කට වහගත්තා...:P

      Delete
  23. මරු... යූරෝ දෙකේ වීරයට ඊට පස්සෙ මොකෝ උණේ?

    ReplyDelete
  24. ඊට පස්සේ යුරො දෙකේ වීරයා අම්බානක කන්න ඇති...

    ReplyDelete
  25. ෂීක්..මේ චුටිමහත්තයලා එක්ක බැහැනේ . කවුද දැන් වැඩිය ගුටි කෑවේ. හතරදෙනෙක් රෝහල්ගත වෙන්න ඇති

    ReplyDelete
  26. හික් හික් හික් මරු වැඩේ....

    ReplyDelete
    Replies
    1. තරු අරුන්දතී,
      මොනා වෙන්ඩද අනේ.... යෙහෙං වැජඹුනා..
      .......

      ගිනි කුරුල්ලා,
      හෙහ්..හේ.... මේවගේ කේස් ගැන අද්දැකීම් තියෙනවා වගේ...
      .......

      බින්දි,
      අපි නං කෑවේ නෑ...... පාවාදෙන අය කවද්ද ගුටි කෑවේ
      ........

      හසී,
      කරලා බලන්ඩකෝ එහෙනං ඔයත්

      Delete
  27. ///අපිනං ඔය කිරිං ටිකක්, සුවඳ විලවුන් ටිකක්, අලුත් පහේ ටී ෂර්ට් එකක්, කිරි පිටි හරි සීනි හරි ඩිංගක්, කොටුවට යන්න මාරු කාසි ටිකක් ඇරුනම අනුන්ගෙ ලොකර් වලට අත දාලා කිසිම දෙයක් ගන්නැ //// බලාගෙන යද්දි ෆර්ඩියා උස්සපු දෙයක් ​නැහැනේ... පවු අහිසංකයා....

    ReplyDelete
  28. හපෝයි උඹල වගේ නසරාණියෝ ටිකක්.

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න,
      ෆර්ඩියා උස්සන්නෑ...ඇදලා ගන්නෙ....
      .........

      පැණි දොඩම්,
      අපි හොඳ ළමයි අනේ.... වෙලාවක් තිබුනම ගංගාරාමෙ පාලටමටත් යනවා.

      Delete
  29. ඕකනේ ඉතින් සටන පාවා දීල නේ. සික්....:)

    ReplyDelete
    Replies
    1. ඒකනෙ වැඩේ. අපි නං අම්මේ මුත්තේ කීවත් සටන පාවාදෙන්නෙ නෑ.

      Delete
    2. කස්සා,
      නෑ..නෑ... අපි මේක පාවා දුන්නැ... අපි කලේ සටන් බිම කෝලං මඩුවක් කරපු එකයි හෙහ් හෙ....
      .....

      කිරිපුතා,
      ඔය කිව්වට.... අපි නොදන්නවැයි.... :P

      Delete
  30. අපිනං ඔය කිරිං ටිකක්, සුවඳ විලවුන් ටිකක්, අලුත් පහේ ටී ෂර්ට් එකක්, කිරි පිටි හරි සීනි හරි ඩිංගක්, කොටුවට යන්න මාරු කාසි ටිකක් ඇරුනම අනුන්ගෙ ලොකර් වලට අත දාලා කිසිම දෙයක් ගන්නැ...
    යකෝ මූ රටේ හොරෙක් නේ...උබ එහෙම වින්ටජිනෝ වලින් දත් මැද්දේ නෑද

    ReplyDelete
    Replies
    1. අපි ගත්ත ඔක්කොම ගන්නෙ මහ දවාලේ එලි පිට. අරූ එහෙමද මහ රෑ.....

      උඔට මම කතාවක් කියන්නං.

      අපේ එකෙක්ගෙ බයික් එකක් මහ දවාලෙ ඇවිල්ලා හොරකං කරගෙන ගියා. මූ ඩන්ෂුවරන්ස් එකට කතා කලා හොරකටම වන්දි ඉල්ලගන්ඩ. කම්පැනියෙන් ඇවිල්ලා මොකද දන්නවද කිව්වෙ" හොරකමක් කියන්නෙ කව්රුත් නැති වෙලාවට කරන එකක්, මේක අයිතිකාරයා ඉද්දි ගෙනිච්චෙ, ඒ කියන්නෙ මේක මංකොල්ලයක්. මං කොල්ල කානවට රක්ෂනෙ දාලා නැති හින්දා ක්ලෙම් දෙන්න බෑ කියලා. කොහොමද වැඩේ

      Delete
    2. උඹගෙ කතාවත් හරි මේ කොමෙන්ට් එකත් හරි යුරෝ දෙකේ වීරයො.....මේක හෙන වැදගත් පොයින්ට් එකක්......බලාගෙන යනකොට මංකොල්ල කෑවම පොලිසි ගිහින් නාගන්නවට වඩා හොඳ, හොරු ගත්තා, අනේ මං දන්නෙත් නෑ, දැක්කෙත් නෑ කියලා ඉන්ෂුවරන්ස් එකට කියන එකනෙ....

      Delete
    3. කො‍‍‍හොමත් ඇන්ටියක් පොලෝසියෙ දාන්න ඕනෙ ඉන්ෂුවරන්ස් ගන්න. පොලෝසියට පොර ගියාම උන් ඇහැව්වලු හොරුන්ව අඳුරනවද කියලා.... කාට කියන්නද මේ දුක ඔබ හැර...!

      Delete
    4. හික්ස් අපේ ගෙදරත් ඔහොම මහා දවාලේ මෝට බයිසිකලයක් ගෙනිච්චා බන්

      Delete
  31. මම ඉස්කෝලෙ හොස්ටල් එකේ ඉන්දැද්දි ක්‍රිකට් ගහන වෙලාවක එකෙක්ගෙ 'ෆැමිලි ජුවෙල්ස් ' වල බෝලෙ වැදිල, තව එකෙක්ගෙ උපදෙස් පිට වින්ටජිනෝ ගාල. අය්යෝ ඌ වින්ද දුකක්.

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩක් හොයලා බලන්ඩ. උගෙ පොඩි උන්ට සැර කෑම හොඳට පුරුදු ඇති!

      Delete
  32. බලං ගියහම වින්ටජිනෝ ත් අවුරුදු 50ක් 60ක් විතර පරණ ජාතියක් නෙව........ :D

    ReplyDelete
    Replies
    1. ඔයා හදන්නෙ නිදා සිටින සිංහයින් අවධි කරගන්න රන්දිල්.... ඔය සිංගයා අවධි උනාම හරි කරදර හෙහ්....හේ.... සුවර් එකට පොර කමෙන්ට් කරලා යන්ඩැත්තෙ Subscribe by email එකටත් කොටාගෙන....

      Delete
    2. ඊයෙ පෙරේද චූ කොල්ලො කෙල්ලො මොනව දන්නවද බං ? වින්ටජිනෝ අපේ අම්මල තාත්තලගෙ කාලෙත් තිබිල තියෙනව. මං දන්න කාලෙත් ඔය පැකට් එකේ ටියුබ් එකේ කොළ පාටටම 'වින්ටග්රීන් ' කියල හොර එකකුත් මාකට් එකට ආව...හෙහ්...හෙහ්...

      Delete
    3. මොනා දැනගත්තත් මේ ටික දන්නවද? ඔය වින්ටර්ජිනො එක හදන්න දාන මැන්තොල් පැලෑටිය අපේ රටට ආවෙනික ගහක්ලු. නමුත් එක උස්සලා දැං වින්ටජිනෝ කාරයෝ පේටන්ට් අරන්ලු තියෙන්නෙ. ඒවා වෙලා තියෙන්නෙ ඔබා මමලයි කාලෙ. ඔන්න දැං අපේ පැත්තෙත් ගහනවා වින්ටර්ජිනෝ එකක්. හස්ලීක්ස් කාරයට හොරෙන්. ඒක රු48/- කොහොමද වෙනස.....

      Delete
    4. පණ්ඩිතකන් කිව්වට පැලේ නම දන්නව නං කියහන් බලන්න....ඕවට පේටන්ට් ගාස්තු අපේ සීයල සුද්දන්ගෙන් අරන් තියෙන්නේ බොලාගේ සීයලත් එක්ක එක්කහු වෙලා, බොලාට පරම්පරාවෙන් උරුම කොටස ලැබුන් නැත්තන් සොරි.කොම්

      Delete
    5. කොතල හිබුටු වලටත් ඔය සන්තෑසියම වෙන්න ගියා හරි උනා හරි මට මතකයි..

      Delete
    6. ඒකටත් හරි කියලා තමා මමත් දන්නෙ..... අපි පව් නේ ද!!

      Delete
    7. ඔබා, ඒ අතින් අපේ සීයලා මොල කාරයෝ.... ගහ මැරෙන්න කලින් විකුණල සල්ලි අරං... අපේ සීයලාව අදහන්න වටිනවා... ඇත්තට පැලේ නම මොකද්ද කිව්වෙ.......මේච්චර වෙලා මතක තිබුනා දැං අමතක උනානෙ.....

      Delete
  33. //ඊයෙ පෙරේද චූ කොල්ලො කෙල්ලො මොනව දන්නවද බං ?///

    වාව්............ තැන්කු තැන්කු........

    ReplyDelete
    Replies
    1. රන්දිල් දාගත්තෙ ඇයි තොප්පිය, සයිස් එක හරි ගියාට අහක යන ඒව දාගන්න එපා...හෙහ්..හෙහ්..ඒම් කොලේ වෙන කෙනෙකුට...එයත් දාගෙන වගේ හැබැයි...

      Delete
  34. සිද්ධාලේප වෙන වෙන තැන් වල ගෑවුනහම ඔයිට වඩා සනීපයි..අපේ සෙට් එකකටම හොස්ටල් එකේදි හැදුනා ප්‍රීති කසානා.. අනේ අර ගාන්න තිබ්බ ක්‍රීම් එකකට කට හරිය විතරක් පිරෙන්න එකෙක් සිද්ධාලේප පුරවලා.. මුලින්ම ගාපු උන්ට දැනිච්ච සනීපෙ.. කියලා වැඩක් නෑ..

    ReplyDelete
  35. මළ ගෙවල්වල නිදන් ඉන්න උන්ගේ අල්ල පිරෙන්න ටූත්පේස්ට් දාලා නහයට පොල් කෙන්දක් දැම්මම කොහොමද ආතල් එක....ඌම උගේ මූනේ අතුල්ල ගන්නවා....ස්වයං වින්දනය කියන්නේ ඕකට...

    ReplyDelete
    Replies
    1. ඕකට මළගෙයක්ම වෙන්න ඕන නෑ.. අපි ඉස්කෝලෙ හොස්ටල් එකේ ඉන්නකොට හැමදාම රෑට කරපු දෙයක්.. ටූත්පේස්ට් ගෑම, ෂු පොලිෂ් ගෑම, ඇදට තියලා ගැට ගැසීම, ඇද පිටින් උස්සගෙන ගිහින් බාත්රූම් එකේ තියලා ඒම.. ඔය වැඩ කීපයක් විතරයි.. :D

      Delete
  36. වින්ටජිනෝ වලින් දත් මදින්නත් පුලුවන් කියලා අදමයි දන්නේ.

    ReplyDelete
  37. කෝ බොල සෙනසුරාදා චිත්තරේ..!!??

    ReplyDelete
    Replies
    1. අනේ සිත්තරේ ඇන්දා යාලුවේ.... සෙනසුරාදා උදේ බලද්දිත් තීන්ත වේලිලා නෑ.... ඉතිං සඳුදා උදේම දාන්ඩයි හිතාගෙන ඉන්නෙ... ඒකත් හොඳට ගියා කියන්නෙ අපි ගැන බලන්ඩත් යාලුවො දෙතුන් දෙනෙක් හරි ඉන්නවා ඈ.....

      Delete
  38. මමත් අද උදේ ඉඳන්ම කඩියා වගෙ බිසි. මේ නිදාගන්න ගිහින් ආයෙම නැගිටලා ආඅවෙ උඹේ චිත්‍රෙ මතක් වෙලා. තීන්ත වේලෙන්න දවස් දෙකක් යනවා එහෙනං ආ?

    henryblogwalker the Dude

    ReplyDelete

ඔබේ පංගුව...

...................................................................

Related Posts Plugin for WordPress, Blogger...