2012/04/14

අද කාටුන් - 11 - සැඟවුනු අමුත්තා සොයමු !

අලුත් අවුරුදු දවස් වල කරන්න වැඩ එමට තිබුනත්, කෙහෙල්කොටුව පැත්තෙ එන්න අමතක නොකරපු අයට මෙන්න පොඩි තරගයක්. සැඟවුනු අමුත්තා සොයමු.

එහෙනම් වසරේ දැවැන්තම කාටුන් ප්‍රදර්ශණය  “පතිවත“ කාටුන් ප්‍රදර්ශණය සමඟ නැවත සඳුදා උදේ 6 ට හමුවෙමු.

මේ වන විට කාටුන් ප්‍රදර්ශණය සඳහා එකකට එකක් නොදෙවෙනි වූ කාටුන් හෙනට ලැබී ඇත. ඒ අතර,
01. අභීත එදිරිසිංහ මහතා (ටිකක් හිනා වෙවී)
02. බීට්ල් බෙයිලි මහතා (සියලුම අකුරු වැඩ)
03. ඉටලි ඩිලාන් මහතා (ප්‍රවීණ සූපවේදී - වලව්වෙ නිත්‍ය කුක්)
04. ගයාන් තාරක මහතා (අයි ටී වැඩ සඳහා)
05. හරී මහතා (හීනලන්තයේ සිට)
06. හෙන්රි ඩූඩ් මහතා (ජේත්තුකාරයා)
07. මකරා මහතා (මකර අධිරාජ්‍යයේ සිට)
08. මාරයා මහතා (ජනතාවට වේලාව දක්වන්නෝ)
09. මුහුදු මංකොල්ලකාරයා මහතා (පයිරෙට්ස් ඔව් දී අන්දමන්)
10. ඕනමැන්ටල් මහතා (ඕනමැන්ටල් ආට්ස්)
12. පොඩිකුමාරි හාමි මැණිකේ (වලව්වෙ කාන්තා හඬ)
13. පොත්ගුල්ලා මහතා (සිතාගන්ට බෑය)
14. සෙන්නා මහතා (කුරුන්දේ ගවේශක තැන)
15. කාවින්ධ්‍යා නෝනා ( සුදු හංසිලු)
16. ප්‍රියන්ත වෙනිවැල්පිටිය (කාලයේ තාලයට උපදෙස් සපයන්නෝ)
17. සුමින්ද වික්‍රමසිංහ මහතා (විකී ආට්ස්) යන පිරිසගේ කාටුන් දැනටම ප්‍රදර්ශණය සඳහා සුදානම් කර ඇත.

ඔබත් නොපමාව ඔබගේ කාටුනය ඉරිදා සවස 6 ට පෙර යොමු කරන්න. වැඩි විස්තර මෙතැනින්.

...............................
- මීට විදෙස් සිත්තරා.

29 ක් කියන්නේ !:

  1. දුකා නං ඉන්නවා පේනවා... :)

    ReplyDelete
  2. නම් කීපයක්ම තිබේ.

    රවී
    රත්න
    බබී

    මෙයින් බ්ලොග් ලියන්නේ රවී පමණී. බබී ගේ තාත්තා (හෙවත් බුද්ධී) ද ලියයි.

    ReplyDelete
    Replies
    1. හුටා මම දැන්නෙවැ දැක්කෙ, දුකාට එහාපැත්තෙන් 'කකා' ත් ඉන්නවා.. :D

      Delete
  3. හොඳ වෙලාවට කමෙන්ට් මොඩරේට් කරලා තියෙන්නෙ....:P

    ReplyDelete
  4. කොහෙද බොල බුරතීනෝ කකා ඉන්නෙ....

    ReplyDelete
    Replies
    1. කකා ඉන්නව රතින්නා එල්ලපු අත්තට පේලි දෙකක් යටින් රිවස් එකට

      Delete
    2. ඇයි බොල, දුකා ගෙ 'කා'යන්නයි, ඒ එක්කම අනිත් කොටුවෙ තියෙන 'ක'යන්නයි රිවස් එකට කියෙවුවහම කකා නෙවෙයිද..?? මූ දාපු අකුරු මූටම පේන්නෑ, අද මොනවැයි තෝ බිවුවෙ..!?

      පලි: ඒයි, මම දාපු එක කමෙන්ට් එකක් අඩුයිනෙ.. බලහං ස්පෑම් ගොඩේ තියෙනවද කියලා..

      Delete
  5. පිළිතුර නම් "දුකා" යැ.

    henryblogwalker the Dude

    ReplyDelete
  6. මට නං බැරිය... :)

    ReplyDelete
  7. අන්න දුකා ඉන්නව ගහේ අත්තට පොඩ්ඩක් යටින්. කතන්දර ඉන්නව කොකිස් පිඟානට උඩිනුයි යටිනුයි! :D

    ReplyDelete
  8. කතන් ර කියල තියෙනව දැක්ක. දයන්න වෙන කොහෙන් හරි ‍හොයාගන්න වෙයි.

    ඔබටත් එසේම වේවා !

    ReplyDelete
  9. අනේ මංදා... හොයන්ඩ බෑ.... සඳරුගෙ කෑල්ලක් තියනවා, මාරයගෙත් එහෙමයි... තව තව ඒවයේ කෑලි කෑලි තියනවා වගේ...

    මගෙ සිත්තරේ හම්බුන්නැතෙයි ?

    ReplyDelete
  10. දුකා අයියගේ නම මම දැක්කෝ....

    ReplyDelete
  11. කොයි අප්පා මගේ නම ලැයිස්තුවෙ නෑනෙ. මම එවපු කාටුනේ කුණු කූඩෙද ? මාරයි රවියි දැක්කා . සැඟවුණු එකා වහා හෙළි කරනු

    ReplyDelete
  12. අනේ මේ කෙහෙල්කොටුවේ පොඩි එකාගේ වැඩ හන්දා අපට නිවාඩු දවසේවත්, කාලා, බීලා ටිකක් නිදාගන්ට නැති හැටි.:(

    මට නම් පේන්නේ මේ නම් තුන.
    කතන් රස
    සඳ මාර
    නඩරත්න

    ඔය තුන්දෙනාගෙන් එක්කෙනෙක් වෙන්ට ඇති.:D ලඟින්වත් ගිහින් තිබුනොත් මට තෑග්ගක් ඕනේ.

    ReplyDelete
  13. නම් බාග තියෙන්නේ,,හොයන්න බෑ

    ReplyDelete
  14. මෙහි සඳහන් නම සෙවීමට අප මහන්සි වුණාට පළක් නැත. එය සඟවී ඇත්තේ අර කැවිලි පෙට්ටි පසුපස හෝ එවන් වෙනත් යමක් පසුපස නිසා මෙය සෙවීමට අපට නෙහැකිය.

    ReplyDelete
  15. දුකා දුටිමි..
    අයි ටී වැඩ කිවුවේ මොනවද දන්නෑ නේද?

    ReplyDelete
  16. මට නම් බෑ මාර ට්‍රයි එකක් දුන්නා මට ඒත් බෑ බෑමයි

    ReplyDelete
  17. ජීවිතයක මිනිස් වටිනාකම දැනෙන
    මොහඳුර මැකී සත්‍යය හරි හැටි පෙනෙන
    විසංවාදයට නිරතුරු ඉඩ ලැබෙන
    වසරක් උදාවේවා සැනසුම පිරුණ

    ReplyDelete
    Replies
    1. ස්තුතියි කකා! එසේම වේවා!!!

      Delete
  18. ඔක්කොටම කළින් කමෙන්ට් බැලුවනේ... :(
    දැන් ඉතින් වැඩක් නැහැ.

    ReplyDelete
  19. මේකේ සැඟවුනු අමුත්තෝ ගොඩක් ඉන්නවා
    දුකා සම්පූර්නයෙන්
    කකා සම්පූර්නයෙන්
    කතන්දර කාරයා (ඒත් කකාම තමා) ගේ බාගේ "කතන්"
    සඳරුවගේ 2/3 "සඳ"
    මාරයගේ 2/3 "මාර"
    රත්ගමයගේ 1/4 "රත්"

    ReplyDelete
    Replies
    1. අවුරුදු කටේ කෙහෙලේ‍කොටුවට ආ සියලු දෙනාට තුති. ‍මේකේ සැඟවුනු අමුත්තා ඇවිල්ලා දුකා භයියා. පෙර දින රාත්රියේ මම නිසි අවසරය අරගෙනයි මේ තරගෙට එයාගෙ නම ඇතුලු කොලේ.

      ජයග්‍රාහකයන්ට මගෙන් සුබ පැතුම්! තෑගි ළඟදීම දුකා භයියා ගානේ ඔබලාට ලැ‍බෙයි....!:P

      Delete
  20. මට තියෙන්නේ උඹ දෙන තෑග්ග අදාල කෙනාට භාර දෙන එක ඉතරයි නේද කොලුවෝ . .

    ReplyDelete

ඔබේ පංගුව...

...................................................................

Related Posts Plugin for WordPress, Blogger...