2012/04/10

තනිවම පොලේ යෑමෙන් තරුණයන්ගෙ ‘පතිවත‘ කෙලෙසෙයිද? | වෛද්‍යාචාර්යතුමනි මට පිළිතුරක් ලබා දෙන්න.!

පොලේ යාම යන වචනය කණ වැකුනු සැනින් මගේ මතකයට එන්නෙ කුඩා සන්දියයි.

"කුඩා සන්දිය" පොල පිහිටියේ අපේ ගමට ටිකක් දුරිනි. එහි යා යුත්තෙ බස් රථයෙනි. පොල ඉරිදා පැවැත්වෙන බැවින් කෙහෙල්කොටුව ගමේ සිට කුඩා සන්දිය වෙත එදිනට විශේෂ ලංගම බස් සේවාවක්ද, ඒ හා තරග කිරීමට ගමේ හයිකාරයින්ගේ "බුටු වෑන්" දෙක තුනක්ද යෙදවෙයි.

පොලේ ගිය විගස වැඩිහිටියෝ මට කූරක ගැසූ බොම්බයි මොටයියෙක් අරගෙන දෙයි.

මා එයින් පසු බොම්බයි මොටයි ලෝකයේ අතරමං වෙන කාලය තුල වැඩිහිටියෝ බඩු ද මුට්ටු ද ගනියි. මෙය කුඩා මා රවටාගන්නා කදිම උපායක් බව වැටහුනේ චිරාත් කාලයකට පසුවය.

ඒ මක් නිසාදැයි කිවහොත්, පොලට ඇතුලු වෙද්දීම මට ලැබෙන බොම්බයි මොටයිය පොලේ බාහිර බලපෑම් වලින් ආරක්ෂා කරගැනීමට මට නොතිත් අරගලයක යෙදීමට සිදුවීමයි. විශේෂයෙන් මා කුඩා දරුවෙකු නිසා ශරීර ප්‍රමාණයෙන් ද කුඩාය. ඒ හේතුවෙන් බොම්බයි මොටයිය පිහිටන්නෙ සාමාන්‍යයෙන්  වැඩිහිටි නැන්දලා මාමලාගෙ ඉණ මට්ටමේය. ඒ නිසා බොම්බයි මොටයිය තෙරපෙන සෙනගගෙන් බේරා ගත යුතුය. එළවලු වල ගුණ දොස් විමසන්නට ඒ දෙසට නෑමී සිටින නැන්දලා මාමලාගෙ පස්සවල් වල එය ගැටීම වලක්වා ගත යුතුය. බොම්බයි මොටයිය යම් කිසිවෙක් දුටුවහොත් ඕනැම කෙනෙක් පාරෙන් පැන එයට ඉඩ දී මා දෙස රවා බලයි. ‍ඒ බොම්බයි මොටයි ඇ‍ඳුම් වල තැවරුනොත් ඒ පැල්ලම ඉවත් කිරීම අපහසු නිසාය.

තවද මේ අරුම පුදුම වස්තුව නිසා පොලේ සිටින සම වයසේ ළමයින්ගේ නොමද ඉරිසියාවට මා භාජනය වේ. ඒ නිසා ළගින් යද්දි එයට අලාභ හානී කරන්නට මාන බලන්නන්ගෙන් එය ආරක්ෂා කළ යුතුය. බාගදා උන්ගේ කෙළ බැල්මෙන් වහන් කල යුතුය. නැතිනම් මට ගෙදර ගිය හැටියෙ බඩේ ගාය අල්ලයි. 

මේ සියල්ල අස්සේ මා එය රස ද බැලිය යුතුය. මේ ගැන අවධානය යොමු කරන්නට සිදු වීම නිසා මට පොලේ ඇවිදින විට "කකුල් රිදෙනවාය, සෙනග අස්සේ තෙරපෙන්නට බෑය, අපෝ දැං ඇති. ගෙදර යං"ය වැනි ඉල්ලීම් කිරීමට අවස්ථාව හා අවධානය නැති වී යයි.

ඉදින් ඒ මුලු කාලය තුලම මා කර ඇත්තෙ, දිවත් උඩු තල්ලත් අතර තැබූ සැනින් අන්තර්ධාන වී යන ඒ අරුම පුදුම රෝස පාට කමකට නැති වස්තුවක් ආරක්ෂා කරමින් සිටීමයි.

ඉන්පසු මා පොලේ ගියේ ගැටවර වියේ දීය. තනිවමය.

ඒ අපොස සාපෙ හා උපෙ ප්‍රතිඵල එනතුරු නැවතී සි‍ටි කාලයයි. ඒ දිනවල මට පොලේ යාමට සල්ලිත්, ගෙන ආ යුතු බඩු ලිස්ට් එකත් ලියා දෙයි. ගැටයා කාලේ පොලේ යාම මානසික වදයකි. පොලේ යාම වනාහී වැඩිහිටියන්ගේ රාජකාරියකි. මා මෙයට ඇඳීමෙන් ඔවුන් කරන්නෙ බලවත් වරදකි. බොහෝවිට පොළට "එහෙටත් මෙහෙටත්" නැති කොලු ගැටයින් එන්නේ නම් ඒ අතලොස්සකි. ලිස්ට් එක පොල මැද දිග ඇරගන්නා මා හට ඉන් පසු සිදුවන අකට‍යුතුකම් බොහෝය.

තනිවම පොලේ යෑමෙන් තරුණයන්ගේ පතිවත කෙලෙසෙයිද?

මේ ගැටලුවට පිළිතුරු සෙවීමට සිදුවූයේ හදිසියේ ඊයේ සවස් කාලයේ මට පොලේ යාමට සිදු වීම නිසයි. ඇරත් තනියෙම!

ඇත්ත වශයෙන්ම කියතොත් මා වැනි කඩවසම් කදිම ඉලන්දාරියෙකුට පොලේ යාම වැනි කටයුත්තක් තරම් නොවේ යැයි මම සිතමි. මොහොතක් සිතන්න. පතෝල, වැටකොලු, මුරුංගා දඬු හිරවී එලියට පනින්න හදන මල්ලක් රැගෙන පැත්තට ඇලවී සිය රථය කරා බඩු මල්ල ඔසොවාගෙන එන කඩවසම් තරුණයෙක්. ඒ වෙන කව්රුත් නොව ඔබගේ ආදරණීය යුරෝ දෙකේ වීරයා නම්. අහෝ බේදයකි. සොරි! ඛේදයකි.

අපේ පොල සඳුදා හවස සිට අඟහරුවාදා දෙක තුන වන තුරු පවතින්නකි. ඒ හේතුවෙන් පොලට එන බහුතරය වන අක්කලාට සහ නැන්දලාට සුවඳ විළවුන් ගා කදිමට සැරසී ඒමට ඉඩ කඩ ඇත. අයියලා බොහෝමයක් ගසා එන්නෙ ආම්ස්කට් හෝ බොක්සිං බැනියම්ය. බැලු බැල්මට සඳුදා රාත්‍රිය වන විට පොල පිටින් සිට බලන්නෙකුට දිස් වෙන්නෙ කානිවල් එකක් ලෙසය. ඇතුලට ගිය විටය, පේන දෙයට වඩා දකින දේ වෙනස් බව වැටහෙන්නෙ.

මම කුඩා කල සහ ගැටවර වියේ පොලේ ගොස් අද්දැකීම් ලබා ඇති නිසා ඉලන්දාරි වයසේ තනිවම පොලේ යාමේ ආදීනව හොඳින් දනිමි.

කෙසේ වුවද හදිසියේ මට පාත් වන මෙවැනි මරාල සියල්ලම වාගේ ලිහා ඒවා සමනය කර දෙන්නෙ හැමදාම වගේ මැරියන්ය. ඈ මෙයටද කදිම උපායක් යෙදීවීය. ඒ ගෙන ආ යුතු බඩු ලිස්ට් එකක් සාදා නවීන පන්නයට ගැලපෙන ලෙස එය ම‍ගේ ජංගම දුරකථනයේ ඩ්‍රාෆ්ට් කර දීමය. මට තිබෙන්නෙ තුන්ඩු කෑලි ඇදගෙන දැඟලීම වෙනුවට මගේ අති නවීන ජංගම දුරකථනය කාටත් පෙනෙන සේ එලියට ගෙන එයින් බලා බඩු මුට්ටු ගැනීමයි. ලිස්ට් එක ඩ්‍රාෆ්ට් කර තිබුනේ මෙසේය.

Ala 1kg
Luunu 1kg
Maiyokka 1kg
Bonchi 500g
Beet 500g
Carrot 500g
Thalana batu 500g
Karawala Jathi 2, Hal Masso 250g
Goraka 100
Kaha kudu 50
Mukunuwanna, Gotukola, Karapincha Mitiya bagin.

වෙලාව පැමිණියේය. මම සවස් කාලයේ පොල වෙත ඇදුනෙමි. වෙනදා මා දැක පුරුදු සියල්ල මට මුල සිටම නුහුරට පෙනෙන්න ගත්තේය.‍

මුලින්ම හමුවෙන මයියොක්කා (ඇත්ත වශයෙන්ම නිවැරදි වචනය මඤ්ඤොක්කා වුවත් මා එය ලියන්න නොදනිමි. එය මගේ වරදක් නොව මේ අධ්‍යාපන ක්‍රමයේ වරදකි.) මාමා මා සමඟ සිනාසුනේ සුහදව උනත් මට එය පෙනුනෙ ඔලොක්කුවට කළ සරදමක් ලෙසය. ඇරත් එතනින් මයියොක්කා ගැනීම ඉබ්බගෙන් අත මාරුවට පිහාටුවක් ගන්නවාට වඩා අමාරුය. මයියොක්කා වල ගුණ දොස් බැලීමට මනාව දෙකට නැමීගෙන සිටින නැන්දලා (ඇත්ත වශයෙන්ම මෙය "ඇන්ටිලා"  විය යුතුය. නමුත් ඇන්ටි යන වචනයේ ධ්වනිතාර්ථයට මා සතුටු නැත.) බොහෝය. ඒ අතරට මා ගොස් පිවිතුරු සිතින් මයියොක්කා කිලෝ එකක් ඉල්ලුවද, අර නැන්දලා මා දෙස බලන්නෙ සෙනග වැඩි බසයකට, ජැක් එකක් අතින් ගෙන ගොඩවූ ටින්කර් බාස් කෙනෙක් දෙස බලන්නාක් මෙන් දවා හලු කරන බැල්මකි.

අනෙක් අතට ජංගම දුරකතනය බලාගෙන එළවලු ඉල්ලීමද සිතූ තරම් ප්‍රා‍යෝගික නැත. එක අතකින් බඩු මල්ල ගෙන අනිත් අතින් දුරකතනයේ ඇති එළවලු වල අපබ්‍රන්ස සිංග්‍රිසි නම් සිංහලට පෙරලමින් සිටිය දී තිරය නිවී යයි. නැවත එය පත්තු කර මෙතැනින් ගත යුත්තේ මේ සෙට් එකය යන්න නිර්ණය කර එළවලු ඉල්ලීමට ලැස්ති වෙන විට මට පිටුපසින් හෙන ට්‍රැෆික් ජෑම් එකක් හැදි තිබේ. ඒ ගොල්ලන් " බලන්ඩ අනේ මුගේ තියෙන මෙව්වා කම" කියලා එකිනෙකාට පවසමින්මගේ පිටට යවුල් පහර දෙක බැගින් දී එතනින් අමාරුවෙන් පාර පනියි.

කරෝල ගැනීමේ දී මට තවත් සුලු අකරතැබ්බයක් විය. ඒ සුවඳ මාරු වීම නිසාය.

කරෝල ගැනීමේ දී සැලකිය යුතු මුලික කාරණා දෙකක් හා අනුකාරණා රාශියකි. ඒ ගැන මට මුලින් උපදෙස් දී තිබුනි. කරෝලයා බැලූ බැල්මට වියලි පෙනුමෙන් සිත ඇද ගත යුතුය. දෙවැන්න එයට නැහැය ලං කර බැලීමේ දී අමු‍වෙන් උනත් කෑමට සිතෙන සුවඳක් එයින් විහිදිය යුතුය. ඒ පරීක්ෂණ දෙකෙන්ම  කරෝල යාලුවා පාස් වූ පසු අනුකාරණා සලකා බැලේ. ඒවා නම් උෂ්ණාධික කරෝල වර්ගයක් නොවීම, කෑවායින් පසු කට කාරවා නොයෑම, පොත්ත අඩු මස් වැඩි ජාතියක් වීම, ඔලුව කුඩා හෝ ඔලුවක් නොමැති ඇඟ ලොකු උන් වීම ආදියයි.

ඉදින් මේ සියල්ල සලකා බැලූ මට එක් දෙයක් අමතක වී ඇති බව පසක් විය. ඒ සුවඳ බැලීමයි. මම කරෝල යාලුවා නැහැයට ලංකොට සුවඳ බැලීමි. එවිට මට ආවේ පිච්ච මල් හා ඉංග්ලිෂ් රෝස් මල් සුවඳින් සුවඳවත් වූ කදිම ලැවැන්ඩ සුවදකි. මා ඒ රසය උරාගෙන කරෝල අයියාගෙන් කෝචෝක් ස්වරයෙන් මෙසේ ඇසීමි. "ඕගොල්ලන් මේ කරෝල පිච්චමල් වතුරෙන් හෝදලද වේලන්නෙ?". එවිට කරෝල අයියා මුකුත් නොකියා නිකං සිටි අතර, අසල තක්කාලි තෝරමින් සිටි නැන්දා කෙනෙක් "ආ... උඔලගෙ කෙල්ලොන්ට විතරයි සෙන් පවුඩර් ගහලා පොලේ එන්ඩ පුලුවන්..... අපි ගහපුවාම තමා උඔලට අමාරු නේ" කියාගෙන ඇයගේ දැවැන්ත පස්චාත්තියෙන් මට ඇනගෙන යන්ට ගියාය.

ඒ සියල්ල විද දරාගෙන සිටි මා, මද අස්වැසිල්ලක් සොයා සරුවත් කඩේ පැත්තට ඇල්ලුවෙමි. සරුවත් කඩේ වනාහි පොලේ මුල්ලක පිහිටි, පොඩි ආවරණමය ගතියක් ඇති නිදහස් තැනකි. රුපියල් 40/- දී සරුවත් එකක් ගෙන අර ආවරණමය පෙදෙසට වී ඕනෑ නම් පොඩි ස්ටූලයක ඉඳගෙන එය පානය කල හැකිය. එයින් මගේ ආතතිය සමනය වේ යැයි මම සිතුවෙමි.

මම සරුවත් කෝප්පක් ගෙන එයින් උගුරක් බොමින් මෙතෙක් සිදු වූ සියල්ල ආවර්ජනය කරමින් අර ආවරණමය පෙදෙසට ගියෙමි. අවාසනාවක මහත! එහි වැඩිපුර සිටියේ බඩු ගන්න ආ කාන්තා පක්ෂයේ අයයි. අවාසනාව එය නොවේ. කාන්තා පක්ෂයේ මුහුණු අතර මට දැක පුරුදු මුහුණු ගණනින් දෙකක් විය. ඒ අපේ පුංචි ඉස්කෝලෙට (ඇත්ත වශයෙන්ම Star Kids Academy - ගෙදර වගේ කැමති විදිහට ‍ලේසි විදිහට ඉගෙන ගන්න එන්න.) එන ග්ලෝරියා දැරිවිගේත්, එහන්සා දැරිවිගේත් අම්මලාගේ මූණුය. දරුවන් ද අලිගැට පේර බොමින් ළඟ ළඟම සිටිති.

මා දුටු පමණින් ඔවුන් මට අසීමිත ගෞරව සම්ප්‍රයුක්ත බවක් දක්වමින් හුනස්සෙන් නැගිට්ටෝය. පොඩ්ඩෝ "අර අපේ සර් යැ"යි (ඇත්ත වශයෙන්ම මම සර් කෙනෙක් නොවෙමි. මැරියන් ටීචර් වූ දිනම ඇගේ ගෝලයන් විසින් මා සර් තනතුරට උසස් කරනු ලැබීය.) තම යහලුවන්ට හදුන්වාදෙයි. මට මහත් අපහසුතාවයක් දැනුනි. මට සිතුනේ, මා බඩු මල්ලක් අතින් ගෙන නිර්වස්තරයක් ඇඳගෙන ඔවුන් ඉදිරියේ කස කසා ඇට දැමූ සැකරින් වීදුරුවක් පානය කරන තකතීරුවෙකු ලෙසය. මට එතනින් චුත වීමට හැකි උනානම්!

ඇත්ත වශයෙන්ම තනිවම පොලේ යාම ඛේදවාචකයකි. ඩබල් දමා යන්නේනම් එය සැබෑ ආනන්දයකි.

ඉදින් තෙරපෙමින්, ඇනෙමින්, වදිමින්, දවා හලු වෙමින්, නැවත හරියමින්, සුවඳ උරමින් ආදී එකි නොකී මහත් වූ කෝලාහලයන්ට මුහුණ දෙමින් මා එදින පොලේ යාම අවසන් කලෙමි.

කෙසේ හෝ එක දෙයක් මා කිව යුතුය. එදා පොලේ නැන්දලා පොඩ්ඩ බැරිවන විට මා දෙස බැලුවේ, කුඩා කළ මෙන් මම පිටිපස්සෙන් ගොස් ඔවුන්ට බොම්බයි මොටයියෙන් ඇන්නා වැනි බැල්මකිනි. සිදූ වු කලබගෑනි නිසා මට බොම්බයි මොටයිය තබා, බොම්බයි මොටයියට ගසන කූර ගැනවත් ඒ අවස්ථාවේදී මතක් නොවීය.

අවසාන වශයෙන් මම‍ මෙසේ කියමි.

පිරිමින් වන අපට කවදාවත් පතිවත සුරැකිය නොහැකිය. ඒ මක්නිසාද යත් අප පිරිමින් වන බැවිනි. අපට සුරැකිය හැක්කෙ බඹසරයි.

ඉදින් එය රැකී ඇද්දැයි සොයන්නෙ කුමන ක්‍රමවේදයෙන්ද? එයට ක්‍රමවේදයක් තිබේද? බඹසර බිඳුනත් එය බිදී ඇත්තෙ මගේ වරදින්ද? පොලේ දී සිදූ වූ සිදුවීම් වලින් මගේ බඹසර වලට මෙව්වා වී ඇත්ද?

වෛද්‍යාචාර්යතුමනි, මට පිළිතුරක් ලබා දෙන්න. (ඇත්ත වශයෙන්ම මේ මොහොතේ සිට ඕගොල්ලන් සියලු දෙනාවම මම වෛද්‍යවරු තත්වයට උසස් කරමි.)

.............................
- මීට අසරණ යුරෝ දෙකේ වීරයා.

බිඳිලද නැද්ද කියා ශුවර් නැති නිසා මා මානසිකව ඇඳවැටී අත උලුක්කු වී ඇත. ඒක නිසා චිත්‍ර ඇඳීමට නොහැකිය. ආදරණීය මිතුරනි, මගේ සිත හැදෙන්න මෙයට ගැලපෙන චිත්‍ර කිහිපයක් ඇඳ හැකි ඉක්මනින් එවන්න. මම ඒවා "අද කාටුන් - 11" තුලින් ප්‍රචාරය කර මේ ඔක්කොම අමතක කරලා දමමි.

චිත්‍ර ඇඳ එවීමේ කොන්දේසි -

  • වයස අවුරුදු 6ට වැඩි ඕනෑම අයෙකුට මෙයට සහභාගි විට හැකිය.
  • චිත්‍ර එවීමේදී ඊ මේලයට ඇටෑච් කර සබ්ජෙක්ට් එකට CYC යනුවෙන් නම් කර එවන්න.
  • චිත්‍ර ඇඳීමට ඕනෑම මාධ්‍යක් භාවිතා කළ හැකිය. වැල්ලේ ඇඳ පොටෝ ගසා එව්වද කම් නැත.
  • නිරුවත් හෝ අසභ්‍ය දර්ශන ඇතුලත් චිත්‍ර ඉවත් කරනු ලැබේ. කලාත්මක නම් කමක් නැත.
  • චිත්‍ර භාර ගැනීම 14 වෙනි ඉරිදා සවස 6 න් අවසන් වේ. 
  • චිත්‍ර ප්‍රදර්ශණය "අද කාටුන් - 11" යටතේ ඊලග සතියේ සඳුදා උදෑසන 6 ට ආරම්භ වේ.
  • ඔබගේ වටිනා නිර්මාණ cyberlipi@gmail.com යන ලිපිනයට එවන්න.

වැදගත්-
  • මෙය එදා මෙන් චිත්‍ර තරගයක් නොවේ. චිත්‍ර තරගයක් පැවැත්වීමට තවමත් කල් මදිය.
  • මගේ අතින් කාටුන් වුනු අයට මෙය කදිම අවස්ථාවකි. 
  • නිවාඩු දිනයන් තුන හතරක් එන නිසා අඳින්නට වෙලාවක් වෙන් කර ගැනීමට හැකිවේ යැයි සිතමි.
  • ඔබට සාර්ථක චිත්‍රයක් ඇඳ එවීමේ හැකියාව ලැබේවා! මට එය සාර්ථක කර ගැනීමට ලැබේවා!   
 මේ අලුත් අවුරුද්දට කලින් එන අන්තිම ලිපියයි.  
.........................
 
  සයිබර් යායේ රසික පිරිසට සුබ අලුත් වේවා. නිවාඩු කාලය සතුටින් ගෙවන්න හැකිවේවා!  
 
         

137 ක් කියන්නේ !:

  1. අද සර් කියුවද ලඟදීම අංකල් වෙනු ඇත.

    ReplyDelete
    Replies
    1. මේ යන විදිහට අංකල් කියා නැවතුනොත් එය සතුටකි

      Delete
  2. මය පොලේ යන වැඩේ මාත් කළා බොලේ. මගේ කාර් එකට බයර් කෙනෙක් ලුබුනේ ඔය විදිටට නුගේගොඩ පොළට ගිය වෙලාවකයි.

    http://kathandara.blogspot.com.au/2011/06/blog-post_29.html

    ඔය අළුත ගත්තු වණ්ඩිය බේරා ගනිං!

    ReplyDelete
    Replies
    1. අපෝ මතක් කරන්ඩ එපා රතු කොරොල්ලා කාරෙක නේද..... මාසයක් කිට්ටුවෙනකල් වවාගෙන කාපු කතන්දරේ......

      .............

      හෙහ් හෙ.... එලෝලු දාන්ඩ වෙනම රිජුපෝම් පෙට්ටියක් අරගෙන තියෙන්නෙ....

      Delete
  3. ඔය ලයිස්තුවේ තිබුනේ නැද්ද Sprats කියලා හෙම අපේ ඉංගිරිසි ටීචර් ලියලා?

    http://kathandara.blogspot.com.au/2012/01/what-on-earth-are-sprats.html

    උඹටත් කොළුවෝ මට වෙන ඒවාමයි වෙන්නේ.

    ReplyDelete
    Replies
    1. නෑ නේ එයා ලියලා තියෙන්නෙ Hal Masso කියලා. දන්නවනේ මගේ තරම...

      Delete
    2. මට මතක් වුන‍්එත් ස්ප්‍රැට්ස් තමයි...

      Delete
    3. රයිස් ෆ්ලයිස්

      Delete
  4. පොලේ යනවට වඩා ආතල් 'කඩේ' යන එක.. ඒ නිසා මීට පස්සෙ උඹත් පොලේ නොගිහින් කඩේ යන්ට පුරුදු වෙයන්.. කාටහරි කඩේයන්ට පුළුවන් නං තවත් හොදයි.. :)

    පලි: මොකද්ද බොල "සයිබර් යායේ රසික පිරිසට සුබ අලුත් වේවා." කියන්නෙ..!!??

    ReplyDelete
    Replies
    1. බුරා, දන්න දා ඉදං කඩේ නං යනවා නෙව. ‍අහලා නැද්ද මෙහෙම කියමනක් තියෙනවා.

      විශ්වයේ සියලු සම්බන්ධතා වල පදනම ද පැවැත්මද රදා පවතින්නෙ කඩේ යාම මතය. - මහා පඬි යුරෝ දෙකේ වීරයා.

      ප.ලි. ඔකේ වරද කුමක්ද? රසික කියන්නෙ සර්ව නාමයක් ‍නොවේද? නිවැරදි එක ලියා දිහන් තරුවක් එක්කලා මම ඒක ඇතුලත් කරන්නම්....:D

      Delete
    2. ආ අමතක වුනා නෙවැ කලිං කියන්ට, උඹට ඔච්චරම සැක බය තියේනං පතිවත ගෙදර තියලා පොලේ පලයං.. ඒ ඉඩේ තව හාල්මැස්සො කරවල ටිකක්වත් දාගෙන එන්ට බැරියැ..

      Delete
    3. බුරා, අන්න හොඳ ළමයි. තමන් ම හොයාගෙන ක්‍රියාත්මකර කරන ඒවා යාලුවන්ටත් කියාදෙනවා

      Delete
  5. මේක කරන්න හොඳම කෙනා අපේ රවා තමයි...

    හිටහංකෝ වෙලාවක් තිබුනොත් මාත් මගේ සිත්තර හැකියාවෙන් පුයෝජනය ගන්න.. දැනටත් උඹව මමයි රවයි කාටුන් බයට පත් කරලානේ තියෙන්නේ...

    ReplyDelete
    Replies
    1. මාරයා,
      උඹ රවාට ඔච්චර අහුඋනාද? උගේ කට වැඩ කලාට අත වැඩකරන්නෙ නෑ. ඌයි මමයි අඳින සිත්තර.

      උඔ එකක් ඈදලා දීහන්, හැපැයි මාව ලස්සනට ඇඳලා එවපන්.....

      Delete
  6. මීට පස්සේ පොලේ යන්න එපා ඔය ෆුඩ් සිටි තියෙන්නේ ඕනතරම් .

    ඔබටත්,සයිබර් යායේ රසික පිරිසටත් සුභ අලුත් අවුරුද්දක් පතමි !

    ReplyDelete
    Replies
    1. ගිම්හානි,
      පොලේ තියෙන තරම් ෆ්‍රෙෂ් බඩු නැනෙ ඔය සිටි වල. අනික ගාන නං හෙන වෙනස්.....
      .............

      එසේම වේවා! කැවුම් කොකිස් කැවේවා!

      Delete
  7. නියමයි අපේ පැත්තටත් ඇවිල්ල යන්න

    ReplyDelete
    Replies
    1. ස්තුතියි. ආවා හිමීට කියවන්න හිතාගත්තා.

      Delete
  8. අපොයි! තවම පොලේ යන්න චාන්ස් ලැබුනේ නෑ. ඒත් ගෑනු ළමයි එක්ක ශොපින් ගිහින් නම් ලොවෙත් ක‍ටු කාලා තියෙනවා!

    ReplyDelete
    Replies
    1. කතා කරලා වැඩැක් ඇතැයි ඒ ගැන.

      ඒ වුනාට නියම මෙව්වා එක ගන්න නම් පොලේ යන්නම ඕනේ.... ගිහිං ඇවිල්ලාම කියන්න අපිටත් අහගෙන ඉදලා දුක් වෙන්න....:P

      Delete
  9. මේ වගේ ලෙඩෙක් පලවෙනි වතාවටයි ඔන්න මගෙ වෛද්‍ය ජීවිතේ හම්බ උනේ...

    1.ඉදින් එය රැකී ඇද්දැයි සොයන්නෙ කුමන ක්‍රමවේදයෙන්ද?
    2.එයට ක්‍රමවේදයක් තිබේද?
    3.බඹසර බිඳුනත් එය බිදී ඇත්තෙ මගේ වරදින්ද? 4.පොලේ දී සිදූ වූ සිදුවීම් වලින් මගේ බඹසර වලට මෙව්වා වී ඇත්ද?

    කොහොම උනත් බෙහෙත් ගන්ඩ ආපු ලෙඩාව එලවන්න බෑනේ....
    අමාරුවෙන් හරි ඔය ප්‍රශ්න ටිකට පිලිතුරු දෙන්නම්කො...

    1.ඕක රැකී ඇද්දැයි සෙවීමට මා දන්නා තරමින් ජීව විද්දයාත්මක ක්‍රමයක්‌ නොමැත...එය දන්නේ අදාල පුද්ගලයා පමණි....වීෙටක තවත් කෙනෙකු දනී...ඒ ඔබට බඹසර කඩා ගැනීමට උපකාරී වූ පුද්ගලයාය....ගිහින් ඒ අදාල කෙනාගෙන් අසා බලන්න...

    2.පෙර පිලිතුරමය....

    3.හුදෙක්ම ඔබගේ වරදින්ම විය නොහැක.යම් අයුරකින් අනෙක් පාර්ශවයද යම් අයුරක දායකත්වයක්,උත්තේජනයක් වී ඇත.

    4.ඔබගේ බඹසර වලට පොලේ සිදුවීම් වලින් කිසිදු බලපෑමක් නොමත.වී ඇත්තේ ඔබ මානසික වශයෙන් යම් ආකාරයක අවපීඩන තත්වයකට ලක්වීම පමණි....එය දින කිහිපයකින් මග හරි යනු ඇත....

    බඹසර බිදුනොත් නැවත ශල්‍යකර්මයකින් බද්ද කිරීමට ක්‍රමයක් සොයාගෙන නොමැත....කන්‍යා පටලය බිදුනාට අවුලක් නැත...ඒවාට දැන් ප්‍රතිකර්ම සොයාගෙන ඇත....

    කරුණාකර ඔබගේ අවපීඩන තත්වය මග හරි යන තෙක් පොලේ යාමෙන් වලකින්න....නැතහොත් ඔබට මීට වඩා බරපතල රෝගී තත්වයන්නට මුහුණ දීමට සිදු විය හැක.....


    වෛද්‍ය උපදෙස් පිළිපැදීම අනිවාර්ය වේ...

    ReplyDelete
    Replies
    1. මුලින්ම දොස්තර මහත්තයට ස්තුතයි මේ ගැන හරි තොරතුරක් දුන්නට,

      උපදෙස් කියෙව්වාම තේරුනේ මේක මගේ මානසික අවපීඩනයක් කියලායි. ඉතින් එය මඟහැර ගැනීමට ක්‍රමයක් මමත් කියා ඇත. ඒය නම් සිත්තරයක් ඇඳ එවීමයි.

      දොස්තර මහත්තයටත හැකි අයුරින් සිත්තරයක් ඇඳ එවන මෙන් ඉල්ලමි. එතකොට මගේ මානසික අවපීඩන තත්වය ඉක්මනින්ම මෙව්වා වේවී. ස්තුතියි වෛද්‍ය උපදේස් වලට!!!!

      Delete
  10. පොලනම් පට්ටය...ඈබන් සුබ අලුත් නෙමේ අලුත් එකක් වේවා කියහං

    ReplyDelete
    Replies
    1. ස්තුතයි! එහෙකම් රාජ් මහතාට සුබ අලුත් මෙව්වා එකක් ම වේවා.....!

      Delete
  11. අර පොඩි කොලුවා පොලේ ගිය හැටි නම් මාර ලස්සනයි.

    //පතෝල, වැටකොලු, මුරුංගා දඬු හිරවී එලියට පනින්න හදන මල්ලක් රැගෙන පැත්තට ඇලවී සිය රථය කරා බඩු මල්ල ඔසොවාගෙන එන කඩවසම් තරුණයෙක්.//

    දැන් මේ කඩවසම් කතාව කවුද කියලා තියෙන්නේ?

    මහ වෙදානන්ට,

    මෙන්න මෙයාට ඔය 'පතිවත' කියන වචනේ තේරුම කියලා දෙන්ට. නැත්නම් ඔය පොලේ යන විටක ඕක කොයි වෙලාවේ හරි බිම වැටෙනවා.:D:D:D

    සිත්තර අඳින්ට හපොයි.....අපට නම් බෑ.:)))

    ReplyDelete
    Replies
    1. කුමාරිහාමි,
      ස්තුතියි. ඒ පොඩි කොලුවා වනාහී මේ මංම වේදැ!

      දැන් මේ කඩවසම් කතාව කවුද කියලා තියෙන්නේ?//

      ඒක කිව්වෙත් කියන්නෙත් මම ම තමා. මම කඩවසම්ද නැද්ද කියලා මම දන්නැති එකක් යැයි. අනික ඕගොල්ලන්ට එහෙම හිතුනත් කියන එකක් යැයි තියෙන ඉරිසියාවට;P

      Delete
  12. හැක්ස්!!!
    අපි නං තාම තනියෙන් පොලේ යන්නෙ නෑ.. :)

    ReplyDelete
    Replies
    1. තනියෙන් ඉද්දි පොලේ යාම තමා අන්තිම භයානක.......:P

      Delete
  13. පොලේ යාමත් අවුරුද්දකට කඩේ යාමත් වැඩි වෙනසක් වගේ .....

    ඔබටත් සුභ අලුත් අවුරුද්දක් වේවා.

    ReplyDelete
    Replies
    1. සුබ අලුත් අවුරුද්දක් වේවා....

      කඩේ යාමත් පොලේ යාමත් දෙකම වනාහි මටනම් ඇලජික්මය.

      Delete
  14. කෙසෙල් කොටුවෙ චූටි මහත්තයටත් පවුලේ සැමටත් සුබ අලුත් වේවා...!

    'ඇත්ත වශයෙන්ම කියතොත් මා වැනි කඩවසම් කදිම ඉලන්දාරියෙකුට' වෙන නැත්තං.

    ReplyDelete
    Replies
    1. ඔබටත් එසේම වේවා... මේ දා පාර අලුත් කාඩ් ටිකක් ගැහැව්වෙ නැද්ද, අලුත් අවුරුද්දට.

      .....

      වෙන නැත්තං තමා, වෙන ඉන්නවනං අපි මෙහෙම ඉදිවියැ.:P

      Delete
  15. පට්ට ලිවිල්ල. කුමර ඹබසර බිඳිලා වගේ පේන්නේ. කරන්න දෙයක් නෑ. කඩේ යන එක අඩු වැඩි වශයෙන් කොහොමත් කොල්ලන්ට කරන්න වෙනවමයි.....

    ReplyDelete
    Replies
    1. උඔගේ ලියුම් මම සැහෙන්න කියෙව්වෙමි. ජීවිතේ අඩුපාඩු සෑහෙන්න හදා ගත්තෙමි.

      නාන හැටි, ගෙදර ඉන්න ඕන හැටි වගේ දේවල් මම අදහස් කලේ :P

      Delete
  16. විවාහක පුරුසයන්ගේ ඛේදවාචකය මැනවින් විමර්ශණයකට ලක් කර ඇත්තේය.

    ReplyDelete
    Replies
    1. නවම්,
      ඔබත් පොලේ යාම නිසා මේවවා එක මෙව්වා කරගත් අසරණ වූ තරුණයෙක් වගේ පේන්නෙ....

      Delete
  17. මලත් පොලේ යන්නෙ නෑ...

    සුභ අළුත් අවුරුද්දක් වේවා!....

    ReplyDelete
    Replies
    1. ඔහොම තමා අපිත් හිතුවේ.

      එසේම වේවා!

      Delete
  18. මල්ලී මමත් පොළේ යන එක නවත්වලා ගොඩාක් කල්. මාර්කට් එකේ එක එළවළු කඩයකින් සේරම ගන්නවා වන්ෂොට්. පොඩි කාලේ අර එළවළු ගොඩවල් අතරින් අම්මගෙ අත අත ඇරෙයි කියලා බයේ යන එක දැන්නම් මාර ආතල් හිතන කොටත්.
    උඹ කිව්වා වගේ ජෝඩු දාලා යන එක ආනන්දනීයම තමා. හැකි සෑම විටම අපි එහෙම යමි.
    බලමු චිත්තරයක් අඳින්න ට්‍රයි එකක් දීලා.
    ඉතින් උඹටත් මැරියන්ටත් අර අළුත් “එකාටත්“ සුභ අලුත් ( ) වේවා. වරහන් මැද්දට කැමති නම් “අවුරුද්දක්“ කියලා දා ගනින්. සයිබර් යායෙ යාළුවන්ටත් සුභ එකක් වේවා.

    ReplyDelete
    Replies
    1. ඉෂාර,
      ඒ කාලේ මමත් හෙන බබයි අම්මලාගෙන් අපිව ගැලවෙයි කියලා. එහෙම උනොත් සන්නාසියෝ ඇවිදිං අපිව අල්ලන් ගිහින් කරෝල වාඩි වලට විකුණනවලුනෙ.

      ජෝඩු දමා පොලේ යාමේ අදීනවත් උඔ දන්නවා ඒ කියන්නෙ....

      උඔලටත් සුබ අලුත් අවුරුද්දක් වේවා....!

      Delete
    2. සන්නාසියෝ.....කරෝල වාඩි...... අම්මෝ හිතනකොටත් බයයි.

      Delete
  19. මාත් මේ ජංගමේ බඩු ලිස්ට් එක දාගෙන යන එක ට්‍රයි කරලා බලන්න ඕනෑ...

    //පතෝල, වැටකොලු, මුරුංගා දඬු හිරවී එලියට පනින්න හදන මල්ලක් රැගෙන පැත්තට ඇලවී සිය රථය කරා බඩු මල්ල ඔසොවාගෙන එන කඩවසම් තරුණයෙක්. //

    ලිස්ට් එකේ නැති ඒවා ගෙනල්ලා මැරියන්ගෙන් ගුටි කන්නයි වෙන්නෙ..

    ReplyDelete
  20. අමතක වුනා නෙව..
    සයිබර් යායේ හැමෝටම සුභ අළුත් අවුරුද්දක් වේවා..

    ReplyDelete
    Replies
    1. රෑ සොරි රූ,
      දවල් පොල තියේනං ජංගම කේස් එක අවුලක් වෙන්නෙ නෑති වෙයි. ඒත් ඔය සෙනග අස්සේ ඕක කියවගන්න හෙන අමාරුයි... ‍බොරුනං කරලම බලන්ඩකෝ....

      ඔය ඔයා හයිලයිට් කරලා තියෙන ටික මම ලියලා තියෙන්නෙ මගේ අසරණ රූපේ ජස්ට් ඉමැජින් කරගන්නනෙ.... වැඩියෙන් ගෙනියන්නැ මම අඩුවෙන් ගෙනිච්චත්.

      ඔබටත් රෑ සිරිනි යාලුවන්ටත් සොරි රූ සිරිනි යාලුවන්ටත් එසේම වේවා.....:P:D!

      Delete
  21. ෆෝන් එකේ ලිස්ට් එක ලියන් යන එක තමා මම මේ කතාවෙන් උගත් පාඩම....

    මොකද මම අතින් ලියන් යන ලිස්ට් එක මුතුවන් අකුරින් ලියාගෙන යන නිසා කියවා ගන්න බැරි වෙලා ඔය අඩුම කුඩුම දෙක තුනක් හැමදාම අමතක වෙනව.

    පොලේ යෑම එපා කරනා වැඩකි....
    කඩේ යාමද එසේමයැ....
    ඔය තැන් වලදී අපට සිදුවන අකටයුතුකම් බොහෝයැ....
    උඹ මෙහෙම වත ඒවා ගැන හඩ නැගීම අගනේයැ.....

    ReplyDelete
    Replies
    1. වෙල්ඩන්. එහෙම තමා ඉන්න ඕනැ! යමක් කියොලා ජීවිතේට යමක් ගන්නව නම් කොච්චර එකක්ද! :P

      නියම විදිහට තරුණයක්ට වෙන මේව්වා එක තේරුම්ගෙන සිටින ඔබට මගේ බලවත් උපහාරය.

      Delete
  22. පතිවත vs බඹසර
    ජුගුප්සාජනකයි.
    කලාත්මකයි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි. සිතතරයක් එව්වද?

      Delete
  23. පොලේ යාම නම් මමත් කාලයක්ම කොලා. කොල්ලා කාලේ අපේ අඳුනන නැන්ද කෙනෙක් ඉන්නවා පොලේ එලොළු විකුනන. අම්ම උදේම ගිහින් ඒ නැන්ද ලඟ අම්මට ඕනෙ බඩු ගෙනත් තියලා ගෙදර එනවා. මම යනවා පුස් බයික් එකේ ගිහින් බඩු ටික අරගෙන එනවා. ඔන්න ඔහොමයි වැඩේ වුනේ.
    කුමරි බඹසර තියන්නේ කෙල්ලන්ට කොල්ලන්ට තියන්නේ කුමර බඹසර. හැබැයි ඕක අවු 13, 14 වෙත්දි අතටම දියවෙලා යනවා. හොඳ වෙලාවට කෙල්ලො ඒ ගැන අහන්නේ නැත්තේ. අහනවනම් මළකෙලි හතයි. පතිවතනම් ...... වැඩක් නැති කථා ඕනෙම නැහැ.

    ReplyDelete
    Replies
    1. ඒක ජාති පොලේ යාමක්නේ..... එහෙම නං අපිත් යන්න කැමතියි. මේක එහෙමැයි අපිම එපැයි බඩු තෝරගෙන එන්න.

      දැං වෙද මහත්තයා සිත්තරයක් එව්වද? වැදගත් ම දේ ඒක නොවැ.

      Delete
  24. ඇති ඔයින් ගියා! :D සෙනග පිරෙන තැන්වලට ගිහාමනම් පුදුම කරදරයක් තමා. හැමෝම තම තමන්ගෙ ලෝකවල ඉන්න ගමන් අනුන්ගෙ ඇඟේ හැප්පෙන එකෙයි, අනුන් බලන බඩුභාණ්ඩ උදුරන් බැලීම වගේ හිංසාකාරී ක්‍රියාවලයි නිමක් නැහැ.

    ReplyDelete
    Replies
    1. මේ ඉන්නෙ හොඳට ඒ ගැන අද්දැකීම් තියෙන එක්කෙනෙක්..... දැං පච්ච ගහපු අතින් සිත්තරයක් ඇඳලා එව්වනං ඔක්කොම සම්පූර්ණයි

      Delete
  25. - මීට පතිවත බිඳගත් යුරෝ දෙකයි පණහේ වීරයා. -
    :)

    ReplyDelete
    Replies
    1. ඇත්තනෙ... දෙකයි පහනට වැටුනා එදා!

      Delete
  26. බොම්බයි මොටයියාට ගසන කූරේ උළ පරික්සා කර බලන්න...

    වෙනදාට වඩා උල් වී ඇත්නම්.... ( කූරේ වටේ පොත්ත කූර මුලටම රෝල් වේනං )

    බඹසරට කෙලවී ඇත...

    නමුත් මෙම නිරීකෂනය තනිවම කිරීම සුදුසු නැත... මැරියන් නංගීට පෙන්වා ඇගේ අදහසද සලකා බැලීම වටී...
    ප්‍රොෆෙසර් පොඩි ද ? මෑන්

    ReplyDelete
    Replies
    1. හෆ්ෆා මාර උෆදෙස්නෙ පොඩි මැන්ස් දෙන්නෙ........ ඔබසර කෙසේ වෙතත් තියෙන ලකුණුදෙක තුනටත් කෙලවෙන සෙයකි

      Delete
  27. පොලේ යන විදියට ඕක කැඩෙනවනම් ඉතින් මගෙත් සතියට දෙතුන් සැරයක්ම කැඩිලා ඇති..අපිට කොයින්ද අයිස් පෙට්ටි..ඔය 250 ක් අරන් එනවා හැම ජාතියෙන්ම සතියට 2-3න් සැරයක්ම යන්න වෙනවා ඒ නිසා...

    ReplyDelete
    Replies
    1. හොඳට බලන්ඩ.... සුවර් එකට කැඩිලා ඇති. ඒව්වයින් වැඩැක් නෑ.. දැං බලිකුරුට්ටක් ඇද ගන්ඩ පුලවන් එකේ එකක් ඇඳලා එවනවා හොඳයි

      Delete
  28. ස්ත්‍රීන් සමග පොලේ යාමත්, ඇදුම් ගැනීමට යාමත් සියුම් සතුටක් ගෙනදෙන මහා දුකකි..

    අම්මට හොද පුතා වී විශේෂ සැලකිලි ලැබීමටත්,
    අක්කට හොද මල්ලී වී පරණ ජඩ වැඩක් යට ගැසීමට හෝ අතමාරුවට කීයක් හරි සොයාගැනීමටත්,
    පෙම්වතියට හොද පෙම්වතා වී වැඩිපුර ආදර ප්‍රශංසා ලැබීමටත්,
    මෙය රුකුලක් වන නමුත්.......
    අම්මපා මටනම් දස වදයකි.......


    කාලෙක ඉදන් කියවපු බ්ලොග් එකක්, ඒත් මුලින්ම කමෙන්ට් කරේ අදයි ඕං......

    ReplyDelete
    Replies
    1. ස්ත්‍රීන් සමග පොලේ යාමත්, ඇදුම් ගැනීමට යාමත් සියුම් සතුටක් ගෙනදෙන මහා දුකකි.. // අහා මෙවැනි කියමනක්. මට ඔවැනි දෙයක් දැනී දැනී තිබුනදැ, ඇත්ත වශයෙන්හ නිරවුල් වැ පැහැදිලි වූයේ ඔබේ මෙමැ වදනින්මයැ.

      ඔබගේ පරිකතා ද සත්්‍යයැ..... බොහෝ ඇසු පිරු තැන් ඇති බව වැටහේමැයි

      කමෙන්ට් කරන්න හිතැ පැහැදුනාට තුති

      Delete
  29. නියමයි යුරෝ දෙකේ වීරයෝ.. මටත් පොඩි කාලේ අම්මත් එක්ක පොලේ ගියපු හැටි මතක් උනා..

    පැණි බේරෙන සුභ අලුත් අවුරුද්දක් වේවා...!

    ReplyDelete
    Replies
    1. එසේම වේවා Mr.Sithi. දැං සිත්තරයක් කාරිය ඇඳගෙන යනවා ඇති නේද?

      Delete
  30. මටනම් ඔය සිත්තර කෙරුවාව බැහැ.. පොඩි කාලේ කව්ද උගන්නලා තිබුනා බැරි වැඩ නොකරන් අබරෝ කියලා..

    පොලේ යන එක මහ වදයක්ම තමයි.. මට උහුලන්ඩම බැරි එතන තියන සද්දෙ තමා.

    එහෙනම් සුබ අලුත් අවුරුද්දක් වේවා !! කියලා අපිත් පතනවා.

    ReplyDelete
    Replies
    1. අන්න ඕකනෙ කියන්නෙ..... කව්ද කිව්වෙ ඒ අහවල් කතාව..... ඔයා බය නැතුව ඇඳලා එවන්ඩ... ගිය පාර සිත්තර තරගේ සිත්තර දැක්කනං ඔයා ඔහොම කතා කරන්නෙ නෑ...

      අනිවා ඇඳලා එවපන් ඈ..... නැත්තං කුරුන්දට ඇවිදිං එක්කං යන්නෙ.....චිත්‍ර අන්දවන්ඩ

      Delete
    2. බය කරපු හින්දා සිරාවතම පොඩි ට්‍රයක් දුන්නා.. ම්ම්ම් හ්ම්.... හරි යන්නෑ.. මට පේන්නෙ අවිල්ලා ඇදගනම යන්ඩ වෙයි වගේ.. ඒත් හරියන එකක් නැහැ.. ඔය සිත්තර කරුමාන්තෙ, සින්දු කරුමාන්තෙ උපතින්ම පිහිටන්ඩ ඕනා කියලා තමා මම විශ්වාස කරන්නෙ.

      Delete
    3. උපතින් පිහිටන්ඩ ඕනැතමා.... ඒත් මේක අපේ විනෝදාස්වාදයටනේ.... මේක ඇවිල්ලා වින්දනාත්මක බ්ලොග් අඩවියක් මිසක් වෙන එකක් නොවෙයිනෙ....ඇඳලා එවන්ඩ...මම කියන හන්දා (හැකියාව නෙමේ කාලය ප්‍රස්ණයක් නම් ඕනි නෑ)

      Delete
    4. ඔච්චර කියන එකේ ඇඳලා නොEඑව්වොත් මම මහ මොකකටවත් නැති එකෙක් වෙනවා... අනිවා එකක් ඇඳලා එවනවා.. බලියක් හරි.. :-)

      කාලයනම් මොකක්ද..උවමනාව තියේනම්.. හැකියාවයි ප්‍රශ්නෙ.

      Delete
  31. පොලේ යන එකත් මාර ඇඩ්වාන්ස් වැඩක්නෙ අප්පා. . . .
    පොලේ ගිහින් නැති උනාට මම කඩේ ගිහින් තියනවා මගේ අම්මට.. ඒත් ඒකෙන් නම් මට වාසියක් උනා.. එහෙම දවසට ඉතුරු සල්ලිය මට.. ලොකුගානක් ඉතුරු නම් ඒ බඩු වලට ටැක්ස් වැට් ඔක්කොම ගහලා මට ඕනෙ කරන දේවලුත් අරගෙන ඉතුරු සල්ලිය පොඩිකරගත්තා ගැලපෙන ගානට!

    චිත්‍ර අදින්න කියල තිබුනට චිත්‍ර අදින්න හැකියාව නෑ අයිය ;-)

    ReplyDelete
    Replies
    1. ඉතුරු සල්ලි යටි මඩි ගැහිල්ල කඩේ යන්නන්ගේ සාමාන්‍ය දෙයක් ද මන්දා? කඩේ ගිය උන් ඔක්කොම යටි මඩිගහලනෙ බලද්දි.....

      Delete
  32. හිතෙනව අදින්න යූරෝදෙකේ වීරයා පතිවත බිඳගත්ත හැටි..
    ඒත් නිවාඩු නෑ බං...

    උඹට වත් සුභ මෙව්ව එකක් වේවා!!

    ReplyDelete
    Replies
    1. සු බ මෙ ව් වා එ ක ක් වේ වා !

      දැන් ඉතින් ඇඳලා එවලා ඉවරනේ...හෙහ් හේ

      Delete
  33. බොම්බයි මොටයි කන එක හිතන තරම් ලේසි වැඩක් නෙවෙයි නේ බලාගෙන ගියහම.

    සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා.

    ReplyDelete
    Replies
    1. බොම්බයි මොටයිය කනවට වඩා පරිස්සම් කරන එකයි අමාරු.

      සුබ ඇලුත් අවුරුද්දක් වේවා.... දන්නවනෙ වෙන්ඩ ඕන හරිය

      Delete
  34. ලංකාවට වඩා ඉතාලියේදි මම හැම සෙනසුරාදාවකම පොලේ යන්නේ හරී ආසාවෙන්.. ලස්සන මූණු ගොඩක් එදාට බලන්න පුළුවන්නේ.. :)

    සුභ් අළුත් අවුරුද්දක් වේවා අයියටත්...

    ReplyDelete
    Replies
    1. ඔහේ ලස්සන මුණු මෙහෙත් එනවා පොලට කාලෙකට. දෙසැම්බර් වලට වගේ... හැබැයි ඒ ගොල්ල අපි දිහා බලන්නෙ අමුතු සත්තු ජාතියක් පොලේ ඇවිල්ලා වගේ.......

      සුබ අලුත් අවුරුද්දක් වේවා දිනේෂ්... දිනේ ශ් බ්ලොග් එකක් ලියනවා කියලා දන්නෙ ලගදී.. නිකමටවත් අපිට කියන්නැනේ..:P

      Delete
    2. කියන්න බැරි උනා හැමෝම නෙමේ සමහරක් විතරයි

      Delete
  35. උදේ ඉඳන් හරකා වගේ වැඩ නිසා මේ පැත්තෙ එන්න පරක්කු වුනා.

    උඹේ අහවල් එක ගැන නම් කියන්න දී ඇති තොරතුරු ප්‍රමානවත් නෑ. කතාවෙ අගට වෙනකොට බලධාරියා කපා හැරපු හරියක් තියෙනවා වගේත් පේනවා. ඒ ඇරත් අහවල් දේකටද දැන් උඹට ඔය බඹර සක්කරවට්ටම මෙව්ව එක?

    පෝස්ට් එකත් කියවලා කමෙන්ට් ටිකත් බැලුවම මට තේරුන දෙයක් තමයි කවුරුවත් පොලේ යන්න කැමති නැති බව. ඔන්න මිනිස් ස්වභාවය. මට පොලේ යන්න විදියක් නැති නිසා මම නිවාඩුවට ගෙදර ආවම ආසයි පොලේ යන්න. මගෙ "අපි ගෙදර එනවෝ" පෝස්ට් එකේ විශ් ලිස්ට් එකේ තියන එකක්නෙ පොලේ යන එක. ඒ වුනාට ගිය නිවාඩු කාලෙ පොලේ යන්න බැරි වුනා. පොලේ ගිහිල්ලා එන ගමන් පත්තරත් අරගෙන ඇවිත් තේ එකක බිබී කියවන එක මගෙ ප්‍රියතම වැඩක්.

    කෙහෙල්කො‍ටුවෙ ගෙදර කශ්ටියටම සුභ අලුත් අවුරුද්දක්!

    ඊයේ ඊයක් එව්වා...

    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. මේ කමෙන්ට් එකෙන් මහ බර දෙයක් කියවෙනවා. හුගක් මිනිස්සුන්ට තමන් දැමති දේවල් කරන්න ලැබෙන්නෙ නෑ. කැමති අයට යන්න නෑ. අකමැති අයට යන්න වෙනවා....හයියෝ ශල්ලි....

      කෝ සිත්තරේ... උඔ නැති සිත්තර ප්‍රදර්සනේකින් වැඩැක් ඇතැ

      Delete
  36. කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා රොබින් අයියටයි මැරියන් අක්කටයි....

    පොලේ යනවා කියන්නේ එපා වෙන වැඩක්නේ අප්පා මම නම් දෙතුන් වතාවක් ගිහිං ඇති... මම කරවල අඳුරන්නෑ කෙහෙල් ජාති අඳුරන්නැ හාල් ජාති අඳුරන්නැ හැබැයි හම්බුවෙන ඕනේම දෙයක් ගිලින්න පුළුවං කිසිම අවුලක් නැතිව...

    සිත්තරයක් අඳින්න ට්‍රයි කොරමි

    ReplyDelete
    Replies
    1. සුබ අලුත් අවුරුද්දක් වේවා එහෙනම්.....!

      ඔය ඉන්නෙ නියම මිනිස්සු.... බලමුකෝ කවදා හරි පොලේ යන්ඩ උනු දවසක අපිව මතක් වෙන්නෙ නැතෑ

      Delete
  37. චිත්‍රයක් අඳින්න පුලුවන්කමක් තිබ්බනං ඇඳලා එවනවා.

    සුබ අලුත් අවුරුද්දක් වේවා........!

    ReplyDelete
    Replies
    1. එසේම වේවා..... ඇඳලා එවන්න..... පුලුවන්ද බැයිද කියලා පස්සෙ බලමු

      Delete
  38. මමනම් ආසයි පොලේ යන්න.... :)

    චුටි මහත්තයාටත් චුටි මහත්තයාගේ බ්ලොගේ සැමටත් සුබම සුබ අළුත් අවුරුද්දක් වේවා....!!

    ReplyDelete
    Replies
    1. මාව හැමෝම කඩේනම් යවනවා.

      Delete
    2. ලොකු පුතාටත් සුබ අලුත් අවුරුද්දක් වේවා! අලුත් බිසිනස් එකත් සාර්ථක වේවා.

      හැබැයි සිත්තරයක් නම් ඕනැමයි!
      ...........

      අසරණයා
      අපි අසරණ වෙලා....................වගේ

      Delete
  39. හයියෝ චුටි මහත්තයාට වෙච්චි දෙයක්.... බලමු වෙලාවක් තිබ්බොත් කැතට හරි සිත්තරයක් අඳින්න..

    සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා...!

    ReplyDelete
    Replies
    1. සුබ අලුත් අවුරුද්දක් වේවා ඔබතුමීටත්,

      සිත්තරයක් අනිවා එවන්ඩ අපි නොදන්නවැයි මෙයාගෙ වැඩ!

      Delete
  40. බඹසර රැකගත් බුද්ධිටත් සුභ අලුත් වේවා....ඔය කියන්නෙ අවුරුද්දක් ගැන නේ..

    බලමු සිත්තරයක් අඳින්න පුලුවන්ද කියලා :D

    ReplyDelete
    Replies
    1. එසේම වේවා ලකී!

      බලමුකො නෙමේ කොහොමහරි එවන්න හොදේ

      Delete
  41. මචං,
    උඹට සහ උඹේ පවුලටම "සුබ අලුත්" වේවා!

    ReplyDelete
    Replies
    1. සාමාන්‍යයේ මූ විශ් කරලා විතරක් යන කෙනෙක් නෙමේ..... බලමුකො..... උඔටත් කොහොමත් එසේම වේවා!

      Delete
  42. ඔය බිදුනු එක බිදෙද්දී මොන වගේ සද්දයක්ද ආවේ චූටි මහත්තයෝ...චිත්‍ර අදින කොට එන්නෙම මහා නරක අදහස් ,නැවැත්තුවා,,ඔන්න ජන්දයක් නම් කියන්ට ආයේ,, ඔය පොල වෙන්නප්පුවේ පොළද ඒකේ නම් හොදටම හිරවෙන එකක් තමා

    ReplyDelete
    Replies
    1. බිඳුනද කියලා දල්ලවලම් ඹහොම ප්‍රස්ණ අහනවැයි. පොලේ ගිහිං හිත ව්‍යාකූල හන්දනෙ ප්‍රස්ණ ඇහැව්වෙ.....

      සිත්තරයක් එවපන්ස්. උඔලාගෙ කතාව නම් මයිකල් ආංජලෝට අඳින්නඩත් පාට ඇනුවා වගේ.... කිව්වහම ඇඹරෙනවා...

      Delete
  43. මමත් පොඩි එකා කාලෙ පොලේ ගියා. එතකොට මට හම්බෙන්නෙ චොකලට් ස්මැක් එකක්! :D

    ReplyDelete
    Replies
    1. එහෙම තමා එක එක පැතිවල පොඩි උන් රවටන කෙරේම වෙනස්!

      Delete
    2. ස්මැක්!! ඕන්න උඹ ආයෙ එකක් මතක් කොලා.. මං ආසම පැෂන්ෆෘට් එකටයි නෙල්ලි එකටයි.. :D

      Delete
  44. යකෝ බොම්බයි මොටයි කූර ගෙදර තියලා ගියා නම් අහවරයිනේ . . . ඕක දික් කරගෙන දෙකට නැමිලා ඉන්න ගෑනු මැද්දෑවේ ගියාම ඒ අය කූර දෙකට කඩලා පතිවතත් බිඳලා තමා පස්ස බලන්නේ . . .. හෆොයි බුද්ධියට වෙච්චි දේ . . .

    ReplyDelete
    Replies
    1. එහෙනං එහෙනං..... ඔය කැඩුනු හැටි ඇඳලා එවන්ඩකෝ අපිට සිද්ධිය මවා ගන්ඩත් එක්කලා....... ස්තුතියි ඈ:P

      Delete
  45. මම ඉතින් අඳින සිත්තර බලන්න . මට ඉතින් වටකුරුවට බෝලයක්වත් ඇඳගන්ට කලාත්මක හැකියාවක් නෑ

    ReplyDelete
    Replies
    1. ආ...හා දැං ඔයාට විතරයි එහෙම එකක් නැත්තෙ.... කතා ලියන්ඩත් එහෙම එකක් නැතුව බෑ.... විකාර නැතුං ඇඳලා එවපන්ස්

      Delete
  46. මොකද මගෙ කමෙන්ට් එකට විතරක් ප්‍රතිචාරයක් නැත්තෙ?
    මම ඊයකුත් එව්වා attachment එකක් එක්ක. සද්දයක් නෑ.
    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. නැනැ.....උඩින් ටිකයි යටින් ටිකයි දාන්නෙ... උඔයි දිනේසුයි ඉදලා තියෙන්නෙ මැද :P

      Delete
  47. සුබ අලුත් අවුරුද්දක් !!
    ඔයා කාල තියෙන්නේ'' කොට්න් කැන්ඩි '' අපි දන්නා බොම්බයි මොටයි දෙන්නේ කොලේකට.

    ReplyDelete
    Replies
    1. එසේම වේවා!

      අෆි නං දෙකටම කියන්නෙ බොම්බයි මොටයි. පොලේදී කුරට මැසිමෙන් ගහලා දෙනවා. නැත්තං බසියිකලේ පෙට්ටික ගෙනල්ලා පත්තර කොලේක ඔතලා දෙනවා.... හැබැයි මොනා නැතත් අර නම වැදගත් නේද? කොටං කැන්ඩි!

      Delete
  48. හැමදාම සයිබරෙ කියවන දාට ගෙදරින් බැනුම් අහනවා... හිනා වෙනව නුහුගුනේට කියලා.. අදත් එහෙමයි...
    අනේ අම්මපා... :) හිකිස්...

    මරූ......

    මේ චන්ද්‍ර අනගිරත්නගෙ ආබාසෙ ඈවිල්ල ඔයාට...

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙ.....ඇත්තට ඔය නුහුගුනේ කියන එකෙන් අදහස් වෙන්නෙ මොකද්ද කියල මට හිතාගන්න බෑ. අපේ ආච්චිලත් කියනවා ඉස්සර. කිව්වට මොකද එකට එකක් ගැලපෙන්නැ.... ඒ හින්දා මට හිතාගන්න බෑ.

      චන්ද්‍ර අනගිරත්නනම් මන්දැ.... කෝකටත් මේ වගේ දේවල් වැදගත් විදිහට කියන්ට එපැයි....

      මොකද සිත්තරයක් කාරිය ඇඳලා එවන්නෙ නැද්ද?

      Delete
    2. අනේ මේ බුද්ධියා මිනිස්සුන්ගේ නම් වෙනස් කරන හැටි.
      චන්ද්‍ර අනගිරත්න කොහොමද බං චන්ද්‍ර අනගිරත්නම් උනේ.

      Delete
    3. හෙහේ හේ.... චන්ද්‍ර අනගිරත්න නම් මදැයි

      Delete
    4. අන්න එහෙම ඈත් කරල ලියන්ට එපැයි.

      Delete
  49. අයියාගේ පුංචි පවුලටත් එසේම වේවා..........!!!!! ඒ කීවේ අවුරුදු ඇ........

    අම්මේ වෙනදා වගේම පහුගිය සියල්ල කියෙව්වා...... හප්පේ........

    ReplyDelete
    Replies
    1. හා පැටික්කී,
      ස්තුතියි ස්තුතියි!!! ඔබටත් එසේම වේවා.....!

      මොකද සිත්තරයක් එහෙම අඳිනවද?

      Delete
  50. දැනට සිත්තර එවා ඇති අයවලුන්
    ______________________
    01. අභීත එදිරිසිංහ
    02. සුමින්ද වික්‍රමසිංහ
    03. ඕනමැන්ටල් ආට්ස්
    04. බිටල් බෙයිලි
    05. ඉටලි ඩිලන්
    06. ප්‍රියන්ත වෙනිවැල්ගැට

    පොරොත්තු ලේඛනයේ තවත් සෙට් එකක් සිටී. ඔබත් ඉක්මන් කර ඔබේ අනගි නිර්මාණය අප වෙත යොමු කරන්න.....!

    ReplyDelete
    Replies
    1. මේ අපිට ඔව්වා තැපැල් කොර කොර ඉන්න බැහැ.මුද්දර ගිනි ගනන්.අන්න බිත්තියේ අලෝලා ඇති..ඕනනං ගලෝගෙන අලෝගන්න තැනක අලෝ ගනින්...

      Delete
  51. මමත් පොලේ ගියා ඒ දවස් වල, එහෙම ගියේ ආච්ච්ගෙන් කියක් හරි මාටියා ගහ ගන්න පුළුවන් ඉතුරු සල්ලි බේරන කොට , ඊට අමතරව පොලේ තියෙන කැවිලි කඩවල් වල විකුණන වඩේ කන්නත් පුළුවන් නිසා , පොලේ ගියා.

    වීරයාට සහ මැරියන්ට සුභ අලුත් අවුරුද්දක් වේවා!!!

    ReplyDelete
    Replies
    1. සුබ අලුත් අවුරුද්දක් වේවා මුව පොව්වෝ!

      වඩේ කෑම, ඉතුරු ශල්ලි මාටියා ගැසීම මමත් ඒ කාලේ ජයටම කලා....හේහ්...හේ

      Delete
  52. ඉස්සරෝම මාත් පිළියන්දල මාරකැට්‍ටුවේම තිබෙන ඉරිදා පොලේ ගියෙමි. දෝනියන්දැගේ ටියුෂන් පන්තිය ඉඒර වනතෙක් පැය දෙකක් ගත කරන්නට වූයෙනි ඒ..!! දවස් දෙක තුනක් යන විට වෙළෙන්දන්ට මාව කට පාඩම් ය. ආ අපේ මහත්තයා... කියාගෙන උන් කරන්නේ බිස්නස් එකක් බව මට වැටහුනේ අනිත් අයගෙන් වඩා කීයක් හරි මගෙන් ගන්නා බව මාට්‍ටු ඌ දා ය...!!
    ඒක එක ජිල්මාට කරන නිසා දවසක මගේ පින්තූරයක් පත්තරේ පළවී තිබුනේ ය.. අවාසනාවකට පොලේ බඩු ඔතන කොලයකම එය පලවී තිබුනේ මගේම අවාසනාවකටය. ලූණු කාරය පත්තර පි‍ටුව ඔසවා.. "අඩේ මෙන්න අපේ මහත්තයා පත්තරේ ඉන්නවාය" කියමින් මාර මාකටින් පාරක් දැම්මේය..එදායින් පසු මම මාරකට්‍ටුවට ඇතුලු වෙනකොටම උන්ට ඕනෑ බඩු ටික සිලි මල්ලට දමා අවසන් ය. නමුත් සල්ලි මගෙන්ය...!! මේ මල කරදරයෙන් බේරෙන්නට බැරිම තැන මම මාරකැට්‍ටු ගමන අත් හලෙමි.

    නමුත් ගෙදරට උවමනා කළමනා ගත යුතුම බැවින් කි‍ඳෙල්පිටියේ සති පොලට යන්නට පුරුදු උනෙමි. හඩු සරමත් (අපේ නෝනා, මම සරම ඇඳන් කාර් එක එලවනවාට තරයේ විරුද්ධය..!! ඒක වෙනම කතාවකි..!) රෙදි පර්ස් එකට උඩින් ඇති සුට්ටං ජංගමේත් දකිනවිට පොලයන්ට මම මාර පොරක් සේ පෙනෙනු ඇතැයි මම කිසිඩාක නොසිතුවෙමි. එහෙත් මට රු. 400කට විකිනූ වෙල් මාලු වැලේ අනිත් එක, මගෙ ඇස් පනාපිටම තවත් හඩු සරං කාරයෙකුට රු. 100කට විකුනණු දු‍ටු මොහොතේම සති පොලේ යාම වහාම අත් හළෙමි...!!

    ඉන්පසු වහාම අපේ බිරින්දැට ද තවත් වාහනයක් අරං දුන්නෙමි. ඒක මාආඅර ලාබය....!!!

    ReplyDelete
  53. මම දැන් දවස් කිහිපයක් තිස්සේ කමෙන්ට් කියෝ කියෝ හිටිය කස්ටිය මොනවගේ උපදෙස් ද දෙන්නේ කියල බලන්න. ඔය වගේ අවස්ථාවක හොඳට උපදෙස් දෙන්න පුළුවන් ඔබා මාම තාම මේ පැත්තේ ඇවිත් නැති පාටයි.
    මෙන්න එහෙනං මගේ උපදෙස.
    බඹසර රකින්නේ පෝය දවසේ අටසිල් ගන්න කොට. ගිහියන්ට නිති බඹසර රකින්න කියල කව්රුවත් කියල නැහැ නේ. ඒ නිසා ඉතින් ඔය පොලේ ගිහින් බඹසර බිඳුනට එච්චර ගණන් ගන්න එපා.

    මට තියෙන ප්‍රශ්නේ ඒක නෙමෙයි, ඔය කියන දවසේ පොලේ යනකම්ම බුද්ධියගේ බඹසර රැකිලා තිබ්බද කියන එකයි.

    ඔන්න මමත් paint brush උපයෝගී කරගෙන සිත්තරයක් ඇන්දා. දැන් එවන්නන්. වෙලා තිබුනොත් තව එකක් කොලේක ඇඳලා එවන්නන්කෝ.

    ReplyDelete
    Replies
    1. පොත් ගුල්ලා,

      ඔව්නේ බ්‍රහ්මචාරී වන්න ඕනෙ වෙනම අවස්ථාවල නේන්නම්.

      මම බැලුවේ පොලේ එහෙන් මෙහෙන් එව්වා මෙව්වා ඇනිලා මේක බිඳිලද දන්නැ කියලා.

      අනික රකින්ට ඕනැ දේවල් උපරිමෙන් රකින්ට තමයි කල්පනාවත්.

      වැදගත්ම දේ ඒක නෙමේ පොත්ගුල්ලෝ, සිත්තරයක් එවන එක. ඒකටනම් හෙනට හැපි... ස්තුතියි!

      Delete
  54. සුබ අලුත් අවුරුද්දක් වේවා යාලූ!!!!!!!!!!!!!!

    ReplyDelete
  55. මේ වන විට කාටුන් එවා ඇති අයවලුන්-
    ______________________
    01. අභීත එදිරිසිංහ මහතා
    02. සුමින්ද වික්‍රමසිංහ මහතා
    03. ඕනමැන්ටල් මහතා
    04. බිටල් බෙයිලි මහතා
    05. ඉටලි ඩිලන් මහතා
    06. ප්‍රියන්ත වෙනිවැල්ගැට මහතා
    07. ගයාන් තාරක මහතා
    08. චතුෂ කුමාර මහතා
    09. මුහුදු කොල්ලකාර මහතා
    10. පොත් ගුල්ලා මහතා
    11. හරි මහතා

    පොරොත්තු ලේඛනයේ තවත් සෙට් එකක් සිටී. ඔබත් ඉක්මන් කර ඔබේ අනගි නිර්මාණය අප වෙත යොමු කරන්න....:)

    ReplyDelete
  56. ඕං මමත් චිත්තරයක් එවුවා

    ReplyDelete
  57. ඕං මමත් සිත්තරයක් එවුවා
    මීට මකර අධිරාජයා මහතා

    ReplyDelete
  58. 12. මැඩම් සුදු හංසි
    13. මකරා අධිරාජ්‍යය තුමා

    ReplyDelete
  59. කලින්දා අර තිත් පේලිය ගාවට එනකං විතරයිනෙ බොල මං කියෙව්වෙ, අපරාදෙ. ඒත් මං බැලුව මේ කාණ්ඩෙ ඕසෙට සිත්තර අඳින්නෙ මොකොයි කියලා. කමන් නෑ බොලවු

    උඹලා ඔක්කෝමල්ලාටත් මේ මටත් සුබ අලුත් අවුරුද්දක්ම වේවා!!!

    මේං මෙහෙමයි මං වැඩ ඇල්ලුවෙ ඕං...

    ReplyDelete
    Replies
    1. කලබලයක් නෑ.... හෙටත් අරගෙන එකක් ඇඳලා එවන්ඩ ආයිබෝං....වෙලාව තියෙන්නෙ ඕනැතරම්.

      එහෙනම් සුබ අලුත් අවුරුද්දක් වේවා...!

      Delete
  60. මටත් අරහංම වැඩක් තමයඉ පොලේ යන එක! කාටූන් එහෙකට ට්‍රයි එකක් දෙන්නම්!

    ReplyDelete
  61. ඕං බුද්ධියෝ සෑහෙන අවුරුදු ගාණකට පස්සේ චිත්තරයක් ඇන්දේ.. මතක හැටියට ඉස්කෝලෙන් අයින් උනාට පස්සෙ ඇන්දමද කොහේද? අඩුපාඩු තියේනං පෙන්නල දියං.. පතිවත ගැන ඇන්දෙ නෑ හොදේ..

    චිත්‍රයේ මාතෘකාව තමයි.
    “යූරෝ දෙකේ වීරයා කෙසෙල් කොටුවෙ චූටිමහත්තයා කාලේ.. බොටයි මටයි එක බේරාගැනීමේ මෙහෙයුම දියත් කිරීම“

    ReplyDelete
  62. last minute submission පුරුද්ද මට අත ඇර ගන්නම බෑ වගේ.. ඕං මාත් අන්තිම මොහොතෙ චිත්‍රයක් ඇඳලා එව්වා..

    ReplyDelete
  63. මාත් එකක් එව්වෝ................

    ReplyDelete
  64. ලකී සිරි, පැතුම්, ලැබුනෝ....... සබිත්, එවලා නෑ වගේ

    ReplyDelete
  65. හි හි.. පරන ලිපි කියවන නිසා චිත්තර අඳින්න දැන් පොරමාද වැඩියි නොවැ... මට හිත ගියේම අර බොම්බයි මොටයි කතන්දරේට... අපි පොඩි කාලෙ තිබ්බ බොම්බයි මොටයි, පාටක් නැහැ.. කෝට්ටෙ ගහලත් නෑ... බොම්බයි මොටයි කාරය ලොකු හත‍රැස් ටින් එකකින් අරගෙන පත්තර කොල කෑලි වල ඔතල විකුනන්නේ... අන්න නියම රස... දැන් හොයන්නත් නෑ හැබැයි...

    හනේ මට ආයෙත් එයින් ටිකක් කන්න ආස හිතුන...

    ReplyDelete
  66. පතිවත සුරකින්නේ විවාහක ගැහැණුය............. කුමර බඹසර සුරකින්නේ නොබැඳපු පිරිමින්ය.......... කුමරි බඹසර සුරකින්නේ නොබැඳපු ගැහැණුන්ය...... විවාහක පිරිමි සුරකින්නේ පතිනිවත ය.......

    ReplyDelete
  67. මාත් ආයේ නම් පොලේ යන්නේ නෑ.

    ReplyDelete
  68. පොලේ යනවා කියන එකට අපේ කොල්ලෝ අතර තියෙන්නේ වෙනම නිර්වචනයක්.එකට හේතු කතාව
    දවසක් අපේ කොල්ලෙක් බස් එකේ ගියේ ටිකක් අවරුදු ක් විතර වෙන අක්ක කෙනෙක් ඉඳගෙන ඉන්න සීට් එකක් ළඟ හිටගෙන.බස් එකේ සෙනග නිසා ඇත්තටම අක්කට අතවරයක් සිදු වුනාද කියා නොදනිමි.ඌ නම කිව්වේ නෑ කියල.ටිකක් දුර යනකොට ඉඳගෙන හිටපු අක්ක අඳුරන තව අක්ක කෙනෙක් බුස්‌ එකට නෙගල එතනට ආවා.මේ එයාලගේ දෙබස
    යාළුවා : හානේ කොහෙද මේ යන්නේ ?
    අක්ක : මං මේ පොලේ යනවා ලබ්බකුත් කරේ තියාගෙන.
    එදා ඉඳං ඒ වැඩේ කරන අයට අපි කියන්නේ පොලේ යනවා කියල.

    ReplyDelete
  69. හරි, මෙතනින් එහාට මම සයිබර් යායේ යාව ජීව සාමාජිකයෙක්.. ඔන්න ෆුල් කවරේජ් එකක් දුන්නා.

    ReplyDelete
  70. ප්‍රතිචාර දැක්වූ සියලු දෙනාට තුති

    ReplyDelete

ඔබේ පංගුව...

...................................................................

Related Posts Plugin for WordPress, Blogger...