සයිබර් යාය වහලා දැන් මාසෙකට කිට්ටුයි.
වහන දවසේ කිව්ව විදිහට අපි මේ දෙසැම්බර් පළමුවැනිදා අඳ ගොළු, බිහිරි දරුවන්ගේ ළමා නිවාසයට ගියා. මේ වගේ දෙයක් කරලා ලෝකෙට අඬබෙර ගහලා කියන එක ලෝක චාරිත්‍රය නොවුනත් කාරණා කිහිපයක් හින්දා අඬබෙරය ගහන්නයි ලෑස්තිය.
අනිත් හැම වතාවකටම වඩා මේ වතාවේ ගොඩක් සාර්ථක විදිහට මේ වැඩේ කරන්න පුලුවන් වුනා! ඒ අපේ හිතමිතුරු බ්ලොග් කරුවන්ගෙත් සහයෝගය ලැබුනු නිසා. මේ නිසා ඒගොල්ලන්ට තියෙනවයි කිව්ව අඩුපාඩුත් ඊට අමතරව වියලි ආහාර ප්‍රමාණයකුත් සැපයීමට අපිට හැකි වුනා.
එදා දවස ගත වුනු හැටි කෙටියෙන් කිව්වොත් උදේ 8.45 ට පමණ අපි එහෙට යන්න පිටත් වුනා.
ඊට පස්සෙ ඒ ගොල්ලන් අපිව රැස්වීම් ශාලාවට එක්කගෙන ගියා. ඒ වෙද්දිත් එහේ දරුවෝ රැස්වීම් ශාලාවට පුටු බංකු අදිමින් ඒක සූදානම් කරනවා. සංඥා මගින් ඒ ගොල්ලෙ වේගයෙන් අදහස් හුවමාරු කරගත්තා. ඒක බලාගෙන ඉන්න වටින දර්ශණයක්. අන්තිමේ ඒ ගොල්ල අපි වෙනුවෙන් සිංදු සහ නර්ථන කිහිපයක් ඉදිරිපත් කලා තේ වෙලාව එනකල්. එයින් කන් නොඇසෙන ගැණු ළමයි නර්ථනයත්, කන් නොඇසෙන පිරිමි ළමුන්ගේ නාට්‍යත් අපිව පුදුමයට පත් කලේ කිසිවක් නොඇසෙන ඔවුන් සිංදුව වල තාලයට නිවැරදිව පා තබන ආකාරය දැකලා. මේ ලිපියත් එක්ක තියෙන වීඩීයෝ ක්ලිප් එක බලන්න. ඒකේ තියෙන්නෙ ඇස් නොපෙනෙන දරුවන්ගේ ගීතයක්. ඒක අහලා එයාලගේ බලාපොරොත්තුව දැනගන්න.
ඉන්පසු උදා වුනේ තේපැන් සංග්‍රහය. ඒක ජයට කෙරුනා. එතනදී අපි බලාපොරොත්තු නැති වුනු දෙයක් වුනා. ඒ ඇස් නොපෙනෙන දරුවන්ට පෙනෙන අයත්, කුඩා දරුවන්ට වැඩිහිටි දරුවනුත් කිසිවෙකුගේ බලපෑමක් නැතිව උදව් කල ආකාරය. ඔවුන් අපි බෙදන ලද කෑම අරගෙන ඒවා ඇස් නොපෙනෙන, වෙනත් ආබාධ සහිත අයට හා කුඩා දරුවන්ට මුලින් බෙදා දුන්නා. කෝල ගති ඇති ගෑණු ළමයිගෙන් විමසලා පිරිමි ළමුන් ඉදිරිපත්වෙලා ඒ අයට තමන් කැමති කෑම අරගෙන දුන්නා. ඒක හිත ඇදගන්නා දර්ශණයක්.
ඉන් පසු උදා වුනේ ඒගොල්ලන්ට තෑගි බෙදා දුන් අවස්ථාව. අන්සියලු දේට වඩා ඔවුන් එයින් සතුටට පත්වූ බවක් පෙනෙන්න තිබුනා. ඇස් නොපෙනෙන අය ඒවා සිඹිමින් හා අතගාමින් ඒවා හඳුනාගැනීමට උත්සහ කලා. මුලින්ම පැමිණි කුඩා දරුවන්, අප ආයතනයේ අවුරුදු හතක පමණ කුඩා දරුවන් අතින් තෑගි අරගෙන ඔවුන්ට වැඳ වැටුනු ආකාරය සිත සසල කලා. පසුව ඒක නිවැරදි කලා.
ඉන්පසු පැය විසිහතරේම ඔවුන් වෙනුවෙන් වෙහෙසෙන කාර්ය මණ්ඩලයට පුංචි තෑග්ගක් දෙන්නත් අපි අමතක කලේ නෑ. ඒවගේ දෙයක් ඒ ගොල්ල කවදාවත් බලාපොරොත්තු වුනේ නෑ කිව්වා. සභාපති තුමා නම් තෑග්ග කාරුණිකව ප්‍රතික්ෂේප කලා.
ඊටත් පස්සෙ සභාපති තුමාගේ ස්තුති කතාවෙන් පස්සෙ දරුවෝ ආපු අයට වැඳලා ස්තුති කලා.
පහලින් තියෙන්නෙ එදා ගත්තු පින්තූර වගයක්. මේ පින්තූර ගද්දි ඇපචර් බැපචර් ගැන හිතන්න වෙලාවක් තිබුනේ නැති නිසා උසස් තත්වයේ පින්තුර සටහන් කරගන්න බැරි වුනා. ඒත් අදහසක් ගන්න මේවා හොඳටම ප්‍රමාණවත් වෙයි කියලා හිතනවා. වීඩීයෝ ක්ලිප් ටික මගේ අතේ තිබුනු අති නවීන ජංගම දුරකතනයෙන් ගත්තුවා. ඒ හින්දා ඒවයේ “කොලිටිය” ගැන හොයලා මගෙන් මුකුත් අහගන්න එපා.
මෙන්න පින්තූරු ටික.
|
ඒගොල්ලන්ගේ තෑගි පාර්සලේ මේ තියෙන්නෙ. ඔය පේන ආයතන වල අනුග්‍රහයත් අපිට ලැබුනා. |
|
ඕන කරලා තිබුනු අල්මාරි 3 ත් ගන්න පුලුවන් වුනා. |
|
තාම බස් එකේ ඉන්නෙ වෙලාව එනකල් |
|
වියලි ආහාර..... |
|
හස්ත මුද්‍රාවෙන් සංවිධාන කටයුතු. |
|
පින්වත් පිරිස... හෙහ් හේ..... |
|
රී - චාජර්බල් ලෑම්ප්. |
|
ඒගොල්ලන්ගේ තෑගි ටික.... |
|
පොත්, රිචාජබල් ලාම්පු, විදුලි ස්ත්‍රික්ක, බ්ලෙන්ඩර්, බෙහෙත් වර්ග සහ තෑගි.... |
|
සංගීත සර් ගෙනල්ලා තියපු පුටු 6 ම කව්දෝ උස්සලා.... මේ ඉන්වෙස්ටිගේෂන් එක! |
|
යන්තං දැන් එක විදිහක් කස්ටිය.... |
|
පෙර පුහුණුවක |
|
මේ කාර්යමණ්ඩලයේ තෑගී...... |
|
ඉල්ලපු පොත් |
|
ඕන කරනවයි කියපු බඩු..... |
|
අපේ සංගීත සර්.... |
|
සභාපති තුමාගේ කතාව |
|
ඒගොල්ලන්ගෙන් සිංදුවක්..... |
|
මේ විඩියෝ කරපු සිංදුව කියන වෙලාව. |
|
තෑගි බෙදා දුන් අවස්ථාව |
|
තෑගි බෙදා දුන් අවස්ථාව |
|
තෑගි බෙදා දුන් අවස්ථාව |
|
තෑගි බෙදා දුන් අවස්ථාව |
|
තෑගි බෙදා දුන් අවස්ථාව
මෙයාට හරි අකරතැබ්බයක් වෙලා. එයා අපි එනවයි කියලා දැනගත්තු දවසේ ඉදලා සිංදු පුරුදු වුනාලු අපි ආවම කියලා පෙන්වන්න. ඒත් අපි එන දවසේ උදේ හරි නරක විදිහට එයාට උණ ගත්තලු. ඒ නිසා එයාට ඇඳට වෙලා තනියෙම ඉන්න වෙලා. අපි ගිහිං එයාගේ තෑග්ග දීලා ආවා. |
|
සභාපති තුමාගේ ස්තුති කතාව |
|
ඒගොල්ලන්ගේ ස්තුතිය...
|
මේ තියෙන්නෙ වීඩීයෝව
ඹන්න ඔහොමයි කෙහෙල්කොටුවේ චූටි මහත්තයාගේ අන්තිම ඉල්ලීමට ඕගොල්ලන් ප්‍රතිචාර දක්වලා තිබුනේ....!
ප/ලි-
මේ වැඩේ කරලා ලෝකට අඬබෙර ගහලා කිව්වෙ මෙන්න මේ හේතු නිසා.
01. මේ වැඩේට සම්බන්ධ වෙනවමයි කියලා විවිධ හේතු නිසා සම්බන්ධ වෙන්න බැරි වුන අයටයි, මේ වගේ දේවල් වලට සම්බන්ධ වෙන්න කැමැත්තෙන් ඉන්න කෙහෙල්කොටුවට එන යන හිත මිතුරන්ට මේ ගැන දැගන්නයි, ඒ දෙගොල්ලන්ටම අයිති නොවෙන කස්ටියටයි දැක බලාගෙන සතුටුවෙලා පහන් සංවේගය උපදවා ගන්න.
02. මේකට සම්බන්ධ වුනු ඇනෝලට පුද්ගලිකව පණිවිඩයක් යවන්න ක්‍රමයක් නොදන්න නිසා.
03. ගියපාර මේ වගේ වැඩ කරද්දි අපිත් එක්ක එකතු වුනු ඔබා මාමා මෙදා පාර නෑ. මේ කරපු දානයෙන් යම්කිසි කුසලයක් තියෙනවා නම් ඔබා මාමටත්, මේකට සම්බන්ධ වූ, සම්බන්ධ නොවූ පින් කැමති සියල්ලන්ටත් මේ පින් අනුමොදන් කරන්න.
ප/ප/ලි -
සයිබර් යාය වැහැව්වට බිසි තත්වයේ නම් අඩුවක් නෑ. ඊලගට එන්නෙ නත්තල් දන්සැල. ඊටත් කලින් හෙට අනිද්දා එන ලෝක විනාසෙට ලෑස්ති වෙන්නත් තියෙනවා. ඇත්තටම මාරයට ස්තුති කරන්න ඕන කලින්ම "ලෝක විනාස බඩු ලිස්ට් එක" ප්‍රසිද්ද කලාට. ඒකට මම කැමරාවකුත් ඇඩ් කරගත්තා.
බෙර සද්දෙ අහගෙන සිටි සියලු දෙනාටම ස්තුතියි.
............................................
- මීට ඔබේ හිතවත් සයිබර් යාය ඇඩ්මින් මහතා
හරිම සතුටක් මල්ලි....කරන්නට ඔනෑ මෙන්න මේ වගේ දේවල් ...
ReplyDeleteඋදාර කාර්යයන් තව දුරටත් කරගන යන්නට ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා කියා පතනවා.
ReplyDeleteමම සමකය වටේ ලියන නලීන්
වැඩේ කදිමයි..සහභාගී වෙන්න බැරි උනාට කණගාටුයී.... keep up your good works dude..
ReplyDeleteනියමයි බුද්ධි.
ReplyDeleteමේ වැඩේට දායක උන හැමෝටම යහපතක්ම වේවා!
ReplyDeleteබොහොම හොදයි බොහොම හොදයි...
ReplyDeleteවැහැව්වා කිව්වට ඔය ඇරලා තියෙන්නෙ....
ReplyDeleteමෙව්ව බෝම පින් අතේ වැඩ.. මෙවැනි හොඳ වැඩ ඉදිරියටත් කරගෙන යාමට ශක්තිය ධෛර්යය ලැබෙන්න කියල ප්‍රාර්තනා කරනව :)
ReplyDeleteමෙහෙම්මම ආයෙත් ලියන්න පටන් ගමු
මොනවා සයිබර්යාය වැහුවා......... අයියෝ ඒමොකෝ.
ReplyDeleteමට මේ පැත්තේ එන්න බැරිවුන ටිකට වෙච්ච දෙයක්. මොනවා උනත් හුඟාක් පිං සිද්දවෙන වැඩක් කරලා තියෙන්නේ (මම කීවෙ බ්ලොග් එක වහපු එක නෙවෙයි, දානෙ දුන්න එක)
වැහැව්වයි කිව්වට වැහැව්වෙමත් නැහැ....
ReplyDeleteඇස් දෙකට කදුලු එනවා... හරිම අනර්ඝයි... මෙන්න මිනිස්සු... මෙන්න කරනවා නම් වැඩ...
ReplyDeleteජයම වෙන්ට ඕනෙ...
මාත් සිරා එක්ක....
Deleteහැමෝටම පිං.... බුද්ධිටත් මේ සටහන තැබුවාට....
සාදු සාදු
Deleteමාත් අනුමෝදන් උනා
:)
හරි සතුටුයි අහන්නත්.
ReplyDeleteකරලා තියෙන හොඳ වැඩේ නිසා මුකුත් කියන්නත් පුලුවන්ද . කියල වැඩක් නැහැ . උතුම් කාරියක්
ReplyDeleteජය වේවා...!
ReplyDeleteඋඹල වගේ මිනිස්සු මේ රටට වාසනාවක්...!
අන්න හොඳ ළමයි....
ReplyDeleteගොඩක් සතුටුයි මේ වගේ වැඩක් කිරීම ගැන
ReplyDeleteගොඩක් සතුටුයි මේ වගේ වැඩක් කිරීම ගැන
ReplyDeleteමරු...
ReplyDeleteගොඩක් හොඳ වැඩක් චූටි මහත්තයෝ.....!
ReplyDeleteසමාවෙන්න ඕනෙ මම මෙහෙම දෙයක් වෙනවා කියලා දැනගෙන හිටියේ නැහැ. පහුගිය දොහේ කෙහෙල් කොටුව පැත්තට එන්න බැරිවෙච්ච නිසා.....!
ඊලඟ පාර කෙහෙල් කොටුව දිහාවෙන් පොඩි අඳ බෙරයක් ලෑස්ති කලොත් අපිටත් මේ වගේ දෙයකට සම්බන්ධ වෙන්න පුළුවං වෙයි.
නියමවැඩක් බුද්ධියෝ !
ReplyDeleteදැන් මොකද්ද මේ වහලා තියෙන්නෙ..කඩේ පිටිපස්සෙනුත් බඩු දෙනවද?
ReplyDeleteප/ලි: මේ පිං කාර්යය සංවිධානය කල හැමෝටම තව තවත් පින් සිතුවිලි පහල වේවා..
මේ ගැක කියපු වෙලාවෙ රු. 100කින් හරි ආධාර කරනවයි කියලා මහ පණෟඩිත කම් කියපු මේ අම්මණ්ඩිට කීයකින්වත් ආධාර කරන්න බැරිවුනා.. ඇත්තෙන්ම මතකය හරිම අඩුවක් තියෙනවා... පාඩමක් නම් ඉගෙනගත්තා කලිනුත් දැනගෙන උන්නාට පුහුණුවෙන්න බැරි උන.. ඒ තමා එවෙලෙ කළ යුතු දේ එවෙල කිරීම මල්ලි... මට කරදරයක් කියලා ඔයා ආයෙ මතක් කරන්නෙ නෑනෙ ඉතින්... මගේ පවුකාරකම...
ReplyDeleteනියම වැඩේ බුද්ධි අයියේ ... ඊළඟ එකට පොඩි දැනුම් දීමක් දුන්නොත් අපිත් සහභාගී වෙන්නම් අනිවාර්යයෙන්ම.
ReplyDeleteබොහොම පින්සිද්ද වෙන වැඩක් සහෝ බොහොම පින්
ReplyDeleteනියම වැඩක් , නියමයි බුද්ධි !
ReplyDeleteනියම වැඩක් , නියමයි බුද්ධි !
ReplyDeleteමම පරක්කුයි, නමුත් උඹලගෙ වැඩේ නියමායි!
ReplyDeletehenryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
නියමයි බුද්ධි... මට සහභාගි වෙන්න බැරි උන එක ගැන දුකයි....!!!!!
ReplyDeleteනියම වැඩක් චූටි මහත්තයෝ
ReplyDeleteපිං ඇති අගනා වැඩක්.. එක්වන්න නොහැකිවුනත් දැකල සතුටුවුණා.. සතුටුයි ඔබවැනි මිනිසුන් ගැන, සියලුදෙනාට තෙරුවන් සරණයි......!
ReplyDeleteඉතාමත් අගනා, ප්‍රශංසනීය කටයුත්තක් :)
ReplyDeleteහ්ම්...ගොඩක් ලොකු පින් අතේ වැඩක් තමා මහත්තයෝ...
ReplyDeleteඋඹට පිං අයියේ !!!!!!!!!
ReplyDeleteදවසෙන් දවස තව තව ලිපි ලියවේවා
ReplyDeleteලිපියෙන් ලිපිය හිට්ස් වැඩි වැඩියෙන් ඒවා
මසුරන් වගේ ප්‍රතිචාරත් හිමිවේවා
ලැබූ නව වසරෙ බ්ලොග් ලෝකේ වැජඹේවා!
මෙන්න මේ බුද්ධියා අහු උනොත් කවුරුහරි මූට දෙකක් තුනක් ඇනලා බ්ලොගේ ලියන්න කියනවද? එක එක්කෙනාගෙ බ්ලොග්වලට ඇවිත් දිග හෑලි ලියන්න වෙලාව තියෙනවා නම් තමුන්ගේ බ්ලොග් එක ලියන්න බැරි ඇයි කියලා මට තේරෙන්නේ නෑ.
ReplyDeletemal 7 yi saho
ReplyDeleteබොහොම සතුටුයි චූටි මහත්තයා. ඔබසැම මේ කරගත්තේ ලොකු පිනක්! මට මේ පෝස්ට් මිස් වෙනවා මොකද අන්තර්ජාලයට පිවිසෙන්න ලැබෙන කාලය අඩු නිසා.
ReplyDeleteමේ මොනවද මේ වෙන්නෙ ? කොහොමද මේ වැඩ කෑලි දාන්නෙ ?
ReplyDelete