2014/12/01

ගමරාළගේ පිට්ටු කෑම...! | සිතුවම් බර ගාණකින් සමන්විත ඔන්ලයින් විරිඳුව...

ගමරාළ කෙනෙකුගේ පිට්ටු කෑමක් ගැන කියවෙන මේ විරිඳුව කතන්දර සීයා විසින් කෙහෙල්කොටුවේ චුටි මහත්තයා ට ඒ කාලේ කියා දුන් එකකි. සිතුවම් බර ගාණකින් සමන්විත මෙය රසවිඳ, ලබා ගත හැකි පාඩමක් වෙතොත් එය ලබා ගන්නා මෙන් කෙහෙල්කොටුවේ චූටි මහත්තයා ඔබට ආරාධනය කරයි.

මෙන්න එහෙනම් සයිබර් යාය ඔබවෙත ගෙන එන “ගමරාළ ගේ පිට්ටු කෑම“ විරිඳුව.....




ගමරාළ ගේ පිට්ටු කෑම අහවරයි. 

සයිබර් යායේ බුද්ධිමත් රසිකයෙක් හෝ රසිකාවියක් වන ඔබත් මෙවැනි සිදුවීමකට මූණ දී ඇති නම් හුදී ජනයාගේ පහන් සංවේගය උදෙසා ඒ පිළිබඳ සඳහන් කරන මෙන් ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිමි.

.................................
- කෙහෙල්කොටුවේ චූටි මහත්තයා.

54 ක් කියන්නේ !:

  1. මට පේන්නේ මේ දවස්වල හැමෝම කරන්නේ මේ වගේ වැඩ කියලා.:P

    දැන් ඔය රූපෙට ඇන්දේ දන්න කෙනෙක්ගේ රුව හිතින් මවාගෙනද? නැත්නම් කණ්ණාඩියක් ඉස්සරහට ගිහින්ද? :D

    ReplyDelete
    Replies
    1. //මට පේන්නේ මේ දවස්වල හැමෝම කරන්නේ මේ වගේ වැඩ කියලා.:P//

      ස්තුතියි පොඩ්ඩි ඔයාගේ අද්දැකීමුත් අපිත් එක්කලා බෙදා ගත්තාට :D

      //දැන් ඔය රූපෙට ඇන්දේ දන්න කෙනෙක්ගේ රුව හිතින් මවාගෙනද? නැත්නම් කණ්ණාඩියක් ඉස්සරහට ගිහින්ද?//

      කණ්නාඩිය ඉස්සරහට ගිහිල්ලා... හැබැයි අඹුඩේ නම් හිතලා ඇන්දේ..... අපේ තියෙන පරගැති කමට අපි දැන් අමුඩ ගහන්නේ නෑ නෙවැ :D

      Delete
  2. කලකට පස්සේ - වෙලකට බැස්සේ

    අපූරු සිත්තර ටික.. විදෙස් සිත්තරාට ස්තූතිය!

    පලි: අර දෙවෙනි සිත්තරේ අර ගමරාලට එහා පැත්තෙ ගලක් උඩ කවුද බං වාඩිවෙලා ඉන්නෙ?

    ReplyDelete
    Replies
    1. //කවුද බං වාඩිවෙලා ඉන්නෙ//

      මහත නිසා පීනන්න අමාරු ( මිරි ) දිය කිඳුරියක් පොඩි රෙස්ට් එකක් ගන්නව

      Delete
    2. ඒක මට පේන්නෙම අර කෝපන්හේගන්වල තියෙන 'ලිට්ල් මර්මේඩ්' ගෙ ප්‍රථිමාව වගේ.

      Delete
    3. හෙහ් හෙහ් .... මට හිතුනා දකිද්දිම කට්ටියට ඔය ගලේ විශේෂත්වය පෙනේවි කියල.

      Delete
    4. බූරා,
      අර දෙවෙනි සිත්තරේ අර ගමරාලට එහා පැත්තෙ ගලක් උඩ කවුද බං වාඩිවෙලා ඉන්නෙ?// ඒක තමා මමත් බැලුවේ.... බලන්ඩකෝ ගෑණු කෙනෙක් වගේ ඉබේම ඇවිල්ලා තියෙන හැටි නේද? විදෙස් සිත්තරාගේ දක්ස කම තමා වෙන මොනවද ඉතින් නේද?

      ------------------------------------------
      Pra Jay,
      තෙල් දියවෙන්න අව්ව තපිනවා වගේ....

      ------------------------------------------
      ඩීඩිටී,
      මම ඒක දැක්කේ නෑනේ..... පූර්ව ප්‍රචාරක මෙව්වා එකට ෆේස්බුක් එකේ මේ සිත්තරේ දාපු වෙලාවෙත් කට්ටිය ඕක ගැන කිව්වා ඒක් මට හොයා ගන්න බැරිවුනා.... මම ලයික් කරලා නිකං හිටියා ඉතින්......

      Delete
  3. අද මේ කතාව පොඩි මේන්ඩියාට.
    එල ද බ්‍රා

    ReplyDelete
  4. ඕක උනේ අර බුදුගේ හදන කාලෙනෙ..

    ReplyDelete
    Replies
    1. දේශකයා,
      සාදු සාදු සාදු

      -------------------------------
      සංජීව මෙන්ඩිස්,
      ස්තුතියි සිතුතියි!

      --------------------------------
      සරත්,
      එහේ තියෙන්නේ බඩ ඉරිඟු නේ!

      Delete
  5. නොදකිං මේ මෝඩ ගමය - උපං ගෙයිම මෝඩයෙක්ය
    නැත්තං ගමයට අගේට - පිට්ටු කන්න තිබුණා

    කවුරුත් නැති හේනෙ පැලේ - මොන ලැජ්ජාවක්ද අනේ
    අමුඩෙ ගලෝලා අරගෙන - පිට්ටු තම්බ ගන්න හැකිනෙ

    මොනව උනත් කෙහෙල් කොටුවෙ ‍- විදෙස් සිත්තරාගෙ චිත්තර
    වගෙම චූටි මහත්‍තයගෙ - විරිඳුවනං අගනා.

    ReplyDelete
    Replies
    1. කොහොමද ‍බොල එහෙම වෙන්නෙ - උපදේසක ටිකිරා කොලුනෙ
      අමුඩෙ ගිනි අරන් බේරුනා - ඇති මේ ගමයා

      අමුඩ කොටෙයි පැල් කොටයයි - ගමය‍යි ගමයගෙ හේනයි
      ඔය ඔක්කොම තව ඩිංගෙන් - ගිනි ගන්නට තිබුනා

      ඔය ටිකිරා ඔහොම්මයි - දුන්නොත් නම් ගිනිගෙඩිමයි
      ඕකා හෙන අන්ඩයා ය - බේරිලා හිටපං

      Delete
    2. සීයාට කවි හැකි වුනාට - මුණුපුරාට එහෙම බෑනේ.....
      ඒක නිසා මේ දෙන්නට - කවි පිලිතුරු දෙන්නට බෑ.....
      කොහොම වුනත් මෙන්න මගෙන් - අතපුරෝලා ස්තූතිය.....
      දෙන්නා මෙතන මරා ගන්නේ - නැතුව බෙදා ගන්න එකයි :D

      Delete
  6. අපූරු චිත්‍ර ටිකකුත් එක්ක හොඳ උපදේශයක් දීලා තියෙන්නේ කාලෙකින් පස්සේ ඇවිත්..

    ReplyDelete
    Replies
    1. තුශානි,

      ස්තූතියි, ආයෙත් එන්නෙත් කාලෙකින්, එදාටත් එන්න.

      Delete
  7. අපූරු බ්ලොග් පිටුවක්, අපේ බ්ලොග් දර්ශකයටත් මේක එකතු කරන්න. පහතින් අපේ සින්ඩියට පිවිසිය හැකියි.

    http://blogdharshakaya.blogspot.com/

    ReplyDelete
    Replies
    1. අජිත්,
      ස්තුතියි දැනුවත් කිරීම ගැන

      Delete
  8. මං මේ තකහනියක් ආවේ චුටි මහත්තයා චුවි මහත්තයා උනේ මොකද කියල අහන්න..

    ReplyDelete
    Replies
    1. දේශකයා,

      කව්රු වෙලා කිව්වා.... අපි එහෙමත් දේවල් වෙනස් කරනවද?

      (ස්තුතියි අපි ගැන හොයා බලනවට)

      Delete
  9. අපුරු පින්තුර ටික සහ කවි පංතිය...

    මචං, හරි වචනේ අමුඩෙ කියන එකද අඹුඩෙ කියන එකද...

    යකෝ.. බලාගෙන ගියාම මොළේ ඇතුව පාවිච්චි කලොත් අඹුඩේ ජොකාට වඩා එළකිරි වගේ අයිටම් එකක්නේ...

    ReplyDelete
    Replies
    1. ලොකු පුතා,
      ස්තුතියි.

      මම හිතන්නේ අමුඩය නේද?

      ඔව්. අමුඩේ කරේ දාගෙනත් යන්න පුලුවන්නේ...... ජොකා එහෙම පුලුවනිද?

      Delete
  10. නියම විරිදුව බුද්ධි!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දසයා,

      අවුරුදු මිලිනය ගාණකට ඉස්සරින් නේද බ්ලොග් ලියන්න ගත්තේ..... පහුගිය ටිකේ හොයා බලද්දි අතුරුදන් වෙලා හිටියේ.... නැවත දැකීම සතුටට කාරණයක්.

      Delete
  11. සිතුවම් ටිකනං අපූරුයි...ඒ වගේම විරිඳුවත්.

    මේ දවස්වල කතාබහ වෙන්නෙම ඔය වගේ කට්ටිය ගැනනෙහ්..

    ReplyDelete
    Replies
    1. සංඩාරකයා,

      මුලින්ම ස්තූතියි.

      මේ කාලේ කතාවෙන්නේ ඒ ගොල්ල ගැන නෙමයෙි අපි ගැන නේද? ඔන්න ටිකකට කලින් පැස්ටෝල් 7/- කින් බැස්සා.....

      Delete
  12. සුපිරි.
    (හැබැයි අර ගමරාල වැස්සට වාඩිවෙලා ඉන්න චිත්‍රෙ හරි නෑ බං. වාඩිවුනාම ක‍ෙඳේ උඩ හරියෙන් තමයි නැවිල තියෙන්නෙ. පොඩ්ඩක් ඉන හරියෙන් නැවුවනං ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. එතන මම හිතන්නෙ බං ගමය ගෙම්බා පොළොවෙ ගැහැව්වා වගේ බඩගින්නෙ බඩ අත ගගා අල්ප දයන්න වගේ දපල ඉද්දි පොඩ්ඩක් ඉස්සරහට නැවිල පැලෙන් එළියට අත දික්කරල බලනවා තාමත් වහින හැටි. ඒක වෙන්න ඕන එහෙම ඇඳල තියෙන්නෙ. (මම හිතන්නෙ වැස්සෙ තරම හැටියට නම් ඉතින් අත් දික්කරන්න ඕන නෑ, නිකන් අර නොරිස්සුමට එහෙම කරනවට ඇරෙන්න)

      ඒ කොහොම උනත් උඹ නෝට් කරල තියෙනවද මන්දා, සමහර වෙලාවට මිනිස්සුන්ගෙ සත්තුන්ගෙ අංගචලන, මොකක් හරි දෙයක් තුළින්, අතරින් පේන දර්ශනයක වගේ දේවලදි සමහර වෙලාවට නිකන් අසමතුලිත හෝ නොගැලපෙනව වගේ හැඟීමක් මට ඇතිවෙල තියෙනව. එහෙම වෙලාවට මට හිතෙනව එහෙම දර්ශනයක් කෙනෙක් ඇන්දොත් කාටහරි කියන්න පුළුවන් නේද මේක වැරදියි - මෙහෙම වෙන්න බෑ කියල වගේ කතාවක්. ඒ උනාට ඇත්තටම ඒක එහෙමයි. :)

      Delete
    2. රාජ්,

      ස්තුතියි අගය කිරීම ගැන..... සිත්තර ගැන උනන්දුව ගැන ඊටත් වඩා ස්තුතියි.

      ------------------------------------
      ඩීඩීටී,
      //පොඩ්ඩක් ඉස්සරහට නැවිල පැලෙන් එළියට අත දික්කරල බලනවා තාමත් වහින හැටි. ඒක වෙන්න ඕන එහෙම ඇඳල තියෙන්නෙ.//

      පැලෙන් එළියට අත දාලා නෑ, පැලේ වහලේ හිලකින් නෙව වතුර වැක්කෙරෙන්නේ...... ඉතුරු ටික ඩීඩිටී කිව්වා හරි.

      ඩීඩීටීගේ දෙවෙනි ඡේදයේ තියෙන දේවල් නම් මගේ හිතේ තියෙන දේවල් කියවලා ලිව්වා වගේ. මේ දේවල් වැඩිපුර විස්තර ඇතුව බලන්න පුලුවන් පින්තූර වලින්. අපි පොටෝ එකක් ගන්න ලෑස්ති කරලා ඉන්න මොහොතකට කලින් හරි පහුවෙලා හරි වැදුනු පොටෝ වල මේ දේවල් අනන්තවත් තියෙනවා.... අනිත් අතට ගමයා මේ ඉන්නවා වගේ සමහර ඉරියව් තියෙනවා ඇන්දම විරුපි වෙලා පේන.... හැබැයි හොඳ දක්ෂයෙකුට පුලුවන් ඒකේ වෙනසක් නැතුව අඳින්න - අපට අමාරු වුනාට.

      Delete
  13. මම නම් ඔන්න කතාවට වඩා චිත්තර ටික රසවින්දා.

    ගෙදර ‘බත ඉදිල‘ තියෙද්දි මොකට ඔච්චර කරදර උනාද බං. වැස්සහම මොකද, තෙමි තෙමි යන එකනෙ තියෙන්නෙ, ආයෙ මොකද ඇඳුම් තෙමෙනව කියලයැ. :)

    ReplyDelete
    Replies
    1. ඩීඩීටී,

      ඒක නං එහෙම තමයි. ඒත් ඉතින් අපිට වාගේ උන්දැලාට හිතන්න බැරුව යන්න ඇති.... නැත්තම් මේ වෙන දේවල් මේ විදිහට වෙවීවැ :D

      Delete
  14. චිත්‍ර ටික පට්ට.......

    ReplyDelete
    Replies
    1. කෙන්ජි,

      ස්තුතියි කිව්වා ඔන්න

      Delete
  15. චිත්‍ර ටික නම් මරු ... මමත් කතාවට වඩා බැලුවේ චිත්‍ර ටික දිහා ..බුද්ධි ඔය ඔන්ලයින් තියෙන චිත්‍ර වෙබ් සයිට් වලට ඔයාගේ චිත්‍ර දාන්න ... හොඳ වැඩ සෙට් කරගන්න පුළුවන් ... විකුනන්නත් පුළුවන් වෙයි ..

    http://www.deviantart.com/

    මේ සයිට් එකේ තියෙන්නේ එහෙම අය ඇඳලා දාන එව්වා ..

    පුර්ණ කාලීනව චිත්‍ර අඳින්න අදහසක් නැද්ද ..?

    ReplyDelete
    Replies
    1. පැතුම් හේරත්,
      හැමදාම චිත්‍ර ඇඳ ඇඳ ඉන්න තියෙනවා නම් කොච්චර හොඳද? ඒත් ඒක කරන්න පුලුවන් තත්වයක් නෑ. හැබැයි අර වෙබ් අඩවිය ගැන මම හොයලා බලන්නම්.... ස්තුතියි ඒ ගැන කියලා දුන්නට.

      Delete
  16. පරම්පරා කුට්ටම රීප්ලේස් කර ගත්තලුද ඊට පස්සේ?

    ReplyDelete
    Replies
    1. නාඩියා,

      ඒක පිට්ටු කෑම සීසන් ටූ එකේ ඇති නේද?

      Delete
  17. ගමයගේ පිට්ටුව මිස් වුනි - ඌරත් ගමයට මිස් වුනි
    තවඩිංගෙන් ගමයාටත් - පණ නැතිවම යන්නා

    කෙහෙල් කොටුවේ චූටි කිව්ව - ගමයා කවුරුද සිතුවම
    සීයට උන හරි දෙයක්ද - නිකමට වගේ හිතුනා..........

    ReplyDelete
    Replies
    1. හා පැටික්කිව දැක්ක කල්,

      සීයට වුනු දෙයක් නෙමේ වෙන්නැති නේද? දිගට දිගට හිතලා බලද්දි එහෙම හිතෙන්නේ නැද්ද? :D

      Delete
  18. චූටිය කෝ කොමෙන්ට් වලට - උත්තර දෙන්නැත්තෙ ඇයිද
    උගෙ අමුඩෙත් පිට්ටු හදල - පිච්චිලාද මංදා...

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න,

      හෙහ් හේ හේ - මෙන්න ආවා අපි උත්තර දෙන්න....

      Delete
  19. චිත්‍ර ටික ලස්සනයි. නියමයි... විරිදුවත් හොදයි.. කමෙන්ට් ටික හොඳා..........යි.

    ReplyDelete
    Replies
    1. දිලිනි,
      ස්තුතියි ස්තුතියි ස්තූතූතූතියි....!

      Delete
  20. කෝ...ඩෝ මගෙ කමෙන්ට් එක.....

    ReplyDelete
    Replies
    1. ඔය තියෙන්නේ දිලිසි දිලිසි. නළුවන්ගේ පොටෝ දාගෙන හිටියට කමන්නෑ, වයසට ගැලපෙන කණ්නාඩි කුට්ටමක් ගන්ඩ. කණනාඩි දැම්මට අපිට පේන්නෑනේ :D

      Delete
  21. මොකක්ද අර චිත්‍රවල අග හරියෙන් යන්නේ? වට්ටක්කා වැලක් ද?

    ReplyDelete
    Replies
    1. රසිකොලොජිස්ට්,
      සාදරයෙන් පිළිගන්නවා සයිබර් යායට.

      //වට්ටක්කා වැලක් ද?// කොහොමද දැනගත්තේ හරියට ම!

      Delete
  22. බුද්ධි...............

    අපේ පළවෙනි පැමිනීම වෙන්ටෑ................ මොනවා වුණත් හරිම ලොකු උත්සාහයක් අරන් තියෙන වගයි.. ඒ වගේ ම නිර්මාණයත් සාර්ථකයි........... අති විශිෂ්ටයි.................... අපි දිගට ම ඒන්නම්........... පාර හදාගත්තා.................

    ReplyDelete
  23. කුට්ටම පුච්ච නොගත්තට ඔහ්ම අමුඩෙන් පිට්ටු හදන කේරළ බුවෙක්ගෙ වීඩ්යෝ එකක් පහුගිය කාලෙ බුකියෙ නැගල ගියා.

    ඒක නෙවේ, ඔය ගමරාලයගෙ සෙට් එකට රස්නෙ කලින් නොදැනුනේ මොකද කියහන් බලන්න?

    මේක හරි ලස්සන, මහන්සිවෙලා කල වැඩක් උනාට මම කැමති අර දිග කතාවට දෙක තුනක් චිත්‍ර දාන ජාතියෙ එව්වටයි.

    ReplyDelete
  24. නියමයි බුද්ධි. මේක මුණු පොතේ දැක්කට අද තමයි කියවන්න මතක් වුනේ.
    අමුඩේ කියන්නේ හෙන මල්ටි පර්පස් ඇඳුමක්. අපරාදේ ඕක හරි හමන් විදිහට ප්‍රමෝට් කළා නම් මෙලහට වික්ටෝරියා සික්‍රට් බ්‍රෑන්ඩ් එකෙන් එන්නේ .
    චිත්‍ර ටික හරි ලස්සනයි. පොඩි කාලේ පත්තර වල ගිය චිත්‍ර වගේමයි.

    ReplyDelete
  25. සිය අත්දැකීම් අප සමඟ බෙදා ගත් කෙහෙල් කොටුවේ චුටි මහත්තයාට නොවක් තුති. චිත්‍රටික අපුරුයි.සිබිල්වෙත්තසිංහගෙ කතාපොතක් බැලුව වගේ. ඔව්මයි.

    ReplyDelete

ඔබේ පංගුව...

...................................................................

Related Posts Plugin for WordPress, Blogger...