2016/04/27

අද කාටුන් 25 | බ්ලොග් වසන්තයේ සංවිධායකවරු ගැන අන්තර්ජාලයේ සංසරණය වන කාටුන් එක දුටුවාද?


2016 බ්ලොග් වසන්තය නිසා හුඟක් දෙනා නැවත බ්ලොග් ලියන්න අරගෙන.

මේ හේතුව නිසා කාලයක් හොඳටෝම ජනප්‍රිය වෙලා හිටපු විදෙස් සිත්තරාත් ආයෙමත් පින්සල අතට ගත්තා. ඔය තියෙන්නේ 2016 බ්ලොග් වසන්තයෙන් ඔකද වෙලා පොර ඇන්ද සිතුවම. කාලයක් තිස්සේ පින්සලක් අල්ලන්න බැරිවුනු නිසා ඉරි නම් පොඩ්ඩක් ඇදේ ගිහිල්ලා. හැබැයි මේ නිසා මීට අවුරුදු හතර පහක අතීතයට කාල යන්තරයක් නැතිව යන්න පුලුවන් වුනු එක නම් හරිම ජොලි වැඩක්.

මේ නිසා බ්ලොග් වසන්තයක් සයිබරයට ගෙන එන්නට මූලික වුනු දුමීටත් ඉන්දිකටත් හොඳම එකෙන් අපි ස්තූති කරන්න වටිනවා.

ඔය තියෙන්නේ 2016 බ්ලොග් වසන්තය ගැන පවත්වපු මූලික වටයේ සාකච්ඡාව පටන් ගන්න ටික වෙලාවකට කලින් සිදුවූ සිදුවීමක්. බලන්න නේද එයාලාගේ කැපවීම.

අවුරුදු ගාණකට කලින් හිටපු මනුස්සයෝමද දැන් ඉන්නේ කියලා හරියටම දන්නේ නැති නිසා සිත්තරය මේ දෙන්නාට පෙන්නලා කලින් අවසර අරගෙන තියෙන්නේ. ඒ අයත් ඒ අවස්ථාවේ මේ සිදුවීම ඇත්තක් කියලා තහවුරු කලා.

එහෙනම් සිතුවම රස විඳින්න පුලුවන් මට්ටමේ තියෙනවා නම් රස විඳින්න.

අපේ අලුත් බ්ලොගස්ලා ට අපේ කාලයේ බ්ලොගස්ලා ගැන දැනුවත් කරන්න කැමතිනම් මේක ශෙයා කරන්න.

තව පොඩි දේකට මොහොතක කාලයක් වැය කරන්න පුලුවන් නම්, අපේ බ්ලොග් වසන්තය ඡන්ද පොලට ගිහිල්ලා කැමතිම බ්ලොග් අඩවියට, හොඳම කොමෙන්ට්කරුට මනාපයක් ලබා දෙන්න.

බ්ලොග් වසන්තයට ජය වේවා!
........................
- විදෙස් සිත්තරා.

86 ක් කියන්නේ !:

  1. දුමී අයියා සුදු කරේ සිත්තරාගෙ පාට පෙට්ටියෙ පාට ඉවර වෙලාද? :D

    ReplyDelete
    Replies
    1. දුමියා සුවර් එකටම බුද්ධියාට අත යටින් ගාණක් දීලා වගේ. නැත්නම් කොහොමෙයි මෙහෙම වුනේ?

      Delete
    2. දුමී අයියා සුදුම සුදුයි.... උඹලා මූන විතරක් බලලා නිගමන වලට එන්න එපා......!

      මූණ අවුවට පිච්චුනාට පපුව සුදුයි ! :D

      Delete
    3. @ හරී - පිණිපළස

      දුමී අයිය කලු නෑ . . . ලා සුදුයි

      Delete
    4. මට කියන්න දෙයක් ඉතුරු කරලා නෑනේ.... ප්‍රශ්ණ අහපු අයටත් පැනලා උත්තර දුන්නු අයටත් දෙගොල්ලන්ටම ස්තුතියි!

      Delete
  2. විදෙස් සිත්තරා ගේ පෝන් එක හරිම සංවේදියි නේද??

    ජය වේවා.. කෙහෙල් කොරටුව උඩින් ගිනි සැරේට හඳ පායන වග පේන කොට අන්තිම සන්තෝසයි..

    ReplyDelete
    Replies
    1. දේශකයා,

      මොකද්ද ෆෝන් එකේ සංවේදී කතාව මට වැටහුනේ නෑ....!

      Delete
  3. එළකිරි වැඩේ. අද තමයි දුමීව හරියටම දැක්කේ.

    ReplyDelete
    Replies
    1. විදෙස් සිත්තරාව කොටියම කාපිය , මගේ සික්ස් පැක් ටික මූ හංගලනේ !

      Delete
    2. සුදීක ස්තූතියි, දුමී සික්ස් පැක් එක කියන්නේ බඩේ තියෙන දෙයක්.... ඒක බිත්තියේ එල්ලලා තියෙන දෙයක් නෙමෙයිනේ....!

      Delete
  4. කෝක-කෝලා බෝතලෙත් ඇරබික් වලින්ම් දාලා තියනවා.. බොහොම තාත්විකයි...

    බ්ලොග් වසන්තය ජයටම නැගලා යන එක ගැන සතු‍ටුයි.. කාලෙකින් නොදැක්ක බ්ලොග් අයෙ මතුවෙලා තිබුනම පරණ යාලුවෙක් කාලෙකින් දැක්ක හැඟීම ඇති වෙනවා... විදෙස් සිත්තරා ගැනත් එමමයි...

    ReplyDelete
    Replies
    1. සෙන්නා,

      බොහොම ස්තූතියි. මටත් ඒ කාලේ බ්ලොග් නැවත කියවද්දි ඇතිවුනේ යාලුවෙක් හම්බුනා වගේ හැඟීමක් මයි!

      Delete
  5. නිකං මඩ ගහන්ඩෙපා යකෝ මිනිස්සුන්ට. ජිංජි බාස් සද්දේ සමහර වායුසමන වලිනුත් එනවා, හිටං.

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නෙ ඩූඩ් අයියත් පොල්.... නෑ එක්කොත් ඕන නෑ. හැක්...

      Delete
    2. හෙන්රි අයිය, බන්ඩර වහල්ල කම්බි පොටේ පැටලුනා නේද ?

      Delete
    3. ඩූඩ්ලා තමන්ගේ පරිනත බුද්ධියෙන් යම් කිසි උපදේශක් දුන්නම, ප්‍රසාලා, කම්මලේ වගේ ලපයි සිපයි අහුකොන් අල්ලන එක තමා කාලා ඉන්ඩ බැරි.....!

      Delete
  6. දුමී සිත්තරාට අතයටින් ගාණක් දීල වගේ කළු පාට දැකුම්කළු කරගන්න..

    ReplyDelete
    Replies
    1. යකෝ අත යටින් ගාණක් දීලා තමන්ටම මඩ ගහ ගන්න රටක් තියෙනවද ? ඒ කතාවත් අර කොටින්ට සල්ලි දීලා උන්ටම කියලා උන්වම පරාද කරගත්තා කියනවා වගේ කතාවක් !

      Delete
    2. කුශ්, අත යටින් දෙන්න බෑ මිනිහට... තමන්ගේ අත පාත් කරද්දි තමන්ගෙම බඩේ වදිනවා.... බඩ වඩා ගන්න මිනිස්සුන්ට ඕන්න ඕකයි අන්තිමේට වෙන්නේ....!

      Delete
  7. එල එල! අර සෝ කෝල්ඩ් සිංහයා නං පන පිහිටෙව්ව වගේ ඇවිල්ල ති‍යනව.

    ReplyDelete
    Replies
    1. නෑ බං, ඌ ඔයිට වඩා කළුයි. මේ උදේ හවස දකින, අපි නොදන්න චීස් !

      Delete
    2. අලියෙක්ව උනත් කලාත්මකව අඳිද්දි ගාන්නේ අලුපාටනේ..... තිරිසනාට එහෙම කරන එකේ ඉන්දි මාමාට මෙහෙම කලාම මොකෝ......

      Delete
  8. දුමියගෙ පාට හැරුණම වෙන කියන්න තරම් අවුලක් නෑ..

    ReplyDelete
    Replies
    1. ඕකේ දියගේ පාට විතරයි හරි, මගේ සික්ස් පැක් එක එහෙම පිටින්ම හංගලා මේකා !

      Delete
  9. කිරි බෝතලයක් වගේ බොන්න හදන්නේ....

    ReplyDelete
    Replies
    1. තිසර,
      ඔව් නැත්තම් කොටු දානවනේ.... මතකද අපි නොදන්න ලයිව්!

      Delete
  10. සිතුවමේ දුමීගේ ඡවි වර්ණය ගැන කතා බහක් යනවා. ඒ ගැන වචනයක් කියන්න ඕන. දුමී කියන්නේ කලු, බඩ මහත පුද්ගලයෙක් තමා. එතකොට ඉන්දික. එයත් කලුම කලුයි. හරි විදිහට ඇන්දානම් මේ චිත්‍රය පේන්නේ අඟුරු කෑලි දෙකක් ටෙලිෆෝන් වලින් කතා කරනවා වගෙ. අඟුරු කෑලි කතා කරන සිද්දියක් අදින්න ප්‍රවීණ විදෙස් සිත්තරෙක් ඕනෙ ද? නෑ.

    අනික ඡයාරූප ශිල්පියෙකුයි, සිත්තරෙකුයි එකම පින්තූරයක් තමන්ගේ කලා කෘතියට ගද්දි සිතුවම් ශිල්පියාට පුලුවන් එතන කුරුල්ලෝ රෑනක් හිටියෙ නැතත් එහෙම එකක් අඳින්න. මේත් ඒ වගේ වැඩක්. සිතුවම පොඩ්ඩක් අලංකාර කරලා තියෙන්නේ... :D

    -විදෙස් සිත්තරා.

    ReplyDelete
    Replies
    1. උඹ හරි බන්. දැන් බලහන් සිත්තරාගෙ පරිකල්පණ සක්තිය.

      දුමීය ඉන්නෙ කාපට් දාපු ෆුල් පොෂ් ගේක. අර අනික් එකාගෙ පිටිපස්සෙ කැත්තක්, දර ඉපල් එහෙමත් තියෙනව.

      දැන් මේ රටේ විදිහට ලොකු ගාඩ්න් එකක් සහිත විලාවක ඉන්න එකෙකුට තමා ඔහොම පිළිකන්නක්, දර ඉපල්, කැත්තෙ වැඩ තියෙන්නෙ.

      යන්තම් ෆ්ලැට් එහෙක රිංගල ඉන්න එකෙකුට ටීවි එකයි, සෝෆ එකයි, කෑමයි බීමයි එකම හුන්ඩුවෙ.

      මල්ලි හරියටම හරි මල්ලි..

      ( දැන් සබන් ටිකක් ගාගනින් )

      Delete
    2. හැබැයි මම දන්න ඉන්දිකයා ඉන්නේ මෙහේ ෂාජා වල බිල්ඩිමක 10 වෙනි තට්ටුවේ. ඌට පොල් කොල, හනසු කොහෙන් හම්බ උනාද කියලා නම් දන්නේ නෑ.... හැබැයි එකක් දන්නවා ඌ ඔය අල්ලපු වැටේ ඉන්න මලබාරි ගෙදරකට නම් බැල්මට් එක දානවා... අපි කවුරුත් දන්න දෙයක් නේ මලයෝ කියන්නේ ඔය පොල් නිසාම ජීවත් වෙන ජාතියක් කියලා...... පොල් ගහ මිහි තලයෙන් තුරන් වෙච්චි දවසට මලබාරි ජනාතාවත් වඳ වෙලා යනවා.... ඉතින් ඔන්න ඔහේලා හිතා ගත්තට කමක් නෑ පොල් ගහ සම්බන්ධ සේරම සප්ලයි ඉන්දිකයාගේ ගෙදරට ලැබෙන විදිහ..... අනික මේ විදෙස් සිත්තරා චිත්‍රේ ඇඳලා තියෙන විදිහට හරියටම ෂුවර් නෑ මේ ඉන්දිකයාගේ කුස්සියද නැතිනම් අල්ලපු ගෙදර මලබාරී නෝනගේ කුස්සියද කියලා......!

      Delete
    3. ඉන්දික බොස් මලබාරි ගෙදර පොල් ගෙඩියක් ලෙලි ගහනවද මන්දා :D ඕ යේස්

      Delete
    4. අල්ලපු ගෙදර බාරි මැරිල නම් මූ කාටද පොල් ගාන්නෙ එතකොට ?

      Delete
    5. හිනාකාලා මැරෙනවා කියන්නේ මෙහෙම හිනා වෙනවට වෙන්නැති.... පරණම බ්ලොග් අතීතය මතක් වුනා මේ කමෙන්ට් ටික කියවලා.... මට තියෙන ප්‍රශ්නේ අර මලබාරි නෝනාගේ ඇස්වල පෙනීමේ මොකක් හරි අවුලක් තියෙනවද කියලා? තද පාට ලාවෙලා පේන වගේ....! :D

      Delete
    6. අනේ පල ඩෝ යන්න. කලු දොදොල් කියන්නෙ හොඳ ඔරිජිනල් මලබාරි කෑමක්.

      Delete
  11. දුමියට විතරක් කතා කළාට අතන කෝප්ප 6 ක් තිබීම ගැන සැකයක් මතුවෙනව.
    මං හිතන්නෙ ජිංජි බරස් සද්දයක් එන්න විදියක් නෑ උපශාන්ත මහත්තය පොල් ගාන අලුත් ගැජට් එකත් එක්ක සලකල බැලුවම. හැක්...

    ReplyDelete
    Replies
    1. කෝප්ප හයක් තියෙන්නේ බිඳෙන්න බිඳෙන්න ගන්නයි.

      අලුත් ගැජට් එක කිව්වේ..... :D

      Delete
    2. නෑ.. ඒ ගැන කියල මෙතන 18+ කිරන්න ඕන නෑ. හැක්..

      Delete
  12. Replies
    1. :D මේ මහත්තයා නම් හිනාවෙන්මයි ඉන්නේ වගේ!

      Delete
  13. ආ මේ අර පඩි නැතුව වැඩකරන ඔෆිස් එකනේ.

    ReplyDelete
    Replies
    1. පඩි නැති වුනාට පත තියෙනවා නේ!

      Delete
    2. නෑ මනෝ මෙතන තමා පඩිතකා වැඩ කරන්නෙ

      Delete
  14. ආ.. විදෙස් සිත්තරා ඇවිල්ලා......

    ReplyDelete
    Replies
    1. අම්මට හුඩු, පිපැ. කාලෙකින් දැක්කෙ

      Delete
    2. අපි මොක්කුද, පිලේ උන්නැහෙත් බ්ලොග් අවකාසෙට සැපත් වෙලා තියෙද්දි!

      Delete
  15. Replies
    1. Pra Jay,

      තමුන්නැහේගේ වටිනා ප්‍රතිචාර මම කොතෙකුත් කියවලා තියෙනවා. ඒත් මේ වගේ ප්‍රතිචාරයක් දැක්කමයි.... තමුන්නැහේට අනේක වාරයක් තුති... මම එකතු කිරීමේ ලකුණු මැදින් කැමති ඉලක්කමක් දා ගන්නම් :D

      Delete
  16. අපෙත් සුභ පැතුම්.....

    ReplyDelete
  17. දැන් එතකොට මුන්ගේ බයිට් එක අපිද ?

    ReplyDelete
    Replies
    1. හිස් අහස,

      නෑ රිලා පීකුදු!

      Delete
  18. Replies
    1. ලොකු පුතාව දැක්ක කල්! ලොකු පුතාගේ අල වියංජනේ කතාව තාම මතකයි!

      Delete
  19. Replies
    1. බොහොම ස්තුතියි ඉවාන්!

      Delete
  20. 2016 බ්ලොග් වසන්තයද? කවුද කිව්වෙ :) මොනාද කරන්න හිතාගෙන ඉන්නෙ? අලුතින් අයව බ්ලොග් ලියන්න එකතු කර ගන්න වගේ දේවල් ද? හැබැයි ඉතින් තේරුමක් නැති ඕපාදූප වෙනුවට වැඩකට ඇති, හොඳ ලියන්නෝ නම් තමා හොඳ... :)

    ReplyDelete
    Replies
    1. http://upashantha.blogspot.com/2016/04/blog-post_20.html

      Delete
    2. එහෙමයි එහෙමයි ස්වප්නා නෝනා, ඊලග ලිපියේ තියෙන්නේ එහෙම්පිටින් වැදගත් ලිපියක්.... නෝනා කියවන්න එන්නම ඕනේ ඕං.... :D

      Delete
  21. පොහ්ඃ කෙහෙල්කොරොට්ටත් ශිශිරතාරක නින්දෙන් ඇහැරිලා. ඔහොම යන්... ඔහොම යන්....

    ReplyDelete
    Replies
    1. පැරණි සාමාජික ලැයිස්තුවේ මහත්තැන් කෙනෙක්! බොහොම ස්තුතියි වත්තට ආවාට!

      Delete
  22. ඊයේ රෑ දොළහට බලනකොටත් ඉන්දිකයා ඔෆිස් එකේ වැඩ.. :p

    ReplyDelete
    Replies
    1. අඩෝ දැන් දොළහයි, තාම වැඩ

      Delete
    2. අපට ලැප් එක ලැබෙන්නෙම 12ට.

      Delete
  23. Replies
    1. පැරණි සාමාජික ලැයිස්තුවේ එක්කෙනෙක්.... බොහොම ස්තුතියි මාධර්‍ව!

      Delete
  24. හැමදාම වසන්තය තිබුනොත් විස්කි කඩ වහන්න වෙයි.....

    ReplyDelete
    Replies
    1. අපි බලමු ඊලඟ පාර විස්කි කඩෙන් ස්පොන්සර්ෂිප් එකක්වත් අරගන්න...!

      Delete
    2. හිස් බෝතල් මට ඕන

      Delete
  25. යකෝ මේක මාර කෙලියක්නේ, විදෙස් සිත්තරා තමන්ගේ ශිල්ප පෙන්නලා යාථාර්වාදී නිර්මාණයක් කලාම ඒකෙ ඇද , පාට හොයන්න කෙළකෝටියක් විතර ඉන්නවා..... දැන් බලහල්ලා අර ඩාවින්සි ඔන්නැහේ මොනාලිසාව ඇඳලා තියෙනවා, කවුරු හරි කිව්වද මොනා ලිසා සුදුද කළුද කියලවත්.....යථාර්තවාදී නිර්මාණ අගය කරන්න අපේ මේ කුරිරු සාමාජේ කවදා ඉගෙන ගනීවිද මන්දා.....!

    (හැබැයි උඹට ඉන්දිකයව ඔයිට වඩා ටිකක් කළුවට අඳින්න තිබුනා, ඌ ඔයිට වඩා කළුයි.....)

    ReplyDelete
    Replies
    1. කතා කරහන් දුමියා... දැන් ඔය ඇද හොයන උන්ට පින්සල දීලා කිව්වොත් හා එහෙනං උඔ ඇඳපන් ඔයිට වඩා හොඳට කියලා අඳීද එකෙක් හරි.... නෑනේ නැනේ...... අරින්ඩෙපා.... මම උඔව ඊලග වතාවේ සුදුම සුදු කරලා අඳිනවා හරියට අවතාරයක් වගේ.... හරි බලමුකෝ එතකොට මොකද කරන්නේ කියලා මුං....

      Delete
    2. යකෝ අරූගෙ කටේ ගිරව කක්ක දාන්න එපාය. මමද කලු ඌද කලු කියල හිටින් වෙලාවක සෙල්ෆියක් ගහල පෙන්නන්න. අනික බන්, සයිට් වල හැම්දාම කරක් ගහන මම වගේද, ඕක ඉන්නෙම පිළිකෑලි මැද කන්තෝරුවෙමයි, මූ තව අපි වගේ ගියානම් එහෙම අඟුරුත් මූට සුදු වෙනව,. හුහ්

      Delete
  26. මේ......දුමීට විතරක් නෙවෙි...ඔය කාගෙ කාගෙත් යටගිය පැත්ත ඕක තමා ඉතිං.....(මේි මටත් එක්ක)

    ReplyDelete
    Replies
    1. යටගිය පැත්ත කිව්වේ, දුමියගේ කොයි පැත්තද යටගිහිං තියෙන්නේ... මම ඇඳපු නැති දේවලුත් පේන්න අරගෙන ද ඒ පාර?

      Delete
  27. යකඩෝ කොල්ලො නම් හෙන පිංවත්තයි. බලාපල්ලකෝ අතින් කටින් එල්ලන් යාළුවට කතා කරන හැටි.ෂික් මේ ගෑණු යාළූවො නම් අන්තිමයි අප්පා....

    ReplyDelete
    Replies
    1. දුක් වෙන්ඩෙපා මිසී. ඕන්නං ඕකුං ආයෙ සැට් වෙන වෙලාවට කෝල් එකක් දෙන්න කියන්ඩ :D

      Delete
    2. තව තියෙනවා.... මදි වෙද්දි නැති සල්ලි මැවෙනවා වගේ තව පුදුම සහගත දේවලුත් වෙනවා මේ වගේ තැන් වල....

      Delete
    3. ගෑණු යාලුවො මෙලෝ රහක් නෑ තමා, උන් නැතිනම් අපි දෙන්න ඔහොම දවසගානෙ සෙට්වෙලා.

      Delete
  28. සිත්තරා විදෙස් පොරක් හින්ද තමයි හිරමණේ ඉන්න විදිහ වැරදියට ඇදල තියෙන්නෙ, සරම ඇදන් හිරමණේ වාඩිවෙලා හරියට ඇන්දොත් 18 plus වෙන්ඩ ඕනෙ.

    ReplyDelete
    Replies
    1. ආන්න ඒකනේ කම්මල මම කවදාවත් සරම් අඳින්නේ නැත්තේ.... ඔය හේතුව හන්දා මට සමහර පන්සල් වලටත් යන්න විදිහක් නෑ.....!

      Delete
    2. සීයා පොල්ගාන විට සීයාගේ මීයා පොලවේ පස් කයි !

      ආන්න තීම් එක

      Delete
  29. විදෙස් සිත්තරා ආයෙ දකින්න ලැබීම සතුටක්! :D

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි සිතූ

      Delete
  30. ජයවේවා! සාර්ථක වේවා!!

    ReplyDelete
  31. බ්ලොග් වසන්තයට ජය වේවා! හරිම ශෝක්..

    ReplyDelete
  32. අනේ උඹ ආයෙ ලියන්ඩ ගනිං බං. පිං!

    ReplyDelete
  33. ශහ්...........පට්ටනේ ආයිත් බ්ලොග් කෙරුවාව පටන් අරන් වගේ.නියමයි ඔහොම යං

    ReplyDelete

ඔබේ පංගුව...

...................................................................

Related Posts Plugin for WordPress, Blogger...