2010/04/21

මම ආමි. |සයිබර් යාය

සයිබර් යායට මම අන්තිමට පෝස්ට් එකක් දැම්මෙ මීට සෑහෙන කාලෙකට ඉස්සර. ඒ කියන්නෙ 2010 අප්‍රියෙල් 07 වැනිදා! තව දවස් 344 ගියා නං පෝස්ට් එකක් නොලියා හරියට අවුරුද්දක් ගත වෙනවා.

මට මගේ ඊලට කතන්දරේ දාන්න පරක්කු උනේ අවුරුද්දකට සැරයක් එන ''සූර්ය මංගල්‍යය'' සමරන්න ලෑස්ති වෙන්න ගිය නිසයි.

මම ඈතුලු පිරිස මෙවර අලුත් අවුරුදු සමරන්න යොදා ගෙන තිබුනෙ මැරියන්ලගේ අම්මගේ අයියා කෙනෙක්ගේ ගෙදර.

සා..................... මරු පැත්ත. එහෙට කියන්නෙ ''උඩවලවේ'' කියලා. අනේ ඒ ගෙදර කස්ටියත් හරි හොදයි.
බුද්ධි ළමයම පළවෙනි පාරට දැක්ක උනාට කොල්ලව හොදට හිතට අල්ලා වගේ. දැක්ක දැක්ක තැන සැලකිලි!

අපි අවුරුදු සැමරුවට පස්සෙ ගියේ සංඛපාල රජ මහා විහාරයට.
මේ සංඛපාල රජමහා විහාරයේ අපේ බුදුරජානන් වහන්සේගේ බුද්ධ ප්‍රතිමාව.



මේ තියෙන්නේ ​​චෛත්‍ය රාජයාණන් වහන්සේගේ ඡායාරූපේ.



මේ තියෙන්නෙ පහල ඉදං ඔය ​චෛත්‍ය ගාවට යන්න තියෙන සුන්දර මාර්ගෙ.


ආ.... මේ කව්ද මේ!


ඊට පස්සෙ මාමලගේ ගෙදර ඉදං පයින් යන දුර තියෙන උඩවලව ඈත් අතුරු සෙවණට.

සා... මහ අලි, පොඩි අලි ටිකිරි අලි ඔක්කොම පොර කකා ''පිටි කුක්කු'' බොනවා.

ඊට පස්සේ උඩවලවේ ඩෑම් එකට.

ඔය තියෙන්නෙ මම ඒ හරියේ සුන්දර සන්ධ්‍යව පටිගත කරගන්න ආකාරය.


පහුවදා උඩවලවේ රක්සිතේට වාහනේං ගිහිං අලි බැලුවා.

ඔන්න ඔහොම අවුරුදු දවසේ ඉදං සෙනසුරාදා වෙනකං මාර නිවාඩුවක් අරං, ඉරිදා උදේම එහෙං පිටත් වෙලා හවස් ජාමේ ගෙදර ආවා.

ගෙදර ආවත් නිකං උඩවලවේ ජාතින වන උයනෙ වගේ හිතෙන්නෙ.

මාර අමාරුයි සදුදා උදේ වැඩට යන්න හිත හදා ගන්න.

ඔහොම ඉද්දි මට මතක් උනා,
'' ඉරිදා සවස 7 රොබින් හුඩ් යනවනේ'' කියලා.

''රොබින්ගේ වීර ක්‍රියාවක්වත් බලල හිත හදාගෙන සදුදා වැඩට යනවා''
මතකනේ කෙහෙල්කොටුවේ චූටි මහත්තයා.

හුටා.. මෙන්න බොලේ ''කොරේ පිටට මරේ'' කියලා ​​රොබින් කාරයත් ඉසබෙලාගේ විස කඩු පාර කාලා තනිපංගලමෙම ගහක් පල්ලෙ මැරිලා ගියා.

මට එපා උනා.

මං රොබින්ට රග පාපු ජොනා​ගේ ඉන්ටවිව් එකක් බලල හිත හදාගෙන, සදුදා වැඩට යන්න හිතුවා.

කොහොම හරි නිවාඩුව පුදුම ආස්වාදජනක විදිහට ඉවර උනා.

සා............ මතක් කරද්දිත් සනීපයි.

හැබැයි, ඔය මොනවා තිබුනත් එහෙ ඉන්ටර්නෙට් තිබුනේ නැති නිසා මගේ සයිබර්යාලුවන්ට නැකතට සුබ පතන්න නං බැරුව ගියා.

මං ඉන්නම බැරි තැන හදිසියේ කැෆේ එකකින් සයිබර් අඩවියට ගොඩ වැදුනු වෙලාවෙ මගේ සයිබර් යාලුවෙක් '' උඩවලවේ පැත්තෙ වටිනා කියන බෙහෙත් පැලෑටි වගයක් තියෙනවා පුලුවං නං ටිකක් ගේන්න කිව්වා, මිනිහට රහස් බෙහෙත් වට්ටෝරුවක් හදාගන්ට. ඒක නං මට ගේන්න බැරි උනා. (ඔව්! ඔව්! ඔයා කිව්ව එක තමයි!) දැං මිනිහා මාත් එක්ක තරහ වෙයිද මන්දා?

කොහොම හරි අන්තිම පෝස්ට් එකේ කමෙන්ට් කරලා මට අවුරුද්දට සුබ පතපු අයටයි, ෆේස්බුක් එකෙන් සහ ඊමෙල් මගින් සුබ පතපු අයටයි ඔක්කොටම සුබ අලුත් අවුරුද්දක් වේවා!

දන්නවද මේ නිවාඩු කාලේ මං තව දෙයක් කලා. ඒ මගේ අතීත මතක වස්තුවෙ හැංගිලා තිබුනු ම​ගේ පුංචිකාලේ සිදුවීම් ටිකක් මතක් කර ගත්තු එක.

එහෙනං අනිත් දවසේ ඒවයින් එක කතාවක් අරං එන්නං!

එහෙනං ඔන්න ආයෙත් ''මම ආමි.''

ආ.. තව එකක් අපේ සසික නානායක්කාරත් මේදා පාර නිවාඩුවට ඩවුන් සවුත් ගියාලු.

ඔයාල මොකද කලේ අවුරුදු නිවාඩුවට?

21 ක් කියන්නේ !:

  1. මම නම් දෙයියනේ කියලා සැප නින්දක් දැම්මා, හීනෙන්වත් අවුරුදු සමරන්න කියලා හිතාගෙන... ඒත් වැඩක් උනේ නෑ.. මොනව පෙනුනද කියලා නැගිටිද්දි අමතක වෙලානේ... :D සුභ අලුත් අවුරුද්දක් වේවා.. චූටි මහත්තයටයි මැරියන්ටයි දෙන්නටම..!!!

    ReplyDelete
  2. කෙහෙල් කොටුවේ චූටී මහත්තයාටත් ලැබුවා වූ සිංහල සහ දෙමල අළුත් අවුරුද්ද බ්ලොග් එකේ ටැපික් වැඩිවෙන ප්‍රතිචාර වැඩිවෙන සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා!

    ReplyDelete
  3. රොබින්ටයි මැරියන්ටයි, පවුලේ උදවියටයි සුභ අලුත් අවුරුද්දක් වේවා.....

    අර බෙහෙත් පැලෑටිය මල් වර්ගයක් නේද? අර ඔතන්න එහෙම ගන්නේ!

    ReplyDelete
  4. ආ සුබ අලුත් අවුරුද්දක් වේවා

    [අද 21 දවස් 7 ට පස්සේ සුබ පතනවා අනේ මන්දා ... මු නම් මන්දයෙක්ම තමයි]

    මේ කවුද අර සයිබ්ර් යාලුවා ..... මිනිහා තෙල් බෙහොත් කාරයෙක්ද? අනික ඔයා කෙලින්ම කියන්න එපැ ... ඒ ගැන දන්නේ නැහැ කියලා .... මොන එකකට පොරොන්දු උනාද ඒව්වා අරං එන්න ....

    [අලි පැටියා ගේනන ඇති එහෙනම් ]

    ReplyDelete
  5. කලිං කීවෙ එයාර් පොරොස් කියල නෙවද?

    ReplyDelete
  6. බුද්ධි සහෝට සුභ අලුත් අවුරුද්දට සුභපතනවා!!

    ReplyDelete
  7. ආනේ.... අයියාට නම් අවුරුදු ජයම ජයයි වගේ? සමනලීගෙනුත් සුබපැතුම්!!!!! අර ටිකිරි අලි පැටවු ටික ගැන කියාපු එකට නම් සමනලී කැමතියි... මොකද සමනලී අලින්ට හරිම ආසයි :-)
    එහෙනම් ඉක්මනින්ම තවත් කතාවක් ලියන්නකෝ අපිට හිනා වෙන්න.....

    ReplyDelete
  8. උඩවලව වැව මැද දූපතක රැයක් ගත කරන්න ට්‍රයි කලේ නැත්ද ? ඔරු පැදලා, මාළු අල්ලලා නියම අත්දැකීමක් ගන්න පුළුවන්. රෑට අලි වැවට එනකොට හර්න්ගෙ පිහිට විතරක් නෙවෙයි අයියනායක දෙයියොත් සිහි කරගෙන ඉන්න වෙනවා. අනිත් පාර ගියහම ට්‍රයි කොරල බලන්න.

    ReplyDelete
  9. @ ගීතික
    මගේ යාළුවෙකුත් ඔහොම උඩවලව වැව මැද දූපතක රැයක් ගත කරලා තියෙනවා.:D

    ReplyDelete
  10. ඔයා ගත්ත ආතල් ඇහෙනකොට අපේ ඇගවල් දනවා...

    ReplyDelete
  11. මොනා උනත් රොබින්ට පව් වැඩේ උනේ නේද අයියෙ. මොනා කරන්නද ඉතිං

    ReplyDelete
  12. අනේ මන්දා....
    මට නම් 100 ගාණට ගමන් බිමන්...
    දෙගුණයක් යන්න ඔනේනේ...
    අපේ ගෙදර ඒවයි
    නෝනගේ ගෙදර ඒවයි...

    /බිඟුවා...!

    ReplyDelete
  13. මටනං ඉතිං හැමදාම අවුරුදුනේ... ඕවයෙ ගානක් නෑ....
    [ඒකනෙමේ අර තෙල් බේත් කාරයා ඉල්ලපු රහස් පැලෑටියෙන් හදන බේත් අවුසදෙ මම හොයාගත්තා ඒක එසේ මෙසේ එකක් නෙමේ "අහසෙ පාවෙන්න" පුලුවන් බේතක්]

    ReplyDelete
  14. කෙහෙල් කොටුවේ චුටි මහත්තයට සුභ අලුත් අවුරුද්දක් වේවා...

    ReplyDelete
  15. /* මම ආමි.
    */

    මං හිතුවේ නේවි කියලයි!

    ReplyDelete
  16. නිශාචර,
    හැමදාම හාෆ් සෙන්චරියට ඔන්න මෙන්න තියලා මේ පැත්තේ එන මෙයා මෙන්න උදේම ඈවිල්ලා. සුබ පැතුමට තුති! නිදාගද්දි හීන රෙකොඩ් වෙන්න දාලා නිදාගන්න. එතකොට ඔය ප්‍රශ්නෙ එන්නෙ නැති වෙයි.
    ................................

    කස්සා,
    ඔබටත් එසේම වේවා!
    තව එකක් ඔබගේ දැනට කරගෙන යන ඉගනීමේ කටයුතු සාර්ථක වේවා! පංතියේදී හොරෙන් ෆේස්බුක් ලොග් වෙද්දි ගුරුවරුන්ට අසු වේවා! හිහි...
    ..............................

    sameerausaට,
    එසේම වේවා!
    මල් වර්ගේ ගැන ඔයත් දන්නවනේ. හිහි... ඔය පැලැටිය ඉල්ලු පුද්ගලයත් කමෙන්ට් කරල තියෙනවා. හිතන්න පුලුවන්ද කවුද කියලා? මූනෙන් කිව්වැකි.
    ............................................

    වැප්, හෙවත් වරහන් කාරයා
    එසේම වේවා!
    ඔය පැලැටිය ඉල්ලුවේ දොස්තරෙක් තමා. හැබැයි ඔයා අදුරන්නැතුව ඈති. හැබැයි මිනිහාත් කමෙන්ට් කරල තියෙනවා අද. අර සමීරට කිව්වා වගේ මූණ දැක්ක හැටියෙ කිව්වැකි මූ නං පැලෑටි කාරයෙක් කියලා. පුලුවං නං හොයන්න බලන්න. හෙ​හේ.......
    ..........................

    බුධා,
    කලින් නොවේයි දැනුදු මා පවසන්නෙ මා ගුවන් හමුදාවේ සිටි බවක් මැයි! එය වෙනස් නොවේ මැයි!
    මම ආමි කියන්නෙ මම ආවෙමි කියන එක නොවැ.
    (උඔ කලේ විහිලුවක් දැයි හරිහැටි තේරුමි නොගෙන උත්තර බැන්දෙමි.)
    ...............................

    ළමයා,
    ළමා සහෝටත් වැඩි වැඩියෙන් පිටිකුක්කු ලැබි ​ලොකු වී හොද මහත්තැං කෙනෙක් වෙන්න ලැබේවා!
    ...................................

    සමනලී,
    කවුද දන්නෙ ඔයා අලින්ට කැමති විත්තිය. එහෙනං පෝස්ට් එකේ තව විස්තර ටිකක් දාන්න තිබුනනේ.
    පුලුවං වෙලාවේ උපරිම සන්තෝසෙන් ඉන්න එපැයි. කවුද දන්නෙ ලබන අවුරුද්ද කොහොම වෙයිද කියලා.
    ඒක නෙමේ, ඔයාගේ අයිතිකාරය අද ආවෙ නැතිද?
    .................................

    ගීතික,
    උඔ මේ වැවක් ගැන කතා කරනව? තව පොඩ්ඩෙං අලියා අපේ ඩිපෙන්ඩරෙත් එක්ක කරකෝල ගහනවා ගහේ. අම්බෝ මතක් වෙද්දිත් බයයි! අලියා ඩිපෙන්ඩරේ ගාවට ඈවිත් එක කකුලක් බාගෙට උස්සං හිටියනේ සෑහෙන වෙලාවක්ත මම හිතුවේ පෑගුවම තමා කියලා.
    කොහොම උනත් උන්ගෙ සැප දුක් බලන්න ගෙදර ගියාම එහෙම සලකන එක කැතයි නේ.
    .....................................

    vudaraට,
    ඈග දන්නෙ මොකෝ! ඈග දැවිල්ල අල්ලා තියෙද්දි හරි කියොලා කමෙන්ට් කල එකම මදැයි.
    ඒක නෙමේ ඔයාගේ අවසානයේ ආරම්භය බ්ලොග් එකේ ''ම්'' වැරදියි. ඒක හදාගන්න පුලුවන්නං. බ්ලොග් තීම් එක මාර ලස්සනයි! සරළයි!. අර අඩුපාඩුව හදා ගත්ත නං ගොඩ. ''ම්'' හරියට ටයිප් කරන්න ctrlත් එක්ක0239 ගහන්න.
    අනිත් එක ඔයාගේ ප්‍රොෆයිල් එකේ අවසානයේ ආරම්භය කියලා තවත් හිස් බිලොග් එකක් තියෙනවා ඒකත් අයින් කරන්න පුලුවං නං!
    .............................

    සසීන්ද්‍ර,
    රොබින්ට වෙච්ච දේ නං පව් තමා. ඒත් ඕක ඉවර කලේ බීබීසී කාරයන්ට ඕන විදිහටනේ. ඈත්ත රොබින් කව්රුවත් අතින් මැරුනේ නෑ මම දන්න හැටියට!
    ඒ උනත් අර ඔයාගේ පෝස්ට් එකේ තියෙන්නා වගේ නෙමේ මේ කතාවේ ගිස්බන් නං අසාදාරනේට ලක් උනත් මිනිහාට බීබීසි කාරයෝ සාධාරනේ ඉස්ට කරල තිබුනා. මිනිහටත් හිතක් පපුවක් තියෙන ආකාරයට චරිතය ගොඩ නගලා නේද?
    ...................................

    බිගුවට,

    ආහා මං දන්නවා දැං මාස අටයිනේ නේද?
    ........................................

    සහන්,
    හැමදාම අවුරුදු කියලා අහන්නත් සතුටුයි.
    ඔයා අර කිව්ව බෙහෙත් ගත්තම අහසේ පා වීම හැරුනම ඔලුවට උඩින් කාක්කෙක් ගියත් සෑහෙන වෙලාවක් හිනායන බව පැරණි පොත් වල සටහන් වෙලා තියනවා කියලා ඔය පැලෑටිය ගේන්න කියපු වෙදා මට කියලා තියෙනවා.
    .......................................

    බීට්ල්,
    ඔබටත් එසේම වේවා!
    අර අපි කතා කරගත්තු ලිපියේ වැඩේට කල් ගියා වැඩිද මන්දා නේද?
    ...................................

    කතන්දර,
    මම ආමි.
    ඔයාගෙ අන්තිම පෝස්ට් එක කියෝපු මම නං හිතුවෙ ඔබ ''නේවි'' කියලා.
    ඓහෙනං ''එසේම වේවා!''
    ''අපි පියාණන්​ට ඉක්මන් සුවය පතමු !''

    ReplyDelete
  17. මම පරක්කුවෙලා ආමි. සුභ අලුත් අවුරුද්දක් වේවා.

    ReplyDelete
  18. මමත් ආමි...
    උබට නම් ඉතින් අවුරුදු තමයි මොකද ඉතින් මැරියන්ට පිංසිද්ධ වෙන්න.
    "බුද්ධි ළමයම පළවෙනි පාරට දැක්ක උනාට කොල්ලව හොදට හිතට අල්ලා වගේ. දැක්ක දැක්ක තැන සැලකිලි!"

    උබට එහෙම හිතුනට ඒ මනුස්සයට මේ අවුරැද්ද වැලේ වැල් නැතුව ඇති.එනේ පව් ඒ අහිංසකයා...හික්..හික්..

    ReplyDelete
  19. ඔන්න අයියේ මගෙනුත් උණුසුම් සුභ පැතුම් අලුත් අවුරුද්දට....
    බලාගෙන ඔය නෑදෑ වෙන්න යන ගෙවල් වල ගිහිල්ල කෑවා බිව්වා වගේ නෙමේ..
    ආපහු ගෙවන්න වුනාම වැල් පොලී වලින් ගෙවන්න වෙන්නේ..
    හික් හික්
    අයියට ජය !!!!!!!!!!!!!!

    ReplyDelete
  20. ත‍රිඳු, සසික, සංදීප, සියලු දෙනාට සුබ නව වසරක් වේවා!

    ReplyDelete
  21. සුබ අලුත් අවුරුදක් වේවා !!!!

    ReplyDelete

ඔබේ පංගුව...

...................................................................

Related Posts Plugin for WordPress, Blogger...