2010/05/26

සයිබර් යායේ රී-ලොන්ච් එකට | කටුනායක අහසේ දී මිසයිල ප්‍රහාරයට ලක් වූ MI 17 හෙලිකොප්ටරයේ කතාව

මාසෙකට විතර පස්සෙ අලුත් බ්ලොග් පෝස්ට් එකක් දාන්න හිත හදා ගත්තෙ බොහොම අමාරුවෙන්!

ගිය රටයි, ඉන්න රටයි, සංසන්දනය කරපුවාම අහසට පොලොව වගේ! මීටත් වඩා සමෘදිමත් රටකට ගියා නං මට පිස්සු හැදෙයි! එහේ ගියාම අපේ මහජනතාව ගැනයි, අපේ රටේ ඉන්න හොද මීටර්ල, ගැනයි මතක් වෙද්දි මහා කළකිරීමක් ඈතිවෙනවා? ඒවා ගැන හිතද්දි බ්ලොග් ලිවීම විතරක් නෙමේ සමහර වේලාවට ඔක්කොම දේවල් ඒපා වෙනවා !

ඒත් ''එක රටක සමෘද්ධිය, මගේ බ්ලොග් ලිවිල්ල නතර කරන්න තරං හේතුවක් වෙන්න ඕන නැහැ'' කියලා තර්කයක් ගොඩනගාගන්නත් වෙලාවකට හිතෙනවා! ඊටත් වඩා මම බ්ලොග් පෝස්ට් එකක් නොදාපු කාලය තුලත් මා ගැන සොයා බැලූ සයිබර් යායේ බොහෝ මිතුරන් සහ මගේ පරණ පෝස්ට් වලට කමෙන්ට් කරපු පිරිස බලද්දි නික්ම්ම මේක අතඈරලා දාන්න හිතන්නත් අමාරුයි!

පසුගිය කාලයේ ඔබේ නොදුටු සයිබර් මිතුරා ගැන සොයා බැලූ සියල්ලන්ටම බොහොම ස්තුතියි!

......................................................

දැං ඔක්කොම හරි, මෙන්න කතාව.

කෙහෙල් කො​ටුවේ චුටී මහත්තයා කතා මාලාව තාම ඉවර නැතත් ඒක තාවකාලිකව නතර කරල දාන්න ඕන කියලා හිතුනා.​

තව මට කියන්න, බ්ලොග් එක පටන් ගද්දිම දැම්ම කුරුලු හමුදා කතා මාලාවත් ඉතුරුයි! තාම කියන්න පටන් නොගත්තු රජිත ප්‍රනීත් කතා මාලාව, දිගාගේ තාත්තගේ කතා එහෙම් පිටින්ම ඉතුරුයි. ඒ ඔක්කොම තියෙද්දි තව මැ​ලේසියා කතා මාලාවකුත් එකතු උනානෙ!

මේ කුරුලු හමුදා කතාව මට මතක් උනේ, සාම්පූර් වලට පස්සේ - ඉරාකෙට බෝම්බ ගහපු හැටි කියන අපේ කතන්දරගේ පෝස්ට් එක කියොපු වෙලාවේ. මේ පෝස්ට් එකත් ඒ සීරිස් එකටම දාන්න පුලුවන්ද කියලා කකාගෙන් අහන්න ඕන!

මේ කතාවෙන් කියැවෙන්නෙ අපි ගුවන් හමුදාවේ පුහුණුවල යෙදී සිටින අතරතුර, ගුවන් හමුදාවේ MI 17 (මී සෙවන්ටීන්) කිරිටොයියා හෙලිකොප්ටර් එකකට කටුනායක අහසේදී හතුරු ප්‍රහාරයක් එල්ල වෙච්ච කතාවක් ගැන. හැබැයි මේ පුවත ලංකාවාසී ජනතාව දැන ගන්නෙ අදමයි! ඒ සිදුවීම ඒ දවස් වල කිසිම ජනමාධ්‍යකින් ප්‍රචාරය උනේ නෑ!

මීට අවුරුදු ගානකට කලින් මම කුරුලු හමුදාවේ පුහුණුවක ඉන්න කාලෙයි මේ සිදුවීමට මූණ දුන්නෙ.

පුහුණුනං අන්න පුහුණු!!

උදේ හතරට පටන්ගන්න පුහුණුව නිල වසයෙන් අවසන් වෙන්නෙ රෑ දහයට. ඔය අතරතුර පනිස්පන්ට් එකක් හැටියට ෆොවඩ්රෝල් සීයක් දෙසීයක් ගැසීම, ඉදල හිටලා කිඹා පොෂිසන් එකේ පැයක් දෙකක් හිටීම, උදේ ඉදං දවල් වෙනකං කකුල් කොටවෙනකං ඒවා පොලොවෙ ගැසීම, නිතර නිතර ලේ වතුර වෙන එක ඒ කාලය අතරතුර සාමාන්‍ය දෙයක්! රෑ දහයෙන් පස්සෙ ලයිට් නිවන්න ඕන. දවස පුරා මග ඈරැණු රාජකාරි පොත් පාඩං කිරිලි සපත්තු පොලිෂ් කෙරිලි, රැ දහයෙන් පස්සෙ ඉටි පන්දං එලියෙන්!

එක දවසක් අපි පුහුණු වීම් වලට එද්දි, අපි පුහුණු වෙන පිට්ටනියට එහායින් තියෙන ප්‍රධාන ක්‍රීඩාංගණයේ හරි අපූරු සිදුවීමක් සිද්දවෙමින් තිබුනා!

ඒ අලුතෙන් පුහුණු උන පැරිෂුට් භටයන්ගේ ''පුහුණු පෑනීම් වාර'' එදා යොදා ගෙන තිබුණු හින්දා. පුහුණුවෙන පැරිෂු​ට් භටයොයි, පුහුණු කරවන සාජන්ල දෙන්නයි පැරිෂු​ට් මලු පිටෙ එල්ලං ඉන්නවා. එයාලාව ගුවනට අරං යන්න ලෑස්ති වෙලා ඉන්න ''මී සෙවන්ටීන් (MI17) කිරිටොයියා හෙලිකොප්ටරේ'' මහ තේජසකින් එයාගේ අවර පෙති රිලැක්ස් එකේ කරවමින් භටයෝ ගොඩ වෙනකං බලං ඉන්නවා!



මේ දර්සනේ බලං ඉන්න ආස උනත්, සාජන් කෑ ගහල, '' උන් උන්ගේ රාජකාරිය කරන්නෙ. උඔලා උඔලගේ රාජකාරි කරපල්ලා, දැං පෝලිං වෙයල්ලා'' කියලා කෑ ගහල '' ලලෆ් රයිට්'' කිය කියා අපිව දක්කන්න ගත්තා!.

ඔය අස්සෙ මම නං සේප් එකේ ඈහෙ පොට යන්න ඔන්න මෙන්න තරමට හරෝල පැරිෂුට් ගමනෙ අප්ඩේට් එක ඔලුවට දා ගත්තා. පස්සෙ දවසක කියන්න හරි බැරියැ කියලා!

ජීවිතේ​ට එච්චර ලගට එච්චර ලොකුවට මී සෙවන්ටීන් යානාවත් දැකලා නැතිව හිටපු අපිට ඒ වෙලාවේ වැඩ ගොඩයි! පේලි කෙලින් ගෙනියන්න, ''ලලෆ්'' කියල මැරෙන්න බෙරිහන් දෙද්දි වම තියන්න, ඒ අස්සේ පැරිෂුට් අප්ඩේට් බලන්න වගේ දෙවල්!

ඔන්න ඊට පසුව එළඹුනේ ​දෛවෝපගත අවස්ථවේ.
අර සෙබලු සෙට් එකත් අරං මී සෙවන්ටීන් යානාව ඔන්න ගුවන් ගත වෙන්න ලෑස්තියි!.

මම පුරුදු පරිදි සේප් එකේ යානාවේ ගමන් මාර්ගය නිරීන්ෂණය කරගෙනම මාච් එකේ ඉදිරියට ගියා!

යානාව උඩ යන්න හදන කොට තියෙන තේජස බොල!

අහල පහල ඉන්න අපි කාටත් පේන්න මහ ආඩම්බර ලීලාවෙන් පොලොවෙන් ටිකක් උඩට ඉස්සුනු ''මී සෙවන්ටීන්'' වටේ ඉන්න ගස්වැල්, මැලේසියන් තණ කොල උදුරුවා තූතූ කරන්ට උත්සහ කරමින්, වටපිට දූලී අවුස්සමින් රවුම් බාගයක් එතනම කැරකීලා සං ගාලා උඩ​ට පියෑඹුවා!

'' දෙයියනේ මේකේ තියන තේජස. මේවට වෙඩිතියන, මිසයිල ගහන උන්ට වැහි නැති හෙන පාත් වෙන්ට එපැයි!'' කියලා හිතල අහවර කරන්ට උන්නැ,
කෙලියා නේද ''ඩෝං, ඩෝං'' ගාලා මිසයිල දෙකක්ම '' මී සෙවන්ටීන්ගේ'' කෑලි ගැලවෙන්ඩම.

හපෝයි මෙහෙමත් අහස පොලව නුහුලන අපරාදයක්! දැං ඉතිං මොකද කරන්නෙ? මගේ මුලු දර්ශන පථයම බොද වෙලා ගියා!

ඒ විතරක් නෙමේ මිසයිල ප්‍රහාර දෙකකට ලක් වෙච්ච මී සෙවන්ටීන්ගේ කෑලී මගේ මූණටත් වැදිල! මගේ මුලු ඔලුවම වේදනා දෙනවා!

මම ක්ෂනිකව ආපසු හැරිලා බැලුවා මගේ සගයෝ දිහා! මගෙ විතරක් නෙමේ මගේ ලග හිටිය වීර හමුදා භටයෝ තුන් හතර දෙනෙක්ම මෙ ප්‍රහාරට ලක් වෙලා ඹලු බදාගෙන ඉන්නවා!

මම ආයෙත් ක්ෂනිකව උඩ බැලුවෙ මී සෙවන්ටීන්ගෙ ඉතුරු කෑලි ටිකත් මගේ ඔලුවට ලම්භකව තියෙනවද කියලා බලන්න! වාසනාවට කෑලී නැති උනත්, මී සෙවන්ටීන්ගෙ දෝංකාරයි, ඡයාවයි හීන ලෝකෙන් වගේ මට පේන්න ගත්තා !

මට කිසිම දෙයක් තේරෙන්නෑ. හරිය​ට ''අගහරු ලෝක සිතියමේ කදු පන්තියක් පෙන්නලා, පෙන්නපිය මේක ලෝකාන්තේ?'' කිව්වම ඈතිවෙන හැගීම වගේ!!!

ඒ අස්සෙ මගේ අනිත් පැත්තෙ ඉදං සාජන් මං දිහා බලං ඉන්නවා!

මම '' සාජන්'' කිව්වා.

'' කොහෙද යකෝ තොපි හතරදෙනා පේලි කඩාගෙන උඩබලාගෙන තනියම යන්නෙ! හද අල්ලන්ඩද? බලපිය අරුං ඉන්න දිහා! අනිත් කම්බුලටත් ඈගිලි පහ හිටින්න දෙන්න කලිං ගිහිං පොලිං වෙයව්'' සාජන් කිව්වා.

අන්න ඒ විදිහටයි එදා ප්‍රහාරය සිද්ධ උනේ!

ඒ සිද්ධියෙන් බොහෝ කාලයකට පස්සෙ මම නිවී හැනහිල්ලෙ ඉන්න වෙලාවක ඔය සිද්ධියේ පූර්වාපර සංධි ගලපලා බැලුවා!

බැලින්නං ''හමුදා පුහුණුවේ යෙදී සිටි ඒ කොලුගැටයා, එකල බොරලු රොකට්ටුවක් සෑදූ මංම වේදැ'' යි අමාරුවෙන් පූර්වාපර සංධිය ගලපා ගත්තා.












38 ක් කියන්නේ !:

  1. ආ.. නියමයි කවදද ලංකාවට අවේ. දිගටම අපිට කතා ලියන්න ඕනේ හොදේ. ඔය ඔයා කිව්ව සිද්ධිය ඇත්තම එකක්ද ? ඔය කොයි කලේද? අපරාදේ කිරිටොයියි මී 17 ඒවාට හරියන්න අපේ අය උන්ට හොදට දුන්නනේ :D

    ReplyDelete
  2. බුද්ධි අයියා ලංකාවට ඇවිල්ලා....පරිස්සමින් ආවා නෙද?...මරු කතාව

    ReplyDelete
  3. අයියෝ කසුන් නදීශන, මොනවද අනේ අයේත් කියවන්න කථාව අග ඉඳලා මුලට.

    උදේ පාන්දර හොඳ කථාව බුද්ධි. ස්තුතියි.

    ReplyDelete
  4. මේකා කෙප්පයක්ද කොහෙද ඇදබාන්නේ.....
    ['' කොහෙද යකෝ තොපි හතරදෙනා පේලි කඩාගෙන උඩබලාගෙන තනියම යන්නෙ! හද අල්ලන්ඩද? ]
    මෙහෙම කියන්නං..................

    ReplyDelete
  5. ''අගහරු ලෝක සිතියමේ කදු පන්තියක් පෙන්නලා, පෙන්නපිය මේක ලෝකාන්තේ?'' කිව්වම ඈතිවෙන හැගීම !!

    මේක නම් කොර..


    ජය..
    වැම්පයර්

    ReplyDelete
  6. හෆොයි කනේ පාරවල් කාල මී 17 කඩා වැටුන කියල හිත හදාගෙන වගෙ.
    (ගීතික)

    ReplyDelete
  7. කටුනායක මොන කාලෙද බඩියෝ උඹ training උනේ..
    කිරීඩා අංශ වලට යන බුවාලට combat training නැහැනේද..?
    හැබැයි පුතෝ මෙ මාරයා නං දවසක් ඇස් දෙකටම F-17යක් කටුනායක Runway එකට පත බෑවිලා ගිනි අරගෙන තත්පර ගාණකදී අළු වෙලා යන හැටි දැක්කා පස්සේ වෙලාවක ඒක ලියලා දාන්නම් කියලා හිත හිත හිටියට තාම බැරි උනා..

    ReplyDelete
  8. මෙන්න ඇවිත්....හික්ස්......
    ආපු ගමන්ම දීලා තියෙන කතාවනම් මරු ....

    ReplyDelete
  9. මේ කතාවට මාවත් ටියුබ් ලයිටි උනා.උදේ පාන්දරම දැක්ක පෝස්ට් එක තමයි මේක. ඒක හින්දා දවල්ට කෑවට පස්සේ කල්පනා කරනකොට තමයි මීටර් උනේ කතාව. අප්පා බුද්ධියා ඉදලා ඉදලා ඇවිල්ලා කියන්නේ මාර කතා තමයි.

    @ RanDil
    ස්තුතියි කිව්වට.

    ReplyDelete
  10. හා දැන් ලැහැස්තිවෙයන් අධිකොරණයට නගින්න ....

    රහස් පිටට දෙන .... එක හරි දෙයක්ද?


    [ පට්ට කතාව .. අතුරු කතා ඊටත් පට්ටයි

    මෙන්න මේක පට්ටම පට්ටයි
    "
    අගහරු ලෝක සිතියමේ කදු පන්තියක් පෙන්නලා, පෙන්නපිය මේක ලෝකාන්තේ?'' කිව්වම ඈතිවෙන හැගීම !!
    "

    ]

    ReplyDelete
  11. maxxaaaa මචෝ
    අවංකවම කියනවනං 1.5 වාරයක් කියෙව්වම තමයි මීටර් උණේ. සිරාවට ලියා තිබේ.

    මට මතක් උණේ කාලෙකට කළින් රූපවාහිනියෙ ගිය "Private Benjamin" සීරීස් එක.

    ReplyDelete
  12. අර "මහතා" ගැන කතාවත් ලියන්න තියෙනවෝ
    ඒක ලිවුවෙ නැත්තන් ගිනි ප්‍රහාරයකුත් එල්ල වෙයි.

    ReplyDelete
  13. Welcome back Robinhood.
    රසල් ක්‍රෝ ගේ අළුත් රොබිණ්හුඩ් මූවි එක දැක්කද?

    Makara: නිකං ටෙලි ප්‍රොම්ටර් එකක් වගේ නේ. අමතක වෙන කතා කොට මතක් කරලා දෙනවා. බේරෙන්න බෑ.

    ReplyDelete
  14. මේ කතාව කියෙව්වාම මට මතක් වුනේ මාරයා-I ලියපු සංජීවනී කතාව.
    ඒකත් 1.5 පාරක් කියෙව්වා තේරුං ගන්න.

    ReplyDelete
  15. @ කශූ

    මම ඉතින් පොඩි එකානෙ.පොඩි එවුන්ට කතන්දර කියල දෙද්දි පරෙස්සමෙන්. අර රාජකාරි ලිපි ලියනවා වගේ වැඩි අනම් මනම් නැතුව අවශ්‍ය දේ විතරක් කියන්න ඕනෙ. එහෙම නැත්තන් වෙන දේ දන්නෙ නැත්තන් මේක බලන්න

    http://status-chanaka.blogspot.com/2009/12/blog-post.html

    ReplyDelete
  16. BUHAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAA....................

    ReplyDelete
  17. එළකිරි සහ ජලය, ඔබතුමා ආයෙමත් වැඩලා තියෙන්නෙ. මේව කියවන‍කොට අර උන්නැහේ කිවුවාවගේ private benjamin තමා මතක්වෙන්නෙ අම්මප. මොකද කියන්නෙ, මේ කතාටික එකතුකරලා ගහමුද ඒ වගේ series එකක්.. :)

    ReplyDelete
  18. කස්සා,
    ඔලුවේ කොට්ටෙ තියං කියවපු පාරටයි, රන්දිල්ගේ කමෙන්ට් ටොක්කෙන් පස්සෙ කියොපු පාරටයි ස්තුතියි දෙපාරක් :D
    .................

    ඉලන්දාරියා,
    මොන පරිස්සමින් ඒමක්ද අනේ, අපි එද්දි බෑඩ් වෙදර් නේ, රෝලර් කෝස්ටරේ ඒනවා වගේ තමා අවේ. ලේ ධාතුව ඔක්කොම H2O වෙලා තිබ්බේ. අපි එනකං ම සීවට්වලට කරල බැදල තිබ්බේ ඒකෙ හිටපු රතු හැට්ටකාරියෝ ටික!
    .......................
    රන්දිල්,
    ස්තුතියට ස්තුතියි! මොනාද අනේ ඔයා අර කස්සාට කියලා තියෙන්නෙ

    ''අයියෝ කසුන් නදීශන, මොනවද අනේ අයේත් කියවන්න කථාව අග ඉඳලා මුලට.''කියලා.
    මිනිහ මුල ඉදලා අගට කියොලා තේරුං ගන්නැතුව ''අග ඉඳලා මුලට''කියෝපුවාම තෙරෙයියැ! :D

    ඒක නොවේ,(හද) ඔය මම ලියලා තියෙන්නෙ අහසේ පායන එක ගැන. ඒකෙ හරියට ලියන්න ඔන අර මැද කෑල්ල ලියන හැටි පුලුවංනං කියන්ඩකෝ අර ඒදා (ප්‍ර) ලියන්න කියලා දුන්නා වගේ.
    .......................

    සහන්,
    කියන අටමගලයක් තේරෙන්ඩ කියන්ඩ අප්පා
    .......................

    වැම්පයර්,
    ස්තුතියි! ඔයාගේ අරේ මරේ කතා ඔක්කොම මම බාගත්තා! ඒකටත් ස්තුතියි! ඒදා මම කමෙන්ට් කලේ නැත්තෙ ඔයාගේ බිලොග් එක ලෝඩ් වෙන්ට පරක්කු වෙන හින්දා. පෙප්සි කතාවයි, සිංහල නයා කතාවයි කලුවරේමයි බැලුවෙ. සුදු බැක්ග්‍රවුන්ඩ් එක එන්න සෑහෙන වෙලාවක් යනවා!
    .......................

    රතු ඈපල් මූණා,
    ත් ඈවිල්ලා. ඈයි අනේ ඈනෝනිමස් වෙලා එන්නෙ. ඹ්ක දැක්කම ටිකක් හිත ගැස්සෙනවා නෙව
    .......................

    ප්‍රසන්න,
    ස්තුතියි! ඔයා බ්ලොග් ලියන්නැද්ද?
    .......................

    මාරයාගේ හෝරාව,
    අපිට කෝස් එකක් දුන්නෙ විනය හොද වැඩි හින්ද අනේ? 2005 විතර කාලේ. පස්සෙ අනිත් පූල් වල අයටත් දුන්නා! ඉන්ස්ට්‍රක්ටස්ලා මාර තරහයි බං අපිත් එක්කලා!
    ඈපල් බබාලා,උඔලා ග්‍රවුන්ඩ් ගානේ ජොලි කරන උන් කිය කියා පනිෂ්මන්ට් දෙන්නෙ! අපිනං සැලෙයි ඕවට :D
    .......................

    දිල්,
    මේ පැත්තෙ ආවට මගේ ප්‍රණාමය. අලුත් රස්සාවක් හම්බ වෙලා හින්දද දැං අහක බලං ඉන්නෙ.

    මේ පින්තුර වලටත් ඔයා කැමතිද බලන්න
    http://www.buddhiphotoblog.blogspot.com/
    .......................

    වැප්,
    ආ මෙයාටනං වැඩි විසේස දෙයක් කියන්න ඕන්නෑ.
    කොහොමත් ස්තුතියි මොකද උඔතුමා කාලේකට පස්සෙ වරහන් අස්සෙ වැදගත් දෙයක් ලියලා.
    .......................

    උන්නැහේ, ආවට ස්තුතියි! අර ඈම්පීත්‍රී එක තාම දැම්මෙ නැද්ද?
    Private Benjamin :D

    ...................
    මකරත් කාලෙකට පස්සෙඈවිල්ලා තියෙන්නෙ,
    මහතා කතාවත් දාන්ඩ ඕන තමා. මහතා කිව්වට ඒක මහත්තයෙකුයි එයාගේ අය්යයි ගැන කතාවක්-
    .......................

    කතන්දකාරයා,
    මැනි තෑන්ක්ස්! වෙල් කම් කලාට,

    --රසල් ක්‍රෝ ගේ අළුත් රොබිණ්හුඩ් මූවි එක දැක්කද?--

    අර හණමිටියක් අරං ගිය වෙලෙන්දා වගේ මමත් අර ''ෂර්වුඩයේ රොබින්'' කතාව හිතෙන් අයින් කරන්න කැමති නැනේ! ඒ මැවිලා තියෙන සිත්තරේ බොද වෙයි කියලා අනිත් කතා බලන්න එච්චර ආසා නෑ.

    මේ ලගදි බීබීසි කාරයො හදපු රොබින්හුඩ් කතාවත් බලන්න හිතහදාගත්තෙ බොහොම අමාරුවෙං. ඒක හින්දා ෆිල්ම් එක බලන්න එච්චර පැන්නුවෙ නෑ! ඔයා කියපු එකේ ඒකත් බලන්න ඕන.

    මගේ සින්දු අහන්න පුලුවං හැම ගැජට් එකකම දාල තියෙන රොබින් හුඩ් එම්පීත්‍රී ටික ඈහැව්වම සිත්තරේ බොද උනත් ආයේ ෆික්ස් කරගන්න පුලුවං වෙයි! නේ

    ඒ ඈම්පීත්‍රී ටික ඕන තව කව්රු හරි ඉන්නවනං ලැජ්ජ වෙන්නැතුව කියන්ඩ ඕන හරිද!
    ................
    Xiao_Shu,
    ්‍යැැැැැැැැැැැැැැැැැැැැැැැයැැැැැැැැැැැැැැැැැැැැයැැැැැැැැැැැැග

    ReplyDelete
  19. Buratheno,
    ඔබ තුමත් ඈවිල්ලා තියෙන්නෙ. ස්තුතියි!
    කතාව ගහමු එහෙං. නිස්පාදකයෙක් හොයාගන්ට වෙයි මුලින්ම.

    ඩිරැට්ටර් පට්ටම උබැහැට ගන්ඩ බැරියැ! මං තිර නාටක රවකයා වෙන්නං

    ReplyDelete
  20. ආ ඒක මිසක්..
    අපේ කාලේ එහෙම තිබුණේ නැති නිසයි මම බැළුවෙ..
    කොහොම උනත් හොඳ වැඩෙ..හුහ්..හුහ්..
    ඇපල් බබාලා...

    ReplyDelete
  21. @ කතන්දරකාරයා & බුද්ධි & All Robin-hood fans

    අපෝ , රසල් ක්‍රෝ ගේ අලුත් රොබින්හුඩ් චිත්‍රපටියනම් බලන්න හිතන්නවත් එපා. මම පැය 2ක් තිස්සෙ බලං හිටියා රොබින්හුඩ් කැලේට පැනලා වැඩ දානකම්. ඒකා පැය 2කම රජවරුන්ට මුට්ටි අල්ල අල්ල හිටියා මිසක් කැලේ පැන්නෙම නෑ

    ReplyDelete
  22. මූණු පොතෙන් දැක්කා උඹ ගොඩ බැස්සා කියලා, මැලේ කතා ටිකත් දාපන් ඉක්මනට..

    "අගහරු ලෝක සිතියමේ කදු පන්තියක් පෙන්නලා, පෙන්නපිය මේක ලෝකාන්තේ?'' කිව්වම ඈතිවෙන හැගීම" වගේ හැඟීමක් තමයි මට ඇති වුනේ මේක කියවලා... හක් හක් හා... හැමදාම වගේ ගිනි ගින්දර... :D :D

    ReplyDelete
  23. කෙහෙල්කොටුවේ චූටි මහත්තයා ආයි වැඩ පටන් අරන් වගේ. හොඳයි හොඳයි.
    මේ වගේ කතා දාද්දී පරිස්සමෙන් දාන්න වෙනවා. පේනවනේ සුදු කොඩි කතාව :) :) :).

    ඇත්තටම වුනේ නැතත් කියන්න බැහැනේ මෝල් ගහත් පත්තු වෙනවලුනේ.

    අන්තිමට අපේ බුද්ධි අයියාටත් යුද්ධාධිකරණේ පෙනී සිටින්න නියෝග කළොත් අපිට කවුද කතා දාන්න ඉන්නේ ? :) :) :)

    ReplyDelete
  24. බුද්ධි,
    ඔයා ආපහු දකින්න ලැබීම සතුටක්..
    කතාව නම් ඉතින් දාපු ගමන් ම කියවන කෙනෙක් මමත්..
    මුකුත් ලියල යනව අඩු වුනාට..

    ReplyDelete
  25. හහා.. බුද්ධිව දකින්නත් සතුටුයි... ඉතින් අඟහරු ලෝකෙ ලෝකන්තය හොයා ගත්තද?.. හිකිස්... වෙල්කම් බැක්!!!!!

    ReplyDelete
  26. මාරයා,
    උබේ සර්විස් නම්බර් එකට කලින් 0 ක් තිබුනද?
    .......................
    මකරා,
    ඈයි ඒ තරම​ට ඒක හොද නැද්ද අප්පා. දැං ඉතිං බලන්නද ඒපාද?
    .......................
    නිෂා,
    කාලේකට පස්සෙ ඈවිත් තියෙන්නෙ මේ පැත්තෙ. කාලෙකට මට පෝස්ට් එකක් දාන්න පැරි උන නිසා මම හිතුවේ අපිව අමතක වෙලා කියපා!!
    ......................
    හසිත,
    මොල් ගහත් පත්තු වෙන්ඩ ඉඩ තියෙනවා තමා. ඊ ලග කතාව තවත් පරිස්සමට දාන්නංකො :D
    .....................
    චේජනා,
    මං දන්නවා හුගක් වෙලාවට ඔයාතේ මුලින්ම එන්නෙ නේ.
    ..........................
    පුරසද,
    පොහොම ස්තුතියි.
    අඟහරු ලෝකෙ ලෝකන්තය හොයා ගත්න පුලුවන්ද කියලා බලමු ඉදිරියේ දී!

    ReplyDelete
  27. මෙන්න බොලේ මෑන්ස් ඇවිල්ලා.. කෝ මට චොකලට් එකක් ගෙනාවාද?? 

    කතාවනම් එළ..

    ''අගහරු ලෝක සිතියමේ කදු පන්තියක් පෙන්නලා, පෙන්නපිය මේක ලෝකාන්තේ?'' කිව්වම ඈතිවෙන හැගීම !!

    පට්ට ටෝක් එක... අපේ සිංහල මැඩම් දැක්කානම් රස්සාවෙන් ඉල්ලා අස් වෙනවා..

    හැබැයි කතාව තේරුම් ගන්න ටිකක් වෙලා ගියා..ටියුබ් බල්බ් නේ!

    ReplyDelete
  28. කාලෙකින් මේ පැත්තෙ ආවෙ....බැළුවහම ගොඩක් කස්ටිය ටියුබ් බලුප්.. හිකිස් ! මොකක් ද මේ හද කතාව ? "ඳ" ලියාගන්න බැරුවද ?ඒකට නම් ඉතින් ගොඩාක් මහන්සි වෙන්න වෙනවා...............
    alt + ද ගහලා බලන්න.

    ReplyDelete
  29. ළමයා,
    උඹ බාගෙට නේද කියෙව්වෙ! මං දැක්කා මූණුපො​තෙත් තිබ්​බේ! මේ පෝස්ට් එකෙන් බ්ලොග් බාගෙට කියෝන හොරු ටික මාට්ටු!හිහි!
    මොකද්ද සිංහල මැඩම්​ගේ කේස් එක! ස්තුති වේවා ආවාට!
    .....................
    ඈපල්,
    මහත්තයාට නං ගොඩක්ම ස්තුතියි! ඳ ලියන්න කියලා දුන්නට. දැන් මං ඬ ලියන්නත් දන්නවා! තැන්කූ වේවා!

    ReplyDelete
  30. ටෙස්ට් කමෙන්ට්

    ReplyDelete
  31. මම නං යං තං ටියුබ් ලයිට් නොවී බැළුවා. මොකද කටුනායකදි කවදාවත් මී 17ක් පතබෑවිල කියල අහල නැති හන්දා. උතුරෙ නං හංගන්න පුළුවන්. ඒත් කටුනායකදි කඩං වැටුන එකක් ලෝකෙට හංගන්න පුළුවනැ

    ReplyDelete
  32. යං තං ටියුබ් ලයිට් නොවී බැළුවා.
    :D

    ReplyDelete
  33. ඕවා ඉතින් අපි දකින්නේ චිත්‍රපටි වල නොවැ . ම‍රු කතාව !!!

    ReplyDelete
  34. හිඟන්නෝ, තැන්ක්ස්

    ReplyDelete
  35. චුටි මහත්තයගෙ බ්ලොගේ අග සිට මුලට කියවන්නේ අද... මේකෙ ටයිටලේ කියෙව්වම මම ඒත් බැලුව මම නොදැන එච්චර ලොකු සීන් එකක් මේ පළාතෙ උනේ කවදද කියල... :)

    ReplyDelete
  36. ඕන බලහන් ඔය උඹ කියනකම් මුන්දල අපිට ඕක කියුවෙ නෑ නොවැ..

    මටත් ඔය වෙන වෙන රොබින් හූඩ්ලව අල්ලන්නෑ.. රොබින් නම් ඉතින් සර්වුඩයේ රොබින්ම තමා.. ඒකත් කොන්ඩෙ කළු එකා.. අනිත් එකා ඩ්‍රැක්‍යුලා වගේ මට දිරවන්නෑ ඌව.

    අන්තිමට කියන්ඩ තියෙන්නෙ වෙන රටවල දියුණුව දැකල තමන්ගෙ රට ගැන කම්පා වෙන්ඩ ඕන්නෑ කියලා තමයි. මටනම් මොනවා කලත් ලංකාව හොඳයි.

    ReplyDelete

ඔබේ පංගුව...

...................................................................

Related Posts Plugin for WordPress, Blogger...