2011/02/25

කෙහෙල් කොටුවේ චූටි මහත්තයා "පොරොන්දුවක් ඉටු කලාම ඇඟට දැනෙන සනීපේ" ගැන කියයි!

ඔන්න අද මම ලෑස්ති වෙන්නෙ කාලෙකට කලින් හරියටම කියනවා නම් 2010/06/24 වෙච්ච පොරොන්දුවක් ඉටුකරලා දාන්න කියලයි.

ඒ එදා ජයසිරි අය්ය​ට ඇත්තටම මොනද උනේ කියලා කියන්න.


මේ කතාව කියෝගෙන යද්දි ඕගොල්ලන්ටම තේරෙයි පොරොන්දුවක් උනානම් බෙල්ල ගහලා ගියත් ඒක ඉටුකරන එක ඇගට කොච්චර සනීපයක් අරං එන කාරණයක්ද කියන එක.

මතකනේ එදා මම කිව්වා විල්බට් මාමගේ පුතා ජයසිරි අය්යා කාලෙක ඉදං ගමේ සයිකල් රේස් එකක් පදින්න ලෑස්ති උනා කියලා.

එදා මම ජයසිරි අය්යාගෙ ගැට ගැනත් කිව්වා.

කොහොමහරි ජයසිරි අය්යගේ ගැට හය ගැට ​එකසිය හැට හයක් උනා මේ සිද්ධියෙන් පස්සෙ.
ජයසිරි අය්යගේ ඇගපත ඔක්කොම ''වෙසක් මාසේ පැනලත් එල්ල තියෙන වෙසක් කූඩුවක්" වගේ උනා.

හැම තැනම ඉරිලා!

කොහොමහරි ජයසිරි අය්යා එදා සයිකල් රාජයා කරේ තියං ආවේ වෙඩි වැදිච්ච රම්බෝ තනි අතින් කුවක්කුව අරං එනවා ව​ගේ.

ඒ සිද්දිය වෙලා තියෙන්නෙ මෙහෙමයි.

ජයසිරි අය්යා සයිකල් රේස් පදින්න පුරුදු උනේ තනියමනේ. ඉතිං මිනිහා කරන්නෙ පාරේ ඇත යන බයිසිකලයක්, කරත්තයක් හොයාගෙන ඒ පාරෙම ඊට ඉස්සරින් තියෙන ගහක් ගලක් ඉලක්ක කරලා එතෙන්ට අර බයිසිකලේ හරි කරත්තෙ යන්න කලින් හරි හයියෙන් බයිසිකලේ පැදලා ගිහිල්ලා ඒක ඉස්සර කරන එකයි.

ඒ වෙලාවට ජයසිරි අය්යා යන්නෙ පිඹගෙන. නියම සයිකල් ශුරයෙක් වගේ!​ ඒ කියන්නෙ සීට් එකෙන් ඉස්සරහ​ට නැමිලා අත්පොල්ලට මුලු බර දීලා ඉස්සරහ රෝදේට ටිකක් ඉස්සරහ තියෙන පාර දිහා බලාගෙනයි මිනිහා ඒ වෙලාවට රේස් පදින්නේ.

ජසයිරි අය්යා ඒ විදිහට සයිකලෙන් රේස් යනවා කතන්දර සීයා දැක්කොත්, " අර විල්බට්ගේ කොල්ලා නේද? අන්න උන්දැට අදත් පිස්සු බෙටි පැගිලා, මයෙ පුතාලා පරිස්සමිං" කියලා සීයා අපිට අනතුරු අඟවනවා.

කොහොම හරි එදා උනේ මේකයි.

ජයසිරි අය්යා රේස් එකට යන්න මොකක්ම හරි වාහනයක් හොයාගෙන සයිකලේ පැදගෙන යද්දි, ඈත පාරේ ලොරි බාගයක් යනවලු! ඉතිං මිනිහා ඒක එල්ලෙට අරං පෑගුවලු. වැඩේ කියන්නේ ටික වෙලාවකින් ලොරිය ගාවට ජයසිරි අය්යට යන්න ලැබුනාලු! ඉතිං මිනිහා කලේ එකේ ඩ්‍රයිවර් මාමට කෝචෝක් පාරක් දාපු එක. මොකද මේ වගේ වාහනයක් සයිකලෙන් පන්නලා අල්ලපු හින්දා. ඒක දැකපු ඩ්‍රයිවර් මාමා පැත්තට හිනා වෙලා රූං ගාලා වාහනේ ඇද්දුවලු. ඒ මදිවට ජයසිරි අය්යටත් අතිං මොකදදෝ කෝලමක් පෙන්නගෙන කොචෝක් පාරකුත් දාගෙනලු පිඹලා ගියේ.

ඉතිං ජයසිරි අය්යට මේක කාලා ඉන්න බැරිවෙලා තියෙනවා. මිනිහා මිනිහටම මෙහෙම පොරොන්දු උනාලු. "ඔය ලොරිය බෝගහ හන්දිය පහුවෙන්න කලින් මම අල්ල ගන්න එකත් අල්ල ගන්නවමයි. එහෙම නැති උනොත් ආයෙත් නං මම රේස් පදින්නෙත් නෑ. සයිකලෙත් මස් කරලා යකඩ වලට විකුණනවා" කියලා.

එහෙම හිතලා මිනිහා නියම සයිකල් ශුරයෙක් වගේ අත්පොල්ලට බරවෙලා සයිකලේ පැගුවාලු.
අවාසනාවක මහත කියන්නෙ, ටිකක් වෙලා මෙහෙම පන්නගෙන යද්දි ජයසිරි අය්යට වේගේ බාල කරන්න වෙලා තියෙනවා. ඒ අලිබාස් මාමගේ මී හරක් රංචුව පාර මාරු වෙන්න ආපු හින්දා.

මී හරක් අස්සේ ජයසිරි අය්යා හිර වෙලා තියෙනවා. මී හරක් දන්නවා යෑ ජයසිරි අය්යට වෙලා තියෙන සංගෙඩිය. උන් උන්ගේ පා...ඩුවේ කතා බහ කර කර පාර මාරු වෙනවලු.

ජයසිරි අය්යත් ඉඩ තියෙන තැං බල බලා, සයිකලේ ඉඳගෙනම මී හරක්ට පයින් ඇණ ඇනා පාර පාදගෙන ඉස්සරහා බලද්දි කෙලින් පාරේ පේන තෙක් මානෙකවත් ලොරිය නැලු.

දැං මක් කරන්නද!

ජයසිරි අය්යා එයාට වෙච්ච පොරොන්දුවෙ හැටියට දැං රේස් පැදිල්ල නවත්තන් එපැයි. ඇරත් දරුවෙක් වගේ පරිස්සමට තියාගෙන ඉන්න මේ සයිකලේ කොහොමද මස් කරලා කිලෝ ගානට විකුණන්නෙ.

ඉතිං ජයසිරි අය්යා පොරොන්දුව චුට්ටක් එහා මෙහා කර ගත්තලු. ඒ මෙන්න මේ විදිහට.

අඩුම ගානේ දැං පැදලා ගිහිං යන්තං හරි ලොරිය පේන තෙක් මානෙකට මම ගියොත් දිනුම්. මොකද ලොරිය ඉස්සර කරන්න​ බැරි උනේ අර මී හරක් හින්දනේ. මගේ වරදක් නැනේ කියලා.

කොහොමහරි ජයසිරි අය්යා පැගුවාලු ආයෙත්. පිස්සු බෙටි පෑගිච්ච නියම සයිකල් ශුරයෙක් වගේ.

මිනිහා සෑහෙන වෙලාවක් සීට් එකෙන් ඉස්සරහ​ට නැමිලා අත්පොල්ලට මුලු බර දීලා ඉස්සරහ රෝදේට ටිකක් ඉස්සරහින් තියෙන පාර දිහා බලාගෙන නියම සයිකල් ශුරයෙක් ව​ගේ පැද්දලු. මහන්සි නොබලා තව තව වේගෙන් පැද්දලු. කොහොමහරි පොරොන්දුව ඉටු කර ගන්න බලාපොරොත්තුවෙන් පැද්දලු.

ඔහොම පැදලා එයා හිතුවලු, " දැං නං ලොරිය දැකිල්ල කෙසේ වෙතත් අඩුම ගානේ පේන තෙක් මානේ අන්තිම කෙරෝලේ තිතක් විදිහට හරි ලොරිය ඇති කියලා. එහෙම හිතලා මිනිහා ඔලුව උස්සලා බැලුවලු.

මොකද්ද දන්නවද එතකොට මිනිහට වෙලා තියෙන්නෙ.

පේන තෙක්මානේ පාරේ කෙරොලේ බලාපොරොත්තු වෙච්ච ලොරිය මෙන්න බොලේ මිනිහගේ නහය ගාවලු!

ජයසිරි අය්යා කියන හැටියට මිනිහගේ ඔලුවෙන් තරු විසිවෙන්න වත් හරිහමං වෙලාවක් ඉතුරු වෙලා නෑ. ඇයි ඉතිං බ්රේක් අල්ලන්න වෙලාවක් නැති කොට කොහෙන්ද තරු විසිවෙන්න වෙලාවක්.

ඉතිං මිනිහා ලොරිය දැකලා බයවෙච්ච පාර යන සයිකලේදීම හිට්ට උනාලු. එතකොට සයිකලේ කෙලින් වෙලා "පචාස්" ගාලා ලොරියෙ පිටිපස්සෙ වැදුනලු. ඒ එක්කම ජයසිරි අය්යව, මුලින්ම තමන්ගේ සයිකලේම වැදිලා පස්සෙ ලොරියෙත් වැදිලා පාර අයිනේ කාණුවක පත බෑවිලා තියෙනවා.

කානු පල්ලේ ඉන්න ගමංම ජයසිරි අය්යා කල්පනා කරාලු මේ කවදා කරපු අකුසලයක්ද පල දුන්නෙ කියලා.

පාරේ බල්ලෙක්වත් නැලු උදව්වට. ජයසිරි අය්යා ඔලුව දෙපාරක් ගසලා මතක්කරලා බැලුවලු තමන් මෙච්චර වේගෙන් ආවේ කොහොමද කියලා.

ඔහොම කල්පනා කර කර ඉද්දි අර ලොරියේ ඩ්‍රැයිවර් මාම පාරෙන් එහා පැත්තේ ළඳුකැලේ මැවිලා පේන්න ගත්තලු. ජයසිරි අය්යා හිතුවලු ලොරියේ ඔලුව වැදිච්ච හින්දා තෝන්තුවට මේවා පේනවා ඇති කියලා.

අනේ නැලු! මිනිහගේ වෙලාවටම ඩ්‍රයිවර් මාමට චූ බරක් අල්ලලා තිබිල තියෙනවලු. ඉතිං එයා ලොරිය පාර අයිනේ නවත්තලා එහා පැත්තෙ කැලේට චූ කරන්න ගිය වෙලාවෙයි ජයසිරි අය්යා ඇවිල්ලා එයාගේ පොරොන්දුව ඉෂ්ට කරගෙන තියෙන්නෙ, මෙන්න මේ වගේ.

අනේ මේ ​මොකවත් නොදන්න ඩ්‍රයිවර් මාම ආයෙත් ලොරිය ඉස්ටාට් කරගෙන හෙන දුම්පාරකුත් දාගෙන යන්න ගියාලු.

මේච්චර හරියක් වෙච්ච ජයසිරි අය්යා කානු පල්ලෙ කියලා මිනිහා දන්නේ නැනේ ඉතිං. ලොරිය ගියාට පස්සෙ පේන තෙක් මානේ කව්රුවත් නැලු.

අඩුගානේ බල්ලෙක්වත්!

ඉතිං ඕකයි ජයසිරි අය්ය​ට එදා උනේ.

හැබැයි මේකෙන් හොඳ දේකුත් උනා.

ඒ ජයසිරි අය්ය​ට තමන්ට වෙච්ච පොරොන්දුව ඉටු කරගන්න පුලුවන් වෙච්ච එක. ඒ හින්දා එයාට සයිකලේ මස් කරලා කිලෝ ගානට විකුණන්න සිද්ද උනේ නෑ හොඳ වෙලාවට!

මම හිතන්නේ මේ කතාවෙන් ගන්න තියෙන හොඳම දේ තමා ඒක. බෙල්ල ගහලා ගියත් පොරොන්දු ඉටු කරන්න ඕනැ කියන එක.

ඔගොල්ලනුත් පොරොන්දුවක් උනොත් ඉෂ්ට කරනවා නේද බෙල්ල කඩාගෙන හරි!
......................................

-කෙහෙල්කොටුවේ චූටි මහත්තයා.

36 ක් කියන්නේ !:

  1. නැතුව චූටි මහත්තයෝ. පොරොන්දුවක් උනොත් පණ ගියත් අපි ඒවා ඉටුකරනවා.
    (ඇති යන්තම් මෙයාට මේක ලියන්න හිතුනා)
    සුභ දවසක්..!!!

    ReplyDelete
  2. ජයසිරි අයියා බොහොම ආදර්ශමත් පුද්ගලයෙක් නොවැ :D

    ReplyDelete
  3. හිහ් හිහ්....... අන්න මිනිස්සු. ඇත්තම කිව්වොත් මටනම් ගොඩක් වෙලාවට පොරොන්දු ඉටු කොරන්න වෙන්නේ නැ. කරන්න පුලුවන් වෙලාවට බෙල්ල ගහල ගියත් ඒක නොකර ඉන්නෙත් නැ :D

    ReplyDelete
  4. “සයිකලේ මස් කරලා කිලෝ ගානට විකුණන්න සිද්ද උනේ නෑ හොඳ වෙලාවට!“

    ඉබේමට මස් වුනානෙ නේද? :)

    පොරොන්දුව පොරොන්දුවමයි... මමත් ඉටුකලානෙ..
    http://thanojar.blogspot.com/2010/10/blog-post.html

    ReplyDelete
  5. හප්පේ ඇති යාන්තම් කථාව දැම්මා. ‍ජෝ වාදා කියා වෝ නිබානා‍‍........... කිව්වේ කටකහනවටයෑ නේද?

    ReplyDelete
  6. ඇති යන්තං... අර මොකද්ද බ්ලොක් එක ඉවරද චූටි මහත්තයෝ..?

    ReplyDelete
  7. කොහොම උනත් අච්චර වේගෙකින් ලොරියෙ හැප්පුනාට පස්සෙ ආයෙ බයිසිකලේ මස් කරන්න දෙයක් ඉතුරු වෙන්න නැතුව ඇති !

    ReplyDelete
  8. මෙච්චර කල් ගිහින් හරි පොරොන්දුව ඉටු කරහු එක හොඳා. නැත්තම් ජයසිරි අය්යට වගේ නෙමේ ඔයාගෙ බ්ලොග් එක මස් කරයි අනික් කට්ටිය.

    ReplyDelete
  9. ජයසිරි අයියාට ජය වේවා!! තව තවත් පොරොන්දු කොර ගනීවා

    ReplyDelete
  10. ගැට ගැන කීවේ නෑනේ!

    බුද්ධි ගේ ඒ බ්ලොක් එක නං එන්න පටන් අරගෙන දැන් අවුරුද්දකුත් කිට්ටු වෙන්න ආවා නේද?

    ReplyDelete
  11. යන්තම් ඇතිදත් අහනවා...... කතාවේ මුල මතක් උනා අන්තිම හරියට වගේ එද්දි මට.

    මාත් ඔය පුලු පුලුවන් හැටියට පොරොන්දු ඉටු කරනවා. බැරිම නම් ඉතින් තමා. (තාම නම් බැරි වෙලා නැ )

    ReplyDelete
  12. හපොයි මටහ් ඔහොම් වෙලා තියනවා...

    පවු අප්පා ජයසිරි අයියා....

    ReplyDelete
  13. ලස්සනයි කතාව .. චූටි මහත්තයෝ ...

    ජය වේවා !!

    ReplyDelete
  14. ඔන්න මිනිස්සු චූටි මහත්තයා සහ ජයසිරි අයියා දෙන්නටම කිවුවේ...

    ReplyDelete
  15. ඇත්ත තමයි! ජයසිරි අයිය වගේම බුද්ධි අයියත් සෝ...යි එකට පොරොන්දු ඉස්ට කරනව. (මගෙ තෑග්ග පොරොන්දුවක් නොවුන හින්ද බේරුණා නේද) :/

    ReplyDelete
  16. කොහොමත් උඹව මූණටම මුලිච්චි වුණ දවසක ජයසිරි අය්යා මොකේද හැප්පුනේ කියලා අහනවා කියලා මම හිතාගෙන හිටියේ...

    ReplyDelete
  17. අනිවා අනිවා... අපි කිව්වොත් කිව්වා...

    ReplyDelete
  18. ප්‍රියන්ත,
    ඔය මමත් පොරොන්දුවක්නෙ ඉටු කරලා තියෙන්නේ.
    .......................
    පුසා,
    එහෙනං එහෙනං!!
    ......................
    ජේඩි,
    අන්න මිනිස්සු! ජයසිරි අය්යත් උඔගෙ ජාතියෙම තමා වගේ.
    ............................
    තනෝජා අක්කේ,
    එහෙනං! මස් කරන්න දෙයක් නම් ඉතුරු උනේ නෑ තමා. හැබැයි පොරොන්දු ව ඉටු කලා ඔයාලා වගේ.
    .......................
    රන්දිල්,
    එහෙනං එහෙනං!! එහෙම කිව්වලු තමාලු නේද!.
    ...........................
    කුෂ්,
    බ්ලොක් එක නං ඉවර නෑ. මෙහෙම ගියොත් බ්ලොග් එක ඉවර වෙයි කියලයි මේ ආයෙම ලියන්න ගත්තේ.:D
    ...............................
    නවම්,
    වේගෙන් හැප්පුනාට මොකද ඒක අටපට්ටමක් වෙලායි තිබුනේ...... මස් වලට හපං මගේ හිතේ
    ..............................
    පිණිබිදු,
    එහෙනං! මෙ තකහනිය මමත් පොරොන්දු ඉටු කලේ ඒකනේ....... නැත්තං මගේ බ්ලොග් එකත් අටපට්ටං!
    ........................
    රත්ගමයා,
    පොරොන්දු නිසා කොර ගනීවා නෙමේද රත්ගමයා
    .........................

    ReplyDelete
  19. කතන්දර,
    ඇයි ගැට ගැන මම එදා කිව්වනේ. ඔයා වැඩිපුරත් ගැටවගයක් දාලා තිබුනා මට මතකයි!

    >>>බුද්ධි ගේ ඒ බ්ලොක් එක නං එන්න පටන් අරගෙන දැන් අවුරුද්දකුත් කිට්ටු වෙන්න ආවා නේද?<<<
    එහෙනං කතන්දර තව මාසෙකින් දෙකකින් අවුරුද්දකුත් පිරෙන්න තමා යන්නේ..... මතකයි එහෙනං නේද?.......
    ....................
    හාපැටික්කී,
    දන්නවනේ............. අපි අවුරුද්දක් ගිහිං හරි ඔන්න පොරොන්දු ඉටු කලා.... අන්තිම හරියට යද්දි හරි මතක් උන එක මදැ අවුරුද්දක් පරණ පොරාන්දුවක්නේ
    .............................
    ඉලංදාරියා,
    එහෙනං දන්නවා ඇති ඒකේ රසේ..... ඉතිං ඔයාගේ සයිකලෙත් අටපට්ටං උනාද?
    ..................................
    හිස් අහස,
    ස්තුතියි හැමදාම වගේ මේ පැත්තේ එනවට
    .............................
    ඉතාලිඩිලාන්,
    දන්නවනේ ඩිලා... අවුරුද්දක් ගිහිල්ලා හරි වැඩේ ගොඩ දා ගත්තා.
    ..................
    සසීන්ද්‍ර,
    හපොයි මෙන්න එක වද කාරයෙක්. අවුරුද්ද පුරාම මං මෙයාගෙන් බැණුම් අහපු තරමක් මේ කතන්දරේ හින්දා! කොහොමහරි එදා තරගෙනුත් දින්නා නේද? චුට්ටං වඥ්ඥාවක් කරලා.

    ReplyDelete
  20. බීට්ල්,
    කෝකටත් මම කිව්ව එක හොඳා වගේ. සමහරවිට අපි හම්බුවෙනකං හිටියනං මටත් ජයසිරි අය්යට වෙච්ච දේ ම වෙන්න තිබ්බා උඹේ අතින්.....
    ..................

    ReplyDelete
  21. ඉතාම හොඳ පුරුද්දක්. අනිවා එහෙම තමා ඉන්න ඕනෙ. :D

    ReplyDelete
  22. නියම කතාව වගේම චිත්තර ටික.

    ReplyDelete
  23. නියමය් කතාව.මේක මට මිස් වෙලා තිබ්බ බ්ලොග් පිටුවක්නෙ. මල කෙලියය් දැන් පරණ කතා කියවන්න වෙනවනෙ.

    ReplyDelete
  24. මල් මසුරO.....
    වෙලාව තියෙන හැටියකට කොටමු චූටි මහත්තයො....
    චිත්තර නම් පට්ටම පට්ට.......

    ReplyDelete
  25. චූටි මහත්තයත් එතකොට දෙන පොරොන්දු ඉ‍ටු කරනව ඇති නේද? ගුඩ් ගුඩ්!!

    ReplyDelete
  26. මාධව,
    කාලෙකට පස්සෙ
    ................................
    පෙසන්න,
    ස්තුතියි! මොකෝ මේ පරක්කු වෙලා
    ..........................
    ඔබ්සවර්,
    යන්තං ඇති දැං වත් ආවනේ. ඔබ්සවර් මගේ මුණුපොතේ ඉන්නවා. සජෙස් කරලා තිබ්බේ මාරයා මම හිතන්නේ.
    ......................
    Heeniyata,
    ස්තුතියි! කොහොම හරි ලියන්න තමා හිතාගෙන ඉන්නේ දිගටම බලමුකො!
    ..................................
    මේනකා,
    මං හිතුවා සයිබර් යාය අමතක වෙන්නැති කියලා. යන්තං ඈවිල්ලා....

    ReplyDelete
  27. යකෝ කෝ චූටි මහත්තය හිටපු බැනර් රාජයා ?
    ඔය රෑප මල්ලෙ නැතුව වෙන තැනක දාල බලන්න....

    ReplyDelete
  28. ගීතීක, ඒකනෙ වැඩේ හිටපු ගමන් එනවා. හිටපු ගමන් නෑ

    ReplyDelete
  29. නැතුව නැතුව...
    පින්තුරෙ ලස්සනයි මචං

    ReplyDelete
  30. හිහ් එහෙම ලේසියෙන් බේරෙන්න බෑ හරිද?
    බලාගමුකො :/

    ReplyDelete
  31. ඉංදික,සාරංග,ස්තුතියි.
    ............
    සීසීන්ද්‍ර,
    හා හා බලාගමු.

    ReplyDelete
  32. හරි සනීපයි නොවැ :))

    ReplyDelete
  33. හසිත, අන්තිමයා

    ReplyDelete
  34. ඒකෙත් තියෙන සනීපේ...........

    ReplyDelete
  35. ඔවු ඔවු අනිවාර්යයෙන්ම කරනවා, මාස අටකට විතර පස්සෙ. සත්තයි..

    හසිත කොහෙද අන්තිමය.. මමයි අන්තිමයා.
    ( උඹ එහෙම මේකට රිප්ලයි කරනවා එහෙම නෙමේ ඕන්.. )

    ReplyDelete

ඔබේ පංගුව...

...................................................................

Related Posts Plugin for WordPress, Blogger...