2011/03/31

සපත්තුවෙන් ඇට බලමු ! | සයිබර් සැණකෙලියට යන කාටත්...

එක එක මිනිස්සු, එක එක දේවල්, එක එක විදිහට කරන්න, එක එක ක්‍රම වගේම, එක එක උපකරණත් පාවිච්චි කරති. එක දෙයක් කරන්න එක එක විධි ගොඩක් ඇති නිසාම සමහරු එක විදිහකට කරන දේවල් තවත් සමහරු තවත් විදිහකට කරති.

සමහරු වාහන එලවන්නෙ එක විදිහකටය. සමහරු වෙන විදිහකටය. සමහරු රෙදි අඳින්නෙ එක අරමුණක් හින්දාය. සමහරු අඳින විදිහ දැක්කම ඒගොල්ලංගේ අරමුණ ගැන එක විදිහක අදහසක් අපට ගන්න පුලුවන්ය.

එක එක කාලයට වැදගත් එක එක මාර්තුකා තිබුනත් මේ කාලයට මෙම මාර්තුකාව වැදගත් යැයි මම හිතමි. හේතුව වන්නේ මේ ඉරිදා අපේ අයියලාගේ යාලුවෝ පවත්වන්නට යෙදෙන සයිබර් අවුරුදු උත්සවේ ය. ඒකට එන කාටත් මම මේ කියලා දෙන උපදෙස් පිළිපැද්දොත් කිරිටොයියා සේ දිලිසෙන්න ආහැකිය. විශේෂයෙන්ම සිහින කුමරු කුමරියො වෙන්න ඉන්න අයටනං මේකෙ වැදගත්කම කියලා නිම කරනන් බැරිය.

ඇරත් අපි කව්රුත් පිළිවෙලට ඉන්න කැමති අය විදිහට මම අද කියලා දෙන දේ ගොඩක් වැදගත් වේවි යයි ද සිතමි.

ඊට කලින් මට හොඳවයින් දෙකක් කියන්න තිබේ. එක එක දේවල් කියලා කාලේ කනවායැයි නොහිතා මේ ටිකත් කියෝලම ඉන්නවනං මම සතුටුය.

මම එකටම ලිව්වෙ ඌරන්ට මොන සෞඛයද කියන ලියුමයි. ඒ අයියාගේ මේසෙ අදිද්දි අහුවෙච්ච තොරතුරු ඔස්සේය.

ඒකට එක එක විදිහේ ප්‍රතිචාර ගොඩක් ආවේය. මැගසීන් එකත් උණුකැවුම් මෙන් ගියේය. මුලින් මම එහි පිටපත්, එක එක ඇටෑච් කර යැව්ව අතර, මැගසීනය ඉල්ලන එක එක කට්ටිය වැඩි වූ තැන ඔක්කොම එකතු කර එකට යැව්වෙමි.

සමහරු ඒක “ලැබුනාය, ලැබුනාය” කියලා එක එක විදිහට ලියලා, ස්තුති මේල් එව්ව අතර සමහරු ඒවා අරං නිකං සිටියෝය.

එක එක අයගේ හැටි එහෙම තමාය.

කැත වැඩේ කියන්නෙ ඒක නෙමේය.

එක එක කට්ටිය හොරාට ඊමේල් එවා මැගසින් එක ගෙන්නා ගත්තට මොකද, අඩුම ගානේ ඒ ලියුමට කමෙන්ට් එකක් නොදා යෑමයි. ඒත් මම කොහොමහරි ඒකට ලැබුනු එක එක කමෙන්ට් එක්කහු කරලා යාන්තං 33 ක් හදා ගත්තේය.

මැගසින් එක ගත්තු එක්කෙනෙක් එක ගානේ කමෙන්ට් කලානං අද ඒක‍ට කමෙන්ට් එකසීයක් ලැබෙන්න තිබ්බාය. එහෙම උනානං මම අද සයිබර් යායේ, කොමෙන්ට් වැඩිම පෝස්ට් ලිව්ව කෙනා ගෙන් ඉදිරියෙන්ම ඉන්න තිබුනේය. අර “මගේ මීයා සිප් එකට අහුවෙච්ච දවස” ගැන කෙහෙල් කොටුවේ චූටි මහත්තය ලිව්ව ලියුම උනත් මගේ ලියුමට කැලේය. එහෙනං බුද්ධි අයියගෙ කුරුලු හමුදා කතා ගැන මොන කතාද?

හරි! දැං ඒවා පරණ කතාය. පම්පෝරියත් ඇතිය.

අද මම කියලා දෙන්න යන්නේ හරිහමං විදිහට සපත්තුවක් පොලිස් කරන විදිහයි. මේක කරන එක එක ක්‍රම ගොඩක් තිබ්බත් මම කියලා දෙන්නේ විශේෂ විදිහකි. මම කියන විදිහට හරියට වැඩේ කලොත්, තමන්ගෙ සපත්තුවෙන් ම, කණ්නාඩියකින් බලනවා වගේ ඇට දෙක වුවත් බලාගන්න පුලුවන් තරමට දිස්නෙ දෙන්න සපත්තුව පොලිස් කර ගත හැකි වේ.

ඔන්න එහෙනං දැං එක හිතකින් කාරණාවට බහින්නම්.

මේ රහස් වට්ටෝරුව මම ඉස්සුවේ අයියාගෙනි. අයියා කුරුලු හමුදාවේ ඉන්න කාලේ ඉගෙන ගත්තු එක එක දේවල් දැන්ද කරයි. ටෝ එකක් වෙනම හයි කර ඇති ඕනැම සපත්තුවක වටේ කිරිටොයියා වගේ දිස්නෙ දෙන්නත්, ටෝ එක කණ්නාඩිය වගේ දිස්නෙ එන්නත් සපත්තු පොලිෂ් කිරීම අයියාටනං කජු කනවා වගේ වැඩකි.

මෙම ලියුම ලිවීමේ මගේ අරමුණ එදා වගේම අයියාගෙන් උස්සන ඒ වගේ එක එක දේවල් ඕගොල්ලන්ට කියා දීමයි.

දැන් අපි එය කරන නිවැරදි ක්‍රමය ඉගෙන ගනිමු.

.......................

අවශ්‍ය ද්‍රව්‍ය

01. ඕනෑම වර්ගයක ටෝ එක ඇති සපත්තු කුට්ටං එකක්.

02. පිරිසිදු රෙදි කැබලි එකක්

03. පොලිස් බුරුසු එකක්

04. පොලිස් ටින් එකක්

05. ඉරක්

06. ඉටිපන්දම් එකක්

07. දඹර ඇගිලි එකක්

08. H2O කෝප්ප එකක්

09. අවශ්‍ය ප්‍රමාණයට පුලුන්

10. තමන් කැමති ගායකයෙකුගේ සින්දු සීඩී එකක්

11. කඩේ යැවිය හැකි තරමේ කොලු ගැටයෙක්

12. බුල්ටෝ එකක්

සාදන පිලිවෙල

එක එක එක්කෙනා මෙය කරන එක එක ක්‍රම තිබුනත් මම අද කියන්නෙ අපේ අයියා ඉගෙනගත් කුරුලු හමුදාවේ සම්මත ක්‍රමය වේ. ඒක නිසා එක එක එක්කෙනා කියන එක එක බොරු කතා වලට‍ නොරැවටී නියමිත ක්‍රමය අනුගමනය කිරීම වටී.

මුලින්ම සපත්තුවේ ටෝ එක හොයා ගන්න. එය සපත්තුවේ ඉදිරිකොටසයි. එය සපත්තුව මසා ඇති සමට වෙනස් විදිහේ දිස්නෙ දෙන දෙයකින් කර ඉස්සරහින් ඇත. (පහත රූපය බලන්න මමමයි ඇන්දෙ)

මේ ගැන බොහෝ දෙනාට අවබෝධයක් නැත. සමහරුන්ගේ ටෝ එකත් අනිත් කොටසුත් ඔක්කොම එක පාටය. හරියට ටෝ එක නැති සපත්තුවක් වගේය. එහෙත් ටෝ එකක් ඇති සපත්තුවක් හරි හමන් විදිහට පොලිස් කලාම පෙනුම සෑහෙන්න වැඩි වෙයි.

දැං ඔබටද මෙම ක්‍රමය අනුගමනය කර සපත්තුවේ පෙනුම සෑහෙන්න වැඩි කර ගන්න පුලුවන් වේවි.

හරි දැන් මුලින්ම රෙදි කැබැල්ල ගෙන සපත්තුවේ දූවිලි කුණු මඩ පැල්ලං, චුයිංගම් ගුලි ඉවත් කරන්න.

ක්ෂණික දිස්නය ලබා ගැනීමට එක එක ලික්විඩ් බෝතල් අතුල්ලා, මේස් එක අතේ දමා ටෝ එකෙ උලා,පොල් තෙල් දමා හෝ කෙල දමා ඇගිල්ලෙන් ඇතිල්ලීම් වැනි ගොඩ වෙදකම් කර තිබේනම් මේවන විට ඔබේ සපත්තුවෙ ටෝ එකත් කුණු වී තිබීමට පුලුවන. ඒ නිසා පළමුව එවා හොදින් පිරිසිදු කරගන්න.

දැන් පොලිස් බුරුසුව ගෙන එක එක සපත්තුව හොදින් අතුල්ලන්න.

මේ අතරතුර කොලු ගැටයා අමතා මුලින් ඔබ තොරා ඇති ගීත තැටිය ඔහු ලවා තැටි වාදන යන්ත්‍රයට දමා වාදනය වීමට සලස්වන්න. එයට සවන් දෙමින් සපත්තුව ඇතිල්ලීමෙන් මැණික්කටුවේ හා බාහුවේ පැන නගින වේදනාව යටපත් වේවී.

දැන් බුල්ටෝ එක ගෙන කොලුවාට දෙන්න. එය කනවිට කොලුවාගේ උඩුතල්ලෙ ඇලුනු පසු ඔහු එය ගලවන්නට උත්සහ කිරීමේ දී ඔහු ලවා ඉදිරි වැඩ කටයුතු පහසුවෙන් කරගැනීමට හැකිවේවී. ඔහුට කඩේ යන බවද අමතක වී යාවි.

ඉන්පසුව පොලිස් බුරුසුව ගෙන පොලිස් ටින් එකට දමා උඩ සිට පහලට අතුල්ලන්න. දැං එහි වැදුනු පොලිස් සපත්තුවේ අතුල්ලන්න. ඒ ආකාරයට ටෝ එක හැර මුලු සපත්තුවේම පොලිස් ගාන්න.

දැන් මුලින් කී දඹර ඇගිල්ල ගෙන පොලිස් ටින් එකෙන් සෑහෙන ප්රමාණයක් එයට ගන්න. දැං ටෝ එකේ පිළිවෙලකට එම පොලිස් ටික තවරන්න. එය පාං පෙත්තකට ගෑ මාගරිං තට්ටුවක ප්‍රමාණයට ගෑම හොදටම සෑහේ.

ටෝ එකේ සම්පුර්ණයෙන්ම වාගේ පොලිස් තට්ටුවෙන් වැසී ඇතිබවට ප්‍රත්‍යක්ෂ වූ පසු එය පැත්කින් තබා මුලින් කී දඔර ඇගිල්ලේ ඇති පොලිස්, එක එක තැන්වල නොගා රෙදි කැබැල්ලෙන් පිස දා ගන්න.

දැං මුලින් කී "ඉර" යට මද වේලාවක් තබන්න. "ර එළිය" වැදී පොලිස් ටික රත් වී ඇතිබව පෙනේනම් නැවත අර කොලුවාට කියා එය ගෙන්වා ගන්න.

දැන් ටෝ එක ඇර අනිත් ටික කිරි ටොයියා සේ දිලිසෙන තෙක් හොදින් පොලිස් බුරුසුවෙන් ‍පොලිස් කරන්න. පොලිස් හොඳින් රත්වී ඇති නිසා බුරුසුවෙන් ඇතිල්ලීම මගින් හොඳ දිස්නයක් ලැබේවි. එපමණක් නොව සපත්තුවේ ඇති නූල්වලට පොලිස් උරාගන්නා නිසා සපත්තුවට අමතර සවිසක්තියක් ද ලැබේ.

ඔන්න දැං එක එක වැඩ නොකර හොඳට අහගැනීම වැදගත්ය. දැං කියලා දෙන්නෙ හොඳම හරියයි.

දැන් ඉටිපන්දම පත්තුකර ගන්න. රූපයේ පෙනෙන පරිදි නුහුරු අතට සපත්තුව දමා ඉටිපන්දම අනිත් අතට ගෙන දැල්ල ටෝ එකට අල්ලන්න. එවිට පොලිස් තට්ටුව උණුවේවි. දැල්ලට ඉක්මනින් එහා මෙහා කරමින් අල්ලන විට එක එක තැන් එක එක විදිහට නැතුව මුලු ටෝ එකේම පොලිස් ටික සමානව උණු වේවි. (පහත රූපය බලන්න ඒකත් මමයි ඇන්දෙ)

දැන් පොලිස් ටින් එකේ පියනට මුලින් කී H2O කෝප්පයෙන් ටිකක් දමන්න. පුලුන් කැබැල්ලක් ගෙන එය පොවා ටෝ එක උඩ මද වේලාවක් මෘදුව හා ඒකාකාරී වේගයෙන් දක්ෂිණාවර්තව කරකවන්න. (පහත රූපය බලන්න ඒක ඇන්දෙ කව්ද කියලා දැං අමුතුවෙන් කියන්න ඹ්න්නැනේ)

සුලු වේලාවක් කරකවන විට උණුවූ පොලිස් අතරින් දිස්නයක් මතුවෙනු ඔබට දැකගත හැකියි. දැන් එය මුලික ලක්ෂය කරගෙන පුලුන් කැබැල්ල ඒ වටා ක්‍රමයෙන් විශාල වන සේ විනාඩියක් දෙකක් පමණ වේලාවක් කරකවන්න.

එවිට ඔබවත් පුදුම කරවමින් ක්‍රමක්‍රමයෙන් මුලු ටෝ පුරාම දිස්නය පැතිරේවි.

ඉතිං ලික්විඩ් බෝතල්, මේස් අතුල්ලා හෝ පොල් තෙල් හා කෙල වලින් ලබාගන්නා තාවකාලික දීප්තියට වඩා බොහෝ කාලයක් මෙ​ම දීප්තිය අල්ලා හිටිනවා සිකුරුයි!

ඔන්න හොඳම හරිය කරන්න තියෙන්නෙ මේ වේලාවෙයි!

දැන් ඔබේ ඇට දෙක දිස්නය දෙන ටෝ එකට අල්ලා බලන්න. ඔබ නිවැරදි පියවර අනුගමනය කර ඇතිනම් ඇට දෙකේ ප්‍රතිබිම්බය කණ්නාඩියකින් බලන්නා සේ ඔබට පෙනෙනවා ඒකාන්තය. ඉතිං ඒ පුංචි ඇට දෙක පේනවානම් ආයෙ දිස්නය ගැන වෙන මොන කතාවක්වත් ඕනෑ කියා මම හිතන්නෙ නැත.

මම කියන්නෙ බොරුයි කියලා හිතෙනවානම් පමණක් මීට පෙර කුරුලු හමුදාවේ හිටි කෙනෙක්ගෙන් මුලින් අසා සැකය දුරු කරගත්තාට මට කමක් නැත.

මොකද ඒ වගේ මිනිස්සු ඕනැ තරං ඇට දෙක පේන තරමට සපත්තුවේ දිස්නය මතුකර ගෙන ඇති බව සහතිකයි. අපේ අයියාද මේ ක්‍රමය ඉගෙන ගෙන ඇත්තෙ හොඳවයින් පනිස්මන්ට් කෑමෙන් බව ඔහුගේ කතාවලින් මට තේරී ගොස් ඇත. අයියලාට පුහුණු කරන අය කියන්නෙ "උඔලාගෙ බූට්ස් වලින් ඇට දෙක පේන්න පොලිස් වෙලා තියෙන්න ඕනැ" කියලලුය.

කොහොම හරි මේ ගැන අසා දැනගන්නවානම් මම නිර්දේශ කරන්නේ කපීර් නානා, කේන්දර ගුරුන්නාන්සේ, කෑමබන්දු කුමාරස්සාමී යන එක එක නම් වලින් හදුන්වන අපේ මාර මහතාවයි. සැක ඇත්නම් වැඩිදුර තොරතුරු අසාගෙන මේ පිළිබද සත්‍ය තාවය තහවුරු කරගන්න.

නැත්තං මා අමතන්න.

එහෙමත් නැත්තං ලබන ඉරිදා සපත්තුත් අරං සයිබර් අවුරුදු උස්සවේට එන්න. එහෙදි කියලා දීමට මට හැකිවේවි. හැබැයි ඇට දෙක ගෙදර තියලා එන්න එපා. එහෙම උනොත් ඔබේ සපත්තුවේ දිස්නය චෙක් කරගැනීමට ඔබට අපහසු වේවි.

මේ ක්‍රමය අත්දුටුය. ප්‍රත්‍යක්ෂය. අය වැඩි වී වැය අඩුවේ. රැකියා ස්ථානයේ ආකර්ෂය වැඩිවේ. උසස් වීම් ලැබේ. හැර ගිය පෙම්වතිය නැවත පැමිණේ. එක්වරක් කිරීමෙන් බොහෝ කාලයක් ගුණ ලැබේ.

මා කියූ දෙයක් වැරදිලා නැත. හරිගිය පසු මුදල් ගෙවන්න!

නැවත දවසක හමුවෙමු.

ඔබේ අදහස් යෝජනා, චෝදනා, ගැටලු, ගල්මුල්, සිමෙන්ති ඹ්නැ දෙයක් එක එක තැන නොතබා පහත කොටුවේ තබා යන්න.

මීට,

ටිකිරි

....................

ආනේ....එක දෙයක් කියන්න බැරි වූ බව පෙනේ.

අර අවශ්‍ය ද්‍රව්‍ය වලට ඇට දෙකක් කියලත් දා ගත යුතුය. කුරුලු හමුදාවේ දිස්නය චෙක් කරන ඇට වර්ගය කුමක්දැයි මටත් තාම හරි අවබෝධක් නැති නිසා මම ද ඒකට භාවිතා කරන්නෙ කුස්සියේ ඇති කඩල, මුං ඇට, කව්පි, වැනි පුංචි පුංචි ඇට වර්ගයි. ඔබටද එවැනි ඇට දෙක තුනක් ගෙන දිස්නය චෙක් කරගත හැකි බව සහතිකය.

37 ක් කියන්නේ !:

  1. කරලා බලන්න ඕනා... බෝම පිං ටිකිරියෝ

    ReplyDelete
  2. hiks...
    දැන් එතකොට ඔය කඩේ ගිය කොලුගැටයා කවුද කියලා අපි හිතාගන්නම් නේද....:D

    ReplyDelete
  3. කඩල, මුංඇට, කවුපි පේනවනං වෙන ඇට වර්ග ඊට වැඩිය හොදට පෙනෙයි.

    අර 'ඉර' කඩේ ගන්න තියෙන දෙයක් ද?

    කොහොම උණත් ටිකිරිගෙ වැඩේ නං නියමයි.

    ReplyDelete
  4. ඈ බං ටිකිරි මලේ . . . . ඔයාකාර දිස්නෙ ගහන්න පොලිස් කොරන්න තියාගත්තොත් එදා දවසට වෙන අහවල් ලබ්බක් වත් කොරන්න වෙලාවක් නැතිවෙයිද ????

    ReplyDelete
  5. ආපෝ..... මැස්සා වඩේ අයියේ..... මමත් කොරල බලන්නනෝනෙ... ස්තූතියි කිව්වට අයියේ... (හැබැයි හරිම කුප්පයි කියපු කතාවනං හොදේ... )

    ReplyDelete
  6. ඔක්කොමත් හ‍රි අර බුරුසුවයි ටින් එකයි ගේන්න පොලීසියට යන්න වෙන එක තමයි උහුලන්න බැරි.
    මගේ රබර් සෙරෙප්පු කටු දෙකටත් ඔය ක‍රමෙ හ‍රි යාවිද?

    ReplyDelete
  7. මමත් ඔය ක්‍රමේ දන්න කියන කෙනෙක්ගෙන් හරියටම අහගන්න හිටියේ. බොහොම ස්තුතියි ටිකිරෝ අයියගෙන් උස්සලා මේ දේවල් අපිට කියල දෙනවට. (කොහෙද උඹෙ අයියා ඔහොමවත් එකක් අපිට කියල දෙනවයැ.)
    හැබෑට ටිකිරෝ කෝ අර සවුක්කිය පාඩමේ ඉතිරිවා??

    ReplyDelete
  8. දක්ෂිණාවර්තව කිව්වට රූපෙනම් තියෙන්නේ වාමාවර්තව. ඔය ඇට දෙක පේන්න පොලිස් කළාම ලොකු ලොකු ප්‍රස්න වලට මූණ දෙන්න වෙයි. මොකද ඕකෙන් තව තව ඒවා බලන්න යයි කට්ටිය :D ;)
    කොහොම වුනත් කලින් දවසේ ෆයිනල් එක බලන්න තියන නිසා ඔච්චර දෙයක් කරන්න වෙලා නෑ එදාට. මම නම මඩ තලි පිටින් ගෑවුනු සපත්තු 2කම තමයි දාගෙන එන්නේ.

    ReplyDelete
  9. කර බැලීමි... උත්කෘෂ්ඨය... ඒත් අර ඉරේ එළිය ටෝ එකෙන් පරාවර්ථනය වී මගේ ඇටද රත්වූ සෙයක් දැනේ...

    ReplyDelete
  10. අඩෝ ටිකිරා..කෝ තොපේ අයියා..ඒකාට කියහං අපේ වෘත්තීය රහස් එක එකාට කියාදීලා..මගෙන් ඇට දෙක පොලිස් කරවගන්න එපයි කියලා..මං කිව්වේ අර මුං ඇට කව්පි වගේ ඇට ම තමා හරිය...

    හැබැයි ටිකිරෝ..ඕතන පොඩි ගුරු මුෂ්ඨියක් ඉතිරි කරගෙන නේද බොලාගේ අයියා ඕක බොට කියා දීලා තියෙන්නේ..එක කාරණාවක් අඩුයි තව ඔතන..පුංචි දෙයක්..ඒත් බලහං අඩුයි නේද කියලා..?

    ReplyDelete
  11. මේ ටිකිරනං කොරොත් කොරන්නෙ මෙහෙම වැඩක්මය.
    ගියපාර සොඋක්ය පාඩම කොල්ල තෙල් ටික බැහැල තවමත් අමාරුය.
    මේ වැඩේ කොලොත් සපත්තුවත් ඉවරය.
    මටනං බුද්ධි අයිය තරං මූ විස්සාස නැත!

    ReplyDelete
  12. හෙ හෙ පට්ටය හප්පො මම මේ වෑඩෙ එපා වෙනකම් කරලා තියනවා අපේ පියතුමා රාජකාරි කලේ නිළ ඈදුමක් අදින රස්සාවක්.. අනේ මම එයාගේඑවයි මගේ එවයි දෙකටම ඔය වෑඩේ කරන්න ඒපෑයි දෙකම එකවගේ තියෙන්න ඕනේ හෙ හෙ

    ReplyDelete
  13. මෙය ශෘංගාරය ඇවිලවනවාහුය..විලි ලැජ්ජාහුය..අපේ පැත්තේ ඇත්තේ කවුපි ඇට පමනි.එයද හම්බානෙක ගනන්ය..අවුරුදු කුමාරයා වීමට මට මෙව්වා ඕනේ නැත..මම හෙනම ලස්සනය..මූනේ ලස්සන සපත්තුවේ ඇත්නම් වැඩක් නෑ ය...
    ප.ලි තව තව එක එක එව්වා පොලිශ් කොරගන්න හැටි මට පුද්ගලිකව දන්වන්න... :) ඉකේයියා නැත

    ReplyDelete
  14. ඒත් මං බැලුවා මේක කොරන්න ඕනෙ සරමක්වත් ඇඳගෙනදෝ කියලා...?

    ReplyDelete
  15. කාංචන මාමටනං,
    මගේ ලියමන හොඳටම ප්‍රයෝජනවත් වෙලා පාටයි.සෞඛ්‍ය පාඩම හරියට හදාරන්න ගත්තු අයට ලියුම් මගින් දැං කරගෙන යනවා.

    ..............
    පුසො,
    ඈයි මම ඈඳලා තියෙනවා වැරදිද? දක්ශිණාවර්ථව කියන්නෙ වාමාවර්ථව නෙමේද?
    එක නෙමේ පුසාට පුලුවන්නෙ මැච් එක බල බලාම පොලිස් කරන්න. එකත් නෙමේ පුසට නමක් නැද්ද? අපේ පුසගෙ නමනං ඉස්කූ...

    .....................
    කුෂ්,
    මාමේ ඒ මක් කරන්නද ගිහින්ද? ඈට දෙක රත් උනේ. ඒ කියන්නෙ හොඳටම දිස්නෙ වැටිලා ඈති. නැත්තං කුස්සයට යනකං පරානර්ථනය වෙයි යැ නේද?:D

    .................
    මාරයා,
    මාමට කේන්ති ආවද? ඒත් මම කල්පනා කලේ ඈට දෙක පොලිස් කරනවා කිව්වට අච්චර පුංචි ඈටයක් කෝමද පොලිස් කරන්නෙ කියලයි.
    ඒක නෙමේ ගුරු මුස්ටිය කියලා දෙමු! එහෙනං ඉරිදට.

    ..................
    සසීඅය්යේ,
    අපේ රැවුල නෑ කියලා හිතන්නැතුව, එක දවසක් මං කියනවට කරලා බලන්නකො. ප්‍රථිපල අත්දුටුයි.

    ................
    ඉලන්දාරි අයියා,
    අන්න වැඩේ දන්න අය්යා කෙනෙක්. මෙයාගෙනුත් වැඩි විස්තර අහගත්තැකි ඉරිදට

    ................
    රත්ගම අයියා,
    හෙනම ලස්සන නිසා කමන්නැත. ඒත් හැමෝම එහෙන නැනේ නේද? ඉතිං කව්පි ඈට ගණං ගනං වෙන ඈට දෙකක්වක් අල්ලා බලන්නකො. අ​​​​ධෛර්ය වෙන්ඩ එපා. ඒකනෙමේ මොකද්ද අර ඈවිලෙනවා කිව්වෙ.කිය කිය ඉන්නැතුව එක්කො නිවන්ඩ ඕන නැත්තං පිදුරු දාන්ඩ ඕනැ.....!

    .................
    ඊයා අනේ උන්නැහේ සීයාටනං කිසි දෙයක් තේරෙන්නැ! සරම, කලිසම කියලා වෙනසක් නෑ සීයේ ඕකට.

    ReplyDelete
  16. මාලන් මාම,
    එකටම ඈවිත් කියොල ගියාට ස්තුතියි, නැවත එන්න.
    ................

    චමීදේවා,
    මාමේ.... ම් හිතාගත්තට මට කමක්නැ! හැබැයි මම නේමේ හරිද!
    .........

    පෙසන්න මාමේ,

    ඒ ගැන නං මම හරියට කියන්න දන්නැ.

    හැබැයි ඉර මගේ ගානේ... එලියට බැහැල ඕනැ තරං ගන්ඩ එහෙනං.

    ReplyDelete
  17. ඕනයා,
    මාමේ මේ වැඩේ ගැන දිගට ලිව්වට​ මොකද? පුරුදු උනාම යන්නෙ සුට්ටි වෙලාවයි. ඒවගේද ඈස් පනාපිටම ප්‍රතිඵල ලැබේද්දි!
    ............

    විදුරංග අය්යානං සයිබර් යායට අලුත් වාගෙයි. එහෙනං කරලා බලල මටත් කිවන්ඩකො.... ඔයත් රත්ගම මාමලයි පැත්තෙද කුප්පයි කුප්පයි කියන්නේ. හිකිස්.

    ..............
    අනුරාධ මාමේ,
    හැම පොලිසියම අපේ වගේ නැනේ. එක නිසා බය නැතිව යන්න. මාමගේ සෙරෙප්පු කටු දෙකෙත් ටෝ එකක් තියෙනවනං මේ ක්‍රරෙමේ හරියනවා යනවාමයි.!

    ReplyDelete
  18. මේ බුද්ධි අයියේ මට තියෙන්නේ එක පස්නයයි. පොඩ්ඩක් කියන්නකෝ බලන්න, ඔයාගේ අයියා සපත්තු පොලිස් කරද්දී බුල්ටෝ එක කටේ දාගෙන අයියට කඩේ ගියේ කවුද කියලා...?????

    ReplyDelete
  19. ඔක්කොලාමට,
    කොමෙන්ට් වලට උත්තර දැමීමේදී පොඩි පැටල්වීමක් විය. තමන්ගේ නම හොයා ගෙන කියෝන මෙන් ඉල්ලමි.

    ReplyDelete
  20. ඇට දෙකක් නම් හෙයා ගත්තයි කියමුකො. මට සපත්තු දෙකක් නෑනෙ.

    ReplyDelete
  21. ටිකිරා මලේ වහාම සොයා බලපන් ඕනම පැහැයක ටෝ එකකට මේක ගැලපෙනවද කියලා...ටෝ එකට හදිස්සියේ ගමන යද්දී මොනවත් ගෑ උනොත් වට පිට බලා කලිසමේ යට කොටසින් පිහ දැමූ විට නැවත් පෙර තත්වේට එයිද.

    ReplyDelete
  22. හික් යැ... එදාට සෙට් එකම ඇට පේනසේ සපත්තු පොලිෂ් කරං ඇවිත් ඇට නරඹනවා මැවී පෙනේ. එදාට සරං ඇඳීම සපුරා තහනම් යැ. කාන්තා පාර්ශවයද මේ ගැන සැලකිළිමත් වීම මැනවි ! [පසුව චීයා... ! කියා මූණ රතු කරගන්නවාට වඩා වටිනේයැ]

    ReplyDelete
  23. ටිකිරි මලේ වහාම සොයා බලපන් හැම පැහැයකම ටෝ එකට මේක හරි යයිද කියලා,,,අනික ගමන යද්දී ටෝ එකට මොනවත් ගෑ උනොත් හදිස්සියේ වටපිට බලා ටෝ එක කලිසමේ අතුල්ල ගත්තොත් පෙර දිස්නෙම එයිද

    ReplyDelete
  24. පිස්සු කොර වෙනව...මාර ක්‍රමේ නේ

    ReplyDelete
  25. මං වැඩිය පොලිස් කරන සපත්තු දාන්නේ නෑනේ ටිකිරි. පොලිස් කරන දවසක ඕක කරල බලන්නම්. මගේ දුප්පත් සපත්තු දෙකට කෙලවෙන එක්ක නෑ නේද?

    ReplyDelete
  26. මැදපු කමිස නොඅඳින මට ඔය විදියට සපත්තු පොලිෂ් කරන්න වෙලා නෑ.

    මං කරන්නේ මේස් දමා, ඉන් පසු කකුලෙන් සපත්තුව ඉලීමයි.

    මොකැසිනෝ දාන දවසට තවත් ලේසියි. එක කකුලත් සපත්තුවේ උලන විට අනිත් කකුල එය තුල දමා වැඩේ සුපර් එකට කළ හැකිය.

    ReplyDelete
  27. අදනෙ මේ ‍බ්ලොග් එක දැක්කෙ... කරුමෙට සාතන් පොලිෂ් කරන්නට වෙන සපත්තු දාන්නේ නැත... වෙන දෙයක් වත් ඉගෙන ගන්න මේක හැමදාම බලන්න ඕන....

    ReplyDelete
  28. තුන් වෙනිදට එන්නේ කෑලි ගැල උනු ඩේක් ශූශ් දෙක දාලානේ

    අනිත් දෙකට කරලා බලන්න ඔක්කෝම හොයාගත්තා , හැබැයි මර අර "දඹර ඇගිලි එකක්" කියන එක තමයි තාම හොයාගන්න බැරී උනේ බැරි වෙලාවත් දඹරගිලි පොලිස් කියලාවත් නමක් වැටුනොත් හෙම ඕවා කපන්න ගිහිල්ලා :D

    ReplyDelete
  29. ටිකිරා පරක්කුවෙලා ආවේ...දැන් මේ විදියට කට්ටියම පොලිෂ් කරගෙන එද්දී, කවුරු හරි ඇට දෙක අතට අරගෙන ගේට්‍ටුව ගාව හිටියනම් කට්ටියටම ඒ ඇට දෙකෙන්ම සපත්තු ටෙස්ට් කරගන්න තිබුණා නේද..? පොඩ්ඩක් බුද්ධි අයියාට අයිඩියා එක දාලා බලපන්...

    ReplyDelete
  30. මම ඕක වැඩිය දන්නෑය ඒහින්දා මම මගෙ සපත්තු පොලිස් කොරන්නෙ නැතුව අවුරුදු උස්සවේට එනවාය. එදාට බොලාගේ අයියාට කියලා ඇටදෙක බලා ගන්නවාය.

    ReplyDelete
  31. ඉෂාර මාමගේ කතාවනං ප්ලෙන් වලින්. ඒඋනාට සපත්තු දෙකක් නැනේ අම්මපල්ලා.
    .......................

    ඉතාලි දිලාන් අයියා, යට කොටසින් පිහදැම්මොත් ආයෙ දිස්නෙ එනවා. ඒත් ඔහොම පිහදාද්දි සපත්තුව වැදුනොත් පොලිස් තට්ටුව කැඩෙනවා හැබැයි. කෝකටත් පරිස්සං වෙන්ට ඕනැ.
    ..............

    නවම්මාවත,
    අවාද සයිබර් පෙස්ටිවල් එකට.
    ...................

    සහොධරයා අයියා, කරලා බලන්නකො දකින අයටත් පිස්සු කොරවේවි
    ..................

    ප්‍රියන්ත මාම,
    පොලිස් කරන එවා පොලිස් කලොත් වැඩිකල් තියාගත්තැකි. තවත් එක ක්‍රමයක් තියෙනවා. නොදා හිටියත් ඒත් කාලයක් තියාගත්තැකි

    ReplyDelete
  32. කතන්දර මාමා,
    කියන එක අයියලත් හදිස්සියට කලාලු ඒකාලේ. එතකොට අයියාලාට ලේසියෙන්ම වමනෙ යනකල්ලා ෆෝවඩ්රෝල් ගැහැව්වැකිලු කතා නැතුව. මාමලාව කව්රු පොවඩ්රෝල් ගස්සන්ද නේද බඩුත් හාන්දුරුවන්ගේ නඩුත් හාන්දුරුවන්ගේ වෙච්චි කොට
    ................

    සාතන් මාම,
    වෙන දේවල් ඉගෙන ගන්න හරි දිගමට එන්න තීරනෙ කරපු එක හොදායි
    ......

    ඉෂාර මාමා,
    ඊයේ පෙස්ටිවල් එකට ආවද මට හොයා ගන්න බැරි උනානේ
    ......................

    බීටිල් මාම,
    අයිඩියා එක නං මරු තමා. හැබැයි ඊයේ ගේට්ටු රාජකාරිය කලේ වැප් මාමනෙ
    ..............................

    සහන් මාමා,
    කිව්වට ඇට දෙක බලා ගැනීමට ආවේ නැ නේද? අපි රැ වෙනකල් බලාහිටියා එයි කියා සසීයක් කිව්වා ගෙදරත් ආවේ නැ කියලා. ඇයි ඇට දෙක බලන්න වෙන කොහෙවත් ගියාවත්ද?

    ReplyDelete
  33. හෆෝයි... මේකා කලොත් මේ වගෙ අසමජ්ජාති වැඩක්මයි. බලහන් අදත් මහ රෑ 12ට ගල්කිස්සටම ඇහෙන්න මන් කෑකිරි පෑලුව නෙව !

    හිකිස්...

    ReplyDelete
  34. මාර මාමා ගුරු මුෂ්ටියත් හංගා ගෙන කටත් පියාගෙන අතත් අකුලගෙන ඉන්නවා වගේ. නැත්නම් ඕක තුන් හතර පාරක් කියන්න වෙලාව :))

    ReplyDelete
  35. අනේ මමනම් සපත්තු දෙකක් පොලිෂ් කරපු තියා දාපු කාලයක්වත් මතක නෑ

    ReplyDelete
  36. මමද සබත්තු පොලිස් කරන්නේ නැත.

    ReplyDelete
  37. ඕවා මහ කම්මැලි වැඩ බොල.. මගෙනම් ඔය සම්බන්ධයෙන් තියෙන්නෙ සිං සිං තියරිය තමා.

    ReplyDelete

ඔබේ පංගුව...

...................................................................

Related Posts Plugin for WordPress, Blogger...