2012/01/09

චියරින් ගැල්ලමයි (සිත්තර ඇතුලේ) | සපා - මගේ යාලුවෝ - 04

කාලෙකට කලින් මම යාලුවො ගැන කියන්න අරං මගින් නැවැත්තුවා.

මට දැං යාලුවො දෙකොට්ටාසයක් ඉන්නවා. කට්ටියටක් අතට අහුවෙන අය. අනිත් අය අතට අහුවෙන්නැති ඔන්ලයින් අය. දැන් වෙද්දි නං අතට අහුවෙන්නැති අයගෙන් සමහරක්, කාලයක් තිස්සෙ අතට අහුවෙලා හිටපු අය තරම්ම ෆිට් වෙලා.

කොහොමහරි යාලුවො කියන්නෙ අපිට නැතිවම බැරි අය. ඒ ගොල්ල අපිට උදව්වක් ඕනෙම වෙලාවට අපේ පිහිටට එනවා. අපිත් එහෙම තමා. බලුහොම්බා ජෙට්ලිට උදව්කරන්න ගියෙත්, අපේ ශැවොලියා තනේ අත ගෑවෙත් යාලුවන්ට උදව් කරන්ඩ තියෙන උවමනාව හින්දා.

සමහර යාලුවොන්ට උදව් කරගන්න බැරි උනාම මේල් එවනවා, “අනේ මම තාමත් ඔයාගේ හොඳම යාලුවෙක්, ඒ වේලාවෙ ඔයාට උදව් කරන්න බැරි උනාට“ කියලා. වැඩි හොඳට වරහන් අස්සෙ I am still your friend....:D කියලත් ලියලා. මතකනේ කලින් දවසක සයිබර් යාය හැක්වෙලා වෙච්ච කෝලම.

හැබැයි මම අද කියන්න යන්නෙ කුරුලු හමුදාවේ අපිත් එක්ක එකම කල්දේරම් බත කාපු යාලුවෙක් වෙන සපාට උදව් කරන්න ගිය කතාව. යාලුවෝ ගැන කියනවා කිව්වම මුලින්ම සපා ගැන කියන්න කියලා කිව්වෙ අපේ ගෝල්ඩ් ෆිශ්. ඒ ඒගොල්ලන්ව හදුන්වලා දුන්නු දවසෙ. ඒත් ඔන්න අදයි ඒකට වේලාව ලැබුනෙ.

සපා ගැන කියන්න කලින් බලන්න, මේ මැද අත්දෙක උස්සගෙන ඉන්නෙ පොර තමා.

එක අවුරුද්දක ජාතික මහා ක්‍රිඩා උළෙල තිබුනා බදුල්ලෙ “වින්සන්ට් ඩයස්" ක්‍රීඩාංගණයේ.

ඒ තරගෙට අනුග්‍රහය දීලා තිබුනේ ලංකාවේ කෑම හදන ලොකු සමාගමක්. සමාගම ගානේ දාලා තිබුනා හෙන චියරින් පාටියක්. පාටියේ ඔක්කොම ගැල්ලමයි. කොට සායවලුයි, කොට හැට්ටයි ඇඳගෙන. කොට සායවල් කිව්වට කොටම නෑ. වියතකට වඩා තිබුනා. අපි මැනලා බැලුවා. හැබැයි හිතිං! කොහොමහරි ඒ ගොල්ල අත් දෙකෙන් රිබන් වලින් හදපු ලොකු බෝල අරගෙන. කොච්චරවත් කලේ ක්‍රීඩකයො දිරිමත් කරපු එක. එක එක තාලෙට එක එක නැටුම් කැලී දදා, පස්සෙ කමෝන් කියලා කෑ ගගහ, අර රිබන් බෝල වන වනා ෂා......බලන්ඩ එපැයි ඒවයේ රඟ.

කොහොම උනත් පිට පලාතක තරග තියෙන එකෙන් ක්‍රීඩකයන්ට පොඩි අවාසියකුත් වෙනවා. හේතුව මේකයි. කොළඔ සුගතදාස ස්ටේඩියම් එක තනිකර කාපට්. පිට පලාත් වල ග්‍රවුන්ඩ් වල තියෙන්නෙ තණකොල. අනික සුගතදාසෙ පැවිලියන් උසට තියෙන හින්දා හුළඟ සැරට එන්නෙත් නෑ. ඉතිං පිටපලාත් වල තරග තියෙද්දි, හැම ක්‍රීඩකයම ඒ ක්‍රීඩාංගණෙ පුහුණුවීම් කරලා තරග දවස වෙද්දි ඒ ගොල්ලන්ගෙ සපත්තු වල තියෙන ඇණ වලට තණකොල ගැලවිලා තැනින් තැන පස් මතුවෙලා වලවල් හැරීලා තියෙන්නෙ. අනික පැවිලියන් නැති හින්දා හුලඟ හෝ ගාලා. හැම තරගයක්ම පවත්වද්දි හුලං මාපකයක් ගෙනල්ලා හුළගෙ වේගය බලනවා. හුළගෙ වේගය වැඩි නම්, ඒ කියන්නෙ ඒකෙන් තරග කරුවට වාසියක් වෙනව නම් තරග වාර්තාව උනත් කැන්සල් කරනවා.

සපා කියන්නෙ ඒ කාලේ තුම්පිම්ම පැනීම, නැත්තං ට්‍රිපල් ජම්ප් කියන ඉසව්වෙ ලංකාවේ එක දෙක අතර හිටපු ක්‍රීඩකයෙක්. පොර විදෙස් සංචාර දෙක තුනකුත් ගිහිල්ලා එහෙම හිටියෙ. සුගතදාසෙ ප්‍රැක්ටිස් කරද්දි පොර පැනලා තිබ්බා රෙකෝඩ් එක ආසන්නෙටම වගේ. ඉතිං මිනිහා හෙන බලාපොරොත්තු තියාගෙන ගියේ රෙකෝඩ් එකක් තියලා කුරුලු හමුදාවේ ලොකු මහත්තුරුන්ගෙ අවධානේ දිනාගන්න.

කොහොමහරි එදා පොරගෙ තරගෙ තියෙන වේලාව ආවා. මිනිහා වොම්අප් කරලා එහෙම පිච් එක ලඟට ආවම සංසාරෙ එපා වෙලා. තුම් පිම්ම පනින අර ලෑල්ල ගාවට යනකල් තණකොල බේතකටවත් නැති වෙලා. තැන් තැන් වල ඌරො නටලා වගේ පොඩි පොඩි ගැට ඇවිල්ලා. ඇණ සපත්තු හින්දා පොඩි අඩි පාරකුත් හැදිලා.

දැං පොරට තනි අවුල. කරකියා ගන්න දෙයක් නෑ. මොකද පනින ලෑල්ල ගාවට දුවගෙන යද්දි කකුල හරියට එන්නෙ නෑ. ඇයි වලවල් බේර බේරනෙ යන්න වෙලා තියෙන්නෙ. ඒ හින්දා පළවෙනි ජම්ප් එක ෆවුල් උනා. දැං දෙකට ලැස්තිය. සාමාන්‍යයෙන් දුර පනින කොටස තියෙන්නෙ ග්‍රවුන්ඩ් එකක කෙරොලෙ. ඉතිං අපි ග්‍රවුන්ඩ් එකයි පැවිලියන් එකයි වෙන්වෙන වැටගාවට ආවා පොරව දිරිමත් කරන්න.

අපි "සා...පා....,සා.....පා....." කිය කිය තාලෙට අප්පුඩි ගගහ කෑ ගැහුවා මෙහා පැත්තෙ පඩිපේලි උඩට වෙලා. මොන! දෙවෙනි ජම්ප් එකත් ලොස් උනා. දැං රෙකෝඩ් එක නෙමේ, ෆස්ට් සෙකඩුත් නෙමේ අඩුම ගානේ අන්තිම අට දෙනා අතරට එන එකත් හෙන අමාරුයි. ඒ මදිවට හුලං මැසිම කැරකෙනවා ජිල් කොම්පැනිය වගේ. සපා බිංදුවටම වැටිලා. ඊලඟ ජම්ප් එක ෆවුල් කියන්නෙ අවුරුද්දක පුහුණුවීම් වතුරෙ. ඔක්කොම අකුලගෙන ගෙදර යන්ඩයි තියෙන්නෙ. අනික පැරදිලා කොහොම කොළඔ යන්ඩද? වස ලැජ්ජාවනේ. පැරදුනත් කමන්නැ හේතු අහද්දිනෙ එපා වෙන්නෙ. මීට් එකක් ඉවර වෙලා ගිය ගමන් අනිත් සෙක්ෂන් වල උන් අහන්නෙ මොකෝ උනේ කියලා. පැරදුනා කියද්දිම උන් යනවා යන්ඩ. ඒවට හේතු අහන්ඩ එකෙක්වත් නෑ.

ඉතිං අපි කට්ටිය එකතු වෙලා මේකට දෙයක් කල්පනා කලා. විශේෂයෙන්ම මමයි අපේ දෙයියයි. මොනා උනත් මූ අපේ එකා. එකාව වැටෙන්ඩ දෙන්ඩ බෑ. මතකනේ දෙයිය‍ ඔය වගේ වැඩ වලට දෙයියා. මගේ වැඩේ ගොඩ දා ගන්නත් පොරනේ උදව් කලේ. ඉතිං අපි මොකක් හරි ක්‍රමයක් මේකට හොයද්දි, අපි දැක්කා අර කෑම කොම්පැනියේ ගැල්ලමයි ටික. මම දෙයියා දිහා බැලුවා. අපි දෙන්නටම දැනුනා ඊලඟට මොකද්ද කරන්ඩ ඕනෙ කියලා. මායි දෙයියයි දිව්වා ඒ පැත්තට, හරියට අයිස්කිරිං වෑන් එක අල්ලන්ඩ දුවන ගැටයො දෙන්නෙක් වගේ. ගිහිං ඒ ගොල්ලන්ගේ නායිකාව කියලා හිතන්ඩ පුලුවන් එක්කෙනෙක්ට අපි ටිකක් මෙහාට කතා කලා. ඒත් එයා ආවේ තව එක්කෙනෙකුත් අතින් අල්ලගෙන.

"මේ...එස්කියුස්මී නංගී ඕගොල්ලන්ගෙන් පොඩි මෙව්වා එකක් බලාපොරොත්තුවෙන් අපි ආවේ"

"මොකද්ද අයියා..... පුලුවන් දෙයක් නං අපි කරලා දෙන්නම්....." ඒ ගොල්ලත් හෙන කටකාරයි.

"අපේ යාලුවෙක් අන්න අතන ට්‍රිපල් ජම්ප් එක කරනවා.......ඌට .... සොරි....එයාට පොඩි චියර් එකක් දෙන්න පුලුවන් වෙයිද?"

"ම්.......මේකයි අයියා....අපිට මේ වෙලේ මේ හරියෙනෙ අපේ බොස් ඉන්ඩයි කිව්වේ....." ඒ ගොල්ල ඇත්ත තත්වේ පැහැදිලි කලා.

"අනේ බොස් මොනවත් කියන්නැ...අනික නංගි අපි අහවල්ලු...... ඕගොල්ලන්ට තේරෙනවනේ...."

අහවල්ලු කිව්වම ඒ ගොල්ල වැඩේට කැමති උනා. අපි අහවල්ලු හින්දා ඒ ගොල්ල ලොකු විස්වාසෙකින් අපිත් එක්කලා ආවේ. ඇරත් අපේ මූණුත් හෙන නිවිච්ච පාටයිනෙ. එතෙන්ට යන ටිකට මම ඒ ගොල්ලන්ට කිව්වා, "අපේ යාලුවා සපාය, පොර හරියට අසරණ වෙලාය, බලන්ඩ මේ ග්‍රවුන්ඩ් වල හැටිය, ඊලග ජම්ප් එකට පොර ලෑස්ති වෙන්න යද්දිම වගේ ඕගොල්ලන්ගෙ චියර් එක පටන් ගන්නය“ කියලා.

කොහොමහරි අපි ගැල්ලමයි කට්ටියත් එක්ක එතෙන්ට ගියේ පැරදීගෙන එන හමුදාවක උදව්වට ලස්කිරිඤ්ඤා බටයො හොයාගෙන ආපු සූර ජෙනරාල්ලා දෙන්නෙක් වගේ. දැං අපිට තියෙන්නෙ චියර් එක පටන් ගන්ඩ ඕන වෙලාවට අතින් පොඩි මෙව්වා එකක් පෙන්න එකයි අර ගැල්ලමයිට. මම ඒකට ලැස්ති පිටමයි හිටියෙ.

ඔන්න සපාට කලින් කෙනා ජම්ප් එක දැම්මා. දැං තියෙන්නෙ සපාගෙ වාරේ.

මම අර ගොල්ල දිහා බලලා සංඥාව නිකුත් කරන්න ගියා විතරයි, දෙයියා මට කලින් පැනලා ඒක කලා. ඒ එක්කම අර ගැල්ලමයි "සා......පා.......සා.....පා..."කියලා කෑගහන්ඩ ගත්තා. ඒ විතරක් නෙමේ. අතරින් පතර "කමෝන් සපා අයියා...." කියලා එකියක් කෑ ගහනවා. ඒ අතරතුර ඒගොල්ල නැටුමකුත් පටන් ගත්තා.

ඒක ජාති නැටුම!

මුලින්ම ගැල්ලමයි කකුල් ලඟටයි, ඈතටයි තිය තිය උඩ පනින්න ගත්තා. පස්සේ ඒ තාලෙටම අත් දෙක කෙලිනුයි, උඩටයි ඉස්සුවා. ඊටත් පස්සෙ අත්දෙක ඉස්සරහට අරං අර රිබන් බෝල දෙක එක ලඟට වෙන්ඩ අල්ලලා හයියෙන් හෙලෙව්වා. ඒ එක්කම ටිකක් ඉස්සරට නැමිලා වේගෙන් අඩි තිය තිය රිවස් එකට ගියා. පස්සෙ හරිම සැහැල්ලුවෙන් ආයෙත් දෙපැත්තට වැනි වැනී අර රිබන් බෝල හොලෝගෙන ඉස්සරහට ආවා. ඒ අතරතුර තමා ඒ ගොල්ල අපේ යාලුවගේ නම කියලා කෑ ගැහුවේ. මේ වගේ කට්ටියකගෙන් නම කියලා චියර් කරවගන්ඩ චාන්ස් ලැබෙන්නෙ එහෙමත් කෙනෙකුට. දැං සපා පනියි පැනිල්ලක් වාර්තා කුඩු පට්ටං වෙලා යන්ඩ. මොකද මොහොතකට හිතේ ඇතිවෙන මානසික මෙව්වා එකට පුලුවනි ඔය බාධක ඔක්කොම පරද්දලා දිනුම් කණුව කොහෙද කියලා හොයාගන්න.

ඉතිං මේක බලාගෙන ඉද්දි මට හෙන ගතියක් ආවා. මම දෙයියා දිහා බැලුවා. මිනිහා ඉන්නෙ හරියට නැටුම් කණ්ඩායමේ අයිතිකාරයා එයා වගේ. ඒ වෙලාවේ මට හිතුනා මේගොල්ලං කැන්දගෙන එන වැඩේ මම තනියම කලානං ඉවරයි නේද කියලා.

මේක කොච්චර හොඳට නැගලා ගියාද කියනවනං වට පිටේ හිටපු කට්ටියත් හිමීට හිමීට අපි ඉන්න පැත්තට ඇදිලා මේ ගොල්ලගේ නැටුම රස වින්දා. මේ වෙද්දි අපේ අනිත් උන් ටිකත් ටික ටික ලං උනා. ඒ පාටියකදී හොඳ නැටුමක් නටන්න ඒගොල්ලන්ගෙන් අලුත් අඩියක් දෙකක් ඉගෙන ගන්න පුලුවන් වෙයි කියලා හිතලා වෙන්ඩැති. ඒ හින්දා උන් කලේ ගැල්ලමයිගේ කකුල් වැඩකරන විදිහ බලාගෙන හිටපු එකයි ඇස් පිල්ලං ගැහිල්ල පැත්තක තියලා. ගෑල්ලමයිනුත් නමන්ඩ පුලුවන් හැම තැනම නවලා, දිග අරින්ඩ පුලුවන් හැමතැනම දිගඇරලා අන්තිම කැපවීමේන් නටලා අපිට සහයෝගෙ දුන්නා. කොහොමහරි චියරින් ළමයි හින්දා මේ වටපිටේ පරිසරයයි, ඉන්න අයයි, ඔක්කොම සතුටු සාගරේ කිමිදිලා.

මමත් ඕකේ ටික වෙලාවක් පීන පීන හිටියා. ඔන්න මට එකපාරටම මතක් උනා අපේ සපා දැං පනින්න නේද යන්නෙ කියලා. මිනිහත් හොඳ කික් එකේ ඇති. දැං මිනිහා හොඳ ජම්ප් එකක් ඇල්ලුවාම ඔක්කොම හරි. එයාගේ හොඳම යාලුවො හැටියට ඔන්න අපේ යුතුකම් අපි ඉටුකලා.

ඉතිං මම සපා දිහා බැලුවා. වැඩේ කියන්නෙ මෙච්චර හරියක් කරලා තියෙද්දිත් අපේ සපාගේ මූණ ගන්ඩ දෙයක් නැති වෙලා. මම දෙයියටත් සිග්නල් එකක් දීගෙන වැට අයිනට ගියා මිනිහාට කතා කරන්න.

“සපා..... බලපං අපි ගෙනාපු සෙට් එක. මේ නංගිලා උඔට ෆුල් චියර් එක දෙයි.....කොල්ලොත් ෆෝම් එකේ ඉන්නෙ.....උඔ හොද ජම්ප් එකක් අල්ලහං සපා කොහොමද දන්නවද......“ කියලා මම හොද ගැම්මෙන් සපාගෙ පිටට තට්ටුවක් දැම්මා.

ඒක අහලා මිනිහා අපිට මොනවද දන්නවද කිව්වෙ,

“ජම්ප් එකක්.....මම පැනලත් ඉවරයි යකො....තොපිට දැන්ද මාව මතක් උනේ....“ කියලා.

....................
- මීට යුරෝ දෙකේ වීරයා

39 ක් කියන්නේ !:

  1. හී හී...පව් සපා....නියම කතාව යාලුවේ. අපිත් ඉන්නවා ඕනම වෙලාවක උදව් කරන්ට. ඕනේම නම් වරහන් ඇතුලෙත් (I am still your friend :D) කියලත් ලියන්නම්...:D:D

    මේ ලඟදි දවසක් මගේ යාලුවෙක් කීවා එයා නම් කැමති අතට අහුවෙන අයට කියලා. ඒ කියන්නේ එහෙනම් ඔන්ලයින් නෙමේ අය වෙන්ටැති...:(

    ReplyDelete
  2. "පැරදීගෙන එන හමුදාවක උදව්වට ලස්කිරිඤ්ඤා බටයො හොයාගෙන ආපු සූර ජෙනරාල්ලා දෙන්නෙක් වගේ. "මගේ
    හිතට අල්ලපුම තැන..

    සපාට මොකද වෙලා තිබුනේ....?

    ReplyDelete
  3. // ඇරත් අපේ මූණුත් හෙන නිවිච්ච පාටයිනෙ. //

    අනිවා අනිවා.. හරි නිවිච්ච ළමයි නේ.. අම්මපා මයෙ කට කහනවා මේවට මුකුත් කියාගන්ට බැරුව.. :p

    ReplyDelete
  4. හික් හික් හික් උඹලා කකුල් පැටලෙන ඒවා බලන අතරේ සපා පැනලද....එළ සීන් එක....ඉතින් මොකෝ උනේ ඌට....

    ReplyDelete
  5. අපරාදේ තව පොඩ්ඩක් පරක්කු උනානම්! :D

    ReplyDelete
  6. ශැහ් මෙච්චර ඔයාලා මහන්සි වෙලත් සපා ඒකෙන් ප්‍රයෝජනයක් අරන් නෑනෙ.

    ReplyDelete
  7. දැන් සපා රෙකෝඩ් එක කඩුවද, නැත්තං උඹලගෙ රෙකෝඩ් කැඩුනද?

    ReplyDelete
  8. අයියෝ අයියෝ මම හිතුවේ මූන බෙරිවෙලා තිබුනේ වෙන දේකට කියලා හි හි ඇඩෙනවා චියරින් ගැල්ලමයි මම දැකලා තියෙන්නේ අර ෆිල්ම් වල විතරයිනේ....

    මරු කථාව අයියේ

    ReplyDelete
  9. හිනා කාලා මළා...
    තොපි උදව් කලේ සපාටද..නැත්තං තොපේ ඇස් ගෙඩි ඔලටද..?

    ලියහං බං මෙන්න මෙහෙම පරණ කතා ටිකක් ඇස්ටි හැලිලා බැස්ටි බහින්නම...

    ReplyDelete
  10. //කට්ටියටක් අතට අහුවෙන අය. අනිත් අය අතට අහුවෙන්නැති ඔන්ලයින් අය//
    සොෆ්ට් යාළුවොයි හාර්ඩ් යාළුවොයි නේද?:)

    ReplyDelete
  11. ඒක ජාති නැටුම!

    කට ඇරගෙන කියෙව්වේ... සපා පැනලත් ඉවරද..?

    ReplyDelete
  12. මේ නම් සාපට උදව්වට්ට නෙමේඅ සාපගේ නම දාලා කෙල්ලන්ව ලගට ගෙන්නගන්න

    ReplyDelete
  13. හය්යෝ සල්ලි...ඔය ඇස්වල පොට ඒ පාර ගිය ගමන්ද තාම?

    අන්න කුමාරිහාමිත් රෙඩිලු ආයි සපා පණිනවනං නටල සප් එකක් දෙන්න.

    ReplyDelete
  14. ඔය චියරිං නංගිල නටද්දි හුලං අත වෙනස්වෙනව බං . . හි‍ටු කියල

    ReplyDelete
  15. කතන්දර,
    අපිත් කෑවා.
    ‍.........

    පොකු,

    අපිත් ඉන්නවා ඕනම වෙලාවක උදව් කරන්ට.//
    අන්න නියම යාලුවො. බලමුකො තියරි වගේම ප්‍රැක්ටිකල්වල තත්වෙත්.

    මේ ලඟදි දවසක් මගේ යාලුවෙක් කීවා එයා නම් කැමති අතට අහුවෙන අයට කියලා.//
    මම අද්දැකීමෙන් කියන්නෙ අත‍ට අහුවෙන අහුනොවෙන කියලා නෑ ඉතිං.... දෙකොට්ටාසෙම දෙගොල්ලං අතරම ඉන්නවා.
    ..........

    හරී,
    සපාට මොකද වෙලා තිබුනේ...//
    ඉතිං වෙන්ඩ තියෙන හොඳම දේ වෙලා...අනේ අපිට බලාගන්ඩ බැරි උනානෙව.
    .........

    බුරෝ,
    // ඇරත් අපේ මූණුත් හෙන නිවිච්ච පාටයිනෙ. //
    ඔය කතාව අපි කිව්වම හුඟක් අය උඔ වාගේ කට කැඩිච්චි කතා කිව්වා තමා. ඒ ඇයි කියලයි අපට තාම හිතාගන්ට බෑරි.
    ............

    නොදුටු,
    සපාත් කකුල් දිහා බලාගෙන දුවල වෙන්ඩැ පොරට බඩු හම්බෙලා තිබුනා කලින්ම..... පරිස්සමට තියපු දේ ඇගියාට ගියා වගේ කියන්න‍ඒකද දන්නැ නේද?
    ........

    පූසා,
    ඇයි මොකද වෙන්නෙ එතකොට.
    ........

    පිණිබිඳු,
    අන්න ඇත්ත තත්තෙ තේරුං ගතතු නෝනා කෙනෙක් :D
    .............

    පෙසන්න,
    කාගෙවත් ඒවා කැඩුනෙ නෑ.... අපි අලුත් නැටුං අඩි ටිකක් ඉගෙන ගත්තා ඇරුනම.
    .........

    ගැමියාගේ පත් ඉරුව,
    ගැමියෝ ඔයත් එන්ඩ සුගතදාසේ පැත්තෙ ජාතික මට්ටමේ ක්‍රීඩා තරගයක් තියෙන වෙලාවට. ඔය ඕනැතරං චියරිං ගැල්ලමයි බලාගන්ඩ පුලුවන් වෙයි.
    ............

    මාරයා,
    නෑ නෑ බං අපි අවංක මෙව්වා එකෙන්නෙ ඒ ගොල්ලංව ගෙන්නා ගත්තෙ. පස්සෙ වැඩේ වර්චස් වෙච්ච එක වෙනම කතාවක්.
    .............

    රාජ්,
    අන්න ඇතත් තත්වෙ තේරුණ කොල්ලෙක්...
    .......

    බීට්ල්,
    වැඩැන්නැ මල්ලි කතා කරලා..... රේස් එක ගිහිල්ලා...
    .........

    ඩිලාන්,
    ආ.................උඔ එතන හිටියනං ඔහොම කියන්නැ..... ඒක ජාති නැටුම.
    .........

    ඉන්දික උපශාන්ත,
    එදා නෙමේ පොට ගියේ.... කුරුලු හමුදා ඉන්ටොවීව් ගියදා..... අනේ මොකට කියනවද ඒ ගැන. ඒක නෙමේ කුමාරිහාමි ඔසරිය ගහලා චියරිං නැටුටම එද්දි අපිට රබං ගහන්ඩ වෙයිද දන්නැ තාලේ අල්ලන්ඩ උන්දැට.
    .........

    ඕනයා,
    ඔය දන්නෙ යස අගේට. හැබැයි වෙලාවට හුලං මාපකයක් තිබුනනේ.... හුලං අඩු වෙලාවක් බලලා තමා ඒ ගොල්ලන්ට රෙස්ට් කරන්ඩ කියන්නෙ.......

    ReplyDelete
  16. Observer has left a new comment on your post "චියරින් ගැල්ලමයි (සිත්තර ඇතුලේ) | සපා - මගේ යාලුව...":

    මං හිතුව කෙ. කො. පොඩි එකාට යාළුවො කතා සෙට් එක අමතක වෙලාම ගිහිං කියල.
    නියමයි , ගෑල්ලමයි ටික නටනව මැවිල පෙනුන.

    සපා කියන කොට මතක් වුනේ, aතට නාහුවෙන 'සපතේරු උන්නැහෙ '
    මෑන්ස්ව කාලෙකින් දැක්කෙ නෑ

    ReplyDelete
  17. හෙහ් පස්ට නැ‍ටුම නෙව, ඕකෙනෙ කියන්නෙ බොලාට කකුලක් දැක්කොත් යාළුවොත් අමතකයි නෙව.

    ReplyDelete
  18. මොන මගුලක් ද මන්දා බං මට මේකට හිනා යන්නෙ නෑනෙ. ආ හා හා. හිනා යන කථාවක් නෙමේ නම් කමක් නෑ. මේක උදෙන්ම නැගිටපු දවසක ච ලිව්වෙ?

    ReplyDelete
  19. දැන් ඔය ඇවිල්ල හිටපු ගැනුලමයිත් 'අතට අහුවෙන' ජාතියෙ අයද? :)

    ReplyDelete
  20. ඔන්න බලහං ඒකෙත් හැටි.. මෙච්චර දිග පෝස්ට් එකේ ඔබාට මැවිලා පෙනුනෙ ගෑල්ළමයි ටික නටන හැටි විතරයි.. අම්මපා මේවා ඔබී දැක්කනං හෙම ඔබාගෙ ඉතුරු කෙස් ගස් ටිකත් ඉවරයි.. :)

    ReplyDelete
  21. අහක බලපු ටිකට සපා පැනලානේ
    අපිත් දැක්කෙ නැහැ නේන්නම්

    (සපාගේ පැනිල්ල වගේද චියරින් ගෑල්ළමයි නැද්ද චුටි මහත්තයා)

    ReplyDelete
  22. නවම්,
    කකුලක් නං මදැයි බං....
    ..........

    ඉෂාර,
    උඔ එක එක කතා කියලා අපේ ගෙවල් පාරේ යන්ඩ නෙමේ යාලුවො හොදේ...
    ....

    මුහුදු,
    අනේ මේ මොනවා කියනවද මුහුදු, සමහරු අතට, සමහරු හිතට!
    .........

    බුරෝ,
    ඔබී නැන්දා තාම ගමේලු ඉන්නෙ. අනිත් සෙට් එක විතරයි මේ දවස් වල ඔබාගෙ තනිනොතනියට ඉන්නෙ..
    ...........

    ලොකු පුතා,
    මේ මොනවා කියනවද අයියෝ?

    ReplyDelete
  23. චූටි මහත්තයා... මට ප්‍රශ්න කීපයක්ම තියෙනවා,

    1) සපා පැනීමත්, ගැල්ලමයි කැඳවාගෙන ඒමත් අතර කොපමණ කාලයක් ගත උනාද ?
    2) ගැල්ලමයින්ගේ සාය වියතට වැඩිය දිගයි කියලා මැන්නේ අතින්ද ?
    3) සපා පැන්නාද, නැත්නම් 3 වෙනි පාරත් ෆවුල්ද ?

    ReplyDelete
  24. 01. කාලය ගණනය කලේ නැත. සාමාන්‍යයෙන් නැෂනල් මීට් එකකට එක් තරගයක‍ට තරග කරුවන් පලාත් 9 යෙන් තුන්දෙනා බැගින් සහභාගි වෙන හින්දා සැළකිය යුතු වෙලාවක් ලැ‍බෙනවා.... උඩහින් නම් ඒ දවස් වල ආවේ නෑ තමා. ඒ උනාට එක ජම්ප් එකකට පස්සෙ විනාඩි 20 කට වඩා තියෙනවා.

    02. ඒ ගැන පැහැදිලිව සටහන් කර ඇත.

    03. සපා පැන්නාද, නැත්නම් 3 වෙනි පාරත් ෆවුල්ද ? තීරණය ඔබේ අතේ :D

    ReplyDelete
  25. ඔච්චර හුළඟ තිබිද්දි අර වියතෙ ඇඳුමට එහෙම අවුලක් වෙන්න නැතුව ඇති නෙහ්... ලොල්..
    මොක්කුද බං එතකොට අහවල්ලු...?

    ReplyDelete
  26. මට චියරිං ස්ක්වෝඩ් එක මැවිලා පෙනුනා. පට්ට කතාව. ඊටත් පට්ටයි කාටූන් ටික. ඔය අර ග්‍රැ‍ෆික් ටැබ්ලට් එකද? ඒයි මාත් එකක් ගත්තානෙ. ඒ වුනාට මට තවම ඊට වැඩිය හොඳට අතින් අඳින්න පුලුවන්.
    henryblogwalker the Dude

    ReplyDelete
  27. Dude,
    මේ ගැෆික් අහවල් එකෙන් තමා ඇන්දේ! ආනේ ඔයත් එකක් ගත්තද? මට නං මේක බොලා වගේ මහත්තැන් කෙනෙක්ගෙන් තෑගිනෙ ලැබුනෙ. දැං ඉතිං ඔබා මාමගෙන් උඔට බේරිල්ලක් නැති වෙයි.

    මෙහෙමෙ කේස් එකක් තියෙනවා. ඕකට හුරු වෙනකල් ටිකක් අමාරුයි. මොකද ලිස්සන ගතියයිනෙ.:D පස්සෙ නං බඩේ බත් ටික වගේ වෙයි. මටත් තාම සීයට බොහොම පොඩි ගාණයි හුරු. වේගවත් ඉරි ගද්දි පෑන කැලේ පයිනවා.

    හැබැයි ඉන්ද්‍රනාත නේනුවර සර් මේකෙන් දාන වැඩ දැක්කම අපි ලොවෙත් නෑ.

    මේ තියෙන්නෙ,
    http://www.facebook.com/media/set/?set=a.108901999218036.15324.100002947105775&type=1

    ReplyDelete
    Replies
    1. ඔන්න මාත් පොඩි අප්පුඩි පාරක් ගහනවා ඒකට...!!

      Delete
  28. බුද්ධි කොලුවො මං ගියානෙ බං ඒ ලින්ක් එකට පිස්සු හැදෙනවනෙ ඒ චිත්‍ර ටික දැක්කම. ස්තුතියි බුද්ධි!
    henryblogwalker the dude

    ReplyDelete
  29. අප්පට සිරි... ඉතිං සපාගේ රිසල්ට් කෙසේද... ???
    කෙල්ලෝ දැක්කම මොන සපාද නේද...

    ReplyDelete
  30. යකෝ සපාට උදව්වක්ද මේ කොරලා තියෙන්නේ . . ඌ අර ගෑනු ළමයින්ගෙන් ස්ටෙප් එකක් ඉගෙන ගන්න එයාලගේ කකුල් දිහා බලා ගෙන ඉඳලා අල කරගනී කියලා මට නම් මුලදිම හිතුනා . . .

    ReplyDelete
  31. සපා පැන්නට පස්සේ නේ චියර් කරලා තියෙන්නේ. අයියෝ සල්ලි !

    ReplyDelete
  32. පශ් දෙනාටම තුති!

    ReplyDelete
  33. හහ් හහ් හහ් අයියෝව් ශල්ලීඊඊඊ!!
    පව් වැඩේ යහළුවට :/

    ReplyDelete
  34. ඉතින් සපා දිනුවද පරදුනාද කියල කිවුවේ නැහැනේ.. කොහෙද කෙල්ලන්ගේ කොට සායවල් මතක් උනාම කතාවත් අමතකයිනෙ..

    ReplyDelete
  35. සපා පැනලා කරලා එහෙම නිදහසේ ඉන්න ඇත්තේ කෙල්ලන්ගේ නැටුම් ටික බල බලා.. අර 20 20 එකේ නටන උන් නෙවෙයි නේද නැටෙව්වේ?? එහෙම උනා නම් සපා පනින්නේ රෙකෝඩ් සොරි වෙන්න..

    ReplyDelete
    Replies
    1. පරක්කු කට්ටියට මෙන්න මගේ ස්තුතිය

      Delete

ඔබේ පංගුව...

...................................................................

Related Posts Plugin for WordPress, Blogger...