2012/03/19

මොකද්ද මචං උඔට උනේ......!

පහුගිය සතියක හමාරක විතර කාලයක් බ්ලොග් එකට අලුත් ලියමනක්, කාටුන් එකක් දාන්න මට බැරි උනා.


මුලින්ම සයිබර් යාය වටා පාඨකයෝ එකතු උනේ කෙහෙල්කොටුවේ චුටි මහත්තයගේ කතා කියවන්න. පස්සෙ කුරුලු හමුදාවෙ කතා, ටිකිරි කතා එකතු උනා. ඒ අතරතුර මගේ කතාත් ගියා. විදෙස් සිත්තරා ළඟකදී පටන් ගත්තු සති අන්තෙ කාටුන් පිටුව අන්තිම දවස් වල නැගලා ගියා.

ඒත් වෙනසකටත් එක්කලා කාලීන වැදගත් කමකින් සමන්විත ලියුමක් දෙකක් ලියන්න ඕනෙ කියලා මට හිතුනා.

ඒ ගැන හොයලා බලද්දි රංග මහත්මයා කියලා තිබුනා මේ කාලේ වැඩිපුරම ජනප්‍රිය මාතෘකා දෙක වනාහි බොරතෙල් මිල වැඩිවීමත්, ක්‍රිකටුත් කියලා. මගේ අදහස මුදුන් පත් කරගන්න නම් ඔය දෙකෙන් එකක් ගැන ලිව්ව නම් හරි.

ඊට පස්සෙ තමා හැම දේම උනේ !

උදාහරණයක් හැටියට තෙල් මිල ගැන මම කවියක් ලිව්වා. මට සාමාන්‍යයෙන් කවි ලියන්ඩ බෑ තමා එදා ලිව්වට. ඒ උනාට මොකක් හරි දෙයක් ගැන බුර බුරා හදවතේ ගින්නක් ඇවිලෙනවනම් අන්න එතකොට හතර පදයක් ගොතා ගත්තැකි මොනව හරි ජිල්මාට් එකක් දාලා.

ඉතින් තෙල් මිල වැඩි කරපු හැටියෙ මම කලේ ඒ ගැන පොඩ්ඩක් හිතපු එක. ඔන්න එතකොටම හදවතේ බුරා බුරා ගින්නක් ඇවිලෙන්න ගත්තා. ඒ වෙලාවෙ මම ශූර ගිනි නිවන භටයෙක් වගේ එතෙන්ට පැනලා ඒ ගැන කවි පංතියක් අටවා ගත්තා. පස්සෙ ඒක මම දැම්මා මාතලන්ගේ "මාලු පාන් කවි" කවි පන්තියෙ කමෙන්ට් එකක් හැටියට.

මේ තියෙන්නෙ ඒක.

සිරිමත් මගෙ සකි
දැන් ලොකු ළමයෙකි
යන්තම් ඇති හැකි
වැදගත් මහ‍තෙකි

තෙල් මිල නැග්ගත්
රුපියල බැස්සත්
ලයිට් බිලෙන් වත්
සිරිමත් නොසැලෙත්

මූණුපොතේ වත්
බ්ලොග් ලියුමෙන් වත්
පාරට බැහැලත්
අරගල නොකරත්

දෙන දේ කෑමත්
වෙන දේ බැලුමත්
කී දේ කෙරුමත්
දැං පුරුදුයි කොහොමත්

හැබැයි ඕකට ආපු උත්තරේ හන්දා මම හිතාගත්තා මට ඔය ගැන නිසි අවබෝධයක්
නැහැයි කියලා. මාතලන් ඒකට උත්තර හැටියට දාලා තිබුනෙ "ඕක තමා හෙනේ..." කියලා. ඒ කියන්නෙ මට ඒ ගැන නිසි අවබෝධයක් නෑ. මම ගැටලුව ලිහලා තියෙන්නෙ කණපිට පැත්තට.

අනිත් ජනප්‍රිය මාතෘකාව ක්‍රිකට්!

ඒ අසංග ගුරුසිංහ වන් ඩවුන් එන කාලේ. ඒ කාලෙ මම ක්‍රිකට් වලට හෙන ලැදියි. මම කවදා හරි නැෂනල් ක්‍රිකට් ටීම් එකට යන්ඩයි හිතාගෙන හිටියෙ. අපි මැච් ගැහුවෙ ඉස්කෝල පිට්ටනියෙ උනාට හැමදාම හවසට සෙල්ලම් කලේ අපේ වත්
තෙ හරි, සාන්ත අයියලාගෙ වත්තෙ හරි. බුද්ධිඝෝෂ කතා වස්තුවෙදී, "ක්‍රිකට් උමතුව සෑදුනු කොල්ලන් රඹවනය හැරපියා, ගම්මානයෙන් එක්තරා කෙළවරක වූ මුඩුබිමක් සොයා ක්‍රිකට් නම් කෙලියෙහි මුලු සවස් යාමයම ගෙවූහ." ආදී වශයෙන් විස්තර කෙරෙන්නෙ අන්න ඒ ගැනයි.

ඉන්ඩෝ ක්‍රිකට් වගේ තමා වතු ක්‍රිකටුත්. සාමාන්‍යයෙන් වතු ක්‍රිකට් නීති ටිකක් වෙනස්. වතු ක්‍රිකට් වල තියෙන ප්‍රධාන නීති ටික තමා පහල තියෙන්නෙ.

01. ගස් කැච් ඔට්ටු ද නැද්ද?
02. වැටෙන් එලියට ගියොත් අවුට් ද ලකුණු කැන්සල් විතරද?
03. මල් ගස් වල වැදිලා මල් පෝච්චි බිඳුනොත් එයාව අවුට් කරනවද, නැත්තම් ඊලග වටේ බෝල් කරන්ඩ දෙන්නෙ නැද්ද? වගේ දේවල්. තව නීති තියෙනවා. වතු ක්‍රිකට් ගහලා තියෙන අය ඒ ගැන දන්නවා ඇතිනෙ.

අපි එදිනෙදාට සෙල්ලම් කරන්න පටන් ගන්න කලින් ඔය නීති සංශෝධනය කරනවා. ‍ඒ වෙන මොකවත් හින්දා නෙමේ. ක්‍රීඩාවේ ජීව ගුණය රැක ගන්ඩ.

ඔය මොන නීති දැම්මත් ක්‍රීඩාව අන්තිම වෙන්නෙ අපිට නඩු ගොඩක් වැටිලා. නඩු භාණ්ඩ හැටියට ක්‍රිකට් පිති, විකට් කූරු, බෝල ටික වැඩිහිටියෝ සන්තකේට යනවා. වැඩිපුරම බන්දු මාමා. අපේ අතින් බැරි වෙලා හරි එයාගෙ වත්තට බෝලෙ ගියොත් එයා පරල වේගෙන ඇවිල්ලා වත්තෙ අයිතිකාරයා මීට් වෙනවා. අපේ වත්තෙ නම් තාත්තා. සාන්ත අයියලාගෙ වත්තෙ නම් එයාලගෙ කව්රු හරි. එයා හැමදාම දාන්නෙ එකම තැටිය. ඒ "අපි ගහන බෝලේ ඒගොල්ලන්ගෙ කුකුල් කොටුවෙ වහලෙ තහඩුවට වැටෙනවය. ඒ සද්දෙට හිත ගැස්සෙන කිකිලියෝ බිත්ත‍ර දාන්නෙ අඩුවෙන්"ය කියන අභූත චෝදනාව.

ඔය කො‍යි දේ ගැනත් තාත්තා අඩුවැඩියෙන් දන්න හින්දා, දවසක් අපි සාලෙ ඉන්න වෙලාවක මට කතා කරලා දෙයක් තේරුම් කලා.

ඒ "මේ වන්නියෙ ඉඳගෙන හැමදාම ටෙනිස් බෝලා පැලුවත්, ටෙස්ට් මැච් යද්දි දවස් පහම ටීවී එක දිහා බලාගෙන හිටියත්, වන්ඩේ මැච් පැරදුනාම රෑ කෑම කන්ඩ බැ බෑ වගේ ගතියක් හිතට ආවත් ඒ එකක්වත් අපේ රටේ ක්‍රිකට් කණ්ඩායමට යන්න සුදුසුකමක් නෙමේ"ය කියලා. ටීම් එකට යන්න තියෙන්න ඕනෙ වෙනම සුදුසුකම් කොටසක්ලු. ඒවා අපි ලඟ නැහැලු. හැබැයි මැච් බැලුවත්, ක්‍රිකට් ගැහුවත් ඒක විනෝදාංයක් හැටියට කරනව නම් එතන වැරැද්දක් නැහැයිලු.

කොහොමහරි ඒක තේරුම් ගත්තට පස්සෙ මගේ ක්‍රිකට් උණ වේගෙන් බැහැලා ගියා.

අන්න ඒක නිසා ක්‍රිකට් ගැන ලියන්නත් මට දැණුම මදි. එහෙම බලද්දි මට ලියන්ඩ එකක් නෑනේ !

ඒත් මම උත්සහය අතඇරියේ නෑ. මමත් ඇත්තටම කැමති නෑ මේක ලේසියෙන් අරින්ඩ.

ඒ හින්දා මම කල්පනා කලා මමත් දන්න, අනිත් අයත් කැමති පොදු මාතෘකාවක් ගැනවත් කතා කරන්න.
ඒ බ්ලොග් යාලුවෝ!

මට පුලුවන්නෙ මගේ බ්ලොග් එක නිසා හඳුනගත්තු යාලුවො ගැන විස්තරයක් ලියන්න.

ඒ ගැන හිතන කොටයි පහුගිය දවසක මට හමුවුනු, "අතීතයෙන් ගඟ ගලා බසී" බ්ලොග් එක ලියන "තුෂාර රවීන්ද්‍ර මහත්මය"ව මතකයට ආවේ. බ්ලොග් ලෝකේ ගොඩක් අය එයාට කියන්නෙ "වියත් රවා" කියලා. ඒ එයා හෙනට වියත් හන්ද ද, නැත්තම් වෙන හේතුවක් ද කියල නම් මම හරියට දන්නෙ නෑ.

පහුගිය දවසක ඒ ‍ගොල්ලන්ගෙ ගමේ ලේ දන් දීමක් තිබුනා. ඊට කලින් දා රෑ,
අපේ මුණුපොතේ ගෲප් එකේ කට්ටිය චැට් කර කර ඉද්දි පොර එතෙන්ට පාත් වෙලා මේ විස්තරේ කියලා, මගෙන් ඇහැව්වා ලේ දන් දීමට එන්න පුලුවන්ද කියලා.

මම බැලුවේ ඒ ගැනවත් ලියලා මගේ අරමුණට එන්න. ඒත් ඒකත් කොට උඩ ගියානෙ.

එදා ලේ දෙන්න ගිහින් පෝලිමේ ඉද්දි, සංවිධායක මණ්ඩලේ අක්කා කෙනෙක් අල්ලපු කොළ කැඳ කෝප්පෙ මම එපා කියද්දි පොර පිටිපස්සෙ ඉඳලා, "එපා නං මට දෙන්ඩ.... මොනා හරි නිකං දෙද්දි ගන්ඩ දැනගන්ඩ....." කියලා මට දුන්නු උපදේශය ගැනවත්, ලේ දෙන්ඩ කලින් පුරෝපු ෆෝම් එකේ, "ඔබට නිතර වැළදෙන රොගාබාධයක් තිබේද?" කියන ප්‍රශ්ණයටත්, "ඔබ අවසාන සතියෙ ගණිකාවන් ඇසුරු කර තිබේද?" කියන ප්‍රශ්ණත් කියෝලා, ඇත්තටම එහෙම කරලා නැති නිසා, "ඔව්/නෑ" කියන විකල්ප දෙකෙන් "නෑ" කියන එක කපලා, "ඔව්" කියන එක ඉතුරු කරගෙන එතන කරගත්තු සංගෙඩිය ගැනවත්, නර්ස් නෝනා කෙනෙක් ඉන්න ඇඳ ගාවට ගිහින් ලේ දෙන්න පෙරුම් පුරාගෙන ඉද්දි, පොරව පිරිමි ඇටෙන්ඩන් කෙනෙක් ගාවට මහ අවාසනාවන්ත විදිහට වැ‍ටිච්ච එක ගැනවත්, පස්සෙ ඇදේ දිගා වෙලා "මචං එක්කො අපි ඇඳං මාරු කරගමුද?" කියලා මහ හයියෙන් අහපු එක ගැනවත්, ලේ දීලා ඉවර වෙලා සංවිධායකයෝ එක්ක ගෝරනාඩුවක පැටලිච්ච එක ගැනවත් ලියලා කොහොමත් මගේ අරමුණට ජයගන්න බෑනෙ.

ඒ කරුණු එහෙට මෙහෙට කරලා ලිව්ව උනත්, එදා උදේ වෙච්ච ගෝරනාඩුව මොකද්ද කියලා චැට් එකෙන් අහද්දි දුන්නු මේ උත්තරේ නම් මට කොහොමවත් බ්ලොග් එකේ දාන්න බෑ.


ඊටත් වඩා මේ ගැන අනිත් යාලුවන්ට මම කියයි කියලා හිතලා, පොර එදා රෑම චැට් එකට ඇවිදින් පත බේගල් ඇද බාලා මම ගැන. නමුත් ඒ ඔක්කොම "අලුයම ලූ කෙල පිඩක් සේ" ඉවත දාලා මම සහෝදරත්වෙන් ආරාධනා කලා සියල්ල අමතක කරමුයි කියන්න. මේ බලන්නකෝ, මිනිහා කොච්චර මනස්ථාප වෙලාද එයා කරපු දේවල් ගැන.


ඉතින් ඒ වගේ දෙයක් මගේ අරමුණ කරා යන්න උදව් කර ගන්න මම කොහොමත් කැමති නෑ. ඒ නිසා ඒකත් මම අයින් කරන්න හිතුවා.

දැන් තේරෙනවනේ. බොරතෙල් ගැනවත්, ක්‍රිකට් ගැනවත් නිසි අවබෝධයක් නෑ. යාලුවා ගැන ලියලා යමක් කරගන්න පුලුවන් උනත් එයාගෙ නම කැතවෙන හින්දා ඒක කරන්නත් බෑ.

අන්න ඒකයි මට ලියමනක් දාගන්න බැරි උනේ.

“අලුත් ලිපියක් නැද්ද?, අලුත් කාටුන් එකක් නැද්ද?, සිරාවටම මොකද්ද මචං උඔට උනේ ? වයි ආ යු නිෂ්ශබ්ද? “ කියලා මං ගැන හොයලා බලපු අලුත් යාලුවන්ටයි, පරණ යාලුවන්ටයි ඔක්කොටම ස්තුතියි....! නොකිව්ට මොකද එහෙම අහද්දි, මට මාර මෙව්වා එකක් එන්නෙ.

එහෙනම් ළගදීම නැවත හමුවෙමු.

ඊ ලඟට ඕගොල්ලන්ට කියවන්න ලැබෙන්නෙ “කෙහෙල් කොටුවේ චූටි මහත්තයගේ“ කතා මාලාවක්. නිකම්ම නෙමේ සිත්තරත් බලන ගමන්....!

...................
- මීට යුරො දෙකේ වීරයා.

69 ක් කියන්නේ !:

  1. ඔයාට විතරක් නෙවෙයි අනේ,,,, හරි හමන් කතාවක් කාටුන් එකක් නොදාපු මේ වගෙ බොරු බේගල් කියවනකොට අපිටත් මෙව්ව වෙලා මෙව්වම වෙල යනවා....

    ReplyDelete
    Replies
    1. මොනවද බොරු බේගල්....! රවා ගැනද? සාක්ෂි ඇතුවයි දාලා තියෙන්නෙ....හෙහ් හෙ....!

      පොඩ්ඩක් ඉවසන්න. කෙහෙල්කොටුවෙ පොඩි එකාගෙ කතා පේලියක් ළගම එනවා....

      Delete
  2. දැනුයි තේරුනේ අලුත් කතාවක් දැක්කේ නැත්තේ මොකද කියලා. ඒත් ඔය අපූරුවට තෙල් ගැනයි, ක්‍රිකට් ගැනයි, යාලුවා ගැනයි ලියලා තියෙන්නේ.

    මම හිතුවේ ඔයාගේ යාලුවට 'රවා' කියන්නේ එයා රවාගෙන ඉන්න හන්දා කියලා. :D

    බොහොම ස්තූතියි අර පින්තූරේ ඔතනින් අයින් කලාට.:)))
    මම ඔක්කොටම වඩා බලන් හිටියේ ඒක අයින් කරනකල්.

    ReplyDelete
    Replies
    1. කන්ට ඕනෑ උනාම කබරගොයත් තලගොයා කරගන්නවයි කියන්නෙත් ඕකම වෙන්ඩැති....

      ඔයාට කියන්ඩ රවා කියන්නෙ අඳුරගන්ඩ වටින පොරක්. තත්පරයක් කතා කලොත් එයා එක්කලා පන්සිය පනස් ජාතක පොත කියෙව්වා වගේ තමා. එයා දැනුම සාගරයක්.....:p

      පින්තුරේ වැඩි දවසක් තිබුනෙ ඇයි කියලා අපි කතා නොකර ඉමු! :p

      Delete
    2. දැන් දන්නවා ඇයි පින්තූරේ තියාගෙන හිටියේ කියලා. හී හී...

      සුබ පැතුම් හොඳේ.

      Delete
  3. ඔය තියෙන්නේ ලියල . ඔන්න ඔහොම ලියන්න බැරි වෙච්ච එව්වා ගැන ලිව්වම නිකන්ම පොස්ට් එකක් . මට කනගාටු අර යාළුවා ගෙන් ගුටි කාල ආයේ කාලෙකට චුටි මහත්තයට පොස්ට් එකක් ලියන්න බැරි වෙන එක ගැන .

    ReplyDelete
    Replies
    1. ගුටි කන්නැ කියලා ශුවර් කරගත්තු පොරක්ව තමා මම මේ විවේචනය කරලා තියෙන්නෙ...

      ඇත්තම කිව්වොත් මේක විවේචනයකුත් නෙමේ. සිද්ධිය විස්තර කිරීමක් පමණයි නොවැ...

      Delete
  4. සෑහෙන කාලෙකට පස්සෙ ඔය ඇවිත් තියෙන්නෙ ආයෙම.

    ReplyDelete
    Replies
    1. එහෙමයි කිරිපුතා.....

      Delete
  5. යකෝ මිනිස්සුන්ට ඔහොම මඩ ගහන්න එපා.. උඹට මඩ නොගහම බැරිනං අර ඉන්නෙ ඔබා, ආන්න ඒ වගේ එකෙක් අල්ලගනිං මේ කොහෙවත් යන අහිංසකයන්ව අමාරුවෙ දාන්නැතුව.. :D

    ReplyDelete
    Replies
    1. මහා භූරාභිධාන පුත්‍ර [බූරු පුතා] ක්‍රිකට් ගහන හැටි වගේද ?

      Delete
    2. බූරා,
      මඩක් කොහෙද බං! මේ සිද්ධි දාමය විස්තර කිරීමක් විතරයිනෙ...

      ඔබා,
      සිරාවට ඔබා මාමේ මෙයා ක්‍රිකට් ගහනවා ඔයා දැකලා තියෙනවද?

      Delete
  6. මාත් බල බලා හිටියේ ආයෙත් එන්නේ කවද්ද කියා.
    …මම බලාගෙන ඉන්නේ රවා මේක කියවලා කියන දෙවල් බලගන්ට . ඒවා හැමෝටම බලන්න ලැබෙන එකක් නෑ .
    …අපිටනම් බලාගන්ට පුලුවන්වෙයි :D

    ReplyDelete
    Replies
    1. රවා වචනයක් කිව්වෙ නෑ. ඒ අතින් මිනිහා ගෙරෙට් පොර. ඇත්ත කියද්දි අහගෙන ඉන්නවා.

      Delete
  7. එක දෙයක් ගැන ලියන්න බැරි උනාට හැමදේම ගැන එකට ලියන්නනං උපරිම හැකියාවක් තියෙනව.

    ReplyDelete
    Replies
    1. කොහොමත් අපි වැඩ අනාගන්ට උපන් හපන්නෙ.... ඒකෙන් වත් ප්‍රෙයෝජනයක් ගන්න එපැයි.

      Delete
  8. ඒක හොඳයි දැන් චිත්‍ර කතා පත්තරත් නැති එකේ. නිකන් ගජමෑන් සිරිබිරිස් වගේ එකක් නම් මරු. ලව් කතා නම් එපා පුතේ. සයුබර් සැනකෙලියෙදි මුට්ටියට නොගහා ඔළුවට හගනවා උඹේ..

    ReplyDelete
    Replies
    1. මාතලන්, ඊලඟට එන්නෙ කෙහෙල්කොටුවේ චූටි මහත්තයගේ කතා. උඔ ඒවා කියෝලා නැතිද?

      අන්න වෙනම කාණ්ඩයක්ම තියෙනවා....

      Delete
  9. ඇති යන්තං උඹ ආවා. පෝස්ට් එක කියවන්නත් ඉස්සෙල්ලා මේ කමෙන්ට් එක දැම්මෙ. උඹ මේල් බැලුවා නම් දකින්න ඇති මගෙ මේල්.

    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. මම මේල් එක දැක්කා. දිග විස්තරේකුත් එව්වා. ලැබුනෙ නැද්ද? ලියමනේ මාතෘකාව දැක්කහම උඔට හිතාගන්න බැරි උනාද? යාලුවා !!!

      Delete
    2. ආආආ... බොරුනං කියන්න එපා චූටිමහත්තයා. උඹ එවපු රිප්ලයි එකක් නෑ. සමහරවිට වෙන එමේල් එකකට යැවුවද? නැතිනම් උඹ ලේ දීලා මොලේ අඥාඥකොරොස් වෙලාවත්ද? උඹට අර කාටූන් එක ලැබුනද? ඒකට මොකද කරන්නෙ?

      Delete
    3. බොරු! ඔන්න එහෙනම් ආයි එව්වා...... කාටුන් එකක් ලැබුනෙ නෑ!

      Delete
    4. සමාවෙයන් බුද්ධි මම බැලුවෙ යාහූ. ඔන්න කාටූන් එක ආයෙම එව්වා.

      Delete
    5. අපි නං ගූගල්. අපි අධිරාජ්‍යවාදී කුමන්ත්‍රන කරුවෝ එක්කලානෙ ඉන්නෙ...

      සිත්තරේ ලැබුනා. අවස්ථාවක් ලැබුනු හැටියෙ දානවා.

      හෙහ් හෙ....

      Delete
  10. පෝසට් ලියන්න කරුණු නැතිවෙද්දි ආදර්ශයට ගන්න කියවන්න කියලා මම මේක තරුවක් එක්ක ටැග් කලා..
    කරුණු නැතිවුනත් පොස්ටු ලියන්න බැහැයි කියලා හිතලා අධෛර්යමත් වෙන්න නරකයි..

    ReplyDelete
    Replies
    1. අන්න එහෙම තමා ඉන්ඩ ඕනේ.... දන්නවනේ මම කව්ද කියලා... ආදර්ශෙට ගත්තා කියල ආයි වැරදුනේ නෑ කාටත්...දන්නවනේ....

      “මං කිව් දෙයක් හරි ගියේ නැත!“

      Delete
    2. අපිට බුද්ධි .. බුද්ධි අපට...
      පොඩ්ඩක් ටැපලුනාද මන්දා..
      තිති දෙකයි කැපිටල් ඩී!

      Delete
  11. කොහොම හරි ලියන්න බැරි ඒවගෙන්ම පෝස්ට් එකක් දාලනෙ...:))

    රවා අයියා මාර වැඩනෙ කරන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඔන්න හිතට ගන්න කරනවනං....

      Delete
  12. රෙදි ගලවලා නේද ප්‍රසිද්ධියේම. අන්න එහෙමයි යාළුවො වුනාම.:) ඒක නෙමෙයි බුද්ධි අයියේ. මම මේකේ තියන ඊමේල් එකට ඊයක් එව්වා. තාම උත්තරයක්‌ ලැබුනේ නෑ. ඒක බලලා උත්තරයක්‌ එවන්නකො................

    ReplyDelete
    Replies
    1. මේ වෙද්දි නං කස්සට උත්තර ලැබිලා මං හිතන්නෙ.... අපි ඇවිල්ලා යාලුවෝ නෙමේ හොඳම යාලුවො.... දන්නවනේ ඒ වගේ අය ගැන...

      Delete
  13. මොකුත් වෙලා නෑ වගේ.... හා හා මම නම් ආස කාටුන් බලන්න......................

    ReplyDelete
    Replies
    1. හරි හරි.... කාටුන් වලට තමා මමත් කැමති...!

      Delete
  14. චැට් වල යද්දි මඩය මඩය කියලා හිතුවට එහෙනම් එහෙම්මම තමයි වෙලා තියෙන්නෙ ලේ දන් දෙන්ඩ ගිහින් ඩබලට... හනේ සංසාරේ....!!!

    ReplyDelete
    Replies
    1. ඩබලට කිව්වට පොරට තමා උනේ..... අපි නං කොහොමත් වැදගත් ළමයිනෙ...

      Delete
  15. හා... එහෙනං මේකයි සිද්ධිය... ලේ දීල පණ නැති වෙලා ඉඳල තියෙන්නෙ..

    අර යාළුවගෙන් ගුටි කාල තව සති දෙක තුනකට කතන්දර නැති වෙයි වගේ මට නං පේන්නේ..

    ReplyDelete
  16. හා... එහෙනං මේකයි සිද්ධිය... ලේ දීල පණ නැති වෙලා ඉඳල තියෙන්නෙ..

    අර යාළුවගෙන් ගුටි කාල තව සති දෙක තුනකට කතන්දර නැති වෙයි වගේ මට නං පේන්නේ..

    ReplyDelete
    Replies
    1. පිස්සුද අනේ..... මිනිහා වියත්නෙ. අපිත් එක්ක පැටලෙන්ඩ එන්නෙ නෑ. බුද්ධිය මෙහෙයවලා බලන්ඩ ඇති පැටලුනොත් මොනයින් මොනා වෙයිද කියලා.

      Delete
  17. මොනාද බන් අහල පහල යාලුවට සලකන විදිහ තමා නේද මේ බ්ලොග් පෝස්ට් එකෙන් ප්‍රදර්ශනය වෙන්නේ.. කොහොම හරි උබ ලේ දෙන්න ගියේ මොනා බලාගෙනද

    ReplyDelete
    Replies
    1. ඩිලන්,
      මං නං ලේ දෙන්න ගියේ රවා බලාගෙන. මොකෝ මම පාර දැනගෙන හිටියෙ නෑ.

      Delete
  18. ක්‍රිකට් ගැන බැරිම නම් බෙඩ් ක්‍රිකට්, පොකෙට් බිලියර්ඩ්, ගැන ලියහන්

    ReplyDelete
    Replies
    1. ප්‍රශ්ණයක් ඇහුවට කමක් නැද්ද දන්නෙ නෑ...

      Delete
    2. පොටෝසොප් නේද..? මේකනම් වෙන්ඩ බෑ... :D

      Delete
    3. @ නවම්,

      අහන ප්‍රශ්නයක් ඊයකින්ම අහපං.. ඔවුවා ප්‍රසිද්ධියේ අහලා මේ වයසක මනුස්සයාට හාර්ට්-ඇටෑක් හදන්නැතුව.. ;)

      Delete
  19. අඩේ ඒකනම් මරු.. දැන් චිත්තර කතා පත්තර නැති හින්දා මෙහෙමවත් බලන්ඩ.. මටත් ඔහොම එකක් කරන්ඩ අදහසක් ආවා.. කොහෙද ඉතින් චිත්තර අදින්ඩ බෑනේ...

    බලා සිටිමි.

    ReplyDelete
    Replies
    1. Senna,
      චිත්‍ර කතා අපේ රටේ නැති උනාට මොකද, ඔන් ලයින් චිත්‍ර කතා, කාටුන් නම් ඕන තරම් තියෙනවා නෙට් එකේ.

      මම මේ දවස් වල ඒ කතාව ලියාගෙන යනවා. චුටි මහත්තයගේ පරණ කතා කියෝලා තියෙනවද සෙනා...! ඒවත් පුලුවන් උනොත් කියෝලා පොර කව්ද කියලා බලලම ඉන්න....

      අපි නං දන්නවා සෙනා කව්ද කියලා... කුරුන්ද දිහැ නේද ඉන්නෙ

      Delete
    2. ඔන්න බලපන් මම ඔක්කොම කියෙව්වා.. දැන් මම දන්නවා උන්දැගෙ හැටි හොඳට..

      Delete
  20. @බුද්ධි..

    දිවියම කාපිය තෝව... හම්මෝ ..මැරුනත් තෝත් එක්ක නම් චැට් කරන්නෙ නැහැ මම වැරදිලාවත්. වේලෙන්නත් කලින් පත්තරේ...

    ReplyDelete
  21. හි..හි.. මේක එක පෝස්ට් එකක්ද පෝස්ට් ගොඩක්ද?

    මාර කරකැවිල්ලක්නෙ කැරකුනෙ...

    ReplyDelete
    Replies
    1. තරු,
      බයවෙන්ට එපා දරුවා. කතා කරලා බලන්ඩකෝ....මෙහෙම හිටියට අපි හෙන අහින්සකයි....!
      ______

      හරී,
      මේක ඇවිල්ලා පෝස්ට් එකක් නැති කමට හදපු පෝස්ට් මසාලා එකක්!

      Delete
  22. අර ෆේස්බුක් අකුරු මට නං පැහැදිලි මදි!

    ReplyDelete
  23. හිහි සිරා බුද්ධි අයියා :D :D

    ReplyDelete
    Replies
    1. කතන්දර,
      කතන්දර එතන තියෙන්නෙ,

      ලේ දන් දුන්නු තැන අලලා මා විසින් කරන ලද ප්‍රකාශ සියල්ලටම මම ප්‍රසිද්ධියේ සමාව ඉල්ලනවා.... තව දුරටත් ප්‍රකාශ කරනවානම් මිතුර වෛරයෙන් වෛරය නොසන්සිදේ...
      කියලා
      ____

      සහෝදරයා,
      එසේම වේවා සහෝධරයා

      Delete
  24. නියමයි අයියේ එලම තමා....මේ එන්නේ චිත්‍ර කතාවක් නේද?????? දීර්ඝ නිහැඬියාවක් තිබ්බේ මේකයි එහෙනම්....ඒක නෙමේයි අයියේ තහනම් අඩවිය බ්ලොග් එකේ කාටුන් පිටරට චිත්‍ර කතා සීරිස් එකක් සිංහලෙන් දාලා තියෙනවා....

    http://harshana-bc.blogspot.com/2012/03/architect.html

    මම ඒ අයියට කිව්වා ඔයාගේ සහයෝගයත් අරගන්න පුළුවන් වුනොත් ලංකාවේ කියලා දෙයක් දාන්න බලන්න කියලා....එහෙම කරන්න පුළුවන් වුනොත් නියමයි ඈ....මේ ස්ටයිල් එක පට්ට ගති...

    අර අන්තිම බුකියේ පින්තූරය නම් අපැහැදිලියි....ක්‍රිකට් ගහපු හැටි නම් අපේ පොඩි කාලේ වගේමයි වතු අවුට් හැබැයි වත්තට පනින්නේ නැතිව බෝලේ ගන්න පුළුවන්නම් නොටවුට්...ගස් කැච් අවුට්

    ReplyDelete
    Replies
    1. ගැමියාගේ නොවරදින දිරිමත් කිරීම ගැන සතුටුයි!

      බලමු මොකක් නමුත් කරන්න.

      ක්‍රිකට් ගහද්දි අපි නං බෝලෙන් බාගෙකට වැඩිය වැටපැනල නම් එයා අවුට් කරනවා. ඉතිං ඔය බාගෙ මනින්න ගිහාම ඇතිවෙන තත්වෙ ගැන නං ඉතිං කියන්න ඕන නෑනේ....!

      Delete
  25. අම්මෝ යන්තම් ඇති.චුටි මහත්තයාගේ කතා ළඟදීම කියවන්න ලැබෙනවා නේ.

    ReplyDelete
    Replies
    1. ඔව් අසරණයා...... නැත්තං අපිව අමතක වෙලා යයි නොවැ

      Delete
  26. මොකුත් ලියන්නේ නෑ ලියන්නේ නෑ කිය කිය තෝ තියන සේරම ගැන ලියලනේ! උඹත් නරකම නෑ දේශපාලනේට!

    ReplyDelete
    Replies
    1. මං හිතාගෙන ඉන්නෙ යුරෝපා සංගමේට ඉල්ලන්ඩ මේ පාර....

      Delete
  27. ඔහොම පැත්තක ඉන්න අහිංසකයින්ව අල්ලගෙන තලා පෙලා පීඩා කරනවට වඩා නරකද අර ඔබා වගේ පදං වෙච්ච හමකට තඩිබෑවනං ????

    ReplyDelete
    Replies
    1. පැත්තක ඉන්න අහිංසකයා? හෙහ්.... මුව හම පොරෝගත්තු කපටියා..

      Delete
  28. අනේ අම්මපා මේ කියන බේගල් වල හැටියට “තෝ වගේ තව එකෙක්“ හිටියා නම් මේ බ්ලොග් ලෝකෙම ඉවරයි. ඔය ඕනයා කියන විධියට අර අහිංසක ඔබා ව අල්ල ගන්න එපා බං. පව් මිනිහා.

    ReplyDelete
    Replies
    1. ඉෂාර,

      මිනිහා කරන දේවල් වලට මඩ ගහලා ඇතැ.....

      Delete
  29. අර තෙල් කවි ටික නම් මරු !!!

    ReplyDelete
    Replies
    1. මධුරංග,

      කව්ද හිතුවෙ නේද සිරිමත් ළමයට ඔහොම වෙයි කියලා...

      Delete
  30. ලැබූ ජයග්‍රහණයට උණූසුම් සුභ පැතුම් සයිබර් යායේ චූටි මහත්තයෝ........

    ReplyDelete
  31. චුටි මහත්තයා ආපහු එනවනම් කොච්චර දෙයක්ද

    රටේ ලෝකේ දේවල් ගැන විග්‍රහ ලියන්න තරම් අපේ දැනුම මදී ඇති බං
    ඒකට හිතේ කැකෑරෙන ලොකු මෙව්වා එකකුත් තියෙන්න ඕනේ මගේ හිතේ..... ;)

    උඹ විතරක් නෙමෙයි බං මමත් මේ දවස ටිකේ මිසින්...
    පෝස්ට් එකක් දාන්න හිතෙන්නේ නැහැ, මොකක්දෝ මන්ද අවුලක් තියෙනවා.... :(

    ReplyDelete
  32. බුද්ධි හදපිරි සුභ පැතුම් උඹේ ජයග්‍රහණයට. තව තවත් මේවගේ රසවත් පෝස්ට් කියවන්න බලාගෙන ඉන්නවා. කොහෙද ඔය නිල ප්‍රතිඵල ඇත්තටම තියෙන්නෙ?

    henryblogwalker the Dude

    ReplyDelete
  33. අහිංසක මාව තලලා උඹ ගත්තු සම්මාන වලින් වැඩක් නැහැ.. බන් බුද්ධි... ඇයි උඹ මාව මෙ වගෙ තැලුවෙ.. :D:D

    ReplyDelete

ඔබේ පංගුව...

...................................................................

Related Posts Plugin for WordPress, Blogger...