2016/07/11

කඳුකර ගමන ! - සයිබර් යාය චිත්‍ර කතාව 03 මෙන්න ආවා...!

වැඩි කතා නැතුව මෙන්න අද තුන්වෙනි චිත්‍ර කතන්දර ය. 

කඳුකර ගමන


තුන් වෙනි කතාව ඉවරයි.

මේ කතා මාලාව අලුතින් පටන් ගත්තු නිසා මේ තියෙන්නේ ඒ ගැන පොඩි විස්තරයක්.

සයිබර් යායෙන් ඔබ හමුවට එන කෙහෙල් කොටුවේ චූටි මහත්තයා මීට දශක තුනකට විතර එපිටින් තමන්ගේ ළමා කාලය ගෙවා දාන්න පටන් ගත්තු දරුවෙක් කියලා ඔයගොල්ල දන්නවා. හැබැයි අද පටන් ගන්න මේ චිත්‍ර කතන්දර වලින් කියවෙන්නේ වර්තමානයේ තමන්ගේ ළමා කාලය ගෙවමින් ඉන්න දරුවෙකුගේ අද්දැකීම්!

මේ චිත්‍ර කතන්දරය ඔයාලගේ දරුවන් ට  පෙන්වන්න තරම් සුදුසුකම් සපුරලා කියලා හිතුනොත් දරුවන්ට පෙන්වලා ප්‍රතිචාර අපටත් කියන්න. තව අයටත් බලන්න, දන්න කියන තැන් වලට ෂෙයා කරන්න.

:::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::

මේ තියෙන්නේ පුංචි කතන්දර මාලාවේ පළමු කතන්දරය
http://cyberyaya.blogspot.com/2016/05/blog-post_26.html


මේ තියෙන්නේ පුංචි කතන්දර මාලාවේ දෙවෙනි කතන්දරය
http://cyberyaya.blogspot.com/2016/06/02.html


66 ක් කියන්නේ !:

  1. Replies
    1. ඒසී එක ඕෆ් කරගන්න. හැක්..

      Delete
  2. දරුවන්ගේ සතුට අපේ සතුටයි.

    ReplyDelete
    Replies
    1. දැන් අද්දෑකීමෙන් දන්නවා නේද?

      Delete
  3. හරිම අපූරුයි චූටි මහත්තය, කන්දෙ ඉදන් පල්ලම් බහින කොට ඇතිවෙච්චි කුතුහලෙන් පිරිච්ච ළමා කාලෙ මතක් උනා.
    මාත් නිවාඩු කාලෙ ගම්පහ ඇවිත් , කුඹුරු ගැන, ගංවතුර ගැන , අවුරුදු උතසව ගැන අටෝරාසියක් කතන්දර මගෙ නුවරඑළියෙ යාළුවන්ට කියනව ඒත් උන් පුදුම වෙන්නෙ පැය ගානක් ඇලට පැන පැන නාන එක ගැන, අයිස් වතුර වැටුන පීල්ලක් තිබ්බ එවුන්ට පුදුම හිතුන කතන්දරේ පිනුම් ගහල නාන්ඩ පුලුවන් රස්නෙ වතුර තිබ්බ වෙල මැදින් ගලාගෙන ගිය ඇල සහ පිටාර ගලන ඔය.

    ReplyDelete
    Replies
    1. කම්මල,

      කියන කාරණාව තේරුම් ගන්න පුලුවන්. ඒකට මේ කතාවට අමතරව පොඩි කතාවක් කියන්නම්. අපේ කුරුලු හමුදාවේ යාලුවෙක් හිටියා. මිනිහා ගාල්ලේ. අපි කෝස් එකට දියතලාවේ ගිය වෙලාවේ එහේ දැරිවියක් එක්ක පැටලුනා. අන්තිමේ එයාලා බැන්දා. මේ ළමයා කවදාවත් ටීවී එකෙන් ඇරුනම මුහුද දැකලා තිබුනේ නෑ. විවාහයෙන් පස්සේ මිනිහා කන්දේ ඉදලා කෙලින් ම ගාල්ලට එක්කගෙන ගිහිං කෙලින් ම එක්කගෙන ගියේ මුහුදට.... අන්න අද්දෑකීම් අවුරුදු විසි ගාණක් මුහුද දැක්කෙ නැති එක්කෙනෙක් මුහුද දැක්කා කිව්වාම.... අර කම්මලගේ යාලුවොන්ට සැප සනීප වතුර ගැන හිතා ගන්න වැරි වුනා වගේ තමා....

      Delete
  4. හරිම අපූරුයි... පුතා ඉස්කෝලෙ යනකන් ඉවසිල්ලක් නැතුව ඉන්න ඇති නේද ගමන් විස්තර කියන්න...

    ReplyDelete
    Replies
    1. තුශානි,

      ඔව්.... මිනිහා පුදුම වෙවී මේ දෙවල් දකිද්දි ඒවා මිනිහගෙ ඔලුවට කිදා බහිනා හැටි මම බලාගෙන හිටියා.... හරියට අපේ තාත්තා වගේ.... :)

      Delete
  5. මරේ මරු .
    තාත්තා මල්ගුඩි දවසේ ඉන්න තාත්තා කෙනෙක් වගේ ..හැක

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි.

      තමුන්නැහේ නම් අර සිංදුවේ ඉන්න හොරැහින් බලන කොලු ගැටයා වගේ.....

      Delete
  6. කතාව චිත්‍ර හැමදාම වගේ ලස්සනයි

    ReplyDelete
    Replies
    1. නිර්නාම,

      බොහෝ ම ස්තුතියි!

      Delete
  7. සතුටයි දුකයි ඇරුණම ඇස් වලට කඳුළු උනන කාරණා කොච්චර තියෙනවද නේද?

    ReplyDelete
    Replies
    1. ඒකනේ තිස්ස අයියා කියන්නේ.....!

      Delete
  8. වාසනාවන්ත දෙමව්පියෝ ඉන්න වාසනාවන්ත දරුවෙක්. මට මගේ පුංචි කාලේ මතක් වුනා. මගේ අම්මයි තාත්තයි මම වෙනුවෙන් නොකරපු දෙයක් නෑ. අදටත් එහෙමම තමයි.

    ReplyDelete
    Replies
    1. චූටි,

      ඔව්. පුලුවන් තරම් කල් පුලුවන් හැමදේම කරන්න යි බලාපොරොත්තුව.... අපි හැමදම මේ විදිහට ඉන්නේ නෑනේ!

      Delete
  9. හැමදාමත් වගේ අදත් නියමයි. පුතා ඉස්කෝලෙ ගිහිල්ල දෙන්න ඇති ඇට්ටි හැලෙන්න.

    අර සෘෂි බුවා අතුරුදන් උනේ පුටුව පල්ලෙ වැටිල ද?

    ReplyDelete
    Replies
    1. ප්‍රසා, ඔය සෘෂි බුවාට පුලුවන් ඇගිලි මාරු කරන්න, කෙස් ගහක් එක කණකින් දාලා අනකින් ගන්න, සල්ලි අතුරුදහන් කරන්න වගේ දේවල්.... අහල පහල පොඩි වුන් මේ බුවාට මාර භක්තිය....!

      Delete
  10. හෝර්ටන් තැන්න මේ තාත්තටයි පුතාටයි නම් සීතල තැනක් නෙමෙයි වගේ...

    ReplyDelete
    Replies
    1. හෝටන් තැන්නෙ මොන සීතලද. රෑ නමයට විතරයි උදේ පහමාරට විතරයි සරමක් විතරක් ඇඳගෙන එලියට බැහැල හිටපු අපිට. (රෑ නං හැබැයි හොඳ සිහියෙන් නෙමෙයි කියල දන්නවනෙ.) හැක්..

      Delete
    2. තිසර,

      හොර්ටන් තැන්නේ සීතල පාන්දරට දරා ගන්න එක ලේසි නෑ. ඒත් ටිකක් එලිය වැටෙද්දි සමහර දවස් වලට හොඳටම රස්නේ වෙනවා. දන්නවත් ඇති. ලංකාවේ උන්දලා වැඩිහරිය එන්නේ හොඳට නිදාගෙන කාරිය නවයට දහයට විතර. ඔතෙන්ට යන්න ඕන පාන්දර පහට විතර. එතකොටයි හෑම දේම බලාගෙන විඳගෙන එන්න පුලුවන්. අනිත් අතට මගේ විකාර ප්‍රතිපත්තියක් තියෙනවා සීත පැත්තේ සීත විඳින්න ඕනේ, රස්නෙ පැත්තේ රස්නේ විඳින්න ඕන කියලා. උදාහරණයක් විදිහට වැස්ස දවස් වලට ගෙදර එද්දි මම තෙමී තෙමී එන්න කැමතියි. මේකත් ඔන්න ඔහොම දෙයක්.

      ...........................

      ප්‍රසා,
      හොඳ සිහියෙන් නෙමෙයි කිව්වේ.... ගෝන්නු ඇන්නාවත්ද? :D

      Delete
    3. ගෝන්නු නෙමෙයි බොල හතරැස් බෝතල් වලින් ඇනල. අපි සෙට් එකක් ගිහිල්ල දෙපාරක් ඕකෙ රෑ නැවතිලා හිටිය.

      Delete
  11. සුපිරි! ගොඩාක් හොඳ තාත්තා කෙනෙක්! සමහර වෙලවට මට මම ගැනම ලැජ්ජයි ඔය වගේ වෙන්න බැරි වීම ගැන!

    ReplyDelete
    Replies
    1. කුෂාන්, ලොකු පුතා,

      දෙමාපියන් කරන රැකියාව වගේ දේවල් එක්ක ඒ කාරණා වෙනස් වෙනවා නේද? මමත් ඕනම වෙලාවක මේ දේවල් වෙනස් වෙන්න පුලුවන් කියලා හිතාගෙන පුලුවන් දේවල් කරන්නේ... වෙන කරන්න දෙයක් නැනේ....! බොහෝම ස්තුතියි.

      Delete
  12. “අපූරු තාත්තා“
    අපටත් ඉගෙනගන්න දේවල් එමටයි.

    ReplyDelete
    Replies
    1. එහෙනං එහෙනං....! සුමිත් මහත්තයාගේ පැමිණීමනං ඉතා අගෙයි.

      Delete
  13. අපූරුයි මලේ , තවත් “කතා“ කියවන්න පෙර මග බලා සිටිනවා :)

    ReplyDelete
    Replies
    1. මහේෂ් අයියා,

      දිරිමත් කිරීම ගැන තුති! හැකි හෑම අවස්ථාවක් ම ඒ සඳහා යොදවන්නම්.

      Delete
  14. මේ කතන්දර පෙළ පොත් වශයෙන් එළි දක්වමු, භාෂාව පොඩ්ඩක් හැදුනනම් හොඳයි ළමයින්ට ගැලපෙන්න...

    ReplyDelete
    Replies
    1. ලොකු පුතා,

      බොහෝම ස්තුතියි. ඔයගොල්ල තමයි නිවීගෙන යන ගින්නට පිදුරු දාන්නේ..... :D

      Delete
  15. ලෝඩ් වෙන්නෙම නෑනෙ !

    ReplyDelete
    Replies
    1. තව ටිකක් ට්‍රයි කරන්න.

      Delete
    2. කුකුල් බෙටිත් බේතට ඕනා වෙනවා කියනව නේ... අනිතිමට වැඩේ ගොඩ දාගත්තේ, බල්ලෙකුට වැඩක් නෑ, මෙලෝ රහක් නෑ කියලා බලන්නෙත් නැතුව අහක දාලා තිබුන ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරා එකෙන්... ඕන් ඒකෙත් හැටි....

      කතාව නම් හරිම අපූරුයි...තාත්තගෙ නිර්මාණශීලී හැකියාව තියෙන්නෙ බ්ලොග් ලියන්න හා චිත්‍ර අඳින්න විතරක් නෙමේ, ළමයිට හිතට වදින විධිහට ගුරු හරු කම් දෙන්නත් පුළුවන් කියලා මේකෙන් මොනවට පේනවා..

      ඊළඟ චිත්‍ර කතන්දරේ එනකම් !

      Delete
    3. සෙන්නා,

      බොහෝම ස්තුතියි. ඊලග චිත්‍ර කතන්දරේ හැකි ඉක්මනින් පල කරන්නම්.... දැන් පරිනත බ්ලොග් කරුවෙන් හන්දා අර අමීර් ඛාන්ලා වගේ මමත් මාසෙට එකයි පබ්ලිෂ් කරන්නේ.... වෙලාව නැති කමට නෙමෙයි, පරිනත කම නිසා හරිද?

      Delete
    4. කරන දෙයක් කරුවෙන් බැහැලා කරහන්. :D

      Delete
  16. ඇත්තෙන්ම අපූරුයි. අර ගෙවල් දෙකක් ඇඳල පස්සෙ ක්‍රමයෙන් පරිසරය සම්පූර්ණ කරපු විදිය, අලුතෙන් දෙයක් ඉගෙනගන්න උනන්දුවන, ඒ ගැන හිතන - කුතුහලයෙන් පිරුණු දරුවෙක්ට ඒ දේවල් තේරුම් ගන්න සෑහෙන්න රුකුලක් කියල මට හිතෙනව. ඒ වගේම වයස් භේදයක් නැතුව පාසල් නිවාඩු කාලය ටියුෂන් පන්තිවලටම සීමා වන අද කාලෙ දරුවන්ට පරිසරය-ස්වභාවදහම විඳින්න, විඳගන්න මෙහෙමවත් අවස්ථාවක් ලැබෙන එකත් ලොකු දෙයක්.

    ReplyDelete
    Replies
    1. ඩීඩීටීගේ කමෙන්ටුව මගේ මහන්සියට ගෙවපු නිසි වටිනාකමයි. එච්චරයි කියන්න තියෙන්නේ.

      Delete
  17. මේක හරිම අපූරියි බුද්ධි. මම අනිවාර්යයෙන් මගේ දුවට පෙන්වනවා. කියවන්න වෙන්නේ මටම තමයි(සිංහල කියවන්න කම්මැලියි. මට ඒ ගැන දුකයි). පුංචි දෙයක් තියෙනවා එකතු කරන්න. මේ වගේ ගමනක් යත්දී -එත්දී කන් අගුල් වැටෙන එක ගැන පොඩ්ඩක් ලියවුණානම් මරු.

    ReplyDelete
    Replies
    1. මටත් ඕක හිතුන, ගොඩක් වෙලාවට කන් අගුල් වැටිල දැනෙන්නෙ ඔය කියපු දිග බිං ගේ හරියෙදි තමයි.

      Delete
    2. සුදීක, කම්ම්ල,

      බොහෝම ස්තුතියි කතාවට බරසාර විදිහට සම්බන්ධ වුනාට. කණ් අගුල් වැටීම ගැන නොකියන්න තීරණය කලේ ඇයිද කියලා මම කල්පනා කලේ. ඒක අපෙන් පුතා දෙතුන් වතාවක් ඇහැව්වා. මම හිතන්නේ ඒකට දුන්නු ඇත්තම උත්තරේ මේ කතාවට ඇතුලත් කලේ නැත්තේ දිග වැඩිවෙයි කියලා හිතුනු අනිච්චානුක සිතිවිලි වල බලපෑම නිසා වෙන්නැති. අනිත් අතට හෝර්ටන් තැන්නේ හති ඇරපු හැටි, කකුල් රිදිලා තාත්තගේ කරේ ගමන් කළ හැටි වගේම එන ගමනේ දී කිරි ගොවිපලේ දැකපු වින්ඩ්ටර්බයින් ගැන විස්තරේත් අයින් කලා. ඒ ඔක්කොම කලේ අර කාරණාව නිසා. ඒත් ඒවා එකතු කලානම් කියලාත් දැන් හිතෙනවා.

      බොහෝම ස්තුතියි ප්‍රතිචාර වලට සහ දියණියට මේ කතාව ගැන කියලා දෙන්න ගත්තු තීරණයට.

      Delete
  18. කාටූන් එකකින් පටන් අර, ටික ටික ඇනිමේෂන් වෙලා අන්තිමට සැබෑ නළු නිළියෝ රඟන්න ගන්න කතාවක්.

    ReplyDelete
    Replies
    1. ඩුඩ්ගේ, ප්‍රතිචාර ගත්තම මේක කෙටිම ප්‍රතිචාර වලින් එකක්. ඔව්!ඒ ෆෝ කොලේට ප්‍රින්ට් කරලා තැනි වුනත් අපි හිතාගෙන ඉන්නේ චිත්‍රපටි කරන්නයි.

      ස්තුතයි ඩූඩ්!

      Delete
  19. අනිත් ඉතා වටිනා ප්‍රතිචාර වලට හෙට පිලිතුරු දෙනවා. ස්තුතියි!

    ReplyDelete
  20. චිත්‍ර කතාව බලන්න වුනේ අදයි නොව.
    පුතා විතරක් නෙමේ කඳුකරේ ගමනෙන් මත් වුනේ අපිත් වශී වුනා ඒ ගමනට.ඔන්න මමත් හිතා ගත්තා නිවාඩුවකට කඳුකරේට යන්න.

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ කදුකර ගමන ලස්සන සහ නිදහස් අවාරේට ගියොත්. අවාරේදි වැඩි සීතල විතරයි. අනික්වා සාමාන්‍ය යි.

      Delete
  21. නියමයි බුද්ධි. මාත් මගෙ කොලු පැංචට ඔය වගේ තාත්තෙක් වෙනව කියල හිතාගත්ත.

    කෙහෙල් කොටුවෙ රොබින් හුඩ් කතාත් ලියන්ඩ, ඉදහිට හරි.

    ReplyDelete
    Replies
    1. ඩ්‍රැකී,

      තාත්තා කෙනෙක් කියලා දැනගත්තේ facebook එකේ ගිය සංවාදෙක දී. අපිත් ඉතින් පැත්තක් අල්ලගෙන බලාගෙන ඉන්නවනේ ඔය වගේ තැන්වල. :D

      ඩ්‍රැකිගේ කමෙන්ටුව හැබෑ දිරිමක් කිරිමක්. දැන් වෙලාව 12.23යි. මම හෙට උත්තර ලියන්න ඉද්දියි මේ කමෙන්ට් එක දැක්කේ. නිදිමතත් ගියා.

      කෙහෙල් කොටුවේ කතා ඩ්‍රාෆ්ට් එකේ තියෙනවා. ඒවාත් දාන්න හිතාගෙන ඉන්නවා.

      බොහෝම ස්තුතියි !

      Delete
    2. දිගට ලියනවනං,

      මං මේක කියෙව්වෙ රෑ කන ගමං. කමිං ම වං අතිං කමෙන්ට් එක කෙටුවෙ.

      මට හිතෙනව අපිට දෙමවුපියො දුන්න ආදරේ තේරෙන්නෙ අපි මවුපියො උනහමයි කියල. බුද්ධි ගෙ ලියවිලි වලින් මට පේනව ඒ පරිවර්තනය. මුල් කාලෙදි තරුණයෙක් තමංගෙ ළමා කාලය ගැන ලියන සැහැල්ලු ගතියට වඩා දැන් ලියන එව්වයෙ පේන්නෙ පුතාට හැම හොද දෙයක්ම ලබා දෙන්න උත්සාහ කරන තාත්තෙක්.

      බුද්ධිගෙ පුතා ලබපු වින්දනයම මාත් වින්දා හෝටන් තැන්නට ගිය එක ගමනිං. ඒක කොච්චර මගෙ යටි හිතේ තැන්පත් උනාද කියතොත්, මගෙ කතාවකත් ලිව්ව ඒ ගැන.

      Delete
    3. දෙමාපියන්ගේ ආදරය සංසාරයට මඟ වියදම ලු. අත්හරින්න බැරි බැඳීම්.

      ඩ්‍රැකීගේ බ්ලොග් එක මගේ රීඩරෙත් නෑ මට මතක හැටියට. දැන් යාවත්කාලින වෙන්න ඕන අවුරුදු හයක් පරණ රීඩරයක් තියෙන්නේ...! බොහෝම ස්තුතියි.

      Delete
  22. Replies
    1. දුමින්ද,
      බොහෝම ස්තුතියි

      Delete
  23. නියම සීරිස් එකක්... තව තියෙනවා නේද ඉස්සරහට..?

    ReplyDelete
    Replies
    1. ඹව් කතාවනම් තියෙනවා.... පුලුවන් වුනොත් දානවා. :D

      Delete
  24. නියමවැඩක් බන් . . කොල්ලට නිවාඩුව ඉවර වෙලා ආපු ගමන් පෙන්නනවා මේ ටික ඔක්කෝම

    ReplyDelete
    Replies
    1. දුකා, බොහෝම සතුටුයි. මේ වගේ කතාන්දර දුකාටත් එමට ඇති. ඒ කාලේ මට මතකයි විරුල් එක්ක ගමන් ගිය හැටි පින්තුර ෆේස්බුක් එකේ දාලා තියෙනවා......

      Delete
  25. අපූරුයි කතාව. පුතාගේ තාත්ත හරිම සොඳුරු පියෙක්. අපි හෝර්ටන් තැන්නට ගිය වෙලේ හරියට ඔය වගේම තැනක වතුරට බැහැල පින්තුරයක් ගත්ත. මම මේ දැන් ඒ පින්තූරේ බැලුව.

    ReplyDelete
    Replies
    1. අජිත් අයියා,

      බොහෝම ස්තුතියි. ඔව්! හෝර්ටන් තැන්න කියන්නේ, ඒ තැනේ වටිනාකම දන්නා අයට අමතක නොවන තැනක්!

      Delete
  26. අන්අතිම හරිය වෙද්යිදි නම්ය කුරුළු පැටියෙක්ගේ තමා පේන්නේ. නිදහසේ තටු විහිදගෙන. අම්මා හාමිනා අක්කා බර බරේ දැම්මේ නැතෙයි සීතයිල සෙමයිල සත්තුයිල ටයි ටයි කියලා.....
    අර සූ ගාලා ගණන් වැටෙන පොතේ ගාන පිරෙද්දි පන්සියපනස් ජාතක පොතටත් වඩා කතා ඇති. මරු.

    ReplyDelete
    Replies
    1. හා පැටික්කි පිළිගනිදි මන්දා, කඳුකරේ වනන්නරේ ඇවිදින්න කැමති හාමිනේ තමයි. මට තියෙන්නේ බැක් පැක් එකයි කොලු පැක් එකයි අරගෙන යන්න... හෙහ් හේ....

      Delete
  27. Replies
    1. අර වාහන වලින් ඉලලන් කන ගෝනා, පාන්දර වාහන දිහා පුදුමෙන් බලාගෙන ඉන්න ගෝන රංචු පොටෝ ගත්තා.... ඒක අපේ නංගි මකලානේ......

      Delete
  28. ආයෙ ඉතින් වසන්තෙ එනකම් ඉන්න එපෑයෑ මේකෙ කතාවක් කියවන්න...

    ReplyDelete

ඔබේ පංගුව...

...................................................................

Related Posts Plugin for WordPress, Blogger...