2016/06/20

අපූරු පොරොන්දුව ! ‍| පුංචි චිත්‍ර කතන්දර 02 ක මෙන්න ආවා...!

අද සයිබර් යායෙන් ඉදිරිපත් කරන්නේ පුංචි චිත්‍ර කතන්දර මාලාවේ දෙවෙනි කතාව.

මේ කතා මාලාව අලුතින් පටන් ගත්තු නිසා මේ තියෙන්නේ ඒ ගැන පොඩි විස්තරයක්.

සයිබර් යායෙන් ඔබ හමුවට එන කෙහෙල් කොටුවේ චූටි මහත්තයා මීට දශක තුනකට විතර එපිටින් තමන්ගේ ළමා කාලය ගෙවා දාන්න පටන් ගත්තු දරුවෙක් කියලා ඔයගොල්ල දන්නවා. හැබැයි අද පටන් ගන්න මේ චිත්‍ර කතන්දර වලින් කියවෙන්නේ වර්තමානයේ තමන්ගේ ළමා කාලය ගෙවමින් ඉන්න දරුවෙකුගේ අද්දැකීම්!

මේ චිත්‍ර කතන්දරය ඔයාලගේ දරුවන් ට  පෙන්වන්න තරම් සුදුසුකම් සපුරලා කියලා හිතුනොත් දරුවන්ට පෙන්වලා ප්‍රතිචාර අපටත් කියන්න. තව අයටත් බලන්න, දන්න කියන තැන් වලට ෂෙයා කරන්න.

ඒ වගේම මේ කතා මාලාවේ පළවෙනි කතාවේ මුද්‍රිත පොත ලබා ගන්නට කැමැත්ත විමසු අවස්ථාවේ විවිධ ප්‍රතිචාර ලැබුනා. ඇතැම් අය ප්‍රතිචාර ලබා දී තිබුනේ ඒවා කියවා බලා මකා දමන ලෙස ඉල්ලා සිටි ඉල්ලීමකුත් සමඟයි. මේ අවස්ථාවේ දී ඒ අයටත් මා විශේෂයෙන් ස්තූති කරනවා. ඒ ප්‍රතිචාර සැබෑ දිරිමත් කිරීමක්. ඒ වගේම දිනෙක මේ ලිපි මුද්‍රණ කරන්න තීරණය කළහොත් මේවා ලියා ඇති ආකාරයේ ඉතා සුලු වෙනස් කම් කරන්න සිදු වේවී. මොකද මේ ලිපි ලියා ඇත්තේ බ්ලොග් රසික රසිකාවියන්ට නිසා.

දැනට කතාව එච්චරයි.  

එහෙනම් මෙන්න චිත්‍ර කතන්දරේ -  අපූරු පොරොන්දුව!



:::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::

මේ තියෙන්නේ පුංචි කතන්දර මාලාවේ පළමු කතන්දරය

http://cyberyaya.blogspot.com/2016/05/blog-post_26.html
 
මේ තියෙන්නේ පුංචි කතන්දර මාලාවේ ඊලඟට පලවෙන්න තියෙන කතාව

අපූරු ගමන




44 ක් කියන්නේ !:

  1. Replies
    1. බොහෝ ම ස්තූතියි!

      Delete
  2. අපූරු කතන්දරයක්. අපිත් ළමා කාලයට ගෙනයන ඔබට බොහොම ස්තුතියි මහත්මයා.

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි කෙන්කියුෂා!

      Delete
  3. තාත්තගෙ අහස් යානය නම් සුපිරි. නිවාඩු දවසක හදලා බලන්න හිතෙනවා. (ඒත් දැන් පුතා ලොකුයි. )
    පින්තූර ටික පෙන්නලා එයාට කතාව කියලා බලන්නම් ප්‍රතිචාර කොහොමද කියලා. චිත්‍ර ටික නම් අදකාලෙ ළමයෙක් ආස වෙන විදියට ඇඳලා තියනවා

    ReplyDelete
    Replies
    1. Ima S,

      නිවාඩු දවසක හදලා බලන්න.... ඒකටම ඇරුනේ නැත්තම් නිවාඩු දවස් දෙකම යනවා දන්නෙම නැතුව. කොක්පිට් එක එහෙම හදන්න ගියාම ඇඩෙනවා.හදාගෙන යද්දි rpm දක්වන මීටරෙත් ඕනෙ කිව්වා.

      පුතාට කියවලා දීලා බලන්න ප්‍රතිචාර කොහොමද කියලා.... බොහොම ස්තූතියි ප්‍රතිචාරයට.

      (තරහා අවසර, ඒක නෙමෙයි සමහර ප්‍රතිචාර කියවද්දි මට හිතෙනවා ඒවා කියවලා බලලා මකලා දාන්න....:D )

      Delete
  4. මේ මතක මේ විදිහට ඉදිරිපත් කරන එක නම් හරිම සුපිරියි.

    ReplyDelete
    Replies
    1. බ්ලොග් ලියන්න ගත්තු කාලේ අපි තනිකඩ! දැන් තාත්තලා. සීයලා වෙන්ඩත් පුලුවන් වුනොත් සමහර විට මුනුපුරාලා ගැනත් ලියන්න පුලුවන් වෙයි! අපොයි මතක් වෙද්දිත් අතපය වාරු නැතිවෙනවා!

      Delete
  5. ඇත්තම ඇත්ත අහස් යානාවයි නියමුවා ඉන්න ගැම්ම නම් සුපිරියි. මේක කියවලා මට කල්පනාවට ආවේ අපේ දෙමව්පියෝ අපි වෙනුවෙන් කරලා තියන මේ වගේ වැඩ වලට වඩා අපිට අපේ ළමයි වෙනුවෙන් මේ වගේ වැඩ කරන්න තියනවා නේද කියල එකයි...

    ReplyDelete
    Replies
    1. තිසර,
      ඔව්! ඒ කාලේ පොල්පිති හරක් දක්ක දක්ක හිටපු අපට තාත්තලා හදලා දෙනවා ගුඩු පොල් කරත්ත. අපේ තාත්තා ඒකට ස්ටීරියන් වීල් එකක් දාලා කැබින් දාලා මොඩිෆයි කරපු එකක් හදලා දුන්නා.... කාටද ආඩම්බර, මම ඒක කෙහෙල්කොටුවට අරගෙන ගියේ මයිකල් නයිට් වගේ....

      ඒ වෙලාවේ ඇති වුනු හැඟීම් විස්තර කරන්නෙ කොහොමද? ඉතින් පුතාටත් ඒක දැනෙන්න නම් ඒ වගේ දෙවල් කරලා දෙන්න වෙනවා. ඒක නිසා පුලුවන් වෙලාවට මේ වගේ දේවල් කරලා දෙන්න උත්සහ කරනවා. ඒත් අපේ තාත්තලාට වගේ නෙමෙයි කාලය අපිට කොච්චරවත් හරස් කපනවා.

      Delete
  6. ලෝකේ මෙතෙක් හදාපු හොඳම අහස යානය. ඒ ගැන ලියවුනු හොඳම කතාව. ඉතාම හොඳ තාත්තෙක් සහ වාසනාවන්ත පුතෙක්.

    ReplyDelete
    Replies
    1. බින්දි,

      ‘‘ලෝකේ මෙතෙක් හදාපු හොඳම අහස යානය. ඒ ගැන ලියවුනු හොඳම කතාව.‘‘

      මම ලියපු ලිපි 146 ට ප්‍රතිචාර ලැබිලා තියෙනවා 9024 ක් මේ වෙද්දි. ඒකෙන් මම ලියපු උත්තර වලට බාගයක් අයින් කලොත් ප්‍රතිචාර 4500 ක් විතර. මට ලැබුනු ප්‍රතිචාර වලින් එළ, පට්ට වගේ කමෙන්ට් හැරුනු කොට අනිත් ඒවා සේරම ඉතාම රසවත් හා දිරිගන්වන සුළු ඒවා. සමහරු ඉතාම රසවත් කවි, නිසදැස්, වැකි තමන්ගේ වටිනා කාලට ගත කරලා ලියලා තියෙනවා.මම ඒවා නැවත නැවත කියවනවා. ලිපි නොලියන කාලෙත් මම කලේ සීමිත වෙලාවක් හරි විවේකයකට ලැබුන ම ඉදලා හිටලා මම ම ලියපුවා කියවලා, ඒවයේ ප්‍රතිචාර කියවන එක. ඒ අය හැමෝට ම බොහෝමයක් ස්තූතියි කියන්න ඕන. නමුත් සයිබර් යායට වැටුනු කමෙන්ට් වලින් එක්ක කියන්න කිව්වොත් මට මෙතුවක් කල් එකවර මතකයට ආවේ දිල්ෂාරා වීරසිංහ ලියලා තිබුනු, “ලේ පිරිපහදු කම්හල - සයිබර් යාය“ කියන කමෙන්ට් එක. ඔව්! ඒවා වටින්නේ මට විතරක් වෙන්න පුලුවන්.

      ඒත් ඔයා දන්නවද, ඒ දුර්ලභ තෝරාගැනීමට දැන් මේකත් එකතු වුනා.

      Delete
  7. "තාත්තා තමා මේ ලෝකෙ ඉන්න හොඳම තාත්තා" කියලා එහෙම ඇහුනෙ නැද්ද?

    මේක මම fb එකේ දැක්කා වගේ ලා මතකයක් තියෙනවා.. ඒත් උඹ මගේ friend-list එකේ නැතුව එහෙම එකක් දැක්කෙ කොහොමද කියලා හිතාගන්ට බෑ..

    තනි පොතක් නැතුව පොත් සීරීස් එකක් හැටියට ගන්ට තියේ නම් අපිත් කැමැතියි‍‍..

    ReplyDelete
    Replies
    1. මේක FB එකේ දාපු එකක් තමයි. (කතාවක් විදියට නොවේ).
      බුරාගෙ ලිස්ට් එකේ ඉන්න කෙනෙක් බුද්ධිට ලයික් කළාම ඒ සමහර ඒව බුරාගෙ නිවුස් ෆීඩ් එකේ පෙන්නනව.

      Delete
    2. බූරා,
      "තාත්තා තමා මේ ලෝකෙ ඉන්න හොඳම තාත්තා" එහෙම කිව්වේ නෑ. ඒත් එහෙම හිතෙන්නයි මටත් ඕන. ඒක තමා අනාගත ආයෝජනය. මම කියන දේ බූරාට තේරෙනවා ඇති :).

      බූරා නිවාඩුවට ඇවිල්ලා ඉබාගාතේ කොළඔ ඇවිද ඇවිද ඉද්දි මම හොරෙන්ම රිකි කලාට මොකද, හරි නමක් ගමක් දන්නේ නැතිව කොහොමද මූනු පොතෙන් හොයා ගන්නේ... සමහර විට ප්‍රසන්න කියනදේ වෙලා ඇති....

      පොත ගැන කියනවා නම් බොහොම ස්තූතියි දිරිමත් කිරීමට. ඒ වගේම බලාගෙන ඉන්ඩ සීබිල් නැන්දා වගේ එක එක පොත කඩේට දානකල්! :D

      Delete
  8. අර බේසම හිල්කරපු එක ගැන තරහින් පුපුර පුපුර හිටපු අම්මත් වැඩේ ඉවර කරල ප්ලේන් එක ගුවන් ගත කළාට පස්සෙ ඒ තරහ අමතක කරල දැම්මලු. හැක්..

    නිවාඩු දවස් දෙක වගේද බං කොළිටි වැඩේ නෙ.

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න,

      ඔය බේසම් හිල් කරනවා වගේ වැඩ බොහොම භයානකයි. ඉදිරියේ එනවා ගෙදර තියෙන වටිනා කියල ඉලෙක්ට්‍රික් උපකරණයක් විද්‍යාත්මක කාරණාවක් පහදන්න ටිකක් විතර විකෘති කරන්න වුනු අවස්ථාවක්. ඒවගේ පුපුරන්න තියෙන අවස්ථා වලක්ව ගන්නනම් හදන්න ගිය එක සාර්ථකව හදලා ඉවර කරන්නම ඕනේ... ඒකේ අධ්‍යාපන වටිනාකම පෙන්වන්න ම ඕනේ... මගින් වැඩේ අල්ලලා දැම්මොත් ගෙදර සාලාව වෙනවා.... හෙහ් හේ....

      Delete
  9. Replies
    1. පර්ජායි :D,
      දේශයේ ජනප්‍රිය කමෙන්ට් කරුවන්ගෙන් කෙනෙක් හැටියට අපේ ලිපියකට ධණ සංකේත පෝලිමක් හලාගෙන ගියා කියන ආරංචියත් හිතට කියන්න බැරි තරං සතුටක් ගේන කාරණයක් මහත්තයෝ! :D

      Delete
  10. ගුවන් යානය වගේම නියමුවත් නියමයි.හරිම නිර්මාණශීලි ගුවන් යානයක්.

    ReplyDelete
    Replies
    1. මනෝජ් මහතා,

      බොහෝම ස්තූතියි! නෑ මං මේ නිකමට අහන්නේ, දැන් ඔබ තමුන්නාන්සේ ප්ලෙන් එකක් හදන්න හිතාගෙන ඉන්නේ මොන කාලේ වගේද? :D

      Delete
    2. ප්ලේන් එකනං ඉතිං කොයි වෙලාවෙ හරි හදාගන්න බැරියැ. පයිලට් කෙනෙක් හදාගන්න එකනෙ වැඩේ. හැක්..

      Delete
    3. "මහතා" වගේ කැලි අපේ නම් වලට පිටිපස්සෙන් ආවම හරි දුරයි වගේ මහත්මයා...:)

      ප්‍රසන්න මැතිතුමා අදහස් දක්වා තිබෙන පරිදි පයිලට් හැදීමේ කර්තව්‍යට ප්‍රමුඛතාව දී දෙවනුව ප්ලේන් එක සැදීමට බලාපොරොත්තු වෙමි.....:)

      Delete
  11. හරිම ලස්සන කතාන්දරේ, ලස්සන පින්තූර, ටොප්ම ටොප් ප්ලේන් එක. අර පැංචන්ට දෙන පොරොන්දු ගැන අම්මා කියලා තියෙන කතාව ඇත්තම ඇත්ත. මමත් හැම වෙලාවෙම අපේ මහත්තයාට මතක් කරන දෙයක්.

    මේ පොතත් ඔන්න දැම්මම ඔර්ඩර් කළා. :)

    ReplyDelete
    Replies
    1. සිතිවිලි,

      ඔව්! පොරොන්දු දෙද්දි බලාගෙන දෙන්න ඕන. නැත්තම් විශ්වාසේ බිදෙනවා. ඒ වගේම විදුලි කොටන්නේ කොහොමද, වින් ටර්බයින් හුළං අඩුවෙන් තියෙද්දිත් කැරකෙන්නේ කොහොමද, නාය යන්නේ ඇයි, අපට වයසට යන්නේ නැතිව ඉන්න බැරි ඇයි, පෙට්ට්‍රල් ඇයි ඉක්මනට වාශ්ප වෙන්නේ වගේ අහස පොලොව නුහුනල ප්‍රශ්ණ වලට මිනිහට ම තේරෙන්න හරි උත්තර දෙන එක කොයි වගේ දෙයක් කියලද ඔයා හිතන්නේ. අද්දැකීම් ඇති මම හිතන්නේ.

      දන්නවද, ‘‘තාත්තේ මම කොහොමද අම්මගේ බඩේ ඉදලා ආවේ?“ වගේ ප්‍රශ්ණයක් අහන්න කලින් ම මම facebook එකේ දාලා තිබුනු සීසර් සැත්කමකින් දරුවෙක් ඉපදෙන පැහැදිලි පින්තූර ටිකක් එකින් එක පැහැදිලි කරලා දුන්නා. දෙයියන්ගේ පිහිටෙන් දැනට ෂේප්.

      Delete
  12. මේකනම් මරු චුටි මහත්තයෝ...

    ReplyDelete
    Replies
    1. ලොකු පුතාගේ අල හොද්ද වගේ කියන්න පුලුවන්! බොහෝම ස්තුතියි!

      Delete
  13. නියමයි. බුකියෙන් දැක්ක වුනත් කතාව දඅක්කෙ අදනෙ.
    මම කැමතිම චිත්‍රය තමයි තාත්ත බැරෑරුම් විදියට පෙට්ටි ටිකත් උස්සගෙන ගෙදර එන චිත්‍රය. පුතාට තියෙන්නෙ ඉහවහා ගිය සන්තෝෂයක්.
    අම්ම කට වහගෙන තාත්තලගෙ පුතාල‍ගෙ වැඩ බලං ඉන්න එකත් අපූරුවට ඇවිල්ල.

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි රාජ්,

      ඉස්කෝලේ යන කාලේ මං ඇඳපු චිත්‍ර මෙහෙම අගයක්ක කෙනෙක් හිටියා නම් මම අද හොඳ තැනක හෙහ් හේ.....

      Delete
  14. එලස්!
    නමුත් උඹේ බ්ලොගේ පරණ පෝස්ට් වලට යන්න Archive එකක් නැත්තෙ මොකෝ. දැන් උදාහරණයක් විදියට උඹේ මීට කලින් ලියපු පෝස්ට් දෙක තුනට යන්න Home ගිහිල්ලාද යන්න ඕනෙ?

    ReplyDelete
    Replies
    1. ඇයි ලොක්ක අර උඩ දකුණු අත පැත්තෙ තියෙන්නෙ මොකක්ද?

      Delete
    2. හෙන්රි අයිය යන්නෙ ෆේස්බුක් ලිංක් එකෙන්නං ඒ ටික පෙන්නන්නෙ නෑ. මාත් දැන් දැක්කෙ. බ්ලොගර් ඩෑෂ්බෝඩ් එකෙන් එනකොට ඔක්කොම පෙන්නනව.

      Delete
    3. හෙන්රි,
      Blog Archive එකක් තිබුනා. ඒක බ්ලොග් එකේ පැහැදිලිව පෙනුනේ නෑ. ඒක් ඒක අයින් කරන්නත් බෑ ටෙම්ප්ලේට් එකේ හැටියට. හෙන්රි කිව්ව හැටියේ මම වෙනම පේන්න Archive එක නැවත ඇතුල් කලා. බොහෝම ස්තූතියි.

      ඔන්න ඊට පස්සේ ප්‍රසන්න ආවා මේකේ ඇත්ත නැත්ත හොයන්න. එතකොට මම එකතු කරලා ඉවරයි. ඒක තමා ප්‍රසන්න ඔය කියන්නේ අර දකුණු අත පැත්තේ තියෙන්නේ මොකද්ද කියලා? දෙන්නම හරි දෙන්නටම ස්තූතියි.

      අලුතෙන් දැන් ෆේස්බුක් ලින්ක් එකෙන් යද්දි ෆෝන් එකේන් යද්දි වෙනම ටැබ් එකක් පෙන්වනවා වගේ මතකයි. ප්‍රසන්න කියන අනිත් කාරණාවට හේතුව මේක වෙන්න ඕනේ...

      දෙදෙනාටම බොහොම ස්තුතියි. බ්ලොග් එකේ තියෙන අඩුලුහුලුඬු කම් ඉදිරියටත් වෙලාවක් ඇතොත් පෙන්වා දෙන්න.

      Delete
    4. archive එකක් තියෙනවා.. ඇයි අර වහාම දකුණු පසින් තියෙන්නෙ ටැබ් තුනක්, එතන ලිපි පෙළ කියලා තියෙන්නෙ archive එක තමා..

      කොහෙද මේ ටෙම්ප්ලේට් එකේ හැටහුටාමාරක් ගැජට් බැජට් තියෙනවා (සත පහකට වැඩක් නැති), මනුස්පයෙක් කොහොම කියලා එක දෙයක් හොයාගන්ටද? :-P

      Delete
    5. බූරා,
      කලින් තිබ්බ සරළ ටෙම්ප්ලේට් එක වෙනස් කලේ රිප්ලයි ඔප්ෂන් එක ආපු කාලේ. ඒකට රිප්ලයි එක දාන්න බැරි වුනු නිසා. මේක හොයා ගන්න නාස්ති කරපු ඩේටා ප්‍රමාණයක්! යාන්තම් පාටත් චාම්, කොලම් තුනකුත් තියෙන, රිප්ලයි එකත් කියෙන ටෙම්ලේට් එකක් හොයා ගත්තම ඒකේ ලිපි පෙළ හදලා තියෙන්නේ වෙනස් කරන්න බැරි විදිහට, අනික ටැබ් අයින් කරන්න තේරෙන්නෙත් නෑ. සයිබර් යාය කියලා නම දාන්න කාපු කට්ට දන්නේ මම විතරයි. බ්ලොගර් එකෙන් දීලා තියෙන විදිහට මේක වෙනස් කරන්න බෑ. චිත්‍ර ටිකක් ලොකුවට දාන්න පුලුවන් ටෙම්ප්ලේට් එකක් හෙව්වා හම්බවුනේ නෑ. අනික අනික මගේ යාලුවෝ ටෙම්ප්ලේට් වෙනස් කරද්දි වටිනා කියන කමෙන්ට් අතුරුදන්වෙලා තිබුනා. ඒවා මතක් වෙද්දි මේවා වෙනස් කරන එක ජීවිතයත් මරණයත් අතර සටනක් වගේ.....! :D

      Delete
    6. HTML editing ගැන පොඩි පහේ අවබෝධයක් තියේ නම් template එක manually edit කරලා අනවශ්‍ය කෑලි බෑලි මකලා දාන්ට පුළුවන්.. ඒකට dashboard එකේ වම්පැත්තෙ menu එකෙන් Template තෝරලා, දකුණු පැත්තෙ තියෙන "Edit HTML" button එක click කරන්ට ඕන..

      හැබැයි මොනවා කරන්ටත් කලින් blog එකේ backup එකක් අරන් හිටහං..

      Delete
    7. බොහෝම ස්තූතියි බූරා. මේ ටෙම්ප්ලේට් එකේ නම තියෙන තැනටවත් ඉමේජ් එකක් දාන්න බෑ. ඒක දැම්මේත් ඔය html එඩිට් වලින් ctrl+f ගගහා හොයලා හොයලා. ඒකාලෙ තනිකඩයනේ... වෙලාව තිබුනා ඕනේ හැටියේ ඕයා එක්ක ජල්ලි අල්ලන්න....

      Delete
  15. උඩ දකුණෙ තිබ්බේ සර්ච් එක බං. දැන්නම් ඕන්න ආර්කයිව් එකක් පේනවා බුද්ධි ඒක දාපු නිසා. අඬන්න ඕනෙ කිරි එරෙන්න. මම ගියේ මගෙ බ්ලොග් ටෝලෙන් ප්‍රසන්න. ඒත් කලින් එහෙම එකක් තිබ්බෙ නෑ. කෙසේ හෝ දැන් හරි. ස්තුතියි දෙන්නටම

    ReplyDelete
  16. කතාව පට්ට ...
    චිත්‍ර ටික පට්ට පට පට .....
    අර සෙලුවට් එක එහෙම කියල වැඩක් නෑ .....
    කොහොමහරි මේව දාල පොතක් පල කරන්න ශක්තිය ලැබේවා ...

    ReplyDelete
    Replies
    1. ඇනෝපිලිස්,

      බොහෝම ස්තුතියි! පොතක් පල කරද්දි ඔබවත් මතක් කරන්නම්!:)

      Delete
  17. කුරුළු හමුදාවෙත් නෑ ඔව්වා කිව්වලු.....
    සයිබර් යාය ජූනියර්..... කෙහෙල් කොටුවෙන් ඔබ්බට..... හැක්ස්
    පොත් ඔක්කොම ලිව්වම සැට් එකක්ම මටත් තියන්න.

    ReplyDelete
    Replies
    1. හා පැටික්කි,

      කතාව ඇත්ත..... ඒත් චූටි මහත්තයත් ආයෙ එනවා..... ටිකක් ඉන්න... මේ දවස් වල සෙනග මීටරේ එකසිය ගාණට කැරකෙන්නේ මේවට..... හෙහ් හේ....

      Delete
  18. උඩ යන ෆොටෝ එකකුත් දැම්ම නම් මරු.. :D

    ReplyDelete
    Replies
    1. යසිත්,
      ඔය දාලා තියෙන්නේ.....

      Delete

ඔබේ පංගුව...

...................................................................

Related Posts Plugin for WordPress, Blogger...