2010/07/16

හෙලෝ ෆ්ලයිට් !

සිත්තර ඇඳිලි, පොටෝ ගැහිලි අස්සෙ අලුතෙන් පටන්ගත්තු මේ බ්ලොග් කෙරුවාවටත් දැන් මාස හය හතක් වෙනවා. ඒ හින්ද මොනිටරේ දිහා බලාගෙන ඉන්න කාලේ තවත් වැඩි උනා. ඇස් වලට අපල කාලයක්ද කොහෙද?

උදේම නැගිටලා ගෙදර මැසිමෙන් මේල් චෙක් කරනවා. පස්සෙ කෙලින්ම කතන්දරගෙ ගෙවල් පැත්තෙ. එතනිත් මගේ සයිබර් යායට නිකමට හරි පාර වැරදිලා ගොඩවැදිච්ච කෙනෙක් ලියපු මොකක් හරි පොස්ට් එකකට කමෙන්ට් එකක් දාලාද බලනවා.

ඊට පස්සෙ රස්සාව කරන තැන උදේ 9 හවස 6 වෙනකං මැසිම ගාව.

ආයේ ගෙදර ඈවිල්ලා 7.30 විතර මැසිම ගාව 10.30 විතර වෙනකං.

තත්වය මෙසේ තිබුනත් බ්ලොග් කෙරුවාව කොහොම නවත්තන්නද? මෙ බ්ලොග් කෙරුවාව හින්දා මට අලුතෙන් හම්බවෙච්ච දේවල් එහෙමත් ගොඩක් තියෙනවානේ!

ඒක හින්දා මගේ යාවජීව සාමාජිකයොයි, එහෙම නොවෙන සාමාජිකයොයි, එහෙම නොවෙන සාමාජිකයොයි හැරුනම තවත් සාමාජිකයින් සිටීනම් ඒ අයටයි, කියවන්න අදත් කතාවක් දාන්නයි යන්නෙ.

පොඩි කතන්දරයක් කිව්වට පොඩිමත් නෑ ඉතිං දන්නවනේ මගේ කතා!

හමුදාවෙ ඉන්න කාලේ අපිව හදුන්වාදෙන්නෙ අපේ නිල අංකයෙන්. මුලින්ම අංකේ. ඊට පස්සෙ නිලය, ඊට පස්සෙ නමේ අන්තිම කෑල්ල. ඊට පස්සෙ වාසගමේ අකුරු ටික.

උදාහරණයක් විදිහට අපි කෑම්ප් එකේදි කෝල් එකකට ආන්සර් කරන්න ෆෝන් එක ගත්තා කියමුකෝ. එතකොට අපි ෆෝන් එක අරං,

''ගුඩ් මෝනින් සර්, 0102458, එල්. ඒ.සී. රංජිත් ඒ.සී, '' කියනවා.

ඕවා නැතුව නිකම්ම,

''හලෝ'' කියලා දැම්මොත්,

''ඈයි උඔලට ඉස්සරහට පස්සට මුකුත් නැද්ද?'' කියලා එහා පැත්තෙන් දෙනවා අම්බානක.

මේක මගේ යාලුවෙක් කිව්ව කතාවක්. මේක හොඳයි, මගේ කතාවෙ පෙරවදනට, ​මේකෙන් තෙරුම්ගන්ට පුලුවන් වෙයි කොහොමද හරිහමන් විදිහට කොල් එකකට ආන්සර් කරන්නෙ කියලා.

පෙරවදන මෙහෙමයි, අපේ යාලුවාගේ ගැණු දරුවත් වැඩකලේ හමුදාවෙමයි. එක දවසක් ඒ ගැනුදරුවගේ බිලට් (නිවස්නයට) එකට කොල් එකක් ආවලු. ගැණු දරුවා ෆෝන් එක අරං,

'' හෙලෝ, ආකාසෙ තාරුකා එල්ලේ'' කිව්වලු.

ඔතන ආකාසෙ කියන්නෙ ආධුනික කාන්තා සෙබළ කියන එකයි. තාරුකා කියන්නෙ නම. එල්. ඒ. කියන්නෙ වාසගම. දැන් තේරෙනවා නේ සහසුද්දෙන්ම හමුදාවෙ කොල් ගන්න හැටි.

පෙරවදන ඉවරයි.

මෙන්න හොඳ හරිය. මේක මමයි මගේ යාලුවොයි හමුදාවේ දි ෆෝන් එකෙන් කොල් එකක් ගත්තු හැටි කියෙවෙන ​​ෛඑතිහාසික කතාවක්.

සයිබර් යායේ මුල ඉදල හිටපු අය දන්නවා ඇතිනෙ මම ගුවන් හමුදාවෙ සේවය කොලා කියලා. මම ගියේ ක්‍රීඩා කරන්ඩ. විනය හොඳ කම නිසා අපිට කෝස් එකකතුත් කරන්ට උනා. එහෙදි මී සෙවන්ටීන් එක ඔලුවට කඩා වැටිච්ච හැටිත් දන්නවනෙ. ඇයි නිවාඩු යන්න ගිහිං විනය කාර්යාලේ පැණි කුරුල්ලො අල්ලපු හැටි. හොඳම සිද්දිය තමා ගුවන් හමුදා නිවස්නයට ආපු සෘෂිවරයා කියපු කතාව.

අද කියන්නෙ අපි අර කරපු කෝස් එක ගැන, අපේ ඉහල නිළයක් දරණ ''ෆ්ලයිට් සාජන්'' කෙනෙක්ගෙන් ෆෝන් කෝල් එකක් අරං විස්තර අහපු හැටියි.

හමුදාවේ කෝස් එකක් කරද්දි, ඒක සිද්දවෙන්නෙ හරිම පිළිවෙලක් ඇතුව. පිටින් බලන්නෙකුට ඒකම කොලු රෑනක් වගේ පෙනුනට, මේ මුලු කෝස් එක කරන ඔක්කොමලාවම කොටස් කරනවා. ඒ එක කොටසක් හදුන්වන්නෙ ''ෆ්ලයිට්'' එකක් කියලා.

අනිත් කාරනේ තමයි, එයාපෝස් නිල තල. මුලින්ම එල්ඒසී, ඊට පස්සෙ කොප්රල්, ඊලගට සාජන්, ඊට පස්සෙ ෆ්ලයිට් සාජන්, ඔය ෆ්ලයිට් සාජන්ට අපි වගේම හැමොන කියන්නෙ ලේසියට ''ෆ්ලයිට් '' කියලා. සෙසු නිළයන්ගෙ අන්තිම රෑන්ක් එක වොරන්ට් ඔ​ෆිස.

අපි හොයා ගත්තු ඔත්තුවලට අනුව අපේ කෝස් එකෙ, අපි ඉන්න ෆ්ලයිට් එක බාරව ඉන්නෙ යකෙක්වගේ වසම වස ​''ෆ්ලයිට් සාජන් කුලතුංග'' කියලා පොරක්ලු. අපි මේක දැනගත්තු දවසෙ ඉදං හිටියෙ ලබුගම ජලාසෙ අපේ ඇඟ හරහාට දැම්මා වගේ. තනිකර ලේ ධාතුව එච්ටූඹ් වෙලා.

අපි කට්ටිය කතා වෙලා එක දවසක් ප්‍රැක්ටිස් එහෙමත් ඉවර වෙලා ඇවිල්ලා, කාලා, නාලා, කාරිය හවස දෙකට විතර කෝල් එකක් ගන්න සෙට් උනා, මේ සිද්දියේ ඇත්ත නැත්ත මිනිහගෙන්ම අහලා සැක ඇරලා දැන ගන්න.

දැං කව්ද කොල් එක ගන්නෙ. පූසගෙ කරේ සීනුව එල්ලන කේස් එක වගේ කතාකරන්න එකෙක් හොයා ගන්න බෑ.

පස්සෙ සෑහෙන සාකච්ඡාවකින් පස්සෙ ''සූරි'' කියලා අපේ කොල්ලෙක් ඉදිරිපත් උනා කියමුකෝ අර යකත් එක්ක ගනුදෙනුවට.

නැකත බලල එ​හෙම මිනිහා ෆෝන් එක උස්සලා කනේ තියා ගන්තා. අපි එහා පැත්තෙ අනිත් ෆෝන් එක උස්සලා කනේ තියාගත්තා, බැකප් දාගන්න හිතාගෙන.

මම '' සූරියා, විෂ් කරලා ගනින්. දන්නවනේ'' කියලා ලාස්ට් වෝනිං එකත් දුන්නා.

මිනිහා ''ෆිට් තමා'' කියලා මාපට ඈඟිල්ලත් උරුක් කරලා වැඩේට බැස්සා.

එහා පැත්තෙන් ෆෝන් එක ඉස්සුවා.

'' හලො, ෆ්ලයිට් සා... කුලතුංග'' කියලා මහා භයානක සද්දයක් ආවා.

අපිත් නිකං දාලා ගියා වගේ උනා.

''අම්මෝ මිනිහගේ කටේ සද්දෙ බොල'' මට හිතුනා. මම සුරියා දිහා බැලුවා.

මිනිහා ''කිරි කාපු රිලව'' වගේ වචන ලොක් කරගෙන තටමනවා.

''අහපං යකෝ'' අපි අතිං සංඥාවක් දුන්නා.

සුරියා තටමල තමටලා එක පාරටම, නමේ ඉස්සරහට පස්සට තියෙන කෑලි ඔක්කොම අමතක කරලා, කොටිම්ම නමත් අමතක කරලා, අහපි මෙන්න මෙහෙම,

''හෙලෝ ප්ලයිට්, ප්ලයිට් ද ප්ලයිට් අපේ ප්ලයිට් එකේ ප්ලයිට්
,
ප්ලයිට්!''

ඒ පැත්තෙන් දැඩි නිහඩ බවක් පැතුරුනා.

''මොකක්...'' ඊලගට ඇහුනේ බොහොම සන්සුන් ස්වර කිහිපයක්.

''මේ....හෙලෝ ප්ලයිට්, ප්ලයිට් ද ප්ලයිට් අපේ ප්ලයිට් එකේ ප්ලයිට් ප්ලයිට්!'' මෙන්න සූරියා ආයිමත් ඒකම කියලා දැම්මා. මිනිහට පිස්සු වැහිලද මන්දා.

''මේ..... මට කරුණා..............කරලා කියපං, ඔය කතාකරන්නෙ, මයිනෙක්ද, නැත්තං මන්තරකාරයෙක්ද?'' කිසිදෙයක් එක පාරට තේරුම් ගන්න බැරුව ගිය කුලතුංග මහත්තයා කන් පැලෙන්න එහෙං ඉෂූ එක දෙනවා. ස්දදෙට අපි ඔක්කොමල ගල් උනා. මම සුරියා දිහා බැලුවා.

සූරියා රිසිවරේ තියලා ඔලුව බදාගෙන එහෙම්ම බිම ඇණ තියා ගත්තා.

අන්න ඒ විදිහටයි අපේ අමතක නොවන දුරකතන සංවාදය අවසන් උනේ.

ඔය පහල තියෙන්නෙ ඒ ​​ෛඑතිහාසික සිද්දිය විදෙස් සිත්තරා දැක්ක විදිහයි!



ගැටපද විවරණය -
කාටහරි කතාව ටියුබ් ලයිට් උනානනං මේ ටිකත් කියවන්න. හිතන්ඩකො කව්රු හරි කෙනෙකුට අපේ කතන්දරට කතා කරලා කතන්දර බ්ලොග් එක ලියන්නෙ එයාද කියලා කන්ෆෝම් කරගන්න ඕන උනා කියලා.

එතකොට ඒ කෙනා කතන්දරට කතා කරල,
''හෙලෝ කතන්දර, කතන්දරද කතන්දර, කතන්දර ලියන කතන්දර, කතන්දර'' කියලානෙ අහන්න ඕන. අන්න ඒවගේ හතර බිරි කතාවක් තමා ''සුරිය'' කුලතුංගයගෙන් ඈහැව්වෙ.

දැං ඔය ගැට පද විවරණයෙන් කතාව තේරුං ගත්තු අයට ලකුණු 50යි. අනිත් අයට 100යි.

එතකොට අදට කතාව ඉවරයි!.




46 ක් කියන්නේ !:

  1. පට්ටම පට්ට ඕයි.. මම හිනාවෙලා හිනා‍වෙලා ඇස්දෙකෙන් කදුළුත් ආවා..

    ReplyDelete
  2. good morning sir" 7887 lac buddhi b.r.c
    ඔන්න ඔහොමයි එන්න ඔන මචෝ..
    රෑන්ක් එක මුලට ඉනීෂීයල් අගට...

    අපෝ ෆ්ලයිට් ලා ගැනනම් මතක් කරන්න එපා..
    අපිටත් හිටියා ෆ්ලයිට් සාජන් චන්ද්‍රපාල කියලා භාණ්ඩයක් ..අමු යකා...

    ReplyDelete
  3. එළ කතාව. ඒත් මට පින්තූරේ පේන්නෙ නැහැ. මං හිතන්නේ මගේ වරදක්.

    ReplyDelete
  4. කෝ පින්තූරේ පේන්නේ නැහැ නේ???

    කතාව නියමයි..
    :)

    ReplyDelete
  5. හි හි .....

    [ හිනාව අතරේ හරි .... අරුව විතරක් මාට්ටු නොවන බව උබට තේරුම් ගියා නේද හිකිස් ]

    ReplyDelete
  6. ඒකත් මරු කතාව , පින්තුර පෙන්නේ නැතෝ , නැතිනම් ඒ ෛඑතිහාසික සිද්දිය විදෙස් සිත්තරා දැකපු ආකාරයද ??? ලොල් !!! :P

    ReplyDelete
  7. හෙලෝ බුද්ධ්. බුද්ධිද බුද්ධි බුද්ධි....
    මේක වෙන වෙලාවේ විදෙස් සිත්තරා එතන ඉඳල නෑ වගේ. ඒකයි ඕක ඔහොම දකින්න ඇත්තේ.

    ReplyDelete
  8. හික් හික් .. හැමදාම කදුලු පනින කතාවක්මනෙ දාන්නෙ. තවමත් හිනා. හික් හික් ...
    පිංතූරෙ මොකුත් නැත්තෙ විදෙස් සිත්තරා‍ටත් හිනා නිසාද?

    නියමයි. හැමදාම කතා බැලුවට අද තම‍යි කොමෙන්ටුවක් දාන්න හිතුවේ. ඔහොම යං.

    ප/ලි
    අලුත් සංස්ථාව සදාකල් පවතීවයි පතමි.

    ReplyDelete
  9. අනේ මට තෙරුනේ නැ බං තේරුම් කරල දියන්කො

    ලකුණුනම් 0

    ReplyDelete
  10. මරු කතාව.. :D
    විදෙස් සිත්තරාට නම් වැඩේ හරියට මීටර් වෙලා නැද්ද කොහෙද. අද නිකන් කොටුවක් විතරයි ඇඳලා තියෙන්නේ.

    ReplyDelete
  11. හික් හික් මරු මරු [මුංටික අහු උනානම් මරේ මරු]

    ReplyDelete
  12. හපොයි පට්ට සීන් එක සහෝ.. එලස්.. මම නම් ලකුණු 100ම ගත්තා ඕං.

    හපොයි සිත්තරා සුදු තීන්ත එක හලාගෙන නේද??

    ReplyDelete
  13. ලබුගම ජලාසෙ පැත්තෙත් හිටියද ?

    ReplyDelete
  14. අඩේ.. සෑහෙන්න කාලෙකින් නෙව...නියම කතා කෑල්ල..

    ReplyDelete
  15. වෙලාවක් ලැබුන ගමන් කියවනවා....
    බුද්ධි අයිය ලීවනම් අනිවා කියවන්න එපැයි... නේ
    නැත්තන් වැඩක් තියන්වද?

    ReplyDelete
  16. මතකද මං කතාවක් ලිව්වා නෙළුම් අක්කගේ ටයිම් ටේබල් එක ගැන?

    එයාගේ මල්ලිත් මේ වගේ ටයිම් ටේබල් හදල වැඩ කරපු පොරක්. මෙන්න මෑන් ගේ කාල සටහනේ කොටසක්.

    ප.ව. 800 830 කෑම කෑම

    ඔතන මුල් කෑම කියන්නේ නාම පදය (නිකං පාන්, බත් වගේ) දෙවෙනි කෑම තමයි නියම ක්‍රියා පදය.

    -කතන්දර බ්ලොග් එකේ කතන්දර කියන කතන්දර

    ReplyDelete
  17. විනය ගැනනම් අපි දන්නවනෙ. ඒකනෙ ඔන්ද ස්පොට්ම පොලිස් රිපෝට එකක් හම්බුනේ හොඳ ළමයා කියලා

    ReplyDelete
  18. එල එල මචං.හිනාවෙලා බඩ රිදෙනවා...එල එල.

    ReplyDelete
  19. එළම කිරි කතාව තමා. සිත්තරේ නම් අවුල් වගේ.

    ReplyDelete
  20. උදේ පාන්නදර තමා පෝස්ට් එක දැක්කේ නමුත් කමෙන්ට් එකක් දාන්න බැරි උනා. මම හිතන්නේ විදේශීය සිත්තරා ඇදලා තියෙන්නේ. ටෙලිපෝන් කෝල් එක වගේ.ඒක අදින්න බෑනේ හික් හික්. නැත්තම් ආරක්ෂක හේතුන් මත හමුදා කෑම්ප් එකක වෙන දේවල් ඇදලා නැද්ද කොහේද හික්. හික්.

    ReplyDelete
  21. Buratheno
    එහෙනං ඔන්න මගේ ප්‍රයත්නය සාර්ථකයි. හිනා යද්දි කඳුලු ගන්න එකත් ලේසී පාසු වැඩක් යැයි! නේද?
    ...............................................

    මාරයාගේ හෝරාව
    මාරයා ඉතිං එහෙම තමා. මමත් කිව්වා හරිනේ කෝප්රල් මාරසිංහ කේ. ඒ.
    ඔය ප්‍රලයිට් ල වගේ තව බුවාලා කොච්චර නං ඉන්නවද නේද මාර කියනවනං.
    ...................................

    හේමාලයා,
    මෙනි තැන්ක්ස්. කතාව නිකං උබගෙ මදුරු දැල වගේද?
    ........................................

    ඉෂාර,
    තැන්ක්ස්. කමෙන්ට් එකක් දාන එකනං මාර වටිනවා හොදේ...සිත්තරේ ගැන අන්තිමට ඈති.
    .........................................

    සිරී,
    ආ මේ ඉන්නෙ තවත් යාවජීව සාමාජිකාවක්. සිත්තරේ දැක්කෙ නැද්ද? අන්තිමට බලන්න ඈති.
    ..................................

    වැප්,
    ආ.. මෙ වැප්, වැප් ද වැප් වැප් එක ලියන වැප්, වැප්.
    ..........................................

    හිගන්නෝ,
    ඔයත් එහෙනං සිත්තරේ ගැන උනන්දුයි නේද? හැපි හැපි!!
    .......................................

    ප්‍රියන්ත
    හල්ලෝ ප්‍රියන්ත, ප්‍රියන්ත ද ප්‍රියන්ත, ප්‍රියන්තගේ ලෝකෙ ප්‍රියන්ත, ප්‍රියන්ත. සිතතරේ ගැන උනන්දු තවත් කෙනෙක් ලොල්.
    ............................

    Anonymous - 01,
    මොනවා බොලේ මෙච්චර කල් ආවා කමෙන්ට් කලේ නැ. මෙයාවත් ගෙනියන්ට ඔනැ අපේ කුලතුංගයා ගාවට හිහි.
    අපේ සංස්ථාවට හෘද්‍යාංගවම සුබ පැතීම ගැන බොහොමත්ම ස්තුතියි!
    ..................................

    Anonymous - 02,
    බොලේ හැබෑට,
    අර ගැටපද විවරණෙන් වත් තේරුං ගන්ට බැරිද? උඔ ලැජ්ජාවට ඈනොනිමස් ආවවත්ද? ආයේ තේරුං කොරන්න ආයේ පෝස්ට් එකක් දාන්න එපැයි. හෆොයි!
    ............................

    සමීර,
    මෙන්න සිත්රේ ගැන උනන්දු තවත් කෙනෙක්. ලොල්. කොමෙන්ටුවට තැන්ක්ස්. යාවජීව කෙනෙක් නේ....ඔයත්
    ..........................

    සසී,
    මෙන්න හොරෙක්... හිහි.... මෙයා කාටුන් වලට බයයිලු මේ දවස් වල.
    .........................................................

    ළමයා,
    ඉතිං මීටරනේ නේද? ඒකනේ 100 ගත්තෙ. සිත්තරේ තීන්ත හැලුන්නැ. අන්තිමට තියෙන්නෙ විස්තරේ සිත්තරේ ගැන, කොහොමද විභාග කටයුතු?
    ..............................

    ගීතික,
    මෙන්න තවත් යාවජීව සාමාජිකයෙක්. ලබුගම විතරක් නෙමේ අනේ, කල​ටුවාව, ලක්ෂපානෙත් හිටියා. ඒවත් දාන්නකෝ පුලුවං උනොත්.
    ....................................

    වැම්පයර්,
    තැන්කු... තැන්කු!! වැම්පා... කැන්තු කොමෙන්ට් එකට.. කොහොමද බොලාගේ සබාට දැං. මගේ මැසිමෙ නං උබෙන් ගත්තු අරේමරේ කෑලි නැගලා යනවා...
    .........................

    සහන්,
    තැන්කූ සහන්.... කතාව කියොල කමෙන්ට් කරනවට වැඩිය වෙන මොනවද ඉතිං... සෝ හැපි
    ............................

    කකා,
    මොකද මතක නැත්තෙ, නෙලුං අක්කා දෙපාරක් ඒ ලෙවල් කරපු කතාවනේ.. හැබැයි මල්ලි ගැන මතක නැ. ඒකෙ තිබුනෙ කතන්දරකුමාර කියලා කොල්ලෙක් කාලසටහන වෙනස් කරපු එකක්නෙ.

    කෑම කැම වගේ තමා ''කතන්දර කියන කතන්දර'' කියන එකත්.

    ඔය ''කියන'' කියන්නෙ, කතන්දර කියන ''කියන'' එකද නැත්තං කතන්දර කියන ''කෙනා'' කියන එකද? නැත්තං දෙකමද? සිංහලේ හැටිනේද?
    .....................

    මකරා,
    මෙන්න තවත් යාවජීව සාමාජිකයෙක්. පොලිස් රිපෝට් එක ගන්ට ගියේ මේ කේස් වෙන්ට කලියෙන්නෙ.....
    පොලිස් කාරයෝ කියපු කතාව ඈත්තද කොහෙද නේ? ඕවා ඉතිං අපි ගැලවෙන්ට කරපුවා මිසක්කා ඒකාලේ ඈට්ටර කමට කරපුවා නෙමේ. දැං තමා ඕවා රස. ඒකාලේ තනිකර ලේ එච්ටුඕ වෙන වැඩ අප්පා.
    ..............................

    සසිකයා,
    කොහෙද බොල මෙච්චර කල් ගිහිල්ලා හිටියේ.... කෝ උබගේ පිඹුරා.
    ......................

    කාංචන,
    මෙ ඉන්නෙ සිත්රේ ගැන උනන්දු තවත් කෙනෙක්.. තැන්ස් ටු කමෙන්ට්! ඔයත් යාවජීව නේ?
    ............................

    කස්සා, ඈයි ඔයාට සිත්තරේ පේන්නැද්? එහෙනං පහල හෑල්ල කියවන්න.

    සිත්තරේ ගැන.....
    ඔය සිත්තරේ මං ඈඳලා තියෙන්නෙ විසේස තීන්ත වර්ගයකිං. ඒ තීන්ත වර්යෙන් ඈන්දම පේන්නෙ මෝඩයින්ට විතරයි. වෙලාවට කාටවත් පෙනිලා නෑ. බුද්ධිමත් අයටත් බලන්න ඕන්නං මොනිටරේට සෙල්සියස් අංශක 24 ක උනුසුම් වතුර පාරක් මොනිටරේට හලල ටිකක් වෙලා බලං ඉන්න එතකොට පෙනෙයි!

    පසුව ලියමි
    පෝස්ට් එකකට සිත්තරයක් අඳින්නත් සැලකිය යුතු වෙලාවක් යනවනෙ. මට දැන ගන්ට ඕන උනේ සිත්තරේ අඳින එක වැඩක් ඈති දෙයක්ද කියලා? වැඩිදෙනෙක් ඒ ගැන උනන්දු නැත්තං ඕක සයිබර් යායෙන් අයින් කරන්න හිටියෙ. දැං ඉතිං පොඩි කික් එකක් තියෙනවා සිත්තර අඳින්න. දිඟමට අදින්න ඕන. මං ඈදපු සිත්තර ටිකක් මගේ සිත්තර බ්ලොග් එකේ ඈති. ඒවත් බලන්න එහෙනං.

    ReplyDelete
  22. එල එල. නියම කතාව අයියා. සාජන්ට වැඩේ මාට්ටුද ?

    ReplyDelete
  23. හසිත,
    වැඩේනං මාට්ටු උනේ නෑ. මාට්ටු උනා නූනා කියලා නඅ ඉතිං හැමදාම අලුත් දවසක්. හැමදාම කේස් එකක්!

    ReplyDelete
  24. නියමයි... උදේම හොදට හිනා වුනා :D

    ReplyDelete
  25. හරීම සෝක් කෝල් එකක් නෙව
    හැමදාමත් වගේ ඔන්න සමනලීට හිනා හිනා හිනා :D :D :D
    විභාගේ ඉවරවෙලා අයියාගේ කතාවක් කියවලා එහෙම ඔන්න පොඩ්ඩක් සැහැල්ලු උනා සමනලී

    ReplyDelete
  26. මොකටද මම බය වෙන්නෙ :D

    [ බයනං ඉතිං බය වෙන්න තියෙන්නෙ, "ඔය පහල තියෙන්නෙ ඒ ​​ෛඑතිහාසික සිද්දිය විදෙස් සිත්තරා දැක්ක විදිහයි!" වගේ එකක් මට ඇඳල දෙයි කියල තමයි ]

    ReplyDelete
  27. බුද්ධිට අදනම් පොඩ්ඩක් වැරදිලා. මම ප්‍රියන්තගේ ලෝකය ලියන ප්‍රියන්ත නෙවේ. ඒ වෙන ප්‍රියන්ත කෙනෙක් මේ තවත් ප්‍රියන්ත කෙනෙක්.(මගේ ටෙස්ට් බ්ලොග් එක නම් ප්‍රියන්තගේ ලෝකය තමා. එත් ඒක සින්ඩිවලනෑ. සැහෙන දවසකින් මම ඒ පැත්තෙ ගියෙත් නෑ)

    ReplyDelete
  28. හසී,
    කොච්චර එකක්ද?උදේම හිනස්සන්ට ලැබීම. ස්තුතියි කොමෙන්ටුවට. ඕගොල්ලන්ගේ සිත්තර නං මරු....
    ......................

    පුංචි සමනලී,
    විභාගේ ඉවරයි කියලා නං මූණු පොතෙන් දැනගත්තා.
    මගේ මැරියනුත් ඈහැව්වා අර '' සමණලී '' හිටියෙ නැ නේද පහුගිය දවස් වල කියලා. මම කිව්වා සුවර් එකටම මේ පාර එයි විභගෙ ඉවර හින්දා කියලා. කොහොමද අයිතිකාරයට එහෙම?
    ..........................

    සසීන්ද්‍ර වීරසිංහ,
    බය නැලු හුහු.... ඒවා දන්නෙ අපිනේ....
    .....................

    මට වැරදුන්නැ ප්‍රියන්තයෝ,
    මම ඒක ලිව්වෙ ගැලපෙන හින්දා.ඔයා මේ පාර දාලා තිබුනෙ හාඩ්ඩිස්ක් ගැන කියලා මම දන්නවා. දුක්වෙන්ට එපා හොදේ.....

    ReplyDelete
  29. @බුද්ධි
    සොරි වෙන්න ඕන මම හිතුවේ සින්ඩියේ ප්‍රියන්තගේ බ්ලොග් සටහන් කියල පරණ බ්ලොග් එකක් තියනවා. ප්‍රියන්තගේ ලෝකය කියල එකකුත් කොහේ හරි තිබුනා මතකයි. මම මේ නම දැම්මෙත් ඒකයි.

    ReplyDelete
  30. විභාගේ වරදක්ම නෑ අයියේ... ඒත් විභාගේ full finish වෙද්දි සමනලීත් බාගෙට finish!!! :P
    තාමත් ඒකේ පැවරුම් එහෙම කරනවා මිසක් නිවාඩුවක් නෑ..

    ඉතින් ඔන්න සමනලීත් මැරියන් අක්කාව ආදරෙන් මතක් කලා කියන්න හොදේ? ඔයා අපිව මෙහෙම හිනස්සනවා නම් අක්කා 24පැයේම හිනාවෙලා ඇති නේද? :D

    ReplyDelete
  31. හෆොයි පුංචිසමනලී කියනකොට මතක් වුනේ... දැන් මැරියන් අක්කා ගොඩක් මහත් වෙලා ඇති හිනා වෙවී ඉදලා.. ඇයි මැරියන් මව.. එයාගෙත් වේට් එක දැන් සීය පන්නලාද දන්නේ නෑ හිනා වෙවී ඉදලා.. හිහි

    විභාගේ වරදක්ම නෑ අයියේ... ඒත් විභාගේ full finish වෙද්දි ළමයාත් බාගෙට finish!!! :P

    (අන්න පුංචිසමනලී මම කිවුව දේ හොරකන් කරලා........)

    ReplyDelete
  32. සමනලී,
    මැරියන් අක්කට කියන්න දෙයක් නෑ එයත් මේක බලනවා. ඒයාමනේ ඔයාව ඈහැව්වෙත්!
    හිනාව ගැනනං මොකට කියනවද, මම මේ සයිබර් යායේ ලියන කනා ඔක්කොම මම එයාට කියලා තියෙන්නෙ!!
    අලුත් කතාවක් ලිව්වම අහන්නෙ මොකද්ද කතාව කියලා නෙමේ! ඔය කොයි කතාවද කියලා!
    ......................
    ළමයා, ඒවා කොහෙද මමත් එක්ක? දැං හිටියටත් වඩා වෙනස්! හිනාවෙලා මහත් වෙයි කියලා බයටම මම දැං එයාව මමත් එක්කම ජිම් එකට එක්කං යනවා. !! ''දෙසේ හැටියට බාසෙ කිව්වලු!''කියලා එයත් ඔය එන්නෙ! අම්මණ්ඩි නං ආයෙත් නැව් නැග්ගා!
    විභාගෙ ගැන එකම උත්රේ දෙන්නෙ සමනලියි උඔබි එකම විභාගයක්ද ලිව්වෙ!!හිහි.....

    ReplyDelete
  33. විදෙස් සිත්තරාගේ චිත්‍රෙ හිස් උනාට මට මැවිල පේනවා සිත්තරා ඇන්දනම් අදින විදිය. ෆෝන් එක අතේ තියං කස්ටිය ගල් ගැහිල ඉන්න හැටි.

    *ආකාසෙ තාරුකා එල්ලේ
    මේකටත නම් මැරෙන්ඩ හිනා...

    ReplyDelete
  34. ammooo hina kala pana giya..adane bole me blog eka dekke.

    ReplyDelete
  35. මේක සිර බ්ලොග් එකක්. මමත් අහම්බෙන් සෙට් උනේ වල Dubai ඉඳන්

    ReplyDelete
  36. සිරිමාල්, පන්නනවා දිගමට නේ.....

    ReplyDelete
  37. පට්ටම කතාව බුද්දි.... මම තවමත් හිනා වෙනවා.. අද තමයි මම උඹේ බ්ලොග කියවන්නෙ මුලක ඉදලා.....

    ReplyDelete
  38. ''හෙලෝ චුටි මහත්තය, චුටි මහත්තයද චුටි මහත්තය, චුටි මහත්තය ලියන චුටි මහත්තය, චුටි මහත්තය''

    වැස්ස නිසා ගෙදර ඉන්ඩ වුණ එකෙන් මම මේ ටික සේරම කියවගන්නව අදවත්.... හම්මේ... මගෙ ඉල ඇට ටික ඉතුරුවෙයිද මන්ද අදනම්....

    ReplyDelete
  39. අහීත,සමාධි,ජනනි,
    ස්තුතියි තුන්දෙනාමට මේ පැත්තේ ඈවිල්ලා ගියාට.

    ReplyDelete
  40. හොඳටම හිනා වුනා.
    මම හිතුවෙ හිනා වෙලා වැඩිකමට සිත්තරාට මුකුත්ම පෙනිලා නෑ කියලා...

    ReplyDelete
  41. "තනිකර ලේ ධාතුව එච්ටූඹ් වෙලා."
    මේක තමා මන් අලුතෙන්ම අහපු වදන...
    දිගටම ලියමු....
    අර පිටේ බුලත් හුනු තිබුන කතාව
    එකත් කුරුලු හමුදාවෙන් මන් දැනගත් දෙයක්..
    දන්නවනම් දාන්න....

    ReplyDelete
  42. ආකාසෙ තාරුකා කතාවට තමයි මම නම් ආසම:D කලිනුත් කමෙන්ට් කළාට ඒක වැටුනෙ නැහැනෙ. :(

    ReplyDelete
  43. තාරක, හර්ෂ, සුන්දරී,

    කාලෙකට පස්සෙත් පෝස්ට් හොයාගෙන කියවලා කමෙන්ට් කලාට ස්තුතියි. දිගමට එන්ඩ

    ReplyDelete
  44. අය්යෝ පිස්සු කොර... "ආකාසේ තාරුකා එල්ලේ "

    මේවා උඹ හිතල ලියන ඒවද ? භාවිතයේ තියෙනේවද ? අනේ මංදා හොඳටම හිනා වුනා...

    ReplyDelete

ඔබේ පංගුව...

...................................................................

Related Posts Plugin for WordPress, Blogger...