2012/04/02

මෙන්න Big Mad Pill උණු උණුවේ ඩවුන්ලෝඩ් කරගන්න. | සයිබර් යායෙන් !

කියවන විට සිංහල ලියවෙන සුපිරි මෘදුකාංගය ගැන මම ඊයේ ඕගොල්ලන්ට කිව්වා. සමහරු ඊයේ අප්‍රේල් පළමු වැනිදා හින්දා තරමක් සැකයෙන් මේ ප්‍රවෘත්තිය දිහා බලලා තිබුනේ.

ඊයේ ඒ ගැන දැන ගන්ඩ ලැබුනෙ නැතිනම් කරුණාකරලා ඒ ලිපිය කියවලා ආවොත් මේ වැඩේට වඩා ලේසියි.

බීටලේ නම් දැක්කෙ මලයගෙ පොටෝ එක පසු බිමේ The Future Today කියලා තියෙනවලු. ඒක හන්දා මිනිහට සොෆ්ට්වෙයා එක එපාලු.

අනිත් අය කියලා තියෙන දේවලුත් මේ වෙද්දි මට කට පාඩම් වෙන තරමට හුරු වෙලා තියෙන්නෙ. හුඟක් අඳුරන මුණු එක්කලා අලුත් අයත් හරි හරියට එතන හිටියනෙ. 

පැතුම් හේරත් අහලා තිබුනා “අර මායා බන්ධන ඇඳුම හදපු එකයි, අකුණු පෙන්නපු කතාවයි ඔක්කොමත් බොරු ද, නැත්නම් රටින් ආපු සොෆ්ට්වෙයාර් එක විතර ද බොරු?“ කියලා.

ඒ ගැන වචනයක් කියලා හිටියොත්, මලයා මට නම් විශේෂ ඩයල් එකක්. මූලික දේ පොර මාර ස්පීඩ්. පොඩි කාලේ ගෙනල්ලා දූන්නු ජෝයිස්ටික් වලින් පොරට ඇත්තටම ගේමක් තිබුනේ නෑ. ලෙවල් එක නැට්ටටම දැම්මත් ඒ වේගෙට කලින් පොරට හිතලා ගේම ගොඩ දාගත්තැකි වට දෙක තුනක් යද්දි.

අර කියපු විදිහට මිනිහගෙ මදර් බෝඩ් එක හැදිලා තියෙන්නෙ අලුත් දේවල් වලටමයි. මායා බන්ධන ඇඳුම, අකුණු මැසිම වගේ දේවල් කොල්ලා හැදුවේ හෙන ම පොඩි දවස්වල. ටිකක් ලොකු උනාම ඇන්කර් පෙට්ටි රේඩියෝ, ටොපි මැසිම වගේ ජිල්මාට් කෑලි සෑහෙන්ඩ හැදුවා. තාත්තා අයින් කරන රේඩියෝ, ටීවී, සෙලියුලර් ෆෝන් වලින් කෑලි ගලෝගෙන ඇවිල්ලා මොකක් හරි ජල්බරියක් දාලා වෙනම ගැජමැටික් එකක් හදනවා. ඒවා පෙන්නද්දි ලඟට ගිහිං අල්ලලා කරලා බලන්ඩත් බයයි අත හපයි කියලා. මම බයේ උන්නෙ ඔහොම හදපු ජිමික් එකකට වෙලාවක පණ ඇවිල්ලා අපි සේරෝම දෙනාව කාලා දායි කියලා.

ඉදලා හිටලා මිනිහටත් වැරදුනා. එහෙම තමා අලුත් දේවල් හොයාගන්න යන ගමනේ දී. එදා කොල්ලා ලැබ් එක විදිහට යොදාගෙන තියෙන්නෙ තාත්තගෙ බැටරි චාජ් කරන කඩේ. කරගෙන ආපු පරීක්ෂනේ පොඩ්ඩක් එහෙ මෙහෙ වේලා මුලු බැටරි කඩේටම ගිනි ඇවිලුනා මෙහෙම කරද්දි.

කොහොමහරි දැං කොල්ලා වැඩ කරන්නෙ බීටලේ හොයා ගත්තු විදිහට The Future Today කොම්පැනියේ. මූණුපොතේ මිනිහගේ අන්වර්ථ නාමෙනේ ඔය Big Mad Pill කියන්නෙ. ඒ උනාට කොල්ලා ඔය වැඩ කරන තැන ගැන හිතලා බලද්දි එතන පොඩි කොස්සක් තියෙනවා කියලා මට කොච්චරවත් හිතෙනවා. මිනිහා දැන් කරන වැඩ කොටස දැන උගත් ඕනැම පොරකට කරන්න පුලුවන්. ඒ උනාට අරවගේ ජිමික් ඔලුවක් හැමෝටම පිහිටන්නෙ නෑ. ඒකයි!

ඒ කතාව ඉවරයි. එහෙනම් මෙන්න ඕගොල්ලන්ට වැදගත් ටික.

Big Mad Pill!

ඕක ඕන කට්ටිය අදහස් ලියලා යන්ඩ කිව්වම, සමහරු කෙලින්ම ඕක එපා කිව්වා. ඉතිං ඒකත් අදහසක්නෙ. සමහරු මගේ උපන්දිනේ කියලා සුබ පැතුවා. ඉතිං ඒකත් අදහසක්නෙ. ඔය විදිහට විවිධ කට්ටියගෙ විවිධ අදහස්. සමහරු කෝකටත් කියලා සද්ද නැතුව ගිහිං සඳුදා අටට එන්නත් හිතාගෙන ඇති.

ඒක නිසා තෝරා බේරාගැනීම ලේසි නෑ. අනික අපි හිතුවෙ මේක කොහොමත් නොමිලේ දෙන්නනෙ. ඒක නිසා තේරිලි බේරිලි ඕනේ නෑ. ඔක්කෝමලා ඩවුන්ලෝඩ් කරලා ම බලන්න.

හැබැයි මතක ඇතුව ඕක මෙව්වා කරලා ගුණ දොස් කියලා යන්ඩ නම් අමතක කරන්ඩ එපා. ඒකයි මේවගේ තැනකදී අපිට වැදගත් වෙන්නෙ.

එහෙනම් ආයෙත් දවසක හමුවෙමු. මෙන්න ලින්ක් එක.


.....................
- යූරෝ දෙකේ වීරයා.

57 ක් කියන්නේ !:

  1. මට ඒත් එපා චූටි මහත්තයා...

    ReplyDelete
  2. ඒ පාර ඩවුන්ලෝඩ් කරගන්නත් මොකද්ද අටමගලයක් දාලා.. අනේ බොල බහුබුද්ධියො.. :)

    ReplyDelete
  3. සුපිරි ඈ...
    මමත් බා ගත්තා... නියමෙට වැඩ.. මේක ගහන්නෙත් ඒක දාගෙන තමා ඕන්... මලයට තව තව මේ වගේ නිර්මාණ කරන්න ශක්තිය ධෛර්‍ය ලැබෙන්න කියලා පතනවා ...

    ReplyDelete
  4. කවුරු හරි ඩවුන්ලෝඩ් කර ගත්ත එකක් මන් ඉල්ල ගන්නම් ! :DD

    ReplyDelete
  5. ඇත්තෙන්ම චූටි මහත්තයා මේ වගෙ වැදගත් දෙයක් කරනකොට අප්‍රේල් පළවෙනිදා වගෙ දවස් යොදා ගන්න එපා. සමහරවිට උඹට අමතක වෙන්න ඇති දිනේ. එහෙම නැත්නම් උඹ අප්‍රේල් පළවෙනිදා ඇත්තක් කියලා අපි ඔක්කොම මෝඩයා කලා. ඇයි අපි හිතුවෙ මේක බොරුවක් කියලමනෙ.
    අද බය නැතුව මේක බාගත්තා මොකද අද දෙවෙනිදා හන්දා. පිටිකිරිස් වගෙ වැඩ බං. මම මේක ලිව්වෙත් ඒ ගැජට්‍ටුවෙන්, හැබැයි ස්පෙලිං වැරදි ටිකක තිබ්බ නිසා කී බෝඩ් එකෙන් හැදුවා. හිනා කන වැඩේ කියන්නෙ මේක සෙන්සිටිව් කටට විතරක් නෙවෙයි. පුකටත් (පුක කුණුහරපයක් නොවේ කසුරි) සෙන්සිටිව් බොල. මම මේක කියව කියව ඉන්නකොට මට ප්ර්ර්ර්ස් ගාලා වාතයක් ගියා ඊයේ බේක්ඩ් බීන්ස් කාපු නිසා, මෙන්න යකෝ ඒකත් ටයිප් වෙලා. හිනා කාලා මලා ඕයි.

    අනේ සමාවෙයන් උඹව සැක කලාට ඊයෙ. හදවතෙන් බුර බුරා නැගෙන අපොලජීස් මල්ලිටත් දීපන්. ඌ නම් මාර ජීනියස් කෙනෙක් බං. Fart Sensitive Software එකක් කිව්වම. ඇයි බං මේකට මීට වඩා පබ්ලිසිටි එකක් හෙම දීලා පේටනට් හෙම නොගන්න?

    ReplyDelete
  6. හප්පා මෙච්චර ලොකු වැඩක් කරන සොෆ්ට් වෙයා එකේ සයිස් එක දැක්කාම ටිකක් විතර බය හිතෙනවා..
    343 KB.... :D :D ... ඒ හින්දා ඕනෙ නෑ කියලා හිතුවා... :P

    ReplyDelete
  7. ඔන්න මම මේ ගැජමැටික් එකෙන් උණු උණුවෙ ගහපු කමෙන්ට් එකක් ලියන්නගෙ බලු පෝස්ට් එකට දැම්ම full stop ගිහිං බලහං full stop අර වරහං වහලා වගේ කමාන්ඩ් හදන්න වෙයි වගෙ බං එව්ව එහෙමම ටයිප් වෙනවනෙ full stop බලු කමෙන්ට් එක දැම්මට පස්සෙ බං දැක්කෙ full stop

    henryblogwalker the Dude

    ReplyDelete
  8. වැඩේ තියෙන්නෙ ඔපිසියේ ඕක වැඩ කරවන්න බැරි එක.ගෙදර ගිහින්ම ට්‍රයි එකක් දෙනවා. ස්තූතියි

    ReplyDelete
  9. අය්යෝ තාම අප්‍රේල් පලවෙනිදා ඉවර වෙලා නෑ වගේ. :D

    ReplyDelete
  10. ඊයෙ වගෙ කුහක නොවී ඔන්න ඩව්න්ලෝඩ් වෙන්න දාල කමෙන්ට් එක දන්නෙ. නැත්නම් ඉතින් බොරුනෙ කියන්නෙ. :D
    වඩේ ඉවර උනාම අයෙත් එනව බුද්ධි.

    ReplyDelete
  11. සා මාර සොප්ට්වෙයා කෑල්ල..... සොරි වෙන්න ඕන එදා කියපුවට

    ReplyDelete
  12. මම ඒක බෑවා. මම ඒකටත් අහුවුණා. මට ලැජ්ජාවෙ බෑ. (උඹට දැන් සතුටුද මල්ලියේ?)

    ReplyDelete
    Replies
    1. මම ඒක බෑවා. මම ඒකටත් අහුවුණා. මට ලැජ්ජාවෙ බෑ. (උඹට දැන් සතුටුද මල්ලියේ?)

      Delete
  13. බුද්ධිගෙ උපන්දිනේ අදද මන්දා..කියන්න ඒවා ගොඩාාායි එක්කො ඕනෙ නෑ..

    ReplyDelete
  14. ඊයේ ඕගො‍ල්ලන් මං ගැන හිතපු විදිහ ගැන, ඕගොල්ලන්ටම ලැජ්ජා ඇති නේද දැන්. "ඇයි මේ අවුරුදු ගාණක් අඳුරන යාලුවා ගැන අපි මෙහෙම හිතුවෙ කියලා...."

    කමක් නෑ මම ඕවා ගණන් ගන්නෙ නෑ. මම කියන්න ආවේ වෙන කතාවක්.

    මම මෙතෙන්ට කමෙන්ට් කීපයයි පබ්ලිශ් කලේ. සොෆ්ට්වෙයා එක ගැන පොඩ්ඩක් හරි සඳහන් කරලා තියෙන. අනිත් කමෙන්ට් ටික පෝලිමේ තියලා තියෙන්නෙ පොඩ්ඩකට.....

    මෙතෙක් වෙලා ලැබුනු පබ්ලිෂ් නොකල කමෙන්ට් වලින් හදවත වෙඩරුපිඩක් වගේ උණුවෙලා මෙව්වා වෙලා යන කමෙන්ට් කීපෙකුත් ලැබුනා. ඒවයිනුත් හොඳම එක අපේ "අපේ අහස" ලියන ඉෂාර ගුණවර්ධන සහෝදරයාගේ.

    අන්න උනුවෙන හදවල් තියෙන, මේවගේ දේවල් වල නියම වටිනාකම දන්න රියල් මිනිස්සු....!

    කමෙන්ට් එක කියවන්න බෑ ඇස් බොඳවෙලා යනවා. ස්තුතියි ඉෂාර මහත්තයා!

    ReplyDelete
    Replies
    1. මල්ලි සීනි බනිසක් කාලා ප්ලේන්ටියක් බොමුද?

      Delete
  15. මම නම් ඔයාව මුල ඉඳලම විස්වාස කළා.. වැහි නැති අකුණු එක්ක හිටපු කොල්ලෙක් කියන දේවල් කොහොම අවිස්වාස කරන්න ද? ඒ කාලේත් වැහි නැති හෙන වැදිල තියෙනව කිව්වනේ.. ඉතින් කොහොම ද අවිස්වාස කරන්නේ.. මොනව උනත් ඔයා දුන්න පණිවිඩේ හරි වටිනවා.. මේ වගේ එකක් හදපු ඒ මල්ලිට සහ අනාගතේ තව මේවගේ එව්වා හදන්න ඉන්න මල්ලිලාට(නංඟිල මෙව්ව වැඩිය හදන්නේ නෑනේ) ඔබගේ මේ දිරි ගැන්වීම මහත් උපකාරයක් වේවී...

    ReplyDelete
  16. මේ බුද්ධියෝ ඇත්තටම අහන්නේ ඒක ඇත්තම ඇත්තක්ද..?අම්මපා මට තෝව අවිස්වාස නැහැ..ඒ තරමට තොගේ අතීත කැරැට්ටුව හොඳයි..:D:D:D

    යකෝ මෙගා බයිට් තුන්සිය ගාණක් කියන්නේ මට ලේසි වැඩක් නෙවෙයි..ඇත්තම කියහංකෝ හොඳ එකා වගේ...

    හැබැයි පුතේ ඕක ඇත්තක් උනොත් මං දවසක බොට සලකනවා සැලකිල්ලක් කෝමද දන්නවද මෙන්න මේම..මෙන්න මේම...

    ReplyDelete
    Replies
    1. කිලෝ බයිට් බං මාරයියේ කිලෝබයිට්... මෙගාබයිට් එකේ දාහෙං පංගු

      Delete
    2. මේ බුද්ධියෝ ඇත්තටම අහන්නේ ඒක ඇත්තම ඇත්තක්ද..?අම්මපා මට තෝව අවිස්වාස නැහැ..ඒ තරමට තොගේ අතීත කැරැට්ටුව හොඳයි..:D:D:D

      හැක් හැක්

      Delete
  17. ඔන්න මම ලින්ක් එක කොපි කරගත්තා ගෙදරදී බාගන්න. මොකද අපේ ‍ඔපීසියේ සති අන්තයටයි, රෑ 8 න් පස්සේ විතරයි mediafire වලින් බාගන්න දෙන්නේ. බාගෙන වැඩ කරලම ගුණාගුන කියන්නම්...

    ReplyDelete
  18. අපි එක පලාතේ අය එහෙව් වෙච්චී මම නම් මේ ගැජට් එක මුල ඉදන්ම විශ්වාසකලා..මම කොහොමත් කැමති නැගී සිටින මේ වගේ දක්ශයන්ව අගය කරන්න,,,තවත් මේ වගේ නිර්මාණ බිහි කරන්න ලැබේවා.

    ReplyDelete
  19. අඩේ...චූටි මාමේ...මේක මරුනේ...ඒත් අර ෆුල්ස්ටොප් කියන බටන් එක එබුවාම තිත් තුනක් වදිනව නේ...
    කමක් නෑ...මේ කරපු කුසලකර්මය හේතුවෙන් මාමට වැඩි වැඩියෙන් සොෆ්ට්වෙයාර් හදන්න වාසනාව ලැබේවා කියලා ප්‍රාර්තනා කරනවා.....

    ReplyDelete
    Replies
    1. ඔබන්නෙ මොකටද අප්පා ඔක්කොම වොයිස් එකෙන්නෙ කොන්ට්‍රෝල් වෙන්නෙ..

      Delete
  20. මගෙන් බොට ඊයෙ මොනවත් කියවුනේ නෑ නේද?

    ReplyDelete
  21. ෂඃ එළ බාන්ඩෙ..

    අඩේ සමාවෙන්ඩ ඕනා ඊයේ රැවටුනා කියලා හිත් අමනාපෙන් කතා කලාට. බලාගන යනකොට මම රැවටිලා නැහැනෙ.

    ඔන්න හොර නෑ බොරු නෑ.. මේක තමයි ඒකෙන් ගත්තු පළවෙනි ප්‍රයෝජනේ.. බාපු නැතිඅයත් ඉක්මනට බාගන්ඩ.. ලින්ක් එක අයින් කරන්ඩ ඉස්සෙල්ලා..

    කොහොම ස්තූති කරන්ඩද මන්දා මේ කරපු උදව්වට. දැන් නිකන් කන, බොන, රෙ.. ගමනුත් බ්ලොග් ලියන්ඩ පුළුවන්..

    ReplyDelete
  22. ....අනේ මන්දා මට මේක කියවද්දී.....මාක් ට්වේන් ගේ හකල්බරිෆින් කියන පොතේ තිබ්බ රෝයල් නන්සව් කියන නාටකේ ගැන තියෙන කොටස මතක්වෙනවා....
    .....කොහොම වුනත් නියම සොෆ්ට්වයා එක කියල වැඩක් නැහැ...

    ReplyDelete
  23. සිරාවටම සමාවෙයන් බුද්ධි මලයා.. ඊයේ අප්‍රේල් පලමුවෙනිදා නිසා මමත් විශ්වාස කලේ නෑ ඒක ඇත්තක් කියලා... භාන්ඩෙ නියමෙටම වැඩ, මන් මේ කමෙන්ට් එක දමන්නෙත් ඒකෙන්මයි, මල්ලිට සුබ පැතුම් !

    ReplyDelete
  24. අඩේ අප්පා... මේක මාර ජිගිරිබිරිස් 1නේ බොල... උබටයි, මෙව්ව 1 හදපු එකාටයි මල් තියල වැන්දත් මදිනේ බං

    ReplyDelete
  25. අඩේ මම හිතුවේ මේක අප්‍රේල් පලවෙනිදා ආතල් එකක් කියලයි .. වෙලාවට මම අරං බැලුවේ .

    ReplyDelete
  26. මම කියපුදේම වුනා නේද?

    අඩේ සිරාවට වැඩනෙ බං.. ලින්ක් එහෙමත් ඔටෝම දාන්න පුලුවන්..

    ReplyDelete
  27. අයියෝ! මෝඩයා උනා!

    ReplyDelete
  28. පොඩි ප්‍රශ්නයක් තියෙනවා මේක වින්ඩෝස් වලට විතරයි නේද වැඩ.ලිනක්ස් වලට වැඩකරන වර්ෂන් එකක් තියෙනවද?පොඩ්ඩක් ඒ දේ කියන්න පුලුවන්ද.දන්න කෙනෙක් ඉන්නවනම් මාව දැනුවත් කරන්න.

    ගොඩාක් දෙනෙක් මොනවද මේ කියල තියෙන්නේ.ඇයි උඹට එයාල බනින්නේ.

    ReplyDelete
  29. මේක නම් සිරා අද ඉදල මම දවසට එක පෝස්ට් එක ගානෙ දානව. පොඩි අවුලක් තියනව .m4a ෆෝමැට් එක සපෝට් කරන්නෙ නම් නෑ. mp3 විතරයි වැඩ ඒක නිසා සමහර ෆෝන් වලින් රෙකෝඩ් කරල මේ සොෆ්ට්වෙයා එකට දාන්න බෑ.ඒත් ජෙට් ඕඩියෝ, රියල් ප්ලේයර්+ එකෙන් හරි කන්වට් කරල දාන්න නම් පුළුවන්.

    ඇත්තටම ගොඩක් ඉස්තූතියි මේ සොෆ්ට්වෙයා එක නොමිලේ දුන්නට. ජය වේවා

    ReplyDelete
  30. ග්ර්ර්ර්ර්ර්ර් අය්යෝ හපෝයි එකෙක්වත් කියාපියෝ මොකක්ද මේ ජිංජිබිරිස කියලා..... ඊයේ පෝස්ට් එක දැක්කේ නෑ දැනුයි දෙකම බැලුවේ බුද්ධි අයියා ඇත්ත කියනවද නැද්ද කියලා හිතාගන්න බෑ.....

    කෝ යකෝ ලින්ක් එකක් මට පේන්නේ නෑනේ කොහෙද ඔබන්න තියෙන්නේ මේකත් හංගලාද නැත්තම් ආයේ අන්දලාද?????

    ReplyDelete
  31. මේකටනං අහු උනා මචෝ...ඩවුල්ලෝඩ් කරලා බැළුවා...උඹේ පරම්පරාවටම පිං.....

    ReplyDelete
  32. මේක මට ඩවුන්ලෝඩ් කරන්න බෑනෙ. කොහොමද ඩවුන්ලෝඩ් කරන්නෙ? කරුණාකර උදව් කරන්න

    ReplyDelete
  33. Replies
    1. චරිත්,
      ඩවුන්ලෝඩ් කියලා තියෙන ඉමේඩ් එක උඩ ක්ලික් කරන්න....

      Delete
  34. හූ............... අප්‍රේල් 2දාත් මෝඩයෝ උනා නේද බුද්ධියගෙ ගැටේට අහුවෙලා

    ReplyDelete
  35. :DDD
    පට්ට භාණ්ඩයක්නේ!:DDD

    ReplyDelete
  36. කවුද හත්දෙයියනේ කියන්නේ වැඩ කොරන්නේ නෑ කියල. මේ එල කිරි වගේ වැඩ කරන්නේ. බොහොම ස්තුතියි අයියේ. මම මේ කමෙන්ට් එක දාන්නෙත් ඒ සොෆ්ට්වෙයාර් එක පාවිච්චි කරලා. අඩුපාඩුවකට තියෙන්නේ සඤ්ඤක අකුරු රෙකොග්නයිස් කරන එක තමයි. පොඩ්ඩක් එකත් හැදුවනම් මල් 7 යි. ;)

    ReplyDelete
  37. w...........o................w.................පට්ට පලු......මට නම් මේ ලොහුටම මාර වටිනවා....මෙ කරගත්තාවු පුන්යකර්මයෙන් මේ ලොහුටම නිර්මානය කල ඒ අයිසෙක් නිවුටන් උපාසක මහතාටත් එය අපගේ සුක විහරනය සදහා නොමිලෙ ලබාදිමට තරම් කාරුනික වු බුද්ඩි ගෝඡ උපාසක මහතාටත් නිදුක් නීරොගි සුව අත්ෙව්වා....කරනකියන රැකීරක්ෂා දියුනුවෙන් දියුනුවට පත්වේවා....ඔබේ නමින් මියපරලොව ගිය ඡති හිතමිත්ත්‍රාදින් වේ නම් ඔවුන්ට මේ පින් අනුමෝදන් වේවා.....සසර කෙලවර බුදු පසේ බුදු මහරහතන් ජහන්සේලා deka dena hedina උතුම් ධර්මය ශ්‍රවනය කිරීමෙන් අමා මහනිවනින් සැනසීම ලැෙබ්වා.....

    ReplyDelete
  38. Replies
    1. same result i got before. but after i try with fire fox 2. then i got success. if anyone can not access the download link you can try by firefox 2, good luck all of you.

      Delete
  39. අද තමයි බාගෙන බැලුවෙ... මේක කරපු උඹ ගැන තරහක් නෑ... ඒත් මේක එලටම වැඩ සොෆ්ට්වෙයා එකක් කිව්ව උන්ව නම් මරන් කන්න පුළුවන්...

    ReplyDelete
  40. සියලු දෙනා වෙත,
    සොෆ්ට්වෙයා එක ගෙන ගුණ දොස් කියු ඔබ සැමට තුති.

    නැවත මෙවැනි නව සොයාගැනීමකින් හමුවෙමු. සොෆ්ට්වෙයා එක ගැන ගැටලු ඇතොත් කරුණාකර හිතේ හංගගෙන ඉන්නැතුව අහන්න. අපි පිළිතුරු දෙඤ්ඤං...

    ----------
    -යුරෝ දෙකේ වීරයා

    ReplyDelete
  41. සොෆ්ට්වෙයාර් එක නම් බාගත්ත වෑඩ කොහොමද කියල පවිච්චි කරලම කියන්නම්. බොහොම ස්තූතියි.

    ReplyDelete
  42. This comment has been removed by the author.

    ReplyDelete
  43. රෑර් ෆයිල් එක ඔපන් වෙන්නෙ නෑහනෙ ඒකට විසදුමක් දෙන්න බෑරිද ?

    ReplyDelete
  44. ආයෙත් අහුවුණා! :P

    ReplyDelete
  45. ඩවුන්ලෝඩ් වෙන්නෙ නැහැ නේ :((

    අනේ්්්්්්්්්්්

    ReplyDelete
  46. මොඩයා‍ගේ දවස පහුවෙලත් මම මොඩයෙක් උනානේ

    ReplyDelete
  47. මිඩියා ෆයර් වල දෝසයක්.. වෙනම දාන්න.. මේක තමා සිරිලංකා තාස්සනේ විප්ලවය.. !!

    ReplyDelete
  48. yakoo eka virus gurd ekata ahu wenawane ? mokada karanne ? anika firewall ekenuth error msg enawa.kohomada eka hada ganne ?

    ReplyDelete
  49. ට්ත්ුක් න්ොඩ්ක්ින්

    ReplyDelete

ඔබේ පංගුව...

...................................................................

Related Posts Plugin for WordPress, Blogger...