තවද එක්තරා පසල් දනව්වෙක උපායෙහි දක්ෂ නොවූ සිය පුත්‍ර තෙමේ, උපායෙහි කෙල පැමිණවීම කරනු නිසා "ස්ථානෝචිත ප්‍රාඥාව" නැමැති මාහාර්ඝ මිණි පළගේ ආනුභාව දක්වා මෙම කතා වස්තුව පියෙකු විසින් සිය පුත්‍රයා අරභයා දක්වන ලදහ.
මේ පුත්‍ර තෙමේ උපායෙහි දක්ෂයෙක් නොවීය. දිනක් පුත්‍රයා බණවා, ''පින්වත් පුතනුවණි, මිණි පලඟක් බදු වූ ස්ථානෝචිත ප්‍රාඥාව වනාහී දිව්‍යායුධයක් මෙන් ද, ප්‍රහාර මඟහරිනා පලිහක් බඳු වු ද, කල්පයක් හෝ කහවනු එක් රැස් කොට මිල දී ගත නොහෙන ආභරණයක් මෙන් ද වටනා සාස්ත්‍රයක් වන්නේ ය. එහෙයින් ස්ථානෝචිත ප්‍රඥාවෙන් කෙල පැමිණිම වනාහී මේ විපරීත යුගයේ දිවි ගෙවන්නා වූ සකල ලෝක වාසීන් ම ප්‍රගුණ කල යුතු සාස්ත්‍රයක් නොවේදැ"යි ඉකුත් වත් දක්වාලුයේය.
යටගිය දවස බරණැස් නුවර රජීව නම් ගාන්ධිවරයෙක් දැහැමෙන් සෙමෙන් රාජ්‍ය කරන සමයෙහි, අසල ලංකාදීපයෙහි අශ්ඨවාපී නම් පසල් දනව්වෙක පින්වත් පුත් කුමරෙක් උපන්නේ, උපන් මොහොතේ තාරුකා රූපීන්ගේ පිහිටීම බලා දෛවඥයන් විසින් එම පුත් කුමරාට ''බුද්ධිඝෝෂ'' යැයි නම් තැබීය.
මේ පින්වත් පුත් කුමරා නිසි විය එලැඹි කල දෙමාපියන් විසින් පසල් දනව්වෙ පිහිටි කණිෂ්ඨ තක්සලාවය, මහා තක්සලාවය, ජාතික තක්සලාවය යන තුන්තරා තක්සලාවෙන් එක්තරා තක්සලාවකට භාර කොට ප්‍රධාන ආචාරීන් බණවා මෙසේ කියන්නාහු, ''පින්වත් ඇඳුරුතුමෙනි, මේ අපගේ එකම පුත් කුමරා වන්නේය. මොහු වූ කලී ඇසිල්ලක් තරම් කාලයක් හෝ එක්තරා තැනෙක තබා ගත නොහැකි කොල්ලෙක් වන්නේය. එපමණකුදු නොවන්නේය, මේ පෝතක තෙම් ස්ථානොචිත ප්‍රඥාවෙන් මුහුකුරා ගොස් ඇත්තෙක් සේ කුමක් හෝ දණ්ඩණයක් නියම කළ කල්හී අප බණවා, මෙසේ වූ කාරණාවක් නිසා එසේ කලෙමි. එසේ නොකලේ වී නම් මාගේ අවසානය වන්නේයැ, අහවල් මානවයා කරණ කොට ගෙන මෙබන්දක් වීයෑ, ඒ කාරණාවට මාගේ අනුදැනුමක් නැතැ"යි හේතු කාරණා පල කොට දණ්ඩණය මග හරින්නේය. ඇඳුරුතුමනි, කිනම් හෝ දණ්ඩනයක් පමුණුවා මුන් අප වෙත හික්මුවාලුව මැනව"යි පෝතක කුමරු දෙස බල බලා දෙමාපියෝ සිය ප්‍රත්‍රයාගේ වත් දක්වා ලූයේය.
යට කී කුමරා ද එසේ මෙසේ එකෙක් නොවන්නේය. උන් තක්සලාවෙන් ශිල්ප උගෙන නිවසට එන්නෙ, නිවසේ තිබූ දෙයක් කෑවායින්, නොකෑවායින් චාලි නම් වූ සිටුතුමාගේ රඹ වනයට වන්නේය. උන් හා උගේ සහචරයින් එකක් වූ රඹ වනය දෙකක් කරන්නේ කෙසේ ද යත්, ඔවුනොවුන් රජුන් හා රුපුන් ලෙස පිල් දෙකකට බෙදී, රුපුන් ලෙස වෙස් ගත්තෝ "රාජ්‍ය හෝ දුන මැනව, යුද්ධය හෝ කළ මැනවයි" දූර්ථයන් අත පත් යවයි. ඉදින් රජුන් ලෙස වෙස් ගත්තවුන් "රාජ්‍ය දීමක් නැතැ, යුධ වදින මෝ වෙමු" යි පෙරලා පත් යවා චාලි සිටුතුමාගේ රඹ කදන් හා සටන් වදින්නෝය. කැකුලු රඹ කැන් මත එල්ලීගෙන, පැද්දී ගොස් අනෙකුන්ගේ කරට පැන උන් මඩවාලුය. වියලී ගොස් ඇති රඹ පත්‍ර ගෙන සතුරන් සේ වෙස් ගත්තවුන් රඹ කඳන් වල පිටිතල හයා බැඳලන්නාහුය. ඔවුන්ගේ ඉණ රැදි කැටපෝලය නම් උපරණයක් ගෙන සශ්‍රීක රඹ පත්‍රයන්ට එල්ල කොට ටැකැ යන නාද අනුනාද පැණ නැගී රඹ පත්‍රයන් සිදුරු විසිදුරු වන සේ කැට මුගුරින් ගැහැට කරන්නෝය. මෙසේ මුලු සවස් යාමයම සකල වූ රඔ වනයේ සම තැන් විසම කෙරෙමින් මහත්වු කෝලාහල පවත්වන්නේය. එතකිනුත් නොනැවතී බුද්ධිඝෝෂයෝ හා උන්ගේ සහචරයින්ගේ වත් පිලිවෙත් කෙසේ දක්වන්නෙ දැයි කියතොත් එය යට කී කතාව හා සර්වප්‍රකාරයෙන් සමාන වන්නේය.
මෙසේ ගත වූ එක්තරා දිනෙක බුද්ධිඝෝෂයෝ ඇවිටිල්ලෙන් කුලුගන්වනු ලැබු සිත් ඇතිව සිය තක්සලාවේ යහලුවෙකු වන ඥාණතිස්සයන්ගේ පුස්ථකයේ පිටකවරයක් අරභයා සබ්මැරීන් නම් යානාවක් සිතුවමින් අලංකාර කරමින් සිටිය දී, එක්වරම "චටාස්" යැයි නාද අනුනාද පැන නගින සේ මහත් වූ ශබ්දයක් තක්සලාව සිසාරා රාව ප්‍රතිරාව නැංවීය. බුද්ධිඝෝෂයන්ට මේ ශබ්දය අරභයා කුහුලක් උපන්නේ සිය යහලු ඥාණතිස්සයන් බණවා, "මිත්‍රය ඥාණතිස්ස, යම්කිසි නුහුරු ශබ්දයක් මාගේ දකුණු කර්ණභේරීය සිදුරු කරගෙන වමින් පිටවී මා තිගැස්සවීයැ, ඒ කිමෙක්දැයි කුහුලින් මගේ සිත පසුවෙතැ" යි විචාලේය.
එවිට ඥාණතිස්සයෝ "වන්නාටය, ඒ වනාහි අරුම පුදුම කෙලි භාණ්ඩක්යැ, අපගේ පංතියට යාබද පන්තියේ මදනායක නම් කුල පුත්‍රයා මැජික්මය පන්හිදක් රැගෙන විත් ඇතැ, එයින් අකුරු කිරීම උගහටය. එය පවත් වන්නෙ අනුන් රැවටීමටය. යම් කිසිවෙක් ඒ වූ මැජික්මය පන්හිදෙන් අකුරු කිරීමට පන්හිදෙ හි කොපුව හැරපියාවේද, ඒ තුලින් ගිනි පුලිඟුවක් පැණ නැගී එතකිනුත් නොනැවතී මහත් වූ ශබ්දයක් ද පැන නගින්නේයැ"යි පිලිවදන් දුන්නේය.
"කිමෙක්ද ඥාණ තිස්සය, අකුරු කරන පන්හිදෙන් ගිනිත්, ශබ්දයත් පිටවන්නේදැ?" යි බුද්ධිඝෝෂයෝ මහත් විමතියෙන් පෙරලා ප්‍රශ්ණ කරන කල්හී ඥාණතිස්සයෝ, "එසේය, එසේය යහලුව, එය වනාහී උපායෙකි. යම් කිසිවෙක් පන්හිදෙන් අකුරු කරමියි සිතා එහි කොපුව අඳින්නේ ද, එකෙනෙහි ම මහත් වීරීයෙන් සිරකොට ඇති විභව ශක්තියෙන් පොහොසත් යවුලක්, මුලින් යවා ඇති කැප්රෝල් නම් ගිණි බෙහෙතින් කරනා ලද පටියක නියම තැනට අසුරක් ගසන ඇසිල්ලකින් වැදීයයි. එකෙනෙහි ඇතිවන ඝට්ටණය කරණ කොට මෙසේ ගිණි පුලිගුත්, ශබ්දයත් පවත්වන්නෙ නොවේදැ"යි කැප්රෝල් පන්හිදේ ආදීනව දක්වාලීය.
එකලිහී බුද්ධිඝෝෂයෝ "මෙය වනාහී කැප්රෝල් පිස්තෝලයේ ම වැඩි දියුණු කල උපකරණකැ"යි සිය යහලු ඥාණතිස්සයන්ට බණවා, මුලින් කී මැජික්මය පන්හිද දැක බලා ගෙන, දින කිහිපයකට එය ඉල්ලා ගනිමියි, හෙටින් එළබෙන නිවාඩු දිනයන් හී එයින් ශිල්ප දක්වමියි අදිටන් කොට ගෙන මදනායකයන් බැහැදැකීමට එදින විවේක කාලයේ සුදුසුයැයි ඥාණතිස්සයන්ට යෝජනා දක්වන්නෙ, ඥාණතිස්සයන් ද එය වහා ස්ථිර කොට විවේක සමය පැමිණෙන තුරු සිය හස්ථයේ අංගුලි ගණින්නට විය.
තවත් නොබෝ වෙලාවකින් "ටැකෑන්, ටැකෑන්, ටැකෑන්" යන තක්සලාවේ ඝාණ්ඨාර හඬින් වාතලය කම්පා කරවා විවේක සමය උදාවිය. දහසක් වූ තක්සලා සිසුන් සෙල්ලමටය, ආහාරයට, අතපසු වූ අභ්‍යාස කිරීමය යන රාජකාරී සඳහා සුදානම් වන්නේ බුද්ධිඝෝෂයෝද, ඥාණතිස්සයෝද කලින් කතිකා කරගත් සේ මදනායක නම් කුළ පුත්‍රයා බැහැ දැකීමට පිටවීය.
එකල්හී මදනායකයන් සිය මැණියන් විසින් පිළියෙල කර දුන් දවල් බතට වග කියමින් සිය අසන මස්ථකානූරූඩව සිටින නියාව දැක යහලු දෙබෑයන් තුටුපහටුව පැමිණ එකත්පවස වාඩිවී, සිය කතිකාව ආරම්භ කරනු වස්, "පින්වත් මදනායක මිතුර, නුඹගේ මැජික්මය පන්හිද කෙරෙහි අනුකම්පාවෙන් අපි මෙහි පැමිණියෙමු. අපට එය පෙන්වාලුව මැනවයි" ආදී වූ චාටු බස් දෙඩීය.
එවිට මදනාකයෝ, "වන්නාටය! මැජික්මය පන්හිද වනාහි ඉතා දුර්ලභ එකකි. එය වෙන්ඩ මයිලනුවන් විසින් මාගේ වැඩිමහලු සහෝදරියට පත්කඩක් දීම් ආදී දූර්ථ රාජකාරී උදෙසා අත්ලසක් සේ දින කිහිපයකට දුන් උපකරණයකැ. වගකීම් විරහිත නුඹලා වැන්නවුන්ට එය තරම් නොවේයැ"යි වහසි බස් දෙඩීය.
බුද්ධිඝෝෂයෝ වනාහී උපායෙහි දක්ෂයෙකි. කුඩා කලම ස්ථානෝචිත ප්‍රඥ්ඥාවේ කෙල පැමිණියෙකි. ඉදින් ඔහු උපායක් කල්පනා කරන්නෙ මෙසේ සිතීය.
"මා හට මෙය දින කිහිපයකට ලබා ගන්නට නම්, මෝ හට හුවමාරුවට යමක් දිය යුතු වේ. නමුත් මෙවැන්නක් හුවමාරුවට ඇති වටනා දෙයක් මා සන්තකයේ නැතැ. එහෙත් ඇති දෙයින් උපරිම ප්‍රයෝජන ගනිමියි, නැති ගුණ වයමි"යි අධිෂ්ඨානයෙන් ඔද වැඩී ගියෙන් සිය සහක්කුවෙන් පතෙහි ලියනා විට දී ගෙවි ගිය පසු තුල් මාරුකල හැකි පැන්සල නම් උපරණක් ගතපීය.
"පින්තවත් මදනායකය, බලව! මා සන්තකයේ ඇති තුල් මාරු කළ හැකි මෙම පන්හිද? නුඔ ඔතරම් ගුණ වයනා කැප්රොල් පන්හිඳ මෙම පන්හිඳ ඉදිරියේ සිය ගුණයෙන් ද, දහස් ගුණයෙන්ද, දස දහස් ගුණයෙන් ද, පංගුවක් තරම්වත් ගත හොහැකි දෙයකි. නුඹගේ වෙන්ඩ මයිලනුවන් නුඹ අන්දවා ඇති සෙයකි. පත්කඩක් ගෙනයාම වැනි භාරදූර රාජකාරියකට මෙවැන්නකින් අත්ලස් ලබාගැනීමට සිත් වූයේ නුඔගේ මොළයට ඉහඳ පනුවන් විද ආපදා කොට ඇත්දැයි මා චිත්ත සන්තානයේ කුහුලක් උපනැ" යි අපහාස කොට සිය කැප්රොල් පන්හිඳ කෙරෙහි මදනායකාගේ මානය බිඳලීය. එතකින්ද නොනැවතී සිය පන්හිද පෙන්වමීන් එහි නැති ගුණ කියාපීය. යහලු ඥාණතිස්සයෝ "එසේයැ, එසේයැ" ආදී වදනින් බුද්ධිඝෝෂයෝ අරභයා අගුල් පත් තැබීය.
මදනායකගේ සිත ද මේ වූ වික්ෂිප්තයෙන් තුල් මාරු කරන පැන්සල වෙත ඇලී ගියේය. ඉදින් මදනායකයෝ "මාගේ මේ කැප්රෝල් පන්හිද දින කිහිපයකට, මෙවක් වූ අරුම පුදුම තුල් මාරු කරන පැන්සල හා මාරු කරමි"යි අදිටන් කරගතපීය.
එවිට යහලු ඥාණතිස්සයෝ, "මදනායකය, ඔබට අනුකම්පාවෙන් තුල් මාරුකල හැකි පැන්සල ඔබගේ නොවටනා පන්හිඳට අප හුවමාරු කලේ වීද, මෙම පැන්සලේ තුඩවල් අප උගුල්වා ගන්නෙමි. කැප්රෝල් පන්හිඳ පුරවා ගැනීමට කැප්රෝල් පටි යහමින් දෙන්නෙ වී නම් ඒ හිලව්වට පමණක් තුඩවල් දෙමි"යි අනෙක් යෝජනාවක් ද දැක්වීය. මදනායකයෝ ද බුද්ධිඝෝෂන්ගේ හා ඥාණතිස්සයන්ගෙ වහසි බස් නම් වලාපටින් වැසුනු බුද්ධිය නම් හිරු කිරණින් යුක්තව සිටි නියාවෙන් ඒ සියල්ලට එකඟව සිය පන්හිඳ ද, කැප්රෝල් පටි මංජුසාව ඇර එයින් සුඟක් ද හුවමාරු කරගතපීය. මෙයින් මහත් සොම්නසින් උදම් වූ යහලු දෙබෑයෝ හෙටින් උදාවන නිවාඩු දෙදිනේ දී කැප්රෝල් පන්හිදෙන් නියමාකාර ප්‍රයෝජන ගනමෝ වේදැයි කතාබස් කොට නික්ම ගියෝය.
සූර්ය දිව්‍ය රාජෝත්තමයාණන් වහන්සේ දිනයක වැඩ නිමවා හෝරා කිහිපයක ඈවෑමෙන්, පසු දින උදයේ සිය රශ්මි කදම්භයෙන් පොලෝ තලය සනහා තවත් දිනෙක උදාව දැක්වීය.
උදෑසනම කෙලියෙන් දවස ගෙවීමට පැමිණි ඥාණතිස්සයෝ සමඟ බුද්ධිඝෝෂයෝ ද නියම් ගමේ බොහෝ වැසියන් කැප්රෝල් පන්හිදෙන් මුලා කරවමියි සොම්නස් සිත් ඇතිව පිටත් වීය. ඉදින් මෙම අරුම පුදුම පන්හිදෙහි උපායට අසුනොවූ කෙනෙක් හෝ හදුනා ගන්නේ වී නම් එය නොමල ගෙයකින් අබ මිටක් ගන්නා වැනි වු දුෂ්කර කාර්යක් ම වන්නේය. බුද්ධිඝෝෂන්ගේ ගෙයින් පටන් ගත් තැන සිට අනුලෝම ආකාරයෙන් පණිවිඩ පත් බෙදන රණවීරය, කඩේ වික්ටර්ය, විල්බොට්ය, ජයසිරිය, වෙළන් බාස්ය, අලි බාස්ය, කරණවෑමියාය, චාලි සිටුතුමාය යන පුරුෂන්ද, අනුලාද, සෝමලතාද, බියුලින්ද, පොලින්ද, ගුණවතී ද, එතනා ද යන ගැහැණුන්වද උපායෙන් මුලා කරමින් දවස ගෙවන්නෙ මධ්‍යාහ්න හිරු කිරණින් මඩනා සිත ද ගතද විය. ඉනික්බිති මුන් දෙදන අහස බලා "ඉර මධ්‍යාහ්නට එළඹ ඇත, දවල් බතට වෙලාවයැ"යි කතිකා කොටගෙන ගෙට එන්නෝ දිවා ආහාරය ගෙන සිය උපායෙන් ගම්මුන් බිය වැද්දවු කළ ඔවුන්ගේ ගිරියෙන් හඩ තැලුම්, පරුෂ වචනයෙන් බිණීම්, පහරදීමට පැන්නීම් ආදී විකාර දේ ගැන සතුටු සාමිඡ්චියෙන් පසු විය.
සවස් යාමයේ අශ්ඨවාපී ගම්මානයේ එක් කෙලෙවරක පිහිටි ආරාමයට රැස්වූ, රටේ රාලය, මොහොට්ටාලය, සංවර්ධන සමිතියේ ලේකම් තැනය, භාණ්ඩාගාරික තැනය, ආරාමයේ ප්‍රධාන සංඝනායක ස්ථවිරයන් වහන්සේය යන පිරිවර, කලින් යොදා ගත් පරිදි ආරාමයේ බුද්ධ මන්දිරයට හුනු පිරියම් කිරීමටත්, අනෙකුත් අලුත්වැඩියා කටයුතු උදෙසාත් ආධාර එක්රැස් කරනු වස් ගෙන් ගෙට යන්නෙ බුද්ධිඝෝෂයන්ගේ දොරකඩට වන්නේය.
බුද්ධිඝෝෂයන්ගේ පියා ද මවද සාසනයට නැමුනු සිත් ඇත්තෝ ය. ඒ කෙරෙහි මහත් ශ්‍රද්ධා කටයුතුය. ඉදින් ආරාමයේ ප්‍රතිසංස්කරණාදී කටයුතු උදසා ආධාර කරන්නෙ, බුද්ධිඝෝෂයන්ගේ පියා විසින් සිය පසුම්බියෙන් කහවනු සීයේ පටියක් ඇද සිය පුත්‍රයාට පා, "කිමෙක්ද පුතණුවනි, බලා නොයිද නුඹගේ අපල උපද්‍රව ඇතොත් ඒවා හිරු දුටු පිණි බිඳු මෙන් වියැකී යේවායි සිතා මෙතැන නම ලියා අත්සන තබව"යි සංඝනායක ස්ථවිරයන් දැක්වූ පත්කඩ බුද්ධිඝෝෂයන්ට දැක්වාලූය.
බුද්ධිඝෝෂයෝ මෙතුවක් වේලා සෙල්ලමින් ගත කොට ඇති නියායෙන්, "පියාණෙනි, මාගේ සියොලඟ රජස් ආදී කිලිටි ඇති බව නොපේනේද? ඉදින් මා මේ පත ඇල්වූ සැනින් මෙයද කිලුටි වැ යා හැකියැ"යි කරුණු දැක්වීය.
බුද්ධිඝෝෂයන්ගේ බුහුටි කතාව ඇසු සංඝනායක ස්ථවිරයන් ද "දෙව, මම ම නුඔගේ පින්වත් පුත් කුමරාගේ නම ලියමි, ආධාර ගනිමි"යි පියාට පවසා පත්කඩ අතට ගන්නෙ, සිය පන්හිද අන්තර්ධානව ඇති නියාය හැගී ගියෝය. ඉදින් ස්ථවිරයන් වහන්සේ "නුඔලා සන්තකයේ පන්හිදක් වේ නම් දෙව!" යි සිය අනුගාමිකයන් බැණවීය. අනුගාමිකයෝ ද ගමනට වන් කල පන්හිදක්වත්, දෙකක්වත් සහක්කුවේ දමා නොගෙන පැමිණිමේ දෝෂය සංඝණායක ස්ථවිරයන් වහන්සේගෙන් සඟවනු වස්, "පන්හිදක්, පන්හිදක්" යනුවෙන් කපටි සිත් ඇතිව ඔබ මොබ බලමින් සිය පසුම්බිද, සහක්කුද පිරිමදින්නට විය.
අනුගාමීන් ස්ථවිරයන් අරභයා කරන ලද මේ මුලාව බුද්ධිඝෝෂයන්ට ද, අසල ගේට්ටු කනුවට පිට දී සිටි යහලු ඥාණතිස්සයන්ට ද, පෑදී ගිය ගං පතුලේ පෙනෙන්නා වූ ගල් කැටයක් මෙන්ද, ඝණ අන්ධකාරයේ බබලන චන්ද්‍රයා මෙන් ද මනා කොට පෙනී ගියෙන්, බුද්ධිඝෝෂයෝ යහලු ඥාණතිස්සයන් දෙස බලන්නෙ ඔවුන්ටම ආවේනික වූ බසෙකින් යමක් විමැසීය. ඥාණතිස්සයෝ ද එය අනුමත කරන බව හිසින් දැක්වීය.
ඉදින් බුද්ධිඝෝෂයෝ තම යහලු ඥාණතිස්සයන්ගේ අනුමැතියෙන් ඔද වැඩි ගිය සිත් ඇතිව, යට කී අනුගාමිකයන්ගෙන් එකෙක් වන මොහොට්ටාලගේ නේත්‍ර මානයට කැප්රෝල් පන්හිඳ හසුවන සේ යමක් කර දැක්වීය. මොහොට්ටාලයෝද ඔබ මොබ බලමින් මේ වූ ව්‍යසනයෙන් ගැලවෙන්න මෝ කෙසේදැයි විමසන්නේ, බුද්ධිඝෝෂන්ගේ උපාය නිසා උඩ සහක්කුවේ විරාජමානව සිටින කැප්රෝල් පන්හිදෙහි නෙත ගැටී ගියේ ය. ඉදින් මොහොට්ටාල සිතන්නෙ, "එක මුගුරින් පක්ෂීන් දෙදෙනෙකු හෙලමි, මේ කොල්ලාගේ වරද දක්වා, අපගේ වරද සඟවමි"යි සිතා, "කිමෙක් ද දරුව, ගරු සංඝනායක ස්ථවිරයන් මෙතරම් වෙහෙසවී පන්හිදක් සොයන නියාව නොපේනේදැ, ගරු කටයුතු අප වැනි උතුමන්ට සැලකීමට තොප වැන්නවුන් සිත් කෙදිනෙක නැමේදැයි නොදනිමි"යි දෝෂාරෝපන කොට, බුද්ධිඝෝෂයන්ගේ අවසරයක් නොමැතිවම සහක්කුවෙන් කැප්රෝල් පන්හිද ගෙන, සංඝනායක ස්ථවිරයන් වහන්සේ වෙත මහත් ගෞරව බහුමානයෙන් පෑවේය.
පන්හිදක් සෙවීම් ආදී කලබලයෙන් යුක්ත වූ අනිත් මිනිස්සු ද, ස්ථවිරයන් වහන්සේ ද මේ වූ විපරීතය නොදැන, මොහොට්ටාල වෙත සිය කෘතඥතාවය දක්වා කැප්රෝල් පන්හිඳ බාරගත්තේය. බුද්ධිඝෝෂයෝද සිතු ලෙසම හරියාකාරව මළ පුඩුව මොහොට්ටාලගේ බොටුවටම හුන් නියාව දැක "ඉදින් මොහොට්ටාලගේ අවසානයයැ"යි ප්‍රීතියෙන් චිත්ත වේග පහල කොටගෙන මුවින් නොබැන සිතපීය. යහලු ඥාණතිස්සයෝ ද පණ්ඩිතකමින් මඩනා ලද සිත් ඇතිව, දුර දිග නොබලා ම අනුමත කිරීම් ආදී නොකටයුත්තක් කලේ වීද මත්තෙහි වීමට හැකි ව්‍යාසනය සිතින් දැක මහත් වික්ෂිතයෙන් ද, වැගිරෙන්නා වූ දහඩිය පොල්ලෙන්ද, අයාගත් මුවින් ද, වෙව්ලුම් කන්නා වූ පාද යුග්මයෙන් ද, පිටවෙන්නා වූ කර්ණදූමයෙන් ද යුතුව බලා හුන්හ.
කෙතරම් වීරිය කලද ලබු කබල් දියෙහි ගිල්වා තැබිය නුහුනු සේ මොහොට්ටාලගේ පුර්ව ජන්ම අකුසල කර්මයක් අන් සියල්ල යටපත් කොට ගෙන පැන නගින්නෙ, කැප්රෝල් පන්හිද ගත් සංඝනායක ස්ථවිරයන් වහන්සේ බුද්ධිඝෝෂයන්ගේ නම පත්කඩේ කිරීමට "බු" යන්න ලියන්නට සිතා එහි කොපුව ඉවත් කලා එපමණකි.
මෙතුවක් වේලා කොපුවට සිරවී විභව ශක්තියෙන් පොහොසත්ව තිබු යවුල අසුරක් ගසන වේගය කෙතෙක් ද, එයින් සියයෙන් පංගුවක වේගයෙන් කෙලගෙන පැමිණ යහලුවන් කලින් ස්ටෑන්ට් බයි කොට තිබූ කැප්රෝල් පටියෙහි පවත් වන්නා වූ ගිනි බෙහෙත් බොත්තමෙහි ඝට්ඨනය විය. එකල් හී සංඝනායක ස්ථවිරයන් ද අවට සිටි මිනිස්සු ද මහත් වූ භයට පත්කරමින් කැප්රෝල් පන්හිදෙන් ලොවෙත් නැති ශබ්දක් වා තලයට මුසු ව ප්‍රකම්පනය වූයේ එය පුපුරා ගියේ ය.
ක්ෂණයකින් ප්‍රාදූර්භූත වූ මෙම ශබ්දය අදහාගත නොහැකි අයෙක් වු රටේ රාලය, සංවර්ධන සමිතියේ ලේකම් තැනය, භාණ්ඩාගාරික තැනය යන අය, " ඉදින් අප නටුයෙමු. ගම්මුන් උදෙසා පෙර අප එකමුතුව කල මුල්‍ය වංචාවන් දෙවියන් දැක, අපට වැසි නැති හෙන පාත්කරන්නේයැ"යි මුලාවටත්, භයටත් පැමිණ, මේ ව්‍යාසනයෙන් අප මුදාලුව මැනවයි සංඝනායක ස්ථවිරයන්ට බණවා යාඥාවෙන් කන්නලව් කලාහුය.
සංඝනායක ස්ථවිරයන් වහන්සේ ද සිය සංසාර ගමනේ දී කොපුව ගලවන විට පුපුරා යන එකදු පන්හිඳක හෝ මතකයක් නැති නියායෙන් එතැනම පාෂාණීභුතව වැඩ හුන් සේක.
අවශේෂ පුදගලයන් වූ බුද්ධිඝෝෂන්ගේ මෑණියෝද, පියාණෝද, යහලු ඥාණතිස්සයෝ ද පිලිවෙලින්, පැණි කුරුල්ලන්ය, තාරුකාය, කොම්බුය යන දේවල් හිසින් පැන නැග නැග තිබීයදී ම බිරාන්තව බලා හුන්හ. මේ ශබ්දය කණවැකී ගිය අසල්වැසියෝද, අනෙක් වැඩක් කරගැනීමට මාවතේ ගිය මිනිස්සු ද වහා එතැන වටවිය.
එකල්හී මොහොට්ටාලයෝ මේ වූ සියල්ල තමා හා සංඝනායක ස්ථවිරයන් බිඳ වීමට බුද්ධිඝෝෂයන් කල උපායකැයි හරියාකාර අනුමානයට පැමිණ, සංඝනායක ස්ථවිරයන්ට වැද එකත්පසව උන්වහන්සේ බණවා බුද්ධිඝෝෂයන්ගේ දුෂ්ඨ උපායක් නිසා මෙවැනි ව්‍යසනයක් සිදු වූවා නොවේදැයි හේතු කියපීය. සංඝනායක ස්ථවිරයන් ද මහත් වූ වේගයෙන් "එය එසේ දැ"යි බුද්ධිඝෝෂයන්ගෙන් පෙරලා විමසුව සේක.
බුද්ධිඝෝෂයෝ ද යට කී පරිදි උපායෙහි දක්ෂයෙකි. කුඩා කලම ස්ථානෝචිත ප්‍රඥ්ඥාවේ කෙල පැමිණියෙකි.
ඉදින් පලබර වූ රුකක් මෙන්ද, පැසී ගිය ඇල් වී කරලක් මෙන්ද, ඉදිරියට නැමී සිය හස්ථයන් නලල් තලය පිට හොවා සංඝනායක ස්ථවිරයන් වහන්සේට වැද එකත්පසව, කේසර සිංහයෙකුගේ නාදය කෙසේද, එසේ වූ ගාම්භීර සංප්‍රයුක්ත නාදයකින් ස්ථවිරයන් අමතන්නෙ මෙසේ කීය, "ගරු සංඝනාකය ස්ථවිරයන් වහන්ස, දැන් වූ සකල විද උපද්‍රව උදෙසා මාගේ කිසි බැඳීමක් නොවන්නේය. සියල්ල වූයේ මේ මොහොට්ටාලගේ අඥාණකම් නිසා නොවේදැ"යි පවසන්නේ, සංඝනායක ස්ථවිරයන් වහන්සේ ඒ කිමෙක්දැයි විචාල කල්හී, පෙර දින රෑ නරඹන ලද සිතුවම් පටයක මන බඳනා ලද දර්ශණ කඩක් සවිස්තරව අනෙකුන්ට විචාරන්නේ කෙසේද, එසේ වූ ආකාරයෙන් ස්ථවිරයන් වහන්සේගේ චෛතසිකයේ චිත්තරූප මැවෙන සේ මොහොට්ටාලගේ කයිරාටික කම පෙන්වා, එතකිනුත් නොනැවතී තමාගේ අනුදැනුමක් නොමැතිවම මොහොට්ටාලයෝ මෙය පැහැරගත් නියාව අභිණනයෙන් ද වචනාර්ථයෙන් ද දක්වා සිටියේය.
මොහොට්ටාලගේ කයිරාටික කමත්, බුද්ධිඝෝෂයන්ගේ ස්ථානෝචිත ප්‍රඥාවේ මහිමයත් දුටු එතැනට රැස් වූ මිනිසුන්ගෙන් සමහරෙක් බුද්ධිඝෝෂයන් අරභයා ප්‍රශංසා මුඛයෙන් පිහිටියෝ ය. සමහරෙක් හිකිස් යන අනුනාදයෙන් සිනහවේ පිහිටියෝ ය. සමහරෙක් තම කරෙහි වූ අමුඩ ලෙහෙන්සුව නම් රෙදි කඩ දෙඅතට ගෙන ගෞරවාර්ථයෙන් පිහිටියෝ ය. අවශේෂ මිනිස්සු බුද්ධිඝෝෂ කුමරාගේ ප්‍රඥාවේ මහිමය නිසා මහත් චිත්තප්‍රීතියෙන් යුක්තව සංඝනායක ස්ථවිරයන් වැද ගෙවල් බලා පිටවීය.
පින්වත් පුතණුවණි, නුඹද නියමාකාරයෙන් ස්ථානෝචිත ප්‍රඥාව ප්‍රගුණ කලේ වී නම්, එකල මොහොට්ටාලගේ උපායෙන් ගැලවුනු බුද්ධිඝෝෂයන් මෙන් මෙදින නුඹට ද එවැනි මනුෂ්‍යයන්ගෙන් ගැලවීම නියත නොවේදැයි විචාරා, තවද පුත් කුමරුගේ මතු යහපත ම උදෙසා පවසන්නේ, "බුද්ධිඝොෂ කුමරු අරභයා ඇති කතා වත්ථු නම් එමටය. සත් දිනක් වුව නොනවත්වා කීමට කතා වස්තු පවත් වන්නේයැ"යි මතුවට එන එහි ලින්ක් ද දක්වා පළමුව සයිබර් අවකාශයට ගොස් මත්හෙහි ඇති සයිබර් යායට ගොඩවැදී තොපට රිසි වන්නේ කෙතෙක්ද, එතෙක් කතා කියවා තම ප්‍රඥාව වඩවා ගන්නෙ නම් මැනවයි කැප්රෝල් පන්හිදේ කතා වත්ථුව නිමා කලේ ය.
පුත්‍ර තෙමේත් ''යහපති, පියාණෙනී"යි පිලිවදන් දී ඩොංගල් නම් උපකරණය පරිගණයට පූට්ටු කරපීය.
ඉනික්බිති පියාණෝ ද තිස්තුන් කෝටියක් වූ දෙවි දේවතාවුන් ආමන්ත්‍රණය කොට, තම පුතණුවන් කෙරෙහි නුවණ පිහිටුවා ගැනීමට උපකාරී වූ බුද්ධිඝෝෂ කුමරුන් අරභයා අනේක වාරයක් පින් දී මහත් වූ සාධු කාර පැවැත්වීය.
- ජාතික තක්සලාව - කුඩා දොරටුවක් නිසා ඇතුලත් වීමට ඉතා අපහසු පාසල් වර්ගයකි.
- මහා තක්සලාව - ජාතික තක්සලාවෙහි දොරටුවට වඩා ටිකක් ලොකු දොරටුවක් ඇති පාසල් වර්ගයකි.
- කණිෂ්ඨ තක්සලාව - මෙහි දොරටුව මකර කටක් මෙන් ලොකුය. ළමුන් පාසලට එනවාට වඩා පිටවී යයි.
- සබ්මැරීනය - දිය තුල ගමන් ගන්නා වාහනයකි.
- කැප්රෝල් - වෙඩි බෙහෙත් ගුලියක් නිශ්චිත දුරකින් තබා නිමවා ඇති පටි වර්ගයකි.
- කහවනු සීයේ පටිය - මුහුනතෙහි දැක්වෙන අගය නිතර අවප්‍රමාණය වන අරුම පුදුම මුදල් නෝට්ටුවකි. විටෙක පාවේ.
- මැජික්මය පන්හිඳ - ජිමික් වැඩ කල හැකි පෑනක්.
- ස්ටෑන්ට් බයි - පොරොත්තුවෙන් සිටීම.
- ලොවෙත් නැති ශබ්දය - හිතාගත නොහැකි තරම් වූ ශබ්දය.
- පැණි කුරුල්ලන්ය, තාරුකාය, කොම්බුය යන දේවල් - සමහර මිනිසුන් බිය වූ විට මේවා හිසින් පිට වේයැයි මිත්‍යා මතයක් වේ. බොහෝවිට මෙයට වගකිව යුත්තෙ චිත්‍ර ශිල්පීන්ය.
අරුණට පෙර දැහැත් වළදා කොම්පීතර රාජයා පෙර අසුන් ගත් කල්හි මෙය දුටිමි.මෙයින් මගේ යක් ලේ ධාතුව පිරිසිඳු වුනේමැයි.
ReplyDeleteඅදෝමැයි!
Deleteනම පරයෙක්ගේ බඳු වුවදැ ඔබත් හෙල යකෙක් එහෙනං.... ප්‍රීති ප්‍රීති!
(මෙතුවක් මම දැහැත් යනු බුලත් යැයි අනෙක් සිතුවිල්ලක උනෙමි. පෙනෙනා ආකාරයට එය තේ වතුරාදිය විය යුතුයැ.)
මෙච්චර කල් 'පන්සිය පනස් ජාතකය' ලියපු කෙනා හොය, හොයා හිටියේ. මෙන්න හම්බ උනා. බුද්ධිඝෝෂගේ භාෂාව නම් නියමයි. වචනයක් නෑර තේරුනා.
ReplyDeleteඒත් මේ 'ටැකෑන්, ටැකෑන්, ටැකෑන්' කියන්නේ මොකක්ද කියලා නම් තේරුනේ නෑ.:D:D:D
සුපිරියි බුද්ධි.
ඒ සීනුවනෙ පොඩ්ස්...
Deleteපොඩි කුමරිය,
Deleteවැනුවාට තුති!
මෙච්චර කල් 'පන්සිය පනස් ජාතකය' ලියපු කෙනා හොය, හොයා හිටියේ.// එකල මා ජාතක පොතේ කතෘ කව්ද? යන පැනයට පිලිතුරු සේ තොටගමුවේ ග්‍රී රාහුල හිමියැයි පවසා බොයන්න රුයන්න ආකාරෙයේ අකුරු රතු පෑනින් පුස්ථකයේ කරගෙන පිටහරහා අතුල් පහරවල් දෙකක් දෑ කෑවෙමි.
ටැකෑන් ටැකෑන් සෙන්නාවන් පවසන සේ පඨශාලාවේ සීනු නාදයයි.
...................
මේ කවරනම් රඹ පුෂ්පයක්දැ...!!??
ReplyDeleteබූරනුව,
Delete"කවර" නම් රඹ පුෂ්ප ගැන අසා නැත්තේමය. පුවාලු, අලු, සීනි, කෝටිකුට්ටු, ඇඹුල් ආදිය නම් කලින් අසා ඇත්තේය.
කියවන්ඩ ගිහිල්ලා දිවත් ටිකක් උලුක් උනා
ReplyDeleteඅටම්පහුර,
Deleteසිතෙන් කියවව! එවිට උලුක් වීමක් නැතැ!
කුමක්ද මේ කප්රෝල් පන්හිද ? තොප සහචරයන් භිය ගන්වන උපකරණයක්ද ?
ReplyDeleteසූදික,
Deleteනැවත වරක් ප්‍රතිලෝම හා අනුලෝම වශයෙන් කියවා තේරුම් ගනුව. එය කෙලියට ගන්නා පන්හිදක් බය එවිට වැටහෙනු ඇතැ.
නියම කතාවක් !
ReplyDeleteමා ගාව තිබ්බා කැප්රෝල් රොකට්ටුවක් !
සිරාවට..මටත් මතක්උනේ ඕකමයි.සිමෙන්ති පොළවෙ අතාරිනකොට ලොවෙත් නෑ.
Deleteමධුරංග, විමුක්ති,
Deleteකැප්රොල් පන්හිඳය, කැප්රෝල් පිස්තෝලයය, ආදී කෙලිබඩු යුස් කර තිබුනද, කැප්රෝල් රොකට්ටුවත් දැක තබා, එහි ක්‍රියාකාරිත්වය සිතින් මවා ගැනීම පවා උගහටය. එක කෙසේ නම් කෙලි බඩුවක්දැ?
කැප්රෝල් රොකට්ටුව වනාහි කෙළිය පිණිස චන්ද්‍රයා වෙත යැවිය යුත්තකි.. එය චන්ද්‍රපෘෂ්ඨයේ ගැටුනුවහාම 'පටාස්' යන ස්වරයෙන් නින්නාද උපදවයි.. ;)
Deleteබූර,
Deleteඑම පිළිවදන් අසා බුද්ධිඝෝෂයෝ හිකිස් යන නාදයෙන් සිහවවේ පිහිටියේයැ.
සුපිරියැ!!
ReplyDeleteතුතියැ!
Deleteපට්ට පට පටස් :D
ReplyDeleteඅනාගත දරුවන්ගේ නුවණැස පාදනු වස් බුද්ධිඝෝෂ කුමරුන්ගේ කතන්දර අන්තර්ගත කෘතියක් කරවන්නේ නම් මැනවි....
මමත් ඕක කියලා ගොඩක් කල්.. තාම නෑ..
Deleteහසිත, සෙන්නා,
Deleteබොහෝ දෙනෙක් කියා ඇත. මාතුල කුහුලක් ඇත. දැනට මිල දී ගන්නට 5 ක් ඇත. 100 වූ විට අච්චු ගසමි:)
මේ සා දස්කම් පෑ බුද්ධිඝෝෂනම් ඒ කුමරාණන්ට මගේ ප්‍රණාමය මෙසේ පුදකරන්නෙම් . එසේ වුවද රජීවනම් ගාන්ධිවරයා දහමෙන් සෙමෙන් නොව අදහමෙන් අන් රාජ්‍ය තමා සතු කර ගැනීමේ අධ්යාශයෙන් උපාය මාර්ග යොදමින් මෙම ලක්දිවෙහි භීතිය පැතිරු ඒ අසත්පුරුශයාහට ආරක්‍ෂිත සැට්ටයක් පළඳවා වෙසෙසි අත් අවියක්ද දුන් පසු බලහත්කාරකමින් පරිප්පු පතිතකරමින් මෙම දේශයෙහි එකල්හි නයුවාවූ ජයවඩනයන්ගේ එක අතක් අඹරවාගෙන පසුපසට ඇද අනිත් අතින් නොරිසිවූ ගිවිසුමක් අත්සන් කරන්න යෙදුන අවස්තාවේදී දක්ෂිණ ලංකාවෙහි ජාතවු සිහ පෝතකයෙක් සිය තුවක්කු කඳින් ඔහු හිස් මත එදා හෙලු ඒ ප්‍රහාරය සිහි කර දෑස කඳුළු නංවමි සබඳ ..
ReplyDeleteඅම්මපා සහතික ඇත්ත..
Deleteලංකාප්‍රියයාණෙනි,
Deleteවැනීම අරභවා නොවක් තුති.
....................
සෙන්නා සහ ලංකාප්‍රියයාණෙනි,
රජීව නම් ගාන්ධිවරයාට පහර දුන් වීඩියෝ ව මෙතැනින් බලව.
http://www.youtube.com/watch?v=wnMB5YfMTjo&feature=related
මෙකී බුද්ධිඝෝෂයා කුමන තක්සිලාවකට ගියද හරිහැටි වැඩකරන ලින්කුවක් දැමීමට උගෙන නැත.
Deleteමෙලෙස දමව, කොලුව, මෙලෙස දමව!
http://youtu.be/wnMB5YfMTjo
!!!
කකා,
Deleteදෙපැත්තෙන් කෝඩ් කැබලි දමා මැදින් ලින්ක් ආදි අකුරු යෙදීම එකල ද උගහටය, මෙකල ද උගහටය. පහන් සිත් ඇත්තෝ ලින්කය සිලෙක්ට් ඕල් කර මත්තෙහි රයිට් ක්ලික් කර ගෝ ටු ආදී විධානයන්ට ක්ලික් කර බලත්වායි ඒකායන අරමුනෙන් එසේ කලේමි.
බුද්ධිඝෝෂයන්ගේ කතා වස්තුන් ඇසීමට පුලපුලා බලාසිටි මේ තෙමෝ අද ඉමහත් චිත්ත ප්‍රීතියට පත් වූ වෙම්හ. .
ReplyDeleteප්‍රීති, සුභාවෙනි ප්‍රීති!....:D
Deleteඅඩේ.... මේක නම් නියමයි අප්පා... ජීවිතේට ජාතක කතා කියවන් නැති මං ඔන්න අද ජාතක කතාවකුත් කියෙව්වා... නිකං එකක් නෙවෙයි.. නව නිර්මාණයක්...
ReplyDeleteකරගත්තා වූ මේ කුසල කර්මයන්ගේ ආනුභාවයෙන් චූට් මහත්තයාට සසර දුක් නිවා ගෙන නිවන් සැප ලබා ගැනීමට හැකි වේවා.......!!!
සාධු සාධු සාධූ..........
හිරු,
Deleteජාතක කතා තරම් රසවත් නිර්මාණ එකතුවක් තවත් ඇද්දැයි නොදනිමි. අද මෙන් එදාද, අද සිටින ආකාරයේ ඩයල් සිට ඇත. ඔවුන් කරන ක්‍රියාවන් මා සිත මත් කරවයි. ඔබද වහා වහා ජාතක පොත් වහන්සේ කියවා ඒ චිත්තප්‍රීතිය ලබා ගනිතැයි මා සිත පසුවේ...
සාදුසාදු!!
බුද්ධිඝෝෂ මානවකයා මෙතෙක් කල් සයිබරයාය හැරපියා ගොස් සිටියේ මෙම මාගල අකුරු කිරීමට විය යුතුයැයි සිතේ. ගැටපද විවරණයද මාගල තරම්මැ රසවත්යැ.
ReplyDeletehenryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)
සබඳ මෙය මාගලක් නොවැ යොදුන් සීයක් දුරැති මහවෙයකි.. එසේ වුවද රසයෙන් අනුනවේමැයි ..
Deleteඩූඩ් මානවකය,
Deleteමෙවැන්නක් අකුරු කිරීම දුෂ්කර වූ ව්‍යායාමක් බව පසක් වී ම අරභයා මාගේ බලවත් චිත්තප්‍රීතිය පිලිගත මැනව. ගැට පද විවරණය නොමැතිව එකල මට කතා තේරුම් ගැනීමේ අපහසුවක් වූ නියාව සිතට නැගුනෙන්, ඔබ සියලු දෙනාගේ පහන් මෙව්වා එක උදෙසා එම කොටස ඇතුලත් කලෙමි.
...........
ලංකාප්‍රියයන්ගේ,
බසෙහි ආනුභාව දැක "කී" වැරදියට එබී අලුත් වදනක් මැවිනිදැයි මගේ සිත එකවර චංචලව ගියේයැ. නොවක් තුති පිලිගත මැනව.
මෙය කියවූ පසු මාගේ මෙව්ව එක මෙව්ව වී පැණි කුරුල්ලන්ය, තාරුකාය, කොම්බුය යන සංකේතයෝ මාගේ හිසින් මතුවනු දැනින.
ReplyDeleteමං හිතුවෙ ස්ටෑන්ඩ් බයි කියන එක වැරදිලා ලියවිලා කියල. බලපුවං ඒකත් හෙළු වදනක්නෙ.
ප්‍රසන්නය,
Deleteඒ පවත් අසා මා පුදුමය පත්වියැ. ඒ කියන්නෙ ඇත්තටම කොම්බු ආදී වස්තුන් පිටවන්නෙ දැ...
මං හිතුවෙ ස්ටෑන්ඩ් බයි කියන එක වැරදිලා ලියවිලා කියල. බලපුවං ඒකත් හෙළු වදනක්නෙ.// හෙලු වදනක් තමා යකෝ.... මමත් හෙලු යකෙක් නොවැ.
මේ උක්ත කතාව අපි අරඹයා මේ සයිබර් අවකාශයේ ගෙනහර පෑ කෙහෙල් කොටුවේ චුටි මහත්තයා වන්නා ඔබ හට අනේක වර තැන්ක්යූ වන අතර, තිස් තුන් කෝටියක් වන්නවු දෙවි කැලගෙන් සැමදා ආරක්ෂාව ලැබේවා
ReplyDeleteඅමිලයාණෙනි,
Deleteඅනේක වාරයක් තැන්කියු උදෙසා වෙල්කම් පිරිනමන අතර, ඔබටත් සියලු දෙවි දේවතාවුන්ගේ ආරක්ෂාව නොමඳ ව ලැබේවා..!
එම්බල බුද්ධිඝෝෂය, තොපගේ කතා වස්තුව කියවා මාගේ චිත්ත සංතානයේ බුර බුරා නැගි ප්‍රීතිය හිකිස් යන අනුනාදයෙන් සිනහවේ පිහිටියේය.තොප නම් කතාවේ සැබෑම දක්ෂයෙකි. අහා...
ReplyDeleteපිනිබිදුව,
Deleteකාලයට පසු කමෙන්ට් කිරීම නම් භාරදූර රාජකාරිය කිරීමෙන් මැ තොපගේ චිත්ත සන්තානයේ බුර බුරා නැගී ආ ප්‍රීතිය මට සිතාගත හැකිය.
වැනීම අරඔයා නොවක් තුතියැ!
උම්මග්ග ජාතකය ලිව්වෙත් බුද්දි අය්ය නේද?..... එකත් මේ වගේ ලිව්වනම් මට සිංහල වලට තිබ්බ C එක D එකක් වෙන්න තිබ්බ
ReplyDeleteමී ගොඩයා,
Deleteඋම්ම්මග්ග ජාතකය වනාහී ජාතක පොතේ දීර්ඝතම කතාවයැයි අසා ඇත්තෙමි. එවැන්නක් මා ලියූවෙ නම් මාගේ ඇගිලි ගෙවී යාමට තිබුනි. මෙම කතාව අරභයාද මාගේ ඇගිලි තුඩු කකියන්නේයැ:)
අපේ රාජපුරුෂයින්ට බුද්ධිඝෝෂව බාර දුන්නා නම් උම්මග්ගේ ලියපු එක ගැන පාපෝච්ඡාරණය කරනවා සිකුරුයි!
Deleteඑම්බා බුද්ධිය..උදෑසනම පෙත්ත මාරු වූ සෙයක් හඟිමි...
ReplyDeleteමාරය,
Deleteවහා එය නැවත මාරු කර ගනුව!
මෙක කියවන්න මම දුන්න ගේමක්... තාමත් නිකන් තොන්තුයි වගේ
ReplyDeleteවෙඩික්කාරය,
Deleteතෝන්තුව මඟහරවා ගනුව. තොන්තු නියාවෙන් තොප දකුණටය බෙටහිරයට ආදි ලෙස සිව් දිසාවට වෙඩි තබා සිරබත් කෑමට තනන්නේ වේදැ!
තාම කැරකෙනවද මන්දා බුද්ධි අයියේ :-))
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
රජතුමනි,
Deleteවන්නාටය, නුඔවහන්සේ තාමත් බමනය වන්නෙ මාගේ වරදින්දැයි මගේ සිත ප්‍රස්ණ කරයි.
පිලිතුරක් දුන මැනැවැ.
අනේ මටත් මේ වගේ පන්හිඳකින් ලියන්න ඇත්තම් කියා සිතුනා..
ReplyDeleteසිටු කුමාරයාණෙනි,ඔබගේ කතා වස්තුව අපූරුයි..
රූ,
Deleteකිමෙක් ද රූ, මෙතරම් දෙයක් වී හමාර වූ කල්හීත් මෙවන් වූ පන්හිදෙකින් අකුරු කරන්නට සිත් වූ යේ, නිකං සිටව!:P මෙවන් වු පන්හිඳවල් ගෑල්ලමයි අරඹයා කිසිසේත් සුදුසු නොවේ..... නුඔලා මෙයින් පිරිමි ළමෝ රැවටීම් ආදී ඔලමොල කම් කිරීමට ඉඩ ඇත.
කෙසේ වුවත් වැනීම ගැන නොවක් තුති පල කරමි!
හෆොයි දිව උලුක් කරන් හෙන නයෙක්ව කියෙව්වනේ මාත් :D
ReplyDeleteඑම්බා මඩිස්සලේ නිශාන්,
Deleteතොප කුමක් බනුයේදැයි නොවැටහේ. දැනගනුව මෙම කතාව වනාහි නාගයෙක් නොව, ට්රෑස්ටෝරියක් මැ වන්නේයැ.!:)
අවුරුදු දෙකක් තිස්සේ හොඳම වින්දනාත්මක බ්ලොග් එක විදිහට මේක තේරෙන්නෙ ඇයි කියලා මේ ලිපි කියවන කවුරුවත් ආයි අහන එකක් නෑ! උඹයි බීටලුයි කියන්නේ ඇත්තටම බ්ලොග් ලෝකේ හරවත් කරන උන් දෙන්නෙක්. ජය!
ReplyDeleteසාබිත්,
Deleteඅගය කිරීම ගැන තුති!
බීටල් මානවයා වනාහි මගේත් පැරණිම රසිකයෙක් වගේම පැරණිම ඔන් ලයින් යාලුවෙක්.මිනිහගේ බ්ලොග් එකත් මම කැමතිම ජාතියෙ එකක්. මෙතුවක් කල් මම කියවපු සියලු බ්ලොග් අවඩි වල ලිපි වලින් වැඩිපුරම වාර ගණනක් කියවලා තියෙන්නෙ බීටල් ලියපු "සරුංගල් විද්‍යාඥයා" කතාව.
ටොපැමය..... බුද්ධි.....ටොපැමය.
ReplyDeleteතුතියැ, තුතියැ, අනේක වාරයක් තුතියැ, කම්මලය!
Deleteකැප්රෝල් පන්හිදක් නං මාගේ මේ දිවි තුරා දැක නැතුදු මා මළණුවන් කහවණු දී කැප් රෝල් ගණන් මිලට ගෙන ශෛල තලාවන්හි තබා ඊ මත කුඩා කැට කැබිලිතිවලින් පහර දී මහත් වූ ශබ්ද ඇති කළාද මෑණියන් ගෙන් පශ්චාත් භාගයට වැරෙන් පහර කෑ හැටිද සිහි කර දුන්නාට මෙන්ම මේ සා මහත් රසයෙන් යුතු කථා වත්ථූන් රචනා කොට අපගේ රුධිර ධාතුව පාරිශුද්ධත්වයට පත් කළ පිනෙන් බුද්ධිඝෝෂයෙනි තොපට මතු මතුත් කථාකරණයට මහාර්ඝ රන් රුවන් වැනි නිමිති සිත පහල වේවා!!!
ReplyDeleteහංසකිංකිණිය,
Deleteපන්සිය පනස් ජාතක කතා කලා වු කතෘහු නම් අඥාතමය. එහෙත් මෙවක් වූ නුඹගේ ද අවශේෂ කොල්ලන්ගේ හා කෙල්ලන්ගේ පරිකතන කියැවීමේ දී, එකල එම මහාර්ඝ පුස්තකය කලා වූ කතෘන් මෙකල මාගේ රඔ වනයට පැමිණ සිටිත්දෝහෝයි සිත කුහුලක් උපන.
අපද පුරාණ කාලයෙහි ගිණි පෙට්ටි ගෘහයෙන් සොරෙන් ගෙනැවිත් වාණිජ පිලකින් අසුලා ගන්නා දුම්කූරු පෙට්ටි වල අසුරණයේ තුබූ ඊයම් පත් ගෙන පෙරකී ගිණිකූරු අග රැඳි වෙඩි බෙහෙත් සූරා ඉහත කී ඊයම් කොළවල ඔතා ගලක් මත්තේ හොවා තවත් ගලකින් තලන්නේ පටාස් යන ශබ්දය ඇසීමට ප්‍රිය කලාහුය..
ReplyDeleteවෙනිය, කැප්රෝල් ගැනීමට කහවනු නැති වූ කල අප ද එසේ කලෝය. මතක් කිරීම ගැන තුතියැ
Delete//එවිට මදනාකයෝ, "වන්නාටය! මැජික්මය පන්හිද වනාහි ඉතා දුර්ලභ එකකි. එය වෙන්ඩ බෑණනුවන් විසින් මාගේ වැඩිමහලු සහෝදරියට පත්කඩක් දීම් ආදී දූර්ථ රාජකාරී උදෙසා අත්ලසක් සේ දින කිහිපයකට දුන් උපකරණයකැ//
ReplyDeleteඅඳෝමැයි... මදනායක මානවකයාගේ සොයුරියගේ පෙම්වතා කෙසේ ඔහුගේ වෙන්ට බෑණනුවන් වන්නේද?
එය හැරුණු කල්හි මෙය ත්‍රාසය, භීතිය, සියල්ල කැටිකොට ගත් එළකිරි කථා වස්තුවක් වන්නේය.
සුඟක් කියවා මැදක වන් හි කතා වත්තුවේ අපුරුවට සිනා පහලව මියෙම්වා රැකෙම්වා කියා ඉතිරියද කියවම්හ සිතා තරයේ අදිටනින් පහලටම බටුයෙමි. කැප්රෝල් තුවක්කු දුටු බැව් පසක් වූ නමුදු කැප්රෝල් පන්හිඳක් නොදිටියේ ද කැප්රෝල් කහවනු දී රැගෙන ගල් මත තබා මිටිපාර දුන් බව නම් පසක් විය..
ReplyDeleteදිග වැඩී බන් . . නිවාඩු වෙලාවක කියවන්නම් . . මෙන්න මෑ කෑල්ල හරිද?
ReplyDelete"වෙන්ඩ බෑණනුවන්"
මේක
"වෙන්ඩ මස්සිනානන්" ද?
එවදන හෙළුවෙන් වහරන්නේ ‘වෙන්ඩ මයිලනුවන්‘ යනුවෙනි.
Deleteඑම්බල හර්ෂණය, මයිලනුවන් යනු 'මාමන්ඩිය' යන අරුත් දෙයි.. මස්සිනාට අමතන්නේ 'සුහුරුබඩු' යන නාමයෙනි..
Deleteබුරතීනුවන්ගේ නිවැරදිකිරීම දුටු සඳ මා මුවින් ‘හුටා‘ යන අනුකාරයෙන් හඬක් නික්මිණ. මධුර මානවකයාගේ අරුම පුදුම මැජික්මය ශබ්දකෝෂය පාවිච්චි නොකිරීමේ වරදමයැ. ෆාදරින් ලෝ යන්න ‘සුහුරු‘ යනුවෙනුත් බ්‍රදරින් ලෝ යන්න ‘සුහුරුබඩු‘ යනුවෙනුත් හෙළුවන් පවසන බව උගත්තෙමි. සිදුවූ දොසට සමාවුව මැනව බුද්ධිඝෝෂයිනි!
Deleteඔව් නේ. බඩුවගේ සොහොයුරා = සොහොරු බඩු == සුහුරු බඩු වී තියෙන හැඩයි..
Deleteතරු, දුකා, පැතුම්, බූරා, ක්සැන්ඩර් යන අය හෙළුවෙන් මස්සිනා යන්න වැනීමට ගත් උත්සහාය අගය කරනු වස් මයිලණුවන් යන්න එසේම තැබීමට තීරණය කරන ලදී. මත්තෙහි මෙහි පැමිණෙන්ටද එය ආදර්ශයක් වනු ඇත.
Delete(හිතුනොත් වෙනස් කරමි! :P)
ක්සැන්ඩර්,
Deleteඋපකරණ නැති වූ කල කැප්රෝල් ගල් මත තබා මිටියෙන් තැලීම් ආදී නොකල කොල්ලෙක් කෙසේ සොයන්නද?
කතා වස්තුව කියවලා ඉවර වෙද්දි මා හට හිසේ කැක්කුමක් ඇති විය,ඔලුව කැරකීමක් සමග වමනය යාමක් වගේ ඇතිවිය
ReplyDeleteඩිලන්, උඔට කතාව අජීරණය වෙලා වගේ.... ඉක්මනින් කෙහෙල්කොටුව කතිර බටන් එකෙන් ක්ලොස් කරලා දාහන්...:)
Deleteහෑ.............
ReplyDeleteහූ....
Deleteහෆ්ෆා ..... උඹ ඉන්න තිබුණෙ පන්සලේ බං.
ReplyDeleteඋඹ මෙච්චර දවස් අතුරුදන්වෙල කරේ මේ මාගල ලියපු එකද?
DDT,
Deleteහෆ්ෆා ..... උඹ ඉන්න තිබුණෙ පන්සලේ බං.//
මටත් දැන් එහෙම හිතෙනවා. දැන් ඒත් පරක්කු වැඩියි!:)
භාෂා විලාශය නම් එල
ReplyDeleteරසවින්දා
පුබුදුවනි, වැනීම ගැන තුතිය!
Deleteඑම්බල බුද්ධිඝෝෂයිනි, තෙප මොහොට්ටාලයන්ගේ අඥානකම් සිතුවම් පටයෙක මැවෙනා රූප පෙළක් සේ පරිවාර ජනයින්ගේ සිත්හි පිහිටෙව්වේ කෙසේදැයි බනනය කළා නම් මැනවිය. පසුගිය දිනවල තෙපගේ අතුරුදහන් වීමට හේතුව මෙය කියවූ කල්හි ප්‍රත්‍යක්ෂ විය. පුරා වෘත්තයන් සැබි හෙළුවෙන් වනා ඇති සැටි අගනේය.
ReplyDeleteකොල්ලකාරය, තොපගේ භාෂා විලාෂය පිරික්සීමේ දී තොපටද මැනවින් හෙලුව වැනීමේ හැකියාව ඇතැයි අනුමානයකට පැමිණියෙමි.
Deleteසිතුවම් පටයක රූප පෙලක් සේ මා කල වික්‍රමය යට කී කතාවේ ටයිප් කලේ නම් මාගේ ඇගිලි සිරිවැටී එතකිනුත් නොනැවතී ඒවා පළමුවැනි පුරුකෙහි මැදක් දක්වා ගෙවී යාමටද ඉඩ ඇති නියායෙන් ඒ ව්‍යායාමය අත්හැර කෙටියෙන් ඒ කොටස වැනුයෙමි.
අනර්ඝයි.. විශිෂ්ඨයි..
ReplyDeleteබුද්ධිගෝෂයා ලේ සුද්ද කරන මැසිමක් නොවැ..
මේවා ඇත්තටම වෙච්ච දේවල්ද ? නැත්තම් හිතලා ලියන දේවල්ද ?
මේක වනන්ඩ හෙලුවේ වචන නෑ අප්පා.. ඒක හින්දා නිකන් ඉන්නම්..
සෙන්නා,
Delete
කැප්රෝල් පන්හිඳ සැබෑවක් වන්නෙ කෙසේ ද, එසේ වු නියාවෙන් කතාවත්ථුවද සත්‍යමැ වන්නෙයැ!
හෙලුවෙන් වනන්ට වුවමනා නැත, දැන් වැනුවා හා සමානයැ! තුතියැ.
නියමයි. ලස්සනට ලියල තියනවා. කතාව දිග වුනත්, හොඳට ගලාහෙන යන නිසා එක හුස්මටම කියෙව්වා :)
ReplyDeleteබස්සන්ට එච්චර වෙලාවක් හුස්ම අල්ලන් හිටියැකිද ඈ..... ස්ටූතියි!:)
Deleteජාතක පොත රචනා කරන ලද්දේ කොහේද?
ReplyDeleteසයිබර් යායේ කෙහෙල් කොටුවේදීය...
පට්ට ඈ...ජය...!
ප්‍රදීපයැ,
Deleteජාතක කතා පොතේ කතෘන් අඥාතයිලු නේද!!!!!
නොවක් තුති:)
එළයැ! පස්ටයැ!! කොරයැ!!!
ReplyDeleteචාමිය,
Deleteටීබෑක්යැ! ස්තුතියැ!
මෙතරම් වේලාවක් ගෙන මා බ්ලොග් අවකාශයේ පෝස්ටුවක් කියෙවුවා මේ දෙවසරටම මතක නැත්තේමය.. ඒත් අත් නොහලෙමි.. අන්තිම නැවතීමේ තිත තෙක් කියෙවුවෙමි.. ගැටපද විවරණය නොතිබෙන්න මා හට අත් වන ඉරණම ගැන සදහන් කිරිම උචිත නොවන්නේය.. :)
ReplyDeleteමරු බුද්ධි අයියේ..
දිනේෂය,
Deleteමුලින් ම තුතියැ! තක්සලා අවධියේ මතකයට අනුව අපට ද ගැටපද විවරණයේ ලාභ බොහෝ විය. එනයින් මෙයට ද ගැටපද විවරණය කොට පල කලෙමි.
මරු... කැප්රෝල් ඉස්සර රුපියල් පහයි... 20 පටි දෙකක් තියෙනවා... කියන්නේ 40 පාරක් පටෝං....
ReplyDeleteප්‍රසන්නය, කැප්රෝල් අරභයා තොපට හෙනට අද්දැකීම් ඇති නියාව පෙන්නුං කොරයි.:)
Deleteරඹ කොරටුවේ පිපි පරසතු පුෂ්පයක් වන් කතා වස්තුවකි .
ReplyDeleteඅනුන්ගේ කෙහෙල්මලක් නොවෙයි මේක බුද්ධිඝෝෂ ගේම එකක්.
Deleteබින්දියනි,
Deleteතුතියැ. මැලේ රටෙහි Genting Highlands කතා වත්ථුව කියැවීමට අප පුලා පුලා බලා සිටින්නෙමු.
............
කකා,
කෙහෙල්මලෙත් වටිනාකම එන්නෙ නියම තැනට යෙදුවාමය කියලා මේ කමෙන්ට් එකෙන් තේරෙනවා.
තොපගේ භාෂා විලාෂය මනබඳනේය.උදෑසනින්ම ලේ පිරිසිදු කර ගතිමි. බොහෝ පින්ය. එකල්හී මං තෙමේ ගිණිකූරු හිසක් ගලවා පෑන් තුඩක් තුල රුවා ජ්වලනය කරන්නට ගොස් සිදුවූ සන්තෑසිය සිහිපත් විය.
ReplyDeleteපරිකල්පනයිනි, ලියව ලියව, අපි දෑස් දල්වා ඔබගේ ජ්වලිව වූ පෑන් හිසේ කතා වත්ථුව කියැවීමට බලා සිටිමු
Deleteඑම්බල බුද්ධි ඝෝෂයනි තොපගේ මෙම අනර්ඝ අතීත කතා පුවත කියැවා තුටුව ගියේයැ..... නැවත නැවතත් හික් හික් හඩින්ද හොක් හොක් හඩින්ද මේ නියම් ගම් පියස අනුනාද කරවූයේයැ... අප වැනි හුදී ජන පහන් සංවේගය සදහාත් ප්‍රඥාව වර්ධන සදහාත් මෙවැනි අතීත කතා පුවතක් නැවත් දැක්වීම යහපති.....
ReplyDeleteඑසේය සමීරයිනි, කාලය පැමිණි විගස මෙවැනිම වූ අතීත පුවතක් එලි දක්වන්නේමැයි, මා ඒකායන බලාපොරොත්තුවෙන් සිටිමි.
Deleteදැන් කීසැරයක් කියෙව්වද මතක නෑ... තාම දාන කමෙන්ට් එක ගලපගන්න බෑ... කියවන හැම සැරේම මගේ රස නහර පිනා ගිහින් ඉස්මුරුත්තාවට එනවා...
ReplyDeleteබීටල් මානවකය,
Deleteතොපට අමතකද තා විසින් බුද්ධිඝෝෂ කතා වත්ථුවට දැමු කොමෙන්ටුව.
BeetleAugust 20, 2010 8:47 PM
කථාවත්තුව එක් හුස්මෙන් කියවූ බීටල් මානවකයා 'බකස්' යන අනුනාදයෙන් සිනහවේ පිහිටියේයැ.....
හිකිස් යැ!
සුපිරි කියන්නෙ සුපිරිම සුපිරියි.....
ReplyDeleteවිශිෂ්ඨයි..
තුති පැන්ඩැ! කාලෙකින් රඔ උයනට වන් සෙයකි!
Deleteතුල්මාරු කරන මෙව්වා එක ආපසු ලැබුණාද?
ReplyDeleteනැතුව, නැතුව පින්වත් කතන්දර, මදනායකයා නිවාඩු දින වූ කිසි දෙයක් දන්නෙ නෑ නොවැ!
Deleteඑම්බල බුද්ධිඝෝෂයෙනි, කීමට වදන් නැත. සුපිරිමය... සුපිරිමය...
ReplyDeleteදොඩන්, තුතියැ! තුතියැ!
DeleteFrozen Heart,
ReplyDeleteස්තුතියි! සාදරයෙන් පිළිගන්නවා. දිගටම අපත් සමඟ රැදී සිටින නිසා සතුටුයි.
මගේ මල්ලිටත් තිබ්බ ඔය කැප් රෝල් රොකට් එකක්... මම පණ බයයි ඒකට.. මල්ලිගෙ වැඩේ මගෙ ලගට ඇවිත් ඒක පොලවෙ ගහලා මගෙ ලේ පුච්චන එක
ReplyDeleteමගේ මල්ලිටත් තිබ්බ ඔය කැප් රෝල් රොකට් එකක්... මම පණ බයයි ඒකට.. මල්ලිගෙ වැඩේ මගෙ ලගට ඇවිත් ඒක පොලවෙ ගහලා මගෙ ලේ පුච්චන එක
ReplyDeleteදග මල්ලගේ කොමෙන්ටුව දැක්කෙ දැන්! ස්තුතියි ස්තුතියි!!!!
Deleteමෙහෙව් බ්ලොගයක් අදමයි දුටුවේ... අපූරුයි.අපූරුයි...
ReplyDeleteකැප්රෝල් පන්හිදෙහි කථාවස්තුව ස්ථානොචිත ප්‍රඥාවේ අගය මහරු මිණක් බව මොනවට පහදා දෙන්නේය.
ReplyDeleteඑහි ප්‍රතිවිරුද්ධ පක්ෂය දැනගැනීමට පහත ලින්කයේ දැක්වෙන කතාවස්තුවද කියවා බලනු මැනවි.
http://malmakaranda.blogspot.com/2012/07/blog-post.html
බුද්ධි කොළුවා ලොවෙත් නැති කතා වස්තුවක් නොවැ දෙසා බා ඇත්තේ..
ReplyDeleteබුද්ධි කොළුවාට බුද්ධිගෝෂ යන නාමය පටබැඳීමේ ඇති වලංගුභාවය කෙසේද යන්න තේරුම යන පරිද්දෙන් තව තවත් කතා වස්තුන් දැකබලා ගැනීමේ වාසනාව අපහට උදා වේවා....!!
සාදු සාදු සාදු.....!!!
අලුත් මල්ලි, ලොකු පුතා, පොත් ගුල්ලා, ස්තුතියි කියන්න පරක්කු වුනා.
Deleteබුද්ධි නැගිටහන්.. බුදිද? කලින් ලිපියට සති දෙකකුත් පැනලා... කෝ..කෝ..
ReplyDeleteඅඩෝ.. ලොවෙත් නෑ හොඳේ.. හිනා කාලා මැරෙනෝ!!
ReplyDeleteපට්ටයි!!
හරී රැංගෝ ස්තුතියි!!!!!!!!!
ReplyDelete