මේ වෙද්දි බ්ලොග් අවකාශයට අලුත් තරු පායලා. පරණ තරු සමහරකට වල්ග ඇවිල්ලා. ඉතින් වල්ග තරු පේන්නේ කාලෙකට විතරයි නේ. මේ තමා ඒ කාලේ!
වල්ග තරුව වසන්ත කක්ෂයෙන් ඉවත් වෙන්න කලින් මෙන්න තවත් කතාවක් ගෙනාවා.
ඇත්තටම මේ කතාව බ්ලොග් වසන්තය ඡන්දය අතරතුර ඉදිරිපත් කරන එන්ටර්ටේට්මන්ට් අයිටම් එකක් වශයෙන් බාර ගන්නවා නම් මම වැඩිය කැමතියි. මොකද මේ කතාවේ ගන්න ඒ හැටි දෙයක් නෑ.
බෝඩිමේ දුරකතනය සහ අපේ මල්ලී!
ඔන්න එකෝමත් එක රටක නියම මල්ලි කෙනෙක් හිටියා. ඒ අපේ මාමාගේ පුතා. මාමාගේ පුතා ගැන වැඩි විස්තර මේ දවස් වල පායලා තියෙන වල්ග තරු හොඳට දන්නවා. අලුත් තරු වලට දැනගන්න ඕනෙ නම් මොහොතක් ඉවසන්න.
ඔය මල්ලිගේ ගමත් අපි පොඩි කාලේ හිටපු ගමමයි. අපි ගමෙන් ආවට පස්සෙයි මිනිහා ශිෂ්‍යත්වය ලිව්වේ. ශිෂ්‍යත්වේ ගොඩ දාගෙන මිනිහත් ආවා අපේ ඉස්කෝලෙට. මල්ලි නව නිර්මාණ කරන්න දක්ෂයා. මේ සිදුවීම වුනේ මල්ලි ට සාමාන්‍ය පෙල විභාගය කිට්ටු වෙලා තියෙද්දි.
මල්ලිගේ දෙමාපියෝ සාමාන්‍ය පෙල පංතියට මල්ලි පාස්වුනු හැටියේ එයාව ඉස්කෝලේ ලඟ බෝඩිමක නතර කලා. මිනිහත් එක්කලා යාලුවෝ දෙන්නෙකුත් නතර වුනා. යාළුවො හිටියත් බෝඩිමේ නැන්දාගේ නීති ගොඩකට යටවෙලා ඉදලා කට්ටියට එපා වෙලා තිබුනේ. ඒවායින් කෙලින්ම එයාලගේ ජන ජීවිතයට හානිකරන නීති අතර පහත දැක්වෙන ඒවා ප්‍රධාන වුනා.
01. රාත්‍රී දහයෙන් පස්සේ ලයිට් දල්වාගෙන සිටීම තහනම්.
02. අනවශ්‍ය යාලුවන් බෝඩිම අසලට ගෙන්වාගෙන කතා කිරීම තහනම්. (යාළුවන් වර්ග කිරීමේ සියලු බලතල බෝඩිමේ නැන්දා සතුයි. අවශ්‍ය නම් නිශේධ බලය යොදලා අවශ්‍ය යාලුවෙක් වුනත් අනවශ්‍ය කාණ්ඩයට දැමීමේ පරම බලය නැන්දා සතුයි).
03. එක එක අවශ්‍යතා වෙනුවෙන් නිතර නිතර කඩේ යාමට අවසර ඉල්ලීම තහනම්.
04. නිවසේ දුරකතනය භාවිතා කිරීම සම්පූර්ණයෙන් තහනම්.
ඔය නීති වලිනුත් තදින් ම ක්‍රියාත්මක වුනේ දුරකතනය සම්බන්ධ නීතිය. මොකද ඒ කාලේ සී.එල්.අයි, ඩීටේල්ස් බිල් එහෙම ගන්න අමාරු කාලේ ඔය වගේ දේවල් වල හොර අල්ලන එක ලේසි නෑ. ඉතින් බිල කීය ආවත් නැන්දට ගෙවන්න වෙනවා.
මේ බොඩිමේ මාමයි, නැන්දයි එක එක රේඩියෝ චැනල් වලට කතා කරලා සිංදු ඉල්ලගෙන අහන්න හරිම කැමතියි. නැන්දා රේඩියෝ එකට කතා කරද්දි මාමා රේඩියෝ එක උස්සගෙන වත්ත පල්ලෙහාට ගිහිං අහගෙන ඉන්නවා. මොනවා වුනත් මායියගේ කටහඬ රේඩියෝ එකේ ස්පීකරෙන් අහන්න හම්බෙන්නේ ලෝකේ ඉන්න රාළලාගෙන් කීයෙන් කී දෙනාටද?
මාමා වැඩිපුර කතා කරන්නේ සිරස ට. නැන්දානම් ලක්හඬ ට. නැන්දා ඒකට කතා කරන්නේ ගොඩක් වෙලාවට ඒ ලයින් එක බිසිවෙන්නේ නැතුව දෙතුන් පාරක් උත්සහ කරලා සජීවී ව ගීතය ඉල්ලගන්න තියෙන අවස්ථාව වැඩි හන්දා.
දැන් තමා හරි විදිහට කතාව පටන් ගන්නේ.
දවසක් නැන්දා ලක්හඬට කතා කරලා සිංදුවක් ඉල්ල ගන්න නම්බර් එක ඩයල් කලා. එතකොට ම නැන්දට මතක් වුනා එයාගේ ගීතයට එකතු කර ගන්න අයගේ නාම ලේඛණය ලියපු කොල කෑල්ල එයා ගෙනල්ලා නෑ නේද කියලා. නැන්දා ආයෙමත් කෝල් එක කට් කරලා කොළ කෑල්ල ගේන්න ගියා.
අපේ මල්ලි දන්නවනේ? මිනිහගේ විනෝදාංශය නව නිර්මාණ කිරීම. ඊට අමතරව කාලීන වැදගත් කමකින් යුතු මාතෘකා ගැන අත් පොත් හැදුවා. ඒ වෙද්දි මිනිහා මායා බන්ධන එකේ ඉන්න ආශ්කාගේ බල ඇඳුම ඇත්තටම හදන්නේ කොහොමද කියන කාරණයට පොතකින් උත්තර හොයලා තිබුනා. ඊට පස්සේ බටනලාව ගැන පොතක් කළා. ඒ බටනලාවේ උපතේ ඉඳලා ඉලෙක්ට්‍රොනික බටනලාවක් ගෙදරදී හදාගන්නේ කොහොමද කියන කාරණාව දක්වා. මේ කියන දවස් වල මිනිහා අධ්‍යනය කලේ චෙස් ක්‍රීඩාව ගැන. කොහොමහරි ඔය අල්ල පනල්ලේ අපේ මල්ලිට මතක් වුනා එයා චෙස් ක්‍රීඩාව ගැන ලියාගෙන ඇවිල්ලා බාගෙට ඉවර කරලා තිබුනු පොත සති අන්තයේ ගෙදර ගිහිල්ලා එද්දි දාලා ආවා නේද කියලා. මිනිහට තරු පෙනුනා. මොකද අද වාගේ අන්තර්ජාල අරවා මේවා ජනප්‍රිය නැති ඒ කාලේ මිනිහා කරුණු එක්කාසු කර ගත්තේ ඉස්කෝලේ ගුරුවරුන්ගෙන් අහලා, පුස්තකාලයේ පොත් පත්, පත්තර කියවලා. අතින් ලියපු නිසා ඒක නැතිවුනොත් නැතිවුනා. ඇයි සොෆ්ට්කොපිය ලැප් එකේ තියෙනවා කියන්නද?
ඉතින් මිනිහා දෙපාරක් හිතුවේ නෑ. කෙලින්ම බෝඩිමේ නීතිය කඩලා ගෙදරට කෝල් එකක් ගන්න තීරණය කලා. මිනිහගේ යාලුවෝ ඔත්තු බලන අතරේ කොල්ලා පැන්න ගමන් ගෙදරට ඩයල් කරලා අම්මට විස්තරේ කියලා, පොත නංගිට අහුවෙන්නෙ නැති තැනකින් තියන්න කියලා එතනින් දිරාමාර් වුනා.
ඔන්න ඔය අතරේ බෝඩිමේ නැන්දා කොලේ හොයාගෙන ආවා. ඇවිල්ලා රීඩයල් බොත්තම ඔබලා කෝල් එක ගත්තා. ඇයි ඔය මොහොතට වෙන කවුරු කෝල් කරන්නද? නැන්දගේ වෙලාවට ලයින් එක කනෙක්ට් වුනා. නැන්දටත් පුදුමයි. එකපාරින් කනෙක්ට් වුනු නිසා. ටිකකින් අනිත් පැත්තෙන් ආන්සර් කලා.
"හෙලෝ...."
"ආයුබෝවන්.... මම කතා කලේ ඕගොල්ලන්ගෙන් සිංදුවක් ඉල්ලගන්න...."
"ආයුබෝවන්, ආයුබෝවන්..... මේ බෝඩිමේ අක්කා නේද?" එහා පැත්තෙන් ඇහැව්වා.
බෝඩිමේ නැන්දට ඊට වඩා දෙයක් තියෙන්න පුලුවන්ද? නැන්දට සතුට ඉහවහා ගිහිල්ලා. මොකද රේඩියෝ වැඩසටහන් කරන අයට අසන්නන්ව, අසන්නියන්ව වෙන් කරලා මතක හිටින්නේ එහෙමත් වෙලාවට.
"ඔව්, ඔව්... මම ඔයාලාට හැමදාම කතා කරනවා. මට දෙන්න වික්ටර් රත්නායක මහත්තයගේ ඉර හඳ තරු පවතින තුරු අපි මැරෙන්නේ නෑ සිංදුව......."
ඔන්න ඊට පස්සේ වෙන්න ඕනේ සජීවීව මැදිරියට සම්බන්ධ වෙනතුරු ලයින් එකේ ඉන්න එක. ඒත් සිද්ද වුනේ ඒක නෙමෙයි!
“බෝඩිමේ අක්කට වැරදිලාද කොහෙද මම අහවල් පුතාගේ අම්මා....."
ඒ එක්කම නැන්දා දුරකතනයේ රිසිවරේ තමන්ගේ මූණ ඉස්සරහට අරගෙන ඒ දිහා හොඳට බලාගෙන හිටියලු! නැන්දගේ මූණ ලැජ්ජාවෙනුයි, කෝපයෙනුයි රතු වුනාලු. මට එහෙම කිව්වේ ඔය සිද්දිය දොර රෙද්ද අස්සෙන් හොරෙන් බලාගෙන හිටපු මලයයි, එයාගේ යාලුවොයි.
තාක්ෂණික පරිණාමය නිසා බොඩිමක වුනත් දැන් කාලේ නම් මේ වගේ ප්‍රශ්ණයක් ඇතිවෙන්න බොඩිමේ අයිතිකාරයොයි, බෝඩිම්කාරයොයි වාසනා කරලා තියෙන්න ඕනේ. ගොඩක් වෙලාවට රේඩියෝ නාලිකා වලත් දැන් කෝල් කරනවට වඩා කරන්නේ වයිබර්, වට්ස්ඇප්, එස්.එම්.එස් වලින් පණිවිඩය එවන්න කියන එක.

කතාව ඉවරයි! මං කිව්වේ නැද්ද මේ කතාවෙන් ගන්න ඒ හැටි දෙයක් නෑ කියලා. මම එහෙම කිව්වට මී කුණෙන් ගොඩ ගිය අයත් ඉන්න ලෝකයක් මේක.
කොහොම වුනත් මේ ලිපිය කියවපු ඔයගොල්ල බ්ලොග් අවකාශයේ පායපු අලුත් තරු නම් කරුණාකරලා ඔබේ බ්ලොග් ලිපිනය මට ලබා දෙන්න. මට පුලුවන් එතකොට වසර පුරා ඔයගොල්ලන් බ්ලොග් අවකාශයේ දිලිසෙන හැටි බලන්න.
මල්ලි ගැන වැඩි විස්තර ඕන අය, "සිංහල බ්ලොග් කරුවෙක්ද? මෙන්න කියවන විට සිංහල ලියවෙන සුපිරි මෘදුකාංගය උණු උණුවේ.....!" ලිපිය කියවලා බලන්න.
ඊලඟ දවසේ ඔබට පුලුවනි තමන්ගේ වයස මොහොතකට අමතක කරලා මල්ලි කළ නවතම සොයා ගැනීමක් ගෙදරදීම අත්හදා බලන්න.
එතෙක් (වෙන වැඩ නැත්තම්) බ්ලොග් වසන්තයට කෙහෙල් කොටුවේ චූටි මහත්තයා ඉදිරිපත් කළ "හිනා මූණ!" බ්ලොග් ලිපිය කියවන්න. චූටි මහත්තයා කියන්නේ මීට දශක දෙකකට දෙක හමාරකට කලියෙන් පෘථිවිය නිස්කලංකව ඉර වටේ භ්‍රමණය වෙන කාලේ ගතවෙන කාලය ගැන වද නොවී හිරු කිරණ දිගේ පෘථිවිය තරණය කළ ඒ කාලයේ ජීවත් වුනු සුවහසක් දරුවන්ගෙන් කෙනෙක්.
ඒ ගැන දැනගන්න ඒ පැත්තේ යන ගෑණු ළමයි තිබුනොත් අම්මා හෝඳලා මැදලා දුන්නු ලේන්සුවක් අරගෙන යන්න. ඒත් අතීතයේ සුවඳ හොයන අද කාලයේ ෆිට් කොල්ලෙක් නම් අත්දෙක වන වනා ගියත් කමක් නෑ. කතාව කියවලා හොඳනම් මනාපයක් ලබා දෙන්න. ඔබට සිංහල බ්ලොග් කරුවන්ගේ කැමති ලිපි තුනකට මනාප ඉදිරිපත් කරන්න හැකියි.
කක්ෂයෙන් මිදෙන්න පෙර සයිබර් යායෙ දී නැවත හමුවෙමු!
ඔය වලිගේ කපලා දාපං.. කියවන අපි අවුරුද්ද පුරාම කියවනවා..
ReplyDeleteවෙළඳ දැන්වීම් නැති ස්වදේශී හෙවත් පළමු සේවය තාම තියෙනවා නේද?
ReplyDeleteඅර මල්ලිගෙ සිංහල එකට අහුවුණානෙ. මේකටත් අහුවුණා. මකුත් ගත යුත්තක් නෑ කියද්දිත් කියෙව්වා. ඉතින් ගතයුත්තක් නෑ තමා.
ReplyDeleteමමත් ඉතිං 'අතීතේ සුවඳ හොයන අද කාලේ ෆිට් කොල්ලෙක්' නිසා අත් දෙක වන වනාමයි මේ පැත්තේ ආවෙ.. අඩු ගානෙ ගුණසිරි බුල්ටො ටිකක්වත් අරන් එන්ට බැරි වුනා නෙවැ..
ReplyDeleteමල්ලි පොඩ්ඩක් කල්පනා කෙරුවා නම් ගෙදරට කෝල් කෙරුවාට පස්සේ ඌට තිබ්බා වෙන නම්බර් එකක් ඩයල් කරලා තියන්න.කි
ReplyDeleteඅර ගැජට් එකට ඒ දවස්වලම අහු උනා තව දෙතුන් දෙනෙක්වත් ඒකට සම්මාදන් කෙරෙව්වා :)
ReplyDeleteඒ දවස්වල කියෙව්වට කමෙන්ට්ස් කරන්න පහසුකම් තිබුනෙ නෑ
//මීට දශක දෙකකට දෙක හමාරකට කලියෙන් පෘථිවිය නිස්කලංකව ඉර වටේ භ්‍රමණය වෙන කාලේ ගතවෙන කාලය ගැන වද නොවී හිරු කිරණ දිගේ පෘථිවිය තරණය කළ ඒ කාලයේ ජීවත් වුනු සුවහසක් දරුවන්ගෙන් කෙනෙක්. //
ReplyDeleteලොකු කතාවක් ඉතාම කෙටියෙන් . ඇත්තටම මම කල්පනා කලේ අපිට නිදහසේ ඉන්න තිබ්බ කාලෙ දැන් ළමයින්ට නැත්තෙ ඇයි කියල , හේතුව පැහැදිලියි..
කම්මල,
Deleteහැකිනම් මේ ලින්ක් එකට ගිහිල්ලා, "කෙහෙල් කොටුවේ චූටි මහත්තයා කියන්නේ කවුද?" කියන ලිපිය කියවලා බලන්න කියලා ඉල්ලා සිටිනවා.
http://chutibooks.blogspot.com/
වල්ග තරුවෙ නැට්ට කපාගන්න කැමති නැද්ද ?
ReplyDeleteවැඩකට ගන්න දෙයක් නෑ කිවුවට ඇත්තටම මේකෙ වැඩකට ගන්න දෙයක් තියෙනව. අර කියෝන ලියන ගැජට් එක හැදුවෙ මූම නං ඇයි පෝන් එකේ ඩෑල් කරපු නම්බරේ වෙනස් කරන්න තරං කල්පනාවක් ආවෙ නැත්තෙ.
ReplyDeleteබුද්ධි අංකල්, මාත් බොග් අවකාසයේ පායපු අලුත් තරුවක්. හැකි වෙලාවක මගේ බොගටත් ගිහිල්ල කියවන්න. (ඇත්තම කිවුවොත් කොමෙන්ට් කියවන්න.) හැක්..
ReplyDeleteමම මේ බෝඩිමේ නැන්දා එතනින් එහාට මොකක්ද කළේ කියල හිතනවා
ReplyDeleteඔය සොෆ්ට්වෙයාර් එක ගැන ඒ දවස් වල කියෙව්වා මතකයි. ඩවුන්ලෝඩ් කලේ නැහැ එදා.
ReplyDelete+++++++++++
ReplyDeleteමන් ඔඅන් සොෆ්වෙයාර් එක ඩවුන්ලෝඩ් කරා සුප්පා ඈ....
ReplyDelete:-( නොදකින්
වල්ගාමාමාගේ මේ කතාව කියවීමෙන් පසු මට ඔය එෆ්.එම්. කතාවක් මතක් වුණා. ඒක මගේ අලුත් බ්ලොග් එකේ ලියන්නම්. එතකොට මේ වල්ගමාමාට මගේ අලුත් තරුවක් වගේ, පරණ තරුවක් පෙනේවිනේ.
ReplyDelete