2010/09/11

ඇඟ​ටත් ගුණදායක අන්තර්ජාලයෙන් මුදල් හොයන ලේසිම ක්‍රමය

අර උඩ තියෙන මාතෘකාවට අනුව අද මම කියන්නෙ කෙහෙල්කොටුවේ ටූටි මහත්තයා කරපු වික්‍රමයක්වත් මිනිහට වුනු අකරතැබ්බයක්වත් නොවෙයි කියලා දැන ගත්තම සයිබර් යායේ යාලුවෝ ටිකක් අප්සැට් යයිද දන්නෑ?

කොහොම උනත් බුද්ධි ඝෝෂ කතා වස්තුව, බොරලු රොකට්ටුව ගැන කතාව විතරක් නෙමේ, අරුම පුදුම රාජකාරි ලියුම ගැන කියෝපු කාටත් මේ පෝස්ට් එක එයාපෝස් එකට ආපු ඍෂිවරයා කිව්ව කතාව වගේ එකක් වෙනවාට සැක නෑ.

අද මම කියන්න යන්නෙ මේ දවස් වල කවුරුත් පාහේ උනන්දුවක් දක්වන ''අන්තර්ජාලයෙන් මුදල් හොයන'' ඉතා ලේසි ක්‍රමයක් ගැන කියලා දෙන්නයි. මේක මට කියලා දුන්නෙ මගේ මුල්ම පරිගණක ගුරුවරයෙක් වන ''රවී'' කියලා සර් කෙනෙක්. ඈත්තම කියනවනං ඒ දවස් වල මට උනත් එච්චර උනන්දුවක් තිබ්බෙ නෑ මේ ගැන.

හැබැයි පුතෝ එකක්.

සල්ලි කොච්චර තිබ්බත් ඒවයෙන් නියම පල ප්‍රයෝජනේ ගන්න නං ''හොඳ සරීර සවුක්යක් තියෙන්න ඕන''

ටිකිරිය එදා ලස්සනට පහදලා දුන්නු විදිහට, සරීර සෞඛ්‍යය කියන්නෙ මේ ලෝකේ ජීවත් වෙන කාටත් වැදගත් දෙයක් කියලා ආයේ අමුතුවෙන් මම පැහැදිලි කරන්න ඕන්නැනේ. මොකද ඒ පෝස්ට් එකට ලැබිලා තියෙන ප්‍රතිචාර වලට අනුව ඒක හොදටම පැහැදිලි වෙනවා. කොටින්ම ප්‍රතිචාර වල තරම කියන්නෙ අන්තිමට ප්‍රතිචාර නවත්තා ගත්තෙ කොමෙන්ට් මොඩරේසනුත් දාලා. :D

කොහොමද වැඩේ.!!!!!

හරි...

කාට උනත් කමක් නෑ ඒ​ පෝස්ට් එක කියෝල තමන්ගේ සරීරි සවුක්කය මට්ටම ඉහල නංවගන්න ඕනෙය කියලා සිතිවිල්ලක් පහල උනානං මෙන්න ඒකට කදිම අවස්ථාව!

ටාර් ගාලා මේල් පරෙය්යෙක් ලෑස්ති කරලා, සබ්ජෙක්ට් එකට CYHP (ඒ කියන්නෙ සයිබර් යාය හෙල්ත් ප්‍රොග්‍රෑම් කියන එක) කියලා ටයිප් කරලා cyberlipi@gmail.com කියන සයිබර් යායේ පරෙයි කූඩුවට එවන්න. මේල් පරෙය්යො එවන සයිබර් යායේ සාමාජිකයෝ කාටත් හැරෙන තැපෑලෙන් සයිබර් යාය ප්‍රෙස් එකේ ගහපු කුලුදුල් සරීර සවුක්ය මැගසීනය වන kickoff මැගසීනය ගෙදරටම ලැබ්වි.

ආ............ බොරු කියලද හිතන්නෙ. මේ තියෙන්නෙ ඒකේ මුල් පිටුව!



මේක තනිකර මෙහෙයවන්නෙ සයිබර් යායේ ''ප්‍රජාසත්කාරක අංශයේ'' මූලිකයා වෙලා වැඩකරන කාලයක් එයාපෝස් ක්‍රීඩා සංචිතේ හිටපු ''පට්ට පොරක්'' :ඩී.

හැබැයි ලොක්කා ඈවිල්ලා, ටිකක් ටයිප් කරද්දිම ඈඟිලි බිත්තරේ රිදෙන අපේ ටිකිරියා.

ඒක එතනිං ඉවරයි කියමුකෝ!

දැං උදාවෙන්නෙ කව්රුත් ආසාවෙන් බලං හිටපු මොහොත. ඒක තමා ''ලේසියෙන්ම අන්තර්ජාලෙන් මුදල් හොයන විදිහ'' දැන ගැනීමෙ මහගු අවස්ථාව.

මේක එච්චරම අමාරු දෙයක් නෙමේ ගොඩක් අය නොදැන හිටියට.

ඊට කලින් තව එකම එක දෙයක් තියෙනවා කියන්න.

ඒකත් කියලම ඉන්නං! මොකද වටින කියන දෙයක් එකපාරම කිව්වම අගේකුත් නැ කියලා පැරණි ඍෂිවරු පවා කියලා තියෙනවලු.

මේක ඇවිල්ලා ලබන සතියේ දාන පෝස්ට් එක ගැන. ලබන සතියේ කියන්න හිතාගෙන ඉන්නෙ කෙහෙල්කොටුවෙ චූටි මහත්තයා මුලින්ම බස් එකකට ගොඩවෙලා කරගත්තු පොඩි පහේ අලකලංචි කෑල්ලක් ගැන. මේ තියෙන්නේ ඒ කතාවෙ එන එක්තරා සිද්ධියක් විදෙස් සිත්තර ශිල්පියා බගෙට ඈඳලා තියෙන ආකාරය.


මෙකත් සම්පුරණ කරං ඊලග පෝස්ට් එක ඉක්මනටම දානවා සුවර්.

හරි දැං ඒකත් ඉවරයි.

අටුවා මීකා ටිප්පනී ඕන්නැ, මේ තියෙන්නෙ ''අන්තර්ජාලයෙන් පහසුවෙන්ම මුදල් හොයන ක්‍රමය''.

හරි ලේසියි. මම කියලා දෙන්න දෙයක් නෑ. ඔයාලම ගිහිල්ලා දැනගන්න. යාලුවොන්ටත් කියන්න. දන්න දෙයක් කියලා දෙන එක හොඳ පුරුද්දක් කියාලා ආයෙ අමුතුවෙන් කියන්න ඕන් නැනේ නේ.

එහෙනං අදට ඉවරයි! කතන්දරයක් නැති එකම පෝස්ට එක.....

ඊලග පෝස්ට් එක කියවන්න එන්න . සරීර සවුක්ය ගැන උනන්දු අය මේල් පරෙය්යෙකුත් එවන්න! ඈත්තම කියවනනං මට අද කියන්න ඕන වෙලා තිබ්බෙ අන්තර්ජාලයෙන් පහසුවෙන්ම මුදල් හොයන ක්‍රමය ගැන කියනවටත් වඩා තමන්ගේ සරීර සවුක්ය ගැන උනන්දු වෙන අයට අර මැගසීන් එක ගන්න කියන පණිවිඩේ දෙන්නයි.

එහෙනං ජය වේවා!! මෙන්න ලින්ක් එක. ඔබත් සොයන්න අන්තර්ජාලයෙන් මුදල්. මේ තියෙන්නෙ මම හොයාගත්තුවගෙ විස්තර.

How to find money in internet

මාර ලේසියි නේ! දැං හිතෙනවා නේද ''අන්තර්ජාලයෙන් මුදල් හෙවීමත් මහලොකු කජ්ජක් නෙමේ'' නේද කියලා!



18 ක් කියන්නේ !:

  1. අම්මේ මුදල් එනවා හෝ ගාල. මචං උඹේ ක්‍රමය හරිම සාර්තකයි. මම සල්ලි දාන්න බැංකුවට දුව‍නවෝ. කොමෙනුටුවේ ඉතිරිය ඇවිත් දාන්......

    ReplyDelete
  2. බුද්ධිඝෝෂ මහතා වෙත කරුණාවෙනි...

    කතන්දරයක් නොදා බොරු කිරිල්ල බුද්ධිඝෝෂයන්ගේ ශරීර සෞඛ්‍යයට එතරම් හොඳ නැති විය හැකි බව මෙයින් දන්වා සිටිනු කැමැත්තෙමි....

    ReplyDelete
  3. කෝ බං අර ටිකිරා කොලුව.. "අටුවා මීකා ටිප්පනී ඕන්නැ, මේ තියෙන්නෙ" කියනකොට මම හිතුවේ උඹ උඹේ පත්තර කඩදහියට FUP පාරක් දාලා අන්තර්ජාලයෙන් මුදල් හොයන්න යනවා කියල.. දැන් බැලවම උඹනේ බං ලේසියෙන්ම මුදල් හොයල තියෙන්නේ.. තෑන්ක් යූ වෙවා මචෝ. මම දැනටමත් මිලියන ගානක් හොයල ඉන්නේ.. දැන් ඉතින් නිවී හැනහිල්ලේ ගෙදරට වෙලා බුලත් විටක් හප හප ඉන්න පුළුවන්.
    අන්න මාත් පරෙයියෙක්ව එව්වා... ඌ නම් එපා කරපු පරෙයියෙක්.. ඌව හම්බවුනොත් මතක ඇතුව ඉස්සෙල්ලා අපේ ගෙදරට ඇවිත් ඌට ඕන මගුලක් කරගන්න කියපන් හොඳද. නැත්තං ඌ පරවියොන්ගේ බොඩිය බිල්ඩ් කරන්න යයි.

    ReplyDelete
  4. අඩොඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඔ.....ව්...

    යකෝ දැන් නම් මේල් පරෙයියෙක් එවන්නත් බෑ වගේ... ඒකත් මේවගේ එකක්ද කියලා සැකයි...හික්ස්....

    කමක් නෑ ඕන් එකක් එව්වා... :)

    ReplyDelete
  5. හානේ හරිම ලේසියිනේ... අයියාටත් හිතෙන දේවල් :D

    ReplyDelete
  6. අනේ හැබෑට ඔය වගක් මට කලින් කල්පනාඋනේ නෑ නෙව... නැත්තං මෙලහකටත් මම පෝසතෙක් වෙලා...

    හැබැයි එකක් කියන්න ඕන, ටිකිරාගේ පෝස්ට් තරම් බුද්ධිගේ පෝස්ට් වල කිසි ලකයක් නැතිය. අපට බුද්ධි එපාය. ටිකිරා ඕනෑය.

    සරීර කූඩුව හදාගැනීමේ රහස් ඇති මැගසින් රාජයා මටත් එව්වා නම්.

    ReplyDelete
  7. බුද්ධියා කළ මේ පාහර වැඩේ නිසා මාගෙ කතන්දර කියවීමේ රුචිය නැත්තටම නැතිවී ගියේය. නැවත්ත මෙවැනි දෙවන ශ්‍රේණියේ වැඩ සිදු නොකිරීමට හා මෙවැනි මායං වලිං බේරීමට මම මෙතැන් පටන්ම සයිබර් යායෙ සබස්කරයිබ් වෙමි.

    ReplyDelete
  8. බුද්ධියා කළ මේ පාහර වැඩේ නිසා මාගෙ කතන්දර කියවීමේ රුචිය නැත්තටම නැතිවී ගියේය. නැවත්ත මෙවැනි දෙවන ශ්‍රේණියේ වැඩ සිදු නොකිරීමට හා මෙවැනි මායං වලිං බේරීමට මම මෙතැන් පටන්ම සයිබර් යායෙ සබස්කරයිබ් වෙමි.

    ReplyDelete
  9. අහුවෙයන්කෝ පෝයදාට පන්සලේ‍දී.. දෙන්නම් සල්ලි මූණ පුරා ප්ලාස්ටර් අලවගන්න.. හිටුකෝ හිටුකෝ... ඊලඟ එක කතාවක් නොවුනොත්.. මේ ළමයා නරක ළමයයි කියන්න එපා හලිය..

    ReplyDelete
  10. යකෝ ඊයේ පෙරේදා මාත් ඕවයැ එකක් කරලා අම්බානක අහගත්තා. තො‍ටත් දැං අම්බානක කන්න වෙයි. ඕන මාත් පරෙය්යෙක් එවනෝ...

    ReplyDelete
  11. හිකේ හික්ස්. :D :D :D

    ReplyDelete
  12. අහ් එළනේ බුද්ධි අය්යා කියලා දුන් ක්‍රමෙන් ගොඩක් සල්ලි ලැබුනා. :D

    ReplyDelete
  13. සවුක්ය ගැන මොන කතාද.... දනිස් දෙකට අත් දෙකෙන් කරු ගහගෙන හිටපු පොරක් මම දැක්කා...

    ReplyDelete
  14. ada thama katha tika kiyewwe. mamath email 1k ewannam, ane matath oya anga hada ganna magazine eka ewanna honde....

    ReplyDelete
  15. ඔක්කොටම මැගසීනය ලැබුනනේ නේද

    ReplyDelete
  16. මේකනම් පට්ට කෙරමයක්නෙ.. මාත් හොයා ගන්ඩ ඕනා සල්ලි ටිකක් මේ කරමෙට.

    හැබැයි මෙහෙම ජනතාව රවට්ටන එකනම් උන්ගෙ කෙසේ වෙතත් උඹේ සෞක්‍යයටනම් හොඳ නෑ කියලා ඉන්තීරුවෙන්ම කියතෑකි.

    මටත් එව්වනම් බලන්ඩ ඔය මහලොකු මැගසීනය.

    ReplyDelete
  17. ෂික්.තූ නොදකින්

    ReplyDelete
  18. ෂික්.තූ නොදකින්

    ReplyDelete

ඔබේ පංගුව...

...................................................................

Related Posts Plugin for WordPress, Blogger...